Katha Ahura

තෙල් කඩදාසි |කෙටි කතා|කතා අහුර රචක තරගය 2020

3.2/5 - (6 votes)

“ළමයි හෙට එද්දි ඔයාල තෙල් කඩදාසියක් අරන් එන්න ඕනි. ඔයාල කැමති පාටකින් එකක් අරන් එන්න. හෙට මම ඔයාලට කියා දෙනව බකට් එකක් හදන්නෙ කොහොමද කියලා” මම මගේ පන්තියේ සිසු සිසුවියන්ට දැනුම් දුන්නෙමි. පුංචි එවුන්ගෙන් සමහරු එය සිය ගෙදර වැඩ පොත් වල සටහන් කර ගත්හ.

“බුදු සරණ වේවා..
සදහම් සරණ වේවා..
සඟ සරණ වේවා..
මෙතුන් සරණින් ජයම වේවා..” නිවෙස් කරා යාමට නොඉවසිල්ලෙන් පසු වූ පුංචි එවුන් සිය බෑග් රැගෙන පන්ති කාමරයෙන් පිටව ගියහ. මාගේ දියණිය සඳසි ද මගේ පන්තියේම සිප් සතර හැදෑරුවාය.

“දුව ඔයා ගිහින් කාර් එකේ ඉන්නකො. අම්මි බෑග් එක හදාගෙන එන්නම් ඉක්මනට” මම ඇයව පිටත් කර හැරියෙමි.

ගුරු පුටුවේ අසුන් ගෙන පන්ති කාමරය සිසාරා දෙනෙත් පා කළ මට මගේ අතීත මතක සැමරුමක් සිතට නැගුණේ නිරායාසයෙනි.
** ** ** **

“ළමයි ඊයෙ මං කිව්ව නේද තෙල් කඩදාසියක් ගේන්න කියලා. දැන් ඒක ගන්න බලන්න. අපි බකට් එකක් හදමු මේ වෙසක් එකට” තෙල් කඩදාසියක් රැගෙන එන ලෙස ගුරුතුමිය පෙර දින දැනුම් දුන් බව මට සිහි වූයේ එවිටය.

“දැන් මොකද කරන්නේ. ටීච මට බනී.ඊයෙ ගෙදර ගියාම නිකමටවත් මතක් වුණේ නෑනෙ තෙල් කඩදාසියක් ගේන්න කිව්ව කියලා” යි සිතමින් ඔබ මොබ දෑස් යොමු කළ මම මගේ ඉදිරිපස සිටි සිසුවා සිය තෙල් කඩදාසිය ඩෙස්කුව මත තබා ඉවත බලාගෙන සිටින අයුරු දුටුවෙමි. මගේ සිතට එක්වරම කදිම අදහසක් පහළ විය. මම වහා ඒ තෙල් කඩදාසිය ගෙන මා ළඟින් තබා ගත්තෙමි.

“ටීච මං ඒක ඩෙස් එක උඩින් තිබ්බ. දැන් ඒක නෑ” ඔහු හැඬුම්බර ස්වරයෙන් ගුරුතුමියට කීවේය. ගුරුතුමිය පැමිණ ඔහුගේ බෑගයේ ද ඔහු අවට බිම ද පරීක්ෂා කර බැලුව ද තෙල් කඩදාසිය හමු නොනොවූයෙන් ඔහුට ගුරුතුමියගේ දෝෂාරෝපණයට ලක් වන්නට ද සිදු විය.

“ඔය ළමයට ගෙදර අමතක වෙලාවත් එන්න ඇති. දැන් ඉතින් අනිත් ළමයි බකට් හදන දිහා බලන් ඉන්නව. වෙන මොනව කරන්නද? හැමදාම මොකක් හරි එකක් අමතක කරල ගෙදර දාල එනව”

ඔහුගේ දෙනෙතෙහි කඳුලැල් මතුව ඇති යුරු මම දුටුවෙමි. මාගේ අතේ රැඳුණු තෙල් කඩදාසිය දෙස ඔහු සැක සහිත බැල්මක් හෙලීය.

“මොකද බලන්නෙ. මේක මගෙ. තමුසෙට ඕනි නම් මං මේක හදන දිහා බලන් ඉන්නව” මං සැනෙකින් කීවෙමි.

