Katha Ahura

දෝණී | පසුවදන | හොල්මන් කතා |

4.8/5 - (6 votes)

*පසුවදන

මාසක් පුරාවටම ‘දෝණි’ කතාව ඔයාලට ගෙනාපු මගේ අන්තිම හොල්මන් කතාව තමා ඒක. ඉඳලා හිටලා පුලුවන් උනොත් කෙටි කතා දාන්න ට්‍රයි කරන්නම්. ඒත් ආයෙමත් කොටස් වශයෙන් දිගටම කතා දාන්න මගෙ අදහසක් නෑ ?

මං ගොඩක් ස්තූතිවන්ත වෙනවා පලකරන්න ඉඩ දීපු අපේ ඇඩ්මින්ට. ඒ වගේම likes, comments වලින් මාව දිරිමත් කරපු පාඨක ඔයාලටත් ගොඩාක් ස්තූතියි. ආහ්… ඒ වගේම කතාව පරක්කු වෙද්දි මට බැන බැන කතාව ඉල්ලපු හැමෝටමත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්නෝනෙ ? ඒ වගේම මගේ විශේෂම ස්තූතිය මගේ ආදරණීය වයිෆ්ට ලැබෙන්න ඕනෙ ? මොකද එයා තමයි මට මේකට ලොකුම සපෝට් එක දුන්නෙ. එයා එක්ක ගත කරන කාලය පවා මේ කතාව ලියන්න ඕන නිසාම එයා මට ලබාදුන්නා. ඒ වගේම හොල්මන් වලට බය උනත් බැන බැන හරි හොරෙන් කතාව කියෙව්වා. ඒ කියවලා ඔයාලා වගේම මට ඊලඟ කොටස දාන්න කියලා වද දුන්නු අවස්ථාත් නැතුවාම නොවේ ?

ඉතින් යාලුවේ දෝණි කතාව නිකන්ම නිකන් හොල්මන් කතාවක් විදිහටම ගන්නෙපා. ඒකෙ තියෙන සමහර තැන් වලින් ජීවිතේට ගන්න පුලුවන් දේවල් ටිකකුත් මං එකතු කරලා තියෙනවා. ආහ් ඒ වගේම මේක සත්‍ය කතාවක් නෙමෙයි ගොතපු එකක්. මේක ලියාගෙන යද්දි මටම එපා වෙච්ච අවස්තා ගොඩක් තිබුණා. ඒ වගේම මුලදි හිතන් හිටපු විදිහට නෙමෙයි කතාව ලියාගෙන යද්දි මං ඒක කීප සැරයක්ම වෙනස් කලා ? කතාව කියවද්දි මොකක් හරි අපහසුවක් එහෙම දැනුනනම් ඒක මගෙ වරදක් නෙමෙයි ඔබේ වරදක් බවත් මතක තබාගන්න ? එහෙනම් ආයෙම දවසක අපි අපි මුණගැහෙමු… ?

Valar Dohaeris ?

? Lone Wolf ?
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය

හෙට සිට අලුත්ම හොල්මන් කතාව “සසල අවතාර” කතාව හැමදාම රෑ 9යට කියවන්න පුළුවන්

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.