Katha Ahura

කාල සංචාරය|පළමුවන සංචාරය| විද්‍යා ප්‍රබන්ධ |කතා අහුර රචක

කතාව කොහොමද?

•කාල සංචාරය-පළමුවන සංචාරය

“කවිනි,නැගිටින්න. අද සඳුදා කියලා අමතක වුණාද? සෙනසුරාදායි,ඉරිදායි දවල් වෙනකන් නිදාගෙන ඉදලා අදත් ඒ පුරුද්දටම නිදා ගන්නවා. අනේ මං දන්නෙ නෑ, මේ ළමයාව කොහොම වේලාසනින් ඉස්කෝලෙ යවන්න ද  කියලා. නැගිටින්න දුවේ ඉක්මනට නැගිටින්න. ”

“හරි.හරි.මේ නැගිටින ගමන් ඉන්නෙ අම්මා. පොඩ්ඩක් කෑ ගහන්නෙ නැතුව ඉන්නකෝ. මම ඉක්මනට නැගිටින්නම්.”

“දැන් හතත් පහු වෙලා ළමයො.මම මේ හයේ ඉදලා කෑ ගහන්නෙ. ඔයා හිතන් ඉන්නෙ ඉස්කෝලෙ තියෙන්නෙ අල්ලපු වැටේ කියලා ද?”

“අනේ නෑ අම්මා. හොඳටම නිදිමතයි. මම තව ටිකක් නිදාගෙන ඉදලම එන්නම්. ”

“නැගිටින්න කවිනි. නැත්නම්, ඉස්කෝලෙ යන්න පරක්කු වෙයි.”

“ටිකක් පරක්කු වුණාට මුකුත් වෙන්නෙ නෑ අම්මා. මම……”

“මගෙන් මුකුත් අහගන්නෙ නැතුව නැගිටින්න ළමයො. දැන් නැගිට්ටෙ නැත්නම් මම මෙතන ඉද්දිම ඔයාව නාවනවා. තේරුණා ද?”

“හරි, හරි, තරහ ගන්න එපා ඉතින්. ”

නිදිමතේ ම ඇවිද ගිය කවිනි කුමක හෝ නොහැප්පීම ම විශාල පුදුමයකි. පාසල් යාමට සූදානම් වුවත් ඇයගේ නිදිමත පහව නොයෑම ගැන ඇය තරහෙන් පසු වූවාය. අවසානයේ ඇයගේ නිදිමත නැති කෙරුවේ ඇගේ පොත් මේසය මත තිබූ උපකරණයකි.එය කුමක් දැයි ඇය දැන සිටියේ නැත. ඇය එවැන්නක් ඊට පෙර දැක තිබුණේ ද නැත. දුරස්ථ පාලකයක් වැනි වූ රවුම් හැඩැති එම කළු පාට උපකරණය ගැන කල්පනා කරමින් ම පොත් බෑගය සූදානම් කළ ඇයට නොදැනීම එම උපකරණයත් බෑගයට දමා ගත්තාය.

පාසල් කාලය සුපුරුදු පරිදි ගලා ගෙන ගියේය. උදෑසන තමාට හමු වුණු උපකරණය පිළිබඳ මතකය හිරු දුටු පිනි බිඳු මෙන් කවිනිට අමතකව ගියේ සිකුරාදායින් පසු නැවත තම මිතුරන් හමු වීම නිසා ඇගේ සිතේ ඇතිවූ සතුටට ඉඩ දෙමින් ය.

පාසල් වේලාව නිම වූ පසු සිරිත් පරිදි මිතුරන් සමග පාසලෙන් පිටතට පැමිණෙන කවිනි නිවස දෙසට ගමන් කරන්නේ තම නිවෙස්වලට ළඟා වුණු මිතුරන්ගෙන් සමු ගනිමින් ය. මිතුරු කණ්ඩායමෙන් පාසලට ඇතින්ම පිහිටා ඇත්තේ කවිනිගේ නිවස වන බැවින් සෑම අවස්ථාවකම ගමනේ අවසාන කොටස තනියම ගමන් කිරීමට ඇයට සිදු වන්නීය.

