Katha Ahura

..ජීවීන් සොයා..| විද්‍යා ප්‍රබන්ධ ||කතා අහුර රචක

5/5 - (1 vote)

හෙලෝ….. හෙලෝ….

විශ්ව ගවේෂණය කරන මගේ ලෝකේ ඔයාලා හැමෝටම මං ගවේෂණයට ආව ගමනක ලස්සන අත්දැකීමක් කියන්නයි මං මේ ලෑස්තී.. මං කියන දේවල් අපබ්‍රන්ස කියලා හිතන්න එපා. අවසානෙදී කතාව තේරුම් ගන්න මං ඔයාලට උදව්වක් කරනවාමයි…

මං හරිත.. වයස අවුරුදු තිහයි. මං වැඩ කරන්නේ මගේ තාත්තාගේ රාසා කියන විද්‍යා සංගමයට.ඒක ජනතාවගෙන් සැඟවුන සංගමයක්. මම හුඟක් ඉගෙන ගන්න දක්ෂයි. ඒ නිසාම තමයි මේ අවස්ථාව මට ලැබුණේ. ඒක නිකං හීනයක් වගෙයි. මගේ තාත්තා එයාගේ පරීක්ෂණ වලට සම්බන්ධ කරගන්න හිතාගෙන මාව අරන් හදාගෙන තියෙන්නේ මට වයස අවුරුදු පහේදී .එදා ඉදන් මං ඒ පොඩි ආයතනයේ වැඩ..

මං තාත්තගේ මේ අලුත් ගවේෂණය ට සම්බන්ධ වෙලා අදට අවුරුද්දක් වෙනවා..තාත්තා කියලා දීපු විදිහට මගේ අරමුණ තමයි අපේ ලෝකෙට ආලෝක වර්ෂ හැත්තෑ එකක් දුරින් තියන කේතුකාකාර ග්‍රහලෝකයකට ගිහිල්ලා ඒකෙ ඉන්න ජීවීන් ගැන පර්යේෂණ කරලා දත්ත මගේ රටට අරගෙන එක . ගමන ගිහින් මාසයක් ඉදලා ආපහු මගේ ලෝකෙට එන්න මට අවුරුද්දයි මාස එකොලහක් යනවා..දුර ගමනක් යන මේ පොඩි යානාව ඇතුලේ මට කරන්න දේවල් නම් ගොඩක් තිබුනා.. පැය හයකට වරක් මගේ ඇගේ උශ්ණත්වය, මගේ සිතිවිලි වල ස්වභාවය, පරිසර උශ්ණත්වය වාර්තා ගත කරන්න ඕනි. යානයේ ස්වයංක්‍රීයව ගමන් දිශාව පරීක්ශා කිරීමත් අනිවාර්‍යයි.තව මගේ හෙල්ත් එක ගැන හිතලා ව්‍යායාම කරන්න ඕනි. මානසික සමබරතාව තියාගන්න මං මොකක්හරි බඩුවක් එක්ක කතා කරන්න ඕනි.ඒක විවිධ භාශා වලින්.ඒ වගේම ලියන්නත් එහෙමයි..තව පොත් වර්ග දාහක් විතර මං ගෙනාවා හැම අංශයක් ඔස්සේම ලියවුනු.. ඒ වගේම මං ආසම ෆිල්ම්..සින්දූ එහෙමත් අහන්න බලන්න මං අරන් ආවා..ආහාර ගන්න නම් මට අවශ්‍ය උනේ නෑ..මොකද ඒකට මං එන්නතක් පාවිච්චි කරා මාසෙකට සැරයක්..

නිල්ම නිල් පාට විශ්වයේ තනි උන මං වැඩිපුරම කතා කළේ නිදාගන්න එක.. සමහරවෙලාවට නැරඹුම් මැදිරියේ ඉදන් ඉමක් නොපෙනෙන විශ්වයේ එක එක පාටින් දිලිසෙන තරු ග්‍රහලෝක දිහා බලන් කල්පනා කරා.. විශ්වයේ වායු පීඩනේ වෙනස් කම් දරාගන්න අපහසු තැන් වල මං සිහිය නැතිවත් හිටියා.. වෙලාවට මගේ වාහනේ කාලය සටහන් පරිපථයට අනතුරක් උනේ නෑ.එහෙම උනා නම් මට දින ගෙවෙන හැටි ගැන දැනගන්න ලැබෙන්නෙම නෑ.. ඔන්න ඉතින් කොහොමෙන් කොහොම හරි මගේ ගමනාන්තයට මම ලඟා උනා.. නැරඹුම් කුටියට ගිහින් පහල බලපු මට පෙනුනේ ඒ ගහ ලෝකයයි ..

