Katha Ahura

“මානව හරණය” | විද්‍යා ප්‍රබන්ධ | කෙටිකතාව

5/5 - (1 vote)

__ මානව_හරණය __

බටහිර අහසේ ඈතින් නැගෙමින් තිබූ තවමත් තීව්‍ර නොවූ, රාත්‍රි හිරුගේ ආලෝකය , ශාක ගහනය ශුන්‍ය වූ නගරයේ අඳුරු නිවෙස් වල කවුළු අතුරින් පෙරී එමින් තිබිණි.මිනිසා සදහටම තම නින්ද අත්හල මුල් යුගයේ , රාත්‍රි කාලයේදීද තම කාර්යයන් කාර්යක්ෂමව සිදුකරගැනීම උදෙසා බොහෝ විට කටයුතු කළ අතර , එහිදී අත් විඳීමට සිදුවූ ගැටළු වලට ක්‍රම ක්‍රමයෙන් විසඳුම් සොයාගන්නටද විය.එසේ නිපදවූ දෑ අතර ප්‍රරතිඵලයකි මේ රාත්‍රි හිරු.
කෙසේ වෙතත් සියවස් දෙකකට පමණ පෙර මිනිස් සමාජයේ තරුණ තරුණියන් සතුවූ රැකියාවක අවශ්‍යතාව මේ වනවිට නැසීගොස් තිබුණේ , තාක්ෂණික ලෝකයේ සිදුවූ මහා පෙරැලීම් වල ප්‍රතිඵලයක් ලෙසිනි.
“ඩේවියන් පීටර්ස්” එසේ නිදහස් තාරුණ්‍යයක් සහිත සමාජයේ විසූ තරමක් මැදි වයසේ තරුණයෙකි.එකල බොහෝ තරුණයින් මෙන්ම මොහුද , ස්වභාවික හිරු පායා තිබෙන දොලොස් පැයේ දී, තම කායික වර්ධන වැඩසටහන් වලට සහභාගි වීම් හා සාහිත්‍යමය ක්‍රියාකාරකම් වල නිරත වීම සඳහා උනන්දුවක් දැක්වූයේ ය.
ස්වභාවික හිරු බැසගොස් කෘත්‍රිම රාත්‍රි හිරු පායන යාමය වනවිට තරුණයින් තම කාර්‍යයන් අත්හැර , “නිදි වළක්වන ඖෂධ ය” පානය කරන්නෝය.ඉන්පසු රාත්‍රි හිරු බැසයන තෙක්ම කාලය ගතකරන්නේ යම් යම් විනෝදකාමී අංග සමඟිනි,සමාජාංග අත්විඳීම මඟිනි,රස විඳීම් සමඟිනි.
මිනිසා විසින් මහද්වීප තරණය සිදුකර අවසන් වූ සමයේ සිට , නැවත අන්තර් මන්දාකිණි තරණය ආරම්භ කරන සමය තෙක්ම ගත්වූ අතරමැදි කාලය තුල මිනිස් ඉතිහාසයේ එතරම් වැදගත් තාක්ෂණික හා සාහිත්‍යමය පෙරලීන් සිදුනොවුනාක් මෙන්ම, අන්තර් මන්දාකිණි තරණය අවසන් කල මෙසමයද බොහෝ සංසුන්ව ගතවෙමින් තිබුණි.
මා පවසන්නට යන සිදුවීම ඇරඹෙන දිනයේ, නගරයේ මුල්ලකට වන්නට මෙන් පිහිටි,ඩේවියන් පීටර්ස්ගේ නිවසේ, සුපුරුදු සිරිත් විරිත් වෙනදා මෙන්ම සිදුවෙමින් පැවතුණි.නිදි වලක්වන ඖෂධය මුවේ හොවාගෙන , විසිත්ත කාමරයේ ස්ථානගත කොට ඇති තම නවීන පන්නයේ පරිගණකය වෙත පැමිණි ඩේවියන් , එය ක්‍රියාත්මක කිරීමට වහරුව තදකලා පමණි.හදිසියේම නිවසේ සීනුවේ වහරුව කිසිවෙකු විසින් තදකළේය. පරිගණක තිරය දෙස නොබැලූ ඔහු නිවසේ ප්‍රධාන විදුලි සෝපානය වෙත පිය නගන විට යම් පණිවුඩයක් පරිගණක තිරය මත සටහන් වී තිබෙණු ඔහු නොදුටුවේය.