“මගෙ කියලා මං දන්නවා” ඔහු සෙමින් මිමිණුවේය.
** ** **

“හලෝ.. ඉඳුවරී මැඩම්. අද ගෙදර යන් නැද්ද ආ. දුව විතරක් කාර් එකේ ඉන්නව. මං මේ ඔයා නැති නිසා මේ පැත්තට බලන්න ආවෙ” මගේ සැමියා වන අශේන්ගේ හඬින් තිගැස්සුනු මම පියවි සිහියට පැමිණියෙමි. අප දෙදෙනාම ගුරු වෘත්තීයේ නියැලෙන්නන් වන අතර සේවය කරන්නේ එකම පාසලේය.

“ආහ්.. අශේන්. යමු.. දන්නෙම නැතිව මං ගොඩක් වෙලා කල්පනා කර කර ඉඳලා”

“මොනවද ඔයතරම් කල්පනා කරන්නෙ”

“හෙට ළමයින්ට තෙල් කඩදාසියක් ගේන්න කිව්වා. වෙසක් පෝය ළඟයිනෙ අශේන්. බකට් එකක් හදන්න කියලා දෙනව”

ඔහු සිනහවෙන් මදෙස බලා “අපොයි. බකට් හදන්න ගිහින් මං වගේ තවත් කොල්ලෙක් අනාගතේදි අමාරුවෙ වැටෙයිද දන් නෑ” යි කීවේය. එදා මා සොරෙන් ගත්තේ අශේන් විසින් රැගෙන ආ තෙල් කඩදාසියයි. එම වරදකාරී සිදුවීම වරින්වර මසිතට වද දෙන්නට පටන් ගත් නිසා මම එම සිදුවීම ඔහුට පවසා සමාව අයැද සිටියේ අප දස වන වසරේ ඉගෙනුම ලබන සමයෙහිය.

“සමාව නේද? ම්.. බලමුකො” එවෙලෙහි මා නෙත් තුළට එබී එසේ පැවසූ ඔහු නොබෝ දිනකින් මට ආදරය ප්‍රකාශ කළ යුරු මට අද මෙන් මතකය.

“ඉඳුවරී ඔයාට මතකද ඔයා ඒ තෙල් කඩදාසිය ගත්ත දවසෙ මං කිව්ව දේ”

“මගෙ කියලා දන්නව කියලා ඔරවගෙන වගේ කියලා අහක බලාගත්තනෙ”

“ඒ පොඩි වයසෙදි නොදැනුවත්ව වුණත් මං කියලා තියෙන්නෙ ඉඳුවරී ඔයා මගෙ කියලා මං දන්නව කියලා”

“අනේ යන්න අශේන්. එතකොට අපි තුනේ හිටියෙ. ඒ කාලෙ මොන ලව්ද?”

“හොඳට බලන්න හෙට ඔයාගෙ පන්තියෙත් ඒ වගේ සීන් වෙන්න ඉඩ තියෙනව” ඔහු සිනහවෙන්ම කීවේය.
** ** **

“ටීච සඳසි මගේ තෙල් කඩදාසිය හොරෙන් ගත්තා. මං දැක්කා ගන්නව” ඒ මගේ පන්තියේ දක්ශතම සිසුවෙක් වූ තරුනෙත් ය.

“මොනවා.. වෙන්න බෑනෙ තරුනෙත්. සඳසිට ඊයෙ ගෙදර යන ගමන් අරන් දුන්න කඩදාසියනෙ මේ”

“නෑ ටීච. මෙයා ගන්නව මං දැක්කා. මගේ ළඟත් තිබුණේ රෝස පාට එකක්. මේක මගේ. ඒක මං දන්නව”

අවසානයේ මෙම ගැටළුව විසඳීමට මාගේ දියණිය සඳසිගේ තෙල් කඩදාසිය දෙකට බෙදා තරුනෙත්ට ඉන් එක කොටසක් දෙන ලෙස සඳලිට අණ කිරීමට මට සිදු විය.
** **

“ඉඳුවරී කෙල්ලට ඊයෙ අරන් දුන්න තෙල් කඩදාසිය කෙල්ල අද අරන් ගිහින් නෑ නේද?” එදින රාත්‍රී ආහාරය පිළියෙල කරන අතරතුර අශේන් ඇසුවේය.

