Katha Ahura

දෝණී | 31 කොටස | හොල්මන් කතා |

5/5 - (2 votes)

#31 කොටස

කැලය බිඳගෙන කෙසේ හෝ එයින් පිටතට පැමිණි සඳුන් යාබද වූ නිවසක් දැක එහි වසා තිබුණු දොරට තඩි බාන්නට වූයේ උදව් ඉල්ලමිනි. නමුත් කෙතරම් දොරට ගැසුවද නිවසේ කිසිවෙකු සිටින බවක් දක්නට නොවූ නිසා ඔහු නැවතත් සැරසුණේ දුවන්නටය.

“මෙන්න මං එනවා….”

එක්වරම ඔහුට ඇසුණේ අර කාන්තා කටහඬය. භීතියට පත් හෙතෙම දුවන්නට අතක් නොමැතිව කලබලයෙන් වටපිට බැලුවේය. ඔහුගේ නෙත ගැටුණේ නිවසේ ඉස්තෝප්පුවේ තිබුණු ගෝනි උර කිහිපයකි. ඉස්තෝප්පුවේ මුල්ලකට ගිය ඔහු ගෝනි උර කිහිපය ගෙන තමා වැසෙන සේ දමාගෙන හැකි තරම් ගුලි වී දෑස් පියාගත්තේය.

“සඳුන්…..”

ඒ‍ ඇසුණේ අර යක්ශණියගේ කටහඬය. තදින් දෑස වසාගත් ඔහු එක් අතකින් තම මුවද වසාගත්තේ හුස්ම ගැනීමේ ශබ්දය පවා පිටතට ඇසේ යැයි බියෙනි. තමා වැටී සිටින තත්ත්වය ගැන ඔහුට සිතාගත නොහැකි විය. තමා පසුපස හොල්මනක් හඹා එන්නේ ඇයිද යන්නවත් ඔහුට සිතාගත නොහැකි විය. දැඩි ලෙස භීතියට පත් වී සිටි හෙතෙම කල්පනා කලේ තමන්ගේ උදව්වටවත් කිසිවෙකු නොමැති නිසා මෙයින් ගැලවෙන්නේ කෙලෙසද කියායි. එවිටම වාගේ ඔහුට ඇසෙන්නට වූයේ තමා අසළම වාගේ කිසිවෙකු ගමන් කරන අඩි ශබ්දයකි.

“සඳුන්…. එන්නකෝ මෙහෙට…. ඇයි ඔයා හැංගිලා ඉන්නේ….. එන්නකෝ……”

ඇය තවමත් මිහිරි හඬකින් තමාට ඇය ලඟට එන්නයැයි පවසමින් සොයමින් සිටියි. සඳුන්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. හුස්ම ගැනීම පවා මොහොතකට නතර කල ඔහු මඳක් සවන් දුන්නේ ලඟම වාගේ ඇසුණු ඇගේ හඬ කොහිද කියාය.

“හොයාගත්තා……”

පොරවාගෙන සිටි ගෝනි උර සියල්ලම ඈතට විසිවී ගියේ සඳුන්ගේ බෙරිහන් දෙන හඬ මැදය. ඔහුගේ දෑස ඉදිරියේ සිටියේ ඇයයි.

“එ…එපා…….!!!”

දනිපනි ගා නැගිටගත් සඳුන් මාරාවේශ වූවෙකු මෙන් දුවන්නට වූයේ දැඩි ලෙස භීතියට පත්වීය.

“හඃ හඃ හඃ හා…..!!! දුවපන්…. පුලුවන් තරම් දුවපන්…. හහ් හා හා….”

ඇගේ වියරු හඬින් තම දෙසවන් පිරී යද්දී සඳුන් එම නිවසින් පිටවී අඩි පාරක් දිගේ නැවතත් දිව යන්නට විය. නමුත් ඔහුට වැඩි දුරක් දුවන්නට වූයේ නැත.

“දොහ්…!”

