Katha Ahura

ගමන |38 කොටස ( අවසාන කොටස )| හොල්මන් කතා

5/5 - (1 vote)

ගමන 38 කොටස
( අවසාන කොටස )

යක්ශයා එවූ පොරෝ පහර ගැන කිසිත් නොදත් කසුනි ඉදිරියටම දිව ගියාය. විලාප ඔය අසල පිහටි ගස්වලටත් සමහරවිට හදවත්ක ආවාදෝ මන්දා, ඒ ගස්වලටත් මේ මොහොතේ සමහරවිට දුක හිතන්න ඇති. මේ අසරන යුවතිය ගැන .ඒ හින්දාදෝ මන්දා විලාප ඔය අසල තිබූ විශාල ගසක දිරා ගිය අත්තක ,, කසුනිගේ ගෙල ඉලක්ක කොට පියබා ගිය ඒ තියුනු පොරවේ මග අවහිර කරමින් කඩා වැටින. වේගයෙන් පියබාගෙන ආ පොරව ඒ දිරා ගිය අත්තේ වැදින. එපමනක් නොවේ ඒ දිරා ගිය අත්ත පොරෝ පහර කා ගෙනම වටයක් කැරකෙමින් එය මහත් හඩක් නගමින් විලාප ඔයට වැටී එහි දිය අතර සැගවී යටටම ගිලා බසින්නට විය. කිසිම මිනිසකු උද්ව්වට නොසිටි මොහොතක කසුනිට ඒ වෙනුවට සොබාදහම ඇයට පිහිට වෙන්නට සිතන්න ඇති.

මේ අවසරයෙන් කසුනිට යලිත් වතාවක් පිහිය සගවා තිබු ඒ විශාල ගස යටට යාමට සමත් විය.

තමා විසින් එල්ල කරපු පොරෝ පහරක් පලමුවරට වැරදී යාම ගැන යක්ශයා සිටියේ පුදුමයටත් කෝපයටත් පත් වෙමින් ය. එය් විලාප ඔයේ ගැබුරු දිය යට අතුරුදන් වී ඇති නිසා යක්ශයා එය හොයන්න උතසක කලේ නැත. ඒ වෙනුවට දිවයන කසුනි පිටුපස හබා ගියේ ඇයව #යලිත් වතාවක් අල්ලා ගැනීමටය. හති ඇර ඇර අදික තෙහෙට්ටුවෙන් බිම වාඩිවී ඉන්නා කසුනි දෙස බලා යක්ශයා අර සුපුරුදු වියරු හිනා හඩ නන්වන්ඩ විය. යක්ශයන්ට ඉව දැනෙන්නෙ නැති තැන් තුනකින් එකක කසුනි පිහිය සගව තිබුනු නිසා යක්ශයාට පිහිය ගැන ඉවක් දැනුනේ නැත.

” කොහොමහරි එහෙනම් උබ මම කවුද කියලා අදුන ගත්තා එහෙනම්,,,,,,,,,, ඒත් ඉතින් වැඩක් වෙන්නෙ නෑ ,, උබ කොච්චර මගෙන් පැනල බේරෙන්ඩ ගියත් මම අල්ලගන්නවා ”

කසුනිට වඩා අඩි දහයක් පමන දුරකින් සිටගෙන යක්ශය කියන දේවල් කසුනි අසා සිටියාය. ඇය දැන් කරන්නේ කුමක්ද පිහිය ලග තිබුනත් කෙසේද ඔය තරම් බලවත් යක්ශයෙකුට ඒකෙන් අනින්නේ කසුනිට කිසි දෙයක් හිතා ගන්නට නොහක.

” ඒත් උබ ගැන මට ටිකක් හිත ගියා,, මේ අඩවියට පා තියපු උබල වගේ කෙල්ලො විතරක් නෙමේ කොල්ලාත් අපි දැකල බය වෙලා සිහි නැතුවවැටෙනවා ,, ඒත් ඒත් උබ කෙල්ලෙක් වෙලා බය නැතිව මේ අඩවියට ඇවිල්ලා අපි දැකල බය වුනේ නෑ ,, ඒ වෙනුවට මාව රවට්ටල පැනල ගියා විතරක් නෙමේ මගෙ පොලෝ පාරිනුත් උබ බේරුනා ,,කවදාවත් එහෙම් වෙල නෑ ” ##

යක්ශයා පවසන්ඩ යන්නෙ කුම්ක්ද, වේගයෙන් හුස්ම ඉහලට පහලට යවමින් කසුනි සිතුවේ එයයි.

