Katha Ahura

සඳලතා |7 වන කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

සඳලතා නිසා 07 කොටස

” මම උබට කීකිරිඳිය මුලකට මන්තරයක් මතුරල දෙන්නම්…..ඊට පස්සේ කොල්ලො උබ කරන්න ඕන.. අර කෙල්ලගෙන් වතුර වීදුරුවක් ඉල්ලගන්න ඔන්න මෙන්න තියල ඒ කීකිරිදිය මුල හක්කේ තියාගෙන ,ඒ වතුර වීදුරුව ඉල්ලන එකයි…. හැබයි එකක්”

” මොකක්ද ගුරුන්නාන්සේ මාමේ”

” උබ ඒ වතුර වීදුරුව ඉල්ලගන්න ඕනා ,ඒ කෙල්ලගේ නමින් කතා කරලා… මොකක්ද ඒ කෙල්ලගේ නම කිව්වේ….”

ගුරුන්නාන්සේ ඇහුවා…

” සදලතා එයාගේ නම සද ලතා….”

” ආ… හරි උබ එහෙමනමනම් ඒ වතුර වීදුරුව ඉල්ලගන්න ඕනා ………සද ලතා මට බොන්න වතුර වීදුරුවක් දෙන්න පුලුවන්ද කියලා…හරිද….”

” ආ…හරි ගුරුන්නාන්සේ මාමේ… මම එහෙමම කරන්නම්…..මේ කරන උදව්වලට මම ගුරුන්නාන්සේ මමාට කොහොම ණය ගෙවන්ඩද මන්දා…….’

” ඕක මොකක්ද කොල්ලො…. මාත් එක්ක ඉන්නවනම් කාටවත් වැරදෙන්නේ නෑ….හහ් හහ් හා…..”

ගුරුන්නාන්සේ සුපුරුදු සිනාවෙන්ම හිනාවෙද්දී මටත් දැනුනේ සතුටක්… මේ ඉගි පලවෙන්නේ සද ලතා මට අයිතිකරග්න්නම කියල නේදැයි කියල හිතෙද්දිත් සිතට දැනෙන්නේ අමිතුම මිහිරක්.

” ගුරුන්නාන්සේ මාමේ දැන්ම එහෙමනම් මට ඒ කීකිරිඳිය මුල මතුරල දෙන්ඩ පුලුවන්ද…….”

මම ඒ වෙලාවේ එක ඇහුවේ ඒ දේ කරගන්න තිබ්බ හොදම වෙලාව ඒක කියල හිතුනු නිසා. මොකද ඒ වෙද්දී අරුනලාගේ ගෙදර කිසිම කෙනෙක් හිටියේ නෑ. ඒ හින්දාම හොරරහසේම ඒ දේ කරගන්න පුලුවන් වෙයි කියලයි මට හිතුනේ… මම ගමෙන් ආපු එක ,සදලතා ගැන මේ කිසිම දෙයක් අරුන දන්නේ නෑ…

” හරි එහෙමන්ම් ඒකත් මම දැන්ම කරල දෙන්නම්කො… වරෙන් යන්ඩ බලන්ඩ එහෙනම් කීකිරිඳිය මුලක් හොයන් එන්න. ”

කියපු ගුරුන්නාන්සේ පුටුවෙන් නැගිට්ටා….

අරුනලාගේ වත්ත පල්ලෙහාට ගිය මටයි ගුරුන්නාන්සේ ටයි ,බාගෙට වතුර අඩුවෙලා තිබ්බ පතක් කටකින් කිකිරිය මුලක් ගලවගන්න පුලුවන් වුනා ලේසියෙනම්. ඒ මුලත් අරන් අපි අරුනලාගේ ගෙයි මිදුලට ආවා.

” මම මේකට මතුරල ඉවරවෙනකම් උබ ඉස්සරහ පුටුවෙ ඉදගෙන හිටපන්… පැය බගයක් විතර යාවී…..”

කියපු ගුරුන්නාන්සේ වටපිටත් බලල අරුනලාගේ ගේ ඇතුලට ගියා. ගෙට ගිය ගුරුන්නාන්සේ ආපහු ආවේ පැය බාගයක් විතර ගියාට පස්සේ ,ගුරුන්නාන්සේ ගේ මූනේ තිබ්බේ හිනාවක්.

