Katha Ahura

කාල සංචාරය|දෙවැනි සංචාරය|විද්‍යා ප්‍රබන්ධ |කතා අහුර රචක

4.3/5 - (21 votes)

•කාල සංචාරය-දෙවැනි සංචාරය

කවිනි ඇතුල් වූ කුටිය තුලට එහි බිත්තිවල සිට නිල් පැහැති ආලෝක දහරාවන් එල්ල විය. ස්වල්ප වේලාවක් පැවතුණු මේ ආලෝක දහරා නොපෙනී ගිය විගස යුරේකා තම යාන්ත්‍රික කටහඬෙන් කතා කළාය.

“ආධුනික නිලධාරිනියගේ සම්පූර්ණ නම පවසන්න.”

“වර්ණසූරිය ආලෝකා කවිනි වීරසිංහ ”

“ආධුනික නිලධාරිනියගේ උපන්දිනය කවදාද?”

“2006.04.07”

“ආධුනික නිලධාරිනියගේ කාල සංචරකය ඇතුල් කරන්න.”

කුටියේ එක් කොනකින් කුඩා සිදුරක් මතු විය. කාල සංචරකය යනු කුමක්දැයි නොදැන සිටි කවිනි මහල්ලා දෙස බැලුවාය. ඇයට හමු වූ දුරස්ථ පාලකයක් වැනි වූ උපකරණය ඔවුන් හඳුන්වන්නේ කාල සංචරකය ලෙසින් බව ඔහු ඇයට කියා දුන්නේය. කවිනි තමා ළඟ තිබූ එම උපකරණය බිත්තියේ මතු වූ කුඩා සිදුර තුළින් ඇතුළට යැවුවාය. සිදුර වැසී නොපෙනී ගියේය. මඳ වේලාවකට පසු යුරේකා කතා කරන්නට විය.

“ආධුනික නිලධාරිනිය බඳවා ගැනීම අවසන්. ඇයගේ කාල සංචරණ අංකය වන්නේ T 309. ඇයව කාල තරණ පුහුණුව සඳහා O 697 හට බාර දෙනු ලබනවා. ”

“හරි යුරේකා.”

එක්වරම වීදුරු කුටීරයේ දොර සියුම් හඬක් නඟමින් විවෘත විය. බියට පත්ව සිටි කවිනි ඉක්මනින් එම කුටියෙන් පිටතට පැමිණියාය.

ඒත් සමඟම වීදුරු කුටියේ දොර වැසී ගියේය. ඒ අසලම තිබූ ඝනකාභ හැඩැති කළු පැහැති පෙට්ටියක තිබූ සිදුරකින් කවිනිගේ කාල සංචරකය පිටතට ආවේය. ඇය එය අතට ගත්තාය.

මහලු මිනිසා කවිනිගේ අතින් අල්ලාගෙන ඔහුගේ කාල සංචරකයේ බොත්තම් කිහිපයක් තද කළේය. එක්වරම සියල්ල අඳුරු විය.

කවිනිට සිහිය එන විට පිරිමි ළමයෙක් ඇය දෙස බලාගෙන සිටියේය.ඇය සෙමින් ඇසිපිය හෙලා වටපිට බැලුවාය. ඇයට සිහිය ආ බව දුටු පිරිමි ළමයා පිටුපස බලා කතා කළේය.

“අංකල්, කවිනිට සිහිය ආවා.”

එවිටම මහලු මිනිසෙක් එතනට ආවේය. TT ආයතනය, කාල තරණය, තමාගේ ගුරුවරයා වූ මහලු මිනිසා පිළිබඳ සියල්ල කවිනිට සැණෙකින් සිහියට නැගුණාය. ඇය හිමිහිට හිඳ ගත්තාය.

“දූට දැන් කොහොමද? කාල තරණය කරද්දි ඔය වගේ ක්ලාන්තයක් හැදෙන්න පුළුවන්. පුරුදු වෙද්දි ඕක හරියයි.” මහලු මිනිසා කීවේය.

