Katha Ahura

දෝණී | 26 කොටස | හොල්මන් කතා |

5/5 - (2 votes)

#26 කොටස

“එතකොට මිස්ටර් අහස් කියන්නෙ ඔයාට මේ ගැන කියන්න කිසිම තොරතුරක් නෑ කියලද…?”

එක හවස් වරුවක අපේ ගෙදර ආපු සී.අයි.ඩී ඔෆිසර් මිස්ටර් අතුලයි තවත් කෙනෙකුයි මගෙන් ප්‍රශ්න කරන්න ගත්තෙ අපි හැමෝම ගෙදර ඉන්න දවසක. මං කිසිම කලබලයක් කලේ නැතත් තාත්තට නම් මල පැනලා තිබුණා නැති ප්‍රශ්න වලට අපිව පටලවන එකට.

“නෑ ඇත්තටම නෑ… මං ඔය මරණ ගැන දන්නෙත් නෑ ඇත්තටම… ටී.වී එකෙන් දවස් දෙකක් විතර දැක්කා එච්චරයි..”

“එතකොට සඳසාවි ජයසිංහ කියන තරුණිය එක්ක තමන්ට තිබුණු සම්බන්දෙ මොකක්ද…?”

එකපාරටම හෙන ගහන්න වගේ අහපු ප්‍රශ්නෙන් මං ගැස්සිලා ගියා කිව්වොත් හරි. මං මිස්ටර් අතුල දිහා බැලුවෙ පුදුම වෙලා. මේ මිනිහා මේ මොනවා අහන්න ලෑස්ති වෙනවද ඒ ගමන. මං උත්තරයක් දෙන්නත් කලින්ම තාත්තා කට ඇරියා.

“සඳසාවි..? ඔය කියන්නෙ අර හොල්මන ගැන නේද..? මතක් කරන්නෙපා ඔය කෙල්ලව මේ ගෙදර ඇතුලෙදි… ඕකි ත…”

“මිස්ටර් මොහාන් ටිකක් කෑ නොගහ හිටියනම්… කලබල කරන්නෙපා මෙතන අපි මේක හොඳින් සාකච්ඡා කරලා විසඳගමු… අනික ඔය හොල්මන් කතාවත් අපි දන්නවා… ඒවා ගැන අපි පස්සෙ කතා කරමු…”

මිස්ටර් අතුල එක්ක හිටපු අනිත් කෙනා ටිකක් තදින් තාත්තට කිව්වම එයා සද්ද නැතුව එතනින් නැගිටලා යන්න ගියේ හොඳටම මල පැනලා කියලා මට තේරුණා. අම්මා එයාගෙ පස්සෙන් ගියේ එයාව කූල් ඩවුන් කරන්න හිතාගෙන වෙන්නැති.

“මෙහෙමයි මිස්ටර් අතුල.. සඳසාවි එක්ක මගේ කලින් සම්බන්ධයක් තිබුණා මීට අවුරුදු පහකටත් වඩා කලින් ඉඳන්ම… ඒත් ඉතින් එෆෙයාර් එකකට ප්‍රශ්න කියන දේවල් ඇති වෙනවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.. අපිටත් උනේ ඒකම තමයි.. බ්‍රේක් අප් උනාට පස්සෙ මං ඇමරිකා ගියා මගෙ ජොබ් එකට.. ඒ ගැනත් ඕනෙ නම් හොයලා බලන්න පුලුවන් ඔයාලට… එතනින් පස්සෙ මං එයා එක්ක කන්ටැක්ට් උනේ නෑ…”

“එතකොට එයාගෙ මරණෙ සම්බන්දවත් ඔයා දැනන් හිටියෙ නැද්ද..?” මගෙ කතාව හොඳට අහගෙන හිටපු මිස්ටර් අතුල ඇහුවා.

“ඇත්තටම නෑ… අනික මට කිසිම කෙනෙක් කිව්වෙත් නෑ ඒ සම්බන්ධව… මං ඒක දන්නෙත් ලංකාවට ආවට පස්සෙ මගෙ යාලුවො කිව්වම…”

“ගෙදර අයවත් ඔයාට දැන්නුවෙ නැද්ද එතකොට…?”

