Katha Ahura

කන්‍යාරාමය| 01 කොටස | හොල්මන් කතා |

5/5 - (1 vote)

කන්‍යාරාම,බෝඩිම්, හොස්ටල්, ළමානිවාස තුළ සිදුවන බොහෝ සත්‍ය සිදුවීම් බොහෝ අපරාධ අදටත් කාලයේ වැලි තලාවෙන්වැසී ඇත. මේ එවන් වූ සත්‍ය සිදුවීමකි…(මාගේ යෙහෙළියක මුහුණ දුන් සත්‍ය සිදුවීමක් බැවින් පෞද්ගලිකත්වය හෙළි කිරිමට නොහැකි බැව් සලකන්න…)

ප්‍රථම දිගහැරුම….

නමින් ඇය අනුරාධාය.මීට අවුරුදු හතරකට පෙර ඇය අවු: 20ක සොඳුරු යුවතියකි. ඇගේ මව වුවද අනුරාධා හට කුඩම්මා කෙනෙකුම විය.මව විසින්ම සිය දියණිය කන්‍යාරාමයට ගෙනැවිත් බාර දෙන්නෙ ඇය කරදරයක් කොට සැලකූ නිසාමය…

**************************************************

කන්‍යාරාමයේ කුඩා දෙව්මැදුරක් පසෙකින් ඇත.එයට ඇතුළු වූ අනුරාධාගේ රාජකාරිය වූයේ කන්‍යාසොහොයුරියන් පස්දෙනෙකුට ආහාර පිසීම හා අනෙකුත් කන්‍යාරාමයේ වැඩයි. එහි ඇතුළත තවත් එක් එක් කොටස් වෙන් කොට ඇත්තේ විවිධ අතවරයන්ට ලක්වූ ගැහැණු ළමුන්ට සහ පාසල් යන ළමුන්ටය නමුත් ඇයට ඒ කිසිවෙකු සමග කතා කිරිමට අවසර නොලැබුණි.ඒ අනුරාධාට පැනවූ පළමු නීතියයි. එහි පාළිකාව නොහොත් ලොකු සිස්ටර් සිත් පිත් නැත්තියක වූ අතර අනෙක් කන්‍යාසොහොයුරියන්ද ඊට නොදෙවෙනි වූවාය.

පාලු මූසල බවක් ඉසිලූයේ එහි මුලුතැන්ගෙය හා එහි තිබූ අමතර කාමරයයි. එහි අනුරාධාට ඇගේ බඩුබාහිරාදිය තබා නවාතැන් ගැනීමට ඉඩ සලසා තිබූ නමුත් ඇයට රාත්‍රියට නිදාගැනීමට සිදුවූයේ පාළිකාව අසලම ඇදකයි. කාමරයෙහි ඇති අදුරු මූසල ස්වභාවයත් පුස් ගදත් ඇයගේ සිත නොසන්සුන් කලේ අසුබ පෙරනිමිත්තක් ලෙසයි.දහවල් කාලයේ වුවද එහි තිබුණේ ඉතා දැඩි අන්ධකාරයකි. කාමරයේ විදුලි බුබුල දැල්වූ ඇය එහි පිටුපස දොර හැර මිදුල දෙසට ඇවිද ගිය අතර එය ඝන කැලෑවෙන් වැසී තිබිණි. මදක් ඈතින් වල් බිහිවූ බිම් පෙදෙසේ පාවිච්චියෙන් අත්හැර දැමූ වැසිකිළි පෙලක් හා සිමෙන්තියෙන් සෑදූ පල්වතුර පිරි නාන තටාකයක් විය. අනුරාධා එදෙසට පියනගත්ම නාන තටාකය වෙත පියඹා ආවේ විශාල ගලකි. එයින් උන්හිටි තැන් පවා අමතක වූ අනුරාධා නැවතුනේ ඇගේ කාමරයේ ඇද මතය. වේගයෙන් ඉහළට ගත් හුස්ම පහළ හෙලූ ඇය දෝතින් මුහුණ වසාගෙන ගල් පිළිමයක් මෙන් හුන් තැනම සිටියාය. කවුරුන් හෝ තමා දෙස බලා සිටිනවායැයි හැගුනෙන් ඇය මුහුණ වසා සිටි දෑතින් ඇගේ ඇගිල්ල ඇගිල්ල ඉවත් කලේය. ඈ දුටු දසුනින් ඇය කෑ ගැසුවද හඩ පිටනොවීය…….

දෙවෙනි කොටසින් හමුවෙමු…..
අනුරාධා දුටුවේ කුමක්ද???????????????

**************************************************

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.