Katha Ahura

ඔබ මට හිමි වේ නම් | 03 කොටස| නවකතාව

කතාව කොහොමද?

……………………03 වෙනි කොටස …….

හෑන්ඩ් ෆෝන් එක එක පාරටම නාද වුණ නිසා මම ගැස්සිලා නැගිට්ටා.. අපෝ.. මේ අපතයා..

“මොකෝ ඕයි උදේ පාන්දරම..? මොකක්ද අවුල..?”

“නෑ බං සුමියො.. හැපි නිව්ස් එකක් බං.. අද අලුතින් ආපු කෙල්ලෙක්ගෙ උපන්දිනයලු.. තරූ ෆෝන් එකෙන් කාටද කියනවා මම අහගෙන හිටියා.. ඒකයි බොල මට හැපි..”

මම දන්නවනේ ඉතිං මූට හැපි ඇයි කියලා..

“ඉතිං..? දැන් උඹ මට මොකක්ද කරන්න කියන්නෙ..?”

“මොකුත් නෑ බං.. අපි ගමුද හොද ෆන් එකක්..?”

“හ්ම්.. හ්ම්.. බලමු..”

මම ෆෝන් එක කට් කරලා දැම්මා..

මාත් නැගිටලා අලුත් කිට් එකක් දාගෙන ඉක්මනට විදුදයට යන්න ලෑස්ති වුණා.. වෙන මොකුත් නිසා නෙමෙයි අර ඊයෙ දැක්ක රෝස කැකුළි දකින්න.. මමයි, කුමාරයයි පන්තියට ලගට යන කොට ජයන්තයා වටේටම සිග්නල් දානවා මයෙ හිතේ මේකා ක්ලාස් එකට එන කෙල්ලො ගණන් කනවා වෙන්න ඕන..

“මොකෝ බං මෙතන හොර ගල් අහුලන්නෙ..?”

“නිකන් බං..”

“හා..”

මමත් ඌට ලාවට ආතල් ටෝකක් දීලා පන්තිය ඇතුලට ගියා.. පංතියට ගියා විතරයි කුමාරයා ෂේප් එකේ තරූව මීට් වෙන්න යන්න හැදුවා.. කොහෙ යන්නද.. යන්න හැදුවා විතරයි සර් කාරයා පංතියෙ දොර ළග.. මට බකස් ගාලා හිනාවකුත් ගියා..

“ආ.. අද ළමයි ඔක්කොම ටික ඇවිත් තියෙන්නෙ..”

ඕකත් කියාගෙනම සර් කාරයා පංතිය ඇතුළට ඇවිත් වයිට් බෝඩ් පෙන් එක අතට ගත්තා..

“බලපං බං සුමියෝ.. තරූව බලන්න හැදුවා විතරයි මේ පකිස් බූරුවා කෙලගෙන පංතියට ආවනේ..”

පේන හැටියට කුමාරයට මල පැනලා වගේ.. මට නම් තාම හිනා.. මාත් ඉතිං හිනාව තදකරගෙන හිටියා.. මේකා ඉතින් මෝල් කාරයනේ..

සර් කාරයා මොකක්දෝ කියන්න වගේ ලෑස්තිය.. පොරගෙ ෆේස් එකෙන් කියන්න පුළුවන්.. ඇඹරිලා එනකොට..

“ආ.. පුතාලා මට කියන්න බැරි වුණා.. අපේ විදුදයට ආපු අලුත් ලමයින්ට අපේ පන්තිය ගැන කියලා දෙන්න ඒන.. ඒක නිසා අපි පොඩි උත්සවයක් තියන්න තීරණය කළා.. සුමිත් පුතා ඒකෙ මූලිත්වය අරගෙන ඒ ගැන ටිකක් බලන්න.. ඔයාගෙ සගයො ටිකත් එකතු කරගෙන ගිහින්..”

ඇයි යකෝ මටම මෙහෙම වෙන්නෙ.. මොන කරුමයක්ද.. විලි ලැජ්ජාවෙ පණ යනවා.. මේකා මට මූලිකත්වය දෙන්න ඇත්තෙ මම හොද කොල්ලා නිසා වෙන්න ඇති.. මගුලක් කතා කරනවා.. මේකා දන්නෙ මගේ හොද පැත්ත ගැන විතරයි.. අනිත් පැත්ත ඉතිං මූට පේන්නෙ නෑනෙ..

හ්ම්.. අපිත් අලුතෙන් ආපු කෙල්ලො කොල්ලො ටික හොයන්නෙ නැතුව මේන් හෝල් එක පැත්තට ගියා කරන්න තියෙන වැඩ ටික ඉවර කරලා පොඩි උත්සවයක් සූදානම් කරන්න.. මොකද අපිට අද ගොඩක් හොද දවසක්නෙ.. මගුල තමා.. මොන හොදක්ද.. දැන් කාපන්කො කටු හිටු කියලා..

