Katha Ahura

තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසි අටවෙනි කොටස | නවකතා

5/5 - (10 votes)

විසි අට වෙනි කවිය…

————————————————————————————————————–

හිත අස්සේ මහා පෙරළියක් වෙද්දි නොදන්නා හැඟීමක් මගේ මේ ගල් හිත දිය කරා…

තව තවත් සර්ගේ ඇඟිලි මගේ කෙස් අස්සේම දඟ කරද්දී දිදුලන ඇස් වලින් එයා මං දිහා බලා ගෙනම ඉන්නවා…

“දන්නවද මියැසි.. මං ජීවීතේ එකම එක පාරක් වත් මගේ තාත්තාව දැකලා නෑ.. ඒක ගොඩක් නරක අත්දැකීමක් මියැසි.. පුංචි කාලේ හැමදාමත් මං අඬනවා.. අදත් මං තාත්තා වෙනුවෙන් අඬනවා.. ඔයාවත් ඇඬෙව්වා.. නේද…?”

ඇහෙන නෑහෙන ගාණට සර් මුමුණනවා..

සර්ගේ ඇස් වලින් වැටිච්ච කඳුලක් මගේ කම්මුලකට වැටුණා..

ඔයා අඬනවා දකින්න තරම් මේ ඇස් පව්කාර වෙලා.. දැනෙන දුක කියන්න වචන නෑ..

මගේ අම්මාත් අද හිරේ..

හිර කූඩුවක නොවුණත් අපි හැමෝම හැඟිම් වලට හිර වෙලා හිර කාරයෝ වෙලා…

“මොන දේ වුණත් ඉක්මනට හොඳ වෙන්න.. ලස්සනට හිනා වෙලා ඉඳලා මං අහක බලන කම් ඉඳලා මට රවන්න.. මං ආසයි ඒකට…”

හෑ යකෝ මෙයා ඒකත් දැක්කද..?

සර් ගොඩක් කියවනවා වැඩි වගේ අද….

“මං යන්නම් දැං… ම්ම්ම්ම්ම්ම්ම්ම් පරිස්සමින්…”

සර් හෙමින් නැඟිට්ටා.. මගේ කම්බුලක් අත ගාලා හැරිලා යන්නයි හැදුවේ..

ඒත් මං හිතුවා වගේම සර් ආයේම හැරුණා..

“මං දිහා ඔහොම බලන් ඉද්දි මං කොහොමද හිත හදන් යන්නේ…”

මෙන්න මෙය ආයේම මගේ මූණට එබිලා…

මගේ තොල් ලාවට ඇඟිල්ලකින් පිස දමමින් සර් නළලට පහත් වෙලා දිග හාදුවක් දුන්නා…

මේ මියැසියා ඒ පහසින් කිමිදුනා කිව්වොත් නම් හරි….

“අපේ අප්පච්චිලා දෙන්නම ගොඩක් හොඳ අය වෙන්න ඇති.. හැමදේම හොඳින් විසදෙයි… ”

ඒ කතාව නම් හිත පතුලටම වැදිලා ආයේ ආයේ දෝංකාර දෙන්න ගත්තා..

“දැං නම් මං ඇත්තටම යනවා හොඳේ.. කතා කරන්නෙත් නෑනේ මෙයා.. බකමූණීයෙක්නේ ”

මේ මැට්ටා ඒවත් දන්නවා…

එයා යනවා කියද්දි නම් දුකත් හිතුණා…

තව මොහොතක් මං දිහා බලන් ඉඳලා එයා යන්නයි හැරුනේ..

මං එකපාරටම යන්න ගියපු එයාගේ අතකින් අල්ලා ගත්තා…

ඒ අත අරං මගේ කම්බුලකින් තියා ගත්තා..

ඇස් වලින් ඔහේ නිදහස් වෙච්ච කඳුලු පේළි ගලා ගෙන ගියපු කම්බුලක් උඩින් මං ඒ අත තියා ගත්තා…

දැං එයත් දන්නවා මාත් අඬන බව…

එයා මගේ කම්බුල් වල තිබ්බ කඳුලු පිස දාලා මගේ ඇඳ උඩම අයිනකින් වාඩි වුණා…

මාත් හෙමින් ඇඳේ වාඩි වුණා…

කඳුලු වලින්ම දිලිසෙන ඒ ඇස් මගේ ඇස් එක්ක පැටලිලා…

නොසිතූ මොහොතක සර් මාව තදින් වැළඳ ගත්තා…

සර්ගේ පළල් උරහිසයි, අප්පච්චිගෙන් දැනුන උණුසුමයි මට අමතක කරා මං මේ තුරුල් වෙලා ඉන්නේ මගේ අම්මව හිරේ යවපු මනුස්සයාට නේද කියලා..

