Katha Ahura

ඇවිදින මරණය | අවසාන මරණය | හොල්මන් කතා

4.6/5 - (16 votes)

අවසාන මරණය..

————————————————————————————————————————

ඊළඟට කරන්න ඕන දේ මං ආයේ පොත බැලුවා… පොතේ තිබ්බ හැමදේම මට මන්තරයක් තරමටම පාඩම්.. ඒත් හිතේ සැකයක් ඇති නොවෙන්න මං නිතර නිතර පොත බැලුවා..

තව ටිකකකින් රැයේ මැදියම උදා වෙනවා.. අපි පහන් දල්වපු නිසා ඇවිදින මළමිණී මෙතනට ඇදිලා ඒවී..

විහාන්ට දැං කරන්න තියෙන හැමදේම ගැන විස්තර කරා..

“හරි මං ඒක කරන්නම්..”

විහාන් කැමැත්තෙන් ඉදිරිපත් වුණත් මට ඒකට ඉඩ දෙන්න බෑ..

“නෑ විහාන්.. මේක බරපතලයි.. මේක නිසා ඔයා මැරෙන්නත් පුළුවන්..”

ඇත්ත.. දශමයක්වත් එහා මෙහා වුණොත් මැරෙන්න වුණත් පුළුවන්..

ඒත් විහාන් මගේ මූණ දිහා බලන් මට පල් හිනාවක් දැම්මා..

“මැරෙන්න බය නම් මං කවදාවත් පොලිස් සේවයට බැඳෙන්නේ නෑ..”

අවංක පොලිස් නිළධාරියෙක්ගේ හඬයි මට ඇහුනේ..

බැරි වෙලාවත් මේ රෑ අපේ ජීවිතය රැක ගත්තොත් ඇත්තමයි ලියන්න දේවල් බොහොමයක් ඉතුරු වේවි..

ඇවිදින මළමීණී එකා දෙන්නා වෙරළට ඇදිලා එනවා..

මං අහස දිහා බැලුවා.. පුන් සඳ මෝරලා.. ගිනි මැලේට තවත් දර කැබලි දැම්මා… ගින්න දැල්විය යුතුයි… මරණයේ දොරටුව විවර වන්නේ ගින්නෙන්…

ලොකූ හුස්මක් ගත්තා.. පපුවේ බර ටිකෙන් ටික වැඩි වෙනවා වගේ..

එක පාරට මුහුදට අකුණක් ගැහුවා..

ඒ කියන්නේ මරණයේ රාත්‍රිය ඇරඹිලා..

අවටින් ඇහුණ විලාප සද්දේ මැද්දේ ලොකූ දුම් වළල්ලක් අහසට නැගුණා..

ඔව්.. මේ තමයි වෙලාව..

“විහාන්… දැං….”

විහාන් තෙත රෙදි කෑල්ලකින් දල්වපු පහන් එකින් එක නිවන්න ගත්තා..

මහ හඬක් නංවමින් අපි දිහාවට ඒ දුම ඇඳී ආවා..

මං ගිනි මැලෙන් දර කෝටුවක් අරන් විහානුයි මමයි ආවරණය කර ගත්තා.. මේ සියල්ල අඩංගු වුණේ පොතේ..

තව පහන් හයක් පමණයි නිවන්න තිබ්බේ.. අර ඇවිදින මළමිණියක් වෙච්ච පළමු දරුවා දඟලන්න ගත්තා..

මගේ අවධානය වෙනස් වෙන්න ඇති..

මගේ එක අතක තිබ්බ පොත රළ වැදෙන මුහුදු වෙරළ සීමාවට විසී වුණා…

ඕඕඕඕඕ ශික්..

මහා වියරු සිනාවක් කං දෙක දෝංකාර දෙන තරම් හයියෙන් ඇහුණා..

විහානුයි මමයි මූණට මූණ බලා ගත්තා..

නෑ මේක නෙවෙයි අවසානය.. අන්තිම හුස්ම වෙනකම් සටන් කරනවා..

විහාන් ඉතුරු පහනුත් නිවන්න ගත්තා..

මුහුදෙන් ඇහෙන විලාපය වැඩි වෙලා මහා හුළං දැඩි වුණා.. මොනවා වුණත් අපි වටා අත්භූත යමක් තදින් ක්‍රියා කරන බව නම් හොඳින්ම දැනුණා..

අන්තිම පහන පමණයි නිවන්න තිබ්බේ.. මේ හුළඟට මාව විසිවෙන තරම්…

විහාන් මගේ අත තද කරලා අල්ලා ගත්තා…

“අපි මේක කරමු..”

විහාන් අන්තිම පහනත් නිව්වා…

හුළං නැවතුණා..

