Katha Ahura

ඔබ මට හිමි වේ නම් | 06 කොටස| නවකතාව

5/5 - (1 vote)

………………….06 වෙනි කොටස …………

අපි පන්තිය ඉවර වෙලා ටවුන් එකට ආවා.. එතකොටයි මතක් වුනේ තුෂාරයා ලෙඩ වුනා කියන එක ගැන..

“මේ මචංලා.. ඒක නෙමෙයි.. තුෂාරයා බලන්න යන්නෙ නැද්ද බං..? මොනා වුණත් අපේ බොක්කක්නෙ බං..”

“අඩෝ නිකන් යන්න පුළුවන්ද බං, ලෙඩෙක් බලන්න යනකොට මොනා හරි අරගෙන යන්න එපැයි.. අඩුම තරමෙ ටොපියක්වත්..”

“ඇයි මචං සූප්පු කරන්නද..?”

ධමියා නක්කලේට වගේ ඇහුවා..

“නෑ සූප්පු කරන්න නෙමෙයි.. උඹගෙ… මම කිව්වා කියලා හිතාගනිංකො..”

ඒ කේස් එකට නම් අපි සෙට් එකටම හිනා..

“හරි.. හරි බං ඔය මොනවා හරි ගෙනියමු..”

“මේ.. මේ.. අර බලපල්ලා.. කාන්ති, දිනිති, අනුපමා, ශිරානි නේද මේ පැත්තට වඩින්නෙ.. ?”

ධමියා කට පුරවලා කිව්වා.. මොකෝ ඌ ට්‍රයි කරන කෑල්ලත් ඒ අස්සෙ ඉන්නවනේ..

ඔයාලා අද තුෂාර බලන්න යන්නෙ නැද්ද..? අපි යන්න කියලා හදන්නෙ.. ඔයාලත් යනවා නම් අපිත් එක්ක යමු..

“ඒ කවුද බං ඒ චීත්තෙ.. ඒ ඩිංකට තුෂාරයා ලෙඩවෙලා කියලා මුන්ට කියපු..”

මම ජයන්තයට හෙමීට කිව්වෙ කාටවත් ඇහෙන්නෙ නැති වෙන්න..

“ඔව් ඔව් බොලව්නෙ.. අපි මේ යන්න තමයි හදන්නෙ.. ඔයාලා යන්න අපි පස්සෙ එන්නම්..”

මම එහෙම කියනකොට මොකාද මන්දා මාව කෙනිත්තුවා..

“මොකෝ බං ධමියො කොනිත්තන්නෙ.. උඹට වලිප්පුවද..?”

කොනිත්තපු එක රිදුන නිසාද මන්දා මට හයියෙන්ම කියවුනා.. කෙල්ලො සෙට් එකටයි අපේ එවුන් සෙට් එකටයි බඩ අල්ලගෙන හිනා.. මගෙත් කට හොද නෑ.. මේකගෙ මූණ අමුතු වුණා..

“සුමී එහෙනම් අපි යනවා.. ඔයාලා පස්සෙ එන්න..”

“හරි.. ඔයාලා යන්නකො.. අපි පස්සෙ එන්නම්..”

කෙල්ලො ටික එහෙම කියලා යන්න ගියා.. ධමියට මාර අප්සට්, මොකද දමියා ෆුල් ට්‍රයිනේ දිනිතිට.. මට පවු කියලත් හිතුනා මොකද අද සුවර් එකට ධමියට ටෝක් එකක් දෙන්න තිබ්බ දවස..

“අම්මපා මේකට යන කේන්තියට මම තනියෙම හිටියා නම් මෙලහකටත් අඩි හයක් යටට යවලා..”

“හරි හරි.. දැන් කියපල්ලකෝ දමියට ගෙනියන්නෙ මොනවද කියලා..”

කුමාරයා ඒකමයි අහන්නෙ..

“ගෙනියන්න නම් කඩවල් වල ඕන තරම් දේවල් තියෙනවා.. දැන් කියපල්ලා උඹලා ගාව ඒවා ගන්න සල්ලි තියෙනවද කියලා..”

