Katha Ahura

දෝණී | 14 කොටස | හොල්මන් කතා |

5/5 - (2 votes)

#14 කොටස

මගෙ ඇස් ඇරෙනකොට අඳුර ඇරෙන්න වෙන කිසිම දෙයක් තිබ්බෙ නෑ. ඇස් කරකවලා වටපිට බැලුවත් මොකුත් පෙනුනෙ නෑ. අඩුමතරමෙ දෝණිවත් පේන්න හිටියෙ නෑ. වෙච්ච දේවල් ටිකෙන් ටික මතකෙට එද්දි මං ඉන්නෙ ටිකක් තෙත පොළොවක වැතිරිලා කියලා මට තේරුණේ පිටට තද සීතලක් දැනුණ නිසා. පොළොවට අත් දෙක තියලා මං නැගිට්ටත් ඝණ අඳුර නිසා කිසිම දෙයක් පෙනුනෙ නැති නිසා මං ටිකක් වෙලා යනකල් හිටියෙ ඇස් දෙක අඳු‍රට හුරු වෙනකල්. පිටතින් රැහැයියන්ගෙ සද්දෙ ඇහුණ නිසා මේ රෑ වෙලාව කියලා මට තේරුණා. මුලින්ම මං ඉන්නෙ කොහෙද කියලා හොයාගන්න ඕන උන නිසා මං අඳුරෙම අතපත ගගා ඉස්සරහට ගියා. ‘ඩිග්..!’ මාව බිත්තියක වැදුණා. ටිකක් අතපත ගාලා බලද්දි මට මං ඉන්නෙ කාමරේක කියලා තේරුණා. ටික ටික ඇස් අඳුරට හුරු වෙද්දි මං අතපත ගාගෙන ගිහින් එලියට යන්න දොරක් හොයාගත්තත් ඒකෙන් මං ආවෙ තවත් ලොකු කාමරේකට කියලා දැක්කෙ ඒ කාමරේට කොහෙන්දෝ වැටිලා තිබ්බ එලියකින්. ඒ එලිය ඇවිත් තියෙන දිහාවට ගිය මං එකපාරටම කකුල පැටලිලා වැටුණා. වැළමිට වේදනා දෙද්දි ආයෙත් නැගිටපු මං පරිස්සමට අඩිය තිය තිය ඉස්සරහට ඇදුණා. ඒ කාමරෙනුත් එලියට ආපු මං ඊලඟට ආවෙ ලොකු සාලෙකට කියලා තේරුණා. ඒ වගේම මෙතන හොඳට හුරුයි කියලත් තේරුණේ හරියට මෙතෙන්ට මං කලින් ඇවිත් තියෙනවා වගේ. කවුරුහරි කෑගහන සද්දයක් ඇහුණ මාව ගැස්සිලා ගිය මාව පස්සට විසි උනා.

“අනේ…. අතෑරපන් මාව….අතෑරපන්….” කෙල්ලෙක්ගෙ කටහඬක් ටිකක් ඈතින් වගේ ඇහුණා.

“මෙහාට වරෙන් බැල්ලී… අද මං උඹට හොඳ පාඩමක් උගන්නනවා…” ඒ ඇහුණෙ කොල්ලෙක්ගෙ කටහඬක්.

“අතෑරපන් යකෝ මාව…. අනේ…තා..ත්..තී……” කෑගහන සද්දෙ ඇහෙන්නෙ ලඟම ඇහෙද්දි ඒ ඇහෙන්නෙ දෝණිගෙ කටහඬ කියලා මට තේරුණා. හිත එකපාරටම කලබල වෙද්දි මට මතක් උනේ දෝණි මාව ගෙනාවෙ එයාට වෙච්ච දේ පෙන්නන්න නේද කියලා. ඒත් වෙන්නෙ මොකද කියලා බලාගන්න ඕන නිසාම මං ඒ පැත්තට ඇදුණා.

“උඹ මට ද්‍රෝහි වෙන්න පර බැල්ලී… උඹව මං අද බාගෙට මරණවා…! උඹව බේරගන්න උඹේ හොර ප්‍රේමවන්තයා එන්නෙ නෑ…”

“අතෑරපන්….. උඹ මාව දාලා ගියා නම් ඇයි මේ මට ආයෙත් මෙහෙම වද දෙන්නෙ…? අතෑරපන් මාව මට යන්න දියන්….”