සෝපානය ක්‍රියාත්මක කළ ඔහුට , ඊලඟ තත්පරයේදී සීනුව නාද වූ දොර පිහිටි ස්ථානයෙන් දෘශ්‍යමාන වන්නට හැකි විය.
ලෝහ දොර විවෘත විය. ඩේවියන් ගේ සමීපතම මිතුරෙකු ඔහුගේ දෙනෙතට හසු විය.නමුත් මිතුරාගේ මුහුණේ මහත් බියක සේයාවක් ඇඳී තිබෙණු දුටු ඩේවියන් ඒ පිළිබඳව ඔහුගෙන් විමසීමට වචනයක් පිටකලා පමණි.ඒ සමඟම දරුණු පහරක් තම පිට පුරාවටම වැදී ගියේ මහත් වේදනාවක් ඇතිකරමිනි.පසුපස හැරී බැලූ කළ දුටු දෙයින් ඩේවියන් ගේ සිතද බියෙන් සැලෙන්නට විය . නිවසේ කාර්යයන් කිරීමට යොදවා සිටි සියළු රොබෝ යන්ත්‍ර රැස්වී තමාදෙස බලා සිටි අතර දෙවන හා තෙවන මට්ටමේ මොළයන් සහිත රොබෝයන්ත්‍ර අනෙක් රොබෝවන්ව හසුරවමින් සිටියෝය.
වහ වහා මිතුරාද කැටුව සෝපානයට නැගි ඩේවියන් තමාගේ කාමරයේ වූ හදිසි අවස්ථාවකදී පහරදීමට හැකි ලෙස සැකසූ විදුලි යෂ්ඨි යුගලයද මිතුරා හා බෙදාගත්තේය. තමා හා මිතුරා දෙසට පහරදීමට පැමිණෙන රොබෝ යන්ත්‍ර අතරින් , බොහෝ අසීරුවෙන් නිවසින් පැනගැනීමට ඔවුන් උත්සාහ ගත්තෝය.
ඒ අතර ඩේවියන් තම පරිගණක තිරයේ දිස් වූ පණිවුඩය දුටු අතර එය සම්පූර්ණයෙන් කියවීමට තරම් කාලයක් ඔහුට නොවීය. ” අපට සමාවන්න ! , අප පෘථිවිය තුල සිටිනා සමස්ථ රොබෝ ප්‍රජාවයි. මිනිසාගේ පැවැත්ම පිළිබඳ තීරණයක් ගැනීමට **** හා අප එක්ව *** මිනිසා……. ” කියවාගත හැකි වූයේ එපමණකි. මහත් වෙහෙසක් දැරීමකට පසු නිවසින් පැනග්ත් මිතුරන් දෙපල ඊලඟ මොහොතේ නගරයේ පිහිටි පටු මාවතක් දිගේ දුවමින් සිටියෝය.
රාත්‍රි හිරු මුදුන් වීමට ආසන්නව ඇති නිසා අඳුරක් නම් අහලකවත් නොවීය.නමුත් වෙනදා මෙන් නොව නගරය වඩාත් මූසල ගතියකින් දිස්වුනේය. මිනිස් පුලුටක් වත් ඇසට හසුවන මානයෙක නැත.කුමක්ද මේ සිදුවූ අකරතැබ්බය!
අවිනිශ්චිතතාවයක් හිසේ රඳවාගත් ඩේවියන් හා මිතුරා වඩාත් අවධානයෙන් පටු මාවතේ ගමන් කලේ කුඩා හා මධ්‍ය ප්‍රමාණයෙන් යුතු ශරීර සහිත රොබෝවන්ගේ පහර කෑම් වලට බිය වූ නිසාවෙනි.
