Katha Ahura

ගමන | 34 කොටස| හොල්මන් කතා

5/5 - (1 vote)

ගමන 34 කොටස

සයිමන් ගියේ දිය ඇලි තුනක් ලෙස ඇද හැලෙන විලාප ඇල්ලේ මැද දිය ඇල්ල වෙතටයි. ඉන්පසුව ඔහු කසුනිත් නුවනුත් පුදුමයට පත් කරමින් ඒ දිය ඇල්ල අතරින් ගොස් නොපෙනී ගියේය.

” මට හිතෙන්නෙ ගුහාවට යන උමග තියෙන්නෙ ඔය දිය ඇල්ලෙන් එහා පැත්තේ , දිය ඇල්ලට වැහිලා ”

කසුනිගේ අදහස වුනේ එයයි.

” ඔව් ඔය මිනිහ ඊයෙ ගල් ගුහාවට ආවෙ හොදටම තෙමිලා , අනිවාර්යෙන්ම ඒ ඔය දිය ඇල්ල මැදින්ම ආපු හින්ද වෙන්ඩ ඕනේ ”

” ඔය මිනිහ අරුන්ට උදව් කරනවනම් , අපි තවත් අනතුරේ බැරි වෙලාවත් අර යක්ශනීට ඇනපු පිහිය ගැලව්වොත් එහෙම , ඔය මිනිහට මොකක් ම හරි දෙයක් කරන්ඩ ඕනා ”

” මොකක්ද කරන්නෙ ”

නුවන්ටනම් කරන්ඩ කිසිම දෙයක් මේ වෙලාවෙ සිහියට නැගුනේ නැත. නුවනුත් කසුනිත් කතාවෙන දේවල් යක්ශයා සැගවී හොරෙන් අසා සිටියෙ, කොපයට පත් වුන දෑසිනි. අර පිහිය නිසා ඔවුන් දෙදෙනා ලගට කිට්ටුවෙන්නට බැරි වීම ඊට හේතුවයි. නුවන්ට පැවරු දෙය ඔහු විසින් නොකරපු නිසා ඒ කොපය තවත් වැඩිවිය. ඔහු අල්ලාගත් විට ඊට හොද දඩුවමක් දිය යුතුය.

” අපි ඔය මිනිහට ……”

කසුනි පවසන්ඩ ගිය #දෙයට නුවන් බාදා කලේය. කසුනි ඔහු දෙස බල සිටියේ ප්රශ්නාරත්යක් හගවන දෑසෙනි.නුවන් ඔහුගේ phona එක ගෙන යමක් ටයිප් කලේය.

” යක්ශය සමහර විට අපි කියන දේවල් අහන් ඉන්ඩ පුලුවන් කරන් දේ මේකේ ටයිප් කරන්ඩ”

නුවන් ටයිප් කලේ එයයි. මේ විදිහට සුරංගත් කල බව නුවන්ට ගල් ගුහාවෙ සිරවී සිටි වෙලාවෙ ඔහුගෙන් දැන ගන්නට ලැබිනි. කසුනි ටයිප් කරන දෙය නුවන් විම සිල්ලෙන් බලා සිටියෙය.

***************************************
මේ කිසිත් නොදත් සයිමන් පෙර දින මෙන අද දිනයේත් ගල් ගුහාවට ගියේ , මෙදින් යක්ශයා හා යක්ශනිය විසින් ආහාරය ගත්තු තරුනයාගේත් තරුනියගේත් මුදල් , වටිනා ආබරන phone ආදිය ලබා ගන්නටය.නමුත් ඔහු පුදුමයට පත් කරමින් අද දින මරන්නට හිටි ඔවුන් දෙදෙනා පනපිටින් තවමත් සිටි , එකම වෙනස ඔවුන් දෙදෙනා ගල් කනුවලින් ලෙහා එල්ලා සිටිම පමනයි.ඔහු දකින්නට සිතා සිටියේ අද ගල්ගුහාව තුල පස් දෙනෙකුගේ දසුනක් පමනයි. නමුත් සයිමන් දුටුවෙ දෙදෙනෙකු අඩු වී ඇති වෙනුවට තවත් දෙදෙනෙකු වැඩි වී ඇති දසුනකි. මෙහෙම දෙයක් වුනේ කොහොමද , එසේ සයිමන් පුදුමයෙන් සිතමින් සිටි වෙලාවක තමයි එතනට යක්ශයා පැමිනියේ .

