Katha Ahura

පරවි | අනූ හය වන කොටස | නවකතා

කතාව කොහොමද?

පරවි
අනූ හය වන කොටස

මන් … කුස්සියේ ටැප් එක ඇරගෙන හැඩුම් ඇහෙන්නේ නැතිවෙන්න ඉකි ගගහා ඇඩුවා ….

පා…රෝ……

පිටිපස්සෙන් ඇහුන කටහඩත් එක්ක … මන් හැරිලා බැලුවේ…හේශී…ට මන් වාරු උනේ … මන් අසරන උන නිසා….

අ..න්හේ … හේශී … මගේ දරුවා
ගෙනියන්න දෙන්න බෑ ….

මන් හේශීව බදාගත්තා … බදාගෙන හොදටම ඇඩුවේ … මට රැන්ඩි අයියාවත් මගේ පැත්තට නෑ කියලා මන් දැන් දන්න නිසා

පා…රෝ… අනේහ්… කෙල්ලේ … ඇයී මේ …..

පැංචී විහිලුවක් න්හ් කලේ … ඕක ඔච්චර සීරියස් ගත්තාද …
නෑ නෑ ඒක ඇත්තටම

මන් අඩ අඩම කිවේ පිස්සුවෙන් වගේ

පිස්සුද බන් ….
උබ මොකක් හරි ප්‍රශ්නෙකද …

හේශී ඇහුවේ .. මන් ඒ දේ විහිලුවක් විදියට ගත්තේ නැති නිසා … ඇත්තටම මගේ හිතේ තිබ්බ ඊටත් වඩා රැන්ඩි අයියා මගේ හිත රිද්දවපු එක ……මන් ඒ නිසාම මුකුත් නොකියම ඉකිගගහා නොසෑහෙන්න ඇඩුවා…..

ඒත් එක්කම මට එකපාරම ඇහුනේ … රැන්ඩි අයියාගේ කාර් එක එන සද්දේ ….
මන් පිස්සෙක් වගේ හේශීගේ ඇගෙන් අයින් උනේ … සාලේ. ලගට යද්දීම… සාලේ හිටපු අය මාව දකින්න ඇත්තේ … ඇත්තටම පිස්සියෙක් වගේ … … මන් දොර ලගට යන්නත් කලින් රැන්ඩි අයියා … දොර ලගටම ඇවිත්

පුතා අතේ නැතුව … ගානක් නැතුව ගේ දොර ලග … ඉන්න රෑන්ඩි අයියා ලගට මන් දුවගෙන ගිහින් . . බදාගත්තේ … අඩ අඩ මයී…. මන් හෙව්වේ අපේ පුතාව …

සු…ද්….දී….

ඇයී ම්හේ ….

මන් දොර ලගදිම බදාගෙන ඇඩුවා… විනාඩියක් විතර … නිස්සද්දව ඉද්දී ඇහුනේ මගේ හැඩුම් විතරයී

සො…රී…. හිත රිද්දුවට

ටික වෙලාවකට පස්සෙව් රැන්ඩි අයියා … එහෙම කිව්වේ … මගේ හිස අතගාන ගමන්

කෝ …අපේ පු…තා… ගෙනියන්න දෙන්න එපා … කාටවත් ….

මන් අඩ අඩම පිස්සුවෙන් වගේ .. රැන්ඩි අයියගෙන් ඉල්ලුවේ

අනේ. හ්.නෑ රත්තරන් නෑ ..ඉන්නවා පුතා ඉන්නවා ….
ඇයි මේ ….

මන් අඩද්දී. රැන්ඩි අයියා මගේ මූන දෝතට අරගත්තේ මගේ ඇඩිල්ල නවත්තන්න .. එහෙමම .. මගේ .කරට අතදාගත්ත රැන්ඩි අයියා ගේ ඇතුලට එන්නයී හැදුවේ.. එතකොටම .. දාලා තිබ්බ ..ටිවී එකේ … සද්දේ එක්ක … රැන්ඩි අයියා ටික වෙලාවක් එතන නතර උනා

මෙන්න විශේශ ප්‍රවෘත්තියක් …

පාතාල කල්ලියක .. නායකයෙකු. වන…
මදුර හෙවත් ගොතටුවේ මදුර .. අද අත්අඩංගුවට ගන්නා ලදී …. ඒ කොලොන්නාව ප්‍ප්‍රදේශයේ දී සිදුවූ වැටලීමකදීය …

ඕක වහලා දාපන් … බන් ….

