Katha Ahura

ජාවාරම | හයවන කොටස | රහස් පරීක්ෂක කතා

කතාව කොහොමද?

? RUN OF KILLERS ?
ජාවාරම ?️
හයවන කොටස

සුපුරුදු පරිදි උදෑසන ශාරීරික අභ්‍යාස වල යෙදී නිවසට පැමිණි කෝසල දුටුවේ පාන්දර අවදි වී මුළුතැන්ගෙයි කෑම පිළියෙල කරමින් සිටි ටීෂවයි.
“ඇයි පාන්දරම උයන්නෙ? ”
කෝසල වතුර වීදුරුවක් පුරවාගන්නා අතරතුර ඇසුවේය.
” ෆිට්නස් ගැන හිතනවා වගේම කෑම ගැනත් හිතන්න ඕන නේද? . හැමදාම කඩෙන් කන්නත් හොඳ නෑනේ අයියෙ, උදේට කාලා , දවල් කෑම එක අරගෙන යන්න. ”

ටීෂා කඩිමුඩියේ කෑම පිළියෙල කරන අතරතුර පැවසුවේය.

” අනේ මන්දා, මම කවදාවත් හිතපු නැති දෙයක් තමයි කෙල්⁣ලෙක්ගෙ අතින් උයපු කෑම ටිකක් කන්න පුළුවන් වෙයි කියලා , මේ ඔයාගේ කෑමවල පුදුම රසක්නෙ තියෙන්නෙ. ඇත්තමයි ඊයේ රෑ මට ඔක්කොම කන්න හිතුනා ”

” අයියට කන්න කැමති මොනවද කියන්නකො, මම ඕන දෙයක් හදලා දෙන්නම් . ඒක නෙවෙයි අයියෙ මගෙ බෑන්ක් අකවුන්ට් එකෙත් සල්ලි ටිකක් තියෙනවා අපි මෙහේ ඉන්නෙ නැතුව ටිකක් ඈතින් ගෙයක් හොයාගමුද? එතකොට මට බය නැතුව මාකට් එකට වුනත් යන්න පුළුවන්”

” කොහොමත් මේ කේස් එක ඉවර වුන ගමන් මම හිතාගෙන ඉන්නෙ මෙහෙන් යන්න. ගෙදර වැඩත් ඔක්කොම වගේ ඉවරයි ⁣ බොරුවට තැන් තැන් වල ඉන්න ඕන නෑ . අපි ඉක්මනට රෝයිගෙන් ඩිවෝස් එක අරගෙන එන්ගේජ්මන්ට් එක ගමු. එතකන් ඔයා දරුවත් එක්ක ගෙදරට වෙලා ඉන්න ”

………………………………….?

දිනක් රෝයි වැඩ අවසන් වී නිවසට පැමිණියේ දහවල් ආහාරය ගැනීමේ බලාපොරොත්තුවෙනි. නමුත් රෝයිගේ ක්ෂණික කෝපය එදින ක්‍රියාත්මක විය. මන්ද සුරංගි විසින් දහවල් ආහාරය පිළියෙල නොකර තිබූ අතර ඇය රූපවාහිනි වැඩසටහනක් නරඹමින් සිටියේය.

” මේ තමුසෙට උයන්න බැරිද , එදත් දවල් මම ගෙදර ආපු වෙලාවෙ බඩගින්නෙ , අදත් එහෙමයි”
” මේ රෝයි , මම මේ ගෙදර වැඩකාරී නෙවෙයි හරිද?
ඔයාට ඕන නම් කඩෙන් කන්න , මාත් කඩෙන් කෑවෙ”
රෝයි කිසිසේත් බලාපොරොත්තු නොවූ පිළිතුරක් සුරංගිගේ මුවින් පිට වූ අතර රෝයි ඇයගේ දෙවුරෙන් අල්ලා කෙලින් කලේය.
” මොකක්ද ගෑනියේ උඹ ඒ කිව්වෙ? දැන් මමද මේ ගෙදර උයන්න ඕන”
” රෝයි මේ ටීෂා තමුසෙගෙ කටට බය වුනාට මම බය වෙන්නෙ නෑ හරිද? තමුසෙමනෙ ගිහින් මාව අරගෙන ආවේ”
කේන්තිය පාලනය කර ගත නොහැකි වූ රෝයි අසභ්‍ය වචනයෙන් බැන වදිමින් ඇයට පහර පිට පහර දුන් අතර ඇයද රෝයිට දෙස් තියමින් කෑ ගැසූ අතර අවට
නිවෙස් වැසියන්ට එය මහත් හිසරදයක් විය.
……………………………….?

