Katha Ahura

?ඒන්ජල්? | 59 කොටස | නවකතාව

5/5 - (2 votes)

*87 කොටස*

” පරිස්සමින් ගිහින් එන්න අයියා..හැපී ජර්නි..”

එයාර්පෝට් එකේදි මම අයියව බදාගෙන සෑහෙන්න වෙලාවක් ඉදලා කියද්දි එයා මගේ ඔලුව අතගෑවා.අම්මා , මංගලා ආන්ටිව බදාගනිද්දි අවිරු අරවින්ද අංකල් එක්ක කතාකර කර හිටියා.අයියලාගෙ ෆ්ලයිට් එක තිබුනෙ රෑ 11ට.මමයි අවිරුයි අම්මයි එයාලත් එක්ක එයාර්පෝට් එකට ආවා.සෙනූ අයියට කලින්ම සමුදීලා තිබුනෙ එයාට අයියා යන විදිහ බලන් ඉන්න තරම් හයියක් නැති නිසා කියලා මට අවිරු කිව්වා.

” අනූ , ආශි , අවිරු , එහෙනම් අපි යනවා..”

මංගලා ආන්ටි එහෙම කියද්දි අයියා මගේ ඔලුව අතගගා එයාගෙ තුරුලෙන් මාව ඈත්කලා.මම කදුලු පිහදදාම අයියගෙන් ඈත්වෙද්දි අවිරු ඇවිත් මාව අල්ලගත්තා.

” මචං…මගෙ පන ටිකව බලාගනින්..”

අයියා අවිරුට එහෙම කියද්දි මට තවත් ඇඩුනා.

” ඉක්මන්ට එනවා නේද අයියා ? ”

මම කදුලු පිහදදා අහද්දි එයත් අමාරුවෙන් හිනාවෙවී ඔලුව වැනුවා.

” එහෙනම්…අපි යනවා…ඉක්මන්ටම ආයෙත් එන්නම්…”

අරවින්ද අංකල් අපි හැමෝටම කියලා මංගලා ආන්ටි එක්ක ඉස්සරහට ඇවිදන් යද්දි අයියත් අපි දිහා බල බල එයාලගෙ පිටිපස්සෙන් ඇවිදන් ගියා.එයාලා ඈතින් නොපෙනී යනකන් ඉදලා මම අම්මගෙ අතින් අල්ලගෙන අවිරු එක්ක එයාර්පෝට් එකෙන් එලියට ආවා…

” පරිස්සමින් යන්න අයියා…බුදු සරණයි ”

මම හිතෙන් මුමුනලා තවමත් කාර් එක ලගට වෙලා මං දිහා බලන් ඉන්න අවිරුගෙ දිහා බැලුවා.

~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•
සතියකට පසු…

” හෙලෝ…අම්මා..”

” ඇයි ආශි…? ”

” මම අවිරුගෙ ගෙදර ගිහින් එන්නම්..සුමනම්මා මාව බලන්න ඕන කිව්වලු..”

” පරිස්සමින් මැණික…”

දවල්වෙලා අවිරු මට දීපු කෝල් එකක් නිසා මම අවිරුගෙ ගෙදර යන්න ලෑස්තිවෙන ගමන් ඔෆිස් ගිහින් හිටපු අම්මට කෝල් එකක් දීලා මේ බව කිව්වා.

තද නිල් ඩෙනිමට ලා කහ පාට ටී ෂර්ට් එකක් දාගෙන මම ෆෝන් එකත් අරගෙන ගෙයින් එලියට බැස්සෙ අවිරු දැන් මග එන ගමන් කියලා මට එවපු මැසේජ් එකත් බලන ගමන්.ගේට්ටුව වහලා ටිකක් ඉස්සරහට පයින් ඇවිදගෙන එද්දි මම දැක්කෙ අයියලාගෙ ගෙදර.එයාලා නැතුව සතියකුත් ගතවුනා.එයාලා නැතුව පාලුවට ගිහිපු ඒ ලොකු ගේ ලග මම ටිකක්වෙලා නතරවෙලා හිටියා.

මම උඩගියේ මගේ පිටිපස්සෙන් ඇහුනු කාර් එකක හෝන් එකක් නිසා.

” ඒයි..මනෝපාර දාගෙනද ඉන්නෙ..”

අවිරු ඔලුව එලියට දාලා කෑගහද්දි මම එයාටත් රව රව කාර් එකට නැග්ගා.

” ඇයි සුමනම්මා මාව එක්කන් එන්න කිව්වෙ ? ”

” ඔයාව ට්‍රිප් එකෙන් පස්සෙ දැක්කෙ නෑ කියලා..”

” අද එහෙනම් අනිවාර්යයෙන් මොනාහරි විශේෂ කෑමක් හදන්න ඇති.”

මම කෙල ගිල ගිල කියද්දි අවිරු මගේ කනෙන් ඇද්දා.

