Katha Ahura

****එන්න වෙන්නෑ මට යලිත්**** | කෙටිකතා | කතා අහුර රචක

කතාව කොහොමද?

****එන්න වෙන්නෑ මට යලිත්****

“ශනූ.. ඉක්මන් කරන්න කෙල්ලේ… හොදටම ලේට්… මට office එකේ අද important meeting එකකුත් තියෙනවා..”

“අනේව් බබා.. පොඩ්ඩක් ඉන්නකෝ… ඉක්මට එන්නම්.. මට 5 mins දෙන්නකෝ…”

ශනුකි,විනෝදුයි මේ හදිස්සියේ දුවන්නේ shoping කරන්න.. තව මාස 3න් මේ දෙන්නගේ wedding එක… දෙන්නා ඉතිම් යන්නේ ශනූගෙ සාරි එක design කරන්න දෙන්නත් එක්කමයි…

කලින් ඉදන්ම date එක fix කරලා තමා තිබ්බේ ශනුකී… අද යන්න ඕනි කියලා.. විනෝදුත් කෙල්ලට promise උනා එදාට එක්කන් යනවා කියලා.. ඒත් නොහිතපු විදිහට කොල්ලට important meetin එකක් වැටුනා.. ඒකට නොයාත් බෑ.. කෙල්ලට උන පොරොන්දුව කඩ කරන්නත් බෑ.. ඒක නිසාම උදේ shoping ගිහින් හවස meeting එකට යන්න විනෝද් තීරණය කලා.. එතකොට දෙකම shapeනෙ…

“යමු විනෝද්.. මං redy.. ”

දෙන්නම ශනූගේ අම්මටයි තාත්තටයි වැදලා කරලා කාර් එකට නැග්ගේ ගමන යන්න…

පැය බාගෙකට විතර පස්සේ දෙන්නම ගියේ odel එකට… අවශ්‍ය කරන දේවල් සේරම අරගෙන දෙන්නම එලියට ආවා..

අනිත් අවශ්‍ය කරන කලමණාත් අරන් ඉවරවෙද්දි 1ත් පහුවෙලා… දන්නවනේ ඉතිං shoping ගියහම එලියට එන්න වෙලාවක් කලාවක් නෑනේ…

දෙන්නම lunch එකත් එලියෙන්ම අරන් එහෙම්මම ශනූව ගේ ගාවින් drop කරලා එහෙම්මම office එකට ගියේ meeting එකට late වෙයි කියලා…

ඔය අතරේ දෙන්නම busy වෙමින් තමා කාලේ ගත උනේ… කොච්චර busy උනත් දෙන්නගේ ආදරේ නම් අඩුවක් උනේ නෑ… දෙන්නගේ වැඩේම රෑට මල් කඩන එක…

ඔය විදිහට කාලේ ගෙවිලා ගියේ wedding එක දවසත් උදා කරමින්… දෙන්නම තීරණය කරලා තිබ්බේ wedding එකයි homecoming එකයි එකටම ගන්න… දෙකම එකම දවසෙන් ඉවර උනාම ඉතුරු දවස් ටිකේ free එකේ ඉන්න පුලුවන්නේ…

“අඩේ බං… මට උඹ ගැන දුකයි… උඹ වෙනුවෙන් විනාඩියක නිශ්ශබද තාවයක්…”

“ඈ හු###… මොනාද මේ උඹ කියවන්නේ.. කියපන් බලන්න ඇයි උඹට දුක කියලා?”

“උඹත් කෙල්ලන්ගෙ 64 මායම් වලට අහුවුනානේ… ඒ මදිවට බැදත් ගත්තා.. බලහන්.. අපේ set එකේ තවත් එක් අහිංසකයෙක් බිලිඋනානේ…”

“අනේ මේ මගෙන් මුකුත් අහගන්න එපා..”

තිණුර කියන්නේ විනෝද්ගේ පොඩි කාලේ ඉදන්ම යාලුවා… ඌ ඇවිත් විනෝද්ව හොදටම අවුස්සනවා… හොදම යාලුවෙක් අවුස්සලා ගන්න ආතල් එක වෙන මොකෙක් අවුස්සලවත් ගන්න බෑනේ..