පො.පරීක්ෂක කෝසල වික්‍රම නැමති පුද්ගලයාගේ අතරුදහන් වීම පිළිබඳ විමර්ශන කටයුතු වල යෙදෙමින් සිටි අතර උප පොලිස් පරීක්ෂක ධනංජය සහ ස්ථානාධිපතිවරයා පැරණි නඩුවක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටියේය. ඒ අතරම ස්ථානාධිපතිවරයාගේ දුරකථනය නාද වෙයි.

” හෙලෝ B10 පොලිස් ස්ටේෂන් හියර් ”
ස්ථානාධිපතිවරයා පිළිතුරු දුන්නේය.
අනෙක් කෙලවරින් එක දිගට යමක් ප්‍රකාශ කල අතර ස්ථානාධිපතිවරයා නිහඬව එය අසා සිටියේය.
” හොඳයි මට ඔය කියන ගෙදර එඩ්‍රස් එකයි. මිනිහගෙ නමයි කියන්න ”
ස්ථානාධිපතිවරයා අසල තිබූ පොතක් ගෙන එය සටහන් කර ගත්තේය.
” හොඳයි අපි මේ ගැන හොයලා බලන්නම්”
එසේ පවසමින් ස්ථානාධිපතිවරයා ඇමතුම විසන්ධි කලේය.
” බලනවකො ධනංජය , මේ තියෙන ප්‍රශ්න මදිවට අපිට දැන් පවුල් ප්‍රශ්නත් විසඳන්න වෙලා.”
” ඇයි සර් මොකද?”
” මේ ඇඩ්‍රස් එක අයිති ගෙදර ඉන්න මිනිහා හැමදාම ගෑනිත් එක්ක රණ්ඩුලු , අහල පහල මිනිස්සුන්ට ඉන්න විදිහක් නැහැලු , සාජන්ට් මද්දුමගේට කියනවා පී.සී කෙනෙක් එක්ක ගිහින් මේ මිනිහට ඇඩ්වයිස් එකක් දීලා එන්න කියලා”
” සර් , මට මේ වෙලාවෙ වැඩක් නෑනේ , මම යන්නම්, අනික සාජන්ට් මද්දුමගේ ගෙදරකට ගියොත් ඒ ගෙදරින් කාලා බීලා එන මිනිහා, සර් මට ඇඩ්‍රස් එක දෙන්න
” ඒකත් හොඳයි , එහෙනම් තමුසෙ ගිහින් පොඩ්ඩක් බලනවා”
………………………………?

දුරකථන ඇමතුමෙන් ලැබුණු ලිපිනයට අනුව උ.පො පරීක්ෂක ධනංජය ජීප් රථයේ රියදුරු කොස්තාපල්වරයා සමඟ එම නිවස පිහිටි ස්ථානයට ගමන් කලේය. අදාළ නිවසට ලං වත්ම එහි ගේට්ටුව ඉදිරිපිට වෑන් රථයක් නවතා තිබුනි. තෙමහල් නිවසක් වූ එය විශාල තාප්පයකින් වටව තිබුනි.

