Katha Ahura

දුන්‍යා | 01 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

5/5 - (1 vote)

..01 දිගහැරුම..

උදෑසන ආහාරය කඩිමුඩියේ ගත් නිත්‍යා තමන්ගේ සොයුරිය වූ දුන්‍යා සොයා අඹ ගහ යට ඔන්චිල්ලාවට ගියේ පාසලෙන් සදා ගෙන ඒමට දුන් සුභ පැතුම් පත ලස්සන දැයි ඇගේ සොයුරියගෙන් අහන්නටය. තුරුලතා අතර මුතු මෙන් තවමත් දිලෙන සීතල පිනි කැට දෙස බලමින් දුන්‍යා සිටියේ කල්පනාවක බව නිත්‍යා නොදත්තාය.

“අක්කේ.. අක්කේ.. මේක ලස්සන ද?”

නිත්‍යා අක්කාගේ උකුලට පනිනගමන් කෑ ගසා ඇසූ විට ඇය තිගැස්සී සිහින ලොවින් මිදුණ හැටි දුටු නිත්‍යා උඩ පැන පැන සිනාසෙන්නට විය.

“මගේ චූටි.. මැට්ටි!. මං හොදටම බය උනා..”

“ඉතිං අක්කී ගේ දිහානෙ බලන් හිටියේ.. මං එනවා දැක්කේ නැද්ද.?”

“ඔව් මැණික දැක්කෙ නෑ. මං කල්පනාවක නෙ හිටියේ.”

“හී හී.. අක්කි මේක ලස්සනයි ද..?”

“කෝ බලන්න.. ශා.. හරිම ලස්සනයි. ඔයා ද හැදුවේ..?..රෝසමල් පෙති වේලලා නේද මේ..?”

” ඔව්! ඔව්! ඔව්!” තාලෙට ඔලුව වනමින් ඇය දුන්‍යාගේ මුහුණ සිප කීවා ය.

“ශෝක් නෙ කෙල්ල .. ලකුණු ගොඩක් හම්බෙයි ඔයාට..”

“මං මේක අම්මිටත් පෙන්නලා එන්නම් අක්කී..”

එසේ කියූ නිත්‍යා දුන්‍යාගේ කොණ්ඩයෙන් ඇද පිටට එකක් ගසා හුරතලයෙන් සිනාසී ගෙට දිව ගියා ය.

“ඌයි පිස්සී.. ඉන්නව මං අල්ලගන්න!”
දුන්‍යා හුනස්නෙන් නැගිට නැගණිය පසුපස මද දුරක් පන්නා යළිත් හැරී විත් බංකුව මත හිඳගත්තේ කියවමින් සිටි නව කතාවේ ඉතිරිය කියවීමට ය.
…………………………

දුන්‍යා අවුරුදු පහලවක යෞවනියකි.ඉගෙනීමට උපන් හපන් කම් දැක්වූ ඇයගේ හිරිමල් යොවුන් සිතිවිලි පාසලේ වැඩිමල් තරුණයකු වටා එක් වී මේ වන විට මාසයක් පමණ වූයේ ය. නිවසේ කිසිවෙකු ඒ පිළිබඳව නොදත්තද ගමේ කඩමණ්ඩියේ දුන්‍යා ගැන කියවෙන කට කතා වලට කවුරු කවුරුත් හූමිටි තැබීය.

දුන්‍යාගේ නැගණිය ඇයට වඩා අවුරුදු හතකට බාල ය.ඇය දුන්‍යාගේ පාසලට දුරින් වූ ප්‍රාථමික පාසලක ඉගෙනුම ලැබුවාය. ඔවුන් අතර වූයේ දැඩි සහෝදර බැඳීමකි.නැගණිය සුරතලියක් ලෙසට දුන්‍යා සිතූ අතර තමාගේ අක්කා සුරංගනාවියක් යයි නිත්‍යා සිතුවා ය. ඔවුන්ගේ මව පොඩි මැණිකා ගෘහණියකි. පියා රාජා ගමේ පිහිටි ගාමන්ට් එකක රැකියාව කළ අතර ඔවුන්ගේ පවුල ඉතා සතුටින් සිටින පවුලක් බවට ගම්වැසියන් කතාබහ කලහ.

………………………..

