Katha Ahura

ඇවිදින මරණය | අටවන මරණය | හොල්මන් කතා

5/5 - (1 vote)

..

—————————————————————————————————————————–

අරූ ආපහු හැරුණා….

දෙයියනේ… !!!

ඇඟේ ලේ රත් වෙන්න ගත්තා.. කකුල අද්දා අද්දා අරූ මං ඉන්න අල්මාරිය ළඟට එනවා…

මගේ හුස්ම හිර වෙන්නත් වගේ.. මේ මගුල කට් කරන්න ෆෝන් එක හොයා ගද්දිම අරූ අල්මාරිය දොර ඇරියා..

මං ෆෝන් එක අරන් කබඩ් එකේ එහා පැත්තට දැම්මා..

මං ඇස් දෙක තද කරලා පියා ගත්තා.. දන්න දෙවිවරු සේරෝම මතක් කර ගෙන..

මොහොතක් ගත වුණා.. සද්දයක් ආවා.. මට ඇස් ඇරලා බලන්න ඕනි වුණත් ඇස් අරින්නේ නැතුව ඉන්න මං ප්‍රවේසම් වුණා..

තවත් ටිකකින් අරූ කකුලකුත් අද්ද අද්ද යන්න හඬ ඇහුණා..

එතකොටයි දෙයියනේ කියලා මට හුස්මක් වැටුණේ…

ලයිට් නිවලා හින්දා එළියට එන්න හිතුණෙත් නෑ..

බයටම නළලට දාලා තිබ්බ දාඩිය බිංදු ටික පිටි අල්ලෙන් පිහිද ගෙන මං තවත් ගුලි වුණා..

රෑ දහයට විතර ඇති.. තාමත් විහාන් නෑ.. විහාන් මාව දාලා ගිහින්ද..?? හිතා ගන්න බැරි විකාරත් හිතෙන වෙලාවක් මේක..

තව ටිකක් වෙලා බලන් ඉඳලා එළියට ඇවිත් කරන්නේ මොනවද කියලා ප්ලෑබ් කරන්නයි මං හැදුවේ…

ඒත් ඊට කලින් කවුරුහරි ගෙට ඇතුළු වෙන සද්දයක් ආවා.. අඩි හඬකුත් ආවා..

ආපු කෙනා ලයිට්ස් දැම්මා…

විහාන්…. මං අල්මාරියෙන් එළියට ගිහින් විහාන්ව බදා ගත්තා.. අම්මෝ.. මට දැනුන සතුටක්..

මං විහාන්ට වෙච්ච හැමදේම පැහැදිලි කරා.. ඒ වගේම ඉස්සරහට අපිට කරන්න තියෙන දේවලුත්..

“ඔයාට හොඳටම විශ්වාසද රුකී මේක වැඩ කරයි කියලා..?”

“අපිට මේක ඇරෙන්න වෙන විකල්පයක් තියෙනව මේ ඇවිදින මළමිණී ඉවර කරන්න..???”

ඒ ප්‍රශ්නෙට අපි විතරක් නෙවෙයි.. වෛද්‍යවරු පවා ගොළුයි…

“මේක අර මහාචාර්ය තුමා පටන් අරන් තියෙන්නේ අමාවක දවසක.. මේක නවත්තන්න ඕනි පසළොස්වක දවසක…”

“ඒ කියන්නේ පෝය දවසක.. හෙටනේ පෝය..”

“ඔව්.. හෙට රෑ තමයි අපිට ලැබෙන අන්තිම අවස්ථාව.. ”

මං අර පොත ආයේම පෙරළ ගත්තා..

“අපිට මුලින්ම ඇවිදින මළමිණියක් වෙච්ච දරුවා ඕනි..”

“අර අම්මව වීල් එකක් ඇතුලේ මරලා දාපු..”

“ඔව්…”

“හෙට උදේම යමු… තව මොනවද ඕන..??”

මං ඕන දේවල් ලිස්ට් එකම එයාට දුන්නා..

“ඇවිදින මළමිණීද ඕනි…?? ”

‘ඔව් විහාන්..”

“මේ වසංගතය මෙහෙම ඉවර වෙනව නම් ඒකත් ලොකු දෙයක්…”

අපි දොර හිර කරලා සැටිය දාලා වීදුරු කබඩ් එකත් දොරටම හිර කරලා නිදා ගත්තා..

හීනෙන් පෙනුනෙත් ඇවිදින මරණය..

හෙටින් අවසන් වේවී.. උඹලා අයිති තැනටම උඹලට යන්න වෙනවා…

අපි උදේම ජිප් එකත් අරන් ගියා අන්තිමට අපිට අර දරුවා හම්බුන තැනට.