ඔය අතරේ ඉතිං අනිත් යාලුවෝ සෙට් එකත් ඇවිත් දෙන්නව පජාත කරලා කුජීත කරලම යන්න ගියා.. දුකේ බෑ ඉතිං දැක්කම… කෙල්ලගේ මූණනම් ජම්බු ගෙඩිය වගේ රතු වෙලා…

“ඔහොම රතු වෙන්න එපා බං… දැන්ම උස්සන් යන්න හිතයි… මං මේ පුදුම අමාරුවෙන් හැගීම් පාලනය කරගෙන ඉන්නේ…”

“අනේව්.. මොනාද බබා මේ කියවන්නේ…”

“ඇයි… මං වැරදි දෙයක්වත් කිවුවද?”

කෙල්ල කොල්ලට රවලා අහක බලාගත්තේ මෙතන ගේම ඉල්ලන්න බැරි නිසා… මොකද ඉතිං හැමෝගෙම වගේ ඇස් සැරින් සැරේට එල්ල වෙන්නේ මේ ලස්සන කපල් එක දිහාවට…

ශනුකි සත්සරණි… පෝසත් පවුලක එකම ළමයා… හුරතලේට හැදුන කටකාර,ඒ වගේම ලස්සන හුරුබුහුටි කෙල්ලෙක්…

විනෝද් නෙත්සර… මෙයත් පොහොසත් පවුලේ බලාමයා… උපතින්ම රැගෙන ආපු ව්‍යාපාර කිරීමේ හැකියාව නිසා විනෝද් තාත්තගෙ ව්‍යාපාර වලට joint උනා..

දෙන්නා මේ marry කරන්නෙ proposal එකකින්.. ඒත් ඒක ප්‍රශ්නයක් උනේ නෑ… දෙන්නා meet වෙලා අවුරුද්දක් විතර වෙනවා… දෙන්නට දෙන්නා පෙනුමෙන් වගේම අනිත් දේවල් වලිනුත් ගොඩක් ගැලපුනා… දෙන්නා මේ ටික කාලෙට හිටිය අවුරුදු ගානක ඉදන් ආදරේ කරන couple එකක් වගෙ…

විනෝද් නම් බලන් හිටියේ wedding එක ඉවර වෙන්නේ කීයටද කියලා.. කොල්ලට දැන්නම් ඉවසුම් නෑ… කෙල්කත් අද ගොඩක් ලස්සනයි… දවසෙම උනත් බලන් ඉන්න පුලුවන්… කෙල්ලගේ ක්‍රේල් කොන්ඩේ,හීන් දිගැටි ඇස්,දිග ඇහි පිහාටු,චූටි මූණ කෙල්ලට එක්කලේ ලස්සනක්… අද මේකප් එහෙම දාලා කෙල්ල තවත් ලස්සනයි… කොල්ලා මේ බලන් ඉන්නෙ hotel එකෙන් පිටවෙලා එයාලාගේ මදු සමය ගත කීරීමට වෙන් කරලා තිබ්බා hotel එකට යනකන්..

කෙල්ලත් බලන් හිටියේ ඒ මොහොත එනකන්.. මොකද අර ඇදුම් ටික පටලවගෙන ඉදලම,කෙල්ලට එපා වෙලා.. ඒ මදිවට ඇගටත් මහන්සියිනෙ…

දෙන්නගෙම බලාපොරොත්තු ඉෂ්ට කරමින් ඒ මොහොත උදා උනා.. ඒත් දැන්නම් කෙල්ලට අම්මවයි,තාත්තවයි දාලා යන්න දුකයි.. කෙල්ල දෙන්නවම බදාගෙන හොදටෝම අඩනවා… කොල්ලා අමාරුවෙන් කොහොම හරි කෙල්කව කාර් එකට නග්ග ගත්තා..

හුරතලේට හැදුන කෙල්ලනේ… ඒක නිසා ශනූ තාම අඩනවා…

“ශනූ බබා.. දැන් ඔය ඇඩුවා ඇතිනේ… අපි අම්මවලව බලන්න යමු ඉක්මනටම.. ඔයාට ඕනිනම් හෙටම එක්කන් යන්නම්කෝ මං… කෝ දැන් අඩන්න එපා බබා…”

කොල්ලා ඉතිම් එක එක ඒවා කියලා කෙල්ලව shape කරගත්තා… ඒ වෙද්දිතෙ එයාලා hotel එකට ලගාවෙලා තිබ්බේ…

කෙල්ල නම් මග දිගටම ආවේ විනෝද්ගේ තුරුලට වෙලා නිදාගෙන… පස්සෙ කොල්ලා කෙල්ලව ඇහැරෝලා කාර් එකෙන් බැස්සේ hotel එකට ආව නිසා…

“Woow බබා… මෙහෙ මාර ලස්සනයිනේ… හරි ෂෝක්….”