තවත් සති දෙකක කාලයක් මොවුන්ගේ ජීවිතය සැහැල්ලුවෙන් ගෙවිණි. නමුත් මෙදා දුන්‍යාගෙත් නෙතුන්ගෙත් ආදරය නිවසට රහසක් වීමට ඔවුන්ගේ දයිවය ඉඩ නොතැබීය.. වැඩට යාමට ගෙයින් එලියට බැස්ස රාජා කඩමණ්ඩියෙන් හැරී යලිත් ගෙට ආවෙ දුම්මලවරම අතට රැගෙනය.සුපුරුදු ලෙසින්ම ඔන්චිල්ලාවට වී දුන්‍යා කියවමින් සිටි පොත උදුරා විසි කල හේ ඇයව ගෙට ඇදගෙන ගියේ හොදවයින් වචන ටිකක් කියමිනි.

ඔහු ගම්වැසියන්ගේ කටකතා සැබෑවක් ද යන්න ප්‍රශ්න කලද දුන්‍යා ඒවා පිලිගත්තේ නැත. නමුත් දියණිය යමක් සඟවන ලීලාව වටහා ගැනීමට රාජාට හැකි විය. හොදින් ඇසූවට කිසිත් නොකියන නිසා ඔහු සියල්ල දුන්‍යාගෙන් හෙලිකරගත්තේ කෝටුපහර කීපයක් ලබා දීමෙනි.පසුව ඔහු තරයේම අවවාද කලේ නෙතුන් වැනි වලව්කාරයකු නොපෑහෙන හෙයින් සම්බන්ධය නවත්වන ලෙස ය. සිද්ධිය කන වැකුණ පොඩි මැනිකාත් දියණියට තරවටු කලේ තරුණයා වලව්කාරයකුගේ පුතෙකු බවත් ඔවුන් මහ දුශ්ට ගතිගුණ ඇති අයවලුන් ලෙස ගම ම පිලිගෙන ඇති බවත් පවසමිනි.

එනමුත් දුන්‍යා ඔවුන්ගේ කීම තුට්ටුවකට මායිම් කලේ නැත. ඇය කෙමෙන් කෙමෙන් හිතුවක්කාරියක වූයේ නෙතුන් අත් හැරීම තරයේ ප්‍රතික්ශේප කරමින් ය. දින කීපයක් යනවිට මව්පියන්ගේ දැඩි විරෝධය හමුවේ ඇයට නිවැසියන් සියල්ලම නුරුස්සන්නට විය.නැඟණිය පවා වදයක් සේ ඇයට දැනිණ.කෑම ප්‍රතික්ශේප කරමින් කලහ කරමින් නිදාගනිමින් කාලය ගත කිරීම දුන්‍යා ප්‍රිය කරන්නට විය.

මේ අතර නෙතුන්ගේ සම්බන්ධය ගැන ගම්වැසියෙකුගේ දැනුම් දීමෙන් ඔහුගේ මව්පියන්ද නෙතුන්ට බලපෑම් කරන්නට වූයේ සම්බන්ධය නවත්වන්නට කියමිනි.නෙතුන්ගේ මග හරස් කරන්නට නිතරම නිලමේගේ හෙන්චයියන් ඔහු වටා කැරකුනද ඒ සියල්ලන්ගේම ඇස් වසා කෙසේ හෝ දුන්‍යා හමු වීමට නෙතුන් අර ඇද්දේ ය.එහෙයින් පන්ති යන මුවාවෙන් ගොස් යලිත් පන්තියෙන් පැමිණ මිද්දෙණිය නගරයේ සුව පහසු කාමර වල කාලය ගෙවීමට නෙතුන් මෙන්ම දුන්‍යාද පෙළබුනේ එළිමහනේ හමු වීමට තිබූ ඔවුන්ගේ නිදහස සීමා වීමෙ ප්‍රතිපලය ලෙස ය.

එයටද වැඩි ආයුශයක් නැති විය.ඔවුන් හෝටල් ගානෙ යන බව නෙතුන්ගේ මිතුරෙකු නිවසදී කීම නිසා ඒ ගැන ගමේ කා අතරත් වූ කට කතා අසන්නට වීම නෙතුන්ගේ පියා නිලමේට ඉවසුම් නොදෙන කරුණක් විය.

“පුතා ..! නෙතුන්..! වරෙන් ටිකකට සාලෙට!”

“ඇ ඇයි තාත්තා..” කතා කර විදියේ තිබූ කේන්තිය හොදින් වටහා ගත් නෙතුන් මිදුලේ සිට සාලෙට ගියේ හොර පූසෙකු ගෙට ගොඩ වෙන ගානට ය.