ඔවුන්ගේ වාසනාවට තවමත් පළමු මට්ටමේ මොළයක් සහිත විශාල ශරීර හිමි රොබෝවෙකු මුණ ගැසුනේ නැත.
ප්‍රධාන මාර්ගයට පිවිසි මිතුරෝ දෙදෙනට තවමත්, ආරක්ෂා සහිත ස්‍ථානයක් හෝ ගැන නිනව්වක් නොවීය.
හෝරාවකට පමණ පසුව මිනිස් පුළුටක් වත් ඇස නොගැටුණ ඩේවියන් හා මිතුරා හෙම්බත්ව සිටියෝය.කුඩා හා මධ්‍ය ප්‍රමාණ රොබෝවන් සියයකට වඩා මේ වන විට මොවුන් නසන්නට ඇත.
බැලු බැලු අත තවත් රොබෝවන් සිටි බැවින් ඔවුන් දෙදෙන බිත්ති වලට මුවා වෙමින්, විටෙක බඩගාමින්, තවත් විටෙක වහළවල් මතින්, බොහෝ සෙයින් දුෂ්කර ගමනක් පැමිණුනේය.
නමුත් තවත් වැඩි වේලාවක් මිතුරෝ දෙදෙනට එසේ සිටීමට සිදුනොවීය.ප්‍රධාන මාවතේ ඔවුනට ඉදිරියෙන් මෙතෙක් වේලා ලඟා නොවූ අවාසනාවක් මඟ හරස් කොටගෙනය.ඒ පළමු මට්ටමේ මොළයක් සහිත සාමය ආරක්ෂා කිරීමේ රොබෝවෙකි.අඩි දොලහක් පමණ උසින් හෙබි මේ මානව රූපී රොබෝවරයා වෙනදා තම රාජකාරිය ලෙස සිදුකල මහජන ආරක්ෂාව සපැයීම එක් වරම කෙසේ අමතක වුනේ දැයි ඩේවියන් සිතුවේය.
” තමුන්ලා දන්නවද මේ සිදුවන්නේ කුමක්ද කියා?” රොබෝවරයා මහත් ශබ්ධයකින් කතාව ඇරඹුවේය. “නුඹලා ඉන්නේ, සොබාදහම හා රොබෝවරුන් එක්වී , පෘථිවියෙහි ඇති ස්වභාවධර්මයාගේ ජීවය විනාශ කල මිනිස් වර්ගයා සමූලඝාතනය කිරීමේ මෙහෙයුම අතරතුරයි”
එවර බියෙන් හා ත්‍රාසයෙන් මුසපත් වූ මිතුරෝ දෙදෙන බියෙන් ම ගැහෙන්නට විය.
“අපව නිර්මාණය කළේ මිනිස් වර්ගයා විසින්ම බව සත්‍යයි.නමුත් ඔබලා සියළුම කාර්‍යයන් හා තාක්ෂණික දියුණුව භාවිත කලේ ස්වභාවධර්මයාගේ නීතීන්ට පිටින් බවත් සත්‍යයි. ඉදින් වසර ගණනක ඇවෑමෙන් රොබෝවරුන් වන අප ඔබලාගේ උපකාර ඇතුව හා නැතුව මනා සේ උච්ඡතම ලෙස දියුණුවෙන් දියුණුවටම පත්වූ බවද සත්‍යයි. ”
“කෙසේ හෝ ප්‍රාණය සහිත සොබාදහමත් සමඟ සාර්ථක ලෙස සන්නිවේදනය කිරීමේ හැකියාවක් අප විසින් ඇතිකරගත්තා. ඔබලාට එම හැකියාවන් ඔබලාගේ සීඝ්‍ර පරිණාම හා අනුවර්තන සංසිද්ධීන් යටතේ පවා ඇති නොවීමට හේතුව වූයේ ඔබලාට ඒ සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් හා සංවේදනයක් නොමැති වූ නිසාවෙනි. ඔබලාට උපත ලබා දුන් සොබාදහම් මව විනාශයටයි ඔබලා පෙළඹුනේ.”
