Katha Ahura

ඇම්ඩන්ගේ රස කතා | 20 වන කොටස | රසකතා || කතා අහුර ||

4.2/5 - (29 votes)

බියර් බෝතලය

දිනක් එක් පුද්ගලයෙකු තැබෑරුමක් තුළ බියර් පානය කරමින් සිටියේ ය. මේ අතරතුර ඔහුට මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවක් ඇති වූ බැවින් මේසයෙන් ඉවත්ව යාමට සිදු විය. එහෙත් අඩක් හිස් කරන ලද බියර් බෝතලය වෙනත් කිසිවෙකු විසින් පානය කරනු ඇති බවට හට ගත් සැකය නිසා, ඔහු කඩදාසියක් ගෙන එහි මෙසේ සටහන් කළේ ය.

මෙම බියර් බෝතලයට මා විසින් කෙළ ගසා ඇත.කඩදාසිය බියර් බෝතලය අසළින් තැබූ ඔහු මුත්‍රා කිරීම සඳහා පිටව ගියේ ය. සුළු වේලාවකින් ඔහු නැවත පැමිණ බලන විට, පෙර කී කඩදාසියේ තමාගේ ප්‍රකාශයට යටින් වෙනත් කිසිවෙකු විසින් මෙසේ සටහන් කර තිබුණි.

මෙම බියර් බෝතලයට මා විසින්ද කෙළා ගසා ඇත.

ගෝලයෝ

ඔන්න දවසක් මුදලාලිලා දෙන්නෙක් සෙට් වෙලා තමන්ගේ ගෝලයන් ගැන කතා වෙනවා.

උඹ දන්නේ නෑ මට ඉන්න එක ගැන කතා කරලා වැඩක් නෑ.සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නේ කියල. කිරියා….කිරියා….

සද්දේ ඇහිලා කිරියා එතනට දුවගෙන ආවා.

මේ රුපියල් 10 අරගෙන ගිහින් හන්දියේ කාර් සේල් එකෙන් මට කාර් එකක් අරගෙන වරෙන්.

රුපියල් 10 අතට ගත්ත කිරියා බෘම් ගාගෙන හන්දිය පැත්තට දිව්වා.

බලපන් මු කොච්චර මෝඩයෙක්ද කියල රුපියල් 10 කොහෙද බන් කාර් දෙන්නේ.

ඔය කිව්වට මගේ එකත් ඔය වගේම තමයි ඔන්න බලපන්. .කළුවා … මෙහෙ වරෙන් ගිහින් බලල වරෙන් මම ගෙදර ඉන්නවද කියල..

කලුවත් එහෙමයි මහත්තය කියල යන්න ගියා.

ඔන්න බලපන් මේකා කොච්චර මෝඩයෙක්ද කියල.

මෙහෙම ටික වෙලාවක් යනකොට කිරියයි කලුවයි මගදී හම්බ උනා..ආ කිරියා උඹ කොහෙද යන්නේ කළුවා ඇහුව.

බලපන් බන් උඹට කියන්න අපේ මහත්තය ඉන්නවා නේද ඕක හෙන මෝඩයා බන් වෙන එකෙක් නම් මෙලහකත් අස් වෙලා ගිහින් බලපන් මු අද මට රුපියල් 10 දීල කියනවා කාර් එකක් අරගෙන වරෙන් කියල මුට පිස්සු බන් මේ පෝය දවසේ කොහෙද බන් කාර් සේල් ඇරලා තියෙන්නේ.

ඔව් බන් අපේ එකත් ඔය වගේම හරකෙක් තමයි.මු මට කතා කරලා කියනවා ගිහින් ඌ ගෙදර ඉන්නවද කියල බලන් වරෙන් කියල ඔය ගස් ගෙම්බා ලග ෆෝන් එකක් තියනවා කෝල් එකක් දීල බලන්න බැරිද බන් මාවම කන්න හදන්නේ…..

ඔරලෝසුව

දිනක් සිය මෝටර් රථයෙන් මැදියම් රෑ ගමන් කරමින් සිටි සිරිපාලට හදිසියේ නිදිමතක් ඇති විය. නිදිමතේ රිය පැදවීම අනතුරුදායක බැවින්, රථය පාර අයිනේ නතර කර මඳක් නිදා ගැනීමට ඔහු තීරණය කළේ ය.

