Katha Ahura

ගමන | 25 කොටස | හොල්මන් කතා

3.7/5 - (3 votes)

ගමන 25 කොටස

කුසල් තම නිවසට යද්දී අම්මා හා නංගී තවමත් නිදි නැතිව අවදී වී සිටින බව නිවසේ ඉදිරිපස දොර විවර කර තිබූ නිසා කුසල් ට අවබෝද විය. බයික් එකේ හඩ ඇසී දෝ ඔවුන් දෙදෙනා ඒ තුලින් මතු විය.

” පොඩි පුතේ අයියා කතා කෙරුවද?”

බයික් එකෙන් කුසල්බසින්නත් පෙරම කුසල් ගේ මව විමසූ අතර ඇය ගොඩක් ඒ ගැන වද වෙන බවක් පෙනින.

” අම්මේ අයියට අද එන්ඩ හම්බවෙන්නේ නෑලු,, සුරංග අයියගේ වෑන් එකේ මොකක්ද අවුලක් ලු ,,සමහර විට හෙට එයි.”

තම මවගේ හිත සනසන්න කුසල් බොරුවක් නොවන් බොරුවක් පැවසුවේය.

” ඇති යන්තම් එහෙනම් ,, මගෙ ඇගේ ලේ වතුර වෙලා හිටියේ ,, ලොකු පුතාට මොකක් හරි කරදරයක් මයි කියලා ,, ”

ඇය සැනසුම් සුසුමක් හෙලූවාය. කුසල් කසුනි දෙස බැලු අතර ඇයත් තමා කියන ලද දෙය විශ්වාස කරන බවක් පෙනින. නමුත් ඇයටනම් තමා නාලක අයියාගේ දේවාලය ලගදී දැනගත් දේ අනිවර්යෙන්ම පැවසිය යුතුය. අම්මා අසල ගැවසෙන්නේ නැති අවස්තාවක් බලා කුසල් තමා දැන ගත් දේ කසුනි සමග පැවසීය. එය අසා ඇය හොදටම බිය විය.මෙය විශ්වාස කරන්නට අමාරු දෙයක් වුවද පොඩි අයියා මේ වගේ බොරු කියන #පුද්ගලයෙකුනම් නොවේ.

” හෙට පාන්දරම මම යනවා ,, අම්ම පොඩ්ඩක් සැක කරයිද දන්නේ නෑ මම මේ වගේ වෙලාවක ඔහොම ගම්නක් යද්දී ,, නංගි මට උදව් කරන්ඩ ඕනා ”

” අනේ අයියේ මමත් ඔය ගමන යන්ඩ එන්නම් ,,බැරි වෙලාවත් උන්ට අහුවෙලා ලොකු අයියටයි , පොඩි අයියටයි දෙන්නට ම අනතුරක් වුනොත් මම කොහොමද තනියම ජිවත් වෙන්නේ ”

තම නංගිගෙ හැඩුම් මුසු කටහඩ කුසල් ගේ හදවත පාරන්ඩ සමත් විය. ඇගේ දෙනෙත් තෙත්ව ඇති බව දැල්වෙන විදුලි බල්බයේ ආලෝකයට මනාව පෙනේ .

” කොහොමද නංගී අනතුර දැනගෙන ඔයාව ඒ වගේ භයානක ගමනක් එක්ක යන්නේ ,,අනික ඔයා කෙල්ලක් ,, අපිට තියෙන්නෙත් ආරක්ශාවට නාලක අයියා මතුරල දීපූ උල් පිහි දෙක විතරයිනේ ”

” ඒත් මම කොහොමද අයිය ඔය වගේ ගමන ක් යන බව දැන දැනත් ගෙදරට වෙලා නිකම් ඉන්නේ ,,අනේ පොඩි අයියේ ,මාත් එන්නම්.”

කසුනි කෙතරම් ඇවිටිලි කරද ඇයව මේ වගේ භයානක ගමනක් එක්ක යන්න කුසල් නම් කොහොමොවත් කැමති වුනේ නැත. අවසානයේ ඇය නිහඩ විය. ##

“නංගි මේ ගැන පොඩ්ඩක්වත් අම්මටනම් දැනෙන්ඩ ඉඩ තියන්ඩ එපා ,, මේ ගැන අහලා අම්මා අසනිප වෙයි. ”

ඒ බව අම්මා සමග නොපවසන බවට කසුනි පොරොන්දු විය.

