Katha Ahura

තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසිහත්වෙනි කොටස | නවකතා

4.5/5 - (11 votes)

විසි හත් වෙනි කවිය…

————————————————————————————————————–

හැමදාම වගේ කවි හොරා මගේ හිත අතරමං කරනවා…

එතකොට අර කලු කෙස් ලෙක්චර් තවත් මාව පිස්සු වට්ටනවා…

ඉතින් කොහොමද දෙයියනේ මං හොඳින් ඉන්නේ… මගේ ඇස් වලට ආයේම කඳුලක් උනන්න ඇති…

මොකක්ද මං කරන්නේ…????

ලියපු හැමකවියක්ම මං ඔයාගෙන් ගත්තා… ඔයා ගාව මේ අහිංසක කවිකාරිගේ මතකය චුට්ටක් වත් නැද්ද…?

ලියනවද කවියක්…..

“නංගි.. අයියා දන්නේ නැද්ද ඔයාලගේ එෆෙයා එක… පව් මං දකින දකින වෙලාවට ඉන්නේ කොරිඩෝවට වෙලා දොර දිහා බලන්..”

“මට කිව්වා නංගි ළඟ ඉඳලා උත්තරයක් අරන්ම එන්න කියලා…”

“කොල්ලා බලන් ඇති.. ඉක්මනට ලියනවද නංගි…? ”

“මට වෝඩ් රවුන්ඩ් යන්න තියේ..”

ඉක්මනට හිතපන් මියැසියෝ… අයියා එන්න කලින් ලියන්නවානම් ලියන්න ඕනි…

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්….

