Katha Ahura

ඇම්ඩන්ගේ රස කතා | 17 වන කොටස | රසකතා || කතා අහුර ||

4.8/5 - (36 votes)

තණකොල කපන මැෂින් එක

ඔන්න දවසක් ඇම්ඩා ගියාලු තර්ක ශාස්ත්රය ගැන
තියෙන සම්මන්ත්රනේකට. හැබැයි මූට කිසිම දෙයක්
තේරුනේ නෑලු. ඒනිසා මූ සම්මන්ත්රනේ ඉවර
වෙලා දේශකයව හම්බ වෙලා මේ ගැන කිව්වලු. ඊට
පස්සෙ පොර හිතුවලු ඇම්ඩට මේ ගැන කියලා දෙන්න.
දේශකයා : මම තර්ක ශාස්ත්රය ගැන මෙහෙම
කියලා දෙන්නම්. ඔබට තණකොල කපන මැෂින් එකක්
තියනවද?
ඇම්ඩා : ඔව්
දේශකයා : හරි ඔබට තණකොල කපන මැෂින් එකක්
තියනවා කියන්නේ ඔබට වත්තක් තියනවා කියන එකයි.
ඔබට වත්තක් තියෙනවා කියන්නේ ඔබට ගෙදරක්
තියනවා කියන එකයි. ඔබට ගෙදරක්
තියනවා කියන්නේ ඔබ කසාද බැඳලා කියන එකයි. ඔබ
කසාද බැඳලා කියන්නේ ඔබ සමලිංගිකයෙක් නොවන
බවයි. ඒ අනුව ඔබ සමලිංගිකයෙක් වෙන්න බෑ. මම
හරිද?
ඇම්ඩා : හරිනේ සර් මම කසාද බැඳලා තමයි. මට දැන්
තර්ක ශාස්ත්රය තේරුනා.
දැන් මූ ආපහු ගෙදර එනවලු එනකොට මුගෙ යාලුවෙක්
හම්බ වෙනවලු.
ඇම්ඩා : මචං උඹ දන්නවද තර්ක ශාස්ත්රය ගැන?
යාලුවා : නෑ බං..
ඇම්ඩා : මම දන්නවා. මම උඹට කියලා දෙන්නම් උඹට
තණකොල කපන මැෂින් එකක් තියෙනවද?
යාලුවා : නෑ
ඇම්ඩා : නොදකින් ඒ කියන්නෙ තෝ සමලිංගිකයෙක්