“අ……. මට නම් අමාරුවක් නෑ. එතකොට අපි කාල තරණය කළාද? ” කවිනි ඇසුවාය.

“ඔව්. දැන් ඔයා ඉන්නෙ 1999 අවුරුද්දෙ.” එතැන සිටි පිරිමි ළමයා එක්වරම උත්තර දුන්නේය.

“1999 කිව්වට තාම 98. තව විනාඩි 10කින් 99.” යැයි කියූ මහලු මිනිසා එතැනින් පිටව ගියේය.

“කොහොමද? මම හෙෂාන්.” යැයි කියූ පිරිමි ළමයා කවිනිට අතට අත දුන්නේය.
කාල තරණය ගැන ආසාවෙන් සිටියත් 1998 වර්ෂයට ඇය පැමිණි බව කෙසේ නම් විශ්වාස කරන්නද? ඇය හෙමින් වටපිට බැලුවේ එතන මොන වාගේ තැනක් දැයි දැන ගැනීමටයි. නොයෙක් ආකාරයේ විවිධ යන්ත්‍ර සූත්‍රවලින් පිරී තිබුණු එම කාමරය කාල සංචාරකයින් භාවිතයට ගන්නක් විය හැකිය. එහෙත් කෙසේ නම් විශ්වාස කරන්නද ඈ සිටින්නේ ඇයගේ උපතටත් පෙර වර්ෂයක කියා?

“පුදුමයි නේද? මමත් ඔයා වගේම පුදුම වුණා. මෙහෙට ආපු මුල් දවස්වල. තමන් ඉපදෙන්නත් කලින් වුණු සිදුවීම් ඇස් දෙකෙන්ම බලාගන්න කාල සංචාරකයින්ට පුලුවන්.” ඇයගේ සිතුවිලි හඳුනාගත් පරිද්දෙන් ඔහු කියාගෙන ගියේය.

“ඔයා මේ අවුරුද්දට අයිති කෙනෙක් නෙමෙයිද?” කවිනි ඇසුවාය.

“නෑ. මම ඉපදුණේ 2002.” ඔහු මඳ සිනාවකින් මූණ සරසාගෙන පිළිතුරු දුන්නාය.

“ඔයා මගෙ නංගිව නම් දන්නවා ඇති. එයා ගොඩක් වෙලාවට ඔයා ගැන කියවනවා” දිගු නිහඬතාවයට විරාමයක් ලබා දෙමින් ඔහු නැවත පැවසුවේය.

“නංගි….. කවුද ඔයාගෙ නංගි?”

“මගෙ නංගි හේෂානි සුලක්ෂිකා.”

“සුලක්ෂි ඔයාගෙ නංගිද? ඒ කියන්නේ…… සුලක්ෂිගෙ අතුරුදහන් වුණු අයියා ඔයාද?”

“ඒගොල්ලො එහෙමද මට කියන්නෙ?”

සිනාසෙන හෙෂාන් දෙස කවිනි පුදුමයෙන් බැලුවාය. කාල තරණයට සම්බන්ධ වන අයට නැවතත් තම නිවසට යාමට නොහැකිද? ඇයගේ සිත විශාල දුකකින් පිරී ගියේය. නමුත්,එසේ සිතීමට කල් වැඩි බව ඈ දනී. එම නිසා ඇය ඔහුගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කළාය.

“ඇයි අයියා ගෙදර ගියෙ නැත්තෙ?”

“ම්හ්…. ඉක්මනටම යන්න ඕනා. ඒත්, මේ කරදර ඉවර වෙන්නෙ නෑනෙ.”

“කරදර?”

“ඔව්. කාල සංචාරකයින්ට විරුද්ධව ඉන්න කණ්ඩායමක් නිසා අපි හැංගිලා ඉන්නෙ.”

“ඇයි එයාලා අපිට විරුද්ධ?”

“එයාලත් TT ආයතනයට සම්බන්ධව හිටපු අය. ඒත්, සමහර මිනිස්සුන්ගෙ හිතේ බල තණ්හාව කියලා දෙයක් තියෙනවනෙ. එයාලා හිතන්නෙ ලෝකෙ අල්ලන්න.”