කරන්න තියෙන වැඩ ටික ඉවර කරලා 10.30 වෙනකොට ඔක්කොම මේන් හෝල් එකට ඇවිත් හිටියා.. දැන් ළමයි ගේම පටන් ගන්න හදන්නෙ.. සර් කාරයා විදුදැය ගැන කියවගෙන ගියා..

“ළමයි ඔයාලා හැම කෙනාම දන්නවා විදුදය කියන්නෙ හැම පහසුකමකින්ම සපිරි දකුණු පළාතෙ තියෙන හොදම පන්තියක් කියලා.. ඒ දේ මම ඔයාලට පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකක් නෑ මම හිතන්නෙ.. ඔයාලට මේක ඔයාලගෙ පාසල වගේම පේනවා ඇති..”

ඒ කතාව නම් ඇත්ත තමා.. මොනා වුනත් මේ ක්ලාස් එක නම් පට්ට පට පට.. සමහර ඉස්කෝල වලටත් වඩා මේක හොදයි කියලා මට හිතෙනවා.. මොකද අපිට හැම පහසුකමක්ම දීලා තියෙනවා.. අවුල තියෙන්නෙ ඉතින් ඒවටත් එක්ක මාසෙට ගාණ ගන්න එක.. ඒක අපිට අවුලක් නෑ ඉතිං.. තාත්තා ඉන්නෙ ඒකටනේ.. සර් කාරයා ඉතිං පැය භාගයක් විතර වර්ණනාව දීලා මට ස්ටේජ් එකට කතා කරලා මයික් එක අතට දීලා ඉතුරු වැඩ ටික කරගෙන යන්න කිව්වා.. වස ලැජ්ජාව.. අලුත ආපු කෙල්ලො කොල්ලො ඔක්කොම බලාගනෙ ඉන්නවා.. මමත් ඉතින් ලාවට පොඩි එකා වගේ කතාව පටන් ගත්තා..

“යාලුවො හැමෝටමත් මා ඉදිරියේ සිටින ගුරුවරුන් සියලු දෙනාටමත් සුභ උදෑසනක් කියලා මුලින්ම කියනවා.. ඉතින් අපි අද මේ වගේ උත්සවයක් සංවිධානය කලේ අපි කවුරුත් දැන හදුනගන්න.. ඒ කිව්වෙ මේ දවස් ටිකේම අලුතින් යාලුවො ගොඩාක් අපේ ක්ලාස් එකට ඇවිල්ලා තිබුණා.. ඉතින් එයාලට මුලින්ම කියන්න කැමතියි අපි හැමෝමත් එක්ක සතුටින් සමගියෙන් ඉදලා හොදින් ඉගෙනීමෙ කටයුතු කරගෙන යන්න කියලා.. මොකද ඉගෙනීම කියන්නෙ අපේ ජීවිතයෙ වටිනාම දෙයක්.. මේ කාලෙ හැමදාම එන්නෙ නෑ.. ඒක නිසා ඉගෙනීමෙ කටයුතු කිසිම දෙයක් අතපසු කරගන්න එපා.. මොකද අපිට කවදාවත් කාලය ආපස්සට ගන්න බෑ.. ඒ ගැන ඔයාලට මම වැඩිය කියන්න අවශ්‍ය වෙන්නෙ නෑ.. මොකද අපි හැමෝම ඒ ගැන හොදින් දන්න නිසා.. තවත් පුංචි දෙයක් මතක් කරන්න ඕන…………………………”

කොල්ලන්ගෙ සද්දෙ මැද්දෙ මමත් ගේම අතාරින්නෙ නැතුව ඇදගෙන ගියා..

“සුමියො සුමියො.. මේ.. අර කෙල්ලට සිංදුවක් කියන්න කියලා කියපිය.. ඒකි ඉන්නවා මම දැක්කා දෙවනි පේලියෙ.. ඉක්මනට කියපන්..”

කුමාරයා පිටිපස්සෙ ඉදන් කෑගහනවා.. මටත් ඒක මතක්වුනේ දැන්.. පොඩි ආතල් එකක් ගන්නත් එක්ක මමත් වැඩේ එලට දුන්නා..

“හ්ම්… අපි වෙනසකටත් එක්ක සිංදුවක් අහමුද.. මොකද යාලුවො කියන්නෙ.. ”

“නියමයි නියමයි.. කමෝන් සුමී කමෝන්..”

කොල්ලො සෙට් එකම කෑගහන්න ගත්තා.. මුන්ට ඉතිං ආතල් කිව්වොත්..

“මා එසේ නම් මුලින්ම ආරාධනා කරනවා අප පන්තියට පැමිණ නවක සිසුවියක් වන සංසලා යෙහෙලියට අප සැම ගීයකින් පිනවන ලෙස..”