කවියක් ලියමු…

~~~~~~~~~~~~~~~~~~~~~~~~~
බිඳුනු හිත වසා ගෙන ලියමි…

~~~~කවි හොරාට~~~~

කතා නොකර ඉමු
හිනා නොවි ඉමු
නුඹත්, මමත්
නන්නාදුනනා සේ…

වචන නැතුව අපි
සුසුම් වලින් තව
ගනුදෙනු කරමුද..
ඇස් හංගා ගෙන…

සීතල හුස්මක
දැවටුන කඳුලක
ලිව්වත් කවි පද
බොඳ වේ හැමවිට…

දුරකින් දුරකට
පියඹා හිත අද
කෙලෙස කියන්නද
වචන නැහැනේ මට…

කතා කරමු අපි
හිනා වෙලා අපි
හිතක රැදුනු කටු
ගැලවුනු දවසක…

අඳුන ගනිමු අපි
කවිත් ලියමු තව
වැස්සක තනි වී
පිරිසිදු හදකින්…

කවිය දිගයි අද
සැනසෙයි නම් හිත
වචන අස්සේ මට
සැනසුම නැතුවට….

~~~~~අහිංසක කවිකාරි~~~~

මං කවියෙන් වුණත් කිව්වෙ ඇත්ත.. ඔය ඉන්නේ වැරදි වැටහීමක… ඔයාගේ හිත මේ දේවල් වලින් නිදහස් වුණ දවසක තමයි අපි අතර ඉස්සර වගේ හිනාවක් හරි ඇති වෙන්නේ..

මං ඉක්මනට කොළේ නවලා නර්ස් අක්කට දුන්නා…

“මං යනවා… ආයේ එන්නම් හොඳේ….”

අක්කා යන්න ගියා.. සමහරවිට එයා මේ දැංම කවිය නපුරු සර් කාරයට දෙයි…

ලියපු කවියේ හැටියට මාත් නපුරුයි තමා…

එතකොටමයි අයියා ආවේ.. ලක් එක තමයි ඉතින් මේ මියැසියාගේ… නැත්නම් ඉතින් මක්ක වෙයිද මන්දා…

මං කාලා බෙහෙත් බිව්වා.. සමහරවිට බෙහෙත් වලට වෙන්න ඇති මට නින්ද ගියා…

“මං තමුසෙට ආයේ කියන්නේ නෑ. මේ පැත්ත පළාතේ එන්න එපා… සිංහල තේරෙන්නේ නැද්ද…??”

කාගෙද අප්පා ඒ ටකරං වොයිස් එක.. මගේ නින්දත් චක බලාස් කරා…

හෑ යකෝ.. ඒ අපේ ලොකු සහෝදරයානේ.. මෙයාගේ සිල් බින්ඳේ කවුද අප්පා….

“තමුසේ නිසයි මගේ නංගි මේ ලෙඩ ඇඳේ ඉන්නේ.. මගේ අම්මා හිරේ ඉන්නේ… ඒත් මං ඉවසනවා මට නංගිව තනි කරන්න බැරි නිසා…”

ඒ වචන ටික පපුවෙ ගැඹුරටම වැදුනා…

මං දන්නවා අයියා මේ බනින්නේ කාටද කියලා…

මං අමාරුවෙන් ඇදෙන් බහින්න ට්‍රයි කරා.. මං අමාරුවෙන් අඩිය තිය තිය දොර ළඟට ගියා..

“මට එක පාරක් මියැසිව බලන්න දෙන්න.. ප්ලීස්…. එක පාරක්…”

“සිංහල තේරෙන්නේ නැද්ද මනුස්සයෝ…අපිව මරා ගන්නේ නැතුව යනවකෝ යන්න…”

මං එක පාරටම දොර ඇරියා…

අයියා සර්ගේ කොලර් එකෙන් අල්ල ගෙන.. ඒත් සර් මුකුත්ම කරේ නෑ…

මට බෑ සර් එහෙම ඉන්නවා දකින්න. ඔලුව හිර වෙද්දි මට ලොකූ දුකක් දැනුනා..

“අයියේ…”

නොහිතපු වෙලාවක මගෙන් වචනයක් පිට වෙච්ච එක ගැන අයියා ගල් වෙලා බලන් හිටියා…

අයියා සර්ගේ කොලර් එකෙන් අතගත්තෙ මං ගාවට දුවන් එන්න..

සරුත් ලොකූ පුදුමයකින් මං දිහා බලන් හිටියා…

“අනේ සඳු… මං.. මං ගොඩක් බයෙන් හිටියේ… ඔයා කතා කරා…”

මගේ කම්බුල් දෙක දෝතින් අල්ලන් අයියා කිව්වේ මගේ ඇස් වලටම එඹිලා..

ඒත් මං කරේ හැඟීමක් නැති ගාණට ඔහේ බලන් හිටපු එක…

හවස ඩොක්ටර් ඇවිත් මාව බලලා ගියා…

අයියා තාමත් මං දිහා බලන් ඉන්නවා මං ආයෙම කතා කරයි කියලා..

සොරි අයියේ… ඔයාලත් හිත් රිදීම් ඇති කර ගන්න එක වළක්වන්නයි මට ඕනි වුණේ… නැතුව වචන එක්ක ගනුදෙනු නෑ මට…

අයියා රෑ මගේ එහා ඇඳෙන් නිදා ගත්තා.. මේ ටිකේම අයියා මං ළඟ නිදි මරලා.. පව්.. අද තමයි ටිකක් හරි සැනසීමෙන් එයා නිදා ගන්නේ…

හවසත් නිදා ගත්ත නිසා මට නම් නිදිමතක් නෑ… ඒත් මං නිදි නැති බව අයියා දැන ගත්තොත් එයත් ඇහැරිලා ඉඳිවි..

ඒ හින්දා මං නිදි වගේ හිටියා..

හුඟ වෙලාවක් මං ඇහැරන් ඉඳලා දන්නෙම නැතුව මට නින්ද ගිහින්…

එක පාරටම මට ඇහැරුණා..

අයියෝ පාන්දර 2යි වෙලාව…

ආයෙම මං නිදා ගන්න උත්සහ කරා…

ටිකකින් අඩි සද්දයක් ඇහුණා…

මෆේ කාමරේ දොරෙ අගුලත් කැරකැවුණා..

ආපු කෙනා කවුරු වුණත් ඇතුළට එන්නයි හදන්නේ.. මං බැලුවේ අයියා දිහා.. එයා හොඳටම නිදි…

කාමරේ ජනේලෙන් වැටුනු එළියට මං දැක්කේ හොඳටම හුරු රුවක්….

මං ඇස් පියා ගත්තා.. හොඳටම නිදි වගේ…

ඒ ආපු කෙනා මං දිහා බලන් ඉන්නවා..

එයා හෙමීට මගේ කණ ගාවට පාත් වුණා..

“බොරුවට නිදා ගෙන වගේ ඔහොමම ඉන්න…”

මං හෙමීට ඇස් ඇරියා..

මං හිතුවා හරි.. සංදේශ් සර්.. ඒ කියන්නේ ඔයා ගිහින් නෑ…