අනේ හරිම ලස්සන ග්‍රහලෝකයක් ඇත්තමයි මේක නම් කේතුවක් වගේමයි..ව්වාව්.. ඒකෙ පාට…! කලුම කලුයි.. අනේ හරිම ලස්සනයි. කේතුව පුරාම වගේ තැනින් තැන කහ පාටත් එක්ක සුදු මිශ්‍ර වෙලා. දැන්නම් මට මේ ග්‍රහ ලෝකෙට ගොඩ බහිනකම්ම ඉවසිල්ලක් නෑ. එක අතකට මං මොන තරම් වාසනාවන්තද.. යානාව ඇතුලෙ තනියම මේ ගමන එද්දී මට ගොඩක් දුක හිතුණා. මං ගැනම අනුකම්පා හිතුනා. ඒත් දැන්නම් මට හරි ආඩම්බරයක් හිතෙනවා. මොකද මං තමා මුලින්ම මේ අමුතු ග්‍රහලෝකයට අපේ ලෝකයෙන් යන පලවෙනිම කෙනා ..

කේතුකාකාර ග්‍රහලෝකයේ කක්ෂයට ඇතුළු වුණ ගමන් මං මගේ යානය නොපෙනී යාමේ බටන් එක ක්ලික් කළා.ඊට පස්සේ මට වැඩිපුරම පෙනුන කළු පාට පොලවෙ යානාව ගොඩ බස්සවන්න හැදුවේ මං. අනේ දෙයියනේ ..බිම සිදුරු කරන් යානය පොළවට ගිලෙන්න ගත්තා.. අර කළු පාට පස් ටික ටික යානය උඩට එනවා.. මම ඉක්මනට මගේ යානය ආපහු උඩට ගත්තා. ඒකරලා එහෙම්මම ගිහිල්ලා අර සුදු පාට කොටසේ යානාව ගොඩ බැස්සුවේ සැකෙන් සැකෙන්.හැබැයි ඒ වෙලාවේ නම් යානයට කිසිම දෙයක් වුනේ නෑ ..ඒ හින්දා මං හිමින් සීරුවෙ යානාවෙන් බිමට බැස්සා ..වටපිට බලලා ඉස්සරහට යන්න අඩියක් තිබ්බා විතරයි මෙන්න බොලේ මාව පාවෙන්න පටන් ගත්තා .

පොලවෙම ඉන්න හුඟක් මහන්සි වෙන්න උනා.ඒත් මගේ ආරක්ශක ඇඳුමේ කාන්දම් සපත්තු ක්‍රියාත්මක කරලා ඒවා දාගත්ත මං වටපිට බැලුවා. හීනෙන් වත් හිතුවෙ නෑ මේ කේතු ලෝකේ මේ තරම් ලස්සනයි කියලා. කහපාට කඳන් එක්ක සුදුපාට කොළ වලින් පිරුණු මේ ලෝකෙ ටිකක් ඇවිද්දේ පරිසරයේ ලස්සන ට වශී වෙලා.. මං දැක්කා මාව දැකලා දුවන අමුතු ජීවීන් ටිකක්.. උන් චූටියි. එක පේලියට ගියා.. උන් එක එක කෑලි කරේ තියන් ගියා..සමහරු එකක් එකතු වෙලා අරන් ගියා.. උන් එකපාරටම පොලව ඇතුලට ගියපු ලොකු කුහරයකින් බැහැලා යනවා දැක්කා.. කීප දෙනෙක් ඒකෙන් එලියටත් ආවා..ආයෙ ගියා.. මාරයි. මං තව තව ඉස්සරහට යද්දී දැක්කා මට වඩා ලොකූ ජීවින්.. උන් නම් ඇත්තටම පුදුම හැඩ වලින් හැදිලා තිබුනේ. කියන්න තේරෙන් නෑ..එක එක පාට.. අපිට වගේ නෙවේ එයාලට කකුල් හතරක් තිබුනා. මං ගස් වල හැංගිලා එයාලා දිහා බැලුවා. එකපාරට මගේ කන් වලට ඇහුනා යානාවක් හුළං කපාගෙන එනවා වගේ.. මන් ටක් ගාලා බැලුවෙ ඒක ඇහුන දිශාව.. අම්මෝ.. මං තරම් ලොකු යානාවක් මගේ කන ළඟින් ගියේ මොකක්දෝ ලොකු ගෙඩියක් උල් අඩුවකින් අරන්..

