Katha Ahura

තරු මන්දාකිණී| දහවැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක

2.7/5 - (3 votes)

දහවැනි දිගහැරුම

එයාව දැකලා මට හිටි තැනිනුත් නැගිට්ටුනා.වෙඩිල්ල වගේ මගේ ලගට ඇවිත් මං ඇදන් හිටිය ටී ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලගත්තා.

“ඇයි ඔයා මට මෙහෙම රිද්දන්නෙ …කියනව…ඇයි..ඇයි මට රිද්දන්නෙ …” කෑගහලා සුදු මැණිකේ මාව හොල්ලන්න ගත්තා.මේ කෑගැහිල්ලට දැන් ආරච්චි ත් ඒවි මගේ කාමරේට.

“කෑගහන්න එපා සුදු මැණිකේ …ආරච්චිට ඇහෙයි….”මං කිව්වෙ මගේ කොලර් එක අල්ලන් ඉන්න ඉන්න සුදු මැණිකේ ගෙ අත් දෙකෙන් අල්ලලා.

“අප්පච්චි ගෙදර නෑ…මං අද මේක දෙකෙන් එකක් විසදගන්නයි ආවෙ…කියනවා..ඇයි එක එක කෙල්ලොත් එක්ක ඉදලා මගේ හිත රිද්දන්නෙ හැමතිස්සෙම ..ආ…” මූණත් රතු කරගෙන ඇස් දෙකේ කදුලු පුරෝගෙන සුදු මැණිකේ ඇහුවෙ.

“මං කෙල්ලොත් එක්ක හිටියෙ නෑ සුදු මැණිකේ…..ඔයා මොනාද මෙ කියවන්නෙ…”

“කියවන්නෙද..කියවන්නෙ ඇත්ත…එහෙන් සයුරි මිස් එක්කයි..මෙහෙන් කොලබ ඉදන් එන නැට්ටිච්චියො එක්කයි මුකුළු කරකර හිටියෙ නැද්ද…ආ…කියනව බලන්න…”

“මේ බලන්න සුදු මැණිකේ …අද ආපු කෙල්ල මගේ හොදම යාලුවෙක් .එච්චරයි ….ඊට එහා දෙයක් මගෙයි එයාගෙයි නෑ…”

” ආ..නැති හින්දා වෙන්නැති එයා ඔයාව බදාගත්තෙ…ඇයි තව කරටත් අත දාන් හිටියෙ….ඒ යාලුවෙක් නිසා වෙන්නැති…”
ඔය පත්තු වෙලා තියෙන්නෙ.මරු මරු..කෙල්ලට ඊර්සියාව …තව ටිකක් අවුස්සන්න පුලුවන්නම් මරු…

“අපි එහෙම තමයි…පොඩි කාලෙ ඉදන් එකට හැදිච්ච නිසයි ඔච්චර අපි කිට්ටු…දැන් මං එයාව බදාගත්තා තියා කිස් කරත් ඔයාට මොකද??”
ඒක කිව්ව විතරයි මෙන්න කෙල්ලගෙ ඇස් වලින් හෝගාලා කදුලු පැන්න.මටත් මහ මොකක්දෝ මන්දා උනා.

“කිස් කරන්න..කිස් කරන්න නෙවේ…ආයෙ කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බැලුවොත් ඇස් දෙක උගුල්ලනවා බලාගන්න…” තරහෙන් පුපුර පුපුර කියපි.ඒ රෝස පාට තොල්පෙති වෙව්ලනවා.ඒ ගැහෙන දෙතොල් දැකලා මටත් මාව පාලනය කරගන්න බැරි උනා.එහෙම කියලා සුදු මැණිකේ යන්න හදද්දිම මං එයාගෙ අතකින් ඇදලා මගේ තුරුලට අරන් එයාට හිතන්නවත් ඉඩක් නොතියා ඒ රෝස තොල්පෙති මෘදුව සිපගත්තා…ආයෙම එයාව පපුවට තුරුල් කරගත්තෙ මටත් හොරා මගේ හිතේ එයාගැන ඇතිවෙච්චි මහා හුගක් ආදරෙන්…

“මං ඔයාට ආදරෙයි සුදු මැණිකේ …….මේ ඇත්තමයි …මගේ පණටත් වඩා මං ඔයාට ආදරෙයි මන්දාකිණි ….i love you..i love you sooo much…”තුරුල් කරගෙනම මං කිව්වා.කිව්වටත් වඩා කියවුනා කියන එක තමයි ඇත්ත…මොකද අද වෙනකං මට තේරුන්නෑ මං මේ නපුරිට ආදරේ වග.

