Katha Ahura

තරු මන්දාකිණී| සිව්වන දිගහැරුම| නව කතාව | කතා අහුර රචක

2.7/5 - (3 votes)

සිව්වන දිගහැරුම

කාල බීලා හොදට නිදාගන්නය කියලා කාමරේට යනවා විතරයි මතක.උදේ පාන්දර ඇහැරුනේ කවුරුහරි මාව හොල්ලනවා වගේ දැනිලා.ලාවට ඇස් ඇරලා බැලින්නම් සුදු මැණිකේ .මේක හීනයක් වෙන්නැති මයෙහිතේ කියලා ආයෙම ඇස් පියවෙද්දි ආයෙත් මාව හෙල්ලුවා.

“නැගිටිනවා හලෝ…ඉස්කෝලෙ යන්නැද්ද….??” ඒ නම් සුදු මැණිකෙම තමයි .මන් දඩිබිඩි ගාලා කෙලින් උනේ පොරෝනෙන් ඇගවහගෙන.මෙයා උදේ පාන්දර මොනාද මගේ කාමරේ කරන්නෙ..school uniform එක ඇදගෙන කොන්ඩෙ පීර පීර ඇද ලග ඉන්නවා මං දිහා බලාගෙන.

“ස් ස් සුදු මැණිකේ ..”

“ඔව් සුදු මැණිකේ තමයි..බලනවා දැන් වෙලාව කීයද කියලා…අද ඉස්කෝලෙ යන්නැද්ද..නැගිටිනවා නැගිටිනවා..අද මාත් එක්ක තමුන් ඉස්කෝලෙ යන්නෙ…” ගස්සගෙනම ආයෙ එයා යන්න ගියා.

“හම්මෝ…ඇති යාන්තම්..”
හිත හිත පොරෝනෙ අයින් කලා.බුදු අම්මෝ…මං අමු හෙලුවෙන්නෙ ඉන්නෙ..සරම කෝ බොල..සුදු මැණිකේ එද්දි මං කෝමද දන්නෑ හිටියෙ..නෑ නෑ ..එයා එද්දි මගේ පොරෝනෙ තිබ්බනෙ…කිව්වත් වගේ වෙලාව බලද්දි උදේ 6.30යි.මං ඉතින් කොහොමත් ෆාස්ට් කොල්ලනෙ.පට ගාල නැගිට්ට.එකපාරටම මගෙ ඇහැ ගියේ අයන් කරලා තිබ්බ මගේ shirt එකයි කලිසමයි දිහාට.මේක කරේ කවුද බොල..කවුරුමහරි ඇවිත් තියෙනවා උදේම මගේ කාමරේට.අල්මාරියත් අවුස්සලා එයා කැමති ඇදුමකුත් මැදලා තියලා.sure එකට අර සුදු මැණිකේ ගෙ වැඩක් වෙන්නැති.කල්පනා කරන එක පැත්තකින් දාලා මං ඉක්මන්ට ලෑස්ති උනා.

උදේ කෑම මේසෙට වාඩි වෙද්දි හිටියෙ මායි නපුරියි විතරයි.ආරච්චි අදත් කොහෙද මන්දා ගිහින්.උයලා තිබ්බ ඉදිආප්ප ටික පට ගාල කාල මාලනී උයලා දීපු බත් එකයි පොත් ටිහිකුයි බෑග් එකට දාගෙන සුදු මැණිකේ එක්ක එලියට බැස්ස.අපේ ඉස්සරහට ආවෙ හරි ලස්සනට හිනා වෙවී ආරච්චි මහත්තයා.

“මං පොඩි වැඩකට එලියට ගියා මහත්තයෝ…ඒකයි පරක්කු උනේ…කෑවද බීවදා…මාලනී කෑම එකක් බැදලා දුන්න නේද මහත්තයෝ…”

“ඔව් ආරච්චි .ඒ ඔක්කොම හරි..බොහෝම ස්තූතියි කරන උදව්වලට….”

“ඒක මොකැයි මහත්තයෝ…අපේ කෙලී එක්ක යන්න මහත්තයෝ…මෙහෙ පාරවල් ගැන දැනුමක් නෑ නොවැ…කෙටි පාරවල් ගැන අපේ සුදු මැණිකේ හොදට දන්නවා..”