හිතේ පැළ වෙලා තිබුණ ඔක්කොම දුක් කන්ද හේදිලා යනකම් මං ඇඬුවා..

ටික වෙලාවකින්

“දැං ඇති කෙල්ලේ….”

සර් මාව ඇදලා අරන් මගේ මූණ දිහා බැලුවා…

කොච්චර ආදරණීයද ඔයා….?? මට සැර දැම්මට…

සර් චුට්ට චුට්ට මගේ මූණට බර වුණා..

මගේ ඇස් මටත් නොදැනිම පිය වුණා..

මුලු ලෝකයම අපි දිහා බලන් ඇති කියලා මට හිතුණා..

සර්ගේ තොල්, මගේ තොල් වලට බර වෙද්දි හිත කීරි ගැහෙන තරම් හැඟිම් ගොඩක් පවුරු බිඳ ගෙන ගලා ගෙන ගියා…

මුදු සුමුදු ආදරණීය සිප ගැනීමක් මගේ ආත්මයම ස්පර්ශ කරා කිව්වොත් මං හරි..

නමක් නැති බැඳීමකින් අපි බැඳිලා…

හිතන්නත් බය හිතෙන මේ බැඳීම අපි අපිම අමතක කරා…

ටික වෙලාවකින් සර් මගේ තොල් මුදා හැරලා නැගිට්ටා…

මුකුත්ම නොකියා සර් මගේ ඔලුවට අත තිබ්බා..

සර් මොනවා හරි දෙයක් සර්ටම පොරොන්දු වුණා වගෙයි මට හිතුනේ..

තව මොහොතක් මං දිහා බලන් ඉඳලා සර් යන්න ගියා….

මං තවත් ටික වෙලාවක් එහෙමම වාඩි වෙලා හිටියා…

හාන්සි වුණේ ඊටත් ටිකකට පස්සේ…

තාමත් වෙච්ච දේ හීනයක් ද කියලා මට ගලපා ගන්න බෑ..

මං එහෙමම පපුවට අත තියා ගත්තා..

නින්ද ගියේ කොයි වෙලාවෙද කියන්න දන්නේ නැති වුණත් ඒ දැකපු හීනෙට මං ගොඩක් ආදරේ කරා…

උදේ මං ඇහැරෙද්දිත් ගෙම්බා පොලවේ ගැහුවා වගේ හොඳටම නිදි…

මං ඇදෙන් බහින්නයි හැදුවේ…

එතකොටයි දැක්කේ මගේ කොට්ටේ ගාව හතරට නවපු කොළයක් තියෙනවා…

මං පටස් ගාලා කොළේ අරන් ඇරලා බැලුවා..

දෙයියනේ.. මං හිතුවා හරි.. කවි හොරාගෙන්…

ඒ කියන්නේ ඊයෙ රෑ වෙච්ච දේ හීනයක් නෙවේ..

එයා ඇත්තටම ඊයේ රෑ ඇවිල්ලා…

මොකක්දො මන්දා නාදුනන සතුටකින් හිත පිරී ඉතිරී ගියා….

එතකොට චණ්ඩියා ලොකු සහෝදරයාත් කාමරේ ඉද්දිම ඇවිත් තියෙන්නේ මං ගාවින් මේ කවිය තියලා යන්න…

මං ඉක්මනටම කොළේ දිග ඇරියා…

“ගුඩ් මෝර්නින්….”

අයියෝ… සුදු ඇපල් නරියම කාපිය කිව්වලු….. මෙයත් දැංම ඇහැරුනානේ…

මං පටස් ගාලා කවිය හංග ගත්තා…

————————————————————————————————————–

ඔන්න ළමායි… මියැසියට මොන වෙනවද මන්දා…

අනුමාන කරන්න කිව්වත් මේ මැටි වස්තුලා ටික ඒක කරන්නෙත් නෑනේ…

එක් කෙනෙක් කියෙව්වත් මං මගේ කතාව ඉවර කරනවා… ලස්සනට ගලා ගිහින්..

ආදරෙයි පැලෙන්න…

ඊළඟ කවියෙන් හමුවෙමු…
බුදු සරණයි..!!

66 thoughts on “තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසි අටවෙනි කොටස | නවකතා”

    1. ?රශී ?

      සුභ පැතුම් නිමේෂා…. හයියෝ මන් හිතුවෙ මන් first කියලනේ ඉතින්

  1. මෙයාල ඇප් එකේමද මන්දා පදිංචිය..???
    මදැයි එක වෙන්න ආවා…?
    හරි හරි ඒකට කමක් නෑ…
    තුන් දෙනාටම සුභ පැතුම් ..❤❤❤❤?????
    ??????????????????????????????????????????????????????????????????????තුන් දෙනා රංඩු වෙන්නෙ නැතුව බෙදාගෙන කන්න ඕනේ..