” මම කැමතියි ඒ හින්ද එක අවස්තාවක් දෙන්ඩ,, මොකක්ද දන්නවද???, අපි මීට කලින් මරපු ඔක්කොම උන් අපි මැරුවෙ අපි කැමති විදහට,, උබ මේ කරපු දේවල් හින්දා මන් කැමති උබව උබ කැමති විදිහකට මරලා දාන්ඩ,,,,,කියපන්,,,, උබ කැමති කොහොම මැරෙන්ඩද???,,, පොරවෙන් බෙල්ලට කොටලද, වතුරේ ගිල්වලද, පනපිටින් පුච්චලද,, උබ කැමති ඕනේ ක්රමයකට මම කැමතියි උබව මරන්ඩ .කියපන් ඉතින් කොහොමද උබ මැරෙන්න ආස”

යක්ශයා ඇසුවේ කසුනිට මදින් මද ලන්වෙමින් ය.

යක්ශයාගේ කියපු දේවල් නිසා කසුනිට විදුලියක් කෙටුවාක මෙන් අදහසක් පහල විය. මේ ක්රමය සාරතක වුනොත්

” කියපන් ඉතින් උබ කැමති කොහොම මැරෙන්ඩද,,, උබ බය වුනා නේ ”

” නෑ මම කිසිම දෙයකට බය නෑ ,, මැරෙන්ඩවුනත්,, මෙතන මෙහෙම මම ඉන්නකොටම පුලුවන්නම් උබේ ඔය ජරා අත් දෙකෙන් හිමින් හිමින් මගෙ බෙල්ල් මිරිකර මරල දාපිය. ”

කසුනි පැවසුවෙ අබීත වීරවරියක් ###ලෙසය.

” ඔය මන් කිව්වෙ උබ කිසිම දේකට බය නෑ කියලා ,, උබ ඔය කිව්ව විදිහටම මම මරල දාන්නම්,, මැරෙන්ඩ කලින් උබ එකක් මතක තියා ගනින්. මේ අපේ අඩවිය , මේ අඩවියට ආපු කිසිම කෙනෙක් මගෙන් බේරිල ගිහිල්ලත් නෑ ,, ඉස්සරහට බේරිලා යන්නෙත් නෑ ,, උබ කෙරුවෙ ටිකක් උඩ පැන්න විතරයි.”

යක්ශය පැවසුවේ යලිත් අර මුස්පේන්තු වියරු හිනා හඩ නංවමින්
ඉන්පසු යක්ශය කසුනි හිදගෙන සිටි තැනටම් ඇවිත් හිද ගත්තේය. කසුනි සගවා ඇති අර බලවත් පිහිය ට සිත ගියාය , පොඩි අයියා කියූ දේව්ල් ඇයට හොදටම මතකය. වතුරේ ,, පොලවේ පස් යට , ගින්දරේ සගව ඇති විට යක්ශයන්ට ඒ පිහිය තියෙන තැන ගැන ඉව නොවැටේ , කසුනි ඒ නිසාම නුවන් අයියා යක්ශයාට අහුවුන වෙලාවේ පිහිය පොලවේ වලක් හාර පස් යට සැගවුවාය. දැන් ඒ ඇය දැකුනු අත තියා ගෙන ඉන්නෙ එසේ පිහිය වලලපු තැන. ඒ තැන කිසිකෙනෙකුට හඩුන ගන්ඩ බැරි වෙන්ඩ එතනට කොලරොඩුවලින් වහන්ඩද ඈ අමතක කලේ නැත. මේ කිසිත් නොදත් යක්ශයා කසුනිගෙ බෙල්ල අල්ලා ගත්තේ කසුනි කියූ දේ කරන්නටය.