“නෑ එයා අරන් ගිහින් තිබුණා. අර කොල්ලෙක් මෙයාගෙ තෙල් කඩදාසියට රණ්ඩු වෙන්න ගත්තනෙ” මම අශේන්ට සිදුවීම විස්තර කළෙමි.

“ඔයාට වැරදිලා ඉඳුවරී. අන්න සඳසිට අරන් දුන්න එක එයාගෙ පොත් මේසෙ උඩ”

“මොනවා” එසැනින් උඩු මහලට දිව ගිය මම දියණියගේ කාමරයේ දොරටුව විවෘත කළෙමි. ඇගේ පොත් මේසය උඩ ඇති රෝස පැහැ තෙල් කඩදාසිය මාගේ දෙනෙතට හසු විය.

සුසුමක් හෙලමින් දොරටුව වසා දැමූ මම ආපසු හැරෙනවාත් සමගම අශේන්ගේ සිරුරේ ගැටිණ. ඔහු මා බිම වැටෙන්නට නොදී අල්ලා ගත්තේය.

“මොකද කියන්නෙ ඉඳුවරී. ඒ කොල්ලා හොඳට ඉගෙන ගන්න එහෙම පුලුවන් කොල්ලෙක්ද? මේ.. මං කියන්නෙ අපි දැන්ම ඉඳන්ම ඒ කොල්ලා ගැන හොයල බලමු”

“ඒ කොල්ලා ගැන නෙමෙයි අශේන්. ඔක්කොටම කලින් අපේ දුවට මේ වැරැද්ද ගැන තේරුම් කරල දීල අවවාද කරමු”

“හරි එහෙනම්. ඊටපස්සෙ අර කොල්ලා ගැන බලමුකො” අශේන් සුපුරුදු සිනහවෙන් සිය මුව සරසාගෙන කීවේය.

නිමි..

කතා අහුරට ලිව්ව පළවෙනි කතාව. කතාව කියවල ඔයාලගෙ අදහසත් කියන්න. ඒක මට ගොඩක් වටිනවා..

කතා අහුර රචක තරගය 2020 සතියේ හොදම කතාව කරමුද?

මෙන්න විස්තරය

59 thoughts on “තෙල් කඩදාසි |කෙටි කතා|කතා අහුර රචක තරගය 2020”

    1. සෙසඳි

      මරු අනේ… වැලි කෙලියේ සිට පෙම් කෙලියේ කියලා කියන්න පුලුවන් මෙයාලට… ????? තව ලස්සන කතා ලියන්න පැටියෝ ???????

      1. සෙව්මි

        අනේ ලස්සන කතාවක් … ඇත්තටම හරිම ලස්සනයි … සදසිත් අම්මා වගේම වෙයි නේද… ශෝයි අනේ ..
        තව ලස්සන කතා ලියන්න .????

        All the best ????

      2. Yojika Sanjeewani

        ගොඩක් ස්තුතියි. ඔයාලගෙ දිරි ගැන්වීම් ගොඩක් වටිනව

          1. සෙසඳි

            තැන්කූ මගෙ හිම බෝලේ ⛄ ⛄ ⛄ ⛄ ⛄ ⛄ ??

    2. උක්කූං පුතා(SuMi )

      කියන්න ඕනිද නැද්ද.. ඔන්න ඔයෙ කියලා දාමු.. my congratulations ❤️

      1. සෙසඳි

        තියෙන ඉරිසියාව විතරක්..???????? ඔන්න ඔහේ එහෙනම් තෑන්ක්ස්..

  1. නයෝ මධූ

    නියම කතාවක් අනේ මේකනම්. මාරම අදහසක්. වැළි කෙළියේ පටන් ගන්න ආදර කතා එහෙමත් එකක් තමා දුර දිග යන්නේ. මටත් තියනවා එහෙම කතාවක්. හැබැයි එයා මට වඩා වැඩිමල්. ඒත් අපි දැන් දෙපැත්තක. මොනවා කරන්නද ඉතිං. පතාගෙන ආපු විදිය මේකනම් ඉතිං.

    1. සෙසඳි

      සදාදර නයෝ…. මල්ලි බබෙක් වත් නෑ නේද ලයින් පාරක් දාන්න ????