“දන්වන්න තියා එයා අපි එක්ක කතා කලෙත් නෑ අවුරුද්දක් යනකල්ම… සඳූගෙ ප්‍රශ්නෙ නිසා එයාගෙන් විතරක් නෙමෙයි අපෙනුත් එයා ඈත් වෙලා ගියා…” මෙච්චර වෙලාම සද්ද නැතුව හිටපු නංගි එයාගෙ කටහඬ අවදි කලා.

“ඒ කියන්නෙ ගෙදරත් එක්කත් තරහා වෙලාද අහස් ඇමරිකා ගියේ..?”

“ඒක අපේ ෆැමිලි එකේ ප්‍රයිවට් දෙයක් මිස්ටර් අතුල.. අනික ඒ දවස්වල මං හිතුවක්කාරයි…” මං හිනාවෙලා කියද්දි ඔෆිසර්ස්ලා දෙන්නත් හිනා උනා.

“හරි ඒකට කමක් නෑ… එතකොට සඳසාවි ජයසිංහගෙ මරණය සියදිවි නසාගැනීමක් නෙමෙයි මර්ඩර් එකක් කියලා දන්නවද ඔයාලා..?” අනිත් ඔෆිසර් එහෙම අහද්දි නංගිගෙ ඇස් උඩ ගියා.

“මර්ඩර් එකක්..??? අපි එයාගෙ ෆියුනරල් එකටත් ගියානෙ.. ඒත් අපි දැනන් හිටියෙ එයා සුයිසයිඩ් කරගත්තා කියලනෙ… දෙයියනේ…”

නංගි මගෙ අත බදාගෙන උරහිසේ මූණ හංගගත්තෙ එයාට දරාගන්න බැරි උන නිසා වෙන්නැති. ඔය දේවල් කලින් දැනන් හිටියත් මං සද්ද නැතුව හිටියා.

“ඔව් එයාගෙ මරණය මිනීමැරුමක්… මොකද අපි ඒ ගැන වැඩිදුර පරික්ශන කරලා බැලුවා.. එයා මැරෙන්න කලින් හුඟක් වේදනා විඳලා තියෙනවා… මං හිතන්නෙ කිපදෙනෙක් අතින්ම රේප් වෙලත් තියෙනවා… ඊටපස්සෙ තමයි වස පොවලා තියෙන්නෙ.. මං හිතන්නෙ නෑ එයා වස බිව්වා කියලා… ඒ ගැන අපි මේ ටිකේ සාක්ශි එකතු කරමින් ඉන්නෙ… එයාගෙ මරණෙ ගැන සැක නිසාමයි අපි ඒ ගැන ආයෙමත් හොයන්න පටන් ගත්තෙ…”

“අනේ… පව් දෙයියනේ….”

“මිස් තරුකි තමන්ව කන්ට්‍රෝල් කරගන්නකො.. දැන් ඒ දේවල් වෙලා සෑහෙන කල්නෙ..”

“එතකොට මිස්ටර් අතුල එයාගෙ මරණෙයි මේ මරණ අතරයි තියෙන කනෙක්ශන් එක මොකක්ද..? අනික එතෙන්ට මාව පටලවගන්නෙ මොකටද..??” මං ඇහුවෙ ඇත්තටම ඒ ගැන නොදන්න නිසා. මට මේ සිද්දිය සම්පූර්ණයෙන්ම ප්‍රෙහෙලිකාවක් වෙලා තිබ්බෙ. ඇයි යකෝ කොහෙවත් හිටපු එවුන් මැරුණම මේ පැත්තක ඉන්නෙ මගෙන් ප්‍රශ්න කලාම කවුද අන්ද මන්ද නොවෙන්නෙ.