“ආ…..හ්”

පපුව හරහා වැදුණු වේගවත් පහරකින් ඔහු විසිවී වැටුණි. වැදුණු පහරේ සැරකමට ඔහුගේ පපුව සිරවී හුස්ම ගැනීමට පවා අපහසු වූ හෙතෙම ඉතාමත් අපහසුවෙන් ඉහළට ඇදුණු හුස්ම නැවත පහලට දැමීමට උත්සාහ කලේය. විනාඩියක් පමණ හුස්ම හිරවී දැඟලූ ඔහු යාන්තමින් හුස්මක් නැවත ඉහලට ගත්තා පමණි. ඔහුගේ මුහුණ හරහා වැදුණේ කාගේ හෝ දැඩි පා පහරකි. පහර කාගෙන නැගිටගත් සඳුන් වටපිට බැලුවේ පහර දෙන්නේ කවුරුන්ද කියාය.
වළාකුලකින් වැසීගෙන යන සඳ එලියෙන් ඔහු දුටුවේ නින්ජාවරයෙකු මෙන් කලු පැහැයෙන් මුලු සිරුරම වැසෙන සේ හැඳගත් ඇස් දෙක පමණක් විවෘතව තිබුණු තමා දෙසම බලාගෙන සිටින පුද්ගලයෙකි.

“ක්..ක..වු..ද උඹ…??”

“උඹේ මාරයා….”

එසේ පැවසූ අභිරහස් පුද්ගලයා සඳුන්ට නැවත පහර දෙන්නට පටන් ගත්තේය. නමුත් යුධ හමුදා පුහුණුවේදී සටන් කලාව හොඳින් හදාරා තිබුණු සඳුන් ඒ සෑම පහරක්ම සාර්ථක ලෙස වැළකුවේය. නමුත් සතුරාගේ වේගය තමාට සිතාගත නොහැකි ලෙස වැඩි වෙමින් තිබූ නිසා තමාට මේ සටන පහසු නොවන බව සඳුන්ට වැටහුණි. කෙසේ හෝ ඔහුට අනෙකාට පහරවල් කිහිපයක් එල්ල කිරීමට හැකියාව ලැබුණිද අභිරහස් පුද්ගලයා විසින් එල්ල කල දරුණු පහරවල් හමුවේ සඳුන් දුර්වල වෙමින් පැවතිනි. උඩ පැන වටයක් කැරකුණු අනෙකා සඳුන්ගේ හිසට එල්ල කල වේගවත් පාපහරින් ක්ලාන්ත ගතියක් දැනුණු ඔහු සිහි විසඥනව කපා හෙළූ කෙසෙල් කඳක් සේ බිම ඇද වැටුණි. සඳුන් දෙස බලා සිටි අභිරහස් පුද්ගලයා සඳ වලාකුලකින් වැසී යනවාත් සමඟම අඳුරට මුසුවී අතුරුදන් විය. ඒ සමඟම එතැනට පැමිණි තවත් කෙනෙකු විසින් සඳුන්ව පොළොව දිගේ ඇදගෙන යන්නට විය.

සිහිනයක් දුටුවාක් මෙන් අවදි වූ සඳුන් වටපිට බැලුවේ තමන් සිටින්නේ කොහිද කියාය. සුවපහසු යහනක් මත සිටි ඔහු දුටුවේ තමා සිටින්නේ කොහේ හෝ සුඛෝපබෝගී කාමරයක බවයි. පුදුමයෙනුත් පුදුමයට පත් වූ ඔහු තමාවම කොනිත්තා ගත්තේ මේ දකින්නේ සිහිනයක්ද යන්න සැක හැර දැනගැනීමටය. නැත තමා සිටින්නේ සැබෑවටම සුඛෝපභෝගී කාමරයකය. නමුත් මේ කොහිදැයි ඔහු දැන සිටියේ නැත. තමාව අතපත ගා බැලූ ඔහු කලින් සිරුරේ වූ කිසිදු තුවාල කැළලක්වත්, ඒ තියා තමාගේ ශරීරයේ මෙන්ම ඇඳුම් පැළඳුම් වලද කිසිදු කිලිටි ස්වභාවයක් නොමැති බව දැක තවත් පුදුම විය.