“ඉතින් එයාලගෙ කාල සංචරකය අක්‍රිය කළා නම් ඉවරයිනෙ.”

“අපි උත්සහ කෙරුවා. ඒත්……. වැඩක් වුණේ නෑ.”

“ඒ කියන්නෙ කාල සංචරකයක් අක්‍රිය කරන්න බැරිද?”

“පුලුවන්. ඒත්,එයාලා අපේ කාල සංචරකයම වෙනස් කරලා අලුතෙන් එකක් හදලා. ඉතින්, අලුත් එක අපිට අක්‍රිය කරන්න විදියක් නෑ. තව නම් විස්තර කියන්න බෑ නංගියා. මේ කණ්ඩායම නවත්තන එක අපේ රහසිගත මෙහෙයුමක්. ඔයාගෙ පුහුණුවීම් ඉවර වුණු ගමන්ම ඔයාට ගෙදර යන්න පුළුවන්. මේ කරදර ඉවර වුණාට පස්සෙ TT මෙහෙයුම් ආපහු පටන් ගන්න පුළුවන්නෙ.”

“හොඳයි…… මමත් ආසයි ඔයාලට උදව් කරන්න.”

“මේක film එකක් නෙමේ නංගි. එයාලට විරුද්ධ වෙනවා කියන්නෙ භයානක වැඩක්. එයාලට ආයුධ තියෙනවා. එයාලා…..”

“පුතා,දූවත් එක්කරගෙන ප්‍රධාන ශාලාවට යන්න.” හෙෂාන් අයියගෙ කතාවට බාධා කරමින් පැමිණි මහලු මිනිසා පැවසුවේය.

“හොඳයි අන්කල්….. එන්න නංගි.”

අපි කාමර කිහිපයක් පසු කරමින් ප්‍රධාන ශාලාව ලෙස හැඳින්වූ පළලින් අඩු දිගින් වැඩි විශාල ශාලාවකට ඇතුලු වුණෙමු. අප පැමිණෙන විටත් එම ශාලාවට TT නිල ඇඳුම හැඳ ගත් බොහෝ දෙනෙක් පැමිණ සිටියෝය. ඔවුහු විවිධ රටවල්වලින් පැමිණි අය වූහ. 

මඳ වේලාවක් ගත වීමටත් පෙර මහලු මිනිසා එතනට කලබලයෙන් පැමිණියේය. ඔහු හෙෂාන්ට පසෙකට කතා කොට යමක් පවසන අයුරු කවිනි බලා සිටියාය. අනතුරුව දෙදෙනාම කවිනි වෙත පැමිණියෝය.

“දූ,මේ අයියත් එක්ක යන්න. එයා ඔයාව ආපහු ඔයාව අයිති කාලයට අරන් යයි.” මහලු මිනිසා කලබලයෙන් ඇයට පැවසුවේය.

කවිනි ඊට ප්‍රතිචාරයක් දැක්වීමටත් පෙර හෙෂාන් ඇයවත් ඇඳගෙන ප්‍රධාන ශාලාවෙන් පිටතට පැමිණියේය. ඔහුගේ කලබලය හඳුනා ගත් කවිනි කිසිවක් නොකීවත් කුමක් හෝ අනතුරක් අත ළඟ බව ඇයට දැණුනාය.

නැවත ඔවුන් පෙර සිටි කාමරයටම පැමිණි හෙෂාන් කුඩා ලාච්චුවක් ඇර කාල සංචරක දෙකක් අතට ගත්තේය. ඒවා දෙස හොඳින් බැලූ ඔහු ඉන් එකක් කවිනිට දුන්නේය.

“අයියා ඇයි කලබලෙන්? ” කවිනි මෙතෙක් වෙලා තම හිතේ තිබූ ප්‍රශ්නය ඇසුවාය.
______________________________________
ඇයි හෙෂාන් කලබල වෙලා ඉන්නේ? අනුමාන කරන්න යාලුවනේ. තුන්වෙනි කොටසින් හමුවෙමු.
 