මාත් ඔන්න ගේම සුපිරියට දුන්නා.. කෙල්ල නම් බයවෙලා වගේ.. මට නම් ඒ ගැන ගොඩක් දුක හිතුනා.. මොන කාරන්නද පැටියො.. මට ඔයාගෙ කටහඩ අහන්න ලොකු උවමනාවක් තිබුණා.. ඔය අස්සෙ කොල්ලො කෑ ගහනවා.. කමෝන් කමෝන් කියලා.. කෙල්ල එන පාටයි ස්ටේජ් එක පැත්තට.. මාත් එයාට මයික් එක දීළා පැත්තකට වුණා.. සර් කාරයත් ලාවට හිනාවක් දාලා අත්පොඩි පාරක් දුන්නා.. ඕකත් ඉතින් නාකි කුකුලා කියලා මම නොදන්නවයි..

“උන්නා එක ගංඟාවක රන් වන් පුංචි මාළුවෝ…
උන් කී ඒ කතන්දරේ අක්කේ දැන් අහන්නකෝ..
අක්කා වගේ රූපෙන් යස………………………………”

“සුමියෝ.. මේ අරකිමද බං.. පිස්සු හැදෙන වොයිස් එකක්නේ..”

සිරාවටම මමත් මීට කලින් මෙච්චර පට්ට වොයිස් එකක් අහලා නෑ.. පිස්සු හැදෙනවා.. මට නම් මාර හැපි ඉතිං.. කොල්ලො හැමෝමගෙම විසිල් පාර මැද්දෙ කෙල්ල ස්තුතියි කියලා මගේ අතට මයික් එක දීලා ස්ටේජ් එකෙන් බැහැලා බිම බලාගෙන ගිහින් ඉදපු තැනින්ම වාඩි වුණා..

“ඒයි සුමියා.. අපිට දැන් ඔයාගෙනුත් සිංදුවක් ඕන.. කමෝන්.. කමෝන්..”

මග මගුලයි.. දැන් කියපන්කො ඉතිං සිංදුවක්.. ඇත්තම කිව්වොත් ඉතිං මට ඔය සබ්ජෙක්ට් එකත් පට්ටෙට පුලුවන්.. මමත් ඉතින් පටන්ගත්තා..

“තව එක සැරයක්.. ඔබ හමුවන්නට ඇත්නම්..
නොසගවා පවසන්නම්.. ඔබට ආදරෙයි මං..
නැහැ ඉවසිල්ලක්.. සිත ඔබ විමසනවා දැන්..
කුමක් කරන්නද මං………………………………”

මම සිංදුවත් අමාරුවෙන් කියාගෙන.. තව තව වල් පල් ටිකක් ඇදලා දාලා ඒ ගේමත් ක්ලෝස් කරා.. අපි වැඩේ ඉවර කරනකොට වෙලාව 2.30 විතර වෙලා..

“සුමියෝ උඹ සිංදුව නම් සිරාවට කිව්වා හොදේ..”

කුමාරයා පංතියට යන ගමන් කිව්වා..

“තෑන්ක්ස්.. තෑන්ක්ස්..මේ ඒක නෙමෙයි කුමාරයා.. සංසලා මොන ක්ලාස් එකේද බං ඉන්නෙ..?”

“ඈ.. ඇයි උඹ එහෙම ඇහුවෙ..”

මේකා මගුලක් කතා කරනවා..

“දැන්නවා නම් කියපන්.. නැත්නම් නෑ කියපං.. මොකක්ද බං.. මම ඒකි යනවා දැක්කෙ නෑ.. ඒකයි ඇහුවෙ..”

“අපෝ තරහා ගන්න එපා බං.. මම හිතන විදියට අර කොනේම තියෙන ගණන් ක්ලාස් එකේද කොහෙද..”

අපි සෙට් එක පන්තියට යන්න කලින්ම සර් කාරයා පංතියට ඇවිත් හිටියා..

“ආ සුමිත් පුතා එන්න එන්න.. දැන් ළමයි ඔක්කොම ඇවිත් ඉන්නවනේ.. අපිට අද ගොඩක් පාඩම් මගහැරුනා.. අපි ඉක්මනින් ඒ ටික කරමු.. කොතනින්ද අපි නැවැත්තුවේ……..”

දැන් මොන පාඩම්ද.. මට නම් එපාවෙලා ඉන්නෙ.. එහෙම කියලා බෑනෙ.. මාත් ඉතිං පොතත් පෙරලගෙන වැඩේට සෙට් වුනා.. සර් කාරයත් කියාගෙන කියාගෙන ගියා.. අපිත් ලියාගෙන ලියාගෙන ගියා..