සුදු මැණිකේ ගිහින් ආරච්චිට වැන්දා.මාත් ඒ හාම ගිහින් ආරච්චි ට වැන්දෙ අපේ තාත්තගෙ වයස වගේ වයසක් ආරච්චි ට තිබ්බ නිසා.හරි ආසාවෙන් මගෙ ඔලුව අතගාලා ආශිර්වාද කරා.මායි සුදු මැණිකෙයි වලව්වෙන් එන්න ආවෙ ඉස්කෝලෙ බලා.

ටික දුරක් යනකන් නෝ කතා නෝ සිනා.වලව්ව පේන මානෙන් අයින් වෙද්දි මෙන්න බොලේ මෙයා මගේ ලගින්ම යන්න ගත්තා.එයාගෙ අත මගේ අතේ ගෑවෙනවා.මං ටිකක් එහාට යන්න යන්න මෙයා තව තවත් මං කිට්ටුවට එනවා.හොදවෙලාවට වට පිට කවුරුවත් නෑ.පොඩි ගුරු පාරක් වෙච්චි මේ පාර දෙපැත්තෙ තිබ්බෙ කුඹුරු යායවල්.

“පොඩ්ඩක් එහාට වෙලා යන්න බැරිද..කවුරුහරි දැක්කොත්…” මං කිව්වෙ ඉවසලා ඉවසලා බැරිම තැන.කෙල්ලෙක් එක්ක මේ විදිහට යන එක මට අලුත් දෙයක් නෙවේ.ඒත් මේක ගමක්..වැදගත් විදිහට හැසිරෙන්නෝනි.ඇරත් මං මෙහෙ ඉස්කෝලෙ උගන්නන sir කෙනෙක්.මං මගේ ගෞරවය තියාගෙන ඉන්නෝනිනෙ.

“බැහැ…ඔයා ඇයි තරූ ඔච්චර බය….” එක තැන නැවතිලා එයා මගෙන් ඇහුවා.

“බය නෙවේ සුදු මැණිකේ ….ඔයා මගේ student කෙනෙක්..මන් ඔයාගෙ sir.ඔයා මෙහෙම හැසිරෙන එක වැරදියි නේද….”

මට මොකුත් නොකියා එයා මගෙන් ඈත් වෙලා ගමන් කරා.ගුරු පාරෙ එක තැනකින් කුඹුරට බහින්න නියරක් හදලා තිබ්බ.

“එන්න තරූ…”
සුදු මැණිකේ මගේ අතකින් අල්ලන් නියර දිගේ ඇවිද්දෙ.ඒ සිනිදු අත..මාත් තද කරලා අල්ලගත්තා.මටතාම වයස 24යි.ඉතින් මටත් විසේනෙ….
නියර දිගේ ටික දුරක් යද්දි මං දැක්කෙ ක්‍රීම් පාට ඔසරියක් ඇදලා කොන්ඩෙ බෙල්ල මුලට කරලා බෝලයක් වෙන්න බැදලා අපිට පිටුපාලා පද්ද පද්ද යන කෙල්ලෙක්ව.අපිට ගොඩක් එහායින් නියරක් දිගේ යන ඒ කෙල්ලගෙ මූණ බලන්න මට ආවෙ පුදුම ආසාවක්.ඒ හින්දා මං පය ටිකක් වේගවත් කරා.සුදු මැණිකේ මං දිහා හැරි හැරි අමුතු විදිහකට බලනවා මං දැක්කා.ඒ ත් මට ගානක් උන්නැත්තෙ අර පද්ද පද්ද යන නාරිලතා මලේ මූණ බලන්න මට තිබ්බ හදිස්සිය නිසා.

“බුදු අම්මෝහ්….”
ඊලඟ තත්පරේදි මං බිමටම පතබරියන් උනේ මටත් හිතාගන්නවත් වෙලාවක් ඉතුරු නොකර.මට බුදු ශුවර්.මේකි තමයි මට කකුල් මාට්ටුවක් දාලා වැට්ටුවෙ.මාව වැටුනෙ කුඹුරෙ ගොයම් ගස් උඩට.

