Katha Ahura

කුළී නිවස | දෙවන කොටස | හොල්මන් කතා | කතා අහුර

4.5/5 - (28 votes)

හොල්මන් කතා ..

කුළී නිවස

දෙවන කොටස

පසු දින උදෑසනම අවදි වූ මා ආහාර පිළියෙළ කර දරුවන් තිදෙනා පාසලට යවා ගයාන් මල්ලීටත්, නුස්‍රා නංගීටත් කෑම පාර්සල් දෙකක් ඔතා දී ඔවුන් වැඩට යන විදිය ගෙදර දොරකඩට වෙලා බලං හිටියා. නිවස ඇතුළේ මං හුදකලා වුණාට මට තනියක් දැනුණේ නෑ. නිවස තුළ කළ යුතු වැඩ රාජකාරී බොහොමයක් වූ නිසා මම නිවස තුළට ගොස් දොර වසාගෙන නිවස අස් පස් කිරීම ආරම්භ කළා. නිවසේ වැඩ කටයුතු හමාර කළ මා අධික වෙහෙස නිසාම නින්දට වැටුණේ නොදැනුවත්වමයි. දවල් 12ට විතර නින්දට වැටුණු මා පැය එක හමාරකට පසුව අවදි වූයේ කිසිවෙකු මගේ බෙල්ල මිරිකනවා සිහිනයෙන් මෙන් දැනීම නිසා . දහඩිය දමමින් අවදි වූ මා ෆිල්ටරයෙන් වතුර වීදුරුවක් ගෙන බී

” එක හමාරයි. දෙක විතර වෙනකොට ළමයිනුත් එයි. නින්ද ගිය නිසා දවල්ට කන්නත් බැරි වුණානේ…” කියලා කුස්සියට ගියේ කේතලය ලිපේ තියන්න.

එක පාරම මං ළගින් සුදු පැහැති චායාවක් මතු වී අතුරුදන් වූයේ සීතල සුළං පහරක් ඇගට දැනෙද්දී. මං ලිප පත්තුකරලා කේතලය ලිපේ තියනකොට මගේ පසුපස කවුරු හරි ඉන්න බවක් මට දැනුනෙන් මං පිටුපස හැරී බැලුවත් කවුරුත් සිටියේ නෑ. එහෙත් කිසිවෙකු මා දෙස බලා සිටින බවක් මට දැනෙන්නේ ඇයිදැයි කියලා හිතාගන්න බැරිවුණා.

ඉදිරිපස දොර හැර ප්ලාස්ටික් පුටුවක් ආලින්දයේ තැබුවේ දරුවන් එන තෙක් පාර බලං ඉන්න . පුටුවට වෙලා කල්පනා කරමින් ඉද්දී එක පාරම පුටුව පෙරළාගෙන බිමට වැටුණේ කවුරු හරි තල්ලු කල නිසා බව හොදාකාරවම දැනුණත් පේන්නට කවුරුත් හිටියේ නෑ . මේ නිසා තරමක බියක් මට දැනුණා.

“මේ මොන කරදරයක්ද අනේ… නිදහසේ ඉන්නත් නෑනේ” කියලා මම පුටුව උස්සලා තියලා පුටුවේ වාඩි වෙන්න බය නිසාම සිමෙන්ති පොළවේ වාඩි වෙලා පාර බලාගෙන හිටියා .

එකපාරටම ආයෙත් පුටුව පෙරළී බිමට වැටුණේ කවුරු හරි පයින් ගැසුවාක් සේය. තද සුළගක්ද නොවූ නිසා සිදුවන්නේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකිව මං කල්පනා කරමින් සිටියා .

“අම්මේ… අම්මේ… තේ එකක්….” කියමින් ආ බාල දුව මගේ කරේ එල්ලුණා. ඔවුන් ළඟට එනවාවත් මා දැක්කෙ නැත්තේ කල්පනා කරමින් සිටි නිසා.

” අම්මා බර කල්පනාවක වගෙ” ලොකු දුව කිවූ නිසා මම සිනාසුණා.

” අම්මට තනියම වැඩ කරලා මහන්සි ඇති” දෙවැනි දුව කීවේ මගේ හිස අතගාන ගමන් .

**********************************************

දරුවන් තිදෙනා සමග තේ පානය කර ඔවුන්ගේ රෙදි සෝදා, නහවා, පාසලෙන් දුන් ගෙදර වැඩ කිරීමට උදව් කර අවසන් වන විට සවස 6.30 වී තිබුණා.

” ලොකු මං උයන්න යනවා… තුන් දෙනාම ඇදුම් අයන් කරලා තියාගන්න”කියලා මම කුස්සියට ගියා .

සවස් වරුවම දරුවන් සමග කාලය ගත කිරීම නිසා දහවල් වූ සිදුවීම මට අමතක වෙලා තිබුණේ .

“අම්මෝ අක්කේ හරි මහන්සියි.” කියමින් නුස්‍රා නංගී ගයාන් මල්ලී සමග ආවා.

“පළවෙනි දවසෙම එපා වුණාද?” මම සිනහ වෙමින් ඇහුවා .

“අම්මෝ ඔව් හරි අමාරුයි අක්කේ . ඒත් ඉතිං මොකක් හරිම කරන්න එපැයි ජීවත් වෙන්න” කියමින් නුස්‍රා නංගී බංකුවේ ඉදගත්තා.

මුස්ලිම් තරුණියක් වුවත් මැනවින් සිංහල හසුරුවන ඇය මුස්ලිම් යුවතියක් යැයි හදුනාගත හැකි වූයේ සල්වාර් ඇදුම නිසාවෙනි .

“අනේ අම්මා …. අම්මා …” බාලම දියණිය බිය වී කෑ ගසන හඩ ඇසුණු නිසා මා එදෙසට දිව ගියේ වේගයෙන් .

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.