Katha Ahura

ඔබ මගේ ප්‍රාණයයි | 3 කොටස | නවකතාව

4.6/5 - (5 votes)

??ඔබ මගේ ප්‍රාණයයි??
// තෙවන දිග හැරුම//

“කවුද ..මේ.. හෙලෝ …කියන්න ..”

රුවන්ට දැන්නම් පොඩි බයකුත් දැනුනා..
“අනේ … අසේල අයියේ මාත් එක්ක තාමත් තරහද ඔයා….””

” කවුරු…. අසේල…..”

“ඔව්.. අසේල ..තමයි …”

” අයියෝ ….රෙද්ද… wrong number…””

චිකේ ….මේ වෙලාවෙමනේ මේ රෙද්දට Cl එන්නෙත්…ම්න් මේ දෙලෝ රත්වෙලා ඉන්නවා …රුවන් කාංචනාට කතා කරන්න විදියක් කල්පනා කරයි….

_________________?________________

“අත තියන්න එපා මගෙ ඇගට … ම…මන් ..කෑ ගහනවා….”

බියෙන් උවද තර්ජනාත්මක හඩින් මා පැවසුවෙමි…..

“හා..හා… අපි බය උනා”

“ඔවු ..උබල ..බය වෙන්න ඕනි තමයී…මන් යනවා පොලීසියට …”

“ඔව් ..ඉතින් ඒ අපේ වැඩේ ඉවර උනාට පස්සෙනේ නංගී….”

“චිහ්..වනචර..හැ##… උබලට නන්ගිලා නැද්ද…??”

“ඒක අපි බලා ගන්නම්..උබ එනවද ..නැත්නම් අපි අරන් යන්නද…
ඒ ….ඒ…..අන්න ත්‍රීවීලර් එකක් එනව බන් ඉකමන් කරපන් …”

“පී ….පීප්…..
දෝනි..!! මොකද උනේ …?

ඇයි මෙතන …. කවුද අර දිවුව උන්..?”

හම්මෝ මගේ වෙලව….අපේ මාම මෙතන්ට ආවෙ… දැනුයි මගෙ ඇගට ලේ ටිකක් ඉනුවේ….දැන් තව බොරුවක් ගහන්කෝ මෙයගෙන් බේරෙන්න …

“ආ …ඔය දෑල සෙට් එකක් මාමේ…. උන් මගෙ පස්සෙන් ආවා …මන් ඉතින් කියලා දුන්නා හොදට…. දන්නවනේ ඉතින්…”
(??මමනෙ දන්නෙ මන් බේරුන බේරිල්ල..??)

_____________________________________

රුවන් කල්පනා කර කර ඉන්නකොට එයාට msg එකක් අවා කාංචනාගෙන් …කොල්ලා ඉක්මන්ට msg එක බැලුවා..

“අනේ ..සොරි හලො අද එන්න ටිකක් පරක්කු උනා….ඔය කාලද ඉන්නේ…??”

“කාලද…..? මන් ලගහිටියනම් දෙනවා කනට…!මෙච්චර වෙලා මොන මගුලේ ගියාද?
ඔයා දන්නවද නන්ගියෝ මන් කොච්චරනම් බය උනාද කියලා..?”

ඒ වෙලාවෙනම් මගේ ඇස් වලට කදුලු ආවේ ඉබේටම වගේ..??

” අනේ සොරි අයියේ … මන් ආයි කවදාවත් ඒම කලන්නෑ…. හාද..?”

“හ්ම්ම් ..හැබැයි ආයි ඒම කරන්න බෑ මැට්ටී…..”

“හ්ම්ම්ම්.. බඩගිනී හලෝ ..ඔයා කලද ඉන්නේ…”

“නෑ . මාත් දැන් කන්නම්.. ඔයත් කන්නකෝ ඒනම් .. කාලා ඉවර වෙල මට msg එකක් දාන්නකෝ..”

“හාකො … බඩ පිරෙන්න කන්න හොදේ…”

“හ්ම්ම්ම්ම්ම්ම්..”

_____________________________________

“අම්මේ … අම්මේ ..”

” ඕ.. ඕ…..”

“ආ …මේ ආච්චිනේ…. කෝ අම්මා එහෙම… බඩගිනී අප්පා…”
??ආච්චි කිව්වෙ මගෙ අම්මගෙ අම්මා ..ආච්චියි ,සීයයි දෙන්නම ඉන්නේ අපේ ගෙදර…ඒ දෙන්නා තමා අපිව පන්ති එහෙම එක්ක ගියේ..??

“අම්මා එහේම ගියා දලු කඩන්න…. ??මොකෝ අද පරක්කු උනේ.??ඔය බත් බෙදලා තියෙන්නේ..”

අප්පෝ ආච්චි කන්නවත් දෙන්නකෝ.. අද පාරෙ බ්ලොක් එක ඒකයි…
( ?කටේ නොගෑවෙන්න බොරුවනම් කියා ගත්තා..?)

“උබ පාරට බැස්සොත් මොකක්හරිනේ.. ? හා..හා.. රෑ වෙන්න කලින් නාගන්න ..අම්මා එහෙම එන්නේ නාන්න බලාගෙන…”

“හරි ..හරි..”

_____________________________________

“මන් ආවා සුදෝ….”
නාලා ආවගමන් දැම්මා අයියට msg එකක්..

“මෙච්චර වෙලා මොකද කලේ …! නැවද…..ම්ම්ම්ම්….”

“හ්ම්ම්ම්ම් ..හරියටම කිව්වා..”

“ම්ම්ම්ම් …සුවදේ බෑ..”

ම්ම්ම් .. ඔයාටත් ආවද..?? මේ මට පොඩී උදවුවක් කරන්නකෝ..!!

මොකක්ද උදවුව??
(ඔයාට නොකරන උදවු තියේද සුදූ මන් ගාව.. රුවන් සිතින් සිතුවාය)

“අනෙ ..මට sim එකක් ගෙනත් දෙන්නකෝ… මේ sim 1 දුන්නේ අර බුරුවනේ..”
( ☝මේ ..බුරුව කිව්වේ පරන love එක☝)

“ආ …. ඕක මොකක්ද ? මන් ගෙනත් දෙන්නම්කො හෙට ….”
රුවන්ට දැන්නම් ගොඩාක් සතුටුයි .මොකද නොදැක්ක රුව හෙට බල ගන්න පුලුවන්නේ…

” ඇත්තටම … thank you so much අනේ… ඔයානම් ගොඩාලියක් හොදයි අනේ..”

_____________________________________

හෙට රුවන් ,කාංචනා හම්බවෙඉද…?? ඒ දෙන්නා ආදරේ කරාවිද…. ඇත්තටම මොනා වේවිද???
?????????????
අඩුපාඩුනම් ගොඩාක් ඇති …. ඒව මට කියන්නකෝ ඔයාලා.. ආයිත් එන්නම්කො මන් ඉක්මන්ටම …ඒනම් බායී….

??kanchana??

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.