“හානේ…..තරූ…ඔයා වැටුන නේද අනේ……” නිකටට අත් දෙකම තියාගෙන තාලෙට කියපි.මට ඌරු ජුවල් නැග්ගා.නැගිටින්න හදද්දි ආයෙම වැටුනෙ විලි ලැජ්ජාවෙ පන යද්දි.මේකිත් හිනා වෙවීම මට අත දික්කරනවා නැගිටින්න.

“හරි හරි නැගිටින්න නැගිටින්න …”

මං ඒ අත අල්ලගත්තා.එයා කොහොමද මෙච්චර බර මාව උස්සන්නෙ.ඒත් කමක් නෑ කියලා මං එයාගෙ අත අල්ලන් නැගිටින්න හදද්දි හිතලම හරි නැතුව හරි එයා මගෙ ඇග උඩට වැටුනෙ අපි දෙන්නව ආයෙම කුඹුර මැද්දෙ ගොයම් ගස් උඩට වැටෙද්දි…
හිනා වෙවීම මෙයා ඉන්නවා මගේ පපුව උඩ.ඒකියන්නෙ ඔයා හිතලමයි වැටුනෙ.ඒ තරු ඇස් ලග මාව නතර උනේ ඉන්නෙ කොහෙද කියලවත් අමතක කරගෙන.මායි එයයි මොහොතක් එකිනෙකා දිහා බලන් උන්නෙ හරියට හින්දි film එහෙක වගේ..
පස්සෙ එයාම මගෙ ඇග උඩින් අයින් උනා.මාත් ඉක්මන්ට කෝමහරි දන්න සෙල්ලම් දාලා නැගිට්ටා.මගෙ සුදු shirt එක පුරාම ගොයම් පැල වල තිබ්බ මඩයි වතුරයි..සුදු මැණිකේ නං මගෙ ඇග උඩට වැටුන නිසා ගවුමෙ මොකුත් ගෑවිලා නෑ.ඒත් මට මං ලගින් අමුතු සුවදක් එනවා..මොකද්ද ඒ…කල්පනා කරනකොටයි මතක් උනේ..සුදු මැණිකේ ගෙ විලවුන් සුවද මගෙ ලගිනුත් එනවා .ඇයි ඉතින් එයා මාව බදාගෙන වගේනෙ හිටියෙ..හිත කිව්වෙම ලගට අරන් ඉඹපන් කියලා.ඒත් මගේ මොලේ අනතුරු ඇගෙව්වා.

“ඔහොම තමයි වටේ පිටේ කෙල්ලො දිහා බල බල යද්දි…” නියර දිගේ ආයෙම යන ගමන් කෙල්ල කිව්වා.

“නැහැ…ඔයා තමයි මට කකුල් මාට්ටුවක් දැම්මෙ….මට ඒක හොදට තේරුනා….ඔයා හරි නරකයි සුදු මැනිකෙ..” මං කෙලින්ම එයාට චෝදනා කරා.

“අනේ මට වැඩේමනේ…..”එහෙම කියලා ගස්සගෙනම මට ඉස්සරහින් යන්න ගියා.වටපිට බැලුවෙ අර කලින් දැක්ක කෙල්ලව බලන්න.ම්හු නෑ.එයා යන්නැති..මේකිගෙ ඊරිසියාව.ඒකයි මාව වට්ටන්නැත්තෙ.ඒත් ඇයි එයා ඊරිසියා වෙන්නෙ.මං එයාගෙ කව්ද…එයා මං ගැන හිතනවවත්ද…මේ හැම දෙයක්ම ඒ හින්දද…අන්තිමේදි මගේ හිතේ ඒ ප්‍රශ්නෙ ඉතුරු උනා.

ඉස්කෝලෙට යද්දි 8ට විතර ඇති.කෙටි පාර වල් දන්නවා කිව්වට අපි ගියේනම් හෙන දිග පාරක.2km ක් වත් ඇති මයෙ හිතේ.අපි යද්දි පොඩිවට assembly එකක් පටන් අරන් තිබුනා.ලමයිනුයි සර්ලා දෙතුන් දෙනෙකුයි.ටීචර්ස්ලා දෙන්නෙකුයි ඉස්කෝලෙ ප්‍රින්සිපලුයි උදේ රැස්වීමට හිටියෙ.ප්‍රින්සිපල් මාව ලමයින්ගෙ english sir විදිහට අදුන්නලා දුන්නා.ඉස්කෝලෙට ආව සැනින් සුදු මැනිකෙ නං මාව දාලා එයාගෙ යාලුවො ලගට ගියා.