පාසල් වේලාව තුළ සිදු වූ රසබර සිදුවීම් මතක් කරමින් හෙමින් ගමන් කරන ඈ අසල ඇති කඩයක් දැක නවතින්නේ කුමක් හෝ කෙටි ආහාරයක් මිලදී ගැනීමට සිතායි.

පෙර දිනයක මවගෙන් ලැබී ඉතිරි කර ගන්නා ලද මුදලක් ඇත්දැයි බෑගය අවුස්සා සොයා බැලූ කවිනිට උදෑසන තමාට හමු වූ උපකරණය හමු වූවාය. ඇය එය බෑගයෙන් ඉවතට ගනිද්දී එහි තිබූ සුදු පැහැති බොත්තම ඇයගේ ඇඟිලිවලට තද වූ අතර අවට පරිසරය බොඳ වී යන්නා සේ ඇයට දැනුණා ය.

අත්භූත උපකරණයේ ඉහළ කෙළවරකින් නිල් පැහැති දීප්තිමත් ආලෝකයක් සහිත කුඩා බල්බයක් නිවි නිවී දැල්වෙන්නට විය.මෙතෙක් වේලා උපකරණය දෙසම බලා ගෙන සිටි කවිනි වටපිට බැලුවාය. කිසිදා දැක නුපුරුදු ජන ශූන්‍ය කුඩා සුදු පැහැති කාමරයක් තුළ තමා සිට ගෙන සිටින බව තේරුම් ගත් විට කවිනි බොහෝ සේ බියටත් පුදුමයටත් පත් වූවාය.

ඒ කාමරය තුළ තිබුණු කුඩා රවුම් කළු පැහැති මේසය වටා කළු පැහැති පුටු පහක් තිබුණි.එම පුටුවල ‘TT’ ලෙස සඳහන් කර තිබුණේ සුදු පැහැයෙනි.කුඩා කාමරයේ එක් කොනක බිත්තියේ රිදී පැහැති බෝලයක් වැනි දෙයක් තිබෙනු දුටු කවිනි එය අසලට ගොස් බැලුවේ වහලේ එල්ලා තිබූ බල්බයෙන් නිකුත් වූ සුදු පැහැති දීප්තිමත් ආලෝකයට එය දිලිසුණු බැවිනි.එය දොර අඟුලක් වූ බැවින් පැහැදිලිව දොරක් ලෙස නොපෙනුණත් එතැන දොරටුවක් ඇති බව කවිනි තේරුම් ගත්තා ය.

එක්වරම දොර අඟුල කැරකෙන්නට වූ නිසා භීතියට පත් වූ කවිනි දොරටුවෙන් ඈතට ගොස් කළු පැහැති මේසය ළඟ බිම හිඳ ගත්තාය. එය සාර්ථක සැඟවීමක් නොවීය.මන්දයත්, දොර විවෘත කර ගෙන කුඩා කාමරය තුළට පැමිණෙන ඕනෑම කෙනෙකුට ඇයව කිසිඳු ආයාසයකින් තොරව දැක ගත හැකිය. එම කුඩා කාමරය තුළ ඇයට තබා කුඩා කෘමියෙකුටවත් සැඟවීමට ස්ථානයක් නොමැත.කවිනි ගැහෙන හදින් යුතුව බලාගෙන සිටියේ දොර ඇරගෙන ඇතුලට පැමිණෙන තැනැත්තා කුමන ආකාරයේ අයෙකු වේ දැයි සිත සිතායි.
කුඩා කාමරයේ දොර විවෘත කර ගෙන පැමිණියේ මහලු පුද්ගලයෙකි.ඔහු යමෙක් බලාපොරොත්තුවෙන් මෙන් කාමරය සිසාරා බැල්මක් හෙලුවේය. ඉන් පසු මේසය යට සැඟවී සිටින කවිනිව දුටු ඔහුගේ මුවට මද සිනාවක් නැඟුණි.

“බය වෙන්න එපා දුවේ.මම ඔයා එනකල් අද උදේ ඉඳන් බලාගෙන හිටියා.”

“මම එනකල්…….”සැඟවී සිටි තැනින් නැගිටිමින් ම කවිනි ඇසුවාය.

“ඔව්. TT ආයතනයට දූව සාදරයෙන් පිළිගන්නවා. ”

“TT….ඒ මොකක්ද? මේක මගේ පොත් මේසෙ උඩින් තිබ්බෙ ඔයාද?”