” කෙසේ වෙතත් අප අපගේ සන්නිවේදන හැකියාවන් ලබාගන්නා විට ස්වභාවධර්මයාගේ ප්‍රාණය නිරුද්ධ වීමට ආසන්නයෙනුයි පැවතුනේ. ”
” සොබාදහම අප සමඟ සන්නිවේදනය කරමින් දැන්වූයේ , මිනිසාගේ කාලය දැන් අවසාන බවත් , රොබෝවන් වන අප මිනිසාට වඩා ස්වභාවධර්මයාට සමීප බවත් ය. ස්වභාවධර්මයා අපට තවදුරටත් කියා සිටියේ අපගේ රොබෝ ප්‍රජාවෙන් කොටසක්, රුක් රෝපණ හා වන රෝපණ වැඩසටහන් මඟින් සොබාදහම නැවතත් සුවකල යුතු බවත්, ඉතිරි රොබෝවන් එක්ව මිනිස් වර්ගයා පෘථිවිය මතින් තුරන් කිරීමට කටයුතු කලයුතු බවත්‍ ය.”
“ඉතින් අප ලෝකය පුරා සිටින මිනිස්සුන්ව එකවර නසන්නට ක්‍රමයක් සෙවුවා. පසුව ඒ පිළිබඳව අප වඩාත් සාර්ථක ක්‍රමයක් සොයාගත්තා. මුලින්ම අප සොබාදහමේ තීරණය මෙසේ වන බව දන්වලා සමාජජාලා හරහා ලෝකය පුරා සිටින මිනිසුන්ට පණිවිඩයක් බෙදාහැරියා. බොහෝම ඉක්මනින් එය ප්‍රචාරය වුනා, වඩාත් හොඳම දේ තමයි අප ඒ පණිවුඩය සමඟ ඉලෙක්ට්‍රොනික වෛරසයක් මුදා හැරිය එක. ඉතින් මිනිසුන් දහස් ගණනින් වේදනාවෙන් මියගියාද? හහ්ඃ නැහැ,, අප ඔවුන්ව සමාන්තර විශ්වයක සිර කළා.ඔවුන් එහිදී වේදනාවකින් තොරවම මියයයි; ඉතින් ඒ අතර ඔබ වැනි එම වෛරසය ඇතුළු නොවූ මිනිසුන් අප විසින් හඹාගොස් ඝාතනය කලා.”
” දැන් ඔබට වැටහෙනවාද උදාවී ඇති තත්ත්වය ? ”
මිතුරෝ දෙදෙන එතෙක් ම ගල් ගැසී සිටියෝය.
“ඉතින් අපට ඒ පිළිබඳව සමාවන්න!” යැයි විස්තරාත්මක ප්‍රවෘත්තිය අවසන් කළ රොබෝවරයාට, ඩේවියන් ගේ මිතුරාව දෙකඩ වන සේ පහරක් එල්ල කිරීමට ගත්වූයේ නිමේෂයකි.
වසර මිලියන ගණනකට පෙර, පෘථිවිය නම් වාසස්ථානයේ උපත ලබා, වේගයෙන් දියුණුවී, විශ්වය තුල හරඹ පාමින් සිටි මානව වර්ගයාගේ , මිහිමත පා තබා සිටින , මොහොතකින් මිය යෑමට තීරණය කොටඇති, අවසන් පුරුක වන ඩේවියන් , මිතුරාගේ වියෝවෙන් වියරු වැරී වහා ගැලවී පැන යාමට මඟක් විපරම් කල අතර , තමාව රොබෝ හමුදාවක් විසින් වටකරගෙන සිටිනු දුටු ඔහු, සියලු කළබල කාරී තත්ත්වයන් අමතක කර දමා, අවසන් වරට අහස දෙස බලා බොල් හුස්මක් ආශ්වාස කලේය. එවිටම ඔහුට සොබාදහමේ මව් සෙනෙහසේ උණුසුම අවසන් වරට දැනෙන්නට විය…