සද්දෙ එන පැත්තට ගිය මං දැකපු දෙයින් මගෙ ඇඟේ ලේ රත් උනා. මුලු ඇඟම ගැහෙන්න ගත්තෙ තරහටම. ඒ හිටියෙ වෙන කවුරුත් නෙමෙයි සඳසාවියි එයාගෙ කලින් බෝයි ෆ්‍රෙන්ඩ් සඳුන් කියන එකයි. සඳුන් කෙල්ලගෙ අත තදින් අල්ලගෙන එයාට ගගහා ඇදන් එනවා මේ ගේ ඇතුලට. එයා එයාගෙ අත පස්සට ඇද ඇද බේරිලා යන්න හදනවා. ඒත් අරූ ඒකට ඉඩ දෙන්නෙ නෑ. මට කොච්චර තරහා ආවත් බලන් ඉන්නවා ඇරෙන්න කරන්න වෙන දෙයක් නෑ මොකද මේක නිකන් මතකයක් විතරක් නිසා.

“තෝ..තෝ…යකෝ මට මෙහෙම කැරි වැඩක් කරයි කියලා දැනන් හිටියනම් මං මීට කලින් තෝව මරලා දාන්නෙ… පට්ට වේ# තෝ අද තමයි මගෙන් පාඩමක් ඉගෙනගන්නෙ…!” අරූ කෙල්ලට තර්ජනය කර කර ඇතුලට ඇදන් ඇවිත් එදා මං සිද්ධිය දැකපු කාමරේ බිත්තියට හේත්තු කරන් හයියෙන් අත දිග ඇරලා කෙල්ලගෙ කම්මුලට පාරක් ගැහුවා. පාරෙ සැරකමටද කොහෙද කෙල්ලව විසිවෙලා වැටුණා.

“අනේ….තාත්තී…..!”

“තාත්ති??? තොට කොහෙද වේ%යේ තාත්තෙක් ආ…? අම්මා අප්පත් දාලා ගිය කාලකන්නි මූසලී… මෙහාට වර…!!”

“අ..නේ…. එ..පා…..”

අරූ ආයෙත් දෝණිව ඇදලා අරන් කම්මුලටයි ඇඟේ සමහර තැන් වලටයි අති පයින් ගහන්න ගත්තෙ බලන් ඉන්න කෙනෙක්ට ඒ දිහා බලන්නවත් බැරි විදිහට. අහිංසකී ඒ පාරවල් කාගෙන කටින් ලේ පෙරාගෙන අඬ අඬා බිම දිගාවෙද්දි ඒ නරුමයා තවත් පාරවල් දෙක තුනක් පයින් ඇන්නා. බලන් හිටපු මං යක්ශ සේනාධිපති ආවේශ උන තරම් ලොකු තරහකින් දැවෙද්දි අරූ කෙල්ලව ආයෙමත් නැගිට්ටලා අරන් එයාගෙ උඩ ඇඳුම ඉරලා දැම්මා. ඒ වෙලාවෙ කොහෙන් ආපු ශක්තියක්ද මන්දා කෙල්ල අරූව තල්ලු කරලා දාලා දිව්වා. ඒත් අරූ ආයෙමත් කෙල්ලව අල්ලගෙන බිමට තල්ලු කරලා ඌ ඇදන් හිටපු කලිසම ගලවලා දැම්මෙ කෙල්ල එපා කිය කිය පස්සෙන් පස්සට යද්දි.

“අ..අ…නේ…. ම…ට… ය..න්…න… දෙ..න්..න්..න..කෝ….” කෙල්ල අත් දෙක එකතු කරලා අරූට වැන්දා. ඒ දිහා බලපු අරූ මහ නරුම හිනාවක් දැම්මා.