“අම්මටසිරි වෙනවා..”

කුමාරයා උඩ ගිහින් බිම වැටුණා වගේ..

“ඒකනේ සීන් එක.. අපි මෙහෙම කරමු.. පොඩි සිංදුවක් කියලා ඔය පාරෙ යන එවුන්ගෙන් ආධාරයක් ඉල්ලමු.. මම කැප් එක අල්ලන්නම්.. බොලා සිංදුව කියපල්ලා..”

“අන්න වැඩේ..”

“ගම්මානෙ හැඩයි නුඹ සිටියා නම්..
වෙල් යාය සරුයි නුඹ දැක්කා නම්..
ගල් ලිදේ වතුර නුඹ බොනවා නම්..
මගෙ කන්දෙ පැළට කැන්දම් එන්නම්..”

“ආදරණිය අම්මේ තාත්තේ, අයියේ අක්කේ, නැන්දේ, නැන්දගෙ පුතේ.. අපි මේ ඔබතුමාලට සිංදුවක් කියලා ආධාරයක් ඉල්ලන්නෙ අපේ යාලුවෙක්ගෙ අහිංසක ජීවිතයක් බේරගන්න.. ඒ නිසා ඔබට හැකි පමණින් අප හට මුදලින් ආධාරයක් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.. ස්තුතියි!”

“සුමී.. මොනවද බං අර හරකා සිංදුව නවත්තලා කියවන්නෙ..?”

“අනේ මන්දා බං.. අම්මට සිරි.. යකෝ සීයෙ කොල හිටන් වැටෙනවනේ.. මොකක්ද මේකා කිව්වෙ..? ”

“ඒකනේ බං..”

කුමාරයා මොනවද කියවලා කියවලා කැප් එකෙත් සල්ලි පුරවගෙන මේ පැත්තට එනවා..

“මොනවද බං උඹ අර මිනිස්සුන්ට කිව්වෙ..?”

“ඒවා උඹලට වැඩක් නෑ.. මෙන්න සල්ලි.. දැන් යමං තුෂාරයව බලන්න..”

“එල.. යමං.. අපි ඉස්සරහ කඩේකින් මොනා හරි ගමු..”

“අඩෝ මචංලා.. අර එන්නෙ නිම්මියි.. අර පන්තියට ආපු රානි මුකර්ජියි නේද..? ”

ජයන්තයා කට පුරවලා ඒක කිව්වෙ.. ඒ එක්කම තමා මාත් ඒ පැත්ත බැලුවෙ නිකමට වගේ.. අම්මට සිරි ඇත්ත නේන්නම්.. මේ එන්නෙ මගේ සිහින කුමාරි.. අද නම් එයා කියන්න බැරි තරම් ලස්සනයි..

“මේ යමං.. අපි ගිහින් උන් දෙන්නටත් කැප් එක දික් කරමු.. අනිවා මොනරෙක් ලැබෙයි..”

මම එහෙම කිව්වෙ නිම්මි කියන්නෙ පට්ට ලොකු අත්තක් නිසා.. අත්තක් කිව්වෙ බං සල්ලි කාරයෙක් කියන එක..

“ඔව් අනිවා ලැබෙයි.. අසිත් ඔය පැත්තට ආවොත්..”

කුමාරයා කියපු කතාවට නම් මට හීනියට අප්සට් ගියා.. මගේ පුංචි කුමාරිගෙ ළගට ගිහින් මූණ බලන්න බැරි වෙයිදෝ කියලා..

“උඹලා දන්නවනේ බං අසිතයා එදා ඉදන් අපේ හතුරෙක් කියලා.. ඌ අලි සයිස්.. අඩි ගානක් උඩින් යන්නෙ.. නිම්මිත් හිත හොද වුණාට.. ඒකිත් අසිතයා වගේම සල්ලි කදක්නෙ බං.. අනික ඌ කැමති නෑ නිම්මි වෙන කොල්ලො එක්ක කතා කරනවට.. කරුමෙට හරි අපි නිම්මි ලග ඉන්නවා දැක්කොත් බුදු සරණයි ඈ..”