” අනේ දෙවියනේ මට ශක්තිය දෙන්ඩ ,,මේ යක්ශයාට පිහියෙන් අනින්ඩ ”

කසුනි ඉහල ####බලමින් සිතුවේ එයයි, දැන් යක්ශය මදින් මද කසුනිගේ ගෙල සිර කරන්නට වුනේ අර වියරු හිනා හඩත් සමගිනි. කසුනි හිත හිතා සිටියේ නැත කොල රොඩු අයින් කර පස අතින් අයින් කෙරුවේ අර බලවත් පිහිය අතට ගන්නටය. ඇයගේ වාසනාවට ඇයට පල්මුව හසුවෙනේ පිහියේ මිට පැත්තයි. යක්ශයා බෙල්ල මිරිකද්දී ඇයට අපූ කැස්සත් අමතක් කරමින් කසුනි අර පිහියෙන් යක්ශයාගේ බඩ ඉලක්කකර පිහියෙන් ඇන්නාය. කසුනිට මෙය කරන්නට ගියේ පුංච්චිම පුංචිම කාලයකි. යක්ශනියට නොදැවෙනි බිවිසුනු හඩක් නැංවූ යක්ශයාද සිහිය නැතිව වැටුනේ කසුනි දෙස අදහාගන්නත් බෑ වගේ බැල්ම්ක් අවසාන වතාවට බලමින් ය.

කසුනිට වුන දේ අදහගන්ත් අසිරුය ,

” දෙවියනේ මම ඒක කෙරුවා ,, මම යක්ශයට පිහියෙන් ඇන්නා ”

කසුනිගේ ඇගට දැනුනේ විස්තර කරන්නට බැරි අමුතු හැගීමකි.මොහොතක් ඇය එතනට වී උන්නාය. ඉන් පසු ඇයගේ අරමුන අයියලා ඇතුලු අයව නිදහස් කරගෙන පැමිනීමයි.

” දෙවියනෙ මටත් ඒකත් ලේසියෙන්ම කර ගන්ඩ මට ශක්තිය දෙන්ඩ ”

*******************************
සයිමන් ගුහාවට ගියායැයි සිතු දිය ඇලි තුනක් ලෙස ගලා හැලෙන මැද දිය ඇල්ල වෙත අවදානය කරමින් කසුනි දියට බැස ගමන් කලාය. #####වතුරට ඇය කවදත් බය නැත. අතේ තිබුනු මදක් විශාල ගල ඇය ඒ දිය ඇල්ලට විසි කරේ එතනින් උමගක් තියෙනවදකියා සැක හැර දැනගන්නටය. විසි කරපු ගල ආපසු ආවේ නැති නිසා එතනින් උමගක් ඇතියි සිතූ ඇය දිය ඇල්ල හරහා ගමන් කලාය. ඇය සිතුවා නිවරදිය එතනින් එහාට තිබුනේ උමගකි. නමුත් කසුනිව යලිත් අපහසුතාවයට පත කරමින් උමග තුල තිබුනේ කිසිම දෙයක් පේන්නේ නැති අදුරකි, phone එකෙ ටෝච් එකක් තිබුනද phone එක දියට අසුවීම නිසා තිබුනේ අක්රීය වෙලාය. සැන්සුම් සුසුමක් හෙලූ ඇය කලුවරේම ඉදිරියට යන්න සිතුවා පමනි. ඇයගේ කකුලේ වැදී යමක් පෙරලුනි.අදුරේම අත පත ගාපු කසුනිට හසුවුනේ සිතට සතුටක් එක්කරමින් විදුලි පන්දමකි. සමහර විට මෙය සයිමන්ගේ වෙන්ඩ ඇති. කසුනිගේ සිතා කීවාය.