“කනෙක්ශන් එකක් හොයාගන්න තමා අපි මේ උත්සාහ කරන්නෙ.. මොකද එතන හැංගිච්ච කනෙක්ශන් එකක් තියෙනවා අහස්.. සඳසාවිගෙ මරණෙයි මේ අයගෙ මරණයි අතරෙ මොකක්මහරි දෙයක් තියෙනවා… මොකද මේ අය එකම ගමේ කට්ටිය… මැරිලා ඉන්නෙ හොඳම යාලුවො තුන් දෙනෙක්.. අනිත් කෙනා සඳසාවිගෙ මාමා කෙනෙක්.. අනික තමයි සඳසාවිගෙ මරණය ගැන ඇත්ත වසන් කරලා මේ කේස් එක වහලා තියෙනවා ඒ කාලෙම… අපි හොයාගත්තු තොරතුරු වලට අනුව මේ මැරුණු එක තරුණයෙක්ගෙ මාමා කෙනෙක් තමයි හිටපු පාර්ලිමේන්තු ඇමති කෙනෙක් වෙන සුනන්ද වික්‍රමසිංහ කියන්නෙ… එහෙම එකේ ඕනම කේස් එකක් වහනවා කියන එක අමුතුවෙන් තේරුම් කරන්න දෙයක් නෑනෙ මේ රටේ වෙන දේවල් එක්ක…ඉතින් කේස් එකක් වහනවා කියන්නෙ එතන රහසක් ඉතුරු වෙලා තියෙනවා කියන එකයි… ඒකෙන් අපිට ඔප්පු වෙන්නෙ සඳසාවිගෙ මරණය අතරයි මේ අයගෙ මරණය අතරයි කනෙක්ශන් එකක් තියෙනවා කියන එක… අපි මිස්ටර් අහස්ව මුණගැහෙන්න ආවෙ ඔයත් මේ ගැන මොකුත් තොරතුරක් දන්නවද කියලා අහන්න… මොකද ඔයා සඳසාවි එක්ක සම්බන්ධයක් තිබුණනම් ඔයා දන්නවා ඇතිනෙ එයාට කරදර කරපු අය ගැන එහෙම…”

මිස්ටර් අතුල එක්ක හිටපු අනිත් කෙනා මිස්ටර් චන්දන විස්තර කරගෙන යද්දි මට තේරුණා මෙයාලත් හුඟක් දේවල් හොයාගෙනයි අද මගෙ ලඟට ඇවිත් ඉන්නෙ කියලා. සමහරවිට මං මොකක් හරි බොරුවක් කිව්වත් මෙයාලා මාව සැක කරන්න ඉඩ තියෙනවා. මොකද ඉතින් සී.අයි.ඩී කාරයොනෙ. පොඩි දේත් සැකයිනෙ මෙයාලට. ඔන්න ඔහේ දන්න ඔක්කොම ටික කියලා දානවා.

“හරි මං දන්න ටික මං ඔයාලට කියන්නම් එහෙනම්…” එහෙම කියපු මම සඳසාවිගෙ කලින් බෝයි ෆ්‍රෙන්ඩ් සඳුන් ගැනයි, උගෙන් එයාට උනු කරදර ගැනයි මං දන්න ඔක්කොම කියලා දැම්මා. ඒ වගේම අපි බ්‍රේක් අප් උනේ ඇයි කියලත් කිසිම දෙයක් හංගන්නැතුව කියලා දැම්මෙ මාව මේකෙන් ගැලවෙයි කියලා හිතාගෙන. හැමදේටම හොඳින් ඇහුම්කන් දුන්නු ඒ දෙන්නා සමහර කරුණු ලියාගත්තා. ඒත් මගෙ උකුසු ඇසට අහුවුණා මිස්ටර් චන්දනගෙ ෆෝන් එකේ රෙකෝර්ඩර් එකේ ඒ හැමදේම ‍රෙකෝඩ් වෙන හැටි. මොකද එයාලා හිටපු තැනට උඩින් තිබුණෙ ලොකු පින්තූරයක්. ඒකෙ වීදුරුවෙන් තමයි මං ඒක දැක්කෙ.

“හොඳයි මිස්ටර් අහස්, මිස් තරුකි ගොඩාක් ස්තූතියි අපිට මේ දුන්නු තොරතුරු වලට… මේ දේවල් වලින් අපිට මේ කේස් එක විසඳගන්න පුලුවන් වෙයි… ආයෙමත් ඕන උනොත් ටිකක් කරදර කලාට කමක් නෑනෙ…” සිනාසෙමින් එසේ පැවසූ මිස්ටර් චන්දන නැගිට්ටා.

“අපෝ නෑ මං කැමැත්තෙන්ම උදව් කරනවා… පුලුවන් තරම් ඉක්මණින් මිනිමරුවව අල්ලගන්න මිස්ටර් චන්දන.. ඒ වගේම සඳසාවිගෙ මිනීමරුවොත්.. මොකද අපි බ්‍රේක් අප් උනත් ඒ කෙල්ල හරිම අහිංසකයි… ඒ වගේ අපරාධ‍යක් කරපු උන්ට හැංගිලා ඉන්න දෙන්න හොඳ නෑ…”

“ඒක ඇත්ත අහස්… අපි පුලුවන් තරම් උත්සාහ කරනවා මේ කේසස් දෙකම විසඳන්න… එහෙනම් අපි ගියා… ගුඩ් ලක්…”

“ගුඩ් ලක් ඔෆිසර්ස්…!”