“ඇයි? උඹට මං කී සැරයක් කියලා තියෙනවද අර කෙල්ලගේ පලහිලව්ව නවත්තන්න කියලා? තෝ කාමරයක් කාමරයක් ගානේ ඒකි එක්ක ලගිද්දී අපි කොහොමද යකෝ පාරෙ බැහැලා යන්නෙ? තොපි තාම අම්මගෙන් අප්පගෙන් යැපෙන පොඩි උන්. අදම ඔය සම්බන්දෙ උඹ නවත්තපන්!”

“අ අනේ අප්පච්චි ..ම මං දුන්‍යාට ආදරේ කරේ.. අත් හරින්න නෙවේ ..සමාවෙන්න අප්පච්චී..”

“කෙහෙම්මල් ආදරේ ..උන් පහත් කුලයක දුප්පත් උන්. මේ සාගරය වගේ දේපලක් තියෙන අපි වගේ වලව් කාරයන්ට ඕකුන් පෑහෙන්නෙ නෑ. කරුණා කරලා උඹ අදම නවත්වන්න ඕන මේක.”

“තාත්තා අ අනේ..ම මම..”

“කට වහපන්. තව එක වචනයක් කියන්නේ නෑ.උඹ ඕක අද නැවැත්තුවේ නැත්නම් දනී මං කරන දේ!. ඔහු නෙතුන්ගේ කම්මුල හරහා වැරෙන් පහරක් ගසා ගුගුලා කුසිය දෙසට ගියේ අසල තිබූ පුටු සැටියට ද පයින් ගසා ගෙන ය.

නෙතුන්ට කරකියාගත හැකි කිසිවක් නොවීය. රත් වූ කම්මුලට අත තබාගෙන ඇස් කෙවෙනි වල පනින්නට වෙර දරණ උණු කඳුළු කැට හිර කරන් කාමරයට පිය නගා’දඩස්’ යන හඬින් දොර වැසීය.ඔහුගේ පියා ගේ හැටි ඔහු දනී. නිලමේ දෙයක් කීවොත් කීවා ම ය.

වත්තේ සිට කලබලය ඇසී කුසියට ගොඩ වුන නෙතුන්ගේ මව කුමාරි එක්ක නිලමේ සැරෙන් සැරෙන් මොන මොනවද කියනවා නෙතුන්ට ඇසිණි.

“මැණිකේ මූට මං අච්චර හොදින් කියලත් මු තාම නවත්තලා නෑ නෙ කෙරුවාව. ඒ මදිවාට මූ කාමර ගානෙ ලගිනවලු අරකිත් එක්ක.”

“සීවරම් මෑණියනේ.. අම්මපා මේ කොල්ලට විලිලැජ්ජාවක් නැද්ද.හත්මුතු පරම්පරාවෙ එකෙක් කරපු දෙයක් ද මේ කරේ. අපි පාරෙ බැහැලා යන්නේ කොහොමද..?”

කුමාරිත් එයට දොස් නඟන්නට විය.

“හ්ම්..අපේ එකාට මං කාලෙ දුන්නා ඕක නවත්තන්න ..මූ කනකට අරන් නෑ..දැනුත් නවත්තපන් කීවම බැහැලු.. ආයෙ කිව්වත් ඔච්චරමයි.

මට විස්වාසයි.අර රාජායි උගෙ ගෑනියි මේකට උල්පන්දම් දෙනවා ඇති. ඕකුන්ගෙ මහ එකාගෙ හිතේ තිබ්බා ඒ කාලෙ ඉදන්ම වලව්වෙ දේපල වලට තණ්හාව. මං කරන්නම් ඕකට හොද වැඩක්. ආයේ පැත්ත නොබලන්න. ඕකුන් විතරක් නෙවේ ගමේ උන් උනත් උන් මගේ කරේ නගිනකන් ආසාවෙ ඇත්තේ.”

නිලමේ අඩි පොලවේ හප්ප හප්පා කියවනවා නෙතුන් කාමරයේ සිට නිහඬව අසා සිටියේ ඔහු කුමක් කරන්නට සැරසෙන්නේද යන්න දැනගැනීමට ය.. කුමාරි තම සැමියා කියන දේට මීට වඩා යමක් කීමට මැදිහත් නොවී මුනිවත රැක්කේ මේ වෙලාවෙ තමා කුමක් කීවත් වැඩක් එය හරහට සිට තමා වෙත වැරැද්ද දික් වෙන බව ඇය දන්න නිසා ය. නිලමෙගේ කේන්තිය සාදාරණ බැවින් ඔහුම එය පාලනය කරගන්න තුරු මෙහෙකරුවකුවත් ඔහුට පෙනෙන්නට නාවේ ඒ තරහ ඔවුන් පිටින් පිටවීම විය හැකිම බැවිණි.