“උඹට මං ඇරෙන්න වෙන කාගෙවත් ලඟට යන්න දෙයි කියලා හිතුවද..? නෑ බැල්ලියෙ උඹව අයිති මට විතරයි.. උඹේ මිනිහා මම… මමයි උඹේ පෙට්ටිය කැඩුවෙ… උඹ හිතුවද උඹට මේ කොහෙවත් ඉන්න පො$#@යෙක් එක්ක යන්න දීලා මං බලන් ඉඳියි කියලා..?? ඌවත් මරලා දානවා මම දැනගනින්. උඹ දන්නවනෙ මගෙ හැටි… මෙහෙට වර දැන් පට්ට බැල්ලියෙ…” ඌ කෙල්ලව ලඟට ඇදලා අරන් කෙල්ල ඇඳන් හිටපු සාය ගලවලා විසි කරලා දැම්මා. ඊටපස්සෙ උගෙ පහත් ආශාවල් බලෙන්ම ඉටුකරගන්න පටන් ගත්තෙ කෙල්ලගෙ කෑගැසීම් මැද්දෙමයි. මට ඒ දිහා බලන් ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නැති නිසා මං අහක බලාගන්න හැදුවත් ඒක කරන්න බැරිවුණේ මගෙ බෙල්ල තදවෙලා හරවගන්න අමාරු උන නිසයි. ඒ කියන්නෙ මට ඒ වෙන දේ බලන්නම වෙනවා කියන එක. විනාඩි ගාණක් යන්න ඇති. මගෙ ඇස් වලින් කඳුලු ගලන් ගියේ දෝණි වින්ද වේදනාව දැකලා. අරූ උගෙ වැඩේ ඉවර කරලා එයාගෙන් ඈත් වෙද්දි කෙල්ල හිටියෙ මැරිලා වගේ. ඒ අහිංසක ඇස් වලින් කඳුලු එකදිගටම වැක්කෙරෙමින් තිබුණා. ඒක දැකලා මගෙ ඇස් වලිනුත් තවත් කඳුලු ගලන් යද්දි මං එයා ඉන්න තැනට ගියත් මට එයාව අල්ලන්නවත් එයාගෙ ලඟටම යන්නවත් පුලුවන් උනේ නෑ.

“උඹ මින්පස්සෙ මට ඌ එක්ක ඉඳලා අහු උනොත් දැනගනින් උඹේ ඉස්සරහම ඌව මරලා දාලා මං හිරේ යනවා.. මේ තමා උඹට දෙන අන්තිම චාන්ස් එක… තේරුණාද…?? දැන් බැල්ලියෙක් වගේ පලයන් ගෙදර… ගිහින් අර නාකි ගෑණිත් එක්ක හිටපන්.. මං හෙට එනවා උඹලගෙ ගෙදර ඒ ගෑණිගෙන් උඹව බඳින්න කැමැත්ත ගන්න.. කියපං මාව බඳින්න කැමතියි කියලා. නැත්තම් උඹලා දෙන්නවම ගමෙන් චුත කරලා දානවා දැනගනින්…” තර්ජනය කරපු අරූ බිම වැතිරිලා හිටපු කෙල්ලට ආයෙමත් පයින් පාරක් ඇනලා එතනින් යන්න ගියේ කෙල්ලව එතන එහෙම්ම දාලා.

“අ…නේ….. තා…ත්..ත්..තී….. අ..නේ…. අ..ම්..මේ..හ්….” එයා හරිම අමාරුවෙන් නැගිට්ටා. ඊටපස්සෙ එතන තිබ්බ එයගෙ ඇඳුම් අරන් පපුව වහගත්තු එයා බිත්තිය අල්ලන් හේත්තු උනා. ඒක දිගේ පහලට රූටලා ගිය කෙල්ල මූණ දණිස් දෙකේ ගහන් ඉකි ගගහා ඇඬුවා. විනාඩි ගාණක් ඒ පාලු ගේ ඇතුලෙ අඬපු එයා ඉතුරු ඇඳුම් ටිකත් ඇඳගෙන කොර ගගහා බිත්ති අල්ලගෙන කලුවරේම ඉස්සරහට ඇදෙද්දි මට එයාගෙ පස්සෙන් යන්න පුලුවන් උනා. අනේ දෙයියනේ මේ පුංචි කෙල්ලට අර තිරිසනා දුන්නු වද වේදනා ඒ දවස් වල කොහොම විඳ දරාගන්න ඇත්ද කියලා මට හිතාගන්න බැරි උනා. ඒ හැමදේම තියාගෙනත් හැමදාම හිනාවෙලා මාත් එක්ක ආදරෙන් හිටිය කාලෙ එයා කොච්චර නම් සතුටකින් හිටියද.. ඒත් එයාගෙ ජීවිතේ මේ පැත්ත, මේ දේවල් ගැන කිසිම දෙයක් මං දැනන් හිටියෙ නෑ. මට මං ගැනම ලොකු ලැජ්ජාවක් ඇති වෙද්දි මං එයාගෙ පස්සෙන් ඇදුණා. ඒ පාලු ගේ තිබ්බෙ ටිකක් ලොකු වත්තක් මැද්දෙ. ඒක හරියට පරණ බංගලාවක් වගේ. එතන ඉඳන් හරිම අමාරුවෙන් පාරට ආපු කෙල්ල පාරෙ අයිනෙ වාඩි උනේ බඩත් අල්ලගෙන. මං හිතන්නෙ බඩට ගහපු පාරවල් වල වේදනාව නිසා වෙන්න ඇති. අනේ මට එයාව වඩාගෙන යන්න තිබ්බනම් කියලා හිතුණු වාර අනන්තයි උනත් මට බලන් ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් තිබ්බෙ නෑ.

