Katha Ahura

බඹර ඉසව්ව | 67 කොටස | නවකතාව

5/5 - (1 vote)

මූන දුන්නේ තනියමද …

ඇත්තටම මම විභූ එක්ක හම්බෙලා මාසයක් වත් යන්න කලින් විභූ මන් වෙනුවෙන් ඇයි එහෙම දෙයක් කලේ … ?

“මැඩම් තේජ් සර් ගේ වයිෆ් ද ”

මම එදා විභූ එක්ක ගිය දවසේ ලොබී එකේ දී තේ අරන් ආව පිරිමි ලමයා මගෙන් එහෙම ඇහුවේ ඒ නිසා වෙන්නැතී

නිකන්ම නිකන් දේදුනු මැඩම් උනේ .. විභූ නිසාද .. මන් විභූ ගේ වයිෆ් කියලා එයා කිව්ව නිසාද …

හසිත කිව්ව හැමදේම මට එකින් එක තේරුම් ගන්න පුලුවන් උනා ..
විභූගේ ජීවිතේ මන් වෙනුවෙන් කරපු දේවල් කියන්න .. මට වෙන වචන ඕන නෑ ..

විභූ මට එයාගේ ජීවිතේ ලොකු ඉඩක් වෙන් කරලා .. ඒත් අම්මා කිව්වා වගේ විභූට එයාගේ ආදරේ පෙන්නන්න වෙලාවක් නෑ . අපි වෙනුවෙන් දෙන්න එයාට වෙලාවක් නෑ .. හැබැයී මේ හැමදේම කරන්නේ අපි වෙනුවෙන් .. මන් වෙනුවෙන් නෙමේද ….

“අපිට තිබ්බ කේස් එක ගම්පහ තිබුන ලොකුම ගණිකා මඩම .. ඒක කරන්නේ කවුද .. කියලා .. ස්පා එකක් විදියට ඒක කරගෙන ගිය නිසා .. ඒක හරියටම හොයන්න ලොකු මහන්සියක් වෙන්න උනා … ”

“මිස් දේදුනු සර්ට මුන ගැහුන වෙලාවේ ..
අපි වටලපු නිවාසේ හිටපු කීප දෙනෙක්ම ..
මිස් වැඩ කරපු ගාමන්ට් එකේ …ඒ කියන්නේ තේජ් සර්ට අයිති ගාමන්ට් එකේ ”

හසිත එහෙම කිව්වම .. මට පුදුම හිතුනේ නෑ ..
මොක්ද මගේම ලගින් හිටපු ශිරෝමිවත් ඒ තතවෙට පත් කලානම් .. ගමෙන් නගරෙට ආපු ගොඩක් කෙල්ලෝ සල්ලි නිසා මුලු ජීවිතම නැති කරගන්න ඒ වගේ රස්සා කරනවා … ගාමන්ට් එකේ රස්සා ගොඩක් අතෑරලා ගිය කෙල්ලෝ .. වැටෙන්න ඇත්තේ ඒ අපායට .

හසිත ආයම සෝෆා එකේ වාඩි උනා …

“තේජ් ගේ යටතේ මන් වැඩ කරන්නේ දේදුනු .. ඒ උනාට තේජ් මගේ ලගින්ම ඉන්න හොදම යාලුවෙක් …මේ ෆීල්ඩ් එකේදී අපේ ජිවීත ලගම කෙනෙක්ට උනත් රහසක් … ඒ උනාට ..
ඒ නිසා අපිදෙන්නා .. මේ ගැන ගොඩක් කතාකලා … ඇත්තටම කිව්වොත් පර්සනල් දේවල් .. ”

ඒකයී මේ වෙලාවේ තේජ් වෙනුව්න් කරන්න ඕන දේවල් අහක දාන්න බෑ

මට හසිත කිව්ව දේ තේරුනා ..

