Katha Ahura

කන්‍යාරාමය| අවසාන කොටස | හොල්මන් කතා |

4.5/5 - (12 votes)

කන්‍යාරාමය….

දසවැනි දිගහැරුම…….

අවසන් කොටස…..

මම ඉක්මනට ගිහින් දොර වහගන්න යද්දිම එකෙක් දොරට කකුල තිබ්බා….ඒ වෙද්දිත් ගොඩක් දේවල් ගැන දැනගන හිටිය මට වෙන්න යනදේ ඉවෙන් වගේ තේරුනා….එකෙක් මගෙ පිටිපස්සෙන් ඇවිත් කට මිරිකද්දි අනිත් එකා මාව ඇදගෙන කාමරේට ගියා….බිමවැටුණ මම දගලද්දි එකෙක් මගෙ අතකට ගැහුවා….මගෙ අත ලොකු වේදනාවක් එක්ක හිරිවැටෙනවා විතරයි මට දැනුනෙ….ඊට පස්සෙ පැය ගානක් තිස්සේ බබෙක් ලැබෙන්න හිටපු මම මාරුවෙන් මාරුවට දූෂණය උනා….අවසානේ මට දරුවත් නැති වෙලා ගොඩක් ලේ ගියා….ලේ යද්දි මට කලන්තෙ වගේ තිබ්බට මට සිහිය තිබුණා…ඒත් බණ්ඩාරයා ඇද පොල්ලක් ගලවලා අරන් මගෙ ඔලුවට ගැහුවා…. ඔලුව පැලිලා ලේ ගියත් ඒත් සිහිය තිබ්බා මට… ඊටත් පස්සෙ මගෙ බෙල්ල මිරිකන් හිටියා මම මැරෙනකන්ම….ඊටපස්සෙ මගෙ ඔලුවෙ ලේ පිහලා හෝදලා කාමරෙත් හෝදලා ඇද යට තිබුණ කඹයක් අරන් මාව අර ටොයිලට් එකේ එල්ලුවෙ සියදිවි නසාගැනීමක් කියලා පෙන්නන්නයි….දකිද්දී එල්ලිලා මැරිලා කියලා හිතෙනවා ඕනෙ කෙනෙකුට….ඒත් බණ්ඩාර කරපු පළවෙනි අපරාධෙ ඒක නෙවේ නිසා බණ්ඩාරම ඉදිරිපත් වෙලා පහුවෙනිදා සියදිවි නසාගැනීමක් කියලා මගෙ මරණෙ ඔප්පු කරලා එදා රෑ මගෙ මිනිය ඉස්කෝලේ වත්තේ ඔන්චිල්ලාව ගාව වලක් ගැඹුරට හාරල ඒකට මාව දාලා උඩින් කුනුරොඩු ගොඩක් දාලා වල වහල දැම්මා….මම ඒ හැමදේම බලන් හිටියත් මට ඒ කාටවත් කිසිම දෙයක් ඒ වෙලාවෙ කරන්න බැරි උනා… මම පළවෙනි වතාවට මැරුවෙ සිස්ටර් සංජුලාගේ කොල්ලව තමයි කරන්ට් එක වද්දලා…මගෙ මිනිය වැළලුවට පස්සෙ ඒ සිද්ධිය වෙනකම්ම බණ්ඩාරවත් අනිත් උන්වත් මෙහෙට ආවෙ නෑ….ඒත් මම දැනන් හිටියා මෙහෙ වෙන ඕනෙම මරණයක් යට ගහන්න පුලුවන් එකම කෙනත් බණ්ඩාර කියලා…. ඒ නිසා මම ගොඩක් උත්සාහ කලා කෙනෙක්ව මරන්න….ඒත් මට බැරිවුණා…කවදාවත් නැතුව ඊයේ මට ඒක කරන්න පුලුවන් උනා…..මම අවස්ථාවක් එනකං ගොඩක් බලන් හිටියා…. සමාවෙන්න අනුරාධා මට ඔයාට කරදර කරන්න ඕනෙ උනේ නෑ….මම ඔයාට කරදර කරෙත් ඔයාව මෙහෙන් යවන්නයි…දැන් ඔයාට මෙහෙන් යන්නම වෙනවා අනුරාධා….නැත්තන් ඔයාට වෙන්නෙත් මට වෙච්චි දේමයි…සමහරවිට ඊට වඩා ලොකු දෙයක් උනත් වෙන්න පුලුවන්….

