Katha Ahura

ඇවිදින මරණය| පස් වෙනි මරණය.| හොල්මන් කතා

4.1/5 - (11 votes)

පස් වෙනි මරණය..

——————————————————————————————————————————–

ඔව්.. ඒක සළකුණක්… මගේ හිත කිව්වෙම ඒක මේ ඇවිදින මළමිණී වලට මොකක් හරි සම්බන්දයක් ඇති කියලා…

මං හොයන් ගියේ විහාන්ව..

මං යද්දිත් විහාන් ඩොක්ටර්ස්ලත් එක්ක කතාවක්..

ඉතින් මං පැත්තකට වෙලා බලන් හිටියා කතාව ඉවර වෙනකම්.

“මාර අවුල. මේ සිද්දිය බීබීසී එකෙත් ගිහින්. දැනට මරණ විසි අටක් වෙලා අපි දැනුවත්ව..”

ඔහු කිව්වේ නලලට අතක් තියා ගෙන..

“ශික්..!! මේ කරුමේ වළක්වන්න ක්‍රමයක් නැති හැටි. ඩොක්ටස්ලටත් මේක මාර පුදුමයක්..”

ඔව්.. මේක මිනිස් සංහාරයක් බවට පත් වෙලා..

“මට අර මිනිය බලන්න යන්න පුළුවන්ද..?”

විහාන් මං දිහා බැලුවේ මූණම හකුලන්..

“ඒක නම් කරන්න බෑ.. තවමත් පර්යේශණ මට්ටමේනේ..”

හිත කිව්වේම විසඳුමක් තිබිය යුතුමයි කියලා.

එතකොටම තවත් ඇම්බුයලන්ස් එකක් ආවා.. මං හිතන්නේ තවත් ඇවිදින මළමිණී ප්‍රහාරයක්…

ඒ අස්සේ ඩූමා කෝල් කරනවා.

එන ආරංචි නම් හොඳ නෑ.. රටම කලබල වෙලාලු… ගාල්ල කොළඹ ප්‍රධාන පාරෙන් වාහන ඇතුළට ගන්නේ පරීක්ශා කරලලලු.. රජය තවමත් මේ ගැන කිසිම දෙයක් මීඩියා වලට දිලා නෑ..

ඩූමා කිව්ව විදියට නම් හෙට වෙද්දි මරණ සංඛ්‍යාව ඉහළ ගියොත් අනිවාර්යෙන් පාර වහවී.. ඊට කලින් මට කොළඹ එන්නලු..,

අනේ මංදා…

ආයෙම ඩූමාගෙන් කෝල් එකක්..

හබරාදුව ඇවිදින මළමිණී හබරාදුව ස්ටෑන්ඩ් එකේලු.

ඒක නම් හොඳ නිවුස් එකක්…

විහාන්ට කියනවද..?? නැද්ද..??

එක්කෝ ඕන නෑ..

කොහොමහරි යනවා..

මං හොස්පිටල් එකෙන් එළියට එද්දිම විහාන් මාව දැකලා මට කතා කරා. අන්තිමට එයත් එක්කම හබරාදුව එන්න මට සිද්ද වුණා..

වෙනදට මිනිස්සුන්ගෙන් පිරුන පාරවල් පවා අද පාළුයි. සමහර මිනිස්සු වාහන පාරේම නවත්තලා යන්න ගිහින්.

හබරාදුව ටවුමම හිස් වෙලා. කාත් කවුරුවත් නෑ වගේ.. ඒත් මිනී දෙකක් අපේ ඉස්සරහටම හම්බුනා..

ඒ මිනීවලත් බෙල්ලෙන් කෑල්ලක් නෑ..

ලේ ගිහින් ගිහින් මැරිලා තියෙන්නේ.. ඒ මිනිස්සුන්ගේ ඇස් වල මරණ බය, මරණීය වේදනාව හොඳටම පේනවා..

මූසල සොහොන් පිට්ටනියක් වෙලා..

ස්ටැන්ඩ් එක ඇතුළේ හැමතැනම මිනී…

බය නම් මදි නොකියන්න දැනෙනවා.. විහාන් බිම වැටිලා තිබ්බ යකඩ පොල්ලක් අතට ගත්තා..

ඇවිදින මළමීනියකින් ගැලවෙන්න අපිට යකඩ පොල්ලක් ඇත්ද..??

අමුතු සද්දයක් ඇහුණා..

පපුවත් ගැහෙනවා වේගයෙන්..

අපි සද්දේ ඇහිච්ච පැත්තට සද්ද නෑහෙන ගාණට ඇවිදන් ගියා..