නිලමේ කුසියෙන් පිටවී තනිවම මුමුණ මුමුණ ගේ පුරාම සක්මන් කරමින් සිට සුදු කමිසයට අගනා වෙට්ටියක් ඇද වක ගැසුන කුඩයද රැගෙන ගෙයින් එළියට බැස්සේ “කුමාරී මං ගමනක් යනවා. හෙට හවස එන්නේ” යි කියමිනි..

65 thoughts on “දුන්‍යා | 01 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

      1. රිතූ ?

        තැන්කූ බටේ ? ඕවා ඉතින් දැන් මෙහෙම හරි කෑවොත් විතරයි ????

    1. Sandu (kandy girl)

      සුබපැතුම් රිතූ නංගා ..??????????????????????????????????????????????????????❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️???????????????????????????????????????????මේ ටික ගත්තේ රට සේරගෙම හොයලා .. ඉස්තරම් ම ඒව..???

  1. රිතූ ?

    අඩේ මේක දියමන්තියගේ කතාවක්නේ බොලේ ?

    මම thriller කතාවක් කියවන්න පට්ට ආසාවෙන් හිටියේ ? ඇති යන්තම් ?

    නිත්‍යා කියපු ගමන් මට මතක් වුණේ අපේ නිතූ මචී ව… එයත් නිත්‍යා නේ??

    අනේ ඒ අක්කයි නංගියි දෙන්නා ෂෝක් අනේ ?

    නිලමේ දුන්යාට මොකක් හරි කරයි වගේ ??

    අද තාම පලවෙනි කොටස නිසා කියන්න ලොකු දෙයක් නෑ දියමන්තිය…

    ඒත් කතාව නම් සුපිරි හොඳේ…. ?? ගිය පාර වගේ අපිට දෙනවද අභිරහස හොයන්න ? හ්ම්… දියමන්ති විස්සකට වැඩේ කරමු… ?? හාද?

      1. Sandu (kandy girl)

        ඈ මං දියමන්ති බෙදුවද කවී….???
        ????????
        යකූ.. දීපියව් මගේ දියමන්ති ටික සේරම ආයෙමත් ..

        1. රිතූ ?

          බෙදුවට පස්සේ එහෙම ආයේ ඉල්ලනවද අනේ ??? ගනුදෙනුව කතා කරලා මාස පහකට පස්සෙ දියමන්ති ටික දුන්නෙත් ??

  2. Sandu (kandy girl)

    අභිරහස තියා මට ලීව කතාවවත් මතක නෑ කෙල්ලේ..??? සිරා කියන්නෙ. .සෑහෙන කල් නේ ලියලත්.. ඉන්නටකො මං කතාව කියෝලා ඒම ඉන්නම් ඈ..???

    ඉන්න ඉන්න ටිකක් මං ? කැට ටික පර්ස් එකේ දාගන්නකන්..

      1. Sandu (kandy girl)

        අනේ ඒමද.. ශෝක් නේ..මං අනිවාරෙන් කියවනවා.. මට ගොඩක් කතා මගහැරුනා ..ඒ ටිකත් කියවන්න ඕනි කොහොමද හරි..

        රෑට නින්ද යනවා අනේ මැරුවා වගේ..ඊයෙ රෑ මහ හයියෙන් වැස්සලු.. එහා ගෙදර අක්කා කියනකන් අපේ ගෙදර එක්කෙනෙක්වත් දන් නෑ ඒයි එහෙම එකක් ..???? පුදුමෙ කියන්නෙ රෑ පුරා නින්ද යන් නැතුව ගේ ඇතුලෙ ඇවිදින අප්පච්චිටත් ඊයෙ රෑ යසට නින්ද ගිහින් ..

  3. Good Night everyone….
    සඳු අක්කියෝ… මං පස්සෙ කතාව කියවලා කමෙන්ට් එකක් දාන්නම්…. ඔයා සඳ සාවිව හම්බවෙලා එන්නකෝ…

    1. Sandu (kandy girl)

      ආ හරී කෙල්ලෙ.. මං කවී ගැන ඇහුවම සඳ සාවි කීව ඒවා ඔයා දන්නෝද ඒයි..

      1. Sandu (kandy girl)

        මේකි නම් .ඈ රිතුවෝ ඔයැයිට ඇඩ්මින් සර්ගෙන් පඬි ඉල්ලලා දෙනෝ මං ඔය උපන්දිනේ හොයන ජොබ් එක වෙනුවෙන් .?