මගේ හදවතත් නැවතිලා වගේ…

ගිනි මැලයේ අලෝකය දැං හොඳටම වැඩී..

දැං ඉන්නේ අපි අවසාන අදියරේ..

මේ පළමු මිනිය ගිනි තැබීම..

නෑ.. ඊට කලින් මේ සළකුණ මකන්න ඕනී…

මං වැලි මත ඇඳපු සළකුණ මකන්න ගත්තා… මෙතෙක් වෙලා අසිහියෙන් මෙන් හිටපු ඇවිදින මළමිණී අමුතු හඬක් නංවමින් කෑ ගහන්න ගත්තා..

ඇඟේ ලේ වතුර වෙලා… හුස්මත් හිර වෙනවා වගේ..

මං අන්තිම ඉරත් මකලා දැම්මා…

මොකද මේ සෑම බලයක්ම රැඳිලා තියෙන්නේ මේ අත්භූත සළකුණු මත..

විහාන් අර දරුවා උස්සලා ගත්තා.. ඒත් අඩියක්වත් ඉදිරියට යන්න කලින් අර දුම ඇවිත් විහාන්ට පහර දුන්නා..

සත්තයි ඒ දුමෙන් මිනිහෙක්ගේ වගේ කකුල් අත පය මැවුණා..

විහාන් අඩි තුන හතරක් පස්සට විසි වෙලා ගිහින් බිමට විසි වුණා..

“විහාන්….”

මං කෑ ගහගෙන විහාන්ගේ පැත්තට දුවන් ගියා..

ඒ අත්භූත මරණයේ රුව මං දිහාවට හැරුණා…

මටත් පහරක් එල්ල කරා.. මගේ උරහිසකින් දරන්න බැරි තරම් වේදනාවක් එද්දී මාව විසි වුණේ ගිනි මැලය සමීපයට..

අර රුව විහාන්ට ටිකෙන් ටික ළං වුණා.. විහාන්ගේ මරණයද ඊළඟට වෙන්නේ..??

නෑ නෑ.. මං දැක්කේ තාමත් දඟල දඟල ඉන්න අර දරුවගේ මළකුණ..

මේක තමයි වෙලාව..

මං උරහිසෙන් දැනෙන වේදනාව අමතක කරලා මරණය පෙනි පෙනී නැඟිට ගත්තා.. අර මිණිය ඇඳන් ඇවිත් ගිනි මැලයට දැම්මා..

අර අත්භූත රුව විහාන්ගේ දෙසට පහත් වෙලා බෙල්ලෙන් ලේ බොන්නයි හදන්නේ..

මිණියට ගින්දර වැටිලා මිණිය පිච්චෙන්න ගත්තා.. අර රුව වියරු වැටිලා විලාප ගහන්න ගත්තා..

දෙයියනේ… ඇවිදින මළමීණී ඉදිරියට එන්න පටන් අරන්..

කරන්න ඕන හැමදේම අපි කරා…

මං දුවන් ගියා විහාන් ගාවට.. අපිට මේක නතර කර ගන්න බැරි වෙලා නම් මේක තමයි අපේ අවසානය..

අර දුමාරය මුහුදු වැලි අවුස්සමින් අපි වටේ කැරකෙනවා..

ඇවිදින මළමිනී ටිකෙන් ටික අපිව වට කරනවා..

මං විහාන්ව බදා ගෙන ඇස් පියා ගත්තා..

මහ හඬක් නංවමින් කුමක් හෝ යමක් පුපුරා ගියා..

ඇවිදින මළමිණී අපිව වටකරන්.. ඊළඟ තප්පරේ උන් අපේ බෙල්ලත් කඩන් කාවි..

අන්තිම හුස්මතෙක් කළ හැකි සියල්ලම අපි කරා..

මුළු මූණම විරූපි වෙලා තිබ්බ මිණියක් මං දෙසට පහත් වෙද්දිම මං ආයේ ඇස් තද කරලා පියා ගත්තා..

ඒත් එකපාරටම ඒ මිණිය බිමට කඩන් වැටුණා.. එකින් එක එකින් එක ඇවිදින මළමිණී සියල්ලම බිමට කඩන් වැටුණා…

දෙයියනේ…!!! අපි දිනලා…

මං හිස ඔසවා බැලුවා.. අර දුම ආයෙත් ගිනි මැලේ තුළටම ගියා..

පරිසරය නිහඬ වෙලා මුහුදේ රළ බිඳෙන හඬ පමණක් සවන් වැකුණා..

“අපි දිනලා රුකී..”

මං ඇස් වල කඳුලු පුරවගෙන ආයෙම විහාන්ව බදා ගත්තා…

අර මිණිය තවමත් දැවෙනවා.. අපි වැටිලා හිටපු තැනින් නැඟිටිලා වට පිටාව බැලුවා..

