Katha Ahura

තරු මන්දාකිණී| එකොළොස් වැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක

3/5 - (3 votes)

එකොළොස් වැනි දිගහැරුම

පහුවදා සුදු මැණිකේ එක්ක ඉස්කෝලෙ යන්න හිතා හිටියත් ඒ බලාපොරොත්තු සුන් වෙලා ගියේ සුදු මැණිකේ මාව දාලා ඉස්කෝලෙ තනියම ගිය නිසා.මටනං කේන්ති එයත් එක්ක.මගේ පපුවට තුරුල් වෙලා ඉන්න දන්නවා.ඒත් මේ පපුවෙ හැගීම් ගැන මෙලෝ සංසාරයක දෙයක් දන්නෑ වගේ හැසිරෙනවා.

කමක් නෑ.උදේම period එක තිබ්බෙ මන්දාකිණි ගෙ clz එකට.clz එකට ගිහින්ම ඒ සුදු මූණ බලනවා.

Clz එකට යද්දි මෙන්න ඉන්නවා මං එනකන් බලාගෙන මෙයා.මාව දැකලා ලාවට හිනා වුනා.මුලු period එකේම එයා කරේ මගේ දිහා බලං භාවනා කරපු එක.මගේ ඇසුත් ගොඩක් වෙලාවට නතර උනේ ඒ තරු ඇස් ලග.

ඉස්කෝලෙ ඉවර වෙලා මං පය ඉක්මන් කරේ මන්දාකිණීව අල්ලගන්න.කොහෙ…මටත් කලින්ම කෙල්ල ඉස්කෝලෙන් පැනගෙන .කෙටි පාරෙන් වලව්වට එද්දි මං දැක්ක දෙයින් මගේ යකා ඇවිස්සුනා.

සුදු මැණිකේව වට කරගෙන කොල්ලො තුන් දෙනෙක් ඉන්නවා.ඒ මදිවට එක කොල්ලෙක් එයාගෙ අත තද කරලා අල්ලගෙන .කෙල්ල අත මුදාගන්න try කරනවා.මාව එතෙන්ට ඇදිලා ගියේ ඉබේමයි.

“මෙතන මොකද්ද මේ වෙන්නෙ…” මං ඇහුවෙ කොල්ලො තුන් දෙනා දිහයි සුදු මැණිකේ ගෙ අත දිහයි බල බල..

“ආ…ප්‍රේම කුමාරයත් ආවද….මාත් මේ තමුසෙව අල්ලගන්න තමයි හිටියෙ…ඈ හු%&$ …., තෝ කවුද බොල සුදු මැණිකේව ඉඹින්න.”

“මං කවුරු උනත් තොට මොකද යකෝ…ඇතෑරපිය සුදු මැණිකේගෙ අත….පාහර බල්ලා..”

“මොකද්ද යකෝ තෝ කිව්වෙ මගෙ කෙල්ලගෙ අත අල්ලන් ඉන්නෙපා කියන්න තෝ කවුද …”

“මේ උබේ කෙල්ල වෙන්නෙ කොහොමද යකෝ…මේ මගේ කෙල්ල..”

“අනේ ඇත්තට…මේ උබ මේ ලගදි ගමට ආවෙ…අපි ගම් කාරයො හරී….මේකිව මං දන්නෙ පොඩි කාලෙ ඉදන්මයි…පොඩි කාලෙ ඉදන්මයි මං මේකිට ලව් කරේ..උබ මේ ඊයෙ පෙරේදා ඇවිල්ල ගමේ කෑලි වලට හොට දාන්න හදන්නෙපා..හරී…”

“උබ පොඩි කාලෙ නෙවේ ගිය ආත්මෙ ඉදන් ලව් කරත් මට කමක් නෑ ඩෝ…ඔය කෙල්ලගෙ අත් අතෑරපන් මගේ යකා අවුස්සගන්නැතිව…” මට අන්තෙටම මල පැනලා තිබ්බෙ.බිග් මැච් වල කොල්ලො කොල්ලො ගහගෙන හොද experience තියෙන නිසා මේ වගේ කබ්බො එක්ක ගහගන්න එක මට කජ්ජද..

“බෑ ප#$% .අතාරින්නෑ..ඇයි උබ ගහන්නද….මතක තියාගනින්…මෙතන අපි තුන් දෙනෙක් ඉන්නවා…උබේ හතර හංදි කඩලා හතරමං හන්දියක එල්ලනවා බලාගනිං..”

“මොකද්ද යකෝ තෝ කිව්වෙ…” රතු කට්ට පැනලා හිටපු මම ඌට දිගට හරහට නෙලන්න ගත්තා.සුදු මැණිකේව මැද තියාගෙන තුන් දෙනෙක් එක්කම ෆයිට් කරා.ඒකත් ආතල් වැඩේ..හැබැයි මාත් ගුටි කෑවා.බොරු කියන්නෝන්නෑනෙ…වටේටම නෙලුවෙ සුදු මැණිකේ ගෙ කෑගැහිල්ල මැද්දෙ.