” කන බණේමයි..මට හිතාගන්න බෑ තමුසෙව බැන්දොත් මට මොනා වෙයිද කියලා..”

” ආ..ඇයි..ඔයාට වෙන මොනා වෙන්නද තව සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙනවා මිසක්..”

” ඇයි එහෙම කිව්වෙ ? ”

” නෑ ඉතින්..අර කතාවක් තියෙන්නෙ හැම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙ ගෑනු කෙනෙක් ඉන්නවා කියලා ..”

මම එහෙම කියද්දි අවිරු බකස් ගාලා හිනාවක් එලියට දැම්මෙ මහ කැත විදිහට.

” මොකෝ ඔය රිලවෙක් වගේ විරිත්තන්නෙ ? මං හිනාවෙන්න තරම් දෙයක් කිව්වෙ නෑනෙ ”

” එහෙම කියන්නෙ ඇයි දන්නවද..පිරිමින්ගෙ පර්ස් එක තියෙන්නෙ පිටිපස්ස සාක්කුවෙ නිසා..”

අවිරු හිනාවෙවී කියද්දි මම එයාට එකක් ගහලා අනිත්පැත්ත බලාගත්තා.

~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•

කාර් එක මිදුලෙන් නවත්තලා අවිරු ගිහින් ගෙදර බෙල් එක ගහද්දි මම එයාගෙ පිටිපස්සෙන් හිටියා.ටිකවෙලාවක් යනකන් සුමනම්මා දොර ඇරියෙ නැති නිසා අවිරු දොර ලග තිබුනු මල් පෝච්චියක් උස්සලා ඒකෙ යට තිබුනු යතුරක් ගත්තා.

” සුමනම්මා කඩේ ගිහින් වෙන්න ඇති..යතුර තියල ගිහින්..”

අවිරු දොර ඇරියට පස්සෙ මම සාලෙට ගිහින් සෝෆා එකෙන් වාඩිවුනා.

” ආ..සුමනම්මා අපිට අයිස්කෝපි හදලා ගිහින් තියෙන්නෙ..මම ගේන්නම්.”

අවිරු කුස්සියෙ ඉදලා කෑගහන සද්දෙට මම වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා කුස්සියට ආවා.මම එද්දි අවිරු ග්ලාස් දෙකකට කිරිකෝපි දානවා.මම ගිහින් එයාගෙ පිටිපස්සෙන් එයාව බදාගනිද්දි අතේ තිබුනු කිරිකෝපි දාපු බෝතලේ එයා එහායින් තියලා සීතලවෙලා තිබුනු එයාගෙ අත්වලින් මගේ අත් දෙක අල්ලගත්තා.

” මේ මොකද මේ ? ”

” නිකන්…”

මම එයාව බදාගෙනම එහෙම කියද්දි අවිරු මාව හරවලා ගත්තෙ එයාගෙ පපුවට.මම එයාගෙ සීතලවෙලා තිබුනු අත්දෙක අරගෙන මගේ මූනෙන් තියාගනිද්දි එයා හිනාවෙවී බැලුවෙ මගේ ඇස් දිහා.

” සීතලයි…”

මගේ කම්මුල්වල එයාගෙ අත් තියාගෙනම එයා පහත්වුනේ මගේ තොල්වලට.සීතලවෙලා තිබුනු ඇගිලිවලින් එයා මගේ නිකටෙන් අල්ලගෙන මාව එයාගෙ තොල්වලට ලංකරද්දි මම හෙමින් ඇස් පියාගත්තා.ටිකවෙලාවකට පස්සෙ එයා මාව එයාගෙ පැටලුනු තොල්වලින් අතාරිද්දි මම කකුලෙ ඇගිලිවලින් ඉස්සිලා එයාගෙ නලලට හාදුවක් තිබ්බා.

” දැන් දන්නවා වගේ…”

” මොනාද ? ”

මම නලල රැලි කරගෙන එයාගෙන් අහද්දි එයා හිනාවුනේ මගේ පිරුනු කම්මුල් දෙක හයියෙන් මිරිකලා.

” හොදට කිස් කරන්න…”

එයා එහෙම කියද්දි මම පැනලා එයාගෙ බෙල්ල හපද්දි අවිරු හයියෙන් කෑගැහුවා.

” මාව හපන්න ඔයා..හිතුවා මදි…ඔහොම ඉන්නවා..”

සාලෙ පුරා දුවන මගේ පස්සෙන් දුවගෙන එන ගමන් අවිරු කියද්දි මම වේගෙන් පඩිපෙළ නැගගෙන ඇවිත් එයාගෙ කාමරේට දිව්වා.අවිරු දුවගෙන ඇවිත් මාව ඒ අත්වලට හිරකරගෙන ඇදට තල්ලුකරද්දි මම එයාගෙන් බේරෙන්න දැගලුවා.මාව ඇදේ පෙරලගෙන එයා මට හොදටම හති වැටෙනකන් කිති කවද්දි සත්තුවත්ත පුරාම හිටපු සත්තුන්ගෙ නම්වලින් එයාව ආමන්ත්‍රණය කරන්නත් මම අමතක කලේ නෑ.