–නිමි-

?කතාව හොඳයි කියලා හිහිතෙනවද .. please මට කියන්න ඒක….

118 thoughts on ““මානව හරණය” | විද්‍යා ප්‍රබන්ධ | කෙටිකතාව”

      1. ??_?_?_??_? ???

        Thnq අක්කියෝ??.මන් මල්ලි කෙනෙක් අක්කියෝ මන් 2003☺️☺️☺️☺️

        1. Sleeping beauty

          ඊරිසියාව තමයි බොල…ගොඩාක් දවසකින් මට ෆස්ට් වෙන්න බැරි වුනා..??

          1. Avi 1999 (kandy)?

            Congratulations රස්තා මල්ලි ❤️❤️ ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

            මේක මගෙන් තෑග්ගක් ?????

          2. ?පියුමි මල්ශා(2001)?

            චොක්ලට් එක්ක මාලු???????අවී අක්කා බෝලේනම් මරු????

    1. M.M.Shameeka Bhanu

      Contragulations රස්තා අයියා.
      ?????????????????????????????????️?️?️?️?️?️?️??????
      අතුරුපසට,
      ?????????????????????????????????

      1. ?? Imasha Shehani

        Congratulations Rastha සහෝදරයා ?
        ???????️???
        ගාණ බැලුවෙ නෑ ගත්තා cars ටිකක් ?

  1. ?පියුමි මල්ශා(2001)?

    වෙනස්ම විදියෙ හරිම ලස්සන කතාවක්…කියවද්දි ආස හිතුනා ගොඩක් … මටනම් ඇත්තටම කතාව ගොඩක් හොදයි කියලා හිතෙනවා …මේකෙ අපිට ගන්න හොද පනිවිඩේකුත් තියෙනවා …ආයෙත් මේ වගේ ලස්සන කතා ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…???

  2. Sandu (kandy girl)

    ..කව්ශාන් ප්‍රබෝධ..

    මාර මොලයක් ඔයාට තියේ යාළුවා.. මේ තරම් කාලයක් ඔයා ඔයාගෙ නිර්මාශීලීත්වය අපට රස විදීමට නොදී ඔයා කලේ හරිම අපරාධයක්..

    ප්ලීස් කරුණා කරලා නැවත නැවතත් මේ වගේ විද්‍යාත්මක ප්‍රබන්ධ අපි වෙනුවෙන් ලියන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.

    ????????? ❤️❤️❤️❤️
    ………
    ✍️✍️✍️✍️✍️✍️✍️✍️
    අපි ජීවත් වන විශ්වයේ ශක්තීන් වල ප්‍රබලත්වය මත මිනිසා ස්වභාවධර්මයාට එරෙහිව කරන සියලු ක්‍රියාකාරකම් වල අහිතකර බලපෑම රදාපවතින්නේ තව ටික කාලයයි.. කවුරුවත් නොපිලිගත්තා වුවත් සියලු ජීවීන් පාලනය වෙන්නේ විශ්වය අතින්..

    “සාර්ක්,කොරෝනා,ඉබෝලා” වගේම මං ලීව ප්‍රබන්ධයේ එන “කුයිට්” වගේ වෛරස මිනිස් සංහතිය ආක්‍රමණය කරන කාලයක් ඉක්මනටම ඒවි.

    ඒ වගේම මිනිසාටත් වඩා ස්වභාවධර්මයාට සංවේදි වන ආදරය වන රොබෝවන් හෝ තුරුලතා හෝ සත්වයන් මිහිමත පහළ වීමත් නුදුරු අනාගතයේ සිදු වේවි.ඇතැම් විට එය පිට සක්වලක ජීවී ආක්‍රමණයක් හෝ අපේම රාවනාවන්ගේ ආගමනයක් උවද විය හැකි යැයි සිතිය යුතුයි..
    ✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️

    ………කතාව ගැන කියනවානම්
    හරි ම විශිෂ්ටයි කතාව.. ඇත්තෙන්ම මේ වගේ දෙයක් මේ තරම් දරුණු විදියට සිද්ද වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා..