“හහ් ..හහ්…තෝ දිනුවා කියලා හිතන්නෙපා පර බල්ලා..තෝ දන්නෑ මේ දිනුකගෙ හැටි..තෝව ආයෙ අල්ලගන්නම්කො…” හති ඇර ඇර මූ පස්ස බල බල දිව්වා.

“අනේ නිකන් පලයං බස්සො යන්න…”

උන් සේරම පන බයේ දිව්වා.මං ආපිට සුදු මැණිකේ දිහාවට හැරෙද්දි එයා ඇවිත් මාව බදාගත්තෙ අඩ අඩ.

“ඔයාට කරදරයක් උනේ නෑ නේද කෙල්ලෙ..”මං එයාගෙ ඔලුව අතගාන ගමන් ඇහුව.

“ම්හ්….ඔයාට රිදෙනවද තරූ…..මං හින්දා ඔයත් ගුටි කෑවා….”

“ඔයත් පිස්සු කියවනවනෙ…ගුටි කෑව නෙවේ මං උන්ට දුවන්නම ගැහුව…” කටින් ලේ පෙරෙද්දි මං කිව්වෙ.ඒකට කෙල්ලට හිනා ගියාද කොහේ.

“ඌ කවුද සුදු මැණිකේ ….එයා කිව්ව කතාවල් ඇත්තද…” මොනා උනත් සුදු මැණිකේ ඌත් එක්ක යාලුද දන්නෑ කියලා මට හිතුන නිසා ඇහුවා.ඒ පාර කෙල්ල මගේ දිහා බැලුවා.

“මේ ඇස් අදුනගන්න තාමත් බැරිද තරූ…ඔයාට මාව තවමත් තේරුන්නැද්ද…” අඩ අඩම ආයෙම එයා මගේ පපුවෙන් ඔලුව තියාගත්තා.

” ඒ දිනුක අයියා….අපේ ඉස්කෝලෙ principal ගෙ ලොකු පුතා….ඉස්සරහ ඉදන්ම එයාගෙන් මල වදේ…..යාලු වෙන්න දගලනවා මා එක්ක….මං එයාට පොඩ්ඩක් වත් කැමති නෑ තරූ…මට එයාව පෙන්නන්නම බෑ…..මං අකමැතියි කිව්වම මං ගැන බොරු කේලම් ගොඩාක් අප්පච්චිට කියලා තිබුනා.අප්පච්චිට විතරක් නෙවේ…ඒවා මුලු ගම වටේමත් කියලා තිබුනා….මට කොල්ලො ඉන්නවැයි…කොල්ලො ගොඩක් එක්ක මං යාලුයි කියලා කියල තියෙනවා…ඒකයි සයුරි මිස්ලා උනත් මං දිහා අමුතු විදිහකට බලන්නෙ….ඒත් මං එහෙම නෑ තරූ…මේ හිත ගියේ ඔයාට විතරයි ….වෙන කාටවත් මගේ හිත ගියේ නෑ ඔයාට ඇරෙන්න…..” කෙල්ල අඩ අඩම කියනවා.ඒකියන්නෙ ඔයත් මට ආදරේ කරනවා…මට දැනුනු සතුට…මං තවත් තදින් මන්දාකිණීව තුරුලු කරගත්තා.

“පෙරේදා දිනුක අයියා වලව්වට ඇවිත් පොඩ්ඩක් අප්පච්චි එක්ක කතා කරන්න…ඒ ඇවිල්ලයි ඔයාගෙ ජනේලෙන් එබුනහම දැකලා තිබුනෙ ඔයා මාව බදාගෙන ඉඹිනවා….ඉතින් ඊයෙ උදේ ඉස්කෝලෙ යද්දි මාව අල්ලගෙන මට තර්ජනය කරා ඔයත් එක්ක තියෙන සම්බන්දෙ නතර කරලා එයා එක්ක යාලුවෙන්න..නැත්තං එයා දැකපු දේවල් හැමෝටම කියනවා කියලා….ඇත්තටම මට ඊයෙ ගොඩාක් බය හිතුනා තරූ….මට බය හිතුනෙ ඔයා ගැන…අප්පච්චි දැනගත්තොත් ඔයාව ගෙදරින් එලවයි කියලා මට බය හිතුනා ……”

“ඒත් දවසක අප්පච්චි මේ දේවල් දැනගන්න ඕන නේද් සුදු මැණිකේ …….”

” ඔව්…මං අප්පච්චිට කියනවා…හැබැයි මගේ විභාගෙ ඉවර වෙලා…….එතකන් මේ දේවල් රහසක් වෙන්න ඕනි…නැත්තං මට බයයි ඔයාට ඒකෙන් ප්‍රශ්නයක් වෙයි කියලා..හදිස්සියෙවත් ඔයා මාව දාලා කොලබ ගියොත්….මං තනිවෙනවනේ….”

“එහෙම හිතන්නවත් එපා සුදු මැණිකේ …මං ඔයාව දාලා කොහේවත් යන්නෑ…මගේ පණ ගියත් යන්නෙ ඒ ඔයා ලග විතරයි ……”

වලව්වට යදිදි වෙනදා වගේ ආරච්චි හිටියෙ නෑ.මාව මේ විදිහට දැකලා මලනීගෙ ඇස් උඩ ගියා .