තවත් මිනිහෙක්.. නෑ ඌ මළමිනියක්.. කොළ පාට ගිලිනු ඇස්.. බාගෙට රැලි වැටිච්ච හම.. බය නොහිතුනොත් පුදුමයි..

උඩට ගත්තු හුස්ම පහළට දාන්න මට තවත් තප්පරයක් යන්න ඇතී..

ඌ ඇවිද ගෙන ඉස්සරහට යනවා. ගොදුරක් හොයනවා වගේ..

මට අර සළකුණ බලා ගන්න ඕනි..

විහාන් එතනම නැවතුණත් මං ඉස්සරහට ඇවිදන් ගියා විහාන්වත් පාස් කරගෙන..

මගේ අවාසනාව.. මං හිටියේ බස් එකක් පිටිපස්සෙන් ඉස්සරහට යනගමන් අර මිනිය පස්සෙන්..

එකපාරටම බස් එකේ ඉස්සරහින් මං දිහාට කඩන් වැටුනේ මළමිනියක්..

මං කෑ ගහගෙන පස්සට වුණා..

විහාන් මං ගාවට දුවන් එද්දි මිනියගේ අවධානයට අපිට ලැබුනා.. හුස්ම හිර කරන් අහන් උන්නා කකුල අද්ද අද්ද මිනිය අපි දිහාට එනවා..

මං එකපාරටම විහාන්වත් ඇඳන් බස් එක යට රිංගුවා..

තොල් දෙක කට ඇතුළට දාන් හුස්ම ගන්න සද්දෙවත් නෑහෙන ගාණට උන්නා..

ඌ අපේ ඉස්සරහට ඇවිදන් ආවා.. තවත් අඩි 6ක් විතර ඉස්සරහට තියලා ස්ටැන්ඩ් එකට යන්න හැදුවේ..

හිතපුවත් නැති මොහොතක විහාන් යකඩ පොල්ල අමෝරා ගෙන බස් එක යටින් පැනල අරූගේ ඔළුවට ගැහුවා..

ඔව්… විහාන් නිර්භීතයි.. ඒත් පාර වැරදුනොත් මොකද කරන්නේ කියලා එයා හිතන්නේ නැතුව ඇති. මොකද ඒ පාර වැරදුණා..

මිනිය විහාන් දිහාට හැරුණා..

විහාන් ආයෙම යකඩ පොල්ලෙන් ගැහුවා. මේක තමයි චාන්ස් එක. මං සාක්කුවෙන් ෆෝන් එක අරන් අරූගේ බෙල්ලේ සයිඩ් එකෙන් ෆොටෝ එකක් ගත්තා…

මං දැකපු සළකුණ මේ මිනියගෙත් තියේ..

විහාන්ගේ දෙවෙනි පාරින් උගේ ඔළුවේ හිස් කබල බිඳී ගියා.. ඒත් ඌ ඉස්සරහටම එනවා..

යකඩ පොල්ලක් මදී..

මං බස් එකේ අනිත් පැත්තෙන් එළියට ගියා..

මගේ වෙලාවට මාළු කඩයක් ඉස්සරහම..

මාළු කඩයක් නම් අනිවා මාළු කපන ලොකූ පිහියක් තියෙන්නම ඕනි..

මං ලෑල්ල යට බැලුවා.. දෙයියනේ නෑ..

අරූගෙන් බේරෙන්න බෑ..

මං හොඳටම කලබල වෙලා..

මාළු ලෑල්ලට පොඩ්ඩක් එහාහින් වැටිලා තිබ්බ මාළු පිහිය දැක්කේ එවෙලේ..

මං ඒක අරන් යද්දි විහාන් බස් එකේ වහල උඩ.. අරූට නෑග ගන්න බැරුව අමුතු හඬකින් කෑ ගහනවා..

මං විහාන්ට කැත්ත පෙන්නුවා.. එයා අනිත් පැත්තෙන් බැහැලා මං ගාවට ඇවිත් කැත්ත අරන් ඌ ගාවට ගියා..

කැත්තෙන් දෙපාරක් කොටද්දිම අරූගේ ඔලුව බිම.

ඒත් තාමත් අරූ අර අමුතු සද්දේ කරනවා. මූ මැරිලත් ඔළුව කඳින් වෙන්වෙලත් මූ තාම ඉන්නේ මිනී මරන්න..

විහාන් ළඟ තිබ්බ බෑග් එකකට අර ලේ බේරෙන ඔළුව දාගත්තා.. කරාපිටියටයි, පොලිසියටයි කෝල් කරලා මේ වෙච්ච සිද්දිය කිව්වා..