*************************
තමාගේ මිතුරකුගේ පිරිත් ගෙදරක් යනබවත් එන්නේ පසුවදා බවත් අම්මාට බොරුවක් පවසා කුසල් පසුදා පාන්දරම තම නිවසින් පිටවිය. තම පොඩි පුතා මේ වගේ දේවල් වලට ගොඩක් කැමති නිසා කුසල්ගේ මව මේ ගැන සැකයක් හිතුවේ නැත.කුසල්ගේ පලමු අරමුන වුනේ නාලකගේ දේවාලයට යාමයි.ඔහු කලින්ම නාලකට දුරකතන ඇමතුමක් දී ගිය නිසා දේවාලයට යද්දී නාලක් දේවාලය අසල සිටියේය.

” මෙන්න කුසල් පිහි දෙකටම බලය ඇවිල්ලයි තියෙන්නේ ”

දේවාලය ඇතුලට ගොස් ඒ තියුනු උල් පිහි දෙක කුසල්ගේ අතට දෙන ගමන් නාලක පැවසුවේය.

” ගොඩක් පින් නාලක අයියේ මට කරපු මේ උදව්වට ”

ඊට නාලක කලේ අහිංසක ලෙස සිනාසීම පමනයි.පිහි දෙක කුසල් තමා බෑගයේ යටටම දැමීය.

” එකක් මතක තියා ගන්ඩ කුසල් ,,ඔයාල ඔය මූන දෙන්ඩ යන ගමන එච්චර ලේසි එකක් කියලා හිතන්ඩනම් එපා ,, ඔයාලට මූන දෙන්ඩ ###වෙන්නෙ බලවත් අමුනුශයො වගයක් එක්ක ,,”

” ඒක අපි දන්නව”

” මම තව පාරක් කියන්නෙ ඔයගොල්ලෝ ලග මේ බලගතු පිහි දෙක තියෙනව කියල උන් දැන්ගන්ඩත් පුලුවන් ,දැන නොගන්ඩත් පුලුවන් ,දැන නොගත්තොත් ඔයාලට වාසියි. ඒත් උන් දැන ගත්තොත් නම් ඔයාලට ගොඩක් අවාසියි. පිහි දෙක ලග තියෙනකම් උන්ට ඔයාලට කරදර කරන්ඩ අමාරුයි. ඒ හින්ද උන් දැන ගත්තොත් මේ වගේ බලගතු පිහි දෙකක් තියෙනවා කියලා ,,, උන් මොකක් හරි උපක්රමයක් දාල් මේව ඔයාලගෙන් අයින් කරන්ඩ බලයි. ඒවට අහුවෙන්නැතිව මොලේ පාවිච්චිකරල වැඩ කරන්ඩ ,, හැබැයි මේ අමුනුශ්ශයන්ට මේ පිහි පොලව යට , ගින්දර වලට අහුවෙලා වතුර යට තියෙද්දිනම් මේ පිහි කොහෙද තියෙන්නේ කියල හොයා ගන්ඩ බෑ ,,ඒක නම් ශුවර්,, ආ තව දෙයක් ….”

නාලක එක දිගටම කතා කරපු නිසා මදක් කතාව නැවැත්තීය.

” මොකක්ද?”

” මේ අමුන්ශ්ශයො ඔයාලව රවට්ටන්ඩ ,, විවිද වේශ වලින් එන්ඩත් පුලුවන්,, සමහර විට කුසල්ගේ අයියගේ රූපෙන් ඉස්සරහට එන්ඩත්පුලුවන් ,,ඒවට අහුවෙන්ඩත් එපා ,, ####කන්නාඩිවලින් ,,phone කැමරාවෙන් බලල ලේසියෙන්ම උන් මනුශ්ශයෙක්ද ,, නැත්නම් අමුනුශ්ශයෙක්ද කියල අපිට හොයා ගන්ඩ පුලුවන් ,, තේරුනාද කුසල් ”

නාලක ඇසුවේ කුසල් ගේ මුහුන දෙස බලමින් ය. ඔහු ඒ කියන දේවල් ඉතා ඕනකමින් අසා සිටි.

” තේරුනා ”

” ඔයත් එක්ක යන අර යාලුවට එක පිහියක් දීලා ඔයා එක පිහියක් ලග තියා ගන්ඩ ,, මම දැන් කුසල්ට කියපු ඔක්කොම දේවල් ඒ යාලුවටත් කියන්ඩ ,,හැබැයි කුසල් මේ පිහි දෙකෙන් එක පිහියක් හරි නැතිවුනොත්නම් තත්වය බර පතල වෙයි.ඔයාල ලොකුම ලොකු අනතුරකයි එතකොට වැටෙන්නේ ,, ඒ හින්ද පරිස්සමින් ”

නාලක අනතුරු හැගවීය ,, ඔවුන් යන මේ ගමන කොතරම් අනතුරු දායකද බව නාලක හොදටම දැනගෙන සිටියේය.