” ඒයි..එපා…මට කිතියි…”

මගේ උඩටවෙලා මට කිතිකවන අවිරුට මම එහෙම කියද්දි එයා එකපාරටම කිතිකවන එක නවත්තලා මගේ තොල් උඩට පාත්වුනේ ගොදුරක් ඩැහැගන්න ගිජුලිහිනියෙක් වගේ.

එයා මගේ ඇග උඩට වෙලා මගේ තොල් එයාගෙ කරගනිද්දි මම එයාගෙ බෙල්ල වටේට අත් යවලා එයාගෙ තොල්වල ස්පර්ශය විදගත්තා.ටිකවෙලාවකට පස්සෙ එයා මගෙන් ඈත්වෙලා ඇදේ අනිත්පැත්තට පෙරලිලා හතිදාද්දි මම එහෙ මෙහෙ වෙලා තිබුනු මගේ ටී ෂර්ට් එක ඉක්මන්ට හදාගත්තා.

” මෙයා මාවත් අවුස්සනවා..”

” අපෝ..කවුද දන්නෑ මගේ තොල්වලට පැන්නෙ..”

” තව පොඩ්ඩෙන් ලිමිට් පනිනවා..ඉවසලා ඉන්න අවිරු..තව ටික දවසයි..”

එයා එයාටම කියාගනිද්දි මම ඇදේ තිබුනු කොට්ටයක් අරගෙන එයාට ගැහුවා.එයත් නැගිටලා තව කොට්ටයක් අරගෙන මට ගහද්දි මම නවත්තන්නෙ නැතුවම එයාට කොට්ටෙන් ගැහුවා.කොට්ට පැලිලා පුලුන් සීසීකඩ විසිරෙද්දි අපි හිනාව නැවැත්තුවෙ පාවෙලා යන පුලුන් අතරින් ඉනට අත් දෙක ගහගෙන අපි දිහා බලාගෙන ඉන්න සුමනම්මව දැක්කට පස්සෙ.

” අනේ අනේ…පොඩි ඈයො දෙන්නෙක් වගේ මේ කාමරේ හැඩි කරන හැටි විතරක්..මං කොච්චර අමාරුවෙන්ද මේ කාමරේ අස්කරන්නෙ ? දෙන්නම දුවන්නයි කිව්වෙ පහලට..”

සුමනම්මා කොස්සකුත් අරගෙන එද්දි අවිරු මගේ අතින් අල්ලගෙන ඇදෙන් පැන්නා.මම ඒ ගමන්ම සුමනම්මව බදාගෙන කම්මුලට කිස් එකක් දීලා අවිරු එක්ක පහලට දිව්වා.

අපි දෙන්නා සාලෙ මැද බිමින්ම සීතලවෙලා තිබුනු ටයිල් ටික උඩ හාන්සිවෙලා හිනාවෙවීම හති ඇරියා..

~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•

” මම මේ මාලු ඇඹුල්තියල් එක හැදුවෙ ආශි නෝනටමයි..”

දවල් කෑම වෙලාවෙ සුමනම්මා ඇඹුල්තියල් දාපු දීසියක් අරගෙන කෑම මේසෙට එන ගමන් කියද්දි මට කෙල ගිලුනේ ඉබේටමයි.

” කාලම බලන්නකො කොහොමද කියලා..”

සුමනම්මා එහෙම කියලා කුස්සියට ගියාම අවිරු මට මාලු කෑලි දෙකක් අරගෙන පිගානට දැම්මා.

” හරිම රසයි..අම්මෝ සුවදින්ම බඩ පිරෙනවා..”

” ඒන්ජල් මේ…”

අවිරු පපඩම් එකක් ජරස් ගාලා හපන ගමන් මං දිහා බැලුවා.

” ඕ…කියන්න…”

” හෙට ඉදලා මම ශොප් එකට තව වැඩට අය ගන්නවා..තව ටිකක් ශොප් එක ලොකු කරන්නත් අයිඩියා එකක් තියෙනවා..”

” ඔයා මට තමයි එන්න දෙන්නෙ නැත්තෙ..”

” මගේ වෙන්න වයිෆ් දැන් වැඩකරන්න ඕනෙ නෑ..ඔයාට කරන්න වැඩක් තියෙනවා..”

” ඒ මොකක්ද ? ”

” මෙන්න මේ විදිහට උයන්න පුරුදු වෙන්න..”

” ඇයි ඔයා හිතන්නෙ මට උයන්න…….”

මට ඉතුරු ටික කියන්න නොදී අවිරු බත් කටක් මට කැව්වා.

~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•

5 thoughts on “?ඒන්ජල්? | 59 කොටස | නවකතාව”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.