” උබට දැන්ම වැඩක් කරන්ඩ තියෙනවා ”

##සයිමන් කිසිවක් පවසන්ඩ පෙර යක්ශයා පැවසුවේය. යක්ශයාට සයිමන්ට පැවසුවේ කෙසේ හෝ කසුනි අතෙ තියෙන පිහිය ඇයගෙන් අයින් කරන ලෙසටයි.

***************************
මේ කිසිත් නොදත් නුවන් හා කසුනි විශාල ගසකට මුවවී තඩි පොල්ල්කුත් අතේ තියාගෙන බලා සිටියේ සයිමන් ඔවුන් අසලින් යන්තෙක් ය. ඉන්පසුව ඔහුගේ හිස ඉලක්කකර පොලු පහරක් එල්ල කර කසුනි වැටුනු බොරු වල තුලට තල්ලු කිරීමයි ඔවුන්ගේ අදහස වුනේ. නමුත් යක්ශයා සයිමන්ට ඔවුන් දෙදෙනා සැගවී ඇති ඒ විශාල ගස පෙන්වීය. ඉන් සිදුවුනේ සයිමන් අල්ලගන්න සිතපු කසුනි ටත් නුවන්ටත් සයිමන්ගේ ග්රහනයට හසුවීමයි.හොරෙන්ම පිටුපසින් ගිය සයිමන් කසුනිගේ බෙල්ලෙන් අල්ලාගෙන ඉවතට ඇදගෙන ගියේය. සයිමන්ට පහර දෙන්නට පොල්ල අතේ තියා ගෙන සිටියේ නුවන්,ය ,ඔහුගෙන් ගොඩක් දුරක් කසුනි ඇදගෙන ගොස් සිටිනිසාත් අර බලගතු පිහිය ඇයගේ අතේ තිබුනු නිසාත් යක්ශයාට ලේසීයෙන්ම නුවන්ව යලිත් වතාවක් ඔහුගෙ ග්රහනයට ගැනීමට හැකි විය.

” කසුනි මාව බේර ගන්ඩ ”

නුවන් උස් හඩින් කෑගසුවත් මේ වෙලාවෙ කසුනිත් සයිමන්ගෙ ග්රහනයට හසුව අසරනව සිටියාය.###

නුවන් යටගිරියෙන් විලාප තියද්දී යක්ශයා නුවන්ව බිම දිග ඇදගෙන ගියේය.

*********************
” තෝ ඔය පිහිය මට දෙනවද ? නැත්නම් මගෙන් මැරුම් කනවද?”

සයිමන් කසුනිගෙ පිහිය තියෙන අත අනිත් පැත්තට නැමුවේය.ඇයට වේදනාව ඉවසන්ඩ බැරිය. අර පිහියෙන් ඇන ඔහුට අනතුරක් කරන්නට හැකියාව හොදටම තිබුනද ඒ පිහිය තියෙන්නේ යක්ශයාට ඇන සිහි නැති කිරීමටය. කරන්ඩ තිබුනේ එකම එක දෙයයි . කසුනි හයියෙන් සයිමන්ගේ අත හපා කෑවාය.

” වල් බැල්ලි ”

කියමින් වේදනාත්මක හඩක් නැගූ සයිමන්ගේ අත මදක් ලිහිල් විය. ඒ අවසරෙන් ඔහුගෙන් මිදී කසුනි උපරිම වේගයෙන් දිව ඉවතට දිවගියාය. නමුත් එසේ වැඩි දුරක් ඇයට දිව යන්ඩ ලැබුනේ නැත . කසුනි බිම දිග ඇද වැටුනේ සයිමන් විසින් පිටුපසින් එල්ල කරපු පොලු පාරක් ඇයඋගේ වලලු කර පෙදෙසේ වැදුන නිසාය.