“ඔයා ඇහැරුණාද සඳූ…?”

තමා ඉදිරියෙන් ඇසුණු කටහඬින් එදෙස බැලූ සඳුන්ගේ දෑස් උඩ ගිය නමුත් ඊලඟ මොහොතේ සිතේ හටගත්තේ බියකි.

“ස්..ස…ස..ඳ..සා..වි…..???” ඔහු ගොත ගැසුවේය.

තුවායක් පමණක් ගත දවටාගෙන සිටි සඳසාවි ඔහු දෙස බලාගෙන සිනාසීගෙන සිටියාය. තමා හා මිතුරන් එක්ව ඇයව දූශණය කර, වස පොවා මරා දැමූ ආකාරය ඔහුට තවම මතකය. නමුත් ඇය තමන් ඉදිරියේ ජීවමානව සිටීම විශ්වාස කල නොහැකි විය.

“සඳූ…? ඇයි මේ බයවෙලා වගේ… මොකද එන්ජෝයි කලාට පස්සෙ මාව දැක්කම බය හිතෙනවද ඔයාට…? හි..හි..හි…” යි පවසමින් ඇය ඔහු අසළට ආවාය.

යහනින් බිමට බැසීමට සැරසී සිටි සඳුන් නැවතත් යහන මතට නැග්ගේ බියෙනි. නමුත් සිතෙහි ඇතිවී තිබුණු බිය පරදවා ඔහුගේ කාමුක සිතුවිලි උඩට මතුවන්නට වූයේ සඳසාවිගේ තුවායෙන් පමණක් වැසී තිබුණු ශෘංගාරාත්මක සිරුර දැකීමෙනි. ඇය යහන මතට දෑත් තබා ඉදිරියට නැමුණේ ඔහුගේ බියජනක සිතුවිලි මුලුමනින්ම පහකර කාමුක සිතුවිලි වලින් සිත පුරවා දමමිනි.

“සඳූ…. මාව ගන්නකෝ ඔයා ලඟට….” ඇය සෙමින්, අනුරාගී ලෙස මිමිණුවාය.

“ඒ..ඒත් ඔයා මැ..මැරුණනෙ…. කො..කොහොමද…. ඔ…”

“ෂ්ෂ්…… ඒවා අපි පස්සෙ කතා කරමු…. දැන් එන්නකෝ ඇවිත් මාව ඔයා ලගට අරගෙන සැනසෙන්නකො එදා වගේම….” ඔහුගේ කතාව නැවත්වූ ඇය ඔහුගේ මුව ලඟටම විත් මිමිණුවාය.

ඒ දෑස් දෙස කෙලින්ම බැලූ සඳුන් වශීකෘත වී ඇය දෙස බලා සිටියේය. ඔහුව යහනෙහි පෙරලා දැමූ ඇය හැඳ සිටි තුවාය ගලවා විසි කලාය.

“ආ…..!!!” සඳුන්ගේ මුවින් නිකුත් වූයේ බියපත් හඬකි.

සඳසාවිගේ ශරීරයේ පපුවක් තිබුණේ නැත. එය අතුරුදන්වී එතැන කුණුවී ඕජස් ගලමින් තිබුණි. එහි මස් තුලින් එලියට ආ පණුවන් සඳුන්ගේ පපුව උඩට වැටෙන්නට විය.

“එපා…. අයින් වෙයන් මගෙ ඇඟ උඩින්…. අයින් වෙයා….න්… ආ……”

නමුත් ඔහු කෙතරම් දැඟලුවද ඔහුට ගැලවීමක් නම් නොවීය. ඇය වියරුවෙන් ඔහු දෙස බලමින් සිනාසෙමින් සිටියාය.

“ඇයි උඹට මගෙන් සතුටු වෙන්න බැරිද යකෝ…..?? එදා මේ ඇඟ නේද උඹට ඕන උනේ ආ….? උඹ මේ ඇඟෙන් හොඳට සතුටු උනා නේද….? ඇයි උඹට දැන් බැරිද මේකෙන් සතුටු වෙන්න….??? හඃ හඃ හඃ හඃ හා……!!!”