” පොඩ්ඩක් ඔහොම නතර කරන්න”
උප පොලිස් පරීක්ෂකවරයා රියදුරුට නියෝග කලේය.
වෑන් රථය අසල සිටි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු රියදුරු අසුනට ගොඩවත්ම ගේට්ටුවෙන් පිටතට පුද්ගලයෙකු පැමිණියේ තරුණියක් සමඟයි.
ඒ දුටු උප පොලිස් පරීක්ෂකවරයාගේ මුහුණේ ඉරියව් වෙනස් වූ බව කොස්තාපල්වරයාට වැටහුණි. උ.පො පරීක්ෂකවරයා වහා තම ජංගම දුරකථන අතට ගෙන යමක් දෙස වුවමනාවෙන් බැලූ අතර පසුව වෑන් රථයට ගොඩවදින තරුණිය දෙස වුවමනාවෙන් බැලුවේය.

” පී.සී අපි ආපහු පොලිස් ස්ටේෂන් එකට යන්න ඕන,ඉක්මනට වාහනෙ ගන්නවා”
…………………………………….?…………………………………………………………

? S.I ධනංජය දැක්කෙ කාවද?

60 thoughts on “ජාවාරම | හයවන කොටස | රහස් පරීක්ෂක කතා”

    1. ?? Imasha Shehani

      Congratulations Sandu akki ?
      අක්කි දැන් එක දිගට first වෙලා හැට්‍රික් නෙවෙයි දැන් මොකක්ද අෆ්ෆා කියන්නෙ මේ වාර්තාවට ?

      එලකිරි ? ?
      ??????????

      1. Sandu (kandy girl)

        තැන්කූ මගේ ඉමා මැණික.. ❤️❤️❤️

        අද මට නින්දත් ගියා ඇහැරිලා බලද්දී කතාව දාලා.. ආඅන් නිදිමත කොහෙද නෑ.. එක උනානෙ..???

        ම්… ඔයාල හැමෝම චන්දිම සර්ට කියන්න මට ලොකූ තෑග්ගක් දෙන්න කියලා හැමදම ෆ්‍රස්ට් වෙනවට..??????

      1. Avi 1999 (kandy)?

        Congratulations මගෙ සදු අක්කි ??? ??????????????????????????????????????????????????????????????????????????????????????????????????

  1. Sandu (kandy girl)

    ම්… ධනංජය අනිවාරෙන් දකින්න ඇති වික්‍රම් එක්ක කලින් සල්ලි ගන්න ආව ගෑනු කෙනා අදත් වික්‍රම් එක්ක වාහනේට නගිනවා..

    කලින් කීව ටිකමයි අදත් කියන්න තියෙන්නෙ අර්ජුන්.. ඔය රෝයි ඇන්ඩ් වික්‍රම් කියන්නේ එක්කෙනෙක්..

    මිනිහා ලක්ශ ගනන් දීලා ගෑනු ගන්නේ වෙන වෙන වැඩ වලිනුත් හම්බ කරන නිසා වෙන්න ඕනි..

    සමහර විට මත් කුඩු ඒම බිස්නස් කරනවද දන් නෑ..

    1
    1. Sandu (kandy girl)

      අහ් තව තවත් මේ වගේ ලස්සන කතා ලියන්න අදහස් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අර්ජුන්..

      බුදු සරණයි …

  2. Sandu (kandy girl)

    අද ෆ්‍රස්ට් රේට් කමෙන්ට් ඇන්ඩ් කතාවට දාන ෆ්‍රස්ට් කමෙන්ට් එකත් මගෙන්…????

  3. Sandu (kandy girl)

    ……රේට් නම් හයක් පෙන්නනවා.. ඒත් කමෙන්ට් වලට ඉන්නෙ මන් විතරයි ..???

  4. Sandu (kandy girl)

    අද තනියෙන් මා.. අඬන්නෙ නෑ මා..

    තනි තරුවේ… තනි තරුවේ.. ඔයත් ඔහොම ඔතන ඉන්න.මමත් මෙහෙම මෙතන ඉන්නවා..???

        1. ?? Imasha Shehani

          මන් නම් Tv එක ළගට වෙලා ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන ඉන්නවා ??