” හිතුවද තෝ මගෙන් බේරිලා පැනල යන්ඩ ,මේ සයිමන්ගෙන් බේරිලා එහෙකුටවත් පැනල යන්ඩ තියා හිතන්ඩවත් බෑ ,උබ පන පිටින් හිටියොත්නෙ ඔය පිහිය දෙන්ඩ බෑ කියන්නේ , දැන් එහෙනම් මගෙන් මැරුම් කාපන් ”

අතේ තිබුනු පොල්ලෙන් සයිමන් කසුනිගේ හිස ඉලක්කකොට පොලු පාරක් එල්ල කලේය.####

බිම පෙරලෙමින් ගොස් ඒ පහරෙන් මිදෙන්නට කසුනිට හැකියාවලැබින ,නමුත් යලිට් වතාවක් සයිමන් පොලු පහරක් එල්ල කරන්නට කසුනි වෙතට ඇය එනවා දිටීය. බලවත් පිහිය නුහුරු වම් අතට ගත් ඇය සයිමන් පොලු පහර එල්ල කරද්දීම දකුනු අතට හසුවුනු පස් ටිකක් රැගෙන සයිමන්ගේ මුහුන ඉලක්කකොට ඔහුගේ මූනට ඒවාගෙන් දමා ගැසීය. සයිමන්ගෙ ඇස් වලට පස් ගිය නිසා ඔහු හොදටම අඩපන විය. ඉන් ප්රොයොජනය ගත් කසුනි එයිනුත්නොනැවතී සයිමන්ගේ යටිබඩ ඉලක්කකොට දැවන්ත පා පහරක් එල්ල කලේය. ඒ පහර දරා ගන්නට අපහසුවූ සයිමන් වේදනාවෙන් කෑ ගසමින් යටි බඩ අල්ලා ගත් අතර ඔහු අතෙ තිබුනු පොල්ල ඔහුගෙන් උදුරාගෙන ඔහුගේ හිසට මාරක් පොලු පහරක් එල්ල කරන්නට කසුනි සමත්වුනාය. විලාප දීගෙන සයිමන් බිමදිග ඇද වැටුනේ සමහර විට සිහිනැතිවී විය යුතුය. සමහර විට ඒ පහරින් සයිමන් මැරෙන්නට වුවද පුලුවනි.

” දැන් කරන්නෙ මොකක්ද”

කිසිවක් හිතාගන්නට බැරි වුන කසුනි වටපිට බැලුවේය. ඇය දුටුවේ තමා වලට වැටුනු විට ඉන් ගොඩට ගැනීමට නුවන් විසින් ගසක බැද තිබූ ඒ කඹයයි. ඉකමනින් එය ගසෙන් ලෙහා ගෙන ආ කසුනි වැටී සිටින සයිමන්ගේ කකුල් දෙක එක්කොට බැන්දාය. ඉන්පසු කඹේ අනිත් කොන #####අල්ලා ගත් ඇය කබයේ උදව්වෙන් සයිමන්ව ඇද ගෙන ඒ බොරු වල ලගට අමාරුවෙන් කිට්ටුකලාය.කෙතරම් අමාරු වෙහෙස දනවන වැඩක්වුවද කසුනිට වෙන කරන්නට දෙයක් තිබුනේ නැත. සයිමන්ට යලිත් සිහිය ආවොත් තතවය බයානකය. ඇයගෙ අරමුන වුනේ කෙසේ හෝසයිමන්ව අර බොරු වලට දැමීමයි. එවිට ඔහුට සිහිය ආවත් ගොඩ එන්නට අමාරුය.කෙසේ හෝ කසුනි ඒ වැඩේ කිරීමට සමත් විය.