නෑ නෑ අනේ ඒක යානාවක් නෙවේ.. පියාඹන ජීවීයෙක්..මං හරියටම දැක්කෙ ඒක මාව පහු කරන් යද්දි.මං හෙමින් හෙමින් ඉස්සරහට ගියා.. මට හම්බුනේ ලොකු කාන්තාරයක්.. එතන හිටියා මං වගෙ දෙගුණයක් ලොකු ජීවීන් වර්ගයක්.. එක ජීවියෙක් තව කෙනෙක් පස්සේ දුවගෙන ගිහින් “අයිස්” කියලා එයාට ගහලා තව කෙනෙක් පස්සෙ පැන්නුවා…අනේ ගුටිකෑව කෙනා එකපාරටම ගල් ගැහුනා.මං වෙන දේ හිතාගන්න බැරුව බලන්හිටියා… ඒත් එකපාරට දුවගෙන ආව තව ජීවියෙක් අර ගල් ගැහුන කෙනාට “හොට්” කියලා ගැහුවා. විතරයි එයා හයියෙන් “වෝටර්” කියලා කෑ ගහලා අනික් කෙනා එක්ක දුවන්න ගත්තා.. ඒ ගමන අර මුලින්ම ගල් වෙන්න ගහපු කෙනා ඒ දෙන්න පස්සෙන් පන්නනවා… ඒත් එහෙම දුවපු කෙනෙක්ගෙ ඇගේ හැප්පුන මාව එයත් එක්කම වැටුනා. අර ජීවීන් සේරම එතනට දුවගෙන ආවෙ හීයක වේගෙන්.. එයාලට නම් මේ පොලවේ ගුරුත්වයෙන් බලපෑමක් නෑ වගේ.. මං ඉතින් පිට කෙනානේ.මෙහෙ හුරු නෑ නෙ. මාව උස්සලා අතට ගත්ත කෙනෙක් “අනේ මෙන්න ශෝක් රොබෝවෙක්.. මෙයාව මං තියාගන්නවා..” කීවා.ඒත් මාව හැප්පුව කෙනා “මෙයාව මට ඕනි.මමනෙ මුලින්ම දැක්කේ” කීවා. තව කෙනෙක් කීවා “බෑ බෑ මෙයා මට ඕනි ඔයාලට දැනටමත් රොබෝලා ඉන්නවානෙ” කියලා..ඊලඟට සේරමලා අඬ අඬ මාව අයිතිකරගන්න හැදුවා.එතන හිටපු තව කෙනෙක් “හරි හරි මල්ලිලා මුලින්ම මේක අපි තාත්තා ට පෙන්නමු” කියලා අරන් දුවන්න ගත්තා.. මං බේරෙන්න හිතන් දැඟලුවත් එයාලා මාව අත් හැරියේ නෑ.එයාල අපිට වඩා ශක්තිමත් දියුණු ජීවීන් කියලා මට තේරුනේ ඔහොම දුවද්දි දැකපු වටපිටාවෙන්.ඉතින් මගේ ආයුධ පාවිච්චි කරන්න මං ටිකක් අදිමදි කරා. එයාලා මාව අරන් යද්දී මං දැක්කෙ අමුතු දේවල්මයි.. පෙට්ටියක් උඩ පෙට්ටියක් තියලා වගේ හදපු ගොඩනැගිලි, එහාට මෙහාට බිම දිගේ ගිය යානා වර්ග, එක එක විදියේ මූනු තියන උස කොට ජීවීන්, එක එක වගේ ගොඩයි.බයත් හිතුනා. මට කරන්න තිබුනේ එක දෙයයි. සද්ද නොකර වෙන දේ බලන් ඉන්න එක. එතකොට මං මැරිලා කියලා විසි කරයිනෙ. එතකොට පැනගන්න පුලුවන් ..

