Katha Ahura

පරවි | හතළිස් අටවන කොටස |නවකතාව|| කතා අහුර|

කතාව කොහොමද?

❤️පරවි❤️
හතළිස් අටවන කොටස..
රැන්ඩී අයියාට පිස්සුද …
මොකද්ද උනේ කියලාවත් හිතාගන්න බැරි තැන …. හේශී දොර දිහා බලාගෙනමයී එහෙම කිව්වේ…
රැන්ඩී අයියා එහෙම ගියේ ඇයී කියන්න මටවත් හිතාගන්න බැරිඋනා …ඒත් හේශී මන් ලගට ආව එක නම් මට ඊටත් වඩා ලොකු දෙයක් ….
අ…නේ…..හ්….
හේ…ශී
සොරි …කෙල්ලේ ….පරක්කූ උනා….
එක්සෑම් ….
උබට මෙඩිකල් එකක් දැම්මා …. දන්නේ නැද්ද … ලෙඩත් එපැයී. මෙඩිකල් එක දාගන්නත්. කොහොමහරි නැනීලට පින් සිද්ද වෙන්න ඒක දාගත්තා..
කෙල්ල එහෙම කියලා මට වතුර හදන්න ගත්තේ ඇගහෝදවන්න
හේශීට මාත් එක්ක තරහා උනා කියලා ගානක්වත් නෑ …
කෙල්ල මන් වෙනුවෙන් ගොඩක් දේවල් කරලා කියලා මට අමුතුවෙන් කියන්න ඕන උනේ නෑ …
කවදත් මන් ගැන හිතන හේශී මට මේ වෙලාවෙත් එක ඔප්පු කරලා පෙන්නුවා … දවස් හතරක් බිත්ති හතරකට කොටුවෙලා හිටියේ ..රැන්ඩි අයියා නැත්නම් සැරින් සැරේ. බලන්න එන ඩොක්ටර් ස් ලා එක්ක නර්ස් ලා. එක්ක විතරයී … ඒත් කවුරු හිටියත් මගේ ජීවිතේ ගැලවුම වගේ දැනුනේ. හේශී ලගට ආවාම විතරයී …
උබව බලන්න එන්න බැරිඋනාට සමාවෙයන් කෙල්ලේ
හේශී මගෙන් සමාව ඉල්ලුවේ දවස් හතරකට පස්සේ මාව බලන්න ආපු නිසා වෙන්නැතී …
මන් හැගීම් විරහිතවම ටෑප් එකත් ඈරගෙන වතුර හදන කෙල්ල දිහා බලන් හිටියා
ඒ…. මොකො මේ
හේශී වතුර ටිකක් අරගෙන මූනට ඉස්සම මට ඉබේටම හිනා ගියා …
ආහ්හ්…. ඒකද මේ…. අපරදේ මාත් ආවේ නියම වෙලාවෙනේ …බලන්න තිබ්බේ දෙන්නා එක්ක නාන හැටී …
ඒ… එපා….
කෙල්ල එහෙම කිව්වාම මම ලැජ්ජවටම කෑ ගැහුවා …. …
පේන්නේ නැද්ද මන් එන්න කලින් ඔක්කොම කරලා තියෙන්නේ ..
හේශී මගේ ලැම වැහෙන්න අන්දලා තිබ්බ. ටවල් එක දිහා බලාගෙන එහෙම කිව්වේ … මගේ මූන රතු උනා …
ඔන් මනමාල කමට මූන රතු කරගත්තා …
හේශී කියන ඒවාට හීනා නොවිත් බෑ ඒ උනාට හිත ඇතුලේ ඈවිලෙන ගින්න මම න්හ් දන්නේ … ඒවා කියන්න තරම් වෙහෙසක් ….මට ගන්නත් බෑ
ඔහොම යන්කෝ අපිත් ඉන්නවනේ…
හේශී වතුර එකක් අරගෙන. හිමීට මගේ ඇග හෝදවන ගමන්. ඇස් කොනකින් බලලා කිව්වේ …
ඒත් ඒකට හිනාවෙන්න තරම්. මට සතුටක් හිතුනේ නෑ …දවසින් දවස හිතේ බර වැඩි වෙනවා මිසක් අඩුවක් තිබ්බේ නෑ …ඒත් හේශීගේ හිතේ ඕනවටත් වඩා සතුටක් තිබුනා කියලා මට හිතුනා … එත් එකම්ම ඊටත් වඩා තුන් හතර ගුනයක් පිච්චි පිච්චී මන් හේශී ලග හිටියේ …..
මට ගෙදර යන්න ඕනේ …
හ්ම්ම්ම්. මට හිතුනා මේ දවස් ටිකේම අඩ අඩ ඇති කියලා
උබේ හිතේ ගින්න මන් දන්නවා කෙල්ලේ … ඒත් මට ඒව අවුස්ස අවුස්ස උබව පාරන්න ඕනේ නෑ බන්….