        සඳ මගේ වයසෙ..හැබෙයි මට වඩා ඩිංගක් වැඩිමල් ද කොහෙදෝ ..මතක නෑ අලේ හරියට..???

        1. රිතූ ?

          පඩි ????? ඔව් නේ…. ඒක නිකන් දැන් ජොබ් එක වගේ…. කවුරු හරි ආපු ගමන් මුලින්ම කටින් පිටවෙන්නේ ඕක අප්පා ???

        2. රිතූ ?

          ෂුවර් එකටම ඉල්ලලා දෙනෝ ද? ????

          එක්කෝ එපා අනේ…. මම මේක ආසාවෙන් කරන්නේ…පඩියකට වඩා දෙයක් මට මේ ඇප් එකෙන් ලැබෙනවා…? මේකට ආවම මගේ මනස relax වෙන එකම ඇති මට ?

    1. Sandu (kandy girl)

      ආහ් සඳ මචී..හුඟ කාලෙකින් දැක්කෙ..කෙට්ටු වෙලා උස ගිහිල්ලා සුදු වෙලා මහත් වෙලා කොට වෙලා කලුත් වෙලා…???????

      කොහොමද ඉතින් ? හොඳින් ඉන්නෝද?

  4. අනේ sorry ළමයි… මම ඊයේ එන්නමයි හිටියේ… ඒත් ඊයේ class එකෙන් පස්සේ ඔලුව පුපුරන්න වගේ රිදෙන්න ගත්ත… ඔලුව හොල්ලද්දීත් ඉවසන්න බෑ රිදෙනවා… දැමුත් මේ බොහොම අමාරුවෙන් ඉන්නේ අනේ… මාත් එක්ක තරහ නෑනේ

    Congratulations රිතූ මචී ???????????

    සඳු අක්කි අනේ මං ඔයාගේ කතා දෙකම ඔලුවේ කැක්කුම අඩුඋන වෙලාවක කියලවලා අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්නම් හාද? තරා වෙන්න එපා හොඳේ

    සඳ අක්කි ඔයාව ගොඩ කාලෙකින් දැක්කේ කොහොමද ඉතින් ?

    1. Sandu (kandy girl)

      ඒකට කමක් නෑ කෙල්ලේ..ඉක්මනට සනීප වෙන්න ඕනි ඔයාට.. ඔයා මගේ ජසියද අලුත් කෙනෙක්ද කියන්නකො..

  5. Good morning හැමෝටම ?
    රිතූ මචී ඇතුළු අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!
    හැමෝම හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න.. බුදුසරණයි!

    1. රිතූ ?

      සූටි? අහිංසකාවි? ????? දෙයියනේ දෙයියනේ ???? මට බෑ සාම්ත ???? මේ ඔයා ඔයාටම තව නම් කීයක් කියාගන්නවද? ??
      එදා චූටි සුරංගනාවි කිව්වා ?????

      1. ආ ඇයි නැද්ද ??බොරු නෙමෙයිනේ හූයියා.. ඊරිසියයි නේ හූ හූ හූ ????

        1. රිතූ ?

          අනේ වැඩේමයි බොලට ඊරිසියා කරන්න ????? මට වෙන වැඩ නෑනේ ??? කොහෙන්ද ඔයා චූටි? කොහෙන්ද අහිංසක? ?? ආහ් කියමූ බලන්න ?????

          1. මම හිතෙන් වගේම ගතෙනුත් චූටියි ඈ… අනික අහිංසකයි රටක් වටියි

          2. රිතූ ?

            හාකෝ ඉතිම් ??? මම පිළිගත්තා ඈ ?????

  6. අපෝ මටත් වෙන්නේ හරි හරි වැඩ තමා… ??බෙස්ටිගේ bf ව bite කරන්න ගිහිල්ල මට උන වැඩක්… හයියෝ… ඒ මරාලෙමයි කිව්වෙ ඒම කරමු කියලා… අන්න දැන් උන් දෙන්න තරහ වෙලා… දැන් මට ඒ අයියා බනිනවා යාලු කරල දෙන්න කියලා ???

      1. මටත් ඕනන්නේ නැති දෙයක් නෑනේ… දැන් ඉතින් උන් දෙන්නව යාලු කරන්න එපැයි… මටත් ඉතින් හොඳම වැඩේ… අහක යන කුණු ඇඟේ දාගන්නවට

          1. දෙන්නම තරහ වෙලා මාත් එක්ක… මොකද ඒයි කරන්නේ… අනේ කියන්නකෝ මගෙ සුදු සත්තලන් මැණික් කැටේ… උම්මා බෝලේ මගෙ මචී පැටිය

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.