“සේනක ගැන දේදුනු දන්න දේවල් මොනවද … ”

හසිත ඇහුවෙව් මගෙන් ප්‍රශ්නයක් .
සේනක,මට නම ඇහෙද්දීත් දැනුනේ අප්පිරියාවක් …
මේ ලෝකේ මන් දැකපු තිරිසන්ම මිනිහා … .

මට කියන්න හිතුනේ එහෙම ..

“සේනක ගැන මන් දන්න ටිකම විභූ දන්නවා .. හසිත ”

“ඊට අමතරව …. ”

හසිත මගෙන් එහෙම ඇහුවේ මන් දුන්න කෙටිම උත්තරය නිසා .. වෙන්නැතී …

“හ්ම හැමදේම …
එයා දන්නවා”

“හ්ම් මේ හැමදේටම සම්බන්ධ සේනක ..
මේ හැම ගේම් එකම එයාගේ .. .
ඔයාට උන හැමදේම තේජ් දැනගත්ත නිසා .. තේජ්ට එක පාරක් නොමැරි ගොඩ ආවා … ඒත් ඒ වත් තේජ් සර් එක දිගට ට්‍රීට්මන්ට් කලේ නෑ …

හසිත එහෙම කිව්වම මගේ පපව සිහින් රිදුමකින් රිදුම දුන්නා ..
අනේ ….
විභූ ….
කිසිම දවසක .. විභූ මට එයාගේ දුකක් .. අමාරුවක් කියලා නෑ .. මන් දැක්ක හැමදාම. එයා මන් වෙනුවෙන් වෙහෙසුන දවසක් නැත්නම් ඔෆිඩ් එක වෙනුවෙන් කැප උන දවසක්…..

මගේ ඇස් අග තෙත් උනා විභූ ව බලන්නවත් මට යන්න බැරි නිසා …

“දේදුනු…”

හසිත ආයෙම කතාව පටන් ගද්දී .. එකපාරම දොරට .. තට්ටු කරපු නිසා හසිත කතාව නතර කරලා දොර ලග බැලුවේ …
එහෙමම දොර ලග .. හිටියේ .. දේදුනුට හිතාගන්නවත් බැරි කෙනෙක් ….

“නාරා අයියා .. පුන්චී තේසුව අතින් වඩාගෙන… කාමරේ දොර ලගම හිට ගෙන හිටියා .. ”

අනේ මගේ පපුව රිදුන් දුන්නා ..

මගේ…තේසූ ..
මට දුර තියාම කියවුනා …

“ආ…න්…ටි….යා…”

“අනේ මගේ රත්තරනේන්…. “…

මගේ ඇස් වලින් කදුලු කැට වැටෙද්දී මට ඉහිලුම් නැති උනා ….
නාරා අයියාගේ අතින් කොල්ලා මගේ ඇගට පනින්න දගලනවා ..

“අනේ පුතේ ආන්ටිට සනීප නෑනේ .. ”

“මටඕන ආන්ටියා ලගට යන්න ඕන “…

තේසු අඩන්න වගේ මූන හදාගෙන නාරා අයියාගේ පපුව තල්ලු කරන්නේ නාරා අයියාගේ අතින් මගේ ලගට එන්න….

“අනේ මට තේසු දෙන්න … ”

මන් අඩ අඩම .. කොල්ලව මගේ ලගට ඉල්ලුවා ..
මට දැනුනා .. මගේ පපුව කිරි වලින් තෙත් වෙනවා .. .
මන් තේසුව මගේ මූනට තද කරගෙන ඉම්බා ….

“ආන්ටි අඩනවා… තාත්තී”

තේසු එහෙම කියනවා ඇහුනාම. . මෙච්චර වෙලා දැස් පියාගෙන මන් තේසුගේ කම්මුලේ තියන් හිටපූ දැස් ඇරියා …

තේසු බලාගෙන හිටියා හසිත දිහා…

“දෙවියනේ .. මට.. ඇයී ඒක අමතක උනේ … ”

මගේ තේසුගේ තාත්තා ….