දැල්වෙන විදුලි පන්දම් එලියෙන් ඇය උමග දිගෙ සිටගෙනත් ගමන් කරන්නට අපහසු තැනවල කොන්ද නමාගෙනත් ගමන් කලාය. උමං පාර තවත් පහලට යනබව කසුනිට වැඩිවෙලාවක් යන්නට පෙර තෙරුම් ගන්න අපහසුවුනේ නැත. උමං පාර නිමවුනේ ගුහාවකට සම්බන්ද නොවෙමින්. නමිත් උමග ඉවර වෙන තැන බිමට එල්ලෙන්ඩ කබයක් තිබුනි. ඒ කබය ඉහලටම ##### #තිබුනු අතර කඹේ ටිකෙන් ටික දුරින් ගැට තිබුනේ ඉහලට නගින්නට ලේසි වෙන්නට විය යුතුය. එය ඉවෙන් මෙන් වටහාගත් කසුනි එය දිගේ ඉහලට නගින්නට වූවාය. එසෙ ඇය අඩි පහ්ලොවක් පමන නගින්න ඇති. කසුනිට සිතා ගන්ඩත් නොහකිවිය. ඇය අයියාලා සිරකරන ලද ගුහාවට ඇවිල්ල සිටියාය. එය තවමත් දැල්වෙන දර ගොඩෙන් මනාවට පෙනේ.

” පොඩි අයියේ ,, ”

කුසල්ට තම නංගීගේ හඩ ඇසුනේ හරියට ඈත ලොවකින් වගෙය.

” නංගී මේ ඔයාමද ,, නැත්නම් මගෙ නංගිගේ වේශයෙන් ඉන්න යක්ශයද ”

කුසල්ට සැක හිතුනේය. නමුත් ඒ සැකය බොරුවක් බව ඉන්පසු ඇය කරපු කියපු දේවල් වලට කුසල් තේරුම් ගත්තේය. ඇය කරපු දේවල් පස්සෙ කියන්නම් කියා පලමුව කසුනි කුසල්වත් දමිත්වත් ගල්කනුවලින් ලෙහා නිදහස් කලාය. තවමත්ගතට පනක් තිබූ පොඩි අයියාත් , දමිතුත් සමග එක්වී ඉන්පසු කසුනි යක්ශ්ය හා යක්ශනිය විසින් ගල් කනුවලට බැද සිර්කරපු අනිත් අයත් , තවම්ත් කකුලෙන් එල්ලූ පරිදිම සිටින කවීශත් අන්ජලීවත් නිදහස් කලහ.
* සිරවී සිටි යුවතියන් තිදෙනාද සිටියේ හොදටම විඩාවට පත් වෙලාය. නමුත් කසුනි පුදුමයට පත් කරමින් නුවන් අයියා ගුහාවේ ##### ##සිටියේ නැත. මොනවා කලත් ඇයට නුවන් අයියා දුන් අර පනිවිඩය නොවන්නට මේ දේවල් මේ විදිහට නොවෙන්න තිබුනා,,. ඒත් මුලු ගුහාව පුරාම අතුරු සිදුරු නැතිව සෙව්වත් නුවන්ගේ කිසිම සේයාවක් කසුනිටවත් අනිත් අයටත් දැක ගන්ඩ ලැබුනේ නැත.

” මං හිතන්නෙ නුවන්ට යක්ශ්ය මොනව හරි කරන්ඩ වෙන්ඩ ඇති අපි ගුහාවෙ ඉන්නකොට ඌව විතරක් එක්කරගෙන ගියේ ”

සුරංග පැවසුවේය.

” කෝකටත් අපි මේ හොල්මන් ගුහාවෙන් ඉක්මනට පිට වෙලා යමු ,, නුවන් අයියා ගැන මොකක හරි දෙයක අඩුම තරමෙ පුංචි හෝඩුවාවක්වත් අපිට දැනගන්ඩ හම්බව්වෙයිනෙ එතකොට ”