කොච්චර වෙලාවක් ගත උනාද කියලා මට දැනුනෙ නෑ. පාර දිගේ හෙමින් හෙමින් ආපු එයා අන්තිමට චූටි ගෙයක් ඉස්සරහා නැවතුණා. ඊට එහා පැත්තෙ තව ගෙවල් තුන හතරක් එක වත්තෙම වගේ තිබුණා. එයා වත්තට ඇතුල් උනත් මට ඇතුල් වෙන්න බැරි උනා. එකපාරටම හැමදේම සුදුපාට ආලෝකයකින් වෙනස් වෙද්දි ඇස් දෙක නිලංකාර වෙන එලියක් ඇවිත් මාව කොහෙටදෝ ඇදිලා යන්න ගත්තෙ මගෙ කෑගැසීම මැද්දෙ.

*****************************************************************

“දැන් ඔයාට සනීපයිද දෝණි..?” මං ඇහුවෙ ඔෆිස් එකේ ෆ්‍රී වෙලාවක් හම්බුණ නිසා එයා එක්ක කෝල් එකේදි.

“ඔව් තාත්ති දැන් හොඳයි… තාම ඇඟට ටිකක් අමාරුයි.. ආයෙ හවසට ගෙදර ගිහින් කොත්තමල්ලි වෙනිවැල් ගැට ටිකක් තම්බගෙන බිව්වම හරියයි…”

“එහෙනම් පරිස්සමින් ගෙදර යන්න අද.. පුලුවන් නම් බොසාට කියලා ගෙදරට දම්මගන්නකො ඔයාට සනීපත් නෑනෙ… මං එයාට කියන්නද..?”

“අනේ එපා තාත්ති ඒ මිනිස්සුන්ට කරදර කරන එක හරි නෑනෙ.. මට බෙහෙතුත් අරන් දුන්නෙ එයාලනෙ.. ඉතින් එහෙම කරදර කරන්න මගෙ හිත දෙන්නෙ නෑ…” එයාගෙ පණ්ඩිත කතා ඔන්න එලියට ආවා. ඕකනෙ ඉතින් මේ කෙල්ලො එක්ක බැරි අෆ්ෆා චාන්ස් එක තියෙද්දි මිස් කරගන්නවනෙ.

“හරි හරි බලාගෙන ඔය හිත උණුවෙලා ඕක ගැලවිලා වැටෙයි කොහෙහරි…” මං ඇද කලා. එහා පැත්තෙන් එයාගෙ හිනාව ඇහුණා.

“මැට්ටා… ඉතින් ඔයා එන්නකො මාව ගෙදරට ගිහින් දාන්න… වෙන කවුරුවත් ඕන නෑනෙ..”

“හපෝ හපෝ මං කිලෝමීටර් ගාණක් ගෙවාගෙන ඉතින් ඇදපංකො ඔහෙට හැමදාම.. පෙට්‍රල් ගහලා දෙන්නෙ පොලෝසියෙන් වෙන්නැති…”

“අපෝ ලෝබයා… ඕනෙ නෑ මං පයින්ම යන්නම්කො හැමදාම…” බොරු තරහක් ගත්තු දෝණි ටික වෙලාවක් යනකල් සද්ද නෑ.

“ඒයි මෝඩි…”

“මොකද…??”

“මොකද ඔච්චර සැර…?”

“ඔවු මං කොච්චි කාලනෙ ඉන්නෙ…”

“කොච්චි සැර නෑනෙ.. ඉතින් කොහොමද ඔයා සැර උනේ…?”

“මේ මෝඩයො මං දැන් දෙනවා දෙකක් හරිද…?”

“උඩ දෙක වෙන්නැති නේ…?” එහෙම අහපුවම එයාට හිනාවක් ගියා.