ඇගේ වියරු සිනා හඬින් මුළු කාමරයම දෝංකාර දෙන්නට විය. ඒ දෝංකාර හඬට සඳුන් බලා සිටියදීම කාමරයේ වූ බිත්ති සියල්ලේම කෑලි ගැලවී වැටෙන්නටද බඩු මුට්ටු සියල්ලම විනාශ වී යන්නටද විය. ඔහු තම දෑතින් දෙකන් වසාගත්තද පලක් නොවීය. ඒ සිනා හඬ ඔහුගේ මනස තුලින්ද ඇසෙන්නට විය. මුලු කාමරයම වෙනස් වූයේ මායාවකින් මෙනි. ඊලඟ මොහොතේ ඔහු දුටුවේ අඳුරින් පිරුණු කුණු ගඳ ගහන කාමරයකි. ඔහුගේ ශරීරයෙන් සඳසාවි ඉවත්වී ගොස් තිබුණද ඇගේ වියරු සිනා හඬ තවමත් පාලු කාමරය තුල දෝංකාර දෙමින් පැවතිණි.

“ඇයි එදා මට එහෙම කලේ සඳූ…? ඔයාට මං කොච්චර ආදරේ කලාද… ඔයාට මගෙ හැමදේම දුන්නා… ඒත් ඔයා මට සැලකුවෙ බැල්ලියෙක්ට වගේ… මට පේන්නම වෙන කෙල්ලො එක්ක රවුම් ගහපු ඔයා මාව හොයන් ආවෙ හරියට තමන්ගෙ ගෑනි ඉද්දි වේසියෙක් ගාවට යන පිරිමියෙක් වගේ ඔයාගෙ ආසාවල් ඉශ්ට කරගන්න විතරයි… ඔයා මගෙන් ඈත් වෙලා ගියාම මාව හුඟාක් තේරුම් ගත්තු, මේ ලෝකෙ මට වැඩිපුරම ආදරේ දුන්නු කෙනා එක්ක මං සතුටින් ඉද්දිත් ඒක බලන් ඉන්න බැරුව ඇයි මට සැරින් සැරේ වද දුන්නෙ…? අම්මා තාත්තා නැති එකී කිය කිය ඔයා මාව කොන් කරද්දි තාත්තා කෙනෙක් වගේ එයා මාව ආදරෙන් බලාගද්දි ඔයා කලේ ඒ කෙනාවත් මට නැති කරපු එක… ඇයි එහෙම කලේ මට… අන්තිමට උනේ මං මේ ලෝකෙ තනිවුණ එක… ඒත් ඔයා මට ඉන්න දුන්නෙ නෑ… එදා බඩගින්නෙ හෙම්බත් වෙලා, ඇවිදගන්නවත් බැරුව හිටපු මාව ඇදන් ඇවිත්, මේ කාමරේම අද ඔයා වැටිලා ඉන්න තැන මං ඔයාගෙ කකුල් දෙක අල්ලලා වඳිනකොටත් ඔයාගෙ යාලුවො එක්ක එකතු වෙලා මාව මාරුවෙන් මාරුවට දූශණය කලා මතකද සඳූ….?? ඊටපස්සෙවත් මට යන්න නොදි මං වතුර ටිකක් ඉල්ලද්දි මට වහ පොවලා මං මැරෙනවා බලාගෙන හිටියා මතකද ඔයාට….? ඇයි එහෙම කලේ සඳූ ඇයි….???”

සඳසාවිගේ කටහඬේ ගැබ්වී තිබුණේ ශෝකයකි. ඒ ශෝකී හඬින්, වසර පහකටත් කලින් තමා විසින් කල ඒ අපරාධය ඇය විසින් කියද්දී ඔහුගේ සිතට දැනුණේ තමා කෙතරම් පවුකාරයෙක්ද යන්නයි. ඔහුගේ දෑසින් කිසිම දාක සිදු නොවූ අයුරින් කඳුලු කඩා හැලෙන්නට විය.

