Katha Ahura

ඔබ මගේ ප්‍රාණයයි | 5 කොටස | නවකතාව

2.7/5 - (3 votes)

??ඔබ මගේ ප්‍රාණයයි??
//පස් වන දිගහැරුම //

කාංචනා බස් එකෙන් බැස්ස ගමන් බැලුවේ රුවන් අයියා ඇවිත්ද කියලා… එයා දැක්කා ටිකක් එහායින් බයික් එකක් නවත්වල තියෙනවා….

“ම්ම්ම් …අතන ඉන්නේ එයා වෙන්න ඕනි ඒත්… කොහොමද මන් රුවන් අයියව අදුර ගන්නේ… එතන දෙන්නෙක් ඉන්නවනෙ…. ( මන් සිතින් සිතුවෙමි.) කමක් නෑ…..කතා කරලම බලනවා”

(කාංචනා සෙමින් ඉදිරියට ගියේ ටිකක් ලැජ්ජාවෙනී??)

“ම්ම්ම්…excuse me…. රුවන් අයියා…..”

රුවන් හා තරිදු වශී ඌවා මෙන් ඇය දෙස බලා සිටියේය…..

“අයියේ …. මේ…..sorry….ම්..මන් හිතන්නේ වැරදීමක්… ” ලැජ්ජාවෙන් මෙන් පැවසූ ඇය යන්නට හැරුනි.

නංගි…පොඩ්ඩක් ඉන්න…මන් තමයි රුවන්…. (රුවන් පොඩ්ඩක් කලබලෙන් කතා කලේ ඇය අපහසුතාවයට පත් වූ බව දුටු නිසයි.)

ආ….. මන් හිතුවේ කතා නොකල නිසා ඔයා කියලා හිතලා වෙන කෙනෙක්ටවත් කතා කලා කියලා.. කලින් දැකලත් නෑනේ…..

ම්ම්ම්…ඔව්නේ ….මේ සිම් එක…. රුවන් අත දිගු කලාය…

අනේ thanks හලෝ …ලොකු උදවුවක් …මන් දැන් යන්නම් …ගිහින් msg එකක් දාන්නම්කෝ…

හා…පරිස්සමෙන් යන්නකෝ …

ආ… අයියේ මේ …ආයි නම් අර වගේ බූට් කන්න නම් එපා හොදේ….

රුවනුත් සිනසී හිස වැනුවාය .ඔහුට ඇය දමා යාමට ලෝබ කමක් දැනුනී..ඇය නොපෙනී යන තුරු බලා සිටි ඔහු යාමට සූදානම්ව …

ත….අඩෝ…. මූට මොකක් වෙලාද මේ……ඒයී…..මොකද බන් මේ…. ඔහොම බලන් ඉන්නේ…

ආ.. සො..සොරි බන් ..මේ කවුද බන් ඒ …. පුදුම ලස්සනක් නේ බන් කලු උනාට තියෙන්නේ….
(කාංචනා කියන්නෙ සුදු කෙල්ලෙක් නෙමෙයි හැබයි සුදු කෙල්ලෙක් ට වඩා වැඩි ලස්සනක් ඇයට තිබුනා.)
මට සෙට් කරලා දීහන්කො බන්…

“මොකක්….!
පිස්සුද යකෝ උබට ….ඒ මගේ කෙල්ල…”

“ඈ… ????????
තරිදුගෙ කට බාගෙට ඇරුනි

“චික් ….වහගනින් උබෙ ඔය කට….නැගහන් යන්න….අනුන්ගෙ කෙල්ලො දිහා බල බල ඉන්නැතුව..”

“හාකො …හාකො.. යාමන්කෝ ඒනම්…ඒකත් එහෙනම් උබට හරි ගියා හ්ම්ම්ම්ම්….”

_____________________________________

මමද නිවසට ගියේ ඔහු ගන සිතමින්ය..ඔහුගේ රුව මසිතේ මැවී පෙවුනී.ඔහුද කඩවසම් තරුනයෙකි..සිත් ඇද බැද තබා ගන්නා ලස්සන පෙනුමක් ඔහු සතු විය…ඔහු කෙරෙ ලෝබ කමක් සිතෙහි ඇති විය….

වෙනදා මෙන්ම අදත් රාත්‍රියේ මන් රුවන් අය්යා එක්ක msg කර කර හිටියා ….

“නංගි මන් දෙයක් අහන්නම් මට ඔයා ඇත්තම කියනවද කියලා කියන්න….”

අහන්න අය්යේ මන් ඔයාට ඇත්තම
කියනවා…

“ඔයා මට ආදරෙයිද කියල කියන්න රත්තරන්…”
????????????
(රුවන්ට එයාගෙ හිතේ තිබ්බ ආදරේ තව දුරටත් හංගන් ඉන්න බැරි උනා.ඒ වගේම කන්චනා හිටියේ ඒ ගන රුවන්ට කියන්නේ කෝමද කියලා තැවෙමින්…)

“අ..අයියේ…. ම…මන්…. අනේ මන්දා….”

ඇයි සුදු ඔයාට මාව සැකයිද…..මන් ඔයාව කවදාවත් තනිකරන්නෑ රත්තරන් …. කමක් නෑ ඔයා හොදට හිතල බලලා මට කියන්න නංගි…

අනේ නෑ අය්යේ … මට ඔයාව කාටත් වඩා විශ්වාසයී..ඒ වගේම….

ඒ වගේම කිව්වේ….මොකක් හරී ප්‍රශ්නයක් ද…?

නෑ අය්යේ….. ඒ වගේම මන් ඔයාට ගොඩාක් ආදරෙයි ආදරෙයි ..

ඔය ඇත්තමද රත්තරන් …

ඔව් මගෙ අය්යේ මන් ඔයාව කවදාවත් දාලා යන්නේ නෑ …

මන් දන්නවා වස්තුවේ ඒක…..

(අපි දෙන්නම හිටියේ කියා ගන්න බැරි සතුටකින් …ඒත් වැඩි වේලාවක් ඒ සතුට ඉතුරු උනේ නෑ)

____________________________________

“දෝනි ….මොකක්ද ඔය එලිය…. පෙන්නනවා….”

(තාත්තගේ කෑ ගැසීමෙන් මා ගැස්සුනෙමි ..මොනා කියන්නද කියලා හිතා ගන්න බැරිඋනා …ෆෝන් එක හදිස්සියට කොට්ටෙ අස්සේ ගැහුවා…)

“මො….මොකු….මොකුත් නෑ තාත්තේ…”
????????????

“මොකුත් නෑ ගනින් ඒ ෆෝන් එක එලියට …මන් අද උබව මරනවා..””
?????????????

_____________________________________

කාංචනාට මොනා වෙඉද ….රුවන් කාංචනා ආදර කතාව මෙතනින් ඉවර වෙයිද….

ඔයාලා හිතලා මට කියන්නකෝ ඉදිරියට මොනව වෙයිද කියලා…

මන් ආයි හෙට එන්නම්කො ඒනම්
???????????

??kanchana??

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.