Katha Ahura

ඇවිදින මරණය | හයවන මරණය | හොල්මන් කතා

5/5 - (1 vote)

හයවන මරණය……….

————————————————————————————————————————

“ඕඕඕ… ගෝඩ්..!!! එහෙම වෙන්නේ කොහොමද…??”

ඩූමා මොනවද මේ එවලා තියෙන්නේ..??

මරණයේ සේනාව… !!! මොකක්ද ඒ..??

ජීවත් වෙන මිනිසුන් මරණය වෙත කැඳවා ජීවිතය සමඟ සටන් වැදීමට මිනිසෙකු විසින් අවදි කරන ලද සේනාව මරණයේ සේනාවයි..

දෙයියනේ…!! මේක අඳුරේ ශාපයක්.. හරියට යක්ශයාට කරන ආරධනාවක් වගේ… මේ ගැන මීට වඩා විස්තරයක් කොහේවත් සඳහන් වෙන්නේ නෑලු..

ඩූමා මේ කියන විස්තරය ඇත්ත නම්… අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ඇවිදින මරණයට…

එහෙම හිතද්දිත් මුළු ඇඟම සීතල වෙලා ගියා..

මේ මරණයේ සේනාව නවත්වන්නේ කොහොමද..?? මටත් නොදැනී ලොකූ සුසුමක් පිට වුණා…

“මොකද…??”

විහාන්ට මගේ සුසුමේ බර දැනෙන්න ඇති..

“මේ බලන්න.. මං අර පෙන්නුව සළකුණ ගැන විස්තර..”

මං විහාන්ට මගේ ෆෝන් එක දික් කරා.. ජිප් එක පාරේ අයිනකට නතර කරලා එයා ෆෝන් එකේ තිබ්බ විඅතර බැලුවා…

“මේ මොන විකාරයක්ද..?? අපේ ඩොක්ටර්ස්ලා මේකට බෙහෙතක් හොයා ගනී.. මරණයේ සේනාව.. කෙහෙළ්මළ තමයි…”

විහාන් මට ෆෝන් එක දුන්නේ නොරිස්සුම් වචන ටිකකුත් එක්ක..

“ඔන්න….!!!!”

විහාන්ගේ පැත්තේ ජනේලයෙන් එබුනේ ඇවිදින මළමිනියක්… විහාන්ගේ මූණට පහත් වෙලා බෙල්ල කඩා ගන්නයි හැදුවේ..

විහාන් කොයි තරම් දැඟලුවත් එයාට තනියම බේරෙන්න පුළුවන් කමක් නෑ.. ජීප් එක ඉස්සරහම තියලා තිබ්බ පිහිය අරන් මං විහාන්ගේ අතට දුන්නා..

විහාන්ගේ පාරේ සැරට කඳින් වෙන් වුණ හිස රෝල් වෙලා වැටුණේ මගේ ඔඩෙක්කුවට..

“ඒ…..”

නිකම්ම කෑ ගැහුනා මට…

මං පුදුම හිරිකිතයකින් මළ ඔළුව අරන් මගේ පැත්තේ ජනේලයෙන් එලියට වීසී කරා..

” මොන මඟුලකින් හරි මේ මළමිනී ටික මැරෙනවා නම් හොඳයි..”

අපි ආයේම ආවේ කරාපිටියේ හොස්පිටල් එකට.. ඒ එන අතරතුරදි අපි අතර එකම එක වචනයක්වත් හුවමාරු වුණේ නෑ..

මං ආවේ මරණයේ සේනාව ගැන හිත හිත.. මේක ඇත්තක් නම් අපිට මේ ඇවිදින මළමිණී නවත්වන්න ක්‍රමයක් නැති වෙනවා..

දෙයියනේ එහෙම වුණොත් සුන්දර ගාලු පුරවරය විතරක් නෙවෙයි ලංකාවටම මුළු ලෝකයටම ලොකූ ප්‍රශ්නයක් වෙයි..

දැනටමත් මිය ගිහින් ඉන්න ප්‍රමාණය ගණනය කරනවා..

අපි කරාපිටියට යද්දි කොළඹ විශේශ වෛද්‍ය කණ්ඩායමක් ඇවිත් මේ ගැන පර්යේශණ කරන්න.. නිසි විසඳුමක් දෙන්න..

මම පැත්තකින් ඉඳගෙන කල්පනා කරේ කොහොමද මේ දේවල් හොයා ගන්නේ කියලා..

මං පත්තරකාරියක්.. ඉව තියෙන්නම ඕන.. අපරාධ, දරුණු මංකොල්ලකෑම් රාශියක් ගැන පත්තරේට ලියන වචන මගින් පාඨකයාට සත්‍ය ලබා දෙන සමාජයේ වගකීමක් දරන කෙනෙක් මම.

ඉතින් මීට වඩා යමක් මට කරන්න පුළුවන් වෙන්නම ඕන..