කෙල්ලට hotel එකේ වට පිටාව දැකපු පාර මහන්සියත් අමතක වෙලා.. වටේ සිරිනරඹ නරඹ ඇවිදිනවා…

කොල්ලත් ටික වෙලාවක් කෙල්ලට එහෙම ඉන්න දීලා room එකට එක්කන් ආවා…

Room එකත් පුදුන තරම් ලස්සනයි… කෙල්ලගෙ පුංචි ඇස් ලොකු කර කර බැලුවේ හරිම ආසාවෙන්…

“අහ් හා.. දැන් ඔය ඇති බැලුවා.. ඉක්මනට වොශ් එකක් දාගෙන එන්නකෝ මැට්ටියේ.. තවත් නම් මට තපස් රකින්න බැරියෝ…”

ලැජ්ජාවට කෙල්ලගෙ මූණ රතු වෙලා… කෙල්ල එහෙම්මම විනෝද්ට චූටි පහරක් අතින් ගැහුවේ නොරිදෙන්නා…

කෙල්ලගේ ඔලුවේ කොඩ්ඩ කටු ටික එහෙම ගලවන්න විනෝද් ශනූට උදව් කරා… කෙල්ල ඉටිපස්සේ bathroom ගිහින් නාගෙන එද්දි කොල්ලා බැල්කනියට වෙලා බලන් හිටියේ සුන්දර පරිසරය දිහා..

කෙල්ලත් ඔලුව පිහිද පිහිදම ගියේ කොල්ලා ලගට… කොල්ලා ස්ව කැමැත්තෙන්ම ශනූගේ කොණ්ඩෙත් පිහිදාලා bathroom එකට වැදිලා නාගත්තා..

තුවාය විතරක් ඉනේ දවටගෙන එන කොල්ලා දැකලා ශනූ ඇස් පිහ නොහෙලා බලන් හිටිටේ ඒ දිහා.. බාගෙට පිහදාපු කොන්ඩෙන් වතුර බිංදු තාම බේරෙනවා,ඒ වගේම six pack ඇග කොල්ලගෙ කඩවසම් බාවය තවත් වැඩි කලා… ඒකයි මේ ශනූ කට ඇරන් බලන් ඉන්නේ..

“ඒ මෝඩියේ… ඔය කට වහගන්න.. මදුරුවෙක්වත් රිංගයි…”

ඒ කටහඩට තමා කෙල්ල පියවි සිහියට ආවේ… කෙල්කට ඉතිම් වලක් හාරන් වැලලෙන්න හිතුනා…

එක පාරටම ශනූ ලගට ආව විනෝද කෙල්ලව ඇදලා ගත්ත පාරට විනොද්ටත් බැලන්ස් එක නැතිවෙලා වැටුනේ ඇදට…

ශනුගේ ඇග උඩ විනෝත්… කොල්ලටත් මාර චාන්ස් එක… විනෝත් ලද අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතාගෙන ශනුකිගේ දෙතොල් වලට බර උනා…

විනෝද්ගේ දෙතොල් ශනුකිගේ ඇගපුරා දග කරද්දි ශනුකිත් ඊට නතු උනේ ආයාසයෙන්මයි… අනුරාගී හෝරවකින් පස්සෙ දෙදෙනාම නින්දට ගියේ එකිනෙකාව තුරුලු කරගනිමින්..

විනෝදුයි ශනුකි පා තබපු අලුත් ජීවිතේ ඔවුන්ට සතුටින් ඉන්න ලැබුනේ හරියට මාස 5ක කාලයක් විතරයි…

“ශනු බබා… මං අද එද්දි ටිකක් රෑ වෙයි… files ටිකක් තියෙනවා check කරන්න.. ඒ ටික හෙට උදේම යවන්න ඕනි… ඒක නිසා මං ඉක්මනට ඒ වැඩේ කරලා එන්නම්… ලෑස්ති වෙලා ඉන්නකෝ…. මං පුලිවන් තරම් ඉක්මනට එන්නම්…”

“ඉක්මනට එන්න හරිද… පරිස්සමින් බබා.. i love u.. ummmmma…”

අද දෙන්නගේ 5th month aniwasari එක… දෙන්නත් එක්ක plan කලේ diner out එකකට යන්න.. ඒත් හදිස්සියෙ විනෝද්ට වැටුන වැඩක් නිසා කොල්ලට සිද්ද උනා රෑ වෙනකන් office එකේ ඉන්න.. කෙල්ලගෙ හිත රිද්දන්න බැරි නිසයි කොල්ලා ඉකමනින් files ටික check කරලා diner එකට එලියට යන්න එන්නම් කිවුවේ…