ඒ අනුව රියැදුරු අසුන මතම නින්දට වැටුණු සිරිපාලට ටික වේලාවකින් කිසිවෙකු තමා අසළ වීදුරුවට තට්ටු කරනු ඇසිණ. වීදුරුව පාත් කර බැලූ ඔහුගෙන් එම මගියා, කරුණාකරලා තරහා නැතුව දැන් වේලාව කීයද කියලා කියන්න පුළුවන්ද ? යනුවෙන් විමසී ය.

ඔරලෝසුව බැලූ සිරිපාල දැන් වේලාව එකයි යනුවෙන් පැවසූ අතර, මගියා ඔහුට ස්තූති කර යන්නට ගියේ ය. නැවත නින්දට වැටුණු සිරිපාලට තවත් ටික වේලාවකින් තවත් පුද්ගලයෙකු වීදුරුවට තට්ටු කරනු ඇසිණ. වීදුරුව ඇර බැලූ ඔහුගෙන් එම මගියාද පෙර පරිදිම වේලාව විමසුවේ ය.

මේ ආකාරයට කිහිප විටක්ම පාරේ ගමන් ගත් පුද්ගලයන්ට වේලාව පැවසීමට සිදු වූ බැවින්, එම හිරිහැරයෙන් නිදහස් වීමට සිතූ සිරිපාල කඩදාසික් ගෙන, මා ළඟ ඔරලෝසුවක් නෑ යනුවෙන් ලොකු අකුරින් ලියා එය කාරයේ වීදුරුවේ අළවා සැනසිල්ලේ නින්දට වැටුණේ ය.

එවර ඔහු වේලාව පැවසීමේ කරදරයෙන් නිදහස් විය. එහෙත් තවත් ටික වේලාවකින් නැවතත් කිසිවෙකු වීදුරුවට තට්ටු කරන හඞ ඇසිණ. සිරිපාල කෝපයෙන් යුතුව වීදුරුව පාත් කරනවාත් සමඟම මගියා මෙසේ පැවසී ය.

මහත්තයා, දැන් වේලාව පාන්දර තුනයි, මහත්තයා ළඟ ඔරලෝසුවක් නැති නිසයි කතා කරලා වේලාව කියන්න හිතුවේ…

ආදරයේ ඇඳුම

අලුත විවාහ වී නිවසට පැමිණි ලේලිය දිනක් නිරුවතින් නාන කාමරයේ සිට පැමිණෙනු දුටු නැන්දම්මා, ඒ ගැන අප්‍රසාදයෙන් යුතුව ලේලියට දොස් පැවරුවා ය.

එවිට ලේලිය, නැන්දම්මාගේ ඇ‍ඟේ දැවටෙමින් චාටු බසින් මෙසේ කීවා ය.
අනේ අම්මේ, එහෙම කියන්න එපා, මේකට තමයි ආදරයේ ඇඳුම කියන්නේ. අම්මාගේ පුතා හරිම කැමැතියි මේ ඇඳුමට. ඒකනේ එයා මට මෙච්චර ආදරේ.

එම සිදුවීමෙන් පාඩමක් ඉගෙන ගත් නැන්දම්මා, දිනක් එම උපායෙන් තම සැමියාගේ ආදරය යළි දිනා ගැනීමට සිතා, සැමියා නිවසට ගොඩ වදිමින් සිටි මොහොතක නිරුවතින් ඔහු ඉදිරියට පිය මැන්නා ය.
වියපත් ගැහැණියක වූ තම බිරිඳ මෙසේ නිරුවතින් සිටීම විමතියට මෙන්ම ජුගුප්සාවටද කරුණක් වූ බැවින් සැමියා ඇයගෙන් ඒ ගැන විමසී ය.‍

දෙයියනේ, මොකද්ද ඔයාට වෙළා තියෙන්නේ ? මොකද මේ අමු හෙළුවෙන් ?
හා හා එහෙම කියන්න එපා, මේකට තමයි ආදරයේ ඇඳුම කියන්නේ, ඇයගේ පිළිතුර විය.
බිරිඳ ටික වේලාවක් බලා සිටි ඔහු අවසානයේ මෙසේ පැවසී ය.

ආදරයේ ඇඳුම නේද.. ම්ම් ඇඳුම නං නරක නෑ, හැබැයි ටිකක් අයන් කරලා ගත්තා නං තමයි හොඳ…

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.