Katha Ahura

එකමත් එක දවසක | අවසන් දිගහැරුම | නවකතාව | කතා අහුර

4.2/5 - (41 votes)

අවසන් දිගහැරුම

දෙවරක් නොසිතාම නීශා සමීර්ට තුරුලු උනා.සමීරුත් ඇයව තදින් තෙරපා ගත්තෙ මහ රෑ සීතල වැස්සත් එක්ක අවදි උනු උනුසුම් හැගීම් සමුදායක් එක්ක.

“මං කලුවරට බයයි සමීර්….අනේ .. ” නීශා සත්‍ය පැවසුවා.සමීර්ට හිත යටින් සිනහ පහල උනා.

“ඉන්න එහෙනම් බලන්න…” ඇයව මදක් ඈත් කරමින් ඔහු ගිනිපෙට්ටිය සාක්කුවෙන් අතට ගත්තා.ගිනි කූරක් දල්වා වට පිට බැලූ ඔහුට දැකගන්න පුලුවන් උනේ යහන මත්තෙන් තිබූ දිරාගිය ලී මේසෙ උඩ හිටවලා තිබ්බ අඩක් දැල්ව් ඉවර වී ගිය ඉටිපන්දමක් .

“මේ තියෙන්නෙ..”හනිකට එහි ගිය සමීර් ඒ ඉටිපන්දම පත්තු කලා.මලානික ආලෝකයක් ගේ පුරා විහිදුනා.ඇගටම ඇලුනු ඇදුමින් ඔහු ඇගේ සොදුරු කාන්තා ලාලිත්‍යයන් රස වින්දා.

නීශාටනම් මේ නිවස,මලානික ආලෝකය ,කවුලු තුලින් පැමිනෙන සීතල සුලග ගෙන ආවෙ මුසල හැගීම්.මරනයේ දොරටුව අත ලගද.ඊට පෙර ඔහු හා එක්විය හැකි නම්.

එක්වරම කෙටූ විදුලියට බිය වී නීශා නැවතත් සමීර්ව බදාගත්තා .
.”මොකෝ…බයද….බය නැති කරන්න ක්‍රමයක් තියෙනවා.. .” ඔහු කිව්වෙ ඇගේ වුවන ඔහු දෙසට හරවමින් .නීශාගේ මුහුණ ලැජ්ජාවෙන් බර උනා.නමුත් ඇගේ දෑස් ආශාවෙන් මත් උනා.ඒ තරු දෑස් වල ලියවී ඇති කතාව සමීර්ට තේරුනා.සමීර් නීශාව හරහට වඩාගෙන යහන මතින් තිබ්බෙ ඔහුත් ඇගේ අනිත් පැත්තෙන් ඇලවෙමින්.ඒ සුන්දර වත දිහා බලා උන්න සමීර්ගෙ දැහැන බින්දෙ නීශා.

“සමීර්…..මට කිස් එකක් දෙන්න……” නීශා ඔහුගේ ගෙල වටා දෑත් යවමින් කිව්වා.ඇයට මහ අමුතු බයක් දැනුනෙ .හරියට ඇයට ඉක්මනින්ම ඔහුව දාලා යන්න වෙයි වගේ මූසල හැගීමක් දැනුනෙ.සමීර්ට සිනහ නැගුනෙ ලාබාල මේ යුවතියගේ හදිස්සිය දැකලා.ඔහු කෙසේ නම් ඇය සිතන දේ දැනගන්නද .ඔහුට ඇගේ බිය නොතේරේ .

සමීර් ඇගේ දෙතොලට ඔහුගෙ දෙතොල් යා කලා.බොහෝ වේලාවක් ඔහු ඇගේ දෙතොල් පෙතිවල මිහිර වින්දා.මුලින් මුලින් ඇගෙන් අනුබලයක් ලැබුනත් ක්‍රමයෙන් එය නැති වි යද්දි ඔහු ඇයගෙන් ඉවත් උනේ ඔහුගේ සිපීමෙන් ඈ වේදනාවට පත් උනිදැයි සිතමින්.අඩ ආලෝකයෙන් ඔහු දැක්කෙ දෙතොලෙහි මද සිනහ ඇතිව ඇය දෑස් පියා සිටින සෙයකි.ඇගේ නෙත් අග කදුලු බිදු එකතු වී තිබුනි.

” නිශා….”
නමුත් ඇයගෙන් කිසි ප්‍රතිචාරයක් නැත.සිරුර දරදඬු වී ඇත.