මේ වෙද්දිත් ගාල්ල නගරයට විශේශ සේවා බලකාය ඇවිල්ලායි තිබුනේ.. ඒත් තවමත් කරන්නේ මිනිස්සුන්ව ඉවත් කිරීම..

පාරේ තැන් තැන් වල මිනී ගොඩ ගහලා.. මේ වගේ දර්ශනයක් දකින ඕනම කෙනෙක්ට ජීවිතේ කළකිරෙනවා නියතයි..

අපි එදා මං ජිප් එකට නැගපු තැනින්ම බැස්සා.. වීල් එක එතනින් ඉවත් කරලා තිබ්බත් තාම එතන පරීක්ශන ඉවර කරලා නෑ වගේ..

අපි එතනින් වැටිය තිබුනු තැනට ගියා..

විනාඩි විස්සක් විතර වෙහෙස වෙලා වැටිය උඩටත් නැග ගත්තා.. එතනින් එහා තිබ්බේ පොඩි ලඳු කැලෑවක්..

මුලින්ම විහාන් ගියා මං එයාගේ පස්සේ ගියා..

එකපාරම විහාන් නැවතුණා…

පොලිස් නිළධාරියෙක්ගේ මළ සියුරක්..

බෙල්ලෙක් කුට්ටියක් කඩන් කාලා.. වේලිච්ච්ග ලේ තට්ටුවක් වේළුන කොළ මත සටහන් වෙලා..

මං හිතන්නේ කැලේ සත්තු කිහිප දෙනෙක්ම මැරුන පොලිස් නිළධාරියාගේ මිනිය රස බලලා.. මං නහය වහ ගෙනම හිතුවා..

අපි තවත් ඉස්සරහට ගියා..

අත ඇරලා දාපු පොඩි ගෙයක් තිබ්බා..,ලෑලි ගෙයක්.. නිකන් මඩුවක් වගේ..

ඒකේ ඉස්සරහ යම් පොර බැඳීමක් වෙලා තියෙනවා..

එතනින් එහා තවත් මිනියක් තිබුණා.. නිළ මැස්සෝ මිනිය අයිති කරන් ඉවරයි..

විහාන් නම් ඉන්නේ මහා කෝපයකින් බව මට නොදැනුනා නෙවෙයි…

ඇත්ත මේ ඉන්නේ එයාගේ සඟයෝ.. එකට වැඩ කරන අය.. ඉතින් කේන්ති එන එක සාධාරණයි..

අපි වැටුනේ අතුරු පාරකට..

මෙතනින් කොහාටද..??

“අරූ යන්නේ ඇත්තේ මේ පැත්තට.. මේ පේනවද ඇල වෙච්ච අඩි ලකුණු තියෙනවා..”

අපි දෙන්නම විහාන් පෙන්නපු පැත්තට ගියා..

හෙලිකොප්ටර් එකකින් මේ ප්‍රදේශයෙන් ඉවත් වෙන්න කියලා නිවේදනය කරන් යනවා..

දැං අපිට තියෙන ප්‍රශ්නේ කෝ මේ ළමයා..

මට නම් දැං ටිකක් හති වගේ.. ඒත් අපි හෙමින් හෙමින් ඉදිරියට ගියා..

පාරේ අයිනක තව මිනීදෙකක්..

දෙවියනේ.. මේක නම් ඇවිදින මරණයක්ම තමයි..

අන්තිමේ අපි දැක්කේ බෑවුම තියෙන පාරේ බෑවුමක තියෙන ගස් දෙකක් අස්සේ හිර වෙලා ඉන්න අර මැරුණු ළමයා..

කවුරුහරි එයාව තල්ලු කරන්න ඇති.. නැත්නම් ලිස්සලා ගියාද දන්නේ නෑ..

ඌ අපි දිහාත් බල බල අමුතු හඬකින් ගොරවනවා..

විහාන් දන්න සෙල්ලම් ටික දාලා අපි ගෙනාපු කඹයක් ආධාරයෙන් ඌව පාරේ උඩට ගත්තා..

උඩට ආපු ගමන් ඌ කරේ විහාන්ගේ ඇඟට කඩන් පැනපු එක..

එතකොට තමයි මගේ වැඩේ පටන් ගත්තේ.. ඌව හිර වෙන විදියට මං ඌව ගැට ගැහුවා..

දේව් ඌව අපි ගෙනාපු බෙඩ්ශීට් එකෙන් ඔතා ගෙන කර මත තියාගෙන පාරේ ඉස්සරහටම ගියා..