එකපාරම… රැන්ඩි අයියා ස්ටූල් එකේ තිබ්බ රිමෝට් එක අරගෙන ඕෆ් කරලා දැම්මා …… රැන්ඩි අයියා හිටියේ ..තරහින් නේමේ .. ඒත් එයා එකපාරම වෙනස් උනේ ඇයී කියන්න මට තේරුමක් තිබ්බේ නෑ …. මන් තවමත් හෙව්වේ පුතාව…
මගේ වෙනස රැන්ඩි අයියාට තේරිලා ද මන්දා …රැන්ඩි අයියා ගේ ඇතුලේ ඉදන් කතා කලේ රිකි අයියාට .. එතකොටයී මන් දැක්කේ … රිකි අයියා ඇවිත් කියලා ….

මම රැන්ඩි අයියාව අතෑරලා … එලියට දිව්වේ … පුතාව හොයාගෙන …

එතකොටයී ඇගට ලේ ටිකක් ඉනුවේ .. එලියේ ඉන්න රිකී අයියා එක්ක හිනාවෙවී විහිලු කරන පුතාව ……. …

අහ්…නන්ගී…

කෝ දෙන්න අයියේ …

ම්හ්හ් …යන්න අම්මී ලගට …ඕන්….

රිකි අයියා වඩාගෙන හිටපු පුතාව මගේ අතට දෙද්දී
මන් එතකොටම දැක්කේ ..රිකි අයියාගේ අතේ තිබ්බ තුවාලයක් … ලොකු සීරිමක් … ලේන්සුවකින් බාගෙට වෙලලා

අයියෝ මොකද ඔය අත …ං

අහ්හ් ඒක පොඩි තුවාලයක් නේ…
ඒක හරී….

පොඩී තුවාලයක් නම් නෙමේ මන් දැක්කේ … රිකි අයියා කලබල උනා …ඒත් එයා ඉකමනට එහෙමෙහෙ වෙලා තිබ්බ ශර්ට් එක හදාගත්තා …

මන් එහෙමම පුතාවත් අරගෙන ආවේ ඇතුලට … ඒ එද්දී හැමෝම ලොකු කතාවක .ඒ මදිවට කට්ටියම තරගෙට හිනවෙනව

මයි කන්ග්‍රැජුලේශන්ස් මචන් .. රිකියා විතරයී අන්තිමට තනිකඩයා උනේ ….

සුරා අයියා … මන් පිටිපස්සෙන් ගේ ඇතුලට එන රිකි අයියාට කිව්වේ…

කෝ මෙහෙන් වාඩී වෙන්නකෝ ….

රැන්ඩි අයියා ලගට යද්දීම … රැන්ඩි අයියා කනට කරලා කිව්වේ

පැංචීට හොදටම හිනා මන් වාඩි වෙද්දී…

අම්මෝ එකක්කෙනෙක් බය උන තරමක් …

පැංචී හිනාවෙවී කිව්වට මට ඒකට හිනාවෙන්න පුලුවන් කමක් තිබ්බේ නෑ … ඒ නිසා මන් හිනා නොවීම බිම බලාගත්තා … රැන්ඩි අයියා මාව තේරුම් ගත්තා වගේ
එහෙම කිව්වාම .. රැන්ඩි අයියා මගේ හිස සිබ්බේ ගොඩක් ආදරෙන් …

ඒත් එක්කම පැංචී කතා කලේ අපි දෙන්නට

හ්ම්ම් …
දැන් … අපි කවදටද එන්න ඕනේ …

ඇයී … කිව්වේ නැද්ද …ඔයාට …

එකපාරම හේශී මන් දිහා බලලා අහද්දී රැන්ඩි අයියා මන්දිහා බැලුවා … මට වෙන්නෙ මොකද්ද කියන්න තේරුනේ නෑ. ඒකට මගේ දෑස් විසල් උනා

හ්ම්ම් අපි දෙන්නගේ පුන්චී පාටියක් ….. ලෑස්ති වෙන්න … හොදද ….