ඇවිදින මළමිනි සියල්ලම මුළු වෙරල පුරාම වැටිලා..

ඒ කියන්නේ ඇවිදින මළමිණී සියල්ලම ඉවරයි…

හිතේ තිබ්බ ලොකූ බරකින්, ලොකූ වේදනාවකින් නිදහස් වුණා වගේ..

මං වෙරළට ඇවිදන් ගිහින් අර විසි කරපු පොත අතට ගත්තා..

තවමත් ඇවිලෙන ගින්නට පොත විසිකරා..

ඉපදෙන සෑම කෙනෙක්ම මිය යා යුතුයි.. අමරණීයත්වය අපේ නාමය ලබා ගනීවි.. ඒත් ඒ අමරණීය බව ජීවිතයට එපා..

මහාචාර්යතුමා පරිවර්තනය කරලා තිබුන සියලුම විස්තර අඩංගු පොත ගිනි අරන් අළු වෙලා ගියා මගේ ඇස් ඉදිරියේම..

අපි වෙරළින් පිට වුණේ පාන්දර..

අර දරුවගේ මිණිය දැවී අළු වෙනතුරුම මමයි, විහානුයි වෙරළෙම හිටියා..

ගිනි මැලේ අස් කරලා අපි වෙරළින් ආවා.. ඒත් විහාන් ඇවිදින්න අමාරුවෙන්.. වැටුණ පාරට කකුලක් ඩැමේජ් වෙන්න ඇති.. මගේ දකුණු උරහිස අල්ලන්නවත් බෑ..

නමුත් මේ සියල්ල මතින් අපි මිනිස් ජීවිත ආරක්ශා කරා.. ඒ සතුට මැරෙන තුරුම ඇති…

තවත් දවස් දෙක තුනකින් මුළු ගාල්ල නගරයම නැවත යථා තත්වයට පත් වුණා..

සියළුම මිනී රජයෙන්ම භූමි දානේ කරලා අදාළ පවුල් වලට දැනුම් දුන්නා..

ලොව පුරාම භීතිට වපුරපු ඇවිදින මරණය එසේ නිමාවට පත් වුණා..

ඒත් තිරයෙන් එහා සිදු වුණු කිසිම දෙයක් ගැන විහානුයි මමයි ඇරෙන්න කිසිකෙනෙක් දන්නේ නෑ..

නමුත් වසර දෙකකට පසු ඇවිදින මරණය නමින් ඇත්තටම සිදු වූ සියල්ලම ඇතුළත් කරලා මං පොතක් ලිව්වා..

මේ එහි අවසන් වචන කිහිපයයි..

ඇවිදින මරණය මට ජීවිතය ගෙනාවා.. ගින්නෙන් මතු වුණ මාරයා සැබෑ ආදරය මට පෙන්වා ගින්නෙන්ම නික්ම ගියේය…

නිමි…

———————————————————————————————————————-

ඔන්න හොල්මන් ටික.. ඇවිදින මරණය අදින් අවසානයි.. නෆ් රාන් අයියේ.. මුල්ම ස්තූතිය ඔයාට.. කවදාවත් කවුරුවත් නොකියපු විදියේ නිර්මාණයක් බිහි වුණේ ඔයාගේ අභියෝගයටයි..

පේනවනේ.. කම්මැලි කෙල්ලෙක්ට පිස්සු හැදෙන අදහසක් ඔළුවට ආවම කළ හැකි දේ බොහොමයි..

මගේ කතාව ආසාවෙන් කියපු වචන වලින් මට දිරි ගැන්වීම් ගෙනාපු හැමදෙනාටම මගේ ආදරය..

ඉතින්.. මෙවන් වූ කිසිදින ඔබ නොකියු කතාවක් එක්ක ආයේ දවසක අඳුරු සෙවණල්ලක් මත හමුවේවී..

ආදරෙයි පැලෙන්න.. හැමදාමත් මං එක්කම ඉන්න..

අවසනය කියපු හැමෝම මගේ කතාව ගැන ඔයාලට දැනුන, හැඟුන හැමදේම මට කියන් යන්න.. ආසයි මං දැන ගන්න..

කවර් එක හදලා දුන්නු සහන් මල්ලිවත් ආදරෙන් මතක් කරනවා…

ඉතින් තවත් අඳුරු කතාවකින් හමුවෙමු..
බුදු සරණයි…!!