” ඔන්න කොල්ලෝ වැඩේ හරී…..මේක හොදට පරිස්සමට තියාගෙන අර කරපු වැඩෙ කරපන්………”

කියලා ගුරුන්නාන්සේ ඒ කීකිරිඳිය මුල මගෙ අතට දෙද්දී මට දැනුනේ වටින මැනික් ගලක් මගෙ අතට හම්බවුනා වගේ හැගීමක්.

” මම ගුරුන්නාන්සේ හෙට උදේම යනවා ,ආපහු ගමේ…ආපහු මේ ගමට එන්නේ සදලතා දුන්න වතුරත් අරගෙනමයි……ඊට් පස්සේ මම එන්නම් ගුරුන්නාන්සේ මාමගේ ආවතේවකාරයා විදිහට….”

මතුරපු කීකිරිඳිය මුලත් අරගෙන මම එදා අරුනලාගේ ගෙදරින් ආවේ ගුරුන්නාන්සේ එහෙම පොරොන්දුවකුත් දී අවසානේ……

**********************************

මම ඊලග උදේම ආපහු මගෙ ගමට යන්න ලක ලැස්තිවුනා. ආ ගමන්ම ආපහු ගමට යන්නෙ ඇයි කියල කිරිඅම්මා අහද්දී මම කිව්වේ ,ගෙදර මගෙ ඕනකරන බඩුවගයක් තියෙනව ඒවා ආපහු අරගෙන එන්න කියලයි.

ගුරුන්නාන්සේ මාම කරපු කියපු දේවල් මම කිසිදෙයක් වෙන් කාටවට් කියන්න ගියෙ නෑ.

ආපහු ගෙදර ගියාමත් ගෙදරට කිව්වෙත් මම ආවේ මගේ ඕනැකරන දේවල් ටිකක් තියෙනවා ඒවා අරගෙන යන්නයි ආපහු ආවේ කියලා.

ඊට පාස්සේ මම හිතුවේ සදලතාගෙන් වතුර විදුරුව්ක් ඉල්ලගන්න ප්ලෑන් එකක්. සදලතාලගේ ගෙදර හිටියේ සදලතා ගේ තාත්තයි ,අම්මයි තව නංගියෙකුයි,මල්ලියෙකුයි විතරයි.

නංගියි මල්ලියි ඉස්කෝලේ යනවා තවම. මට ගෙදරින් ආරංචි වුන විදිහට එදා මම වැව් කැලේදී කිත්සිරි ට ගහපු නිසා ,කිත්සිරිගෙ ගෙදර අය කිත්සිරිව ආපහු එක්කගෙන ගිහින් හිටියා….

සදලතාගෙන් වතුර විදූරුවක් ඉල්ලගන්න යනවනම් මගෙ පැත්තට වාසී වෙන වෙලාවක් වෙන්නේ උදේ කාලයයි. සදලතාගේ නංගි‍යි මල්ලියි ඉස්කෝලේ හින්දා ගෙදර ඉන්නේ එතකොට සදලතායි එයාගේ අම්මයි තාත්තයි විතරයි.

මේ දව්ස්වල කුඹුරු වැඩ හින්දා සදලතාගේ තාත්තත් අනිවාර්යයෙන් කුඹුරු වලට යනවා…..ඇති….

එහෙම හිතපු මම සදලතාගෙන් වතුර වීදුරුවක් ඉල්ලගන්න උදේ වරුවකම යන්න තීරනය කෙරුවා.
**************************************

ඊලග උදේ කාටත් හොරෙන් මම සදලතලාගේ ගෙවල් පැත්තට පයින්ම ගියේ තවත් ඔනෑකරන දෙවල් ටිකකුත් පොඩි කලු උරේකට දාගෙන. සදලතාගේ ගෙවල් තිබ්බෙත් පොඩි දෙවට පාරක ඒ පරෙත් කෙලවරේමයි.

සදලතාගේ ගේ ඒ පාරෙ කෙලවරේම තියෙද්දි එතනින් එහාට තිබ්බේ පොඩි මූකලන් කැලයක්. මම ඒ මූකලන් කැලේට වෙලා හැංගිලා සදලතාලාගේ ගෙදර වෙන්නේ මොනවද ,කවුද ඉන්නේ කියලා විපරම් කර කර හිටියා.

