Katha Ahura

ලේ | 06 කොටස | හොල්මන් කතා

3.5/5 - (16 votes)

06 කොටස

තවමත් කලින් දල්වපු ඉටිපන්දම දැල්වෙමින් තිබ්බා.ඒකත් අතට අරගෙන මම කාමරේ දොර ඇරගෙන ගියේ මේ විලාප හඩ ආවේ කොහෙන්ද කියලා හොයාගන්න අදහසින්…..

” ආහ්…..අම්මෝ….එපා……..”

තවවරක් අර විලාප හඩ ඇහුනා.මගේ බිය දෙගුන තෙගුන වුනා…..මට දැන්නම් හොදටම විශ්වසයි ඒ හඩඇහෙන්නේ පොලව මට්ටමේන් පහලින්කියලා.

“කවුද මෙහෙම කෑ ගහන්නේ…..නිශා කිව්වේඒ ගෙදර ඉන්නේ එයයි මාකසුයි විතරක් කියලනේ…..”

මම එහෙම හිතද්දීමයි මගේ පිටිපස්සෙන් අඩි හඩක් ඇහුනේ……….මම හොදටම බයවෙලා පිටිපස්ස හැරිලා බලද්දී මම දැක්කේ ලන්තෑරුම අතට අරන් ඉන්න මාකස්ව.

“මහත්තයා මොනවද මේ රෑ කරන්නේ…….මම කිව්වේ කාමරේ ඇතුලට ම වෙලා ඉන්න කියලා නේද”

මාකස්ගේ කටහඩේ කිසිම සුහද බවක් තිබ්බේ නෑ…

“මාකස් මට ඇහුනා මේ ගේ ඇතුලෙන් කවුරු හරි විලාප තියනවා…..හරිම බයහිතෙන විලාප හඩක් ඒක…”

“විලාප හඩක්……ඒකනම් නම් වෙන්න බෑ….මහත්තයට හීනයක් පේන්න ඇතී……”

” නෑ නෑ ඒක හීනයක් වෙන්නනම් බෑ……..”

මම කිව්වේ තිර හඩකින්….

“මහත්තයා දැන් ගිහිල්ලා නිදා ගන්න..මහත්තයා මම දුන්න කෝපි කෝප්පය බිව්වද ,රසද දන්නෙත් නෑ……මම හදිසියේ හැදුවේ…”

මාකස් කතාව එකපාරටම වෙනස් පැත්තකට හැරෙව්වා.

“රසයී……..”

මම බොරුවක් කිව්වා……ඒත් මාකස් මම දිහා බලන් හිටියේ ඒ කිව්ව දේ විශ්වාස කරන්න බෑ වගේ බැල්මකින්.

” මහත්තයට මම තව කෝපි එකක් හදාගෙන එන්නද……”

“එපා….එපා….මාකස් කරදර වෙන්න එපා…..මම ආපහු ගිහින් නිදා ගන්නම්………”

මම ඒ දේ කියද්දීම විශල යමක් මහේ ඇගේ හැප්පුනා….

“ක්රී……ස් ක්රීස්………….”

ඒ වවුලෙක් කියල මට අදුරගන්ණ වැඩි වෙලාවක් ගියේ නෑ. .

“හරියට වවුල්ලු ඉන්නව මහත්තයා….ලොකු ගෙයක්නේ පාලුවට ගිහින් වගේ තියෙන්නේ…මමයි නෝනයි විතරනේ ඉන්නේ….”

මාකස් කිව්වේ මගේ හිත අදුරගෙන වගේ.

ඊට පස්සේ අර විලාප හඩ ඇහුනේ නෑ . මාකස්ට ඒ හඩ ඇහුනේ නෑ කිව්වම මම පුදුම වුනා….මාකස් කියන්නේ බොරුවක්ද ,මොනව වුනත් මට හිතුනේම මාකස් කිව්වේ බොරුවක් කියලමයි.

“හෙට උදෙන්ම මේ පාලු බංගලාවෙන් පිටවෙලා යන්න ඕනා……”

සිතිවිල්ලෙන් මම මාකස්ට සමුදීලා ආපහු මම හිටපු කාමරේටම ඇවිල්ලා නිදා ගත්තා.

** පහුවදා උදේයි මම නිශාගේ නිවස හරියටම දැක්කේ…..ඒක විශාල පරන බංගලාවක්. ඒ පරන බවට ගැලපෙන්නම දැව භාන්ඩත් තිබ්බා. මම හිතපු හැටියට ඒ නිවසේ කාමරම දහයකට වැඩිය තිබ්බා..ඒ හැම කාමරයක්ම තිබ්බේ වහලා.