“කුමාර.. මොකද ඔය කරන්නෙ.. තමුන් පාඩම ගැන අවධානය යොමු කරනවා.. ඔයාලා දන්නවා අපිට ලොකු වගකීමක් තියෙනවා ඔයාලා ගැන.. මොකද දෙමාපියො තමුන්ලා අපි ගාවට එවන්නෙ අපි හොදින් උගන්වන නිසා.. ඉතින් තමුන්ලා මේ වගේ වෙන වෙන දේවල් ගැන හිත හිත ඉදියාම පාඩම ගැන හිතට වැටෙන්නෙ නෑ.. අන්තිමට විභාගෙ අසමත් වුණාම අම්මලා තාත්තලා ඇවිල්ලා අපිට බැනලා යනවා.. මොනවද ඉගැන්නුවෙ කියලා.. ඒක නිසා පාඩමට හිත යොමු කරන්න.. මනස්ගාත වලින් හිත පුරවගෙන ඉගෙනගන්න බෑ..”

හුටා පටස්.. ඔය කරගත්තෙ.. මේකා මොනවා ගැන කල්පනා කරනවද මංදා..

සර් කාරයත් බොක්කටම වදින්න ටෝක් දෙනවා.. සර් කියන කතාවත් ඇත්ත තමා.. අපි හොදට ඉගෙන ගත්තොත් අපිටයි හොද.. මොකද එයාලත් උත්සාහ ගන්නෙ අපි තැනකට ගන්නනේ.. මාත් අද ඉදන් හොදට පාඩම් කරන්න ඕන.. මීට වඩා උනන්දු වෙන්න ඕන.. මං මටම කියාගත්තා..
……………………..මතු සම්බන්දයි ……………

15 thoughts on “ඔබ මට හිමි වේ නම් | 03 කොටස| නවකතාව”

  1. Kathawa supiri..mula idanma kiyeuwa excellent rate kara eth comment karanna beri una.Aththatama oyage kathawa mawa ayeth a/l kaleta aran yanawa.a mathakayan aye aluth wenawa kathawa kiyawaddii…a kale thama jeewithe lassanama funma kale mama hithanne hamogema nedaa….kathawa digatama liyanna oyata suba pathanawa….

  2. Ranmali subasinghe

    ලස්සනට ලියලා තියනවා… අපි හැමදාම කියවනවා ??? හෙටත් දිගගගගගග එපියක් දාන්න ??

    ගුඩ් ලක්!!! ??????????

  3. Hashini Navanjana.

    වාව්… ☺️☺️☺️ අද කොටසත් ලස්සනම ලස්සනයී අයියේ…. ?? මට මේ කොටස කියවනකොට මතක් උණේම සිපාරා ක්ලාස් එකේ චන්දිම සර්ගෙ ක්ලාස් එක. ?? ඒකෙත් මේ වගෙම සින්දු ? ? ? කියලා ෆන් එකේ ඉදියා.. ඔයා ඒ දේවල් ලස්සනම ලස්සනට ලියනවා… ??? ලස්සන ආදර ? කතාවක් වගේම, හරිම ජොලි ? කතාවක්…
    Best of luck.. ?????

  4. Thakshi Deepali Jayasuriya

    කතාව ලස්සනයි…ඇත්තටම මමත් ඒ ලෙවල් කරලා මාස අටක් වත් ගෙවිලා නෑ…ඒ කාලේ සිදුවුනු සිදුවීම් එකින් එක මැවිලා පේනවා මේක කියවද්දි…හරිම ලස්සන කතාවක් අයියේ…අද තමයි කාලෙකට පස්සේ කතා අහඅර පැත්තට ආවේ..ඔයාගේ කතා ටික සේරම කියෙව්වා…Best of luck

  5. Vibushani madu

    Kathawa lassanai aiye wenada wagema mnnm a/l karla wadi kalayak na aiye thama giya sare kare dn e kale yaluwo hamba wennewath na e dawasnm mara joly pissumai natuwe aiyla wagema mata oyage kathawa kiyawddi mage a/l kale mathak wenawa. E kale hari shok neda aiye. Ehenm kathawa digatam danna aiye dawsakwath noda inna epa ane hode. Mn hamadam oyage kathawa kiywanna enawa bs good luck aiye

    1. Ow nangiya Katha ahuren nitharama kathawa balanna pluwan nitharama danwa eka wardinne na issarata hoda hoda ewa balanna pluwan free welawata mage sinduth ahanna hode

  6. ? මහිංසා ?

    ?????? කතාව පට්ටම සුපිරියි ….පාසල් කාලේ මතක් වෙනවා …ලොකු ඉස්සර මාත් හිතුවා ..ඒත් ඒ ලෙවල් අනාගත්තා සුපිරියට…

  7. Loves story එක ටික ටික අප්ඩේට් වෙනවා නේ…
    ඔහොම යන්කො…..
    කතාවනම් ????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.