උදේ නමයට විතර ඇති ඒ වෙලාව. සදලතාගේ ගේ ඉස්සරහ දොර ඇරල තිබුනු එකෙනුයි ,ගේ පැත්තෙන් ඇහුනු හඩවල් වලිනුත් ගෙදර කට්ටිය ඉන්නව කියල තේරුම් ගන්න මට අමාරු වුනේ නෑ……

කිසිම පිරිමි හඩක් ඇහුනේ නැති නිසා මට හිතුනා සදලතාගේ තාත්තත් ගෙදර නැතිව ඇතිකියලා…

ටික වෙලාවකින් සදලතාගේ අම්මා ගෙයින් එලියට බැස්සේ පොඩි පන් මල්ල්කුත් අත අස්සෙ ගහගෙන.

” සදලතාගේ අම්මත් කොහෙහරි ගියා මල්ලකුත් එල්ලගෙන ,කඩේටවත්ද”

මම හිතුවේ හිතට සැනසුමකුත් එක්වෙද්දි. සදලතගේ අම්මා කඩේට ගියානම් සෑහෙන්න වෙලාවකින් ආපහු එන්න වෙන්නේ නෑ.. මොකද ,සදලතාගේ ගෙදර ඉදලා ගමේ කඩේට සෑහෙන්න දුරක් තිබ්බා . පයින් ගිය හින්දා ආපහු ගෙදර එනකොට විනාඩි හතලිස් පහක්වත් යාවී…

මම ඒ ගැන හිතද්දීමයි… මම මෙ ලෝකේ දකින්න ආසම රූපය සදලතාත් මිදුලට බැස්සේ….චූටි මල් වැටුන චීත්‍ත ගවුමක් ඇදගෙන හිටපු සදලතා මම නැති දවස් ටිකක තවත් ලස්සන වෙලා වගේ…

මම ඇය දිහා ආසාවෙන් බලන් ඉද්දිම ඇය සින්දුවකුත් මුමුන මුමුන මිදුලේ තැනක මල් පැල වගයක් හිටවන්නද මන්දා මොනව හරි පැල වගයක් ගලවන්න පටන් ගත්තා. මම හිතන්නෙ ඒ දාස් පෙතිය හරි අටපෙතිය හරි සියං ඒ පැල වගයක් වෙන්න ඕන කියලයි.

” මේක තමා සුනිමල් උබේ වෙලාව…ඉක්මනට කරන්න ආපු වැඩේ කරපන්…”

හිත මොර දෙද්දි මගේ හද ගැස්ම වැඩිවෙද්දී මම ඉක්මනින් ගියා සදලතා හිටපු දිහාට . මට පිටිපස්ස හරවලා කරන වැඩේ කරන සද්ලතාට මාව පෙනුනේ නෑ….

අතේ තියාගෙන ආපු කලු උරය මම මල් පදුරක් ලග හැංගුවා ඒ අවසරයෙන්.

” ස…..ස ද ලතා……”

මම ඒ නම උපරිම හිතේ වීර්යය ගෙන අමතද්දී සද ලතා මම දිහා එකපාරම බැලුවේ තිගැස්සිලා වගෙ…

” සුනිමල් අයියේ ඔයා……….ආයේ…”

මම දකිද්දී සදලතගෙ මුන තරහෙන් ලේ පුරාගෙන් ආවේ එදා අක්කරදහය පාලු වත්තෙදී ඇගේ මුනට මම දකිද්දී වුන විදිහටමයි.

” සද ලතා මට ඔයාට දෙයක් කියන්න තියෙනවා… ඒක කියනකම් මට හිතේ නිදහසක් නැ….ඒ හින්දමයි මම තකහනියෙම ආපහු ගමට ඇවිත් ඔයාව හොයාගෙන ආවේ…..”

” සුනිමල් අයියේ… මම කලිනුත් හිසේ කෙස් ගානට කියල ඇතී ඔයා ඔය කියන්න යනදේට උත්තරේ……කරුනාකරල අපේ ගෙදරින් යන්ඩ…..”

” සදලතා ඔයා ඔය හිතන දෙ නෙමෙ මම අද කියන්න ආවේ……මම අද ආවේ ඔයාගෙන් සමාව ඉල්ලගෙන යන්ඩ……”

මම ඒ කිව්ව දේටනම් සදලතා මොකුත් කිව්වෙ නෑ… මම කියන දේවල් ඇය අහන් උන්නේ ටිකක් පුදුමෙන් වගේ.