මං එහෙම හිත හිත ඉද්දී මාව අතට ගත්තේ ඒ ජීවීන් වගේ දෙගුණයක් උස තව ජීවියෙක්. අනේ එතන තව ඒ වගේ ලොකු ජීවියෝ තුන් දෙනෙක් හිටියා. එක්කෙනාට එක්කෙනා වෙනස්. එයාලට අත් දෙකයි කකුල් දෙකයි තිබ්බේ කීවොත් ඔයාලා පුදුම වෙයි…ඇදන් හිටපු ඇදුනුත් වෙනස්. එයාලගෙ ඔළුවෙ එකඑක පාට කැරලි , දිග නූල්, කොට නූල් තිබ්බා.

එයාලා මාව අතට අරන් කියපු ඔක්කොම නම් මට ලියන්න බෑ.. එහෙම උනොත් මට අතක් අලුතින් හදාගන්න වෙන්නෙ ගෙවිලම..එයාලා එයාලගෙ අනික් අයට කතා කරේ එක එක නම් වලින්.. ඩූලි, ඩේසි, රෝබි, නෝවා වගේ නම් ටිකක් මතකයි මට. අන්තිමට එයාලා මාව පරීශණාගාරයකට භාර දුන්නා. මං හුඟක් බය උනා මාව මරයි කියලා.. හයිය පටි වර්ගෙකින් මාව ඇඳකට තියලා ගැටදාලා තිබුනා..එයාලා මගේ මූණ බලන්න ඕනි කියලා මං දාගෙන හිටපු ආරක්ෂක ආවරණය ගැලෙව්වා.. මට මතක නිකන් හුස්ම ගන්න අපහසු වෙනවා වගේ විතරයි ..ඊට පස්සේ මං ඩවුන්…

අන්තිමට මට සිහිය එද්දි දැක්කෙ මාව වට කරන් කීප දෙනෙක් ඉන්නවා..එක්කෙනෙක් කෑ ගැහුවා “තැන්ක්ස් ගෝඩ් එයාට සිහිය ආවා ආයෙ නම් හෙල්මට් එක ගලවන්න එපා කියලා..ඊට පස්සෙ එයාලා කීවා බය වෙන්න එපා අපි ඔයාව මරන් නෑ.අපි ඔයාගෙ යාලුවෙක් වෙන්න කැමතියි කියලා…මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ එතකොටයි.

එයාලා මට හොදට සැලකුවා.. අමුතු අමුතු කෑම වර්ග කන්න දුන්නා. ගොඩක් දේවල් කතා කරා..ගොඩක් දේවල් කලා..පරීක්ශණ එහෙම.. අන්තිමට මං එයාලට මගේ ලෝකෙ අයව මුනගස්වන පොරොන්දුව පිට ආයෙමත් මගේ යානයට ආවා. මං අහසේ දුරකට නොපෙනී යනකම්ම එයාලා මට අත් වනලා බායි කීවා.. මට ලොකු දුකක් දැනුනා එහෙන් පිටත් වෙද්දී.. ඇත්තටම එයාලගෙ ආගන්තුක සත්කාර සිනහව මාව වශී කරා. මං මෙච්චර කාලයක් හිතන් හිටියේ අපි තමා සක්වලේ ඉන්න ලස්සනම ජීවීන් කියලා..නැහැ අනේ..මෙහේ තමා ලස්සන ම ජීවීන් ඉන්නේ. එයාලගෙ සිතුවිලි ලස්සනයි. එයාලට ලෙන්ගතු බැඳීම් තිබුනා ..අම්මා තාත්තා දරුවෝ යාලුවෝ නෑදෑයෝ කියන අය අතරේ ගනුදෙනුවකට එහා ගිය ශක්තිමත් බැඳීමක් ඒක.එයාලා ඒකට කීවේ ආදරේ කියලා..