මෙච්චර ළඟට මං එයාව දැක්කමයි…

සර්ගේ හුස්ම මගේ කම්බුල් වල වැදෙනවා..

සර්ගේ ඇඟිලි මගේ කම්බුල් උඩ දඟ කරද්දි ආයෙම මගේ ඇස් පිය වුණා..

“ඔහොම ඉද්දි නම් ඇත්තටම අහිංසකයි..”

සර් තවත් පහත් වෙලා මගේ කම්බුලේ සර්ගේ කම්බුල ගාවනවා.. බාගෙට වැවුන රැවුල් කොට මට දුන්නේ රිදුමක්..

ඒත් හිතට නම් මාරම ලස්සන හැඟීමක්…

“ඉක්මනටම හොඳ වෙන්න.. ම්ම්ම්ම්ම්ම්.. ඊට පස්සේ ඇවිත් මට බනින්න…”

බනින්න නෙවේ… මරන්නයි ඕන ඔයාව… හිතුවා විතරයි මං කිව්වේ නෑ…

සර් හෙමින් චුට්ටක් උඩට ගිහින් මගේ නළලට හාදුවක් දුන්නා..

සර්ගේ තොල් මගේ නළලේ වදිද්දිම මට නිකන් කරන්ට් එක ඩබල් වෙලා වැදුනා වගේ…

ඒ තරම් ආදරණීයයි ඒ හාදුව…

හෙමීට තාලයකට සර්ගේ ඇඟිලි මගේ කෙස් අතර දුවනවා…

මොනවා හරි මුමුණගන්න ඕනි වුණත් මගේ හදවත ගොලු වෙලා….

————————————————————————————————————–

ඔන්න ළමායි පොරොන්දු වුණා වගේම කතාව ගෙනාවා….

ඊළඟට මොනා වෙයිද වස්තුලා…

පවුරු බිඳ ගෙන නැගෙන ප්‍රේමය…

කෝ අත් උස්සන්න බලන්න මගේ කෙටි කතා කියවපු ළමයි…. දාලා ඇති බලන්න…

ආදරෙයි හැමෝටම..

ඊළඟ කවියෙන් හමුවෙමු…
බුදු සරණයි…!!

43 thoughts on “තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසිහත්වෙනි කොටස | නවකතා”

        1. මදූ_දිල්ශා

          අඩු නෑ ආයූ ,වීස් එකට වගේ ඇවිත් හුස්ම ගන්න ටිකක් අමාරුයි?

          1. අනේ අක්කියෝ බෙහෙත් ගත්තේ නැද්ද.ඉක්මනින් සනීප වෙයි අක්කිබබා…ඔයාට ජේසු පිහිටයි !!!!!

          2. අපෝ දඟ සෙට් එකේ කෙල්ලෝ ඔක්කොම ලෙඩ වාට්ටුනේ

  1. Hansiniiiiiiii

    Adanm kathwa godaaaaaaaak lassnai…. E love ekath hari wage??? dan ithin heta wenkam inna epai anith kotasa kiywanna. Adama danna barida danne ne???

  2. Kohomada daga paulata mg. Maharaja kohomada oyt goda dawsakin neda mn me peththata awe . Mtha sampa ne lamayi ehen exam ehen clz ep wela thiyanne . Daga paulata aluth babalath awith neda sathutuyi ekt.

    Madhi akki manika thala ne neda oya mn ekka kathawa marama lassanayi akkiyo oya komath dakshayine .akkit mn wish krnw thw katha liynn shakthiy lebenna kiyl.e vgema akkige wedakatayuthu sarthakaw kara ganna lebenna kiyl mn wish krnw.

    Enm daga family ekt jesu pihitayi , theruwan saranayi, hemoma sathutin parissamin inna hemadama.

    1. Fire ball ? බූබූ

      ජේසු පිහිටයි ,බුදු සරනයි අක්කේ…
      හොඳින් ඉගෙන ගන්න ….

  3. ? නවෝද්‍යා දිසානායක ?

    ශා…මොකක්ද බං ඒ වුනේ…. මියැසියේ… ඔයානම් ටිකක් කපටි කෙල්ලෙක්.. මං ඔතන හිටියනං පාන්දරම රෑම් එකට ඔහොම ආවොත් බෙරිහන් දීලා හොස්පිටල් එකම ඇහැරවලා….? කතාව නම් ඉතින් කියලා වැඩක් නෑ….මාධි අක්කිගෙ ගොඩක් කතා මං කියවලා තියනවා..එකකට එකක් වෙනස්…පට්ටයි….ඔයාට මාර අදහස් තියෙන්නෙ අක්කයෝ… ආදරෙයි පැටියෝ…උම්මා…ඔයාට බුදු සරණයි…

  4. ගුඩ් මෝනින් හැමෝටම.ලස්සනම ලස්සන දවසක් ….❤❤❤❤?????????????

    ඇප් එක පාළු වෙලා මොකද මේ කෝ දඟ බෝල ටික……

  5. ?සකලබුජං?(Dula2000)

    හිත අස්සේ හැංඟුන

    හැඟිම් ගොන්නක

    අයිතිය නුඹට මිස

    වෙන කාට දෙන්න ද

    හඳ මඬල ඉල්ලන

    ප්‍රේම පහස මට

    දැනුනේ නුඹෙන්ම

    විතරයි රන් කඳ

    දිවි මඟ පුරාම

    සෙනෙහස දෙනවද

    මගේ හිත පිරෙන්න

    හදවතින්ම ඔබේ…

    සුභ උදෑසනක් දඟ පවුලේ හැමෝටම.. වාසනාවන්ත සුන්දර දවසක් වේවා… ❤️❤️❤️❤️

  6. ? නවෝද්‍යා දිසානායක ?

    අමා…. ගොඩක් කාලෙකින්…මට මේල් එකක් දානවද නම්බර් එක වෙනස් මගේ..ඔයාගෙ එක නෑ මං ගාව

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.