එයා මොකුත් නොකියම මට තුරුලු වෙලා හිටියා.

“සුදු මැණිකේ ….” එකපාරටම ගේ ඇතුලෙන් ඇහුනෙ ආරච්චි ගෙ කටහඬ .ගැස්සිල වගේ ගිහින් මායි එයයි ඈත් උනේ විදුලිය වැදුනා වගේ .මගේ දිහා ඇස් ලොකු කරලා බලලා ඒ සැනින් මගේ කාමරෙන් දුවලා ගියේ එයා සාලෙට.

ටික වෙලාවක් ගිහිල්ලයි මට මං කරපු වැරැද්දෙ බරපතළකම තේරුනෙ…මට එයාව කිස් නොකර ඉන්නයි තිබ්බෙ.මොනා නැතත් එයා තවම පොඩි කෙල්ලෙක්.ශිට්..මං මොකද්ද ඒ කරේ..එයා මං ගැන වැරදියට හිතයිද දන්නෑ…අයියෝ…මෝඩයා…අනික මං කිව්ව දේ…එයා තාම ඉගෙනගන්න ලමයෙක් නේද..මේ දේවල් එයාට බර වැඩි..එය බය උනාද දන්නෑ…

හිත හිතම මං කාලය ගත කලේ සුදු මැණිකේ ගෙ මෘදු දෙතොල් පහසත් ඒත් එක්කම මතක් කර කර.
රෑ කෑම මේසෙදි මං සුදු මැණිකේ ව දැක්කෙ නෑ.සමහරවිට මට මූණ දෙන්න ලැජ්ජ ඇති කෙල්ලට.

පහුවදා උදේම ලෑස්ති උනෙ සුදු මැණිකේ එක්ක ඉස්කෝලෙ යන්න.ඒත් එයා මාව දාල කලින්ම ඉස්කෝලෙ යන්න පිටත් වෙලා තිබුනා.මට ඇතිඋනේ පුදුම දුකක්…
ඉස්කෝලෙ යන කාලෙ ඕන තරම් කෙල්ලො එක්ක යාලු වෙලා තිබ්බ උනත් ඒ කවුරු ගැනවත් මගේ හිතේ ආදරයක් තිබුන්නෑ.මගේ හිතේ ආදරයක් ඇති උනනම් ඒ සුදු මැණිකේ ගැන විතරයි.ඒ ආදරය නිසාමදේ මන්දා එයා සමහර වෙලාවට මට කරන වෙනස්කම් වලින් මගේ හිත ගොඩක් රිදෙනවා.

Interval එකෙන් පස්සෙ period එකේ උගන්නන්න තිබ්බෙ මන්දාකිණීගෙ clz එකට.පොත් ටිකත් අරන් පංතියට යද්දි පංතියෙ එක කලබලයයි.සුදු මැණිකේ පේන්නත් නෑ.ලමයි එක ගොඩකට එකතු වෙලා කුටු කුටු ගානවා.මාව දැකලා මන්දාකිණි ගෙ යාලුවෙක් මං ලගට දුවගෙන වගේ ආව..

“සර්…මන්දාකිණීට හොදටම අමාරුයි…”
එයා කිව්ව දෙයින් මාව උඩ වීසි උනා.මන්දාකිණි ට අමාරුයි..ඒත් ඇයි..

“මොකක්??”

“ඔව් සර්…එයාට අද උදේ ඉදලම උණ තිබ්බා….දැන් එයා එකපාරටම කලන්තෙ දැම්මා සර්…වතුර ගැහුවට සිහිය එන්නෙත් නෑ….” මට නිකං පිස්සු වගේ ඒක ඇහිලා.ලමයි වටවෙලා හිටියෙ මන්දාකිණි ලග.මං එයා ලගට දුවලා ගියා.ඇස් දෙකත් වැහිලා..ඇග හැමතැනම වතුර…නළලට අත තියලා බැලින්නම් හොදටම උන කෙල්ලට.

