සදුද දවසෙ මාලිකා උදෙන්ම නැගිට්ටෙ වෙනද වගේ අමුතු හැගීමක් එක්ක නෙවෙයි. මාලිකා ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ වගේම ආයෙම සතුටින් ඉදියෙ. උදේ පාන්දර කුකුල්ලු හඩලන වෙලාවෙ නැගිට්ටත් නිදිමතක් තිබුනෙම නෑ වගේ. ටික වෙලාවකට පස්සෙ මාලිකා කාමරෙන් එලියට ආවෙ අලුත් රැකියාවට යන්න ලෑස්ති වෙලා. අම්මයි තාත්තයි මාලිකා දිහා බලල මූනෙන් මූන බලාගත්තෙ මෙච්චර ලස්සන් දුවක් ඇත්තටම අපිට හිටියද කියන්න වගේ. මාලිකාව කෝච්චියට දාන්න තාත්තයි ලොකු අයියයි දෙන්නම ස්ටේශන් එකට ආව. තවත් ටික වෙලාවකින් සද්දෙ දාගෙන කොලඹ යන්න පිටත් වෙන දුම්‍රියෙ මාලිකා තනි උනා. තාමත් එලිය වැටිල නෑ. උදේ හතරෙ කෝච්චියෙ පිටත් උනාම කොලඹට යන්න පැය තුන හතරක් යනව. ඉතින් මාලිකා දුම්‍රිය මැදිරියෙ මලානික එලිය අස්සෙන් ජනේලෙ කොනට ඔලුව තියාගෙන නිදාගන්න උත්සාහ කලා. ඒත් එයාට නින්ද ගියේ නෑ. මාලිකාට පාලුවක් දැනුන. එයා ෆෝන් එක අතට අරන් නාලකට කෝල් එකක් ගත්ත.
ටික වෙලාවක් ඩයල් වෙනව ඇහුන. මාලිකාට මතක් උනේ වෙලාව හතරට විතර ඇති කියල. නාලක ගොරව ගොරව නිදි ඇති. ටික වෙලාවක් ගියා… ම්හ්හ්හ්…………. ප්‍රතිචාරයක් නෑ. දෙවැනි පාරත් නාලකට කෝල් කලා.
රින්ග්ස් යනවා……..
“හෙලෝ”
“හෙලෝ නාලක” මාලිකා සතුටින් කතා කලා.
“කව්ද ඔය?” නාලකගෙ කටහඩේ නිදිමත බේරෙනවා.
“මේ මම මැට්ටෝ”
“ආහ් මාලි, මොකද මේ මහ රෑ?”
“කම්මැලියා. තාම නිදිද? දැන් පාන්දර හතරයි කාලයි. මම ඔෆිස් එනව”
“මොන ඔෆිස්ද?”
“අනෙ නාලක ඔය නිදිමත් නම් නිදා ගන්න. මම ඇවිල්ලම කතා කරන්නම්කෝ”
“නෑ නෑ මාලි…. විහිලුවක් කලේ කියන්න ඉතින්”
ඔන්න මාලිකාට සුදුසු වචනෙ ලැබුනා. කොහොම හරි කෝච්චිය කොලඹට ලන් වෙනකොට තමා මාලිකා ෆෝන් එක තිබ්බේ.
කොටුව ස්ටේශන් එකෙන් බැහැල මාලිකා කෙලින්ම බස් එකක නැගල ගියේ ඔෆිස් එකට. වෙලාව අටට විතර ඇති. මාලිකා ඔෆිස් එකට ඇතුල් වෙලා තමන්ගෙ අපොයින්මන්ට් ලෙටර් එක පිලිගැනීමේ නිලදාරිනියට පෙන්නුව.
“මිස්… කරුනාකරල කියනවද මම කොහෙටද යන්න ඕන?”
“අහ්! මිස් නේද නාලක සර්ගෙ අලුත් සෙකට්‍රි?”
“ඔව් ඔව්”
“එන්න මිස් මා එක්ක. මම පෙන්නන්නම් මිස්ගෙ වර්ක්ප්ලේස් එක”
මාලිකා පිලිගැනීමේ නිලදාරිණිය පස්සෙන් වැටුන. අන්තිමේ එයාල නතර උනේ හතර වැනි තට්ටුවෙ. සාගරයක් වගේ ඔෆිස් රූම් එකක් මැද්දෙ.
“මෙන්න මේකයි මිස් ඔයාගෙ තැන. තාම සර්ගෙ ස්ටාෆ් එකේ කවුරුත් නම් ඇවිත් නෑ.”
“හොදයි තෑන්ක්ස්”
“මිස්ගෙ නම මොකක්ද?”
“මම මාලිකා”
“මම රෝශිනී. සතුටුයි අදුරගන්න ලැබුන එකට මිස්.”