          1. Sandu (kandy girl)

            මට මහන්සි අනේ අද.. වැඩ තියේ ලියන්න..ඒත් මම් දොයි

  5. Sandu (kandy girl)

    අඔඉ තුන් දෙනා විතරයි … අපි මොකදා ගහන ගේම.. සයකන් මන්ත්‍රනයක් තියන්න කියාපු දවස.???

  6. Sandu (kandy girl)

    මේම ඉදලා මටත් නින්ද ගියොත් සමාවෙන්න නංගිලා.. ඊට කලින් ගුඩ් නයිට් කියන්නම් ඈ ..

    මගේ දඟයෝ ඔක්කෝටම සුබ රාත්‍රි ය ක්..

  7. ?පියුමි මල්ශා(2001)?

    ඇප් එකට මල් වගේ හිම වැටෙනෝ…හරිම ලස්සනයි …කස්ටිය දැක්කද?????????

    1. M.M.Shameeka Bhanu

      ඔව් ඇත්තටම ගොඩාක් ලස්සනයි. මල් මල් හිම වැටෙනවා.
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

        1. ?? Imasha Shehani

          අනේ හිම පට්ටයි ????
          මාත් ආසවෙන් හිටියේ ?
          කලින් සමහර keyboards වල හිම වැටුනා. මගේ හිම තිබ්බෙ නෑ ☺️
          ඒත් දැන් ඇප් එකේම හිම වැටෙනවා…. ඒක මරු ?
          ❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

          1. ?පියුමි මල්ශා(2001)?

            මගෙත් කලින් හෙලකුරු කීබෝඩ් එකේ හිම වැටුණේ නැහැ …මේකේ තියෙන නිසා මරූ????

          2. ?? Imasha Shehani

            අක්කිටත් තියෙන්න ඇත්තේ හෙළකුරු lite එක. ඒකයි එහෙම වෙන්න ඇත්තේ ?

  8. ?? Imasha Shehani

    ඔන්න නව වසර උදා උනා.
    2021 ?

    චන්දිම සර්, උශාන් අයියා ඇතුළු දග පවුලේ පරණ සාමාජිකයන් ,අලුත් සාමාජිකයන් හැමෝටම උදා වූ නව වසර සාමය, සතුට පිරි නීරෝගිමත් සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා !

    චන්දිම සර්ගේ , මගේ ආදරණීය සහෝදර සහෝදරියන් හැමෝගෙම අනාගත බලාපොරොත්තු සිතුම් පැතුම් සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා මේ නව වසරේ.

    හැමදාම ආදරණීය පවුලක් විදිහට ,
    චන්දිම සර්ටත් හයියක් වෙන ගමන් අපි හැමෝම එකමුතුව , සහෝදරත්වයෙන් තවදුරටත් ඉදිරියටම යමු.

    ආදරෙයි මගේ සහෝදර සහෝදරියන් හැමෝටම.??

    ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

    1. ?රශී ?

      සුභම සුභ නව වසරක් වේවා මාශා බෝලේ…හිනා වෙලා අපිවත් හිනස්සලා හැමදාම සතුටින් ඉන්න…ඉගෙනීම් වැඩ හොදින්ම සාර්ථක කර ගන්න පුලුවන් වාසනාවන්ත වසරක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා …..????????

    2. සූර පප්පි?

      ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා නන්ගා ?

  9. Sleeping beauty

    ලැබුවා වූ 2021 නව වසර ලොකු අයියා ඇතුලු මගෙ දග පවුලේ දගයෝ හැමෝටමත් ,පවුලේ සැමටත් සතුට සැනසුම සමග නීරෝගිමත් වාසනාවන්ත නව වසරක් වේවා කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා..??????