“හඃ හඃ හඃ හා….. අඬපන් දැන්… උඹ කරපු පව්කාරකම් වලට අඬපන් සඳුන්…. උඹ මට එදා දීපු වද වලට අද මං උඹට ඊට වඩා දහස් ගුණයකින් වද දීලයි මරන්නෙ… අඬපන් දැන්… හඃ හඃ හඃ හහා…..!!” ඇය නැවතත් සිනාසෙන්නට විය.

“අ..අ..අනේ… මට සමා…වෙන්න න.. ස..ඳූ….. ම..ට….”

“නවත්තපන් උඹේ ඔය බොරු ඇඬියාව….!!!” සඳසාවි කෑගැසුවාය. “දැන් උඹට මගෙන් කිසිම ගැලවීමක් නෑ… මේ මොහොත වෙනකල් මං හුඟාක් කල් බලන් හිටියා…. උඹේ යාලුවො එකින් එකාව මං මරලා දැම්මෙත් මේ කාමරේ ඇතුලෙදිමයි… මාව මරලා දාපු මේ කාමරේ ඇතුලෙදිම උඹේ මරණෙත් සිද්ද වේවි…. හඃ හඃ හඃ හා හා…..!!!”

ඒ වදන් ඇසෙද්දී සඳුන්ගේ බිය දස ගුණයකින් වැඩි වූයේ ඔහුගේ කලිසම පවා තෙත් කරමිනි. ඔහුගේ මිතුරන්ට අත්ව තිබූ ඉරණම ඔහු දැක තිබූ නිසා ඔවුන්ගේ මළමිනී තිබූ ආකාරය ඔහුට මැවී පෙනෙන්නට විය. තමාටද අත් වන්නට යන්නේ ඒ ඉරණමම බව මතක් වෙද්දිත් ඔහුගේ ගත කිලිපොලා ගියේය. සඳසාවිගේ වියරු සිනා හඬ කාමරය පුරා තවමත් දෝංකාර දෙමින් තිබියදී කාමරයේ දොර දෙසින් ඇසුණු පා හඬට හිස ඔසවා බැලූ සඳුන් දුටුවේ හුරුපුරුදු රුවකි.

“සංදීපයා…..???” සඳුන් ප්‍රීතියෙන් ඉහවහා ගොස් කෑගසමින් නැගිට්ටේය.

නමුත් ඔහු සිතුවා වැරදිය. ඔහු සංදීප් අසලට දිව යන විටම ඔහුට එල්ල වුණේ දැඩි පාපහරකි.

“ආ…..හ්…!!! ඇ…ඇයි බං මේ…. අ..ම්…මේ…හ්….” බිම වැටුණු සඳුන් සංදීප් ඉදිරියේ දණගසාගෙන වේදනාවෙන් මිරිකෙමින් ඇසුවේය.

“හහ්… උඹ හිතුවද යකෝ මං උඹව බේරගන්න ආවා කියලා…? නෑ…. උඹ එදා මරලා දැම්මෙ මගේ අක්කා වගේ මට ආදරේ කරපු ඒ රත්තරන් කෙල්ලව යකෝ….” සංදීප් පොලොවේ අඩි හප්පා කෑගැසුවේය. “එදා නපුංසකයෙක් වගේ මං පැත්තකට වෙලා උඹලගෙ අපරාදෙ දිහා බලන් හිටියෙ මගෙ ජීවිතේ ගැන තිබුණ බයට… ඊටපස්සෙ තොපි මාව තොපේ අර කුණු ඇමතියා ලව්වා මිනිස්සු දම්මලා බය කලා නේද…? එදා ඉඳන් මං හිටියෙ තොපිත් එක්ක ලොකු වෛරෙකින්… තොපිව මගෙ ඇස් දෙකට පේද්දි ඉවසන් ඉන්න බැරි නිසා මං මගේ පවුලේ උන්ට කරදර කරලා මෙහෙන් යන්නම ගියා… ඒත් මං කවදහරිම උඹලගෙන් පලිගන්නවා කියලා මටම දිවුරලා තිබුණෙ… හහ් හා හා…. උඹ දන්නවද උඹේ අර පොන්න යාලුවො ටික එකා එකා ජීවිතේ ඉල්ලලා වැඳ වැටෙද්දි මං උන්ට වද දුන්නෙ කොච්චර ආසාවෙන්ද කියලා…? නෑ සඳුනෝ…. උඹව මං ඊට වඩා වේදනාවක ගිල්ලනවා…. උඹ මගෙන් උඹේ මරණය ඉල්ලනකල්ම උඹට මං වද දෙනවා…. පර බල්ලා….!!!” යි කෑගසා පැවසූ සංදීප් සඳුන්ට බිම පෙරලාගෙන පහර දෙන්නට විය. ඔහුව ඔසවාගත් සංදීප් සඳුන්ගේ හිස බිත්තියේ තදින් හැප්පුවේ ඔහු වේදනාවෙන් කෑගසද්දීය.