16 thoughts on “ඇවිදින මරණය | අවසාන මරණය | හොල්මන් කතා”

  1. කියවල තියන හොඳම කතා වලින් එකක්. තවත් මේ වගේ කතාවක් අරන් එන්න කියලා ගොඩාක් ආදරෙන් ආරාධනා කරනවා. අපි හැමෝම අලුත් කතාවක් ගේනකල් බලන් ඉන්නවා………❤️

    8
  2. ගොඩක් ආශාවෙන් කියවපු කතාවක්.වෙනස්ම කතාවක්.කතාව හොඳම හොඳයි.
    …….. හැමදාම කිව්වා වගේ අදත් කියන්නේ ඔයාගේ කතා වලට ගොඩක් ගොඩක් කැමති කෙනෙක් මං.කතාවක් නෙමෙයි නිකන් වචන ටිකක්, අකුරු ටිකක් ලිව්වා ත් ඔයා එකෙත් අමුතු අපුර්වත්වයක් තියෙනවා.ඔයාගෙ ඒ talent එකට මං ගොඩක් කැමතියි.
    …….. තවත් හොද නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි නංගියේ ඔයා ට.

    2
    1. අක්කෙ අක්කට අපේ කතා කොටස් දෙකක් වෙලා වගේ කොමෙන්ට් එකක්වත් දැක්කේ නෑ මම….

      2
  3. ගොඩක් ලස්සන කතාවක් වගේම වෙනස් දෙයක්… මං සුභපතනවා අක්කි ඔයාට… තවත් මේ වගේ වෙනස්ම කතවක් අරන් එන්න…

    2
  4. මුල ඉදලා comin නොදැම්මත් කතාව ආසාවෙන් බැලුවා… අන්තිම එකට අනිවාර්යෙන්ම දාන්න ඕනේ කියල හිතුනා මොකද ඇත්තටම සුපිරි.. ඇත්තටම මේ වගේ හොල්මන් කතා මං බැලුවේ කියෙව්වේ කතා අහුර ඇප් එකෙන් ඉතින් එකෙන් මමත් දෙයක් ඉගෙන ගත්තා ඒ මොකක්ද දන්නවද මටත් හිතුනා මේ වගේ හොල්මන් කතාවක් ලියන්න.. ඇත්තටම පට්ට ජයවේවා. theruwan saranai oyata

    2
  5. කතාව හරිම ලස්සනයි. ? මම කියවපු කතාවලින් ලස්සනම වෙනස්ම කතාවක්. ගොඩක් ආසාවෙන් කියෙව්වා.? තවත් ලස්සන වෙනස් විදිහෙ අලුත් කතාවක් අරගෙන එන්න. වැඩි වැඩියෙන් ලස්සන නිර්මාණ කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.? Good luck! ?

    2
  6. Hashini Navanjana.

    කතාව නම් පට්ට මාධවී අක්කේ….. ???? හැමදාම කමෙන්ට් කරන්න බැරි උනත් ගොඩක් වෙලාවට කමෙන්ට් කරා මං. කොටසක් දෙකක් වගේ තමයි මග ඇරුනේ.. ඒකත් එහෙම උනේ කතාව දෙන වෙලාව නිසා. සමහර දවස් වලට කලින්ම දොයියනවනේ… ? ?? මං කියවපු කතා වලින් ගොඩාක් බය හිතෙන ලස්සන කතාවක්. තවත් කතාවක් අරන් ඉක්මනින්ම එන්න ඕනි හොඳද ????
    බුදු සරණයි ???? ඔයාට
    ❤?❤?❤?❤?

    1
  7. Aththatama harima lassana kathavak meka.arambaya vagema avasanayath oya lassanata vagema thrasajanakava liyala thibuna.samahara avasthavala agath ekka seethala una baya hithila kathava kiyavagena yaddi.
    Ayema api venuven kathavak aran enna
    ??????????????

    1
  8. මන් හොල්මන් කතා කියවන්න කැමති නැති කෙනෙක්.. එත් මං හොල්මන් කතා කියවන්න ආස උනෙ කතා අහුර අහුරෙන්… මන් කියවපු ලස්සනම ගොඩක් සජිවි බවක් දැනුනු කතාවක් තමයි මෙ ඇවිදින මරණය හොල්මන් කතාව අක්කාගෙ…ඇත්තටම ගොඩක් ලස්සනයි… තව මෙ වගෙ කතාවක් අරන් එන්න අපිට කියවන්න…✍️✍️✍️?????? good luck…

    1
  9. අදයි මම ඇප් එකට ආපු පළවෙනි ම දවස.ඇවිත් මුලින්ම කියෙව්වෙ මේ කතාව ඇත්තමයි අක්කියෝ කතාව නම් මාරම ලස්සනයි. අක්කිට මම හදවතින් ම සුභ පතනව. දිගටම මේ වගේ සුපිරි හොල්මන් කතා අපි වෙනුවෙන් දායි කියල බලාපොරොත්තු වෙනවා.

    2
  10. Nirmani chethana

    පුදුම තරම් ලස්සන කතාවක්.. එක දිගටම කියවලා ඉවර කරා ??

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.