දමිත්ගේ අදහස හොදයි සිතූ අනිත් අය කසුනි ආපු පාරෙම ආපසු දිය ඇල්ලෙන් මතු වෙන්ඩ සිතා ගියහ. අර කබය දිගේ පහලට බහින එකනම් නිම්සරාටත් , අන්ජලීටත් , සුපුනිටත් ටිකක් අම්මාරු විය. නමුත් ඇය වගේම යුවතියක් වූ කසුනිට අර දරුනු යක්ශය සමග සටන් කරන්ඩ පුලුවන්නම් මේ වැඩේ මොකක්ද සිතා අමාරුවෙන් ඔවුන් කබේ දිගේ පහලට බැස්සෝය. එකිනෙකාගෙ උදව් සමග ඔවුන්ට කෙසේ හෝ විලාප ඔයේ ඉවුරට යා ගන්ඩ අමාරුවෙන් හරි හැකි විය.##### ###
*****************-*
කුසල් හා දමිත් එකතු වී බිවිසුනු පෙනුමෙන් සිහි නැතිව් සිටින යක්ශයාව ත් විලාප ඔයට තල්ලු කලහ. යක්ශයාත් යක්ශනීත්මෙන් විලාප ඔයෙ ගැබුරු දිය කදේ සැගවී ගියේය. මිනිසෙකු ඇවිත් ඔවුන්ට ඇන තිබූ පිහි ගැලොව්වොත් පමනක් යලිත් ඔවුන්ට සිහිය ඒවි. ඔවුන්ට උදව් කරන සයිමන් කසුනි එල්ලකරපු පහරින් මරනයට පත් වීසිටියහ. එසේනම් කවුරුන් ඔවුන්ව සොයාගෙන විලාප ඔයේ කිමිදී අර ඇනපු පිහි ගලවන්ඩද?
**********************************
” මෙන්න මෙතනින් තමා මට නුවන් අයියගෙ phone එක හම්බවුනේ ”

කසුනි නුවන්ව බැද දමා තියෙන විශාල ගස යටට අත දිගුකරමින් පෙන්වීය.එවිටම ඒ විශාල ගස ඉහලින් අමුතු හඩක් නැගුනු අතර සියලු දෙනාගේම ඇසට නුවන්ගේ රුව දැකීමට අපහසු වුනේ නැත. ගහට බඩ ගාපු කුසල් නුවන් අයියාවද බැද තිබූ ගසින් නිදහස් කලේය.
************************************
කවුරුත් පුදුමයට පත් කරමින් සුරංග ඊයෙ පදවා ගෙන ආ ඔහු මිලට ගත් කැරවන් වර්ගයේ වෑන් එක ඔහු නවතා තිබූ තැනමතිබුනි. සුරංගට ඒ වාහනය දකිද්දීත් සිතට ආවෙ කෙන්තයකි . මේ දෙවල් මෙහෙම වුනේ මේ වාහනය නිසා බව සුරංග හොදටම තේරුම් ගෙන සිටියේය. නමුත් පාලු කැලයක් සිටින ඔවුන්ට යලිත් ඉන් ඉක්මනට පිට වෙන්න ක්රමයක් නොතිබුන නිසා සියලු ##### ####දෙනාම් එහි නැගී , දමිත් නවතා තිබූ තිර්රීවීලය අසල පිහිටි ඒ අමුතුම මල් පිපුනු බස්සන් විශාල් ප්රමානයක් ලැග සිටි ඒ ගස ලගට ඉක්මනින්ම
ගියහ. ගසේ දැන් සොබාවය දකිද්දී වාහනේ උන් සියලු දෙනාම පුදුම විය.කලින් ඔවුන් දකිද්දී ගහ පුරාම තිබූ මල් සියල්ලම බිමට වැටී තිබුනු අතර කලින් දකිනවිට සිටි කිසිම බස්සෙකු ගසේ වසා සිටියේ නැත. මේ දෙයක් ගසට වුනේ සමහර විට යක්ශය හා යක්ශනිය සිහිනැතිවුන නිසාද ,නැතිනම් නිශා සමය ලන්වනවිට බස්සන්ට ඇස පෙනී උන් ගොදුරු සොයා පියබා යන නිසාද ,මල් පරවී වැටී ඇත්තේ සමහර මල් රත්රිය වෙඩ්දී පරවෙන මල් නිසාද කියා මෙ දෙකින් මොකක් ද හේතුව කියා කාටවත් වැටහුනේ නැත. , හේතුව කුමක් වුනත් අර කරුනු දෙකෙන් එකක් අනිවාර්යෙන්ම විය යුතුය.
*

** කුසල් , දමිත් , හා කසුනි ආපු තිරීවීලයත් ඒ ගස යට තිබුනි. කසුනි ලොකුඅයියා කවීශටත් එහි නැගී එන ලෙස ඇරයුම් කලාය , එතකොට ඇගේ සහෝදරයන් දෙන්නාම ඇය අසලය. කවීශ කසුනිගෙ ඉල්ලීමට එකග වුනෙමහත් කැමත්තකිනි. සුරංග වෑන් එක පදවාගෙන අනිත් අයත් සමග ත්රීවීල් එක පිටුපසින් ඇදින.