“එ…පා….. අ…අ..නේ…. ම..ල්..ලී…. ම..ට… ය…න්…න…. දි…ය…න්…..” සඳුන්, සංදීප්ගේ පාදයක් බදාගෙන හැඬුවේය. නමුත් සංදීප්, සඳුන්ගේ කොන්ඩයෙන් අල්ලා ඉහලට එසවීය.

“උඹට දෙවියොවත් සමාව දෙන්නෙ නෑ යකෝ…. ඉතින් අපි ලඟ උඹට දෙන්න සමාවකුත් නෑ…” එසේ පැවසූ සංදීප් ඔහුව කොණ්ඩයෙන් ඇදගෙන ගොස් කාමරයේ මුල්ලක වූ පුටුවක ඉන්දවා ලණු වලින් අතපය පුටුවට තබා තදින් ගැටගැසුවේය.

“හඃ හඃ හා… දැන් ලෑස්ති වෙයන් උඹේ මරණෙට….” යි පැවසූ සංදීප්, සඳුන්ගේ මුහුණට අත මිට මොලවා පහරවල් කිහිපයක් ගසා එතැනින් නික්ම ගියේය.

සංදීප් නික්ම ගිය පසු සඳුන් තමාව නිදහස් කරන ලෙස ඉල්ලමින් කෑගසන්නට විය. ඒ අඳුරු කාමරයේ වේදනාවෙන් සිටි ඔහු තමා බැඳ තිබූ පුටුවෙන් ගැලවීමට දැඩි උත්සහයක යෙදුනි.

“සඳුන්….” නැවතත් කාමරයට පැමිණියේ ඔහුට කලින් වතාවේ පහර දුන් අභිරහස් පුද්ගලයාය. මෙවෙලෙත් ඔහු මුහුණ වසා සිටියේය.

“ක..වු..ද උ..ඹ…?”

“උඹ මාව දන්නවා සඳුන්… මතක නැත්තම් මතක් කරගනින්…” අභිරහස් පුද්ගලයා තම පැලඳ සිටි වෙස් මුහුණ ගැලෙව්වේය.

“උ..උ..ඹ…??? උඹ නේද අහස්…? පර බල්ලා….!!!” සඳුන් කෑගැසුවේය.

“ඔව් යකෝ මං තමයි… උඹ එදා මගෙන් ඒ කෙල්ලව වෙන් කලා මතකයි නේද…? වෙන් කලත් කමක් නෑ උඹ ඒ අහිංසක කෙල්ලව වද දීලා මරලා දැම්මා… උඹට අද ඒවට දඩුවම් විඳින්න වෙනවා සඳුන්…” එසේ කියා අහස් සඳුන්ව බැඳ තිබූ බැමි ලෙහා දැම්මේය. “උඹව බැඳලා දාලා නපුංසකයෙක් වගේ වද දෙන්න මට ඕන නෑ…”

“එපා…. එපා…..!!!” සඳුන් කෑගසද්දිම ඔහුගේ අතක් අල්ලාගත් අහස් ඇඟිල්ලක තිබූ නියපොත්තක් අඬුවකින් අල්ලා ගලවා දැම්මේය.