කුමාරයා කියන කතාව නම් ඇත්ත.. නිම්මි, අසිත කියන්නෙ පට්ට සල්ලිකාර කපල් එකක්.. ඒ නිසාම තමා දෙන්නගෙම ගෙවල් වලින් කැමැත්ත දෙන්නත් ඇත්තෙ.. අනේ ඉතිං අපිට මොකෝ..

“අඩෝ කුමාරයා.. උඹ පිරිමියෙක්ද කියපං.. අසිතයා කියන්නෙ මොකෙක්ද බං.. ඌ උඩින් ඉන්නෙ සල්ලි නිසා.. නැත්නම් ඌට කරන්න පුලුවන් මගුලක් නෑ.. උඹ කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ ඉදපං..”

ධමියා ෆට්ට ගඩක් අරගෙන තමා කුමාරයට ටෝක දුන්නෙ..

“කවුද බං බයවුණේ.. කාගෙද කොන්ද පණ නැත්තෙ.. දෙයක් වෙන්න කලින් කිව්වෙ බං.. සල්ලි තියෙන එකා ළග මිනිස්සු ඉන්නවා.. අපිට වගේ නෙමෙයි.. මිනිහෙක් මැරුවත් ඊලග දවසෙ උන් එලියෙ.. අපිට එහෙම බෑනෙ බං..”

කුමාරයා පස්ස ගහනවා වගේ මට තේරුණා.. මොකද කුමාරයා දන්නවා අසිත් ගැන..

“හරි හරි කුමා.. උඹට බැරි නම් ඉදපං.. අපි යනවා..”

“මේ හිටපල්ලා යකුනේ.. මැරෙන්න වුණත් මම උඹලත් එක්ක එනවා.. කැත හිත තියෙන ඩයල් එකක් නෙමෙයි මේ කුමාරයා.. උඹලා දන්නවනේ..”

“හරි හරි.. අපි ඒක දන්නවා.. උඹ බය නෑ කියලා.. දැන් වරෙන් යන්න.. අනික දැන් අසිතයා එතන නෑනේ..”

අපි ළගට යන්න කලින් නිම්මි අපිව දැකලා අපි ඉන්න පැත්තට දෙන්නත් එක්ක දුවගෙන ආවා.. අපිට ඉතින් මාර ෆිට්.. මම මොකට ගියත් මගේ ඇස් දෙක තිබ්බෙ මගේ සිහින කුමරි ළග.. ගියා විතරයි එයා මාත් එක්ක පොඩි හිනාවක් දැම්මා.. ඒ හිනාව නම් මගේ බොක්කටම වැදුනා.. උන් හිටි තැන් අමතක වෙලා මොනවද වුණා වගේ.. එයා හිනාවෙනකොට නම් පිස්සු කොර..

“ආ.. කට්ටිය මොකද අද ගේමකටවත් බැහැලද..? පංති ඉවරවෙලා ගෙදර යන්නෙ නැතුව..?”

මට නම් මොනා කිව්වත් ඇහෙන්නෙ නැති ගාණයි.. මම මගේ සුරංගනාවි දිහා බලාගෙන ආදර ලෝකෙ තනිවෙලා වගේ උන්නෙ..

“සුමි.. සුමී.. මොකො බං..?”

ජයන්තයා මගේ ඇතට තට්ටු කරනකොට තමා මට ඇහැරුනේ..

“ඇ.. ඇයි බං.. කියපන්..”

“නිම්මිට සීන් එක කියපන්.. ”

“මේකයි නිම්ම.. ඔයා දන්නවනේ අපේ තුෂාරයා.. අන්න ඒකා ලෙඩවෙලා.. ඉතිං……..”

“Oh my god..!!! මොනා වෙලාද එයාට..?”