” හරි කුසල් මම දන්න ටික තමයි ඔයා කිව්වේ ,,
මෙතන හිටියොත් තවත් පරක්කු වෙනවා ,, ඒ හිනද ඔයා දැන් යන්ඩ ,, අයියලව බේර ගන්ඩ පුලුවන් වෙන්ඩ කියල මම පතනවා ”

නාලක එසේ පැතුවත් කුසල්ට ඒ අමුනුශ්ශයන් පරදා ඔහුගේ අයියාව බේරා ගන්නට ලැබෙන ප්ර්තිශතය සීයට බිංදුවයි දසම එකටත් වඩා අඩු බව නාලක හොදටම දැනගෙන සිටියේය. #####
***************************************
කුසල් හලාවත සිට කුරුනෑගල ට ගමන් කරන බසයක නැගී කුරුනෑගල බස් නැවතුම්පලට ගිය විට දමිත් නගින්නැයි කියූ කෑගල්ලට යන බසයක් ලේසියෙන්ම සොයා ගන්නට හැකිවිය. එයට නගින්නටපෙර ඔහු වටපිට බලද්දී තම නැගනීයට සමාන රුවක් අහම්බෙන් දැකීය. අහම්බෙන් මෙන් දුටු ඒ රුව් දුටු දිසාව දෙස යලිත් හැරී බලද්දී ඒ රුව අතුරුදන්ව ගොස් තිබිනි.
*

” පව් දෙයියනේ නංගී දැන් ගෙදරට වෙලා කල්පනා කර කර ඇති,, ඇයටත් මේ ගමන යන්ඩ කොච්චර අසාවක් තිබ්බද??? ආයේ නංගිගේ රූපේ මේ ආත්මෙදි දකින්න සමහර විට හමබ වෙන්නෙ නැති වෙයි.”

කුසල් සිතුවේ එහෙමය. බසයේ හිස් අසුනක් සොයා ගිය ඔහු එහි ඉදගත්තේ ඒ ගැන සිතමින් සුසුමක්ද පිට කරන ගමන් ය.

දමිත් දුරකතන ඇමතුමක් දී කුසල්ට බසයේ නැගී එද්දී බැසිය යුතු තැන පැවසූ අතර කුසල් මේ තැනින් තමාව බස්සවන මෙන් බසයේ කොන්දොස්තරවරායාගෙන් ඉල්ලා සිටියේය. දීර්ග ගමනකින් පසු කොන්දොස්තරවරයා කුසල්ට කතා කලේය. කුසල්ට හැගී ගියෙ බසයෙන් බසින තැන ලංවී ඇති බවයි.
***************
බසයෙන් බැස මොහොතකින් ඔහුගේ phone එකට ඇමතුමක් ආ අතර එය ආවේ දමිත්ගෙනි,ඒ ##### #සමගම කුසල් ලගට ඔහුට වඩා මදක් බාලයි යැයි සිතිය හැකි තරුනයෙකු සිනාමුසු මුහුනින් ඔහු අසලට ආවේය.

” ඔයාද කුසල් ”

ඔහු ඇසුවේත් සිනාමුසු මුහුනෙනි. ඒ සමගම කුසල් පිටුපසින් ඔහු ලගට හදිස්සියේම කවුරුන්දො එන බව හගවමින් අඩි හඩක් නැගුන අතර අර තරුනයාද ඒ දෙස බැලීය. කුසල් පිටුපස හැරි බලද්දී දුටු දසුන ඔහුට අදහාගන්ඩ බැරි විය. තමා මේ මොනවද දකින්නේ ????? *****************ඊලග කොටසට gamana

කට්ටිය දැන් මගේ ගමන කතාවට අකමැතිද මන්දා

✍Sagara Sampath

6 thoughts on “ගමන | 25 කොටස | හොල්මන් කතා”

  1. Chathu indeewaree

    කතාවට පොඩක්වත් අකැමැති නෑ අනේ. ගොඩාලියක් කැමැති. එත් දාන වෙලාව තමයි අවුල් මටනම්..

    කුසල්ගෙ නංගි එන්න ඇත්තේ කුසල් එක්ක යන්න ලොකුඅයියා බේරගන්න.

  2. Chathu indeewaree

    රාස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.. ඔය ලියපු හොල්මන් කතාවක් , පෙබරවාරි මාසයේ පළවූ හොඳම හොල්මන් කතාව ලෙස තේරුණාට මම හදවතින්ම ❤ සුබ පතනවා….

  3. matanam hithenne e kusalge nangi kiyala.
    Kathavatanam poddakvath akamathi na mamanam harima asaven kiyavanne me kathava???
    Podi request ekak thiyanava puluvannam me kathava ra 9 ta dannako???
    Wish you all the best???

  4. Hashini Navanjana.

    චුට්ටක් වත් අකමැති නෑ අනේ… ගොඩක් ආසාවෙන් කියවනව. හරිම ලස්සනයී කතාව.
    ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.