ලොකු හුස්මක් අරන් කෙල්ල මන් දිහා හැරිල බලලා කිව්වම මගේ ඇස්වල වැටෙන්න බලන්න කදුලු කැට ඉබේටම වැටෙන්න ගත්තේ ….
සමාවෙයන් …. මට එදා උබව තනි නොකරන්නයී තිබ්බේ ….
හේශී එකපාරම මන් ලගට ඇවිත් වැරැද්දක් කලා වගේ සමාව ඉල්ලුවේ … හැමදේටම වැරදි ම්ම කියලා දැන දැනත් මේ දේවල් ඇහෙද්දී දරාගෙනම හිටියා මිසක් කිසිම දෙයක් කියන්න තරම් වෙහෙසක් ගන්න මට බැරිඋනා … ඒත් පපුව පිච්චි පිච්චි ඇවිලෙන ගින්න මේ වෙද්දී මගේ මුලු ඇගම දාඩිය දම්මවලා ඉවරයී … මන් ඕනවටත් වඩා වෙහෙසක් ගත්තේ මූනේන් බේරෙන කදුලු පාලනය කරගන්න ….
අ…..ඩ…..න්….න….. එ…..පා …. පා…රෝ…
උබට ඔහොම…. තවත් දු…ක් වි…දි…න්න බෑ…..
හේශී මගේ ඇස්වලින් වැටෙන කදුලු හිමිට පිහලා දැම්මා …..
මෙහෙම කිව්වට වැරදියට හිතන්නන එපා … උබ දැන් වත් අර වසවර්තියාව අමතක කරපන් …
රැන්ඩී අයියා උබට ආදරෙයී …
උබ දන්නේ නැතිඋනාට ඒ මනුස්සයා මැරි මැරි ජීවත් වෙනවා ඇත්තේ…
එහම කි‍යලා කෙල්ල අයෙම ගියේ ටැප් එක ලගට
අනේ මන්දා හේශී …
මට. තේරෙන්නෙනෑ …
ති….සූ….
නවත්තගනින් .. ආයේ උගේ නම ඇහෙන්න වත් කියන්න එපා …
උබට දුන්නු දුක් වල හැටියට …
ඒකා නිසා තමයී ඔක්කෝම …
අනේ…හ් …හේශී
ඇයී දැන් උබ කියන්නේ මට ඌව හුරතල් කරන්න කියලාද
උබට පුලුවන් උනාට මට නම් බෑ …
බලපන් රැන්ඩී අයියා උබට මොනවයින්ද අඩුවක් ක්ලේ
උබට පින නෑ …
කෙල්ලට තරහා ගිහින් කියවගෙන කියවගෙන යද්දී … මට එයාව වලක්කවගන්න ඕන උනේ නෑ …මන් හින්දා කෑගහන ඒ හිතේ වේදනාව මට හොදටම එවෙලේ දැනුනා …මන් ඒ නිසා අමාරුවෙන් උනත් තිසූ අයියා ගැන නොකියා ඉන්න තීරනය කලා …
කෙල්ල මගේම සහොදරියෙක් වගේ ලග ඉදන්. හැමදේම කරලා මාව පරිස්සමට වීල් චෙයා එකක එක්කගෙන ආවේ. ඇද ලගට …අම්මගේ සෙනෙහසම හේශිගෙන් නොදැනුනා කිව්වොත් බොරු ….
පේශ්න්ට දැන් කොහොමද ….
හේශී මාව වත්තම් කරලා ඇදෙන් හාන්සී කරවද්දී … රූම් එකට ආවේ නර්ස් කෙනෙක් …
සිනාමුසු මූනින් ඇත්තටම. ඒ හිනාවම මගේ හිතට සුවයක් ගෙනාවා …
මන් ඒ හින්දම හිනාවකින් එයාට සංග්‍රහ කලා…
දැන් හොදයී මිස්…
මට කතාකරන්නවත් නොදී හේශී ඒකට උත්තර දුන්නේ….
රිපෝට්ස් හොද අතට හැරෙනවා … තව දවස් දෙකෙන් විතර යන්න පුලුවන් වෙයී … ….
නර්ස් එහෙම කිව්වම මට ඊට වඩා සතුටක් තිබුනේ නෑ ඉකමනට ගෙදර යන්නයී ඕන උනේ … ඒකටම හරියන්න හිත සනසන දෙයක් මට ඇහුනේ …
අම්මා කතකලේ නැද්ද හේශී …
නර්ස් රූම් එකෙන් යනවත් එක්කමයි මම ඇහුවේ… ..