මායි නංගියි එයාලට අතට අත දීලා සමුදුන්නා. ගාඩ්න් එකේ හිටපු අම්මටයි තාත්තටයිත් කතා කරපු ඒ දෙන්නා ගියාට පස්සෙ මං ලොකු හුස්මක් ඉහලට අරන් පහලට දැම්මෙ ලොකු බරකින් නිදහස් උනා වගේ.

“නැති කරදර මෙව්වා… අපිටත් කවදාවත්ම තිබුණෙ නැති ප්‍රශ්න තමයි දැන් එන්නෙ… අනේ මන්දා…”

අපි ගාඩ්න් එකට ගියාම තාත්තා කිව්වෙ මූණත් දෙක කරගෙන. මොනවා උනත් ඒක ඇත්ත. හැබැයි මං එන්න කලින් එයාලට මෙහෙම ප්‍රශ්න තිබුණෙ නෑ. මං ආවත් එක්කම තමයි ප්‍රශ්න වැඩි උනේ. සෑහෙන වෙලා තනියම කල්පනා කර කර හිටපු මම මගෙ කලින් බොස්ට කෝල් එකක් ගත්තෙ ලොකු තීරණයක් අරගෙන.

************************************************************************

“මේ කේස් එක අපි හිතපු නැති දිහාවකට ඇදිලා යනවා වගේ නේද මචං…? මට පේන්නෙ අපිට හොල්මන් එක්කත් ගනුදෙනු කරන්න වෙයි වගේ…”

එදින රාත්‍රියේ තම මූලස්ථානය වෙත යමින් සිටි රහස් පරීක්ශක නිලධාරී චන්දන තම සගයා වූ අතුලට පැවසුවේය. මඳ දුරක් නිහඬවම කල්පනාවේ නිමග්නව මෝටර් රථය පැදවූ අතුල වමතින් සිය නළලත මිරිකා ගත්තේය.

“මේකත් අර මොණරවිල බංගලාවෙ සිද්ධිය වගේ වෙයි කියලා හිතෙනවා චන්දන… දැන් බලනවා අපි නොහිතුවට මෙතන මොකක් හරි බලවේගයක් තියෙනවා මේ මිනිමැරුම් පිටිපස්සෙ… මෙදා පාරත් අපිට තොවිල් නටන්න ගිහින් ලොක්කගෙන් කුණු බැනුම් අහගන්න වෙයිද දන්නෑ…”

‘මොණරවිල බංගලාව’ කියන නම ඇසුණු පමණින් චන්දනගේ ඇඟ කිලිපොලා ගියේ එහි වූ සිද්ධි දාමයන් මතක් වන විටය. තමන්ගේ ජීවිතද අනතුරේ වැටුණු ඒ අභිරහස මතක් කරනවාටත් ඔහු අකමැති වූවේ එතරම්ම එය අමිහිරි එකක් වූ නිසාය. කෙතරම් නිර්භීත නිලධාරියෙකු වුවද ඔහුගේ සිත ඒ සිද්ධියෙන් හිරි වැටී ගියේ එහි බිහුසුණු කම මතක් වීමෙනි.

“පිස්සු කියවන්නෙපා බං… මතක් වෙනකොට තාමත් මගෙ ඇඟේ මයිල් කෙලින් වෙනවා…”

“මටත් එහෙම තමයි බං… මගෙ ජීවිතේටම විසඳපු එපාම කරපු සිද්ධිය.. ඒක නෙමෙයි, උඹට හිතෙන්නෙ නැද්ද අහස් කියන එකාගෙ හැසිරීමේ අමුත්තක් තියෙනවා කියලා…? බලපන් ඌ උගෙ කලින් කෙල්ල මරලා දැම්මා කිව්වමත් පොඩ්ඩක්වත් කලබල උනේ නෑ… අනික ඌ මේ මරණ ගැන ඇහුවම උනත් වැඩි ගාණකට ගත්තෙත් නෑ…” අතුල විමසුවේ මෝටර් රථය කෙටි මාර්ගයකට හරවන ගමන්‍ ය.