විනොද් කොච්චර ඉක්මනට ඒ වැඩේ කලත් වැඩක් උනේ නෑ… office එකෙන් එලියට එද්දි වෙලාව 9ට කිට්ටුයි… කොල්ලා පුලුවන් තරම් වේගෙන් කාර් එක පැදගෙන ආවේ කෙල්ක තරහාවෙලා ඇති කියලා බයෙන් බයෙන්…

කවුරුත් හිතන්න නැතුව ඇති… ඒ විනෝද්ගේ ජීවිතේ අන්තිම දවස කියලා…

නොහිතපු මොහොතක වංගුවක් අසලදි කාර් එක අනතුරකට ලක් උනේ ලොකු contaner රථයක වැදීමෙන්.. විනෝද් ආවේ දැඩිවේගයෙක් නිසා ඔහුට වාහනය නතර කරගන්න බැරිවුනා… ඒකෙන් උනේ අර ආපු තඩි contaner එකේ හැප්පුන එක..

වෙලාවත් 11ටත් කිට්ටුයි… ශනු විනෝද්ට call කලත් phone එක answer කලේ නෑ.. කෙල්ලට දැන්නම් බයයි.. කෙල්ල ආයිත් සැරයක් call එකක් ගත්තෙ ගැහෙන හදින්… එතකොට නම් phone එක answer කලා… ඒත් එහා පසින් ඇහුනේ ගොරහැඩි කටහඩක්… ඒ විනොද් නෙවෙයි කියලා කෙල්ල ඉක්මනට අදුනගත්තා…

“හෙලෝ… මං කතා කරන්නේ පොලිස්සියෙන්…”

“කෝ මගේ විනෝද්… එ.. එයාට කරදරයක්ද?”

පොලිස්කාරයා කෙල්ලට සිද්ද වෙච්ච විස්තරෙයි කියලා location එකත් කිය්ලා එතන්ට එන්න කිවුවා…

කෙල්ලගෙ කකුල් දෙකටත් පණ නෑ වගේ… කෙල්ල එහෙම්මම බිම ඉදගෙන ඇඩුවේ ඒ දේ දරාගන්න බැරි උන නිසා.. පස්සෙ කෙල්ල අම්මලටත් විස්තරේ කිවුවට පස්සෙ එයාල කෙලින්ම ආවේ විනූ ඉන්න ගෙදරට.. විනූට drive කරන්න තරම් හොද මානසික මට්ටමක් තිබ්බෙ නෑ.. ඒක නිසයි එයාවත් අරගෙන යන්න ආවේ..

කට්ටියම ගියේ විනෝද් accident වෙච්ච තැනට… විනෝද්ව hospital එකට යැවුවත් වැඩක් වෙලා නෑ… accident එක වෙච්ච වෙලේමයි විනෝද්ගේ හුස්ම ගිහින් තිබ්බේ..

Accident එක වෙච්ච තැන ලේ විලයි… කාරෙකනම් ගන්නම දෙයක් නෑ… ඒක හිදටම damage වෙලා.. ඉතිං කොහොමද විනෝද් ජීවත් වෙන්නෙ…

ශනු පිස්සුවෙන් වගේ කොල්ලගෙ ලේ ටික අල්ල අල්ල කියෝනවා…

“විනූ බබා… මං කොච්චර වෙලා බකන් හිටියද… ඒත් ඔයා ආවේ නෑ… ඇ.. ඇයි මට එහෙම කලේ… ආ… ඇයි.. ඔයා එනවා කියලා මාව හැමදාටම දාලා ගිහින්..”

කෙල්ල කියෝ කියෝ අඩනවා.. ඒ වගේමයි… විනෝද්ගේ අම්මත් හොදටම අඩනවා… අනිත් අයත් එහෙමයි….