හිලේ සයිස් එක

ඔන්න අපේ ඇම්ඩත් විභාග කාරිය එහෙම පාස් කරලා කැම්පස් ගියාලු. ඒ ගියාට මොකද පරණ පුරුදු අත් අරින්නත් බෑනේ, ඉතින් පොර ටික කාලෙකින්ම අම්බානකට ගංජා ගහන්න ඇබ්බැහි උනාලු. ඔහොම ටික දවසක් යද්දි ඇම්ඩගේ යාලුවා ලැම්ඩයි ඇම්ඩයි තමයිලු ඒ පැත්තටම ගංජා බෙදන්නේ. පොලීසියටත් මේ ගැන ආරංචි වෙලා හොයනකොට දවසක් දෙන්නව බෙල්ල මුලින්ම මාට්ටු උනා.පොලිසියෙන් දෙන්නවම උසාවියට ඉදිරිපත් කළා. විනිශ්චයකාර වරයා, දෙන්නා ගැන තොරතුරු විමසලා, අමුතු ආකාරයේ තීන්දුවක් ගත්තා.
‘හොඳයි, තමුන් වගේ අය තමයි අනාගතයේදී මේ රට පාලනය කරන්න බාරගන්නෙත්, ඉතින් මේ රටට මොකක් වෙයිද ගංජා කාරයෝ පාලකයෝ වුනාම.’
‘මම තමුන්ට මාසයක් කල් දෙනවා. මේ මාසය ඇතුළත, තමුන් වගේ ගංජා ගහන්න පෙළඹිලා ඉන්න විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසක්, එයින් අත්මිදෙන්න පොළඹවලා, තව මාසෙකට පස්සේ එයාලත් එක්කම මේ උසාවියේ පෙනීසිටින්න ඕනේ. ඒ වැඩපිළිවෙලේ සාර්ථකත්වය අනුව මම තීරණය කරනවා තමුන්ට දෙන දඬුවම ලිහිල් කරන්න’.
පොලිසියත් එක්ක සෙල්ලම් බැරි බව දන්න නිසා ලැම්ඩා එදා ඉදන් දිවා රෑ නොබලා මහන්සි වෙලා ගිරිය කඩාගෙන කෑ ගහලා යන්තම් 7දෙනෙක්ව මුදවගත්තා. ඇම්ඩා ඉතින් ලැම්ඩටත් හිනා වෙවී තව තව ගංජා ගගහා ආතල් එකේ හිටියා. ඔන්න ඉතින් මාසයක් ගත උනාට පස්සේ පොලීසිය ආයෙත් දෙන්නව උසාවියට ගෙනාවා. අද නම් ඇම්ඩා ඉවරෙටම ඉවරයි කියලා හිතන් ලැම්ඩත් තමන් එක්ක ආපු 7 දෙනාව පෙන්නුවා. දැන් විනිශ්චයකාර වරයා කරුණු විමසනවා. ලැම්ඩාගෙන් මුලින්ම කරුණු විමසුවා.
‘ඔව් කියමු බලන්න තමුන් කී දෙනෙක්ව මත්කුඩු බීමෙන් මුදාගත්තද කියලා’. නඩුකාරතුමා ඇහුවා.
‘ස්වාමීනී මම මගේ යාළුවන් හත් දෙනෙක් කුඩු බීමෙන් ඉවත් කරගත්තා’. ලැම්ඩත් උත්තර දුන්නා.
‘කොහොමද ඒක කළේ’ විනිසුරුතුමා ඇහුවා.
‘හරි සරල ක්‍රමයකට ස්වාමීනි. මම කොළයක් අරගෙන ඇන්දා රවුම් දෙකක්. පළවෙනි රවුම ලොකුයි, දෙවැනි එක පොඩියි. O o මම මේ සහෝදර ශිෂ්‍යයන්ට, ඒ රවුම් දෙක පෙන්නලා කිව්වා, මල්ලි මේ බලන්න, මෙන්න කුඩු බීලා හිරේ යන්න කලින්, ඔයාලගේ මොළේ තරම තමයි, මේ ලොකු රවුමෙන් පෙන්නන්නේ. මේ පුංචි රවුමෙන් පෙන්නන්නේ, කුඩු බීලා අහුවෙලා, හිරේ ගිහින් එළියට එනකොට, ඔයාලගේ මොළේ තරම කියලා. මෙයාලා ඒක හොඳින් තේරුම් අරගෙන, කුඩු බීමෙන් ඉවත් වුණා.’
විනිසුරුතුමා බොහොම සතුටට පත්වුනා. ‘කෝ ඊළඟ එක්කෙනා’ කියලා එයාටත් කතා කළා.
ඔන්න එතකොටම ඇම්ඩත් එනවලු 200ක විතර හෙන සෙට් එකකුත් අරගෙන. නඩුකාරයත් full හොල්මන්.
‘ඔව්, මොකද මේ තමුන් මහා සෙනගක් අරන් ඇවිත් ඉන්නේ? උසාවිය රවට්ටන්නද හදන්නේ. මම දන්නවා කුඩු බොන අය එහෙම ලේසියෙන් එයින් අත්හරවන්න බැරි බව. බොරු කතා නොකියා, ඇත්ත කියනවා, තමුන් මොකද කලේ කියලා’. කිව්වා.
ඔන්න ඉතින්, අපේ ඇම්ඩත් කැරි හිනාවක් එහෙම දාලා කිව්වලු
‘ස්වාමීනි මම මුන්ට එන්න කිව්වේ නෑ මුන්ගේ කැමැත්තෙන්මයි මේ ආවේ. ලොකු වෙනසක් කලේ නෑ මාත් මූ වගේම කොළයක් අරගෙන, රවුම් දෙකක් ඇන්දා. පළවෙනි එක පොඩියි. දෙවැනි එක ලොකුයි. o O මම මගේ ඉතින් මුන්ට කිව්වා,
‘මල්ලිලා,මේ පොඩි රවුමෙන් පෙන්නන්නේ උඹලා, ගංජා ගහලා අහුවෙලා, හිරේ යන්න කළින්, උඹලාගේ පුකේ හිලේ සයිස් එක . මේ ලොකු රවුමෙන් පෙන්නන්නේ උඹලා ගංජා ගහලා හිරේ ඉදලා ආවට පස්සේ උඹලාගේ පුකේ හිලේ සයිස් එක’ කියලා.