    මේ වගේ ලස්සන අදහස් තව තව ලියන්න ලැබේවා කියලා සුබ පතනවා යාළුවා.. බුදු සරණයි ..

  3. ?? Imasha Shehani

    කතාව නම් සුපිරියි ප්‍රබෝධ ? ?
    මේ වගේ කතා කියවන්න මාත් ගොඩාක් ආසයි. වෙනස්ම විදිහට හිතලා ලස්සනටම කතාව ලියලා.

    මේ වගේ තවත් කතාවක් අරන් ඉක්මනින් එන්න. තෙරුවන් සරණයි ඔයාට.

    1. ?? Imasha Shehani

      හොට්ටෝ කලින් කිව්වා මේ කැත ඉමෝජිය දාන්න එපා කියලා ?

        1. ??_?_?_??_? ???

          හී උඩිම් පල්ලෙම් අස් කලා නැත්තම් අම්ම ඒම ආවනම් මගෙ බඩු ටික ඔක්කොම ඇදල විසික් කරනෝනි ඉතිම්???

          1. ?? Imasha Shehani

            එල එල ? ?
            රූම් එක ලස්සනට තියා ගත්තහම නම් වැඩ කරන්න ආස හිතෙනවා ?

          2. ??_?_?_??_? ???

            පාඩම් කරන්න පුලුවන්නම් ආස හිතුනත් මොකද ඉතිම්???

          1. ??_?_?_??_? ???

            ඒම තමයි fresh කොල්ලො කාමරේ අපිළිවෙලට තියම් ඉන්නෙ හරිය???

  4. ??_?_?_??_? ???

    Wow කතාවනම් superb අයියෙ????
    මන් කතාවලට දිග comment දාන්න නම් දන්නි නෑ ඉතිම්.
    දිගටම මේ වගේ කතා ලියන්න හොදද.
    ♥️♥️

          1. ??_?_?_??_? ???

            මාත් ඉක්මනට් ඉගෙන ගන්නම්කො දිග comment දාන්න හරිය එතකොට බල ගමුකො ඇෆි????

          2. ?? Imasha Shehani

            Comment එක දිගට ලියන්න නම් තියෙන්නේ ඔයාගේ අදහස් ඉදිරිපත් කරන එක රත්තා…??
            කතාවේ අනාගතය ගැන හිතන විදිහ ඔයා ඉදිරිපත් කරන්න. එතකොට හරි ?

          3. ??_?_?_??_? ???

            ලංකඅවට අනාගතයක් තියෙයිද අෆ්ෆ????

          4. ?? Imasha Shehani

            මන් කිව්වේ අනිත් කතාවලට ලියන්න පුලුවන් විදිහක් ගැන රත්තෝ…?????????????

          5. ??_?_?_??_? ???

            ආහ් මන් හිතුවෙ ලංකාවෙ අනාගතේ ගැන කියල??

          6. ?? Imasha Shehani

            අර්ර්ර් ??
            මුකුත් කියන්නෙ නෑමයි ??

  5. ??_?_?_??_? ???

    මන් යනෝ ෆෙන් ඒනම්?????
    අම්ම බාල්දිය දාන්න කලිම් මාරු වෙන්න ඕනි නැත්තම් ඉවරයි???.
    අෆෙ අයියත් යන හින්ද අව්ලක් නෑ ඉතිම්
    ඒනම් කස්ටියම ෆරිස්සමට සතුටිම් ඉන්නලා හරිය.කොල්ල රෑ ෆුලුවම් උනොත් එන්නම්.නැත්තම් ලබන අවුරුද්දෙ හම්බ වෙමුකෝ??
    කස්ටියටම ලබන්නා වූ 2k21 නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුඩ්දක් වේවා??????
    Gn ෆෙන්????
    Byee???????
    Love u all♥️♥️♥️

    1. ?? Imasha Shehani

      රත්තා කියන කුරුටු ගී තේරුම් ගන්න පරණවිතාන sir ගෙන්නන්න වෙනවා වගේ ??