ඒ පාර වැටුණේ හයි වේ එක ගාවට..

නවත්තලා තිබ්බ වාහනේක නැගලා ඊළඟට අපි ආවේ මිනිස් ජීවීත ඇපේට තියලා මහාචාර්යතුමා අමරණීය වෙන්න හදපු තැනට..

කනත්ත ආසන්නයේ තිබ්බ මුහුදු වෙරළට..

තවම හවස් වුණා විතරයි… නමුත් රැය ඇරඹෙන්න ඇරඹෙන්න මරණය තව තවත් ශක්තිමත් වෙනවා.. ඊට කලින් අපි අපේ කොටස කරන්න ඕනි..

එදා ඇඳලා තිබුණු සළකුණු හුඟක් අද මැකිලා ගිහින්..

පොතේ තිබ්බ සලකුණු වෙරළේ අඳින්න මට සැහෙන්න කාලයක් ගත වුණා.. මං තනියම ඒ සළකුණු අඳිනකම් විහාන් අර ඇවිදින මිණිය ආරක්ශා කරා..

නියමිත තැන් වලින් මං අලෝකය ලැබෙන්න පහන් පත්තු තිබ්බා..

විහාන් දරකෝටු එකතු කරලා හරියටම අමුතු සළකුණ මැද ගිනි මැලය ගැහුවා..

ටික ටික අඳුර අපිව වට කරා..

බයක් දැනෙනවා.. ලොකූ බයක්.. ඊටත් වඩා මිනිස් වර්ගයා වෙනුවෙන්, ජීවිත වෙනුවෙන් නැගෙන නිර්භීතකම වැඩියි..

අර ඇවිදින මළමිණිය.. දරුවත් ගෙනත් ගිනිමැළය ළඟ තිබ්බා..

මහා මූසල රාත්‍රියක් ආරම්භ වුණා.. මුළු අහසම තරුවක් වත් නැතුව අපි දිහා බලන් හිටියා..

මුහුදු හුළං පවා ඇවිත් ඇඟේ වැදුනේ හරිම රළු විදියට.. රළ බිඳෙන හඬ ඇරෙන්න වෙන කිසිම හඬක් අපිට ඇහුනේ නෑ..

රෑ මැදියටම ළඟයි.. මං පහන් දැල් වුවා .

පළවෙනි දැල්ල එළිය වෙද්දිම කන් බිහිරි කරවන තරම් විලාපයක් ඈතකිම් ඇහුණා..

එහෙනම් මේක මහාචාර්යතුමාගේ හිතේ ඇඳුන හිතලුවක් නෙවෙයි..

දෙවෙනි පහනත් දැල්වුවා.. මුහුදු හඬ පරදා ඇහෙන විලාපය ඇඟේ හිරිගඩු පවා ඇහැරවන තරම්..

මං පහන් එකින් එක දල්වා අවසන් කරා..

ඊළඟට…

———————————————————————————————————————

ඔන්න ආදරණීය හොල්මන් ටික.. ඇවිදින මරණය තව එක කොටසකින් නිමා වේවි…

ඔයාලා රස විඳිපු මේ ඇවිදින මරණය මගේ කෙටි කතාව ගැන ඔයාලට දැනුන දේ මට අහන්න ආසයි.. ඒ නිසා ඔයාලගේ අදහසුත් මට කියා ගෙනම යන්න..

ආදරෙයි පැලෙන්න…

අවසාන මරණයෙන් හමුවෙමු..
බුදු සරණයි..!!!

6 thoughts on “ඇවිදින මරණය | අටවන මරණය | හොල්මන් කතා”

  1. අයියෝ හෙටින් අවසන්ද?. කතාවනම් ලස්සනයි ගොඩාක්. ගොඩක් ලස්සන කෙටි කතාවක්. ආයෙත් මේ වගේ කතාවක් ගේන්න කියල ආරාධනා කරනවා………❤️

  2. Kathawa harima lassani. Superb.?. Hetin iwara wena eka gana nam harima dukai. Godak aasawen me kathawa kiyewwe.?. Hariyt film ekk balanawa wage lassnt mawila penawa. Issarahatath lassana katha aragena enda. Good luck !?

  3. කතාව ගොඩක් ලස්සනයි…වෙනස්ම අත්දැකීමක්.. හෙට ඉවර වෙනවනෙ…තවත් මෙ වගෙ කතාවක් අරගෙන එන්න අපිට කියවන්න….✍️✍️✍️✍️ good luck…?????…..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.