“දුවට ප්‍රශ්ණ ගොඩක් තියෙනවනේ. TT කියන්නෙ ටයිම් ට්‍රැවලර්ස්.ඒකෙ තේරුම කාල සංචාරකයො කියන එකයි…”

“එතකොට….මේ මොකක්ද? පෙනුම නම් රිමෝට් එකක් වගේ. ”

“ඕකත් එක්තරා විදියක රිමෝට් එකක් තමයි. ඕකෙන් ඔයාට යන්න ඕන කරන කාල තලයට ඔයාව අරන් ය යනවා. ”

“ඒ කිව්වේ……මට පුළුවන්ද කාල තරණය කරන්න? ”

“ඔව්. හැබැයි, දූ තාම ආධුනික කාල සංචාරකයෙක් විදිහට TT ආයතනයට බැඳිලා නෑනේ. ඔයා මුලින්ම TT ආයතනයේ සාමාජිකාවක් වෙන්න ඕනා.ඊට පස්සේ මගේ ශිෂ්‍යාවක් විදියට කාල තරණය ගැන ඉගෙන ගන්න දූට පුළුවන්. ”

“වාව්……කොහොමද  TT ආයතනේට බැඳෙන්නෙ? ඒකට තෝර ගන්නෙ මොන වගේ අයවද?”

“දූව දැනටමත් තෝර ගෙන ඉවරයි. ඒකනේ දුවව මෙතනට ගෙන්නුවේ. මාත් එක්ක එන්න.”

කාලය හරහා ගමන් කිරීමේ ආශාවෙන් සිටි කවිනි මහල්ලාගේ පිටුපසින් ඇවිද ගියේ ප්‍රීතියෙන් ප්‍රමුදිතවය.

සෑම තැනම TT යන ලාංඡනය මුද්‍රණය කර ඇති සුදු ඇඳුම්වලින් සැරසුණ පුද්ගලයින් නොයෙක් වැඩ කරමින් සිටින බව පෙනේ. විවිධාකාර යන්ත්‍ර සූත්‍ර රැසක් ඔවුන්ගේ ප්‍රයෝජනය පිණිස ඇත.පිරිසිදු පිලිවෙල ගොඩනැගිල්ල සාමාන්‍ය ආයතනයක ස්වරූපය ඉසිලුවේය. ඒත්,මෙය සාමාන්‍ය ආයතනයක් නොවන බව කවිනි දැන සිටියාය. ඇයගේ නිම් නැති ප්‍රීතියට හේතු වෙමින් එය කාල තරණය කරන්නන්ගේ ආයතනය බවට පත්ව තිබේ. ඇගේ සිතේ තිබූ සිතුවිලි එකින් එක විස්තර කිරීම අපහසුය. නමුත්, ඒ සෑම සිතුවිල්ලක්ම එක් වූ විට සෑදෙන සිතුවිල්ල අප හඳුන්වන්නේ ප්‍රීතිය කියායි.

ආලෝකයෙන් පිරුණු කුඩා කාමර ඔස්සේ ඇවිද ගිය වැඩිහිටියා අවසානයේ නතර වූයේ එක් විශාල දොරක් අබියසයි. තම කලිසම් සාක්කුවෙන් කවිනිට හමු වූ උපකරණය වැනිම උපකරණයක් ගත් ඔහු එහි බොත්තමක් එබුවේය.

“යුරේකා,මම O 697. මම ආධුනික නිලධාරිනියක්ව බඳවා ගන්නයි ආවේ.”

“O 697 හඳුනා ගැනීම සාර්ථකයි. කරුණාකර ඇතුල් වන්න.” යාන්ත්‍රික කාන්තා කටහඬක් පවසනවාත් සමඟි ඔවුන්ට ඉදිරියෙන් තිබූ දොරටුව විවෘත වුණි.

ඉදිරියෙන් දිස්වූ කුටියේ අන්ධකාරය පිරී තිබුණි.නමුත්,ඔවුන් කාමරය තුළට පා තබනවාත් සමඟ එක පෙළට විදුලි පහන් කිහිපයක් දැල්වී ගෙන ගිය හෙයින් කාමරය ආලෝකමත් විය.ඒ විශාල කාමරයේ තිබුණේ එක් විශාල සුවිශාල යන්ත්‍රයක් පමණි.

