Katha Ahura

කන්‍යාරාමය| 07 කොටස | හොල්මන් කතා |

5/5 - (1 vote)

කන්‍යාරාමය……

හත්වෙනි දිගහැරුම…..

කෞමදී ඔයා…..

ඔයා මොකද මේ මහ රෑ හොල්මනක් වගේ සුදු ඇදන් මේ කණු අස්සෙ හැංගි හැංගි කරන්නෙ??? ඊටත් මේ වගේ වෙලාවක මෙහෙ??? ඒ අස්සෙ මරණයක් වෙලා ඔයා හිනාවෙවී නාඩගම් කරනවා…..

ඉතින් මම මැරුව හින්දා මම හිනාවෙනව…..

මොකක්ද?????

ඔව්ව්…… ඔය වගේ උන් මැරෙන්නම ඕනෙ….

ඒකයි මම හිතලම වයර් ශෝට් එකක් කලේ… මං දන්නවා ඌ අද අරකි බලන්න එනවා කියලා ඒ හින්දා උදේම වැඩේ කරලා තිබ්බා…එතකොට හෙට ඉලෙක්ට්‍රීෂියන් එනවනෙ ඒ නිසා කොහොමත් ඒක වයර් ශෝට් එක නිසා උන ස්වාභාවික මරණයක්….අරකිවත් මම කලුවරේ හොදට බය කරා……

අනුරාධා අවසිහියෙන් මෙන් එය අසා සිටියේ ඇය විහිලුවක් කරනවද ඇත්තක් කියනවද කියා සිතාගැනීමට නොහැකිවය….

පිස්සුද කෞමදී විකාර කියවන්නේ??? මේක සෙල්ලමක් නෙවෙයි…..අනුරාධා කෝපයෙන් කීවේය…

අනුරාධා මොකද ඔතන ඉදන් තනියම කියවන්නේ??

ඇය තිගැස්සී පිටුපස බැලීය…ඒ සිස්ටර් නිලංකාය…

තනියම????කියා හැරී බැලූ ඇයට තවමත් කෞමදී එතන සිටින බව දක්නට ලැබුනි…..

ඇය නැවතත් සිස්ටර් නිලංකා දෙස බැලීය…..

මොකද අනුරාධා ඇස් ලොකු කරගන්නෙ මොනාහරි ඇහුවම??? දැන් ගිහින් නිදාගන්න… අනික ඔයා මොකටද මෙතෙන්ට දුවන් ආවෙ???

අනුරාධා නැවතත් කෞමදී දෙස බැලුවාය…. නමුත් ඇය එහි නොවීය…

කෞමදීට පිස්සුද?? ඇයි එයා එහෙම හැසිරෙන්නේ?? ඊයේ යකෙක් වගේ විකාර කියෙව්වා…අද තවත් විකාරයක් කියනවා.. මොනවා උනත් ආයෙනම් කෞමදී එක්ක මම කතා කරන් නැහැ….ඒක මට හොදයි…..

බණ්ඩාර සර් අපරාධ විමර්ශන ඒකකයේ ලොක්කෙකි.. ඔහු සමග තවත් තිදෙනකු කන්‍යාරාමයට පැමිණෙන විට පාන්දර 4 පමණ විය… අනුරාධා සුපුරුදු පරිදි ආහාර පිළියෙළ කිරීම සදහා මුලුතැන්ගෙය වෙත ගිය අතර ඇය දුටු බණ්ඩාර සර් ලොකු සිස්ටර්ගෙන් ඇසුවේ “අලුත් කෙනෙක් නේද” කියා කට කොනින් සිනාසෙමින්ය…

ඉලෙක්ට්‍රීෂියන් පැමිණ ගිය පසු සවස අනුරාධා දිව්‍ය පූජාවට සහභාගි වූයේ සිස්ටර් නිලංකා සමගය…ඇයට එදින අනෙක් කොටසේ ගැහැණු ළමයෙක් ළග අසුන් ගැනීමට සිදුවූයේ හිදගැනීමට ඉඩක් නොතිබූ බැවිනි…අනුරාධා පූජාව අතරතුර ඇය සමග කතාවට වැටුණි….

ඔයා මෙහෙ මොකද කරන්නෙ ඉගනගන්නවද???

ඔව්ව්

ආ ඔයාලා ගෙවනවනේ මෙහෙට????

ඔව්ව්…..ඔයා මොකද කරන්නෙ???

මමනම් මෙහෙ නැවතිලා වැඩට ඉන්නෙ…..

මේ එතකොට ඔයාද අර සිස්ටර් සංජුලාලගෙ එකේ අලුතෙන් වැඩට ආව එක්කෙනා????

ඔව්ව්…..ඇයි ඔයා බයවෙලා වගේ ඇහුවෙ???

ඇයි ඔයා දන්නෙ නැද්ද ඒකෙ අර ටොයිලට් පේලියෙ අර වහල දාල තියන ටොයිලට් එකේනෙ කලින් වැඩ කරපු ගෑනු ළමයා එල්ලිලා මැරිලා හිටියෙ….. එයා අදටත් ඕකේ ඉන්නවා ගොඩක් අය බයවෙලත් තියනවා….

කෞමදී නිසංසලා…..ගොඩක් හොද අක්කා කෙනෙක්….

මොකක්….කෞමදී?????

අටවෙනි කොටසින් මුණගැහෙමු….

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.