Katha Ahura

ඔබ මගේ ප්‍රාණයයි | 6 කොටස | නවකතාව

1.9/5 - (8 votes)

??ඔබ මගේ ප්‍රාණයයි??
//හයවන දිගහැරුම //

“ඇත්ත කියහන් මට…… කොහෙන්ද උබට මේ ෆෝන් එක….ආ….”

“ඉහි …ඉහි….. අ..අනේ ..තාත්තේ ….. ඉහි…ඉහී…..”

අනේ..තාත්තේ …නෙමෙයි …අහපු දේට උත්තර දීපිය….

ඉහි….. ඉහි…ඉහි….. ම..ම.. …… …

අමාලි ….මේ බලනව …. මේකි කරලා තියෙන වැඩේ…. මේකි ගාව ෆෝන් එකක් තියෙනවා….

ඇයි දෝනියෝ උබ අපිට මෙහෙම කරන්නේ…..කියහන්…. උබට අපි කෙරුව අඩුව මොකක්ඩ …උබව ලොකු ඉස්කොලේකට යැව්වා…. මැරෙනකන් දලු කඩල හම්බ කරන සල්ලි වලින් අපි උබට උගන්වනව ….

ඇත්ත කියහන්…. යකෝ ..නැත්නම් මන් උබව මරනව…..
(තාත්තා එහෙම කිව්වෙ හම් belt එකක් අතට ගන්නගමන් ….අම්මගෙඉ තාත්තගෙයි ඇස් වල කදුලු පිරිලා….. මන් මොනා කියන්නද කියලා දන්නෙ නෑ)

“චටස්….. චටස් ….චටස්…. කියහන් ඇත්ත…. කොහෙන්ද උබට මේක කියහන්….”

“අ…අනේ …එපා තත්තෙ ගහන්න ….එපා…. ” (එපා කියද්දිම තව පාරවල් තුන හතරක් වැදුනෙන් මට දැනුන වේදනාව දර ගත නොහැකි විය…)

ගහන්න …ගහනවා ..නෙමෙයි මම උබට….

එපා ඕඉ ගහන්න කෙල්ලට ඔය ඇති…

ඔය ඇති….! උබත් මේවට වග කියන්න ඕනි…උබනෙ මේකිගෙ අම්මා….

බලපිය …මේ … බලපිය….උබ හින්ද මන් අහගන්න දේවල්.. ඇයි දෝනි මෙහෙම කලේ… කවුද මේක දුන්නේ…ඌ .. කොහේ එකෙක්ද…?

මවගේ හඩ හැඩුම් බර වී ඇත..

එයා… ඉහි …ඉහි…. එයා හන්දුරුකන්දෙ ….
(පියාගෙ දෙනෙතින්ද කදුලු වැගිරෙනු දුටු මට කඋමක් කරන්නදැඉසිතා ගත නොහැකි විය..මන් කවමදාකවත් තාත්තා අඩනව දැකලා නෑ.. )

ඌ කොහේ උනත් කමක් නෑ …උබ මේ සම්බන්දෙ නවත්වනව කියලා පොරින්දු වෙන්න ඕනි … නත්නම් උබව මින් පස්සේ පන්තිවත් ඉස්කෝලෙවත් යවන්නෑ…
(තාත්තා එය පැවසුවේ ස්තීරවම බැව් මට හොදින්ම දැනුනෙන් ගැලවීමක් නොලබෙන බව මට දැනුනි…)

දෝනි මට කියහන් උබ ආයි මේ වගේ වැරැද්දක් කරන්නෑ කියලා…කියහන් මගෙ දෝනියෝ….

අ… අනේ …අම්මේ… මන් කොහොමඩ එහෙම කරන්නේ….

ඇයි උබට කරන්න බැරි කියහන්….. උබට උගෙන් කරදරයක් උනාද..?

නෑ…නෑ… එහෙම දෙයක් නෑ….

එහෙනම් ඌව අමතක කරහන්….

හ්ම්ම්ම්….

හ්ම්ම්…. නෙමෙයි ඌව අමතක කරනව කියහන්….

(මට ඒ දේ කියන්න හිත නොදුන්නත් මේ වෙලාවේ මට වෙන කරන්න දෙයක් නෑ.ආදරේ පටන් ගත්ත ගමන් මට ඒ ආදරේ අතාරින්න වෙන එක මට ඊටත් වඩා දරා ගන්න බැරි වේදනාවක්…???