“හසිත .. ”

මන් හසිත දිහා බලලා එහෙම කිව්වම.. හසිත හිනාවුනා…

“අනේ මට අමතක උනා ”

මන් සමාව අයදින්න වගේ එහෙම ඇහුවේ …

” අනේ ඒකට කමක් නෑ දේදුනු .. ඔයාට ප්‍රශ්න එක්ක .. ඒක මතක් උනානම් තමයී පුදුම … “…

“නාරද … හදිස්සියේ ම ”

හසිත ඇහුවේ නාරා අයියාගෙන .. මගේ දෑස් විසල් උනා ..
නාරා අයියා .. හසිත අදුනනවා ..

“තේජ් සර් එක්ක … මේ ටිකේම ඉතින් … ”

නාරා අයියා හසිතට එහෙම කිව්ව්ම දැස් විසල් උන ඇස් වලින්මයී බලන් හිටියේ …

“නාරා අයියේ … ”

මන් පුදුමෙන්ම ..නාරා අයියාට කතාකලාම .. නාරා අයියා හිනා උනා .. .

එහෙමම නාරා අයියා බැලුවේ .. හසිත දිහා …

නාරදව දන්නවාද …

හ්ම් .. අයියා …

මට කියවුනේ එහෙම …

අපි නවසි වත්තට ගිය පු දවසෙ ඉදන් .. නාරා අයියා මට සැලකුවේ මගේම අයියා කෙනෙක් වගෙ … නිතරම අපි ගැන හොයලා බලපු හැටී .. රෝසි අක්කා එක්ක මාව ක්ලිනික් එක්කන් ගිය හැටී .. මගේ දරුවට තාත්තෙක් ඕනම තැනදී එයා ඉදිරිපත් වෙලා මාව අසරණ උන එක වලක්වපු හැටී …

මට මතක් උනා ..

එත් එක්කම .. මන් නාරා අයියාව දුරස් කරපු හැටී ..
විභූට පිහිට ඇනිලා තියෙනවා දැක්කා වෙලාවේ ..
මන් නාරා අයියාට .. චෝදනා කරපු හැටී ..මට මතක් උනා …

මන් බැලුවෙ නාරා අයියා දිහා …
මගේ ඇස් වල වගේම ඒ ඇස් වල කදුලු …
එයාට අදහන්න බැරුව ඇතී .. මන් එයාව මගේ අයියා විදියට සලපු එක …

තේසු ආයෙම .. නාරා අයියාගේ උදව්වෙන් හසිතගේ සෝෆා එකේ වාඩි උනේ හසිත ලගින්මයී …

“මේ කේස් එක හැන්ඩ්ල් කරපු ..එක සාජන් කෙනෙක් .. තමයී නාරද …”

දෙවියනේ මට හැඩුම් ආවා ….

“අ….යි….යේ….. ඔයා..”

මට නාරා අයියාව බදාගෙන අඩන්න තරම් ..
අනේ මන් වෙනුවෙන් මෙච්චර දෙයක් …

“අනේ නන්ගී අඩන්න එපා ”

මට නාරා අයියාට කතාකරගන්නවත් බැරුව වචන හිරවෙද්දි.. නාරා අයියා මන් ලගට ඇවිත් මගේ හිස අතගාන්න ගත්තා ….

“ම…ට …ස…මා…වෙ…න්න. අයියේ??? ”

ඉබේටම මගේ දැත් එකට එකතුවෙද්දී …
නාරද අයියා මගේ අත් දෙක එයාගේ අතකට හිර කරගත්තා …

“ඔයා මගේ නන්ගී හැමදාම තේරුනාද ..
තේජ් සර් මට සර් උනාට …”

නාරද අයියා … මගේ මූනට ලන් වෙලා එහෙම කිව්වම මගේ පපුව . කීතු කීතුවලට ඉරිලා ගියා …
අනේ මන් නාරද අයියා ගැන මෙච්චර දවසක් හිටියේ හිතේ කේන්තියෙන් …
ඇයී මට හැන්ගුවේ …

මට දුකක් දැනුනේ ….