“දන්නෙ නෑ හලෝ හරියට විස්තරයක්.. අපි මේ එයාව බලන්න යන්න කියලා හදන්නෙ.. ඉතින් මේකයි අවුල.. අපිට ඔය සීන් එක ආරංචි වුණේ ක්ලාස් එකට යනකොට බඩීගෙන්.. ඉතිං අපි ගාව සල්ලි නෑ.. ගෙදර ගියොත් එන්න ලැබෙන්නෙත් නෑ.. අපි මේ පොඩි ආධාරයක් ඉල්ලනවා පාරෙ යන අයගෙන්..”

ධමියා නම් ගම කනවා..

“ආ.. ආධාර එකතු කරන්න ඕන නෑ.. ඉන්න මම දෙන්නම්..”

ඒකි එහෙම කියලා පර්ස් එක එළියට ගත්තා විතරයි හයිබ්‍රිඩ් කාර් එකක් කෙලගෙන ඇවිත් අපි ළගින් නැවැත්තුවා.. අපි හරියට කාර් පාක් එකේ හිටියා වගේනේ යකෝ..

මතු සම්බන්දයි

21 thoughts on “ඔබ මට හිමි වේ නම් | 06 කොටස| නවකතාව”

  1. අනෙ අපොයි ගුටි කන්න වෙයිද? ලෙඩා බලන්න කොහොමද වෙතත් ඒ යාලට hospital යන්න වෙයිද?
    හොඳ වැඩක්නෙ කරන්න ගියෙ ඒ හින්දා වත් ගුටි නොකා බෙරෙයි.
    ලස්සන කතාවක් ඒ වගේම ඔයා ලියන භාෂාව හරිම ආකර්ෂණීයයි.ඒ නිසා ආශාවෙන් කියවනවා.ඔයාගෙම කාතාව කීවනේ.ඉතිං මල්ලියෙ මං සුබ පතනවා ඔයාට තවත් ඉදිරියට මෙම වගේම ලස්සන කතා මෙ ap එකට දාන්න.මං ගොඩක් කැමති ap එකට .ඉතිං මං අද වගේම හෙටත් ඉදිරියටත් මේ කතා කියවන්න බලාගෙන ඉන්නවා.ඔයාට සුභ අනාගතයක් පතනවා.best of luck.

    1. Thank you so much akke aniwarenma mama thawa keti kathawak liyanwa ekamanata dannam song wagayak thiye eka ewara unu gaman dannwa heheh dakune kollek nisa monawa wawwda danne na neda heheh thanks akke budusaranyi

  2. Chathu indeewaree

    අදත් කතාව ගොඩාක්ම ලස්සනයි අයියේ….. හිනා වෙලාම පණත් නෑ…කොලු කමට කරන වැඩ ගැන කොලු භාෂාවෙන්ම ලියලා තියෙනවා , අපි ගතකළ ඒ සුන්දර ජීවිතය මතක් වෙන්නම. ඇත්තම කියනවානම් මමනම් වැස්සකටවත් ටියුෂන් එකකට ගොඩ වුණ කෙනෙක් නෙවෙයි.මොකද මගෙ අප්පච්චි මේසෙන් වැඩ කළේ. හත් දෙනෙක් ස්කූල් යවනවා කියන එකත් ලොකු අභියෝගයක් ඒ කාලෙ හැටියට. ඒ නිසා ටියුෂන් ගියේ නෑ අපි කවුරුවත්ම. ස්කූල් එකේ ඉගෙන ගත්ත දේවල් ගෙදරදි ආයේ ආයේ පාඩම් කරලයි මම එක්සෑම් පාස් වෙලා කැම්පස් ගියේ.. ඒත් ස්කූල් එකේදී ඇති තරම්‍ යාළුවෝ එක්ක ඔහොම වැඩ කළා අයියේ..ටියුෂන් නොගියත් මටත් ඔය වගේ ලස්සන අතීතයක් තිබුණා. ගොඩාක් ස්තූතියි අයියේ ආයෙත් ඒ ලස්සන අතීතය මතක් කළාට…මගෙන් ඉගෙන ගන්න දරුවෝ මට වඩා අවුරුදු කීපයයි බාල. ඒත් ඒ ළමයින්ගේ වගේම පොදුවේ ගත්තම වර්තමානයේ ඉන්න මේ වයසේ ළමයින්ගේ ජීවිතයනම් මේ තරම් සුන්දර නෑ කියලා මට හිතෙනවා අයියා. අපි ජීවිතේ වින්දා. ඒත් මේ ළමයි අද යන දිශාව ගැන හිතද්දී හරි දුකයි. ඩේටා වලින් හුස්ම ගන්න තාරුණ්‍යක් තමයි වර්තමානයේ තියෙන්නේ. බැඳීම් වලින්, යාළුවන්ගෙන් , අම්මා තාත්තගෙන් දුරස් වෙලා.. ඉවසීම කියන දේ 0යි. ඒ නිසානේ පුංචි දේටත් ගහමරා ගන්නේ. අම්ම තාත්තට අත උස්සන්නේ.. ඉතින් ඒ අතින් බලද්දි අපි ගොඩාක් වාසනාවන්තයි කියලා මට හිතෙනවා.