අපි කලු කීවට එයාල ඒ පාටට කියන්නෙ නිල් කියලා..අපි නිල් කියන පාටට එයාලා කලු කියනවා.. කහ පාටට කියන්නෙ දුඹුරු කියලා ..සුදු පාටට කීවෙ කොළපාට කියලා… ගෙවල් අපේ වගේ උල් හැඩේකට නෑ .. පෙට්ටියක් වගේ..උඩට උඩට හදලා..අපේ ලෝකෙ නැති වතුර කියලා ජාතියක් එහේ තියනවා. දන්නවද……අපි ඒ ලෝකෙට කේතුකාකාර ග්‍රහලොව කීවට එයාලා එයාලගෙ ලෝකෙට කියන්නෙ පෘථිවිය කියලා ලස්සන නමක්. මේ ජීවීන්ව හදුන්වලා දුන්නේ මිනිස්සු කියලා.. මං සතුටින් කියන්නේ මේ විශ්වයේ අපි තනි වෙලා නෑ කියලා.. ඔයාලාත් යන්න ලස්සන පෘථිවිය බලන්න ……

ඉතින් මගේ කතාව මෙතනින් ඉවරයි .. මේ වාර්තාගත පණිවිඩය ඔයාලා අතට පත්වන විට මං මේ ජීවිතෙන් සමු අරන්.. සමහර විට මේ විශ්වයේ කොහේ හරි ඉපදිලාත් ඉදීවී.. මගේ යානයේ කාර්මික දෝශයක් නිසා තව තත්පර දහයකින් යානය විනාශ වෙනවා.. මැරෙන මොහොතේ මං මනුස්සයෙක් වගේ හිතලා කියන්න කැමති..මං මගේ විශ්වයට ආදරෙයි ….!!!..

…………..නිමි……………

ඔන්න ඔයාලට අලුත් කතාවක් ගෙනාවා යාලුවනේ.. මේක මගේ නවවෙනි කතාව. ව්ද්‍යා ප්‍රබන්ධයක් ලීව දෙවනි වතාව.

මෙහෙම කතාවක් ලියන්න හිතුනේ අපේ ලෝකෙ විද්‍යාඥයන් සක්වල ජීවය හොයනවා වගේ මේ සක්වල අපිව හොයන අයත් ඇති කියලා හිතුන නිසා. අපිට වඩා වෙනස් දියුණුව නොදියුණු සමාන ජීවීන් තවත් ඇති නේ..

කතාව ගැන අදහසක් කමෙන්ට් කරලා රේට් එකකුත් දීලා යන්න හොඳේ..ආදරෙයි මගේ පාඨකයෝ හැමෝටම..

40 thoughts on “..ජීවීන් සොයා..| විද්‍යා ප්‍රබන්ධ ||කතා අහුර රචක”

      1. මං ඇප් එකට නම් අළුත් නෑ.කතා කියවන්න අරන් අවුරුදු 2ක් විතර වෙනවද කොහෙද?හැබැයි comment කරේ නම් ඊයේ??ඔයාලා නංගිලා වෙන්න ඇති මං හිතන්නේ.මම 92

          1. ඔයාව දග පවුලට සාදරයෙන් පිළිගන්නවා දිනී අක්කි?????????

            1
  1. දියමන්ති හොරෝ ? අපේ ඩෝනට් අසනීපෙන් ඉන්නෙ එයා පස්සෙ කමෙන්ට් එකක් දාන්න එන්නන් කිව්වා හොදද ?

    1
    1. Sandu (kandy girl)

      ආහ්..අනේ මට හොරා කියලා මේ කෙල්ල…??? ඉන්න මං කියනවා අම්මට. අපේ තාත්තා පොලිසියේ හරිද. දිග තුවක්කුවකුත් තීනව.?

