Katha Ahura

තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් එක්වෙනි කොටස | නවකතා

3/5 - (2 votes)

තිස් එක් වෙනි කවිය..

——————————————————————————————————————-

හෙමින් හෙමින් මං දොර ගාවට කිට්ටු වුණා..

මිදුල මල් වවලා ලස්සනට තිබ්බත් සතියකින් විතර පිහිදාලා නෑ වගේ…

බෑග් එකට අත දාලා යතුර අරන් දොර අරින්නයි හැදුවේ…

“කවුද ඔය ළමයා.. මොනාද දිසා ගෙදර කරන්නේ…”

අපේ අප්පච්චි ගෙදරට තියපු නම තමයි දිසා ගෙදර…

සද්දේ ආපු පැත්ත බලද්දියි මං දැක්කේ.. මේ අපේ ආන්ටි ලැසි…

“හලෝ ආන්ටි ලැසි… කොහොමද..? ”

මං හරි අමාරුවෙන් මූණට හිනාවක් අරන් කතා කරා.. ආන්ටියි ආන්ටිගේ බල්ලයි දෙන්නම ඉස්සර ඉදන් කරේ හතර වටේම ඕප දූප හොයලා රස කර කර උයන් කන එක තමා…

“මේ ළමයා කවුද..?”

මගේ හිසේ සිට පාදාන්තය දක්වා බලපු ලැසී ඇහුවා..

දැං දීපන්කෝ උත්තර…

“මිසිස් දිසානායක ගේ වික්කද… නෑ නෑ විකුනන්න බෑ… ඒ ලේඩි මේ ගෙට ගොඩක් ආදරෙයිනේ… ”

“ඔය ළමයට බද්දටද දුන්නේ…? ලොකු ගාණකට වෙන්න ඇතිනේ…?”

අපොයි.. එයාම ප්‍රශ්න අහලා එයාම උත්තර දෙනවා…

මෙයා මට උත්තර දෙන්න චාන්ස් දෙන්නේ නෑ වගේ.. සිරසේ පෙන්ටතලන් වත් බලන්න කියන්න ඕනි…

“කොහොමත් සතියකට දවස් තුනක් වත් මිසිස් දිසානායක ඇවිත් ගේ ක්ලීන් කරලා, මිදුලත් අස් කරලා තමෛ යන්නේ..”

මොනවා….! ඒ කියන්නේ අපේ අම්මද මේ ගේ තාම ඇවිත් අස් කරන්නේ…

මට හිතා ගන්නවත් බෑ… මං දන්නෙත් නෑ…

මෙයාට උත්තර නොදුන්නොත් මට වෙන්නේ මෙතනම කසාද බැදලා දරුවෝ හදලා මැරිලා යන්න…. ඇයි යකෝ මෙයාගේ ප්‍රශ්නවල ඉවරයක් නෑනේ..

“ආන්ටි මං මිසිස් දිසානායකගේ දුව…”

හිතට ලොකු ශක්තියක් අරගෙනයි මං කිව්වේ… මං බලන් ඉද්දිම ආන්ටිගේ මූණ ඇද වෙලා වැහැරිලා ගියා…

“ආ… මේ සඳු දුවනේ…මං බැලුවේ මේ කවුද කියලා..”

“මං යන්නම් සඳු..ගෙදර වැඩ එගෙම්මමයි..”

මවා ගත්තු සතුටකින් එහෙම කියපු ආන්ටි ආපහු යන්න ගියා.. මං කවුද කියල දැන ගත්තු ගමන් එයා ගාණට නූලට මාරු වුණා…

වෙලාවකට එහෙම වෙච්ච එකත් හොඩයි… නැත්නම් මට දවසෙම මෙතන තමයි හිටන් ඉන්නේ…

ආන්ටිත් ගියාට පස්සේ දොර ඉස්සරහට මං ගියා.. හිත මහා හය්යෙන් වෙව්ලද්දිත් මන් ලොකූ හුස්මක් අරන් සුසුමක් හෙලුවා…

හිතලා හිතලා මං කොහොමහරි දොරේ ලොක් එක ඇර ගත්තා..