    මොනා වුණත් කතාවනම් ගොඩාක්ම ලස්සනයි අයියා….???????????????????

    ඔයාගේ කතාව ඇතුළෙ අපිව ජීවත් කරවනවා අයියා. ඔයා ඒ තරම්ම තාත්ත්විකව කතාව ලියනවා. කොහොමත් මම ඔයාගේ කතාවේ ඉන්නවා… හේ හේ…මගෙ නමටත් නිම්මි කියලා එනවා හොඳේ… ඒකයි එහෙම කීවේ.. ලස්සනම ලස්සන කතා හැමදාමත් ලියන්න හොඳේ… සුභ පතනවා හදවතින්ම අයියේ ඔයාට දක්ෂ ලේඛකයෙක් වෙන්න ලැබෙන්න කියලා.. බුදු සරණයි!!!

    අදහස් දැක්වීම හිතුවට වඩා දීර්ඝ වුණා.. සමාවෙන්න හොඳේ…. හෙට ඉතින් අඬන්න බලාගෙන ඉන්න එපැයි නේද???? සතුටින් ඉන්නකෝ සුදු මහත්තයා…. Lol….

    1. Chathu indeewaree

      කතාවට වඩා දිගයි වගේ අනේ කමෙන්ට් එක. අයියෝ සමාවෙන්නකෝ අයියා.. සමාව දීලා සතුටින් ඉන හොඳේ….??????????????

      1. ඔයත් සතුටින් ඉන්න සුදු නෝනේ හොඳේ ????? ඔව් ඔව් ඉස්සරහට හඬන්න වෙන නිසා දැන් සතුටින් ඉන්නකො ඔයා හොද

    2. හදවතට දැනුණු කොමෙන්ට් එකක් පුංචි කඳුලකුත් ආවා nangiya ඒ වෙන කිසිම දෙයකට නෙවෙයි ඔයාගේ තාත්තා ගැන හිතලා ඒ වගේම සතුටුයි ඔයා අද ඉන්න තැන දැක්කම මං එකක් කිව්වෙ ඒකයි මේ මගේ ඇත්තම ආදර කතාව සමහරක් තැන් මං මනංකල්පිත කරා මේ ඕගොල්ලන්ට කියවන්න ආස හිතෙන්න මං මං කතාවෙ අන්තිමටම දෙකක් කියනවා ඒක අනිවාර්යයෙන්ම බලන්න ගොඩාක්ම සතුටින් මේ වගේ ලොකු කොමෙන්ට් එකකින් මාව දිරිමත් කරාට ඇත්තටම මං කෙටිකතා නවකතා ලියන්නෙ මව් රටින් පිට ඉන්න අපිට හිතට සහනයක් ලැබෙන්නේ ඇත්තටම අද තමයි මගෙ කතාවලට ම නියම වටිනාකමක් ලැබිලා තියෙන්නේ කතා අහූර නිසා මං ඇත්තටම ගොඩක් ප්‍රසිද්ධ මම ලියන සින්දු වලට මොකද එක හිරු එෆ්එම් හිරු ටීවී වෙල යන නිසා හැම කොටසකටම මේ වගේ ලස්සන කොමෙන්ට් එකක් දෙන්න ඒක මට ලොකු ශක්තියක් තෙරුවන් සරණයි බුදු සරණයි ඔයාගේ සියලුම වැඩ ඒ විදියටම සාර්ථක වෙන්නේ කළ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  3. Hashini Navanjana.