  2. Lassanai දියමන්ති අක්කි කතාව නම්… අලුත් ම විදියේ කතාවක්
    All the best akkiyoo

  3. මේ කතාව මීට කලින් කියවලා තියෙනවා කියලා හිතුණු නිසා ගොඩක් අමාරුවෙන් ඒ කතාව හෙව්වා අක්කියෝ…. ඒකයි කමෙන්ට් කරන්න පරක්කු වුණේ…. වෙනස් විදියෙ කතාවක් අක්කියෝ…. ගොඩක් වෙලාවට කතා ලියවෙන්නෙ මිනිස්සුන්ගෙ පැත්තෙන් බලලා… ඒත් මේක එහෙම නෙමේ…. පටන් ගද්දි නම් හිතුණෙ ඒ මනුස්සයෙක් කියලයි… ඒත් ටිකක් ඉස්සරහට කියවන් යද්දි ටිකක් පැටලිලි සහගත ගතියක් දැනුණා…. අගට යද්දි තමයි තේරුණේ මේ කතා කරන්නෙ ඒලියන් කෙනෙක් කියලා… ඇත්තටම ඒලියන්ලා ඉන්නවද කියලා නොදන්නවා වුණාට සමහර වාර්ථාවලට අනුව එයාලා ඉන්නවා කියන්න සාක්ෂි ලැබිලා තියෙනවා… මේ කතාව කියවද්දි මට මතක් වුණේ ඇමෙරිකාවෙ Roswellවලට කඩා වැටුණා කියපු අභ්‍යකාශ යානය ගැන…. ඒවගේම පිරමීඩ හදන්න පිටසක්වලින් උදව් ලැබුණා කියන කතා ගැන…. ඇත්තටම විශ්ව ගවේෂණයෙ යෙදෙන ජීවින් මේ පෘථුවියට ඇවිත් තියෙනවා වෙන්නත් පුළුවන්…. දියුණු හෝ නොදියුණු ජීවින් මේ විශ්වයේ ඉන්නවා වෙන්නත් පුළුවන්…. මේ විශ්වයේ ජීවය තියෙන එකම ග්‍රහලෝකෙ පෘතුවිය නෙමේ කියලයි මං නම් විශ්වාස කරන්නෙ….. අක්කිගෙ කතාව හුගක් ලස්සනයි අක්කියෝ….. කතාව පුරාවටම කුතුහලය තිබුණා….. අක්කි ලස්සනට එයාගෙ හැගීම් වචනවලට හරවලා තිබුණා… කාර්මික දෝෂෙ ගැන කියද්දි නම් දුක හිතුණා….. එයාට එයාගෙ ග්‍රහලෝකෙට යන්න පුළුවන් වුණා නම් කියලා හිතුණා….. ඒත් අක්කි පෘතුවිය ගැන එයාගෙ ලෝකෙ අයට දැනගන්න ඉඩ නොදුන්නු එකත් හොදයි කියලා මට පස්සෙ හිතුණා අක්කියෝ…. තවත් ලස්සන කතා ලියන්න සදූ අක්කේ… All the best!!!! පරිස්සමින් ඉන්න අක්කියෝ….. ජේසු පිහිටයි….. බුදු සරණයි…. ඇප් එක පැත්තෙ එනවා නම් දියමන්ති ටික අරගෙනම එන්න අක්කී…..

    1. Sandu (kandy girl)

      ගොඩක් ස්තූතියි කවී නංගා.. දිග…කමෙන්ට් එකක්..????

      දියමන්ති ටික මං අන්තිම ට බෙදලා දෙදෙන්නම් ඔයාලට..නැත්තන් කෙල්ලො ටික ඕක අරන් රට පනී මටත් හොරා..???

      මං අනිවාරෙන් ඔයාලට තව කතාවක් ගේනවා..???

      1. Sandu (kandy girl)

        ආ කවී නංගා..ඔයා කියවලා තියෙන ඔය පිටසක්වල ජීවී පර්‍යේශන වාර්තා කතා ෆිල්ම් වගේ ඒවා මටත් කියන්න ..මාත් හරි ආසයි ඕවා ගැන පොත් වලින් ගවේෂණය කරන්න ..මොකද ඉතින් අපිට හොයන් යන්න බෑ නේ..දැනුම මතකය ආර්ථිකය නිදහස බිංදුවයිනේ..?