කසුනි කරන මේ දේවල් යක්ශයා සැගවි බලා සිටියේ දත්මිටි කමිනි, ඇය කරන වැඩ නිසා සියල්ලම අවුල් වීයයි. ඇය අතට අහුවුන වෙලාවට දරුනු පාඩමක් උගන්නන්නට යක්ශයා සිතුවේය. එහෙත් කෙසේ හෝඇයගේ ලග තියෙන පිහිය ඉවත් කල යුතුය. එය කිරීමට ක්රම ඕනතරම් කපටි යක්ශයාට නොතිබුනා නොවේ.
***************************

කිලෝ හැටක් පමන බර සයිමන් ඇදගෙන ආපු කසුනි හොදටම හෙම්බත්වී සිටියාය. අසල තිබූ ගසක් යටට ගිය ඇය වෙහෙස නිවා ගන්නට හිද ගත්තාය. තමා ගැනම ඇයට දැනුනේ දැඩි ආත්මානුකම්පාවකි.

* එසේ සිටින ඇයට මතක් වුනේ පාසල් යන සමයේ දෙපිලට බෙදී කරපු කොඩිගස් පැනීමේ සෙල්ලමයි. තම කන්ඩායමේ සියලු දෙනාම ##### #ප්රතිවාදිපිල කොටුකර සිටින විට විට තමාට තම පිලේ කොඩිගසත් බේරා ගෙන තම පිලේ අයවත් බේරා ගන්ඩ වෙලා තිබේ , ඊට සමාන දෙයකට මුහුන පා ඇති බවයි මේ වෙලාවේ කසුනිට වැටහුනේ ,, නමුත් එය සෙල්ලමක් වුවත් මෙය ජීවිතයත් මරනයත් අතර සටනකි. තමා සමග සිටි නුවන් අයියාත් යක්ශයා රැගෙන යනවා කසුනිට මතක්විය . ඔහුත් යලිත් වතාවක් යක්ශයා විසින් සිරකරගෙන ඇති . කසුනි සිතුවෙ එසේය. නමුත් කසුනි මේ වෙලාවෙනම් වැරදිය, යක්ශ්යාගේ ග්රහනයට හසුවුනත්නුවන් සිටියේ ගල්ගුහාවේනම් නෙමේ. කසුනි සිටි තැනට ටිකක් ඈතින් යක්ශය විසින් ඔහුව විශාල ගසකට තියා අත් පා කඹවලින් ගැට ගසා තිබින.

තමන් ලගට තියුනු පොරවක් අරගෙන එන යක්ශයා දුටු නුවන් ඉවෙන් මෙන් දෙයක් වටහා ගත්තේය. යක්ශයා හද්න්නෙ කියපු ආකාරයටම පනපිටින් තමාගේ අත පය කැපීමට විය යුතුය. යක්ශය විසින් කියපු දේ තමා කරපු නැති නිසා යක්ශයා හොදටම කොපවෙලයි ඇත්තේ ,එය යක්ශයාගේ මුහුනෙන් හැසිරෙන විලාසයෙන් හොදටම පැහදිලි වේ. පනපිටින් අත පය කපනවා ##### ##තරම් වේදනාවක් ඉවසා සිටින්නේ කෙසෙද? නමුත් එයට දැන් නුවන්ට මුහුන දෙන්නට සිදු වීඇත.

යක්ශයා කිසිම් දෙයක් පැවසුවෙ නැත. කලේ වියරු ලෙස සිනාසීම පමන යි. ඉන් පසු කලේ පොරව නුවන්ව ඉලක්කකර එසවීමයි.

” එපා”

නුවන්ගේ විලාප හඩ ගසක් යට හිදගෙන සිටි කසුනිටත් හොදටම ඇසින.******************************************************ඊලග කොටසට gamana

කොච්චර ටයිප් කොටා බෑවත් මේ ගමන ඉවරකරගන්ඩ බෑනේ ,, මාර කරුමයක් තමා මට පඩිසන් දීල තියෙන්නේ ,,, ( කියවන ඔයාලටත් ඒ හින්ද අවුල් ඇති)

කිතාව කයවල
එමන්ට්ස් කකක්
යාල දාන්ඩ
කමතක අරන්ඩ
යපා ඒලුවනේ
පම මව්නේ….

✍Sagara Sampath

3 thoughts on “ගමන | 34 කොටස| හොල්මන් කතා”

  1. වෙලාවට කසුනි හොරෙන් හරි ආවෙ… කතාව ලස්සනයි ගොඩක්… plz ටිකක් දිග කොටසක් දෙන්නකො
    Good Luck!

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.