“යුරේකා, මේ ඉන්නේ අලුතින් තෝරා ගත් කාල තරණය කරන්නි. එයාව ආධුනික නිලධාරිනියක් ලෙස බඳවා ගන්න. ”

“හොඳයි O 697. කරුණාකර ආධුනික නිලධාරිනියව ස්ථානගත කරන්න. ”

“දුවේ,මේ අත් සළකුණ උඩ දකුණු අත තියන්නකෝ.”

” මේ මොකක්ද? ”

“මේ ඉන්නෙ යුරේකා. කෘතිම බුද්ධියට අනුව තමයි හදලා තියෙන්නෙ. TT ආයතනයේ හැම විස්තරයක්ම ඇතුල් කරලා තියෙන්නෙ මේ විශාල පරිගණකයට.”

පසෙක බිත්තියේ තිබූ අතක හැඩයේ සිදුරට කවිනි තම දකුණු අත තැබූ පසු නිල්වන් කුඩා ආලෝක දහරාවක් ඉන් නිකුත් විය. එක්වරම පසෙකින් තිබූ කුඩා වීදුරු කුටීරයක දොරටුව විවෘත විය.

“දූ දැන් මේ කාමරේ ඇතුලට යන්න.” මහල්ලාගේ නියෝගයත් සමග කවිනි එම කාමරය තුළට ඇතුලු වූවාය.

ඇය එම කාමරය තුළට ඇතුලු වනවාත් සමගම සියුම් හඬක් නඟමින් එහි දොර වැසී ගියේ කවිනිව භීතියට පත් කරමිනි. දොරට ගැසූ ඈ දොර විවෘත කර ගැනීමට තම උපරිම ශක්තිය යෙදුවත් ඉන් පලක් නොවීය.
___________________________________
ඔන්න මං කතාවක් අරන් ආවා මගෙ දඟ පවුලෙ සාමාජකයින්ට. ඔයාලා හිතන්නෙ කවිනිට මොනවා වෙයි කියලද? අනුමාන කරන්නකො බලන්න. දෙවෙනි කොටසින් හමුවෙමු.

170 thoughts on “කාල සංචාරය|පළමුවන සංචාරය| විද්‍යා ප්‍රබන්ධ |කතා අහුර රචක”

  1. රිතූ ??

    වාව් කවී ?? ඒක මරු….

    අඩේ මටත් TT එකට බැඳෙන්න ඕනි ??? ?
    ‘ යුරේකා ‘ ?? අම්මෝ…. කවී ??

    කවිනිට මුකුත් වෙන එකක් නෑ… ? එයාව බඳවගන්න නේ අරන් ආවේ…. හෙට වෙනකන් ඉන්න එපැයි ඉතින් ඒක දැනගන්න???

    කතාව නම් සුපිරියි කවී….. නියමෙට ලියලා තියෙනවා…..? දැන් ඉතින් ඉවසිල්ලක් නෑ කතාව කියවනකන්…..?

    පරිස්සමින් ඉන්න කවී….
    බුදු සරණයි
    ජේසු පිහිටයි

    1. Thanks akki…. computer එකට යුරේකා කියලා නම දැම්මෙත් ඒක අලුත්ම සොයාගැනීමක් විදියට හිතලා….. ඒ තාක්ෂණය මේ කතාවේ තරම් දියුණු නොවුණත් ලෝකෙ තියෙනවා….
      ඒත් ඉතින් කවුද දන්නේ බොරුවක් කිව්වද කියලා….. අද කාලේ කාවද විශ්වාස කරනවා පුළුවන් අක්කියෝ…..
      තව ටිකක් කියෙව්වොත් නම් මං මුළු කතාවම කියයි…. අක්කිත් පරිස්සමින් ඉන්න….. ජේසු පිහිටයි…..

  2. අපො මෙයොදි 1වෙන්න දෙන්නේම නෑනේ මට. මටත් දියන්කො එක දවසක් හරි???

      1. මෙ යනො ඕයි යන්න මන් මෙ දවස් වල හරියට වැඩ බන්. අපෙ මව් තුමියත් එක්ක බෑ ඕයි

        1. රිතූ ??

          ??? මේ දවස් වල හැමෝම බිසී ???? පුලුවන් වෙලාවට එන්න…… first ඕනි නම් කලින් දැනුවත් කරන්න ???