        1. වාර්තා, ෆිල්ම් බලන්නෙ නෑ අක්කියෝ…. පත්තරේ කියවද්දි ඔය වගේ ඒලියන්ලා ගැන තිබුණොත් කියවනවා…. බර්මියුඩාවලත් පිටසක්වලට යන්න පුළුවන් මාර්ගයක් තියෙනවා කියලා කියනවනේ…. තව ඔය ලංකාවෙ පරණ මාලිගාවකත් එහෙම මාර්ගයක් හදලා තිබිලා තියෙනවලු…. ඇමේසන් කැළේ මැද්දෙ අන්තර් ලෝකවලට යන්න පුළුවන් මාර්ගයක් තියෙනවලු ඒ හරියට ඔය ඍෂිවරු ගිහින් අතුරුදහන් වෙනවා කියලත් කියනවා…. තව පිරමීඩවල ඒලියන්ලගෙ පින්තූර ඇදලා තියෙනවා කියලත් හොයාගෙන තියෙනවා….. ඒවා හදන්න උදව් වුණෙත් එයාලා කියලා තමා කියන්නේ…. පිරමීඩවල වගේම ලංකාවේ චෛත්‍යවලත් තියෙන සමාන හැඩ නිසා ඒවා පිටසක්වල උදව්වෙන් හැදුවා කියලත් කියනවා වගේම ඒවා පිටසක්වලට විවෘත වෙන දොරටු කියලත් කියනවා…. පිරමීඩවල තියෙන සටහන්වල සඳහන් වෙනවලු ලංකා කියලා රාජ්‍යයක ඉදන් අහසින් ආපු කට්ටියක් ඒක හදන්න උදව් වුණා කියලත්…. ඒනිසා වගේම සිංහල භාෂාව වෙන කියලා රටක භාවිතා නොවෙන නිසාත් සිංහල පිටසක්වල භාෂාවක් කියලත් කියනවලු…. පියාඹන පීරිසි දැකපු අය වගේම ඒවා ෆොටෝ ගපහු අයත් ඉන්නවනේ…. ඒවා මුලින්ම දැකපු කෙනා ඒක පීරිසියක් වගේ කියපු නිසාලු අභ්‍යවකාශ යානාවලට පියාඹන පීරිසි කියන්නේ… තව විස්තර දැනගත්තොත් මං කියන්නම්කො අක්කියෝ…

        2. තව අර කතාවක් තියෙන්නෙ X-Files කියලා…. මං ඒක ඉස්සරහ බැලුවා…. ඒකෙත් ඒලියන්ලා ගැන තමයි තියෙන්නේ…

          1. Sandu (kandy girl)

            අනේ.. ?? man eeka hoyala balannam nanga.. thanku mechchara mahansi welaa wisthara type karaata kellata..???

          2. අනේ ඕක මොකක්ද අක්කියෝ….. ? මව්බිම පත්තරේ ඉස්සර ඔය වගේ විස්තර ගියා… දැන් නම් ඒවා දානවද කියලා දන්නෙ නෑ….. කොරෝනා ආවට පස්සෙ මං එච්චර පත්තර කියෙව්වේ නෑනේ….

  4. හායි කස්ටිය ? අපේ නුදී කස්ටියව ම මතක් කරා කියන්න කිව්වා ?
    දුලාන් අයියත් පුලුවන් වෙලාවට එනෝ කිව්වා ?
    නුවී බෝලේට ත් වැඩ වැඩීලු එයත් එනෝකිව්වා ?
    අපේ මැණික් කැටේත් බිසී ලු ?
    මිතූ අක්කිත් එන්නන් කිව්වා පුලුවන් වෙලාවට ?

    1. Sandu (kandy girl)

      හරී..ඔක්කොම මතක් කරා කියන්න ..? ටික බෙදන දාට අනිවාරෙන් එන්න කියන්න ආ..

  5. රිතූ ?

    සුබ පැතුම් දියමන්තිය ???

    මුලින්ම සමා වෙන්න ඕනි කමෙන්ට් කරන්න පරක්කු වුණාට…. ? පස්සේ කමෙන්ට් කරන්න හිටියොත් මට අමතක වෙයි කියලයි දැන් ආවේ…

    කලින් මම sci-fi කතා වලට පොඩ්ඩක් වත් කැමති කෙනෙක් නෙමේ…. මම හිතන් හිටියේ sci-fi හරිම බෝරින් කතා ජාතියක් කියලා…?

    ඒත් මං ඇප් එකට ආවට පස්සේ නිකමට sci-fi එකක් කියෙව්වා..?. ඒ කතාව කියෙව්වට පස්සේ මට sci-fi ගැන මාරම ආසාවක් ඇති වුණා….

    ? ඔයා දන්නවද දියමන්තිය මගේ අදහස වෙනස් කරපු ඒ කතාව මොකක්ද කියලා?

    ? ඒ තමා ඔයාගේ “පුනරාගමනය ” කතාව ???

    දැන් මම sci-fi හොය හොය කියවනවා ? ඒ තරම් ආසයි….

    දවල් මම කොහොම හරි කතාව කියෙව්වා… විශේෂයෙන්ම ඒක කියෙව්වේ ඔයාගේ කතාවක් නිසයි දියමන්තිය…?