හ්ම්ම්ම්කතාකලා … අම්මාට කිව්වේ නෑ …
කෙල්ල කිව්ව දෙයින් මට සැනසීමක් දැනුනේ …ඒත් හේශීගේ මූනෙ එතරම් සතුටක් තිබුනේ නෑ කියලා මට හිතුනේ මන් ඒක අහනවත් එක්කම එයාගේ මූන අදුරු වෙලා ගියා … ඒත් කෙල්ල හැමදෙම අම්මට නොකිව්ව එකනම් මට සතුටු හිතුනා …
අම්මලාටත් මේ ගින්දර දෙන්න බෑ …
ඒත් අම්මයි අප්පච්චිගෙයී මූන බලන්න හිතේ පොරකන බලාපොරොත්තුව මම හිතේම හිරකරගෙන හිටියේ …
මන් ඊට වඩා අහ්න්න ගියේ නෑ … හේශූ මගේ ඇද ලගම වාඩිවෙලා … ඇදට ඔලුව තියාගත්තේ ඔලුව අල්ලගෙනමයී …
මන් කෙල්ල ගැන දුකක් දැනුනේ …
මන් ඒ හින්ද්ම කැනියුලාව ගහල තිබුන අතින් කෙල්ලගේ ඔලුව අතගෑවා …
හේශී එකපාරම මගේ අත අල්ලගත්තේ … ඔලුව උස්සනවත් එක්කමයී ….
හේ…..ශී….
අනේ….හ් …. කෙ….ල්….ලේ …
මට දැක්ක දෙයින් ලොකු දුකක් දැනුනේ … හේශී ඒ පොඩි වෙලාවට හොදටම අඩලා …
අන්….හ් … මගේ අතින් වරදක් වත් උනාද …. දෙයියනේ …
අනේ…. හ් …. මගේ අතින් වරදක් උනාද …. මන් හේශීගේ අතින් අල්ලගන්න ගමන් ඇහුවේ….
අන්…හ් …නෑ ….හ් …පාරෝ ….
මට සමවෙන්න ….
ඇයී….
මොකද්ද …. හේතුව …..
නැ…හ් ….
මේ……හ් …….
මු…කු….ත්….නෑ ….
අ…න්හ්…. ඇ‍යි …කියන්නකෝ ….. මොකක් හරී ප්‍රශ්නයක්ද ….
මල්ලි ව මතක් උනාද….
ම්න් නිසා ගෙදර යන්නත් නැහ් නේද ….
අනේ නෑහ් කෙල්ලෙ…. හරී ….
හේශී ඉකමනට ඉකමනට අතින් කදුලු පිහගෙන හිනාවුනා….
පාරෝ ඉකමනට සනීප වෙන්නකෝ … අපො දෙන්නම යමු ගෙදර….
පි…ස්…..සී….
එහෙම කිව්වම හේශී අඩ අඩම හිනා උනා ….
හොදටම උණ …. මාත් එක්ක කියවන්නේ නැතුව මේ ටික බීලා නිදාගන්න …
හේශී මගේ කම්මුලකින් අල්ලලා හොලවලා අතෙන් තිබ්බේ බේත් පෙති කීපයක් … .. ඇගට දැනෙන වේදනාවේ අඩුවක් නැති උනත් … තවත් දවස් දෙකකින් මෙතනින් යන්න පුලුවන් බව දන්න හින්දම … මන් අදිමදි නොකරම ඒක එක උගුරට බීලා දැම්මා ….
නං..ගී …. …
අයි….යේ….
ඇයී ….මේ …..
එකපාරම මන් ඉස්සරහට ආවේ රැන්ඩි අයියා …. මෙච්චර වෙලා මන් ඉස්සරහා සුදු ඇදුමක් ඇදලා හිටපු රැන්ඩි අයියා දාඩිය පෙරාගෙන මන් ඉස්සාරහ හිටියා ….
දෙ…යි…යනේ…… ඇ‍යි ….මේ …..
අයි….යේ,,
ඕනවටත් වඩා මාව වෙවුලනවා …
රැන්ඩි අයියාගේ ඇස් රතුවේලා හොදටම …
බෙල්ල ලගලොකු තුවල කැලලක් …. සුදු ශර්ට් එකේ තැනින් තැනි ලේ ….
හිත පිච්චිලා ගියා. මෙච්චර වෙලා මන් ලග හිටපු රැන්ඩි අයියාට මෙහෙම උනේ කොහොමද
අනේ….හ්… කතාකරන්නකෝ….
පිස්සුවෙන් වගෙ මන් ඇල්ලුවේ එයාගේ මූන….
අ…හ් …. එපා
රිදෙනවා සුද්දී …
අනේ මොකද උනේ කියන්නකෝ ….
මන් හොදින් ..ඔයාව බලන්න දුවගෙන ආවේ …
මගේ කෙ…ල්ල ස,….නී…ප වෙ….ලාද බ…ල..න්න දුව…ගෙ…න ආවේ ර…ත්ත…..රන්න්……..
වෙවුල වෙවුල කැනියුලව ගහපු මගේ අත එයාගේ මූනට ලන් කරගෙන තදින් සිපගත්තේ මට නො‍රිදෙන්න …
එයාගේ කදුලු මගේත උඩ ගලාගෙන යද්දී මගේ ඇස්වලින් ඉබේටම කදුලු වැටුනා …
රිදෙනවාද සුද්දී …. ….
.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.