මීයා චීස් කයිද?

දිනක් මහාචාර්යවරයෙක් සිසුන් විශාල ප්‍රමාණයක් සිටින දේශන ශාලාවකට දිගෙන් වැඩි කුඩුවක් රැගෙන විත් මේසය මත තබන ලදී.ඉන්පසු පිරිමි මීයෙකු ගෙන කුඩුවේ හරි මැද තබා එක කෙළවරක ගැහැණු මීයෙකුද අනෙක් කෙලවරේ කේක් කෑල්ලක්ද තබා සිසුන් හට නිරීක්ෂණය කරන්නට යයි පැවසීය.මීයා ටික වෙලාවක් ඉව අල්ලා කේක් කෑල්ල වෙත ගොස් එය ආහාරයට ගන්නට විය.නැවත වරක් කේක් කෑල්ල වෙනුවට චීස් කෑල්ලක් තබා නැවත සිසුන් හට කරන්නට යයි පැවසීය.පෙර පරිදිම මීයා චීස් කෑල්ල වෙත ගොස් එය ආහාරයට ගන්නට විය.මෙසේ කිහිප වතාවක් විවිධ අහාර වර්ග තබා නිරීක්ෂණය කලද දැකිය හැකි වුයේ සමාන ක්‍රියාවලියකි.
නැවත දේශනය ඇරඹු මහාචාර්යවරයා, ” පැහැදිලියි නේද… මිහිපිට ජීවියෙකුට අත්‍යාවශ්‍යම සහ ආකර්ශනයෙන් වැඩිම දෙයක් තිබේ නම් ඒ ආහාරය පමණයි..”.
එවිට පිටුපස පේලියෙන් නැගී සිටි සිසුවෙකු ” සර් , පොඩ්ඩක් ගැහැණු මීයව මාරු කරල බලමුද … සමහරවිට ඒ අරුගේ wife ද දන්නෙ නෑ” යයි පවසා වාඩිවිය..

ඇම්ඩා සහ හන්ඩ්‍රට් පසන්ට්

ඇම්ඩ ඉතින් ලෝකෙ තියෙන කැ&% වැඩ සේරම කරපු බව කශ්ටිය දන්නවනෙ., ඔන්න ඉතින් මූ දැන් බැඳල එහෙම පිළිවෙලකට නෝමල් ලයිෆ් එකක් ගෙවනවලු,, වයිෆ්ට දැන් බබෙකුත් හම්බ වෙන්නයි ඉන්නෙ..
ඔන්න දැන් වයිෆ්ට බබා හම්බ වෙන්න අමාරු වෙලා වයිෆ්ව අරන් ගියාලු ඩොක්ටර් ලඟට,. යන ගමන් අහනවලු…