දොරත් ඇරගෙන සුපුරුදු පරිදි දකුණු කකුල තියලා ගෙට ඇතුල් වුණා..

හුරුපුරුදු හැමදේම එදා වගේ ලස්සනට පිළිවෙලට තියෙනවා.. අම්මා ඇවිත් පිරිසුදු කරන නිසා වෙන්න ඇති මේ පිරිසුදු කම…

අප්ප්ච්චිගේ සුවද හතර වටින්ම ගලාගෙන ආවා…

සාලේ මුලින්ම හම්බෙන කාමරේ තමයි අප්පච්චිගේ ඔෆිස් රූම් එක තියෙන්නේ…

ඊළඟ රූම් එක තමයි අපි හැමෝඅගෙම රුම් එක වුණේ…

හුඟ කාලයකින් මෙහෙට ආව හින්දද මන්දා ඇඟට ටිකක් හරි නෑ වගේ…

තාම අසනීප වෙලා ඉඳලා හොද වුණා විතරයි…

මං සාලේ තිබ්බ සැටියෙන් වාඩි වුණා අප්පච්චිගේ ඔෆිස් රූම් එක පැත්ත බලන්…

ඔයා තාමත් හිටියා නම් අප්පච්චි… අදටත් ඔයා පත්තරේට ලියයි…

ඒත් එක්කම මට මතක් වුණේ ඒ අඳුරු රාත්‍රිය.. මට අප්පච්චිව නැතිම වුණ…

එදා පෝය දවසක්… අම්මා හවස මාවයි අය්යවයි අරන් පන්සල් ගියා.. සාමන්යෙන් අප්පච්චි ඒ දවස් වල ගෙදර ආවේ අපි නිදා ගන්න කිට්ටු වුණාමයි..

ඒත් එදා අපි පන්සලේ හිටියත් අම්මා පූජාව ඉවර වෙන්න කලින් ගෙදර යමු කිව්වා… පන්සලේ ඉදන් පාරට එද්දිම මහ හයියෙන් වහින්න ගත්තා..

මං වැස්සේ තෙමෙන්න චුට්ටක් දඟ කරා මට මතකයි.. මං දැනන් උන්නා ගෙදර ගියාම මට හොඳ බැනුමක් අහන්න වෙන බව…

අපි ගේ ගාවට එද්දි ගේට්ටුව වහලා ගෙදර ලයිට් ඕෆ් කරලයි තිබ්බේ…

ඒත් අප්පච්චිගේ ඔෆිස් රූම් එකේ ලයිට් දාලයි තිබ්බේ..ශුවර් අප්පච්චි ඇවිල්ලා.. දැං නම් අම්මිට මට බනින්න වෙන්නේ නැතෝ…

අම්මා ගේට්ටුව ඇරිය ගමන් මං එක පිම්මේ ගෙට දුවන් ගියා.. අම්මා ගේට්ටුව වහද්දි අයියා හිටියෙත් අම්මගේ කුඩේ යට..

දොර ඇරලා තිබ්බත් සාලේ පුරාම තිබ්බේ මහ මූසල කලුවරක්.. මගේ පුංචි හිතට බයක් නොදැනුනාම නෙවේ… ඒත් මගේ ලෝකේ වීරයා සාලේ ගාවම තියෙන ඔෆිස් එකේ ඉන්නවා කියලා හිතෙද්දි හිතට දැනුනේ ලොකූ ශක්තියක්…

හිත කීරි ගහන අඳුර මැදින් පුංචි පුංචි අඩි තියලා මං ඔෆිස් රූම් එක ළඟට ගියා..

“අප්පච්චි….”

ආදරය පිරුනු කටහඬකින් මං කතා කරා.. අප්පච්චිගෙන් සද්දයක් නෑ..