රැන්ඩි අයියා කනට කරලා කිව්වෙ මගේ

පාටියක් … මොකටද …

ඉවසලා ඉන්නකෝ…
හොදද…

පාටියක් හදිස්සියේම තියෙන්නේ ඇයි කියන එක මට ප්‍රශ්නයක් …
ඒත් රැන්ඩි අයියා … මුකුත් කිව්වේ නැති නිසා මන් ඒ ගැන ප්‍රශ්න කරන්න ගියේ නෑ..
හැමෝම .. සතුටු සාමිචියේ ඉදලා යන්න ගියේ … කලුවරත් වැටුනයීන් පස්සේ …
ගොඩ කාලෙකින් හැමෝම එකතු උන .. දවසක් …
හේශී … පැංචීත්. ඒ දෙන්නගේ ජීවිතේ පටන් අරගෙන … පැංචිත් ලස්සනට හිනාවෙන්නේ … මටත් … අමාරු වෙන්න බෑ එහෙනම් ….

පැංචි ගේ හිනාවෙන් .. මන් මගේ හිතටම දෛර්‍ය ගත්තා …

❤️

දවස් දෙකකට විතර පස්සේ …උදේ පාන්දරම .. රැන්ඩි අයියා මාව ඇහැරෙව්වේ … හදිස්සියේමයී …. මට ඒත් හිතාගන්න බැරිඋනා … මෙච්චර පාන්දර ඇයී…
පාටි එක තියෙන්නේ ගෙදර නෙමේද… ඊටත් මෙච්චර උදේ

සුද්දී … ඉකමනට ලෑස්ති වෙන්න ….

කොහේද …යන්නේ …

ලෑස්ති වෙන්නකෝ…

රැන්ඩි අයියාගේ … උවමනාවටම මන් නැගිටලා ඉක්මනට ලෑස්ති වෙන්න .ආවේ … පුතාව … ඇහැරවන්නේ නැතුව …
මන් රෑන්ඩි අයියා කිව්ව නිසාම ඉකමනට ලැස්ති උනා …
ඒත් කිසිම දේක අගක් මුලක් මට තේරුනේ නැති තරම් ….

කොහෙද යන්නේ කියලා .. ඉමක් දන්නේ නැතුව .. රැන්ඩි අයියා … මාව .. ගෙනත් බැස්සුවේ … සලෝන් එකක් ලග …. කලුවරට මට හොයාගන්නවත් බැරිඋනා

මට හේතුවක් … හිතාගන්න බැරිඋනා …

අහ් .. අක්කා එන්න ඇතුලට …

ෆොටෝ වලින් දැක්කාට ඉතින් … දැන්නේ දැක්කේ …

මාව පිලිගත්තේ හුරුබුහුටි ගැහැනු ලමයෙක් … මන් එයාල ලස්සන හිනාවකින් සංග්‍රහ කලා ….මාව එතනට බාර දීලා රැන්ඩි අයියා ඒ පිම්මෙම යන්න ගියා … පාලුවක් වගේම බයක් .. දැනුනේ නැත්තෙම නෑ … ඒත් හිත ඇතුලේ ගැස්මට එහෙමම ඉඩ දීලා මන් බලාගෙන හිටියා … වෙන දේකට මූන දෙන්න ..ඒත් පියවරෙන් පියවර් දේවල් සිද්ද වෙද්දී …මට වෙන දේ හිතාගන්න පුලුවන් උනත් .. මේ විදියට රැන්ඩි අයියා මෙහෙම දෙයක් කලේ ඇයී කියලා මට හිතුනා …
ජීවිතේටම එකපාරක් මනමාලියෙක් වෙන්න වාසනාව තියෙන්නේ කෙල්ලෙක්ට .. මන් ඒ වාසනාව අහිමි කියලා හිතපු කෙනෙක්…

ඒත් අද ඒ හීනේ හැබෑ වෙන්න යන්නේ
මනමාලියෙක් විදියට මාව ටික ටික හැඩ ගැන්වෙද්දී .. ඇයී කියලා .. අහන්න පුලුවන් කමක් තිබ්බේ නෑ ….