පොඩි කාමරයක් තමයි staff room එක විදිහට තිබ්බෙ.ඉස්කෝලෙ උගන්නන හැම ගුරෙක්ම ඇවිත් මාත් එක්ක කතා කරා.ඒ අතරෙ තමයි මං වෙල මැද්දෙන් එද්දි දැක්ක කෙල්ල ව හම්බුනේ..ඒ කියන්නෙ එයත් මේ ඉස්කෝලෙ උගන්නන ගුරුවරියක්.එයත් ලස්සන කෙල්ලෙක්.නාරි දේහයක් තිබ්බ එයා දිහත් දෙපාරක් හැරිල බලන්න හිතෙන ලස්සන රූපයක් තිබ්බෙ.හැබැයි ඉතින් සුදු මැණිකේගෙ ලස්සනට ගහන්න නම් ඒ ලස්සනට බැහැ.සුදු මැණිකේ ගෙ තිබ්බෙ හරි අපූරු සුන්දරත්වයක්.ඒක තවත් වැඩි කරේ එයාගෙ දගකාරකම.

“මං දැක්ක සර් එනවා වෙල මැද්දෙන්…..”
ඒ ටීචර් මාත් එක්ක කතා කරා.

“මාත් දැක්ක ටීචර්ව….කොහෙද ඒ හරියෙද ගෙවල් තියෙන්නෙ….”

“ඔව්..වෙලට කිට්ටුව තියෙන්නෙ…සර් නම් නැවතිලා ඉන්නෙ මන්දාකිණි ගෙ ගෙදරනෙ..නේද..??”
මන්දාකිණි …ඒ සුදු මැණිකේ ගෙ නම වෙන්නැති..හරි ලස්සන නමක් නෙ ඔයාට තියෙන්නෙ.

“ඔව්..මං තරුක…ඔයා..?”

“මං සයුරි…මෙහෙ සිංහල උගන්නන්නෙ මං තමයි…සර්ට මං දෙයක් කියන්න මං ගැන වරදවා හිතන්න එපා…මන්දාකිණි කියන්නෙ හරිම දග ලමයෙක්….එයා කරන කියන දේවල් වලින් හිත රිද්දගන්නත් එපා..වැඩි ඇගෑලුම් කම් පාන්න යන්නත් එපා.”
ඒ ටික කියද්දි කෙල්ලගෙ මූනෙ තිබ්බෙ ලොකූ ඊර්ෂ්‍යාවක්.අනේ මන්දා.සුදු මැණිකේ දග බව ඇත්ත.හැබැයි එයා නරක ලමයෙක් නෙවේ.එයා නරකයි කියලා අහන්නවත් මගේ හිත කැමති නෑ.මං හිනාවෙලා එයාගෙන් අයින් උනේ ඒකයි.

*********************************

සුදු මැණිකේ ගෙ දාංගලේට තරුක අහුවෙයිද…???ඉස්සරහට මොනා වෙයිද බලන්න මාත් එක්කම ඉන්න..හෙට හමුවෙමු.?

M.A.Rashmi

7 thoughts on “තරු මන්දාකිණී| සිව්වන දිගහැරුම| නව කතාව | කතා අහුර රචක”

  1. දැනුයි තේරුනෙ කතාවෙ නම තරු මන්දාකිණි උනේ ඇයි කියලා.සුදු මැණිකෙගෙ නමයි තරුගෙ නමයි එකතු කරල නේද ????

  2. අනේ පලවෙනි කොටස නැහැනෙ.. මට පෙන්නන්න අතර වෙනි කොටස ඉඳලා .. මේකත් සොයාගත්තේ බොහොම අමාරුවෙන් අනේ පලවෙනි කොටස හොයාගන්න විදිය කියල දෙන්නකෝ

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.