නාරද අයියා කදුලු අස්සෙන් හිනාවෙනවා …

“පිස්සු කෙල්ල මගේ …
මගේ එකීටත් වඩා මන් උබට ආදරෙයී තේරුනාද .. මගේ නන්ගී මගේම නන්ගී ”

අනේ නාරා අයියා මගේ ඇස් දිහා බලාගෙන එහෙම කිව්වම මට හැඩුම් ආවේ බලාගෙන ඉද්දී …

“දැන් මගේ කෙල්ල ලොකුයී න්හ් අම්මා කෙනෙක් ..
තේජා වගේම තමයී .. බලන්නකෝ ”

නාරා අයියා හිනාවෙලා කිව්වම. මට හැඩුම් අතරින් හිනා ආවා

අනේ නාරා අයියා මට අහම්බෙන් හම්බුනත් මේ හැමදේම .. විභූගේ සැලැස්මක් .. විභූ නිසා මට ලැබුන ජීවිතේ .. තනි වුන ජීවිතේට වඩා ගොඩක් ලස්සනයී කියලා හිතුනා
අයියා කෙනෙක් ලබන එක මොන තරම් වාසනාවක් ද … නාරා අයියා මට එහෙම කෙනෙක් නෙමෙද …

නවසිවත්තේ ලැයිමේ ඉද්දි .. මාව තනි නොකර … මංගැන. හැමවෙලේම ලග ඉදන් හොයලා බැලුවේ නාරා අයියා .. . රෝසි අක්කා වගේම .. රවීන් මල්ලිත් අපි ගැන නිතරම බැලුවා …

ඒ අය මට කොහොම අමතක වෙන්න්ද ..

නාරා අයියා ඒ අතරින් මට විශේශ කෙනෙක් උනා …

මන් සුසුම් පිට කරලා .. තේසු දිහා බලන් හිටියේ හසිත එක්ක හුරතල් වෙන හැටී .. නාරා අයියාත් තේසුට ගොඩක් ලං වෙලා කියලා මට හිතුනා ….

ඊලග කොටසට

13 thoughts on “බඹර ඉසව්ව | 67 කොටස | නවකතාව”

  1. ..Sandashen..

    දැන්නම් දේදූ ගේ ප්‍රශ්න ගොඩකට උත්තර හම්බ වෙලා වගේ.දේදූගේ ඉතිරි ප්‍රශ්න ටිකටත් ඉක්මනට විසදලා දෙන්න නැත්තං පවු අපේ චුටි විභූ……?????????

  2. Chamodya Madusanki

    අදත් කතාව ගොඩක් ලස්සනයි අක්කා.
    විභූ නාරද අයියා කොච්චර දේවල් දේදු වෙනුවෙන් කරලද..

    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න ????
    First rate ekayi comment ekai magen hode ???

  3. නයෝ මධූ

    කතාවනම් ලස්සනයි. මෙච්චර දවසක් රට පටලපු ප්‍රශ්න විසඳෙයි දැන්නම්.

  4. දැන් නම් පැටලවිල්ල පොඩ්ඩක් විතර ලිහාගත්තා ???…..කතාව ගොඩක් ආසාවෙන් කියවන්නෙ…හරිම ලස්සනයි ????????????????????????

  5. සෙසඳි

    මේ ප්‍රශ්න ටික විසඳීගෙන එන වෙලාවෙ දාන්නෙ එහෙම නෑ බකට් …. හොඳද පියුමියෝ …. දෙන්නෙ ගුටි… ????????? ලස්සනයි මැණික හැමදාම වගේ…. බලමුකො ඉතිං ඉස්සරහට මොකද් වෙන්නෙ කියලා .. පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ???????????? ආදරෙයි ගොඩාක්

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.