හ…හරි…… මන් නතර කරන්නම්….අම්මේ…තා..තාත්තේ …. මට සමාවෙන්න ..!!
????????

(අඩලා අඩලා හෙම්බත් වෙලා හිටපු මට මන් තනි උනා කියලා හිතුනා…අඩන්න තවත් කදුලු ඉතුරුවෙලා නැති තරම්….මන් කොහොමද රුවන් අයියව අමතක කරන්නේ…..)??????

_____________________________________

රුවනුත් හිටියේ ටිකක් කලබල වෙලා මොකද වෙනදට රෑ එලි වෙනකම් msg කරන සුදූ ඊයෙ රෑ msg නොකල නිසා…. සුදූගෙ ෆෝන් එකත් ඕෆ් …සුදට කරදරයක් ද දන්නෑ….. මේ වගේ ප්‍රශ්න ගොඩාක් රුවන්ගෙ හිතේ ගොඩ ගැහුනා…

මොනවා උනත් කමක් නෑ …මන් යනවා අද දවල්ට මගෙ සුදු කෙල්ලව බලන්න…
???????

කොල්ලා වේලපහම පිට්ටනිය ගාවට ගිහින් කාංචනා එනකන් බලාගෙන හිටියේ හිතේ දහසක් ප්‍රශ්න තියාගෙන ..
???????

කාංචනාත් scl ගියාට හිටියේ ඇස් වල කදුලු පුරෝගෙන…

තනූ මේ හැමදෙයක්ම දැන ගෙන හිටිය නිසා එයා හැදුවේ කොහොම හරි මගේ හිත හදන්න…..

Scl ඇරෙනකන් උත්සාහ කලත් තනූටවත් බැරි උනා මගෙ හිත හදන්න..මොකද මන් ඒ තරමටම රුවන් අයියට ආදර කල නිසා… ???????එයාට කතා කරන්න ඕන උනත් කිසිම කෙනෙක් හිටියේ නෑ මට උදවුවක් ඉල්ල ගන්න….මන් මේ වෙලවෙ ඉන්නේ ගොඩාක් අසරන වෙලා…..

මන් scl බස් එකෙන් බැස්සෙත් අඩ අඩාමයි… ඒත් රුවන් අයියා පිට්ටනිය ගාව ඉන්නවා දැක්කම මට දැනුනු සතුට කියා ගන්න බැරි උනා….මන් දුවලා ගිහින් රුවන් අයියව බදා ගත්තේ අඩ අඩාමයි…..

“අ…අනෙ ..මගෙ …. අයියේ …”

“ඇයි රත්තරන් ….ඇයි මේ ….. කියන්න අප්පො මට …ඔයාට මොකද උනේ..”

“ඊයේ රෑ අපෙ තාත්තට එහෙම මගෙ ෆෝන් එක අහු උනා…. එ.. එයාලා…කිව්වා …මට ඔයාව… අ…අමතක කරන්න කියලා…. නැත්නම්….. scl….යවන්නේ නෑ කියලා …..”

“මොකක්…”
(රුවන්ටද සිදුව ඇති දෙය අදහා ගැනීමට නොහැකිව ඇත….. ඔහුටද ඇයව අමතක කරන්න බැරි ය…මොකද ඔහුද ඇයට එතරම් ආදරය කලේය…)

ඔ…ඔව් …අය්යේ …… ඒ උනාට මට ඒම කරන්න බෑ රත්තරන් .. මන් ඔයාට ගොඩාක් ආදරෙයි රත්තරන් ….

රුවන්ට ද කුමක් කියන්නදැයි සිතා ගත නොහැකි විය…

හරි…. ඔයා මන් කියන විදියට කරන්න රත්තරං ….

කි …කියන්න …. ඔයා වෙනුවෙන් මැරෙන්න උනත් මට පුලුවන් සුදු …

ඔයා මාව අමතක කරන්න…??

_____________________________________

රුවන් ඇත්තටම ද ඔහුව අමතක කරන්න යැයි පවසන්නේ…එසේනම් කංචනාට කුමක් වේවිද…

මේ හැමදේම ඔයාලට හෙට 10ට බලාගන්න පුලුවන්….

ඒනම් මන් ගිහින් එන්නම්කො …
????????

??kanchana??

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.