“ඊ… මෝඩයා හොඳ නෑ… වල්කම පේනවා නේ…”

“ඇයි මං මොකක්ද කියපු වල් කතාව දැන්…? ඔයානෙ එහෙම හිතන්නෙ ඉතින් මං අහිංසකයි…”

“අපෝ කොහෙද දන්නෑ අහිංසක…”

“ඒක ඉතින් ඔයානෙ දන්නෙ නංගී….” මං ආයෙමත් විහිලු කලා. එයාගෙ හිනාව ෆෝන් එකෙන් ඇහෙද්දි මගෙ හිතට සතුටක් දැනුණෙ දුකෙන් හිටපු කෙල්ල දැන් හිනාවෙලා ඉන්නවා නේද හිතලා. මාස හතරක් වෙනකල්ම අපේ ආදරේ හරි ලස්සනට අපි අරගෙන ආවෙ කිසිම ප්‍රශ්ණයක් නැතුව. තාම ගෙවල් වලින් නොදැන හිටියත් මගෙ නංගි මගෙ සම්බන්දෙ දැනන් හිටියා. එයා නම් ඉතින් මට ෆුල් සපෝට් එක දුන්නා. ඒත් සැරින් සැරේ දෝණිගෙ කලින් බෝයි ෆ්‍රෙන්ඩ්ගෙන් පොඩි පොඩි කරදර තිබ්බත් අපි ඒවා ගණන් ගත්තෙ නෑ. මං ලඟපාතක නැති නිසා ඌ කීප වතාවක්ම කෙල්ලට කරදර කරන්න හදලා තිබ්බා. ඒත් කෙල්ල එයාගෙ මාමලාට කියලා ඒවලින් බේරිලා තිබ්බා. මොනවා උනත් මගෙ හිතේ එයා ගැන පොඩි බයක් තිබ්බා. මොකද මං ලඟ නැති නිසා එයාට අරූගෙන් කරදරයක් වෙන්න ඉඩ තියෙන නිසා.

“මල වදේ තාත්තී අර සඳුන්ගෙන් ෆාමසිය ලඟටත් ඇවිත් කරදර කරනවා මට.. අදත් ආපු පාර සර් බැනලා එලෙව්වා. මාව මරණවා කියලා තර්ජනය කරලා ගියේ අද.. ඒක නිසාම සර් මාව ගෙදර ගිහින් දාන්න පොරොන්දු උනා හැමදාම..” දවසක් දෝණි කෝල් කරලා කිව්වා.

“මොකක්? මූ නම් දැන් ඕනාවට වැඩියි වගේ දෝණියෝ… එක්කො ඔයා පොලිසියට ගිහින් කම්ප්ලේන් එකක් දාන්න.. එහෙම නැත්නම් මං ඕකා ගැන බලාගන්නම්කො…”

“අනේ එපා ඔයා මේවට පැටලෙන්න.. ඌ මහ එපා කරපු එකෙක් තාත්තියො.. සරුත් කිව්වා මට කම්ප්ලේන් එකක් දාන්න කියලා… ඒත් මට ඊටපස්සෙ ගමේ ඉන්න වෙන එකක් නෑ මේකෙ ඉන්න උන්ගෙ කතා අහගෙන.. උගෙ අම්මලා මහ ජරා මිනිස්සු… මෙතන ඇවිත් කෑකෝ ගහන්න ගත්තම ලැජ්ජාවෙ බෑ..”

එහෙනමිතින් අපි මොකද කරන්නෙ දෝණි..? මට පැටලෙන්නත් එපාලු අහන අහන සැරේ ඔයා ඕක කියනවා.. ඇයි බයද මං ඌව මරලා දායි කියලා..?” මට මල පැනලා ඇහුවා. මොකද මං ඌට විරුද්ධව මොනාහරි කරනවා කිව්වොත් එයා මාව නවත්තනවා ඒ හැම වතාවෙම.

“අනේ තාත්තී මොනාද දෙයියො මේ කියවන්නෙ…? මං දන්නවා ඔයා ඌට ගහයි උගෙ අතපයත් කඩයි කියලා.. ඒත් දෙයියො ඔයා මේවට පැටලිලා ඔයාගෙ නමට කැලලක් වෙන්නත් ඉඩ තියෙනවනෙ… මුන් මහ ජරා මිනිස්සු ජාතියක්… ඒකයි මං කියන්නෙ මහත්තයෝ කියන දේ අහන්නකෝ…”

“ආ එහෙනම් ඕන එකක් කරගන්න එකයි ඇත්තෙ මට කමක් නෑ…” එහෙම කියපු මං කෝල් එක කට් කරලා දැම්මා. ටිකකින් මැසේජ් එකක් ආවා. “නපුරා… ආදරෙයි ගොඩාක්..” කියලා. ඒක දැකපු මට හිනාවක් ගියේ කවදාවත් මට තරහා ආවම එයා මට කෝල් නොකරන නිසා. මොකද එවෙලෙට මං කියන ඒවා මංවත් නොදන්න නිසා. එයා මාව හොඳට තේරුම් අරන් තිබුණා මේ පුංචි කාලෙට.