ශනු කිවුවේ විනෝත්ගෙ නිසල දේහට ඒ දෙන්නා එකට ජීවතුන ගෙදර තියන්න කියලා…

මරණෙ ගෙනාවට පස්සේ කෙල්ල ඇඩුවේ නෑ… ශනු ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා… එක වෙල්වකට කෙල්ල තනියම කියෝනවා.. තවත් වෙලාවකට විනෝද්ගේ නිසල දේහය ලගට් ගිහින් ඒ දේහය අත ගගා ශනුකිගෙ උණුසුම් දෙතොල් වලින් ඒ සීතල නලල මත හාදු තියෙනවා…

හැමෝම දේ දිහා බලන් හිටියේ කදුලු පිරි දෑසින්…

විනෝද්ගේ මරණයේ කටයුතුඅවසන් වූපසුවත් ශනු තීරණය කලේ තනියම හෝ ඒ ගෙදර ජීවත් වෙන්න… මොකද ශනුට දැනුනේ ඒ ගෙදර තවම විනෝද් ඉන්නවා කියලා… ඒ වගේම ඔවුන්ගේ මතකයන් තුල ජීවත්වෙන්න ඇයට ඕනිඋනා…

“විනෝද් ඔයා මාත් එක්ක ඉන්නවා නේද… මට දැනෙනවා බබා… මං අද ඔයා ආසම කෑම හැදුවා.. යමුකෝ කන්න.. ගොඩක් බඩගිනී බබා…”

ශනූ හිතුවා හරී… විනෝද් මේ හැමදේම බලාගෙන හිටියේ ගොඩක් දුකින්… විනෝද් ශනු එක්ක කතා කලත් එයාට ඒ කිසි දෙයක් ඇහුනෙ නෑ…

ශනු වෙනද වගේම උදේට නැගිටලා උයනවා.. විනෝද්ට office ගෙනියන්න කෑම හදන්න… ඒත් ඒක කවුරු ගෙනියන්ද… කෙල්ල් එක වෙලාවකට අඩනවා… එක වෙලාවකට හිනා වෙන්නේ.. ඒ හැමදේම විනෝද්ව මතක් වෙලා… කෙල්ලගෙ හැමදාම තිබ්බ පුරුද්දක් තමා කොල්ලා වැඩ ඇරිලා ගෙදරට එන time එකට දොරකඩට වෙලා බලන් ඉන්න එක..

#වෙනදා වගෙ අදත් මා නොඑන බව දැන තවත්..
මග බලාගෙන හිටියා ඇති දැන් එන්න වෙන්නෙ නෑ මට අදත්…
පාට දේදුනු බැද විමන් හීන මල්පෙති අතුරමින්…
තැනුව යහනේ නිදාගන්න ළගින් ඉන්නම් රත්තරං…

උණුහුම ඒ මා තමා සුළගක් වී එන හමා…
ඔබෙ තුරුලෙම දැවටිලා සුපුරුදු සුවදක් වෙලා…
සංසාරේ කවදා හෝ හමුවේවි නම් අපි ආයේ…
සපුරා තහනම් නොවේ ආයෙමත් මට ආදරේ…

දකින්න ආසයි වෙනදා මෙන් හිනාවෙන්න මදකට හොරෙන්…
හිතාමතා ගියේ නෑ ඉතිං තවමත් ඔබ ලග මං සිටිමි..
සංසාරේ යලි කවදා හෝ හමුවේවී නම් අපි ආයේ…
සපුරා තහනම් නොවේ ආයෙමත් මට ආදරේ..#

තවත් කෙටි කතාවක් ඔන්න අරන් ආවා.. මේ කතාව ලියන්න හිතුනේ මං අර උඩ දාලා තියෙන සිංදුව මතක් වෙලා.. ඉස්සර මං ආසම සිංදුවක්.. දැන් කියලත් වෙනසක් නෑ… ඔයාලනම් අනිවා අහලා ඇති ඒ සිංදුව… අහලා නැති අය අහලා බලන්න…

මං,
✴Nawa️✴️

11 thoughts on “****එන්න වෙන්නෑ මට යලිත්**** | කෙටිකතා | කතා අහුර රචක”

  1. Ranmali subasinghe

    මාරම මාර මාර ලස්සනයි… හරිම හැගීම්බරයි…. වචන නෑ කියන්න ඒ තරම් ලස්සනයි කෙල්ල… ❤️❤️❤️❤️❤️❤️❤️

    හුගක්ම දුකයි අවසානය… ???? ආයෙත් ඉක්මනටම ලස්සන කතාවක් අරන් එන්න….

    All the best !!! ??????????

  2. Nirosha Lakmali

    අනේ හරිම ලස්සන කතාවක් ඇයි ඒත් දුක හිතෙන අවසානයක් දුන්නේ. ඇඩෙනවා මට. පව් අනේ ඒ දෙන්නා. ඇයි ආදරේ අයට මෙහෙම වෙන්නේ

  3. Ammo marama dukai appa.godaak lassanai kathawa.ane ithin shanu kohoma daragannada.suba pathanawa oyata digatama liyanna.hangeembarawa danenna liyala oya

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.