මං දොර ඇරන් ඇතුළට ගියා…

දෙයියනේ… ඒක තමයි මගේ ජීවීතේ මං දැකපු භායානකම දේ..

මගේ වීරයා, මගේ අප්පච්චි.. ඔෆිස් රූම් එකේ ලේ විලක් මැද වැටිලා හිටියා..

“අනේ මගේ අප්පච්චි..”

මං දුවලා අප්පච්චි ගාවට ගිහින් අප්පච්චිට කතා කරා..

අප්පච්චිට ලාවට සිහිය තිබුනා.. ඇස් වලින් කඳුලු පේළි ගලා ගෙන ගියේ මටත් නොදැනිමයි..

“සඳු… ගන්න..”

කැඩිච්ච වචන වලින් අමාරුවෙන් මට කියපු අප්පච්චි මට දුන්නේ අප්පච්චිගේ පෑන…

“දිසා….”

අප්පච්චි අම්මා දිහා ලොකූ වේදනාවකින් බලං හිටියා.. අයියා අම්මට තුරුල් වෙලා..

එක තප්පරෙන් අප්පච්චි ඇස් පියා ගත්තා.. සදහටම…

“අනේ මට බයයි අප්පච්චි ඇස් අරින්නකෝ..”

මං අඬ අඬ අප්පච්චිගේ නිසල සිරුර බදා ගත්තා..

අප්පච්චිගේ ඇඟ පුරා දරුණු පිහි ඇනුම් 5 තිබිලා තියෙනවා..

අප්පච්චිගේ ඇස් පිය වෙද්දි ඒ ඇස් වල තිබ්බේ වේදනාව නම් නෙවෙයි..

අපි ගැන තිබ්බ අසීමිත ආදරය…

ලේ විලක් මැද මේ ගෙදරදිම මගේ අප්පච්චි අපෙන් සමු ගත්තා…

එදා අප්පච්චිගේ සිරුරෙන් ගලපු ලේ වලිනුයි, මගේ ඇස් වලින් කඩා හැලුනු කඳුලු වලිනුයි මේ අහිංසක, දඟ හිත හැමදාටම ගල් හිතක් වුණා…

ඒ මූසල දවස මතක් වෙලා මේ ඇස් ආයේම අඬන්න අරන්..

ලොකූ මහන්සියක් දැනුනා ඇඟට..

මං එහෙමම නැගිටලා අප්පච්චිගේ ඔෆිස් රූම් එක පැත්තට ගියා..

මට දොර ඇරලා ඇතුළ බලන්න ඕනි වුණත් මේ හිත එච්චර හයිය නෑ..

මං ආයේම හැරිලා එන්නයි හැදුවේ…

“සඳු….”

අප්පච්චිගේ මට කතා කරනවා ඔෆිස් රූම් එකේ ඉඳන්… මට හිතුනේ එහෙමයි.. මං ආපහු හැරුණා…

දැං නම් මට ඇත්තටම දොර ඇරන් ඇතුළට යන්නම ඕනි…

මං දොරට අත තිබ්බා.. මගේ ඇඟිලි වෙව්ලන්න පටන් අරන්….

—————————————————————————————————————-

මියැසි කෙල්ලට කතා කරේ කවුද…?? හොල්මනක්ද… ? නැත්නම්.. වෙන කවුද…??

දැං කට්ටිය දන්නවනේ මියැසි කෙල්ලගේ අප්පච්චි නැති වුණ විදිය..

වස්තුලා කතාව කියවලා අදහසත් කියා ගෙනම යන්න…

පීඨ ඇප්ලයි කරපු කෙනෙකුට ලියුම් ඇවිල්ලා නම් මාවත් දැනුවත් කරන්න හොඳේ…

ආදරෙයි වස්තුලා පැලෙන්න..

ඊළඟ කවියෙන් හමුවෙමු..
බුදු සරණයි…!!!!