“ඇම්ඩන් පැටියෝ, බබා හම්බ වෙද්දි ගොඩක් අමාරු වෙයිද අනේ, මට බයයි”

මූ ඉතින් ඔලුව අත ගාල කියනවලු..
“බය වෙන්න එපා පැටියෝ, ඔක්කොම හොඳින් සිද්ද වෙයි”

දෙන්නත් එක්ක හොස්පිටල් ගියාම මෙන්න ඩොක්ටර් මුන්ට හඳුන්වල දෙන්න ගත්ත අලුත් මැෂින් එකක්,.
“මේක මේ මම නිෂ්පාදනය කරපු අලුත්ම මැෂින් එකක්, මේකෙන් කරන්නෙ බබා හම්බ වෙද්දි අම්මට ඇති වෙන අමාරුව (විලි රුදාවද මොකක්ද එක, labour pain) බබාගෙ තාත්තට මාරු කරන එකයි, මේකෙ තාත්තට ට්‍රාන්ස්ෆර් කරන්න ඔන වේදනා ප්‍රතිශතය දුන්නාම මේකෙන් තාත්තට වේදනාව ට්‍රාන්ස්ෆර් කරනවා, ඇත්තටම මේ අම්ම කෙනෙක් දරන්නෙ පිරිමියෙකුට දරන්න බැරි තරම් වේදනාවක්, පිරිමියෙක් නම් මරනයට පවා පත් වෙන්න පුලුවන්”.

ජෝඩුව ඉතින් වැඩේට ෆුල් සැටිස්.. වයිෆ්ට බබා හම්බ වෙන්න එද්දි, ඇම්ඩවත් ඇඳකින් නිදි කරවල ඩොක්ටර් වැඩේ පටන් ගත්තලු..
“ඔන්න එහෙනම් මන් මේක 10% කට දානව, 10%ක් කියන්නෙ ඇම්ඩම් ඔයාට ගොඩක් අමාරු වෙන්න ඉඩ තියෙනව, හාන්සි වෙලා ඉන්න”

මුට ගානක්වත් නෑලු.. ඒ පාර ඇම්ඩ හිනාවකුත් දාල..
“ඩොක්ටර් ඕක 20%ක් දාන්න”,.

එත් මූ සැපට ඉන්නව, ගානක්වත් නෑ., ඒ පාර මූ…
“ඩොක්ටර් ඕක 50%ක්ම දාන්න ඩොක්ටර්”

ඒත් මූ ශෝක් එකට ඉන්නව, ගානක්වත් නෑ..
ඩොක්ටර්ටත් පුදුමයි, ගෑනිටත් අමාරුව ගොඩක් අඩුයි., ඒ පාර මූ ගෑනිගෙ මූනත් බලල සනසවන්න වගේ හිනාවකුත් දාල, වීරය වගේ…
“ඩොක්ටර් හන්ඩ්‍රට් පසන්ට් තාත්තට දාන්න ඩොක්ටර්”

ඩොකත් ඉතින් ඇම්ඩගෙ හාට් බීට්, බ්ලඩ් ප්‍රෙශර් චෙක් කරල එහෙම නෝමල් හින්ද 100% දැම්මලු.,

අම්මට හුඩු පට්ට, ගෑනිට පොඩ්ඩක්වත් අමාරුවක් නෑලු, ඇම්ඩටත් මොන ඉහෙන් බහින අමාරුවක්වත් නැතුව කැ&* හිනාවකුත් දාගෙන ඉන්නවලු.,
ගෑනිට මොන හෙනයක්වත් නැතුව ඇඟට නොදැනිම නිරෝගී බබෙක් හම්බ උනාලු.,

මුන් දෙන්නත් එක්ක බබාවත් අරන් දැන් ගෙදර යන්න හොස්පිටල් එකෙන් එලියට ආවලු..,.
ඇවිල්ල බලද්දි මෙන්න ඩ්‍රයිවර් වාහනේ ඇතුලෙ මැරිල..

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.