  2. ? නවෝද්‍යා දිසානායක ?

    අම්මෝ… මාත් හිරි වැටිලා ගියා…???…මියැසිටත් මදූ අක්කගෙ භාෂාවෙන් කිව්වොත් කුචු කුචු හෝතා හේ වගේ……හූ…හූ….මරේ මරු….. මං දැං තීරණය කළා මියැසිගෙයි සර්ගෙයි වෙඩින් එක මගෙ දිසා නාළිකාවෙ ලයිව් පෙන්වන්න…..??????????

  3. ? නවෝද්‍යා දිසානායක ?

    ඔය උඩ ඉන්න අයට බැරිද ඔයාලව මට හදුන්වා දෙන්න.. මං නැති ටිකට කී දෙනෙක් ඉන්නවද… පුළුවන් කමක් තියේද??

    1. හයියෝ හරි සිම්පල්නෙහ්.
      නම : පීහු (පියුමි)
      වයස: 21
      ගම : හෙට්ටිපොළ

      1. ? නවෝද්‍යා දිසානායක ?

        පීහූ…. රූහී කෝ…ඔයා අක්කියක්නේ…….මට තාම දහනවය යන්නෙ…තාම තූති රෝස මලක්

  4. Hansiniiiiiiii

    Sirkarayath hena romantic poraknee??? mathnm hithuwe eka hinayk kiyla thamai. Hinayak une nathi eknm hodai. Miyesi kellath lesi pahasu kenek nemeine. Nathnm aiya inna thena baya nethuwa sir ekka ewa mewa karanne??? kathawa godak godaaaak lassni sanda oya akkekda nangiyekda kiyla thama danne appa❤❤❤

  5. Sandu 1995 thanamalwila

    …මාදි කෙල්ල කතාව සුපිරි හොදේ..

    මන් හිතන්නෙ සර් මියැසිගෙ අම්මව බේරගනී..

    කපල් එකටත් හැමෝම කැමති වෙයි..

    කොහෙන්ද මාදියෝ මේ අදහස් ඔයාට.. මට නම් කෙටි කතාවක් ලියන්නවත් අදහස් එන් නෑ මේ වගේ ඒවා.. මාදි මැනික ඔයාට බැරිද සුදෝ ඔයා ලියපු හැම කතාවක්ම දාල පොතක් ප්‍ර්රින්ට් කරන්න.. මට පුලුවනි එතකොට ඒක ලග තියන් සියපාරක් වත් කියවන්න… අනේ ප්ලීස් ඒම කරන්නකො…

  6. ? නවෝද්‍යා දිසානායක ?

    කටකාර මියැසියේ….
    කිමද අද නිහඩ වී….
    ආවෙ කවි හොරා ඔබෙ….
    නුඹේ නෙතු දැකගන්නමයි….

    දුකක් ඇති ඔය හදට..
    පනයි ඒ ඔබෙ මෑණියන්…
    ඈත් කරන්නට සිතුවෙ නෑ මා…
    සමා වුව මැන රත්තරං…..

    නැවත පෙර ලෙසම ඔබ…
    දගකාර යුවතියම වන්..
    රිදුම් දෙන මා හදට
    සැනසීම එයම වන්….

    ඔබ නැවත එන තුරුම…
    කවි හොරා හිදී ලග….
    පැමින මා වෙත නැවත…
    හිතේ ඇති වේදනා පවසන්…..

    (. කවි හොරා …..)

  7. ?රශී ?

    අනේ අනේ මියැසිගේ අයියගේ නින්ද තමයි නින්ද ….මියැසිව උස්සගෙන ගියත් දන්නෑ…කෝමද කවි හොරා ඇවිත් කවියත් තියලා ගිහින්…හිතන්න බෑ මාධියෝ මොනා වෙයිද කියලා…සර් මියැසිට පොරොන්දුවක් උනා…සමහරවිට අම්මාව බේරලා දෙනවා වගේ එකක්ද දන්නෑ අම්මව අල්ලලා දුන්නේ ඇත්තම වැරදිකාරයව හොයාගන්න උදව්වක් වෙන්නවත්ද….අම්මෝ මන්දා මටනම් හිතාගන්න බෑ ඔන්න….
    ලස්සනයි මැණික කතාව…බුදු සරණයි ඔයාට …

  8. ? නවෝද්‍යා දිසානායක ?