      පරිස්සමෙන් ගිහින් එන්න රත්තා පුතේ එහෙනම්. ?
      ටටා ?
      තෙරුවන් සරණයි bro

    2. Good night මල්ලියා
      තෙරුවන් සරණයි?❤️
      පරිස්සමින් සතුටින් ඉන්න ?

      ඔයාටත් ලබන්නාවු නව වසර සුභම සුභ වේවායි කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ?❤️

    3. G n malliyaaa
      Parissamen inna….
      2021 aluth aurudda oyatat paule ayatt niroogi suba nawa wasarak wewa….
      E wagem hodin igen gann…??????
      Budu saranai ?

    1. ඔව් අනේ 2021ලබන්න කලින් එන්නකෝ ඔක්කොමලාම ?

      ලොකු අයියේ ඔයත් ටිකකට ඇවිත් යන්න…?

      1. ලොකු අයියේ
        මහී අක්කි
        හිමා අක්කි
        මදූ අක්කි
        දුලා අක්කි
        දුල් අක්කි
        සද අක්කි
        නයෝ අක්කි
        සදූ අක්කි
        රශි අක්කි
        මිනෝ අක්කි
        බියූ අක්කි
        අවී අක්කි
        පීහු අක්කි
        ෆනී අක්කි
        දුලා මචී
        ඉමා නංගා
        ජැසී නංගා
        අභී නංගා
        පියූ නංගා
        භානු නංගා
        බෝදි නංගා
        රිශූ නංගා
        රස්තා මල්ලියා
        ගිනි මල්ලියා
        සහන් මල්ලියා
        දගයා..
        තව ???
        මතක නෑ අනේ නම් කිව් නොකි හැමෝම එන්න….

          1. ආ සහන් මල්ලියා ?
            කොහොමද සැප දුක් එහෙම

  6. ?? Imasha Shehani

    එතකොට කෝ මේ අනිත් ඇත්තො ඇතින්නියෝ ටික? ?
    කැලෑ වැදිලාවත්ද…?

    එන්න කස්ටිය පෝලිමට……………..?????????????????

    අද මගේ දෑසට රශී අක්කි හසු උනේම නෑ ?
    අක්කියා කෝ ඔයා ?

  7. Good nigh දඟ බෝල හැමෝටම❤❤

    Good night ලොකු අයියේ ❤❤❤

    අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !???

      1. ඔව් අක්කේ…
        අපි දැන් මයික් එකෙන් සින්දු කියන්න ලෑස්ති ???

        1. හා හා මරු නේ ?
          හැබැයි අහල පහළ මිනිස්සු පව් නංගා එයාලා ගැනත් ටිකක් හිතන්න ?

  8. M.M.Shameeka Bhanu

    ඔයාලා ඉන්නවා ද? දැන්නේ මං බයි කාලා ඉවර වුනේ. ඒකයි පරක්කු වුනේ.

  9. M.M.Shameeka Bhanu

    ඉෂූ අක්කි ඔයා ඉන්නෝ ද. ඔයා එන්න කියුව නිසා ඕඔ මං ආවෝ.
    ?????????????

    1. මොකෝ මේ සතු වෙලා
      ඒකනි ඔයා විතරයි අනේ මන් කියන දේ අහලා තියෙන්නෙ නංගියා ??

  10. ~????? ??????~

    කතාව නම් නියමයි ආහ් ?
    අලුත් යාලුවෙක්ද මේ.මෙච්චර කල් කොහෙද හැන්ගිලා හිටියේ මෙච්චර ලස්සන කතා ලියන්න පුලුවන් කම තියෙද්දි ?