“ඇම්බුයලන්ස් එක ඒවි.. මේ ඔක්කොම බොඩීස් ටික අරන් යයි..”

“මේ බලන්න..,”

මං අර මිනියේ ගත්තු ෆොටෝස් ටික පෙන්නුවා..

මං හිතපු සළකුණ ඒ විදියටම මේ මළමිණියගෙත් තිබ්බා..

“මේ බලන්න.. මේ සළකුණ කලින් මිනියගෙත් තිබ්බා. මුගෙත් තියෙනවා.”

“අහම්බයක් වෙන්න බැරිද..??”

“මේක ටැටූ එකක් නම්…”

“එක වගේ ටැටූ එකක් නෙවේ.. ඊටත් වඩා බලන්න.. ඒක තද රතු පාටයි.. හරියට කුණු ලේ පාටයි..”

“දැං ඔයා කියන්න හදන්නේ…??”

“මං කියන්නේ මේක සළකුණක්.. මේ ඔස්සේ ගියොත් මේ ඇවිදින මරණයට පිළියමක් හොයා ගන්න පුළුවන්.. ”

“මේ පිස්සුද.. ?? මේකට විද්‍යාත්මක හේතුවක් ඇති. ඔයාටත් විකාර..”

මං කියන්න හදපු දේ ගැනවත් හරියටම අහ ගන්නෙවත් නැතුව මටත් ගස්සන් දේව් ජිප් එකට නැග්ගා..

යුනිෆෝම් එක ගලවලා යන්න දෙන්න හිතයි හොම්බෙන් යන්න.. මං කියන්න හදපු දේ සම්පූර්නයෙන්ම අහලා ඔහොම කිව්වත් කමක් නෑ..

මං මටම රව රව ඒ පික් එක ඩූමාට යැව්වා.. හොයලා කියන්න කියලා මොනවාම හරි දෙයක්..

මාත් ගිහින් ජිප් එකට නැග්ගා තව ටිකක් වටපිටාව විපරම් කරලා…

මුන් නගරයක්ම බය කරලා.. මිනී තැන් තැන්වල…

“තවත් ඇවිදින මීනී 8ක් නැඟිටිලාලු.. සමහරවිට ඊට වැඩිය..”

දෙයියනේ… ජීවත් වෙලා පණ පිටින් හුස්ම ගන්න මිනිස්සුන්ගේ ඉරණම විසදෙන්නේ ඇවිදින මළමිණීද…???

එතකොටමයි ඩූමා ආයේ මැසේජ් එකක් දැම්මේ..

එයා මේ සළකුණ ගැන විස්තර හොයාගෙනලු.. ඔන්ලයින් එන්නලු..

මං පටස් ගාලා ඩේටා ඔන් කරා..

දෙයියනේ…!!! මගේ කට ඇරුණේ ඉබේටමයි….

——————————————————————————————————————-

ඔබේ නිදන ඇඳට ඉහළින් ඇවිදින මරණය කොළ ඇස් දල්වාගෙන බලන් ඇති ඔබ බිලි ගන්න..

ආදරෙයි පැලෙන්න.. මාත් එක්කම ඉන්න හැමදාම…

ඊළඟ මරණයෙන් හමුවෙමු…
බුදු සරණයි…!!

7 thoughts on “ඇවිදින මරණය| පස් වෙනි මරණය.| හොල්මන් කතා”

  1. ඔමත් බය කරනවද අනේ…

    කතාව නම් superb…. නියමට ලියලා තියෙනවා…

  2. Hashini Navanjana.

    අයියෝ දැන් ඉතිං ඇහැරෙන හැම වෙලාවකම ඇදට උඩින් සොම්බියෙක් ??? ඉන්නවා පෙනෙයි… ??? බයේ බෑ අප්පා.. ??? සුපිරියටම ලියනවා ඔයා… ????

    1. Hashini Navanjana.

      දැන් නම් කරාපිටිය හොස්පිටල් එකට හබරාදුව ස්ටෑන්ඩ් එකට යන්නත් බයයි වගේ…. ????
      ????

  3. ශ්‍රි සුබ වෙසක් මංගල්‍යක් වේවා මාධවි නංගියේ ඔයාට.හිනෙන්වත් සොම්බියෙක් නම් දකින්න එපා මොකද හරිම බයයි පිලිකුල් මටනම්.ඔයාගෙ කතාව කියවද්දී මැවිලා පේනවා.විශිෂ්ඨයි.all the best dear.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.