    කවුරුත් නෑ… මං යනවා සුභ රාත්‍රියක්… බුදු සරණයි

  9. ?රශී ?

    දනම් දුකයි.? ? ? ? ? ? කට්ටිය නෑනේ ඉතින් මාත් නිදාන්නවා….

    චූටි අයියේ ඔයා යන්න ලැස්ති වෙනවා ඇති නේද…පරිස්සමින් අයියේ…ඉක්මනටම එන්න ඇප් එකට…..දැනටමත් ඇප් එක පාලු වෙලා…අම්මා නන්ගි එක්ක මේ ටිකේ ඉන්න අයියේ…එහාට ගියාම වෙලාවක් ආවොත් එන්න….හොදද….හිතට දුකයි මගේම අයියා යනවා වගෙ…දැකලවත් නැති මේ පවුලට ඇත්තටම ආදරෙයි හෙනටම….

    හ්ම්ම්ම්ම් සද අක්කි ,මහී අක්කි ,බියුටි නන්ගා,බූබූ ,සංජු අයියා දෙව් නන්ගා,සහන් මල්ලි ,අමේශා නන්ගා,ශේනු,හිමා අක්කි එතකොට දුලා නන්ගා , මධූ අක්කි , දිල් මචී කෝ ඔයාලා.වෙනදට කොහොම හරි ඇවිත් යන්න එනවනේ…ගොඩාක් අය ස්කූල් ගිහින් ඇවිත් පාඩම් වැඩ කරනවා ඇති නේද …කමක් නෑ පුලුවන් වෙලාවට එන්න හැමෝම …පාලුයි පිස්සු කෝච්චි ටික නැතිව……හොදින් ඉන්නවා නේද හැමෝම….අසනීප හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා …..

    සුභ රාත්‍රියක් මගේ අයියලා අක්කලා නන්ගිලා මල්ලිලා මගේ මචීලා හැමෝටම ….බුදු සරණයි දළදා සමිදු පිහිටයි …??????????

  10. ? නවෝද්‍යා දිසානායක ?

    සුභ උදෑසනක් වේවා…. කවුරුත් නෑ දැං ඇප් එකේ.. මං නැති කාලෙට සෙට් එකම ඉන්නවා… මං ඉන්නකොට කවුරුත් නෑ… මං ආය එන්නෑ…දාන කතා වලට කමෙන්ට් දානවා…මොකද කතා ලියපු අය කැමති කියවන අයගෙ අදහස් දැන ගන්න…. ලොකු අයියෙ යන තැනක පරිස්සමින් ඉන්න…ඔයාට බුදු සරණයි….
    අනිත් හැමෝමත් පරිස්සමින් සතුටින් ඉන්න…..ආදරෙයි දග සෙට් එක…. බුදු සරණයි…

    1. ?රශී ?

      සුභ උදෑසනක් නන්ගෝ….හයියෝ කට්ටිය එයි අනේ …හේතුවක් ඇති හැමෝටම ….ඔයත්නම් තලා ගන්න එපා අනේ…

      1. ? නවෝද්‍යා දිසානායක ?

        තරහක් නෑ මගෙ අක්කි…ඇත්ත… හැමෝටම වැඩ ඇති තමා….☺️

  11. ? නවෝද්‍යා දිසානායක ?

    කෙදිනකවත් දැක නැති…..
    නමුදු සොයුරන් මෙන්…
    කල් ගෙවුවෙ දග පවුලෙ….
    සිතද සතුටෙන් පිරී…

    ??????????????????????????????

    1. මදූ_දිල්ශා

      එන්න නන්ගි එන්න මල්ලි නැගිටලා…
      එලි වෙනකල් පිස්සු කෙලිමු සෙට්වෙලා…????❤️❤️❤️

  12. Sandu 1995 thanamalwila

    Gm dagayo okkoootama…

    Hamooma parissamen enna..

    Loku aiya parissamen yanna.. giya kiyalaa app ekata paniwidayk ewanna hodee.

    Asaniipa una dagayo okkoma saniipa welaa sathutin enna..

    Bs…

  13. මදූ_දිල්ශා

    ආ ලමායි කෝමැයි ඔයාලට..මොකෝ මේ ඇප් එක පාලු වෙලා.කස්ටිය කෝ?
    අතුරුදහන් වෙලාද ..

    මියැසිට ක්‍යා කරු හායේ කුච් කුච් හෝතාහේ වෙලා නේද?
    අනේ හොඳා…??

      1. මදූ_දිල්ශා

        ටිකක් අඩුයි නන්ගා,බෙහෙත් බීවම ඔක්කෝටම වඩා අමාරුයි ඒත් ඉතින් බොන්නම එපැයි අනේ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.