**********************************************************************

මේ අතරතුර අහස්ගේ නිවස තුල…

“අනේ ෆාදර් කෝ මගෙ දරුවා…? මොකද උනේ එයාට…??” මොහාන් මහතා කෑගසමින් කලබලයෙන් ඇහුවා. ෆාදර්ගේ මූණෙ තිබුණෙ කැලඹුණු ස්වභාවයක්. මීට කලින් තමන් ඒ වගේ අත්දැකීමකට මූණ දීලා තිබුණෙ නෑ.

“හරි හරි මොහාන් මහත්තයා කලබල වෙලා මෙතන මොකුත් කරන්න බෑනෙ.. මෙහෙම දෙයක් මං කලින් දැකලා නෑ.. ඒක හරියට මායාවක් වගේ… ඒ ආත්මෙ පුදුම තරම් බලවත් එකක් ඒ දරුවව අතුරුදහන් කරන් අරගෙන යන්න තරම්… මේක මට විසඳන්න පුලුවන් වෙයිද කියන එකත් ඇත්තටම සැකයක්..”

“අනේ ෆාදර් එහෙම කියන්නෙපා මට මගෙ දරුවා බේරලා දෙන්න.. ඒ යක්ශණී මගෙ දරුවව කොහෙට අරන් ගියාද දන්නෙ නෑ… ප්ලීස් ෆාදර් මගෙ දරුවව බේරලා දෙන්න…”

“මං කියන දේ හොඳින් අහගන්න මොහාන් මහත්තයා.. මුලින්ම අපි කලබල වෙන එක නවත්තමු… මොකද මේ දේවල් අපි බොහොම පරිස්සමෙන් කරන්න ඕන.. මොකද පොඩ්ඩක් වැරදුණොත් අපිට දරුවව නැතිවෙන්න ඉඩ තියෙනවා.. ඒ ආත්මය මට කලින් හම්බුණ ඒවට වඩා බොහොම ප්බලවත් ආත්මයක්.. ඒත් දෙවියන් වහන්සේගේ බලය ඊටත් වඩා වැඩියි… මං පොරොන්දු වෙනවා මගෙ ජීවිතේ දීලා හරි මං දරුවව බේරලා දෙනවා කියලා… ඒත් ඒ දේට මට තව කෙනෙක්ගෙ උදව් අවශ්‍යයි.. ඒ නිසාම මට තව කෙනෙකුට කතා කරන්න වෙනවා…”

“කවුද ෆාදර් කවුද ඒ..? කාවහරි කමක් නෑ ඉක්මණට ගෙන්නගන්න මගෙ දරුවව බේරලා දෙන්න දෙයියන්ගෙ නාමෙට…” මොහාන් මහතා අඬන්න පටන් ගත්තෙ ඇත්තටම තමන්ගෙ එකම පුතා ගැන ඇතිවූ ලොකු බයකින්. ෆාදර් ඔහුව සනසන ගමන් කෝල් එකක් ගත්තා කෙනෙකුට. “හෙලෝ…”

“ජේසු පිහිටයි… ලොකු කරදරයක් ෆාදර් අයිවන්… ඔබතුමාගෙ ජීවිතේ පවා අනතුරේ තියෙන්නෙ මේ වෙලාවෙ…”

ෆෝන් එකේ ස්පීකර් එකෙන් ඇහුණ සද්දෙට ෆාදර් අයිවන්ගේ හදගැස්ම වැඩිවෙන්න ගත්තා.

*******************************************************************

අහස් – සඳසාවි මේ දෙදෙනාගේ ආදරයට සිදුවූයේ කුමක්ද? සඳසාවි මරණයට පත්වූයේ කෙසේද? ෆාදර් අයිවන්ට සහයට පැමිණෙන පුද්ගලයා කවුද ඔවුන්ට අහස්ව ගලවාගන්න හැකිවෙයිද?
මේ සියල්ලක්ම ඉතිරි කොටස් වලින් බලාපොරොත්තු වන්න…

ඉතිරිය දිනපතා රෑ 9යට

Valar Dohaeris ?

? Lone Wolf ?
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.