67 thoughts on “තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් එක්වෙනි කොටස | නවකතා”

      1. මදූ අක්කි කොහොමද ඔයාට දැන්… චූටික්කිට සනීපයි ද අක්කි දැන්…

        1. Fire ball ? බූබූ

          ඔයාට කිව්වේ බොලේ
          මදූ දිල්ශා…. ම….. ශා…..
          මශා අක්කා ???

          1. මදූ_දිල්ශා

            ??? නම් හදන්න උපන් හපන් අපේ ගිනි බෝලේ??? තැන්කූ වේවා ??

  1. හැමදාමත් වගේ කතාව
    ලස්සනයි අක්කි ? අද කොටසට නම් ගොඩක් දුක හිතුන…

      1. Sandu 1995 thanamalwila

        ..තාම හොද නෑ අක්කේ.. කොහෙ හොද වෙන්නද අනේ.. රෙදි බේසම්පිටින් හෝදනෝ දවස ගානේ.. ලමයි නාවද්දි මාවත් බාගෙට තෙමෙනෝ.. ඒ මදිවට වහින නිසා පිනි ගේ පුරාම.. හචින් හචින් තමා ඉතින්..????

        1. මදූ_දිල්ශා

          ඕකනෙ අනේ අපිට බැරි ලෙඩ උනාමත් කෝ නිවාඩුවක් ? ඩොක්ටර් කියනව වතුර අල්ලන්න එපාලු.එයාල කිව්වට කවුද ගෙදර වැඩ ටික කරන්නෙ නේද නන්ගා.ඔලුවට අයිස් කැප් එකක් දාන් ඉන්න පින්න නිසා.ඉක්මනින් අඩු කර ගන්න පැටව් දෙන්නටත් හැදෙයි

  2. Sandu 1995 thanamalwila

    Maadi nnga.. ඒ අප්පච්චී කතා කරනවා වගේ මියැසියට ඇහිලා වෙන්න ඇති නේද ..සාංකාව..

    නැත්තන් සර් වත් ද..

    මොකා .. වෙන්න බෑනේ..

    අනේ මට තෙරෙන් නෑ කෙල්ල ඔයාම කියන්න..

    කතාව ?️?????? හොදේ..

  3. Fire ball ? බූබූ

    මාධී නංගා කතාව සුපිරි යි ඈ ???
    මල් හතයි ඈ ???
    මං එහෙනම් යන්නම් නංගා ඈ ???
    රෑට එන්නම් නංගා ඈ ???

        1. Sandu 1995 thanamalwila

          ..ඕකට කියන්නෙ කටුස්සා කරේ රත්තරන් බැන්දා වගේ කියලනෙ මල්ලෝ..????

  4. ? නවෝද්‍යා දිසානායක ?

    කතාව සුපිරි…මගෙ නමින් ගෙදරක් තියන එකත් පට්ට??

  5. ?රශී ?

    මටනම් හිතෙන්නේ අප්පච්චි කතා කරනවා වගේ ඇහිලා කාමරේට ගිහින් බලයි කියලා…බොරුද කියන්නේ මන් ගෙස් කරන්නම බෑ මාධි හිතන විදිය වෙනස්නේ ඉතින් ….

    චූටි අයියා යනවා ඇති නේද තවම…පරිස්සමින් යන්න අයියේ..දළදා සමිදු පිහිටයි ඔයාට ….ඉක්මනටම පණිවිඩයක් දෙන්න ගිය ගමන්ම..

    කෝ මේ කට්ටිය නෑනේ ඉතින්..මහී අක්කි , අයියගේ කොලු රෑනම නෑ…අපේ බූබූ විතරනේ ඉන්නේ…අනිත් අයත් ඇවිත් යන්න එන්නකෝ….

    අසනීප හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා …..බුදු සරණයි හැමෝටම සුභ රාත්‍රියක්….

  6. Sandu 1995 thanamalwila

    ..කාලුවත් නැද්දෝ…..????????? මන් 8.30 එනෝ.. කාලුවත් නොහිටියොත් මන් කරනව හොද වැඩක්….??????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.