          1. ??????????????

            කස්ටිය එන්ඩෝ ? බිසී පීපල්ස් එන්නෝ ????

    1. රිතූ ??

      කවුද දන්නේ අද ඔයා එනවා කියලා ???? කොහෙද දවස් ගාණක් අතුරුදහන් වෙලා හිටියේ….. ?

          1. සෝචනීයයි බම් ? කොහෙද බොලා ගියේ ඕම යනවද බොල ????

          2. රිතූ ??

            කොහොමෙයි ඒ පැත්ත….. ලස්සනට සරසලා එහෙම ඇති නේ අද ?

          3. කෝමද තත්ත්වේ ? මාත් මේ ඒ පැත්තේ යන්න ඉන්නෙ ඊට කලින් ?

          4. ආයෙත් අහල එල කිරි සුපිරි කිරි පට්ටි කිරි වෙන්නම වැඩේ දීලා ඕයි

          5. රිතූ ??

            අම්මෝ අම්මෝ ???? මමත් එන්නම් හවස් වෙලා ඔය පැත්තේ

          6. අඩෝ නෝ ? සිරාවට

            ? ඉමී ඔලුව දාලා එන්නවත් ගීන්ද ඒ පැත්තේ ?

          7. එනො එනො යමපල්ලො සේරම බලන් ඉන්න එනකං

          8. රිතූ ??

            අද නම් ඔලුව දාලා ආවත් අවුලක් නෑ…. හැලොවීන් නිසා මිනිස්සු බය වෙන එකක් නෑ ??

        1. රිතූ ??

          අඩේ මරු ????? මමත් තව ටිකකින් යනෝ බොලාව අනුස්මරණය කරලා දවස සමරන්න බීච් එකට ????

          1. රිතූ ??

            ඔහේට ඉතින් මොනවද මතක ?? එදා එකත් තාම මතක නැද්ද ?

  3. කවී කතාව හරිම ලස්සනයි❤️
    මරු අනේ TT එක.ඒවගේ කාල තරණය කරන්න පුලුවන් රිමෝට් එකක් තිබ්බනම් මරු?

    කවිනි ආයේ හිටිය තැනටම යන්න ඇති සමහර විට.කරදරයක් වෙන එකක් නෑ.මේක ලස්සනම ලස්සනම විද්‍යා ප්‍රබන්ධ කතාවක් වේවි කියලා හිතෙනවා.

    හෙට වෙනකම් ඉන්න අමාරුයි අනේ?
    ඔක්කොම එපිටික කියවන්න තිබුනනම් කියලා හිතෙනවා?

    1. Thanks akki….
      TT වලට බැදෙන්න කැමති නම් රෑ දොලහට තනියම කනත්තකට වෙලා ඉන්න…. එයාලා ඔයාව තෝර ගනියි…..
      කවිනිට මොනා වෙයිද දන්නෙ නෑ අනේ මමත්….
      ඉවසීමෙන් සැනසීම ලැබෙනවා අක්කියෝ…..

      1. රිතූ ??

        ගිය අවුරුද්දේ නම් අපේ gang එක දැම්මා පාටියක් ? මේ අවුරුද්දේ නෑ ?

  4. රිතූ ??

    කෝ සිඩ් ??? ඉන්නවද…… ඉන්නවනම් ඉක්මනට එන්නෝ….. මට මේ කවීගේ කතාවේ ඉස්සරහට වෙන දේවල් දැනගන්න ඕනි ??? එන්න එන්න

    1
  5. කොහොමද ඉතින්??? මට නම් හොඳටම මහන්සියි…. අද අපේ මල්ලි දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබුවා…. දැන් තමයි ඒ වැඩ ඉවර වුණේ…. මං දැන් යනවා ටිකක් නිදා ගන්න…. බායි….

  6. රිතූ ??

    කෝ කටුස් ???
    ශාන්
    පිනෝ
    පිස්සු පූසා
    නුදී

    කට්ටිය කෝ… ?? පහුගිය දවස් ටිකේ ඈලි මෑලි වෙලා කතාවට ආවා වගේ එන්න බෑ හරි…… මේ කතාවට කට්ටියම එන්න ? කෝ ඉතිම්

          1. ඔයා කතා කරපු විදියට මට හිතුණේ නංගියෙක් කියලා…. අක්කියෙක් නම් සොරී…. කතා විලාසෙ නම් ෆෙරෝ අක්කිගෙ වගේ…. ඔයා නම වෙනස් කලාද???