“මේ පව්කාර අත් වලින් නේද උඹ ඒ කෙල්ලගෙ කම්මුල් වලට ගැහුවෙ…??” යි පවසමින් අහස්, සඳුන්ගේ දෑතේ සියලුම ඇඟිලි වල තිබූ නියපොතු සියල්ල ගලවා දැම්මේ සඳුන්ගේ වේදනාත්මක විලාපය හමුවේය.

“ආ…….හ්….. ආ…..හ්…. න…න..ව..ත්..ත..ප…න්….” සඳුන් වේදනාවෙන් කෙඳිරි ගෑවේය.

නමුත් අහස් එය කණකට ගත්තේ නැත.

“මේ පව්කාර කකුල් වලින් නේද තෝ ඒ කෙල්ලට බිම දාගෙන ගැහුවෙ…?” යි පැවසූ ඔහු නැවතත් සඳුන්ගේ පාද වල ඇඟිලි සියල්ලේම නියපොතු ගලවා දැම්මේ හිතක් පපුවක් නැත්තෙකු ලෙසය. වේදනාවෙන් විලාප දුන් සඳුන් සිහි විකල් වූවෙකු මෙන් දැඟලුවේය.

“එ…ප්…පා…….” යාන්තමින් කෙඳිරි ගෑ සඳුන්, අහස් දෙස හෙළුවේ ආයාචනාත්මක බැල්මකි.

“මේ කටින් නේද උඹ ඒ අහිංසකීට කුණුහරුප කියලා බැන්නෙ…? අම්මෙක් අප්පෙක් නෑ කියලා අවජාතකී කියලා නියම අවජාතකයෙක් වගේ අපහාස කලේ…? උඹට මම…”

ඊලඟට ගැලවුනේ සඳුන්ගේ මුවෙහි වූ දත් කිහිපයකි. ඔහුගේ විලාපයෙන් මුලු කාමරයම දෝංකාර දුන්නේය. තත්පර කිහිපයක් දැඟලූ ඔහුගේ සිහි විසඥ වීමෙන් පසු අහස් ඔහු දෙස බලා සිටියේ දැඩි වෛරයකිනි. සංදීප් ගෙනැවිත් දුන් ජල බඳුනේ තිබූ ජලය සඳුන්ගේ මුහුණට දමා ගැසූ ඔවුන් දෙදෙනා එතැනින් ඉවත්වී ගියේ ඔහුට සිහිය ඒමට පෙරය. ඔවුන් පිටව ගොස් විනාඩියක් ගත වීමටත් ප්‍රථම සිහිය ලැබුණු සඳුන් වේදනාවෙන් ඇඹරෙමින් කෙඳිරි ගෑවේය. ඔහුට ඔහුගේ අතපය සොලවා ගැනීමටවත් නොහැකි තරමින් ඒවා වේදනාවෙන් ඇදුම් කන්නට විය.

“සඳුන්……”

නැවතත් කාමරය සඳසාවිගේ හඬින් පිරී යද්දී සඳුන් භීතියෙන් හිස ඔසවා එදෙස බැලුවේය.

“බුදු අම්මෝ….!!!” ඔහුගේ මුවින් නිකුත් වූයේ භීතියට පත්ව කල කෑගැසීමකි.

“ස..ඳු….න්…..”