  2. Yojika Sanjeewani

    මම කතා අහුරට ලිව්ව පළවෙනි කතාව. ඔයාලගෙ අදහස් වලට ගොඩක් ස්තුතියි

  3. අනේ ෂෝයි කතාව…තරැනෙත් දක්ෂ ළමයෙක් නිසා අවුලක් නෑ නේද ???…තවත් ලස්සන කතා ලියන්න… Good luck yojika ?????????????????????????????????????????????????????

    1. Yojika Sanjeewani

      ගොඩක් ස්තුතියි. එයා දක්ෂ නිසා අවුලක් නෑ. ??. මම කතා අහුරට ලිව්ව පළවෙනි කතාවට ඔයාලගෙ ලැබුණු ප්‍රතිචාර ගොඩක් වටිනවා

  4. උක්කූං පුතා(SuMi )

    කතා ලියන කෙනෙක් විදියට මං මේකට දාන කොමෙන්ට් එක මොකක්ද කියලා හිතා ගන්නවත් බෑ.. මොකද ඒ තරම් කතාව පට්ට. මගේ වචනයෙන් කිව්වොත් සුප්පා. ?? ආදරෙත් එක්ක එක පැති වලින් බලද්දි පට්ට නේද.. පලවෙනි කතාව උනාට හදවතට දැනෙන්න ලියලා සුපිරි ජයවේවා ඔයාට තවත් මේ වගේ කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි…

    1. Yojika Sanjeewani

      ගොඩක් ස්තුතියි අදහසට.ඔයාලගෙ අදහස් දැක්කම තව ලියන්න හිතෙනව

    1. අක්කී කෙනෙක්ද නංගියෙක් ද දන් නෑ. කතාව නම් ගොඩක් ගොඩාරියක් ලස්සනයි. හුගක්ම දැනුනා.
      මේ කතාව මගේ කතාව වගේ.
      පුංචි කාලෙ ඉදලා එකට සෙල්ලම් කරපු එයාව තමයි මටත් හිමිවෙලා තියෙන්නේ. හීනෙකින්වත් නොහිතපු දෙයක්. තෑන්ක්ස් ඔයාට.
      තව තවත් කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මං.
      පරිස්සමින් ඉන්න .
      බුදු සරණයි .

      1. Yojika Sanjeewani

        ගොඩක් ස්තුතියි. අක්කි කෙනෙක්ද නංගි කෙනෙක්ද දන් නෑ ඔයාගෙ අදහස් මට ගොඩක් වටිනවා.

  5. අනා……so cute….ඇත්තටම කතාව හරීම ලස්සනයි…. හී…. මටත් තියෙ ඔහොම වැලි කෙලියට ටිකක් පස්සෙ ඉදන් එන පොඩී වලියක්…

    මේ වගේ කතා තව ගොඩක් ලියන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…
    බුදු සරණයි…?❤❤

    1. Yojika Sanjeewani

      ගොඩක් ස්තුතියි ඔයාගෙ අදහසට. මේ වගේ ගොඩක් ප්‍රතිචාර ලැබුණු නිසා මට ගොඩක් සතුටුයි.
      බුදු සරණයි ඔයාටත්

  6. Katawa godaak godaak lassanai akkiyo tawa kata liynna shakthiya labenna kiyla mn parthana krnwa budu saranai akki parissamin inna attatama katawa gdaaaak lassanai ?????????❤❤❤❤❤❤❤❤❤❤❤❤

  7. Chamodya Madusanki

    කතාව ගොඩක් ලස්සනයි…
    තවත් මේ වගෙ කතා ලියන්න ශක්තිය ලැබෙන්න ඔනියෙ
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න

  8. ..Sandashen..

    කතව නම් ගොඩක් ලස්සනයි පැටියෝ. තවත් මෙ වගෙ කතා ලියන්න සුභ පතන්වා.???????????

  9. nayomi nadeera

    ගොඩක්ම ලස්සනයි කතාව … පළවෙනි කතාව වුනට අංගසම්පූර්ණ කතාවක් … වෙනස්ම විදියේ එකක්… ගොඩක් ලස්සනයි … ❤️❤️ තව කතා ලියන්න …

  10. අද තමා කියවන්න ලැබුනේ.හරිම ලස්සනයි කතාව.පතාගෙන එන ආදර කතා තියෙනවා ඔය වගේ.තව කතා ලියන්න.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.