ඒත් …
මට රැන්ඩි අයියා ගැන මොකද්දෝ දුකක් වගේම …බයක් හිතට දැනුනේ …
ඇයී මටවත් නොකියා මෙහෙම දෙයක් ….මෙච්චර මන් ගැන හිතනවද …

එයා තව තවත් මගේ හිතේ ඉහලට ආවේ හරි සීරුවට

මනමාලියෙක් වෙන්න … මට .. ඕන කමක් තිබුනත් එහෙම බලාපොරොත්තු වක් නෑතින්වෙලාවක එක ඉශ්ට වෙද්දී. පපුවට දැනෙන හැගීම කියන්න වචන එකතු කරගන්න බැරි තරම් … ඇස් වලට කදුලු පුරවලා … මන් ටුශූ එකක් අරගෙන සැරින් සැරේ පිහ දැම්මා

මගේ ලෝකේ … මේ විදියට ලැබුන එක මට හොදටම ඇතී … ඒත් මේ දේවල් මට බර වැඩී අයියේ ….

මන් … රැන්ඩි අයියාට කිවේ හිතින් මයී…

කන්නාඩියෙන් හැඩ උන මම දිහා බැලුවාම … මන් ද ඉන්නේ කියලා ඇත්තටම හිතාගන්න බැරි උනා …
එච්චරටම ලස්සනක් තිබුනේ …

මේ හැමදේම පිලිවෙලක් කරන්න තරම් රැන්ඩි අයියා කොච්චර දේවල් කරලද නපුරු කමයී ආදරේයී හැමදේම එකම තැනකින් දෙන්න එයා හරි දක්ශයී…

මාව ලෑස්ති කරල ඉවර වෙද්දී … පැය හතරක් වගේ යන්නඇතී … ..

මාව හැඩ කරපු නන්ගිත් .. එයාගේ අතින්. ලස්සනටම මාව හැඩ කලා …

මාව එක්කන් යන්න ඇවිත් හිටියේ හේශී එක්ක සුරා අයියා ….
මාව දැකලා හේශීට තිබ්බේ ලොකු සතුටක් … …
ලංකාවේ ඉසව් දෙකකින් එකතුවෙලා .. මාත් එක්ක එකටම හිටියා .. මේවෙලාවෙත් .. මන් ලගම ඉන්නේ හේශී …

අනේ මගේ කෙල්ලගේ ලස්සන …

හේශී මාව ඇවිත් බදාගත්තා …..

මට ඒ උනාට පපුවේ ගැහෙන තරම් බයක් … රැන්ඩි අයියා එක්ක විවාහ වෙලා ඉන්න මට මොකටද තවත් … විවාහයක් …

මොනාද මේ වෙන්නේ …
මට හේශීගෙන් අහන්න හිතුනත් සුරා අයියා ඉන්න නිසා මන් ඇහුවේ නෑ ..මන් .. ගැහෙන හිතෙන්ම .. කාර් එකේ පිටිපස්සේ වාඩි උනේ ..හේශි එක්ක ….

කාර් එකේ … ගෙදරට එද්දීම …
ගෙදර තිබ්බේ .. පුන්චි කලබලයක් …

ඊලග කොටසට

අවසානය කොටස එක්ක හෙට එන්නම් …
ලියලා ඉවරයී එකට දාන්න බෑ ගොඩක් දිගයී … කොටස … තරහා වෙන්න එපා …
ඒකත් කොටස් හයකට විතර දෙන්නද ???