” ඉතින් නංගි කියන්ඩකො , ඔයා අර වලට ##### #####වැටුනට පස්සෙ වුන දෙවල් ”

ත්රී වීලයේ යන අතර කුසල් තම නංගීගේ මුහුනදෙස බලමින් පැවසුවේය.කතාව පටන් ගත්තේ මදක් කල්පනා කරමින් ය. ඇය කියූ අරුම පුදුම කතාව කියා නිමවනවිට ඔවුන්ට දික් කැලයද පසුකරමින් මිනිසුන් ඉන්නා ඉසව්වකත් ඒමට හැකිවිය. දමිත් මහත් ඕනාකමින් වටපිට බලමින් යන්න වුනෙත් මේ සමගයි.

” ඔයා නම් මාරයිනේ නංගී,, ඒත් මම දන්නව මගෙ නංගි වැඩකාරියක් කියමින් ,”

කුසල් අදරනීය හඩින් පැවසුවේ කසුනිගේ හිසත් අත ගාමින්. කසුනිට මතක් විය මේ වගේම කතාවක් තම පොඩිඅයියාගේ වේශයෙන් සිටපු යක්ශයාටත් කිව්ව වග , ඒ වෙලෙත් කතාව අවසානයේ යක්ශයා විසින් මේ කතාවම කිව්ව නොවේද ??? කසුන් තම පොඩි අයියා දෙස බැලුවාය. ඔහු අහිංසක ලෙස හිනාවුනේය. ඒ අහින්සක සිනාවනම් තියෙන්නේ මේ ලොකෙන්ම තම පොඩි අයියාට පමනි , ඉතින් කොහොමද අවිශවාස කරන්නෙ දැන් තමා ලග ඉන්නෙ යක්ශයා නොවේ තම එක බඩවැල කඩාගෙන ආපු පොඩි අයියා නොවේ කියා. මරනය ලගටම ගිය ලොකු අයියාත් , ඒ නිසා ඔහු සොයාගෙන මරනය අබියසට ගිය පොඩි අයියාත් දැන් තමා අබියසය.##### ##### #

” උබල වගේ සහෝදරයෙකුයි , සහෝදරියෙකුත් ලැබෙන්ඩ මන් කොච්චරනම් ගිය ආත්මෙ පින් කරන්ඩ………… ”

කවීශට එය කියා නිම කරන්ඩ ලැබුනේ නැත. ඔහුට ඉකි ගසා ඇඩින. මේ සමගම දමිත් තීරීවීල් එක බ්රෙක් ගසා නැවත්තීය.

” ඇයි දමිත් ”

කුසල් ඇසුවේ ප්ර්ශ්නයක්වත් ද කියා අසන හඩිනි.

” නෑ නෑ ,, අතන කඩයක් තියෙනව මම ටාර ගාල දුවල ගිහිල්ලා බුලත් විටක් අරන් එන්නම්,, මෙච්චර වෙලා බුලත් විටක් නැතිව හිටියෙ මාර අමාරුවෙන් ,, අර හොල්මන් ගුහාවෙ අරුන්ට කොටුවෙලා හිටපු එක ඉවසන්ඩ පුලුවන් ,,, ඒ ත් බුලත් විටක් හපන්නතිව ඉන්නඑකනම් මට කොහොමවත් ඉවසන්ඩ බෑ”

එසේ කියූ දමිත් අසල තිබුනේ කඩය ලගට ගියේ දුවගෙනය , කසුනි මේ බුලත් විටට මෙතරම්ම් ඇබ්බැහිවූ තරුනයා දෙස බලා සිටියේ අමුත් ලෝකයකින් ආපු ජිවියෙකු ලෙසය.