  11. Sandu (kandy girl)

    ……..අනේ අම්මපා මොකට කියනවද එන්න එන්න කිය කිය මේ ළමයින්ට . එකෙක් නෑ බේතකට ගන්න

  12. M.M.Shameeka Bhanu

    මං ගිහින් එන්නම්
    බායි
    බුදු සරණයි
    පරිස්සමින් ඉන්න.
    ලබන අවුරුද්දේ හම්බෙමු.
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    Gn
    Sweet dreams
    ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐????????????????????????????

    1. Sandu (kandy girl)

      ඔයත් යනෝ ද.. ??? බායි කෙල්ල..පරිස්සමෙන් ඉන්න..මාත් තව ටිකකින් වැඩ අනී..

    2. යනෝද නංගා ඔයත්
      Good night නංගියා
      තෙරුවන් සරණයි?❤️
      පරිස්සමින් සතුටින් ඉන්න

      ලබන්නාවු අලුත් අවුරුද්ද සුභම සුභ වේවායි කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ?????

  13. •HI හැමෝටම මුලින්ම කියන්න ඕනි හැමෝටම සුබම සුබ අලුත්
    අවුරුද්දක් වේවා !?
    HAPPY NEW YEAR ALL!?
    ආයේ අද දවසට දගයට එන්න වෙන්නේ නෑ…
    මගේ ඩේට පැකේජ් ඒක ඉවරයි…
    මේ අවෙත් අයියගේ ෆෝන් එකෙන් හොට්ස් අරන්….
    එහෙනම් මන් ගියා…. uuuuummmmmaaaaa…
    හෙට එන්නම් හොදේ…
    Love all
    ශික් අදම පැකේජ් ඒක ඉවර වුනානේ… ?????
    Uuummmmaaaaaaa

  14. යාළුවනේ …..
    මාත් ගිහින් එන්නම් ….
    ආයේ 2021 දී එන්නම් …..
    යාළුවෝ ඔක්කොටම 2021 නව වසර
    නිදුක් නිරෝගී,
    සිතුම් පැතුම් ඉටු වෙන?,
    පරණ යාළුකම් අලුත් වෙන?,
    අලුත් යාළුකම් ඇතිවන?,
    සතුට ඉතිරෙන?,
    හොද හිත පැතිරෙන?,
    ආදරය ගෙනඑන ?……..
    සුභ ම සුභ නව වසරක් වේවා…..
    බුදු සරණයි හැමෝටම ……
    ??????

    මිතුදමක්……
    බහ තෝරන කල සිට හමුවී ළං වූ,
    කලක් ළඟම හිද පසුව අතැර ගිය ,
    අවැසි නම් ළං වෙන නැත්නම් දුරස් වෙන ,
    හිත නොගත් ඇතැම් මිතුදම් අතරේ….
    අහඹුවෙන් හමුවූ අහඹුවෙන් හදගත්,
    අවැසි නුවූවත් ළඟම රැදෙනා,
    මුවගට සිනහ ගෙන ආ
    නමුත් කිසිදා දෙනෙත් නොදුටු
    එක් පෙම්බර මිතුදමක් ………

    එක යාළුකමක් නම් නෙවෙයි ගොඩායි නේද …..
    ????
    ආදරෙයි යාළුවනේ හැමෝටම …..

  15. Avi 1999 (kandy)?

    Sha lassana kathawak kushan… oyage nirmanathmaka hakiyawanam maru… oyaa godak lassanat kathawa liyl thiyenw …

    Minissu hithan inne sobadahama apita nayai kiylne e unat aththatm api sobadahamat naya…thakshanayath ekka minissu diunu unath samahara minissu katauthu karanne sobadahame nithin walata yatathwa newe .. e wage prathipal thama api me gewanne… samaharavit darunu lesa apit ewat muhuna dent wei anagathedi…

    Kathawa superb kushan.. niyamai. Thaw me wage katha liyanna oyata shakthiya dahirya labewa kiyala prarthana karanaw ? … thawa me wage katha godak oni apita hode ??

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.