“මන්දාකිණී…මන්දාකිණි …” කම්මුලට තට්ටු කරත් ම්හු..no answer ..

“තමුසෙල මෙච්චර වෙලා මොන ලබ්බක්ද යකෝ කරේ…මේ කෙල්ලට අමාරුයි කියලා කලින් කියන්න තිබ්බනෙ…”

“අපි කියන්න තමයි හැදුවෙ සර්…ඒත් මෙයා එපා කිව්වා..”

“එපා කිව්වා..තමුසෙලත් මරු යාලුවො..අසනීප වෙලාවෙදි වත් හරි දෙයක් කරන්න දන්නෑනෙ…මොකක් හරි වාහනයක් අරන් එනවා කවුරුහරි…නුවන්..නුවන්…ගිහින් මොකක් හරි වාහනයක් අරන් වරෙන්..ඉක්මන්ට …” මං කෑගැහුවෙ පංති නායකයට.මගේ ඔලුවත් එක්ක අවුල් වෙලයි තියෙන්නෙ .ඊයෙ යස අගේට හිටිය කෙල්ලනේ.අද මොකද්ද මේ ඔයාට උනේ…උණ තියෙද්දි කලන්තෙ දාන්න හොදත් නෑ.ඔලුවට එක එක විකාර මතක් වෙද්දි ටික වෙලාවකින් නුවන් ආවා.

“සර්…ගුණපාල මාමගෙ ට්‍රැක්ටරේ ගෙනාව..යමු…”
මං විගහට සුදු මැණිකෙව හරහට වඩාගෙන දිව්වෙ ට්‍රැක්ටරේ ලගට.ඉස්කෝලෙ ලමයිනුයි ටීචර්ස්ලයි කට ඇරන් බලන් ඉන්නවා.හැබැයි මට ඒ ගැන ගානක් උන්නැත්තෙ මගේ සිහිය තිබුනෙ මන්දාකිණි ලග නිසා.එයාට මොකක් හරි කරදරයක් උනොත්…නෑ.නෑ..එහෙම වෙන්නෙ නෑ…මන්දාකිණි ව ට්‍රැක්ටරෙන් තියලා මාත් එයා ලගින්ම වාඩි උනේ එයාගෙ හිස මගේ උකුලෙ තියෙන විදිහට.මට ඉස්සරහින් මන්දාකිණි ගෙ හොදම යාලුවො දෙන්නත් වාඩි උනා.අනිත් උන් බලං ඉදිද්දි ට්‍රැක්ටරේ යන්න ගත්ත.hospital එක තියෙන්නෙ කොහෙද කියලවත් මං දන්නෑ.ඒ තරු ඇස් පියවිලා.මටත් නොදැනි මගේ ඇස් වලින් කදුලු ගලා ගියා.මං පාත් වෙලා කෙල්ලගෙ නලල ඉම්බෙ තවත් ලමයි දෙන්නෙක් මං ඉස්සරහ ඉන්නව නේද කියලවත් ගානක් නැතිව.

විනාඩි 15 කින් වගේ hospital එක තියෙන තැනට ආව.ඉස්කෝලෙ ලග ඉදලා එතෙන්ට ඒ හැටි දුරක් තිබ්බෙ නෑ.හරි පුංචි hospital එකක්.ඒකෙ හදිසි ප්‍රතිකාර ඒකකයක් තිබ්බෙ නෑ.ඒත් ගුණපාල මාම අපිව එක්කං ගියේ වෙනමම ඒකකයකට.එතන හිටියෙ එක doctor කෙනෙකුයි nurse කෙනෙකුයි විතරයි.එතන තිබ්බ ඇද උඩින් මං මන්දාකිණි ව තිබ්බා.

Doctor හොදට මන්දාකිණි ව බැලුවා.පස්සෙ නර්ස් ට කිව්ව එයාට සේලයින් දෙන්න කියලා..

“Pation මොහොකට හරි තදින් බය උනාද….” එයා ඇහුවෙ මගෙන්.මං දන්න තරමින් මෙයාට කවුරුහරි බය උනත් මෙයා නං කාටවත් බය නෑ.