” එක්කො නෑ ,, දමිත් මෙහෙම බුලත් විටට ඇබ්බැහි වුන හින්ද තමයි. ලොකු අයියා හිරකරන් හිටපු අර දිය ඇල්ල යි ගුහාවයි හොයාගන්ඩ හෝඩුවාවක් ලැබුනේ ”

ඇයට අර විශාල අඹ ගහක් ලග පිහිටා තිබුනු පුංචි කඩයත්, එහි මුදලාලිත් , වහා කලබල වෙන චූටීයාත් මතක් ##### ##### ##විය. මොනවා වුනත් දෙවියන් විසින් අයියලා බේරගන්ඩ යන ගමන නිවරදි තැනට යන්ඩ ඔවුන් උදව් කරන්ඩ ඇති. ඔවුන් බලන් ඉන්ඩ ඇති අපි ඒ වෙනුවෙන් කරන කැපවීම උත්සාහය ,, ඔවුන් අසරන වුන වෙලාවලදී පිහිටක් වෙන්ඩ ඔවුන් සිතන්ඩ ඇති , නැතිනම් කොහොමද කුසල්ව යක්ශනිය දියේ ගිලවා මරන්ඩ හදන විට ඔහුගේ අතට නුවන් ඔයට විසිකරපු පිහිය අහම්බෙන් හමුවී යක්ශනියට ඇන මරන්ඩ හැකිවුනේ ,, යක්ශයා කසුනිව රවටාගෙන යද්දී ඒ වෙලාවේම නුවන් අනතුරු අගවා කල පනිවිඩය එලාම් හඩ ඇසී දැන ගන්නට ඇයට දැන ගන්ඩ ලැබෙන්නෙ ,, යක්ශයා එල්ල කරපු පොරෝ පහර කෙසේද ගසක අත්තක වැදි ඒ මාරක් පහර වැලැක්වෙන්නෙ ,, තමාට පින්දෙන මිනිසුන් ට කරදරයක් වෙනව ඒ දෙවියන්ට කොහොමටවත් බලන් ඉන්නට නොහැක , ඒ වගේ ගොඩක් සිදුවීම් පෙලක්ම ඔබට මේ කතාව කියවද්දී ඔයාලට හම්බ වෙන්ඩ ඇති.*************************************සමුගන්ඩ අවසරයි gamana

මගේ ගමන කතාව කියවපු කට්ටිය අශාවෙන් කතාව කියෙව්වනම් මට එච්චරයි ඕනේ ,ඉතින් අවසානේ මට කියන්ඩ තියෙන්නෙ මගෙ ගමන කතාවත් එක්ක එකතු වුන කතාව කියවපු ලයික් , කමෙන්ට්ස් දාපු සියලුම යහලු යෙහෙලියන්ට

බුදු සරණයි!!!!!!!!!!!!
සියලුම දෙවි වරුන්ගේ පිහිටයි!!!!!!!!
සිතන පතන හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න ඕනා!!!!!!

හැමදාම සතුටින් ඉන්න!!!

මීට ඔයාලට සාගරේ සේ මන් අදරය කරන සාගර සම්පත්.

✍Sagara Sampath

5 thoughts on “ගමන |38 කොටස ( අවසාන කොටස )| හොල්මන් කතා”

  1. Kathava ivara ekatanam godariyak duki????
    Oyage katha kiyavanna mam godak asai ayema ghost story ekka aran ikmanata enakn balagena innvaaaaa☺️☺
    Best of luck??????

  2. හැමදේම සමබරව තියෙන ඔයාගෙ කතා කියවන්න මම නම් ගොඩාක් ආසයි.තවත් කතාවකින් හමුවෙමු. සුබ අනාගතයක් ඔයාට. ?????

    1
  3. Ranmali subasinghe

    හුගක්ම ලස්සනයි … තවත් එකක් ඉක්මනින්ම ලියන්න…
    සුභ පැතුම් !!! ?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.