මාලිකා එයා එක්ක හිනාවෙලා අතට අත දුන්න.
“එහෙනම් මිස් මම යනව පහළට. අනිත් අය ඉක්මනට ඒවි”
“හොදයි”
මාලිකා තමන්ට වෙන් වෙච්ච තැන සීට් එකේ ඉද ගත්ත. තමන්ගෙ සීට් එකට අමතරව ඉස්සරහින් තවත් සීට් දෙකක් තිබුන. ඒව තිබුනෙ අනිත් අයට වෙන්න ඇති කියල මාලිකා වැඩි කලබලයක් නොපෙන්වා වටපිට බලන්න පටන් ගත්ත.
“ගුඩ් මෝනින්”
කව්දෝ කියනව ඇහුන. තමන් ඉස්සරහ හිටන් උන්න වලහෙක් වගේ ගෑනු කෙනෙක් දැකල මාලිකා ටිකක් තිගැස්සුනා.
“ඔහ්! ගුඩ් මෝනින්”
“මිස් බය උනේ නෑ නේද?” එයා කිව්වෙ මාලිකා දිහා බලල.
“මම සාගරී. මෙතැන ෆිනෑන්ශියල් සෙකට්‍රි”
“සතුටුයි අදුරගන්න ලැබීම”
“ඔයා මිස් මාලිකා නේද? හොදයි අලුතින් නේ ආවේ? ”
“ඔව් මිස්.” මාලිකා යටහත් පහත්ව කිව්ව.
“හ්ම්ම්ම්ම්ම්” කියපු ඒ ගෑනු කෙනා. එයාගෙ පුටුවෙ ඉදගෙන මොකක්දෝ පොතක් ඇදල ගත්තා.
“මිස් මාලිකා, ඔයා ඇටෙන්ඩන්ස් අත්සන් කරල නෑ නේද? හ්ම්ම් ඇවිත් අත්සන් කරන්න මෙතැන”
මාලිකා බයෙන් වගේ ගිහින් සයින් කලා.
“මීට කලින් කොහෙද වැඩ කලේ?”
“මේ පලවෙනි ජොබ් එක මිස්”
“එක්ස්පීරියන්ස් නෑද?”
“නෑ මිස්”
“හ්ම්ම් ඒත් ඔයා සර්ගෙ සෙකට්‍රි නේ. ඒකට එක්ස්පීරියන්ස් ඕන නෑ. සර්ගෙ වැඩ වලට උදව් කරල. ඒව ඔක්කොම ශෙඩියුල් කරන්න ඕන. වෙලාවට වැඩ. තේරුනා ද?”
එයා කිව්වෙ ඇගිල්ලත් උරුක් කරල ඉස්කෝලෙ ගුරුතුමියක් වාගෙ. මාලිකා බය උනා.
“හොදයි මිස්”
“හයියෝ මොකද ළමයෝ බය වෙලා වගේ!” එයා ඒ පාර කිව්වෙ අම්ම කෙනෙක් වගේ.
“ඔහොම බය වෙන්න එපා. ඔය කලබල ගතිය ටික දවසකින් නැති වෙයි”
මාලිකා ඔලුව වැනුව.
“ආ ඔය එන්නෙ නිර්මාල්. එයා තමයි මෙහෙ මීඩියා මැනේජර්. එයාටත් බය වෙන්න නම් එපා”
එතනට ආවෙ මැදිවියේ පිරිමි කෙනෙක්. ඈත තියාම එයා සුබ උදෑසනක් පැතුව.
“මේ කව්ද සාගරී මිස්? හ්ම්ම්?”
එයා ඇහුවෙ අර ගෑනු කෙනා ගෙන්.
“ආ… මේ ඉන්නෙ මිස් මාලිකා. සර්ගෙ අලුත් සෙකට්‍රි”
“ආහා චීෆ් සෙකට්‍රි නේද? මට කිව්ව සර්”
“ඔව් සර්” මාලිකා හෙමිහිට කෙදිරුවා.
“හයියෝ තාම ඔයා පුංචි කෙල්ලෙක්නේ කීයද වයස?”
එයා හිනා උනා. නරුම හිනාවක් නෙවෙයි. හොද අවංක හිනාවක්. ඒ නිසා උත්තර දෙන්න මාලිකා බය උනේ නෑ.
“විසි තුනයි සර්”
“මම කිව්වෙ”
තුන් දෙනාම හිනා උනා.
තමන්ට මෙතැන කිසිම කරදරයක් නැති බව දැනුන මාලිකාත් ඒ අය එක්ක සුහදව හිනා උනා. කතා කලා. වැඩ පටන් ගන්න්ත් කලින් එකට වැඩ කරන අය මාලිකා ගැන ගොඩක් පැහැදුනේ එයාගෙ කතා බහ නිසා
——————————————————————————–
ඉතිරිය දිනපතා උදෑසන 10ට