බංගලාව ඉස්සරහ මිදුලකුත් තිබ්බා….ඒ මිදුලේ අමුතුම ආකාරයේ මම ක්ලින් දැකල නැති විශල කදක් තිබ්බ් ගහක් තිබ්බා…..මිදුල වටේටම තිබ්බේ අර යකිනි කැලේ….

උදේ මම නැගිට්ටා නැගිට්ට්මයි නිශානම් ඇහටවත් දැක්කේ නෑ….ඒත් මාකස්නම් ගෙ ඇතුලේ එහාට මෙහාට යමින් එක එක වැඩ කරමින් හිටියා.

“කෝ මාකස් ,නෝනා……”

මම ඇහුවේ බැරිම තැන.

“ආ මහත්තයා ,නෝන උදේම ගමනක් ගියානේ….”

“ගමනක් ගියා ඒ කොහෙද…..අපරාදෙනෙ මටත් ඒ එක්ක යන්න තිබ්බා…..”

මම කිව්වා….ඊයේ අරුන්ගේන් කාපු පාරවල්වල සැර දැන් දැන් වැඩිවෙමින් තියෙනවා ඇත්ත…ඒත් මට ඕනාවුනේ හැකි ඉක්මනින් මේ නිවසින් පිටවෙලා යන්නයි.

“මහත්තයා නෝන ගියේ හදිසි වැඩකට ,මගේ හිතේ එනකොට රෑ වෙයි…..”

” රෑ වෙනවා…..එතකොට මම යන්නේ….”

මට දැනුනේ නොසන්සුන් බවක්.

” ආ මහත්තයට කියන්න දෙයක් අමතක වුනා….නෝන යන්න කලියෙන් මෙන්න මේ ලියුම මහත්තයට දෙන්න කිව්වා……”

කියන ගමන්ම මාකස් ඔහුගේ සරමේ ගසාගෙන හිටපු කඩදාසි කොලයක් මා දිහාට පෑවා.

“ලියුමක් කෝ බලන්න……”

හතරට පහට නමලා තිබ්බා කොලය මම දිග හැරියේ කුතුහලයෙන් .

” දිලංක…..මට හදිසි ගමනක් යන්න වෙලා…මට ඒක ඊයේ රෑ ඔයාට කියන්න අමතක වුනා……මම එද්දී ටිකක් රැ වෙනවා…..ඔයාඅද මෙහෙ ඉන්න….මම මාකස්ට කිව්වා ඔයාට හොදින් සලකන්න කියලත්……මම ආවට පස්සේ කතා කරන දෙයක් කතා කරමු නේද….කොහෙවත් යන්න හදන්නත් එපා….ඔයා අතරමන් වෙන්න පුලුවන් . ඒ හින්දා ගේ ඇතුලට වෙලාම ඉන්න……..මම නිශා…….”

ලියුමේ තිබුනේ එයයි.

ඉක්මනින් ඒ පාලු නිවසෙන් පිටවෙලා යන්න තිබ්බ අදහස ඒ ලියුම කියවද්දීම උපන් ගේම මැරුනා.කරන්න කිසිම දෙයක් නැති තැන මම උදේට විල්සන් දුන්න පාන් කිහිපයකුත් කාල ඇදේ වැතිරුනා…..

ඇහරෙද්දී හවස දෙකත් පහුවෙලා තිබ්බා….මාකස් ඉන්නවත් පේන්න නෑ…කරන්න දෙයක් නැති තැනමයි මම අර කිව්ව නම නොදන්න විශල ගහ ලගට ගියේ……

බදන්නවත් බැරිතරමට ඒ ගහේ කද විශාල ව තිබුනත් අඩි හතරේ ඉදන් වගේ පාත ඉද්න් ඒ ගහේ අතු තිබ්බා…..

“හහ්….හහ්….හහ්…හා…….”

එක පාරටම මට ඇහුනේ ඇග හිරිවට්ටන තරමේ උමතු හිනාහඩක්. ඒ හිනා හඩ ඇහුනෙ අර මම හිටිය ගහ උඩින්.

හොදටම බය වුන මම ඇසිල්ලකින් ගහ උඩ බලද්දී මම දැක්කේ…………….තවත් කොටසකට

කතාව කියවල ලයික් කමෙන්ට්ස් දාන ඔක්කෝටම ගොඩාක් ස්තූතීයි.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.