පියුමි සේනාදී

7 thoughts on “පරවි | අනූ හය වන කොටස | නවකතා”

  1. Nirosha Lakmali

    හරිම ලස්සනයි කතාව. පාරෝ ගැන රැන්ඩි අයියා කොච්චර හිතනවද. හරිම ෂෝක්. ඉක්මනට ඉවර වෙන නිසා ගොඩක් දුකයි. අනේ තව ලස්සන කතාවක් දෙන්න. පරවිට හරිම ආදරෙයි. කවදාවත් අමතක වෙන්නෙ නැ. හදවතේම කොටසක් ⁣වෙලා කතාව. දුක වේදනාව ආදරය තරහව මේ හැමදේම කතාව ඇතුලේ තියනවා. හදවතින්ම සුබ පතනවා. Wish your all the best….

  2. Ranmali subasinghe

    අනේ කෙල්ලෙ මොනවද මේ වෙන්නේ… ???? ඔයා හදන්නේ රැන්ඩි අයියගෙන් පාරෝව වෙන් කරන්නද??? පාරෝ බදින්න හදන්නේ රැන්ඩි අයියවමයි නේද ??? ????????

    අම්මෝ…… මගේ ඔලුව ප්‍රශ්න වලින් පිරිලා…. අනෙ කෙල්ලෙ මේ දේවල් ඉක්මනින්ම විසදන්න…

    මම වදින්නම් පාරෝව වෙන් කරන්න එපා රැන්ඩි අයියගෙන්… ප්ලීස් ප්ලීස් ප්ලීස්… ?????????

    මම බය වෙලා ඉන්නේ ඔයා මොනවා කරයි ද දන්නේ නැති නිසා කතාවේ අන්තිමට…. ????????රැන්ඩි අයියට දුකක් දෙන්න නම් එපා කෙල්ලේ….. ඒ දෙන්නව එකතු කරන්න… ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ඉක්මනින්ම එන්ඩෝ….

    සුභ පැතුම් !!!!! ?????????

    1
  3. Hemanthi ruwan kumari

    අපිට නොකිවට අපිත් එනවා පාරොගෙයි,තිසු අයියාගේ යි weeding එකට හොදෙ.
    පියුමි නංගියේ එදා ට චායාවත් එක්ක එනවානෙද?
    මගෙ comments එක කියවලා අනෙක් ෂූටි නංගිලා අවුල් වෙන්න එපා.
    මට ඕනෑ මට දැනෙන දේ කිව්වෙ.
    ආදරෙයි ආදරෙයි මං මාහා ගොඩක් ඔයාට වගේම මේ කතාව ටත්.සුභ පතනවා ඔයාට හදවතින්ම.?????

  4. Chathu indeewaree

    ගොඩාක් ලස්සනයි පියුමියෝ කතාව. මටත් දැන්නම් හිතෙනවා රැන්ඩි අයියා පාරෝව තිසූ අයියට දෙන්න යන්නේ කියලා. දුකයි අප්පා රැන්ඩි අයියා ගැන..මේ මට දෙන්න බැරිද එහෙනම් රැන්ඩි අයියව….???? මොනා වුණත් ලස්සන අවසානයක් දෙන්න මැණික.. බුදු සරණයි!

  5. kasuni chamalka

    අනේ රැපා අයියට පරෝව දෙන්නද හදන්නේ.. නැහැ නේද.. එච්චර කැප කිරීම් කරපු රෑන්ඩ් අයියව පරෝගෙන් වෙන් කරන්නද හදන්නේ.. plzzzz.. එහෙම නම් කරන්න එපා..

    •°•°•°•°•°•°•°•°•°•°•°•°•°•

  6. Ane akkiyo oya monawada ane mekaranne. ??????????Monawa unath parowa randi ayya gen wenkaranna epa hodada sudu akkiyo. Plzzzźzzzz.??????????Paro randi ayyawa neda marry kr. .??
    Katawa hamadama wage godaaaak lassanai. katawa iwarawena ekata dukai. Mewage lassana katawak aran ayeth enna hodada.
    Good luck. ?????????????????????????

  7. ඒත් පාරො නිසා රැන්ඩි අයියට ආදරයක් ලැබෙන්නෙ නෑ.ඒ නිසා තිසූ පාරො එකතු උනොත් හොදායි

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.