“මටත් තේරුණා බං ඒක… අනික උගෙ බැල්ම උනත් හරියට අපි සැකකාරයෙක් දිහා බලන බැල්ම වගේනෙ… හරියට අපි වැරදිකාරයො වගේ… මං හිතන්නෙ ඌ දැක්කා අපි ෆෝන් එකෙන් උන් කියපුවා රෙකෝඩ් කරගන්න විදිහ… මං අපි එන්න හදද්දි දැක්කෙ අපිට උඩින් තිබ්බ පිංතූරෙ..”

“ආ ඒක තමයි ඌ උඩ බැලුවෙ… මාත් දැක්කා.. මට පේන්නෙ මෙතන ඌ කිව්ව දේට වඩා වැඩි යමක් තියෙනවා කියලයි… මොකටත් අපේ එකෙකුට කියමු මෑන් ගැන ටිකක් ඇහැ ගහන් ඉන්න කියලා…”

“ඔව් මං ඒක ලෑස්ති කරන්නම්කො… ඒ උගෙ නංගි කෑල්ල නම් පට්ට කඳ නේ බං පොඩි උනාට.. මං බලන් හිටියෙ ඒකිගෙ අර කිරිපාට ගල් දෙක දිහා… අනික බලපංකො හැඩේ… හම්මේ ඕකි ගැනත් ටිකක් හොයලා බලන්න ඕනෙ බං…” චන්දන කීවේ අහස්ගේ නැගණිය වූ තරුකි ගැනය.

“අඩෝ පව් වැඩ එපා බං.. ඒ කෙල්ල පොඩි කෙල්ලෙක්…” අතුල කීවේ තම සගයා ගැන ඇතිවූ නොපහන් හැඟීමෙනි.

“නිකන් ඉඳපන් බං අතුල… අද කාලෙ ඔය වගේ පොඩි කෑලි තමයි නියම බඩු කෑලි වෙලා ඉන්නෙ… නිකමට ගිහින් බලපංකො අර ෆේස්බුක් එක පැත්තෙ… අඩෝ…. ඔන්න බලාගෙන…!!!”

චන්දන කෑගසන්නටත් ප්‍රථම අතුල එය දැක්කේය. මෝටර් රථයේ විදුලි පහන් එලිය ඉදිරියට ආවේ විශාල කුළු හරකෙකි. කලබල වූ අතුල රථය මාර්ගය අයිනට ගන්නට හැදුවද ඔහුගේ පාලනයෙන් මිදුනු එය වේගයෙන් මාර්ගයෙන් ඉවතට පැන කාණුවට පෙරලී ගියේ ඇතුලත සිටි දෙදෙනාට කිසිවක් කරගැනීමටවත් කාලයක් නොතබාය.
*************************************************************************

“මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක්.. ඊ‍යේ රාත්‍රියේ දංකොටුව ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන ඒකකයේ සේවය කල නිළධාරියෙකු ඉතාමත් දරුණු ආකාරයෙන් කපා කොටා ඝාතනය කර ඇත. ඔහු ගමන් කල මෝටර් රථය අනතුරකට ලක්වී මාර්ගය අයිනේ පෙරලී තිබියදී සොයාගැනුණු අතර එය පරික්ශා කල විට තවත් අයෙකු රථයේ සිට ඇති බව පොලිසිය පවසයි. නමුත් එම පුද්ගලයා මිනිමැරුම සිදුවූ ස්ථානයේ හෝ ඒ අවට නොසිටි බව පවසන පොලිසිය ඔහු මෙම මිනීමැරුම කර පලා යන්නට ඇතැයි සැක කරනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ශණ තවමත් සිදු කරන බැවින් තවත් තොරතුරු ලද සැනින් අපි ඔබට ගෙන එනවා…..”

ඉස්කෝලෙ නිවාඩු කාලෙ නිසා ටීවී එකේ යන කාටූන් බලන්න ඉඳගත්තු මං මුලින්ම දැක්කෙ ඒ නිව්ස් එක. නොදකින් උදේ පාන්දරම අපිට මෙව්වනෙ යකෝ බලන්න තියෙන්නෙ. අම්මපා ලංකාවත් දැන් නිකන් එල් සැල්වදෝර්, හොන්ඩුරාස් වගේ ජීවත් වෙන්න සුදුසුම නැති රටක් වෙලානෙ. කොයි වෙලාවෙ බැලුවත් මිනි මැරුමක්, හොරකමක් නැත්තම් දූශණයක්. ටීවි එකත් ඕෆ් කරපු මං එලියට ආවෙ වත්තෙවත් ටිකක් ඇවිදින්න හිතාගෙන. අද ගෙදරත් කවුරුත් නැති නිසා මට දැනුණෙ පුදුම පාලුවක්. කල්පනා කර කරම වත්තෙ ඇවිදපු මං ටිකක් කැලේ වැඩි පැත්තට ගියේ ඒ හරියට මං කලින් ගියෙ නැති නිසා. සමහර පඳුරු මටත් වඩා උසට වැවිලනෙ. අම්මපා මෙව්වා කාටහරි කියලා සුද්ද කරවන්න ඕනෙ.