” සදලතා..මම ඔයාගේ පස්සෙන් ඇවිල්ල සැහෙනන කරදර කෙරුවා…. දැන් මම තේරුන් අරගෙන ඉවරයි ,ආදරේ කියන දේ බලෙන් ආත්මාර්තකාමී කාමෙන ගන්න බෑ..කියලා….එක්කෙනෙක් විතරක් ආදරේ කෙරුවට වැඩක් නෑ… දෙන්නම දෙන්නට ආදරේ කරන්න ඕනා….

ඉතින් ඔයා මට ආදරේ නෑ කියන්නේ මම ඔයාට කොච්චර ආදරේ කෙරුවත් වැඩක් නෑ කියන එක නේද…සදලතා… ඔයා සදලතා හදවතිනම් ආදරේ කරන කෙනාව ඉක්මනටම හම්බවෙන්ඩ කියල මම පතනවා…….

මටත් මේ ලොකේ ආදරේ කරන එකම එක කෙල්ලෙක් හරි ඇතී… එයා සමහර විට ගොලු ,අන්ද ,බීරී ඒ වගේ ආබාදිත කෙල්ලක් වෙන්නත් පුලුවන්. ඒත් කමක් නෑ එයා මට ආදරේ කරනවනම් ,මමත් එයාට ආදරේ කරනවා…..ඒ කෙනා සදලතා ඔයා නෙමේ කියල තේරුම් ගන්න මට සෑහෙන්න පරක්කු වුනා…

ඉතින් සදලතා , මම ඔයාටයි කිත්සිරිටයි… හිතේ ආවේගයට කරපු දේවල් වලට ආයේ ඉල්ලන්නේ දස දහස් වාරයක් සමාවෙන්න කියලා…”

මම අහිංසා හිනාවක් මවාගෙන ඒ දේවල් කියද්දී සද ලතාගේ ඇස් ගොඩක් දුර කල්පනාවක් ගිහින් තිබ්බේ ඇසිපිය හෙලන්නේවත් නැතිව.

ඒ වාසියෙන් මම ඉක්මනින්ම මගෙ අතේ ගුලිකරන් හිටිය ගුරුන්නාන්සේ මතුරපු කීකිරිඳිය මුල කටේ හක්කේ තියාගත්තා…. ඊට පස්සේ ආයෙත් පසුතැවිලි වෙන විදිහේ මූනක් හදාගත්තා.

” සදලතා ,මට වතුර වීදුරුවක් දෙනවද…….මගෙ බයිසිකලෙත් කැඩිල මේ දේ කියන්න ඕන හින්දමයි මම අමාරුව බලන්නේ නැතිව මෙහට පයින්ම ආවෙත්….පයින් ආපු මහන්සියට උගුර කටත් වේලිලා……

සදලතා මට වතුර විදුරුවක් දෙනවද……….”

මම ඒ ඉල්ලීම කෙරුවේ බැගෑපත්වෙලා වගේ. මම අමාරුවෙන් වටේ කරකව කරකවා එලපු දැලට සදලතා අහුවෙයිද ,අහු නොවෙයිද කියලා හිතමින් මම සදලතා දිහා බලාගෙන උන්නේ මගේ හදවතේ ස්ප්න්දනයත් ටිකෙන් ටික වැඩිවෙද්දි………………ඊලග කොටසට සඳලතා නිසා

මොකෝ කට්ටිය කියන්නේ සදලතා ,සුනිමල් එලපු දැලට අහුවෙයිද…අනුමාන කොරන අය අනුමාන කරන්නකෝ….

සදලතා නිසා ,කතාවේ තියෙන්නේ තව අවසන් කොටස් දෙක විතරයි. ඒ කොටස් දෙක ගොඩාක් බිහිසුණු විදිහට ගලාගෙන යාවී…..ඉතින් ඒ අවසන් කොටස් දෙකත් එක්කත් මා එක්ක ඔයාල ඉදී කියල මම විශ්වාස කරනවා…

කතාව කියවල ලයික් කමෙන්ට්ස් කරන ඔක්කොටම ගොඩක් ස්තූතීයි.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.