    අයියෝ…. අසිත් නේද ආවේ..?? ? තුෂාර බලන්න යනවා කොහොම උනත් හොස්පිටල් යන්න වෙයිද මෙයාලට. වලියක් යයි නේ එහෙනම්.. ???? අදත් හරීම ලස්සනයී අයියේ කතාව.. ☺️☺️
    ???????

    1. ඔන්න මම නම් දන්නෑ කවුද ආවෙ කියලා බොහොම ස්තූතියි නංගියා කතාව ආදරෙන් බලනකොට බුදු සරණයි ඔයාට

  4. Vibushani madu

    Asith neda e awe ada waliyak thiynawa kiuwata waliya heta wage neda. Aiye oya iye kotase dala thibbe thaththage balaporoththu ishta karnna one kiyla oya eka karada aiye ekatanm mt godaaaaak duka hithuna aiye. Oya thaththat godak adarei neda aiye math godak adarei eth mnnm mage thaththage moonawath dakala na mage thaththa nathi wela aiye ekai mt duka hithune kohoma hari oya oyage thaththage balaporoththu ishta karanm eka loku deyak aiye. Kathawanm lassanai wenada wagema hina ynawa aiye. Hodata liynna aiye digatam oyata bs.

    1. මගේ තාත්තා අද පැවිදි කෙනෙක් නංගි අදටත් මට එයාට අපේ හාමුදුරුවෝ කියලා කියන්න බෑ මං තාමත් කියන්නේ මගේ තාත්තා කියලා අම්මයි නංගියි විතරයි ගෙදර ඉන්නේ නංගි නම් -ගිය අවුරුද්දේ Aලෙවල් කරලා අම්මත් එක ගෙදරට වෙලා ඉන්නවා අනේ ඔයාගේ කොමෙන්ට් එක හරි දුකයි නංගි බොහොම ස්තූතියි කතාව ආසාවෙන් බලන කොට තෙරුවන් සරණයි ඔයාට

      1. Vibushani madu

        Ekanm aththa aiye thaththa kiynne hama daruwekgema loke weeraya ehema kenekta thaththa nokiya wena kohoma katha karnnda neda aiye. Oyage thaththa jiwithe anithya therum aran neda aiye matath hithenawa aiye ehema welawath mage thaththath mn laga hitiyanm kiyl

        1. Aniwarenma nangiya eka aththa mama thaththa wenuen song dekak Kara oya YouTube Hari Google eka Hari me nam deka ganna
          Raja maduru wiman
          Pera kala

  5. Aththtma me kthawa nm hungak lssnai.eetath wda kattiya dana comment saha oya dana rpl wlin patakaya ha rachkya athra honda badeemk thyna bwa penwa sumee.hungkmaoya kthakrna widiyta mn hri aasai.kthawa awsane apiwa andawnne ehema epa hndee.budu srnai

    1. Heheh jivithe duka sathuta dekama thiyenen one ne onna adanna ba hode Mata dukayi ne ethakota ow mage dewal agaya karana ayata math watinakamk denna one neda ethakotayi eyala mama wenuwen innawa thank you so much dear me me mage sinduth ahanna one hode

  6. අඩේ අයියා බ්‍රෝ…
    මේ කතාව කියවද්දී මටත් මොකක්ද වෙනවා…
    සුපිරිම ආතල් එකක්නේ ඔයා ඒ… කාලේ අරගෙන තියෙන්නේ….
    කතාවනම් මරු හොදේ ඒක නිසා ෆුල් රේට් එක එදත් අදත් හෙටත් මගෙන් ඔයාට ..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.