Katha Ahura

කන්‍යාරාමය| 02 කොටස | හොල්මන් කතා |

4.5/5 - (6 votes)

කන්‍යාරාමය….

දෙවන දිගහැරුම….

ලොකු සිස්ටර්….

මොකද මොකද මේ තමුන් යකෙක් දැකලා වගේනෙ…

න්න්න්නෑ මේ මුකුත් නෑ සිස්ටර්….

හ්ම්ම්…

තමුන්ගෙ නම මොකක්ද කිවුවෙ?????

අනුරාධා… සිස්ටර්….

දැන් හවස් වේගන එන්නේ හයට කලින් ඇගපත හෝදන් ඇතුළට එන්න ඕනෙ. මෙහෙ වෙලාවට වැඩ කරන එක ඇගට ගුණයි….

හ්ම්ම්ම් සිස්ටර්….

මෙය විය නොහැකි මම ඒ දැක්කෙ ලොකු සිස්ටර්වද???????

“හිත ගැස්සුන නිසා වෙන්න ඇති” තමන්ටම කියාගත් අනුරාධා ඇග සෝදන්නට ගියේ ලොකු සිස්ටර්ගේ කරුනාවන්ත වදන් සිහිපත් වූ බැවිනි…

11:45ත් විය එහෙත් තවමත් කිසිවෙකු නිදාගැනීමට සූදානමක් නැත.පැය භාගයකට පසු ලොකු සිස්ටර් ඇයට නිදාගැනීමට සූදානම් කර තිබූ කාමරයට යන්නට කිවු අතර ඒ අවසරයෙන් අනුරාධා නිදාගන්නට සැරසිණි. එහෙත් කොහු මෙට්ටයේ කොහු සිරුරේ ඇනීම ඇයට පීඩාවක්ම විය. නින්ද අහලකවත් නැත.තවත් පැයක් ගතවූ පසු වටපිටාවම අදුරු විය. සියල්ලන්ම නින්දට ගොස් ඇති නමුත් ඇය අවදියෙන්ය. එකිනෙකා නොපෙනෙන ඝන අදුරේ ලොකු සිස්ටර්ගේ ගෙරවිලි හඩ රජ කරයි. ජපමාලය දෑතෙ ගුලි කරගත් අනුරාධාට නින්ද ගියේය. එහෙත් ඒ වැඩි වෙලාවකට නොවේ…

ලොකු සිස්ටර්ගේ කෑ ගැසීම නිසා අනුරාධා විසිවී වහලයේ නොවැදුනා පමණි. නින්දෙන් මෙන් ඇදෙන් බැස ගත් අනුරාධා බිත්ති ඔරලෝසුව දෙස බැලුවාය. තවමත් වෙලාව පාන්දර හතරය. සැනසුම් සුසුමක් හෙලූ ඈ හට මේ නිවස නොවන බව සිහිපත් විය. එක් විදුලි බුබුලක් දැල්වූ ඇය යතුර ගෙන දොර හැරියාය. ඇයට අවසර තිබුණේ එක් විදුලි බුබුලක් දැල්වීමට පමණි. කොරිඩෝව දිගේ අදුරේම මුලුතැන්ගෙය දෙසට ඇවිද ගිය අනුරාධා ඉදිරියට පැමිණියේ ඇගේ වයසේමයැයි කිවහැකි තරුණියකි. එකිනෙකා හා කතා කිරිමට අවසර නැති හෙයින් ඇය එම තරුණිය දෙස බලා සිනාසුණාය. නමුත් ඇය කෙලින් බලා ඔහේ ගමන් කලා මිස අනුරාධාගේ සිනහවට ප්‍රතිචාර නොදැක්වීය. අනුරාධා ඇය දෙස හැරී බැලූවද ඇය පෙනෙන්නට නොවීය. අනුරාධා පය ඉක්මන් කොට මුලුතැන්ගෙය දෙසට ගියේ ඇය යන්නට ඇතැයි සිතාය……

එක් දර ළිපක කෑම වර්ග පහක් සාදා තේ බෝතල් හතරක් සූදානම් කිරීමට ඇයට පැයක කාලයක් පමණි දී තිබුණේ. ඉක්මනින් වට්ටියකට පාන්පිටි දැමූ ඇය බිත්තියට සවිකර තිබූ විශාල ගල් මේසය මත එය තබා පොල් ගාන්නට පටන් ගත්තේ රොටි සෑදීම සදහාය. උඩින් විසිවී ආ පාන්පිටි වට්ටිය ඇගේ දෙපාමුල වැටෙනවාත් සමග විදුලි බුබුලද පුපුරා ගියේය. කෑ ගසමින් දිවගිය අනුරාධා ගල් මේසයේ වැදී විසිවී ගොස් බිම වැටුන අතර ඇගේ රාත්‍රි ඇදුම ලෙයින් පෙගී ගියේය. එකෙනෙහිම ඇගේ හිස පිටුපසට දරුනු පොලු පහරක් එල්ල විය….

තෙවැනි කොටසින් හමුවෙමු…..

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.