“අයියෝ මහත්තයෝ ….මේ මක්කැයි…මේ ලේ පෙරාගෙන….”

“කට වහගෙන විගහට ගිහින් බෙහෙත් කුප්පි ටික අරන් එන්න මාලනී ….ඉක්මන්ට ….” සුදු මැණිකේ කිව්ව හැටිය මාලනී දුවලා ගිහින් බෙහෙත් කුප්පි ටික අරන් ආව.

“මොකැයි මහත්තයා උනෙ…”

” අර දිනුක අයියලා මාලනී මෙ වැඩේ කරේ.උන් ටික තරුක සර් ට ගැහුවා..මාත් එක්ක කතාකරකර එනවැයි කියලා…” මගේ තුවාල වලට බෙහෙත් දානගමන් සුදු මැණිකේ කිව්වා .

” අනේ ඕකුන්ට හොදක් නං වෙන්නෑ..මේ යස අපූරුවට ඉන්න මහත්තයට කරපු දේට…..සුදු මැණිකේ ත් ටිකක් පරිස්සමින් …..ඕක සුදු මැණිකේ පස්සෙනුත් ආව එකනෙ..කේන්තියට මොනාහරි කරන්නත් බැරි නෑ…” එහෙම කියල එයා යන්න ගියා.

කාලෙකින් ගහගත්තු හින්දද මංදා ඇගට හරි අමාරුයි ….ඇදුම් බාගෙට ගලවලා එහෙම්මම ඇදේ ඇලවුනා…මං ඇහැරෙද්දි හවස 6 ත් පහුවෙලා.ඒ ඇහැරුනෙත් ආරච්චිගෙ කටහඬට .මං ඇහැරෙද්දි මෙන්න මෙයා ඇද ලග.සුදු මැණිකේ මගේ කාමරේ ඇද ලග ඉන්න එක අරුමයක් නැති උනත් ආරච්චි මගේ ඇද ලග ඉන්න එකනම් ලොකු පුදුමයක්.

“මහත්තයට අමාරුයිද….මට කෙලී කිව්වා වෙච්චි සංහදිය….ඔකුන් ඔහොම්මමයි මහත්තයෝ ….මටත් ඇවිත් එක එක විකාර ඔලුවෙ තිබ්බා…..මං ඒව විශ්වාස කොරන්නෑ මහත්තයෝ….මට මගේ කෙලීව හොද…ට විශ්වාසයි…මහත්තයවත් මං ඒ වගේම විශ්වාස කරනවා….මං ඌට බැනලා ආවෙ….පොලෝසියට ගිහින් පැමිනිල්ලකුත් දැම්මා…මෙලහකට ඌව පොලෝසියට කුදලගෙන ගිහිල්ලත් ඇති …මගේ සුදු මැණිකේට කරදර කරන්න ආවොත් මට වඩා යකෙක් මේ ගං හතකවත් හොයාගන්න බැරි වෙයි…..” ආරච්චි කිව්වෙ කේන්තියෙන් .මෙහෙට ආවත් හරි මං ඔය දැක්කමයි ආරච්චි කේන්තියෙන් ඉන්නවා.

හැබැයි මට එයාගෙ කතාවට අවුල් ගියා..එයා මාව එයාගෙ දූ තරම්ම විශ්වාස කරන කොට මං මේ කරන්නෙ වැරැද්දක්දෝ කියලා හිතෙනවා..ඒත් ඉතින් මේ කාලෙට මේ වයසට ඇති වෙන හැගීම් නවත්තගන්නෙ කොහොමද …ඇරත් දැන් දැන්නම් මට සුදු මැණිකේ නැතුව බෑ වගේ..මොකද මං ඒ තරමටම එයාට ආදරේ කරන නිසා.

“දැන් ඒ හැටි අමාරුවක් නෑ ආරච්චි ..මන්දාකිණි බෙහෙත් ටිකක් දැම්මා..”

“හ්ම්..හ්ම්…මහත්තයාට ඇග හෝදගන්න මං වතුර ටිකක් රත් කරලා දෙන්න කියලා මං මාලිනීට කිව්වා ..මහත්තයා එන්නකෝ….” එහෙම කියාගෙන ආරච්චි ගියා.මට ආරච්චි ගැන දැනුනෙ පුදුම ආදරයක්…තාත්තගෙ ආදරේ මට එයාගෙන් දැනෙනවා.

**************************

තරුක විතරයිනෙ මන්දාකිණීට ආදරෙයි කිව්වෙ.මන්දාකිණි කියන්නැද්ද තරුකට ආදරෙයි කියලා…ආ…මන්දාකිණි තරුකට ආදරෙයි කියනවා බලන්න හෙට කතා අහුරට එන්නකෝ…????✋✋✋

M.A.Rashmi

4 thoughts on “තරු මන්දාකිණී| එකොළොස් වැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක”

  1. Deepali Jayasuriya

    ලස්සනයි ලස්සනයි ලස්සනම ලස්සනයි…මං මේ කතාවට අැබ්බැහි වෙලා…. ??????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.