සිස්ටර් මට ගෙදරට කෝල් එකක් ගන්න පුලුවන්ද???? ඇයි මොකක්ද හදිස්සිය අනුරාධා?? මට ලොකු හදිස්සියක් සිස්ටර්….අකමැත්තෙන් වුවද සිස්ටර් නිලංකා ඇයට ඇමතුමක් ගැනීමට ඉඩදී පසෙකට වූ අතර අනුරාධා ඇමතුම ගෙන තම නැන්දණියට පවසා සිටියේ පැමිණ තමා රැගෙන යන ලෙසත් නැතහොත් ඇය සියදිවි හානිකරගන්නා බවත්ය….සිස්ටර් නිලංකා සිදුවන දේ සිතාගැනීමට නොහැකිව බලාසිටියේ ලොකු සිස්ටර්ද කන්‍යාරාමයේ නොසිටි නිසාය… අනුරාධාට අවශ්‍ය වූයේ ලොකු සිස්ටර් පැමිණීමට පෙර ඉන් පිටව යාමටය…සිස්ටර් නිලංකා සිදුවූයේ කුමක්ද කියා අනුරාධාගෙන් කොතෙක් දැනගැනීමට උත්සාහ කළද ඉන් පලක් නොවීය….. අනුරාධා වියරු වැටීමෙන් තම අතට හසුවූ ඇදුම් දෙක තුනක් බෑගයට දමාගෙන නැන්දණිය පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටියේ පාසල් භූමියට වීය….ලොකු සිස්ටර් පැමිණුනද ඇය පැන දිවීමට හෝ සූදානම් ලෙස සිටියේ එය පාසල පැවැත්වෙන වේලාව වූ නිසාය…පැය භාගයක් ඇතුළත නැන්දණිය පැමිණි අතර අනුරාධා අවසන් වරට පාසල් භූමියේ සුළගේ පැද්දෙමින් තිබූ ඔන්චිල්ලාව දෙස බැලීය…ඇය සැබවින්ම කෞමදී සෙවුවාය….ඇය එහි සිටියාය…. අද ඇය සැබවින්ම පියකරු පෙනුමකින් සිටියාය…. අනුරාධා දෙස බලා දෑස් වලින් සිණාසුන ඇය දැක අනුරාධාගේ දෑස් කදුලින් පිරුණේ වචනයෙන් කිව නොහැකි සෙනෙහසකින් සිත පිරෙද්දීය…..

**************************************************

“මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්… කන්‍යාරාමයක් තුළ සිදුවූ ගින්නකින් කන්‍යාසොහොයුරියන් දෙදෙනෙකු සහ අපරාධ විමර්ශන ඒකක ප්‍රධානී විශ්වජීත් බණ්ඩාර ඇතුළු තවත් තිදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි…..”

එම පුවත ඇසුණු අනුරාධා “කෞමදී එහෙනම් ඔයා ඒක කලා කොහොමහරි” යැයි සිතමින් සිය සැමියාට තව තවත් තුරුලු විය…..

**************************************************

(ඔන්න ළමායී අදින් කතාව ඉවරයි…??? ඇත්ත කතාවක් උනාට මම සමහර තැන් වෙනස් කලේ ඇත්තටම කතාව ඒ විදියටම දාන්න බැරි නිසයි….ඒ වගේම කියන්න ඕනෙ මේ කතාව ලියද්දී එහෙන් මෙහෙන් කැපිලි ✂️✂️✂️කෙටිලිත්??? ආවා ඉතිම්.??? තවදෙයක් කතාවක් ලියන ඕනෙම කෙනෙක් ඒක ලියන්න වෙලාව ⏰ වෙන් කරගන්නෙ අමාරුවෙන් වෙන්න පුලුවන්… ගොඩක් අය ඉතිම් job කරනවනේ…ඒ නිසා දෙයක් කියන්න කලින් හිතන්න.??? මොකද මේ අපේ personal life එකට අදාළ දෙයක් නෙවේනෙ…එහෙනම් ආයෙමත් අලුත් කතාවක් අරන් එනකං මං යනෝ.???ඉක්මනින් එන්නම්????තව ????සත්‍ය සිදුවීමක් එක්ක.)

වැරදි ඇතොත් කියාදෙන්න…ආසයි මම හදාගන්න..???

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.