54 thoughts on “කාල සංචාරය|දෙවැනි සංචාරය|විද්‍යා ප්‍රබන්ධ |කතා අහුර රචක”

          1. රිතූ ??

            බැලුවා…. ඒත් ඒක චුට්ටයි නේ ??

  1. රිතූ ??

    හෙෂාන් කලබල වෙලා ඉන්නේ ඇයි ? TT එකට ඇටෑක් එකක්වත්ද? ??? හෙට නේ ඉතින් ඒක බලන්න වෙන්නේ…. කවී…. හෙට වෙනකන් ඉවසන්න බෑ ?

    මටත් කාල තරණය කරන්න ආසයි ??

    කතාව නම් මරු කවී…. නියමයි ?

    1. යන් යන් මටත් ඕන මං ලොකු උනහම මොන වගෙද කියලා මගෙ ඇස් දෙකෙන්ම බලා ගන්න

    2. හරියට දන්නෙ නෑ අක්කියෝ…. හෙෂාන්ගෙන්ම තමා අහගන්න වෙන්නෙ…… පොඩ්ඩක් ඉවසලා ඉන්න අක්කියෝ…..

      අපි කාල සංචරකය හොයා ගමු නේද?? එතකොට කට්ටියටම කාල තරණය කරන්න පුළුවන්නෙ….
      Thanks akki…..

    1. කතා ලිය ලිය කතා කියව කියව ඔයාලගෙ කමෙන්ට් බල බල හිතට ආපු තාලයක් මුමුණ මුමුණ ඇස් ඇරන් ඉන්න සම්පූර්ණ උත්සහය යොදලා නිදා වැටි වැටි ඉන්න ගමන් කමෙන්ට් කරනවා අක්කියෝ…..

  2. කස්ටිය ගුඩ් මෝනින් හැමෝටම. ඊයේ රෑ හොදට නින්ද ගියද? මටනං කොහෙද යන කාලකන්නියෙක් හීනෙන් ඇවිත් අයි ලව් යු කිව්වේ නැතැයි. මන් ඒක අහලා අදෙනුත් බිමට වැටුණා කියහංකෝ. මොකෝ ඉතින් කස්ටිය කියන්නේ? මට පට්ට හීන නේ පේන්නේ

    1. රිතූ ??

      අම්මටසිරි ???? යකූ මාර හීනනේ බොලාට පේන්නේ ???? ඒකට මම…. හීනයක් දැක්කොත් ඒකෙත් හොල්මනක් ???

      1. ඕක මන් අම්මට කිව්වම අම්මා කියානෝ අනේ මේ තමුන් එක්ක කොල්ලෙක් යාළු උනොත් ඌ එක පැයක් ඉන්න එකක් නෑ කියලා??? එකටනම් දුක හිතුනා බං මන් එච්චරටම අවුල්ද මචියෝ?

        1. ඒ අහින්සක කොල්ලට …තිස්‍තුන් කෝටියක දෙවි දෙවතාවුන් වහන්සේලාගෙම පිහිට ආරශව ලැබෙන්න ඔනේ????

          1. අම්මප බන් මන් ඉතින් ඌට ජීවත් වෙන්න තියෙන ආසාව නැති කරලම තමයි පස්ස බලන්නේ අපෙ අප්පචිත් කියනො ඒ කොල්ලගේ කොන්ද නොකැඩී බෙරුනොත් ඇතිලු

          2. රිතූ ??

            සැක් ??? මොනවා වුණත් අම්මයි තාත්තයි ඔයාව හරියටම තේරුම් අරන් තියෙනවා ????

        2. රිතූ ??

          හත්තික්කේ ??? අම්මලට ඉස්සරහට වෙන්න තියෙන දේවල් දැනෙනවා බම් ????

          අනේ ඒ කොල්ලට දෙවියන්ගේම පිහිටයි ????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.