“එහෙම නෑ..doctor ..”

“හ්ම්..ඔයාලා දන්නැති උනත්..මෙයා මොහොකට හරි බයවෙලයි ඇත්තෙ..ඒකයි මෙයා උණ ගත්තෙ…මං බෙහෙත් ටිකක් දෙන්නං…ගානට වෙලාවට ඒ ටික දෙන්න..තව ටිකක් පරක්කු උනානං මෙයාගෙ ජීවිතෙත් නැති වෙන්න තිබ්බ..මීට වඩා පරිස්සමින් වැඩ කරන්න…හරි..මේ බෙහෙත් ටික හංදියෙ pharmacy එකෙන් අරගන්න..”

“Doctor මෙයාව අද admit කරනවද??”

“නෑ..එහෙම ඕන්නෑ.සේලයින් ටිකක් දුන්නම හරි යනවා.හැබැයි පැය දෙක තුනක්වත් මෙහෙ ඉන්න වෙනවා..”

ගුණපාල මාම එක්කම හන්දියට ගිහින් ඒකෙ තිබ්බ pharmacy එකෙන් බෙහෙත් ටික අරන් මං කෙලින්ම ආයෙ hospital එකට ආවා .මං එද්දි නම් සුදු මැණිකේ ට සිහිය ඇවිත් තිබ්බා.

“ඔයාට මොකද්ද කෙල්ලෙ උනේ…” ආයෙම නලල ඉඹලා මං ඇහුවෙ.එයා මොකුත් නෑ කියන්න ඔලුව වැනුවා.
පැයක් විතර hospital එකේ මන්දාකිණීව තියන් ඉදලා අපි hospital එකෙන් එද්දි දවල් 1.30යි.වෙන කවුද මනුස්සයෙක්ගෙ ට්‍රැක්ටරේ කින් වලව්වට ගියේ..

ඒ ගිහිල්ල සුදු මැණිකේ දුවල ගියේ ආරච්චි ගෙ තුරුල්ලට.හරියට පොඩි ලමයෙක් වගේ..අද දවසෙ සිද්ද වෙච්ච හැමදෙයක්ම එයා අකුරක් නෑරම කියෝගෙන ගියා.ආරච්චි මට ගොඩාක් ස්තූති කරා එයාගෙ දුවව බේරලා දුන්නට.ඇත්තටම ඒක මගේ යුතුකම.මොකද සුදු මැණිකේ කියන්නෙ මගේ පණ .මගේ පණ රැකගන්න එක මගේ යුතුකමක්.

********************************

සුදු මැණිකේ ඇයි හිටි හැටියෙ අසනීප උනේ…එයා ඇත්තටම මොහොකට හරි බය උනාද…බය උනානම් ඒ කාටද…ඒ ඔක්කොම ටික හෙට කියන්නම්කෝ….??

M.A.Rashmi

7 thoughts on “තරු මන්දාකිණී| දහවැනි දිගහැරුම | නව කතාව | කතා අහුර රචක”

  1. K.K.Damayanthi

    Ane kathaawa godaak lassanai… ??? man godaak asawen me kathawa kiyawanne… thaa tikak digata dannakoo.. kochchara kiyewwath epa wenne nam ne..????

    ??kanchana??

  2. ඔහ්……………………..අදත් ඉතින් හෙට වෙනකල් කල්පනා කර කර කට ඇරන් බලන් ඉන්න තමයි වෙන්නෙ………………………….හයියෝ ඉවර නොවී තියනවා නම් හොදයි කියල හිතෙනව…………………..????

  3. Mufeez Ahamed

    දැන් ඉතින් හෙට වෙනකන් ඉවසන්න එපැයි මොනවද වුණේ කියලා දැනගන්න..??
    අනේ තව ටිකක් දික් කරන්න බැරිද please…

    1. හයියෝ…තව දික් කරන්නෙ කෝමද අප්පා…තව දික් කලොත් වෙන්නෙ කතාවෙ කොටස් ගාන අඩු වෙන එක….anyway …thanks brother oyage comments walata.hamadama kathawa kiyawala comments dana yaluwo hamotama thank you onna….????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.