“නීශා..දැන් ඇස් අරින්න මැනික…..” සමීර් ටිකක් කලබල උනා.ඇගෙන් කිසිදු හැලහොල්මනක් නැති තැන ඔහු ඇගේ පපුවට කන තිබ්බ.දෙවියනේ ….ඇගේ හදගැස්ම නතර වී ඇත.හුස්ම වැටෙන්නෙවත් නාඩි වැටෙන්නෙවත් නැත්.ඔහුගේ උනුසුම් දෙතොල් අතරෙදි ඇගේ අවසන් හුස්ම ගොස් ඇත .නමුත් ඇය මියගොස් ඇත්තේ සතුටිනි.ඒ බව ඇගේ දෙතොලෙහි රැදි මදහස කියාපායි.

“නීශා ..නීශා..නැගිටින්නකෝ මැනික..අනේ…නැගිටින්න රත්තරං …ඔයා සෙල්ලං කරනවද….කෝ..කෝ…නැගිටින්න…” සමිර් පිස්සුවෙන් වගේ ඇයව අතපත ගාමින් කෑගසයි.

“ඉන්න…මං කාවහරි හොයාගෙන එන්නං….” ඔහු ඇගේ මල කදට එසේ කියමින් හනික යහනින් බැස නිවසින් පිට උනේ මහ වැස්සෙම කවුරුහරි හොයාගෙන එන්න.ඒත් ඔහුගේ උත්සාහය සාර්ථක උනේ නෑ.මහ වැස්සෙ වෙරල සමීපයේ කිසි මනුස්සයෙක් නැත.ඔහු නැවතත් පාලු නිවසට ගියේ නීශා තනියම යැයි සිතමින්.ඒ සිත ඇය මියගොස් බව පිලිගන්නේ නැත .තෙමි තෙමි නිවසට ගිය ඔහු තවමත් දෑස් පියා සිටින සුරංගනාවිය අසලින් ඇල උනා.

“කාවවත් හොයාගන්න බැරි උනා රත්තරං …ඔයාට සීතලයි කිව්ව නේද…එන්න….ඔය තෙත ඇදුම් ඇදන් ඉන්න හොද නෑ.මේ බලන්නකො…මමත් හොදටම තෙමුනා….” ඔහු පිස්සුවෙන් වගේ ඇගේ ඇදුම් උනා දැම්මා.ඒ සිරුර දැක්කයි කියලා ඔහුට ඇය ගැන රාග සිතක් පහල උනේ නෑ.ඔහුගේත් හැද හුන් තෙමුනු ඇදුම් ඉවත් කරලා නිරුවත් පිටම නීශාගෙ නිරුවත් මල කද ආදරයෙන් තුරුලු කරගත්තෙ ඇයට ආදරයේ උනුසුම ලැබ දෙන්න.ඒත් ඇගේ සීතල මියගිය සිරුරට සමීර්ගේ ආදරයේ උනුසුම නම් දැනුනෙ නෑ.

මේ හැමදෙයක්ම පැත්තකට වෙලා බලා උන්නු තව කෙනෙක් හිටියා.ඒ තමයි නීශාගෙ ආත්මය.

දවස් දෙකක් ගෙවුනු තැන වැල්ලේ සෙල්ලම් කරමින් සිටි තරුනයන් කිහිප දෙනෙකුට පාලු නිවස අසලින් අමුතු කුනු ගදන් දැනී ඒ සමීපයට ගොස් විපරම් කලා.

“අඩො….මේ ගේ ඇතුලෙන් එන්නෙ…මිනියක් වත් මරලා දාලද දන්නෑ…” එසේ කියමින් ඔවුන් නිවසේ දොර විවර කලේ .ඔවුන් දුටු දෙයින් සැවොම ගල් ගැසුනා සේ උනා.කෙල්ලෙක් සහ කොල්ලෙක් නිරුවතින් එකිනෙකාට තුරුල්ව අවසන් ගමන් ගොස් ඇත.සැවොමගේම නෙත් කදුලින් පිරුනෙ ඒ දර්ශනය දැකලා.
ඔව්.එදා රාත්‍රියෙදිම සමීරුත් නීශාගෙ මල කද බදාගෙන අවසන් ගමන් ගිහින් තිබ්බා.එක දවසක එක බැල්මකින් ඇති උන සංසාරගත ආදර බන්දනයක් මෙසේ අවසන් උනා.ජීවත්ව ඉන්දැද්දි එක් වෙන්න බැරි උනත් මරනෙන් මතුව ඔවුන්ගේ ආත්ම එකට එක් වී ආදරයෙන් සිටින බව නම් නොඅනුමානයි .

නිමි

මෙච්චර කල් මාත් එක්ක හිටියට හැමෝටම ස්තූතියි .?

M.A.Rashmi

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.