සමහරවිට ඇවිදින මළමීණී බවට පත් වෙලා ඉන්න හැමෝටම පොදු මොනවා හරි සාධකයක් හොයා ගත්තොත් මට පුළුවන් වෙයි පොටක් අල්ල ගන්න..

ඒත් කොහොමද..? විහාන් මේ කිසිම දෙයක් විශ්වාස නොකරන නිසා එයා මට උදව් කරන එකක් නෑ..

එළියේ පර්යන්තයේ රැඳී හිටියා එයාලගේ පවුලේ අය.. එයාලගෙන් මොනවා හරි විස්තරයක් දැන ගැනීමේ බලපොරොත්තුවෙන් මාත් ඒ පැත්තට ගියා..

ඒ මිනිස්සුන්ගේ වැළපීම් හද උණු කරවන සුළුයි.. නොයෙක් නොයෙක් දේ කියමින් හැඬූ කඳුලින් පවසන සමහර දෑ තේරුම් ගන්න අමාරුයි….

“අනේ මගේ අක්කා.. මොකක්ද මේ වුණේ දෙයියනේ… පෙරේදත් මට යන්නම් නංගී කියාගෙන ගියේ.. අනේ අක්කේ… ”

“එදා අර පූජාව පූජාවට ගිහින් ඇවිල්ලත් හොඳට හිටියනේ.. අපේ ඔක්කොම ප්‍රශ්න ඉවර වෙයි කිව්වා.. අනේ දෙයියෝ.. දැන්නේ අපිට ප්‍රශ්න පටන් ගන්නේ… ”

මොකක්ද පූජාවක්…??

ඒ වචන ඇහෙද්දිම මට මතක් වුණේ අර සළකුණ..

මං එයාලා ළඟට ගිහින් හිත හැදෙන්න දුක බෙදා ගෙන අර කිව්ව පූජාව ගැන විස්තර ඇහුවා..

එයාලත් ලොකු දෙයක් ඒ ගැන දන්නේ නෑ. හැබැයි මහ රාත්‍රියේ මුහුදු වෙරළක තිබ්බ පූජාවක්ලු..

නිතර දෙවේලේ පත්තරම කියවන මට මුහුදු වෙරළේ තිබ්බ කිව්ව පූජාව නම් ටිකක් අවුල් වගේ..

මං තවත් අය එක්කත් මේ ගැන කතා කරා..

පුදුමයට කාරණාව නම් මළමීණි වෙච්ච අයගෙන් හුඟක් අය ඒ පූජාවට සම්බන්ද වූවන්.

ඒකේ මොනවා හරි සම්බන්දයක් තියෙන්නම ඕන.. ඒ පූජාව තිබ්බ මුහුදු වෙරළ ගැන හරියටම දැනන් ඉදියේ දෙන්නයි.,මොකද ඒ ස්ථානයට පූජාවට වාඩි වෙන කෙනා ඇරෙන්න කාටවත් ඉන්න බැරි නිසා…

ඩූමා කිව්ව විදියට මිනිහෙක් තමය්ජ් මරණයේ සේනාව අවදි කරලා මිනිස්සු අතරට ගෙනත් තියෙන්නේ..

එහෙනම් මේකද ඒ සිද්දිය…??

මං අර කිව්ව බීච් එක හොයන් ය්න්න ඕනි..

කෝකටත් කියලා පිහිය අරන් මගේ බෑග් එකට දා ගත්තා..

පාරේ එළියේ තැන් තැන්වල ඔහේ දාලා ගිහින් තියපු කාර් එකක් අරන් ඒක ඇතුළට නැග්ගා..

යතුරත් අමතක කරලා බයේම දුවලා වගේ..

මං කාර් එක ස්ටාර්ට් කරන් මුහුදු වෙරළ හොයන් යන්න ගත්තා..

දඩැල්ල කනත්ත ඉස්සරහ තියෙන මුහුදු වෙරළ..

ලොකූ මතකයක් නොතිබුණත් මං ගාල්ල කොළඹ පාර දිගේ කාර් එක අරන් ගියා..

පාරවල් නම් මඟ දිගට පාළු වෙලා.. සමහරතැන් වල මැරුණ මිනිස්සු..

උතුරා ගලන ලේ වළවල්.. මිනිස්සුන්ගේ මස් වැදිලි…

මිහිපිට අපායක් වගේ… වෙනදට හිනා පිරුණු මූණු එක්ක කාර්යබහුල වෙන ජීවීත අද නෑ..

දඩැල්ල කනත්ත නම් හොයා ගත්තා.. ඒත් කෝ මුහුදු වෙරළ..

මං කනත්ත ඉස්සරහ කාර් එක නවත්තලා මුහුදු වෙරළට ගියා..

හිතපු තරම් කිසි වෙනසක් මුහුදු වෙරළේ නෑ..