    කතාවේ මුල් හරිය ආසාවෙන් කියවගෙන ගියත් මදක් හරියට යද්දි මට නිකන් ඔක්කොම ටැපලෙනවා වගේ දැනුණා….

    මොකද මම හිතන් හිටියේ මේ කතාව කියන්නේ මනුස්සයෙක් කියලනේ ??

    ඒත් අන්තිම හරියට යද්දි තමා තේරුණේ මෙච්චර වෙලා කතා කරේ ඒලියන් කෙනෙක් කියලා ???

    ඔයා ඒ කතාවේ මිනිස්සුන්ව හඳුන්වපු විදිහට, අපේ බැඳීම් ගැන කතා කරපු විදිහට මම මාරම ආසයි… ?

    වෙනස්ම විදිහේ අදහසක්… ලස්සන කතාවක්… නොසිතූ අවසානයක් ?

    හරිම ලස්සනයි දියමන්තිය….
    තව කතාවක් අරගෙන ඉක්මනට එන්න…
    පරිස්සමින් ඉන්න
    බුදු සරණයි
    ජේසු පිහිටයි ??

    කමෙන්ට් එක පොඩි ඇති.. සමාවෙන්න හොඳේ…. අසනීප නොවුණා නම් මීට වැඩිය දිග කමෙන්ට් එකක් දෙන්න තිබ්බා… ???

  6. Sandu (kandy girl)

    ඒකට කමක් නෑ රිතූ නංගෝ.. කොහොම හරි කමෙන්ට් එකක් දැම්මානෙ කතාව..ඒක ඉතිම් මට වටිනෝ..

    අනේ මට හරිම සතුටුයි ඔයා මගේ කතාවක් කියවලා විද්‍යා ප්‍රබන්ධ වලට ආසා උනා කීවම.. ගොඩක් විද්‍යා ප්‍රබන්ධ හරි ලස්සනයි නංගා.. ඔයා කියවන්නකො දම්ත නිපුණජිත්ගෙ “විශ්මිත සිහින දකින්නා” පොත.. අනිවාරෙන් ආසා හිතෙනවා ..

    ඔයාලාගෙ මොලේ ටැපලෙන හිතලා හිතලා හිතේ වයර් ශෝට් වෙන කතාවක් අනිවාරෙන් දෙනෝ මං ළඟදිම..ඒක ලියන ගමන් දැන් … ගොඩක් ස්තූතියි නංගා කමෙන්ට් එකට..???

  7. Sandu (kandy girl)

    කතාව ආසාවෙන් කියවලා ඒකට කමෙන්ට් එකක් දාපු හැමෝටමයි රේට් කරපු හැමෝටමයි ගොඩක් ස්තූතියි ..දැනට මං ළඟ තියෙන්නේ ? ටිකයි..ඒ ටික හැමෝම බෙදාගන්න ඕනි ගානට ආ. ආයෙ ? ටිකක් හොලකන් කරපු දවසක දෙන්නම් ආ.?

    කමෙන්ට් වලට රිප්ලයි කරන්න පරක්කු උනාට සමාවෙන්න දඟයිනේ ..මගේ වැඩ රාජකාරි වලින් ලෝක අමාරුවෙන් එපොයිමන්ට් එක ගත්තේ ඇප් එකට එන්නත්. ආයෙමත් පුලුවන් වෙලාවට එන්නම් .. ඔලුව කුරුවල් වෙන කතාවක් අරන් එන්නම් ..?

    රිතූ නංගා ඇතුලු අසනීපෙන් ඉන්න ඔක්කොම දඟයෝ ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..

    හැමදාම හැමෝම පරිස්සමෙන් ඉන්න..ඇපෙ එකට එද්දි මාස්ක් දාගෙන සැනිටයිසර් වලින් නාලා එන්න ..? තෙරුවන් සරණයි …

    මෙන්න ? ටික..

    ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    1. රිතූ ?

      ආහ්…. මෙතනින් දියමන්ති 20ක් මටයි ආශිටයි වෙන් කරන්න ? මනීෂාගේ මිනීමරුවා හොයාගත්තට ?

  8. Sandu (kandy girl)

    අනේ ගුඩ්මෝනින් කියන්න අමතක උනා..ගුඩ්මෝනින් හැමෝටම …?????
    ❤️❤️❤️❤️❤️❤️❤️ ???????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.