          2. ඕ ඕ මං නම් වෙනස් කොරා යකො නම වෙනස් කොරා විතරයි මුන්ට මම නංගිත් වෙලානෙ. යකූ ඒක ??

          3. තරහා ගනු එපා අක්කණ්ඩි….. නැගණියට සමාව දෙනු මැනවි සිදු වූ අතපසුවීමට…..

          4. සමාවද ඕන එහෙනම් මට හොඳට වැඩ කරන වශී ගුරුකමක් කියල දෙනවකො. අපෙ අයියව වෂී කරන් මරව මරව වැඩ කර ගන්න පුළුවන් වෙයි මට

          5. එහෙම එකක් දන්නවා නම් මං මුලින්ම කරනවා අක්කේ….. ඒත් තාම දන්නෙ නෑ…. දැන ගත්තු ගමන් මං අක්කිව දැනුවත් කරන්නම්…..

          6. රිතූ ??

            එහෙම එකක් දන්නවා නම් මටත් කියලා දීහම්කෝ ??

  7. කස්ටිය මොකො වෙන්නෙ? මං ආවේ නැති දවස්වල ඇඩුවද වැලපුනද පොළොවෙ පස් කෑවද මොකො කරෙ?

      1. මට දැන් කතා කර කර ඉන්න වෙලාවක් නෑ බොල අන්න අරහෙ අපෙ සර් කාරයා කෑ ගහනවා උබල වගේ ටිකකට උගන්නන්න ගත්තට වඩා හොදයි හරක් පට්ටියකට උගන්නන්න ගත්තනන් කියල

          1. රිතූ ??

            ඔයාගේ විස්තර කියන්නකෝ ? නම, උපන්දිනය

  8. කස්ටිය ඔන්න මාත් අවෝ..ඔලිව දාලා යන්න…???

    කවී අක්කී තව කතාද කියෙව්වේ නෑ..කියවලා comment එකක් දෙන්නම්..?

    ෆෙරෝ අක්කි නම වෙනස් කොරලද??

    අක්කිලා තව අර අපායට යන කතාවක් ඇහුනා..යන තැනක මාවත් ඇතන් යන්නෝ..

  9. කවී අක්කී කතාව හරිම නියමයි…❤️
    ඇත්තටම කවිනිට මොනා වෙයිද කියලා හිතන්න අමරුයි…

    හෙට වෙන්කල් එන්න එපැයි දැන්…ඉවසිල්ලක් නෑ හෙට මොනා වෙයිද කියලා බලනකල්…

    පරිස්සමින් ඉන්න
    බුදු සරණයි අක්කී…

    1. Thanks nangiya…. කවිනිට වෙන දේ හෙට බලමුකෝ…. ඉවසන්න මගෙ නංගියා….. ඔයත් පරිස්සමින් ඉන්න….. ජේසු පිහිටයි……

  10. කස්ටිය අද රෑ අපි අපායට යනෝ නේද????

    එහේ ගිහිල්ලම පාටියල් දාමූ???

    1. රිතූ ??

      මමත් එනෝ ? යන්න කලින් මට මේල් එකක් දාලා දැනුවත් කොරන්න….. මම එන්නම් ?

          1. හෑ ඔයලා කලින් යනෝද flight එක දොලහට නේ?

          2. අඩේ අද හැලොවින් එකද………….?මේ මගෙර් දවස නේ……….

  11. මොකක්ද උනේ ඊට පස්සේ ?ආ…………………………..කියන්නෝ……….හෙට වෙන තුරා ඉවසා සිටිය නොහැක…….?කීයන්න බෑද දන්න කෙනෙක්….සාසක් විදිහටවත්………..?මේ බොල කවීයෝ කතාව පට්ට ඇ….කාලකින් මෙහෙම කතාවක් කියෙව්වේ…..අර කලතරණය කරපු රිමොට් එක හොයන්න මෙහෙයුමක් ආරම්බ කරමුද? අපිටත් කාලේ තරනය කොරන්න පුලුවන් එත්කොට………………හරි කව්‍රැ හරි දැන් tt එකට බැදෙන විදිහ මටත් කියන්න.????කවි නංගෝ…..ලස්සනයි……කතාව බුදු සරණයි………..හැම දාම කෙමෙන්ට් කරන්න පුලුවන් වෙයිද දන්නේ ණැ හැබැයි පුලුවන් උන ගමන් කමෙන්ට් එකක් දාන්නම් තලා වෙන්න එපා සත්තරනේ……………..ජේසු පිහිටයි……පරිස්ස්මෙන් හිටු ඈ?