මං දිගටම ඇවිද ගෙන ගියා.. බෑග් එක ඇතුළේ තිබ්බ පිහිය ආරක්ශිතද කියලා නිතර නිතර පරීක්ශා කරමින් මං ඉදිරියටම ගියා..

මං දැක්කා ඈත් වෙරළේ කොණේ මොනවමහරි දෙයක්.. මං ඒ පැත්තට ඇවිද ගෙන ගියා..

අඳුර වැටෙන්න තව ඇත්තේ ටික වෙලාවක්.. මළ හිරු හෙමින් බැස යනවා…

වැටකෙයියා පඳුරු පහු කරන් මං එතනට ගියා..

නිවිච්ච ගිනි මැලයක් ළඟ කවුරුහරි වාඩි වෙලා ඉන්නවා වගේ..

එතනට ළං වෙද්දි මං දැක්කා අමුතු අමුතු සළකුණු වගයක් බිම ඇඳලා තියෙනවා..

මගේ හිත පුරාම මූසල අඳුරක් පැතිරිලා වගේ..

මං තව ටිකක් ළං වුණා..

එකපාරටම වැටකෙයියා පඳුරු අස්සෙන් මගේ ඇඟට මොකක්ද වැටුණා..

ඇවිදින මළමිණියක්..

කටේ කෙළත් හිඳුනා..

ඊළඟ තප්පරේ උගේ ගොදුර මං..

බය වෙච්ච පාර මාව අඩියක් පස්සට තිබ්බා.. වැල්ලේට සෙරෙප්පු දාන් හුරු නැති හන්දා මාව බැලන්ස් නැතුව වැටුණා..

අර මිණියත් මගේ ඇඟට පැනලා බෙල්ලෙන් කුට්ටියක් කඩලා ගන්නයි හැදුවේ..

මං දඟලලා දඟලලා මං ඌව තල්ලු කරලා දැම්මා..

උගේ ඇඟ උඩට නැගලා බෑග් එකේ තිබ්බ පිහිය අරන්. උගේ බෙල්ලටයි ඔළුවටයි ඇන ගෙන ඇන ගෙන ගියා..

ඌ නිසල වුණාම මාත් එහෙමම ඉඳගෙන හති ඇරියා…

දෙයියනේ… මිණියක් මරන්න තරම් නිර්භීත වෙලා මං..

හති ඇර ඇරම මං නැඟිටිලා අර මිනිහා ගාවට ගියා..

ගිනි මැලේ දිහා බලන් භාවනා කරනවද මන්දා මං මෙත ජීවීතේට සටන් කරද්දී..

“මේ මිස්ටර්…”

මං කතා කරත් ඔහුගේ කිසි වෙනසක් තිබ්බේ නෑ.. දෙවෙනි පාරත් කතා කරලා තින්වෙනි පාර කතා කරද්දි ඒ මනුස්සයගේ උරහිසට හෙමින් ඇල්ලුවා…

දෙයියනේ… ඒ මනුස්සයා ඔහේ බිමට වැටුණා…

—————————————————————————————————————–

මේක සොම්බිම කතාවක් කියල කියපු අයට විශේශයෙන්ම කියනවා මේ මාධවී වෙනස් හොඳේ…

ආදරෙයි පැලෙන්න.. හැමදාමත් මාත් එක්කම ඉන්න..

ඊළග මරණායෙන් හාමුවෙමු..
බුදු සරණයි…!!!

5 thoughts on “ඇවිදින මරණය | හයවන මරණය | හොල්මන් කතා”

  1. zombie නෙමෙයි කියලනම් දැන් හිතෙනවා. කතාවනම් ලස්සනයි ගොඩාක්ක්ක්……………❤️

    2
  2. Ranmali subasinghe

    මටනම් පුදුම බයක් තියෙන්නේ… ???

    ඇත්තටම මේ වගේ දෙයක් උනොත් එහෙම.. අම්මෝ……. ??????????????

  3. සොම්බි නෙවෙයි නේද… මෙතන තියෙන්නෙ වෙන සීන් කෝන් එකක්…. කතවනම් superb…

  4. Hashini Navanjana.

    දැන් නම් මටත් හිතෙනවා සොම්බි නෙවෙයි කියලා… ??? පුදුම බයයි අප්පා… ? ? ? ඇග හිරි වැටෙනවා කියවන් යද්දි… පූජාවෙ මොකක් හරි වැරදීමක් සිද්ද වෙලා මෙහෙම දෙයක් වෙලා වත්ද… ඒකෙන් අර පූජාව කරපු මනුස්සයත් මැරුනද දන්නෑ… අනේ මංදා අප්පා… ඒ ගැන හිතුවොත් පිස්සු හැදෙයී ??? ඒ නිසා ඔයාම කියනකන් බලන් ඉන්නම්කෝ… ☺️☺️☺️

  5. කතාව superb නංගියේ.අපිත් ආදරෙයි පැලෙන්න ok.තව ගොඩක් කතා ඔනී.all the best.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.