    ලෝකයම ගොදුරු වී ඇති කොරෝනා වයිරසයෙන් ඉක්මනින්ම අත් මිදීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ඒ වගේම කොරෝනා වයිරසය සෑදී ඇති ලෝක වාසී සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..මේ අවුරුද්දෙ සිදුවුනු හිත් රිදීම් අමතක කරලා සතුටින් සමගියෙන් ජීවත් වෙන්න ලැබෙන්න ඕනි..අසනීපෙන් ඉන්න දගයො හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ..ඒ වගේම ඉස්කෝලෙ යන,තවම ඉගෙන ගන්න චූටි දගයින්ට හොදට ඉගෙනගෙන තම තමන්ගෙ බලාපොරොත්තු ඒ විදියටම ඉශ්ට කර ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. 2021 නව වසර හැමෝගෙම යහපත් බලාපොරොත්තු ඉටු වෙන සුබම සුබ නව වසරක් වේවා..❤️❤️❤️❤️❤️❤️

    1. ?රශී ?

      සුභම සුභ නව වසරක් වේවා බියූ බෝලේ…..සතුටින් ඉන්න හැමදාම….හිතේ තියෙන ප්‍රාර්ථනා සේරම ඉශ්ට වෙන වාසනාවන්ත වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ……???????

  10. ?රශී ?

    කදුල සිනහව මතින්
    වසරක් පියනගා
    රෝ දුක් බිය අතර
    මහ කලක් නවතලා
    වැටුණු වට්ටපු තැනින්
    නවමු පන්නරයක් ලබා
    උදාවන නව වසර වෙත
    තබමු නව පියවරක්
    නීරෝගිකම සපිරුණු
    සියක් පැතුමන් හිත දරා
    සතුට පමණක්ම පිරුණු
    ආදරබර වසරක් පතා…..
    ?????????

    අයියා බෝලේ ඇතුලු මගේ දග බෝල පවුලට උදාවන නව වසර සියලු යහපත් පැතුම් ඉටුවන කරන සෑම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන සතුට සිනහව රජයන ආදරය පිරුණු සුභම සුභ නව වසරක්ම වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ……????????

    චන්දිම සර් සර්ටත් මේ නව වසර සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත ආදරය සතුට පිරුණු සුභම සුභ නව වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා …….???????

  11. M.M.Shameeka Bhanu

    සාමය සතුට පිරී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා දඟ පවුලේ සියලුදෙනාටම.
    භානු❤️

    1. ?රශී ?

      සුභම සුභ නව වසරක් වේවා භානූ බෝලේ….සතුටින් ඉන්න හැමදාම…ඉගෙනීම් වැඩ සාර්ථක වෙන වාසනාවන්ත වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා …??????

  12. සියලු දෙනාටම සුබම සුබ නව වසරක් වේවා!!
    කිසිම විදිහකින් පොඩිවත් දුකක් කරදරයක් ඔයාලට වෙන්න එපා කියල මන් ප්‍රාර්ථනා කරනව.ඒ වගේ ඔයාලගෙ බලාපොරොත්තු හොදින් ඉශ්ට කරගන්න් ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව.හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි!!ජේසු පිහිටයි !!

    1. ?රශී ?

      සුභම සුභ නව වසරක් වේවා රිශූ බෝලේ….සතුටින් ඉන්න හැමදාම…හිතන පැතුම් ඉටු වෙන වාසනාවන්ත වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා …??????

  13. Avi 1999 (kandy)?

    මට හිතෙන්නෙ ධනංජය දැක්කෙ සුරංගිව කියලා … එයා වෙන්ටැති එදා cctv එකේ වික්‍රම් එක්ක ඉන්ට ඇත්තෙ කියලා … වික්‍රම් කියන්නෙ සල්ලි වලට ගැහැණු අයව විකුණන කෙනෙක් වෙන්ටැතිද ??

    කෝසල ටීෂයි එකතු වුනා නෙ… එතකොට රෝයි එයාව ගෙදරින් එලවලා තියෙන්නෙ සුරංගිව ගේන්ට ඕනි නිසාද මහ පුදුම මිනිස්සු නෙ ?

    කතාව ගොඩක් ලස්සනයි ..නියමයි අර්ජුන් ..තව මේ වගෙ කතා ලියන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.