    1. ඉවසන්න අක්කියෝ….. Thanks akki…. රිමෝට් එක අපි කොහොම හරි හොයා ගමුකො…. රෑ 12ට කනත්තකට වෙලා ඉන්න එතකොට ttලා ඔයාව තෝරගනියි…. පුළුවන් වෙලාවට කමෙන්ට් කරන්න අක්කියෝ…. මං තරහ වෙන්නෙ නෑ….. අක්කිත් පරිස්සමින් ඉන්න….. බුදු සරණයි….

  12. කවී නංගියෝ කතාව ලස්සනයි ??
    වෙනස් කතාවක් ??මට විතරද දන්නෑ එහෙම හිතෙන්නෙ මොකද මම විද්‍යා ප්‍රභන්ද කතා කියවල නෑ ??

    කවිනිට මොනා වෙනෝද කියල හිතා ගන්න අමාරුයි නෙ අනේ
    අනේ මන්දා

        1. රිතූ ??

          කියවලා බලන්න…. හරි ලස්සනයි….. “අවසන් විනාඩි අට” , අපේ දියමන්තිය ගේ ” පුනරාගමනය ” ???? “මානව හරණය” , ” කෘතිම බුද්ධිය ” , ” සත්‍ය ප්‍රේමය “, ” අභිරහස් පරිත්‍යාග ” ??

          1. හා ඕව ලස්සනද
            ඇත්තටම කියනවනම් මම් ආස නෑ ඒ කතා කියවන්න
            මේක කියෙව්වෙ කවීගෙ එකක් නිසා
            ??????

  13. කෝ කස්ටිය මම් අන වෙලාවට කාලුත් නෑ ??
    හලි වේදනයි මට
    අනේ මෙහාට වහිනෝ අෆ්ෆා සිග්නල් නෑ පෝස්ට් වෙන්න වෙලා යනව අනේ ???

    1. එක්නම් වෙදනාවක් තමයි අප්පා එපා වෙනෝ………..?පොස්ට් වෙන්න පැය ගානක් යනවා…..මොඩ වැස්ස

  14. ලමයි කව්‍රැත් නැ වගේ එනම් මම ගියෝ………………..ගුඩ් නයිට්………?පරිස්සමෙන්

  15. කස්ටිය කෝ පාටි…?

    සැක්…ඔක්කොම නිදිද අප්පා..මැදැයි මන් අපායට යන්න බලන් හිටියා???

    1
      1. අයියෝ….. වෙන තැනක ටයිප් කරලා ඇප් එකේ පේස්ට් කරන්න අක්කියෝ….. නැත්නම් ආපහු හිත හිත ලියන්න ඕනනේ…..

        1. රිතූ ??

          නෑ නෑ ?? නෝට් පෑඩ් එකේ සේව් වෙලා නෑ……

          ආයේ මුල ඉඳන් ලිව්වා

  16. අනෙ මගෙ මැණික. ඔයා මගේ සන්කුට්ටියානෙ උදව්වක් කරනවද කවි මැණික ? ??

        1. හොඳ පැට්ට වගේ තියෙන විද්‍යා ප්‍රබන්ධ කථා වල නම් ටික කියන්නකො???

          1. රිතූ ??

            මං උඩ කමෙන්ට් එකක දාලා ඇති නංගියෝ….?? දැක්කේ නෑ ? ?

          2. අවසන් විනාඩි අට
            අබිරහස් පරිත්‍යාග
            සත්‍ය ප්‍රේමය
            කෘතිම බුද්ධිය
            පුනරාගමනය
            මානව හරණය

          3. රිතූ ??

            මදියි කියන්නේ ? ඉතින් එච්චරයිනේ තියෙන්නේ….???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.