“ච..ර..ස්..”

වේලිච්ච කොල පොඩිවෙන හඬක් නිසා මං වටපිට බැලුවෙ මොකක්ද කියලා බලන්න. මගෙ ඇස් වලට අහුවුණේ බල්ලෙක්ගෙ ඡායාවක්. ඒත් ඊලඟ මොහොතේ ඌ පේන්න හිටියෙ නෑ. වටපිට බැලුවත් ඒ හදිසියට ඌ කොහෙහරි ගිහින් තිබුණා. අයාලෙ යන එකෙක් වෙන්නැති කියලා හිතපු මම ආයෙම ඉස්සරහට ඇදුණා. ඒත් එක්කම මගෙ ඉස්සරහින් දිව්වෙ බල්ලෙක්. “දෙයියනේ…!” මට කියවුණා. ඒ හිටියෙ මීට දවස් ගාණකට කලින් මං වලලා දාපු ෂැඩෝ නේද. මං ආයෙ ඌව හෙව්වත් පේන්න හිටියෙ නෑ. නෑ නෑ ඒ ඌ වෙන්න බෑ ඒ වගේම වෙන එකෙක් වෙන්නැති. එක වගේ බල්ලො කීයක් ඉන්නවද. ඒත් මගෙ ඒ සිතිවිල්ල වැරදිලා ගියේ මුලු මූණම තැලිලා පොඩිවෙලා මදිවට කුණු වෙලා තිබ්බ බල්ලෙක් මගෙ ඉස්සරහට ආපු නිසයි. එකපාරටම වෙච්ච දේ නිසා බයවෙච්ච පාර මං එහෙමම ගල් ගැහිලා හිටියා. ඒ හරියම කුණු ගඳ ගහන්න ගත්තෙ මට හුස්මවත් ගන්න බැරි වෙන විදිහට. මගෙ ලඟටම ආපු බල්ලා ගැලවිලා යන්න ඔන්න මෙන්න තිබ්බ ඇස් වලින් මං දිහා බලාගෙන උගෙ දත් ටික විලිස්සුවෙ මහ බයානක විදිහට. හෙමින් හෙමින් පිටිපස්සට අඩිය තිබ්බ මං දිහාවට ඌත් අඩියක් තිබ්බෙ මගෙ හදවත මහ හ‍යියෙන් ගැහෙද්දි.

“ෂැඩෝ…”

ඌට කතා කලත් ඔලුව ටිකක් හරවලා මං දිහා බලපු ඌ එකපාරටම මගෙ ඇඟට පැන්නෙ මහ හයියෙන් ගොරවගෙන. ඊට කලින් ඉස්සර උනු මං මට පුලුවන් තරම් වේගෙන් දුවන්න පටන් ගත්තෙ කැලේ බිඳගෙන. ඒත් මං දුවන පාරෙ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා තේරුණේ පරිසරය එන්න එන්නම අඳුරු වෙන්නත්, කැලේ වැඩි වෙන්නත් ගත්තු නිසා. කොච්චර දුරක් දිව්වද කියලා මං දැනන් හිටියෙ නෑ. පිටිපස්සෙන් ආපු ෂැඩෝගෙ හඬත් මට තව දුරටත් ඇහුණෙ නැති නිසා මං නැවතිලා වටපිට බැලුවෙ මං මේ කොහෙද ඉන්නෙ කියලා. එතන පුංචි හුරුපුරුදු කමක් දැනුණත් ඒ කොහෙද කියලා මගෙ ඔලුවට ආවෙ නෑ. වටපිට බල බල ඉස්සරහට ගිය මං දැක්කෙ ඇඟ කිලිපොලා යන දර්ශණයක්.

*************************************************************************

ඉතිරිය දිනපතා රෑ 9යට

Valar Dohaeris ?

? Lone Wolf ?
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.