ගොර ගොර හඬකින් ඔහුව අමතමින් සිටියේ සඳසාවි නොවේ. එතැන සිටියේ මළ යකින්නකි. ඔහුගේ සිතට පළමුවෙන් පැමිණියේ එයයි. සුදු පැහැති තැනින් තැන ඉරී ගිය දිගු මිනී ගවුමක් හැඳ, කොණ්ඩය මුහුණ වැසෙන සේ කඩාගෙන සිටි ඇගේ ශරීරයේ තැනින් තැන මෙන්ම මුහුණද රුධිරයෙන් වැසී ගොසිනි. මුවෙහි එක පැත්තක් කන ලඟටම වන තෙක් පැලී කුණුවී තිබුණි. කාමරයේ වූ මඳ ආලෝකයෙන් ඔහු දුටුවේ ඇගේ එක් ඇසක් සිදුරු වී මස් ගැලවී පිටතට විත් තිබුණු අතර අනෙක් ඇසින් ඔහු දෙස රවාගෙන බලා සිටින ආකාරයයි. ඇය එක් පාදයක් පොලොව දිගේ ඇදගෙන ඔහු අසළට එන්නට විය. භීතියෙන් ඇලලී ගිය සඳුන් තම වේදනාවද අමතක කර කාමරයෙන් දුවන්නට සිතා පුටුවෙන් නැගිට ගත්තේය. නමුත් පියවරක් ඉදිරියට තබනවාත් සමඟම සඳසාවිගේ අතක් කාමරයේ එක් පසෙකට දිගු කරත්ම සඳුන්ව එදෙසෙට ඇදී ගොස් බිත්තියේ තදින් වැදී බිම වැටුණි. නැවතත් ඈ කාමරයේ ඒ මේ අතට අත විසිකලේ ඔහුවද එලෙසම බිත්ති වල මෙන්ම ගරා වැටී තිබූ වහලයේද වද්දමිනි. බාගෙට පණ ගොස් මෙන් බිම වැටී සිටි සඳුන්ගේ කොණ්ඩයෙන් අල්ලා ගත් ඇය ඔහුව පොලොව දිගේ ඇදගෙන ගියේ හොඳින් සඳ එලිය වැටී තිබූ නිවස ඉදිරියේ වූ එලිමහන් මිදුල වෙතටය. මිදුලේ එක තැනකට ඔහුව ගෙනැවිත් දැමූ ඈ නැවත අතුරුදන් වූවාය.

වේදනාත්මක පැය කිහිපයකින් පසුවත් තමා මෙලෙස ජීවත් වෙන්නේ කුමකටද යන්න සිතූ සඳුන් සෙමින් කඳුලු සලන්නට වූයේ කුඩා දරුවෙකු මෙනි. නමුත් ඔහුට වැඩිවේලා එලෙස සිටීමට හැකිවූයේ නැත. තමාගේ පිට කිසිවෙකු විසින් හෝ සූරන බවක් දැනුණු හෙතෙම අමාරුවෙන් අනෙක් පස හැරෙන්නට උත්සාහ කලේය. නමුත් කිසිවෙකු විසින් දැඩිව ඔහුව පොලොවට තද කරගෙන පිට සූරන්නට පටන් ගත්තේ ඔහුට නැවතත් මරණීය වේදනාවක් ගෙන දෙමිනි.

“හඃ හඃ හඃ හාහා හා….. හඃ හඃ හඃ හා…… හඃ හඃ හඃ හඃ හහා හාහා…….!!!”

භයානක ලෙස වියරුවෙන් සිණාසෙමින් ඔහුගේ පිටේ මස් වැදලි ගැලවී යන තරම් සතෙකු මෙන් ඔහුගේ පිට සූරමින් නොව හාරමින් සිටියේ වෙන කිසිවෙකු නොව සඳසාවිය. සඳුන්ගේ පිට තනිකරම මස් ගොඩක් මෙන් දිස්වුණේ ලේ විලක් මැද ඔහු වැටී සිටින ආකාරයටය. වේදනාවෙන් කෑගැසූ සඳුන් වේගයෙන් දැඟලුවේය. නමුත් ඔහුට ඇගේ ශක්තියට එරෙහි වීමට තරම් ශක්තියක් තිබුණේ නැත. එලෙසම බිම වැටී සිටි සඳුන්ව නැවතත් අදෘශ්‍යමාන හස්තයකින් මෙන් ඔසවා තැබූ සඳසාවි ඔහු වටා කැරකුණාය. කෙඳිරි ගෑමටවත් හැකියාවක් නොතිබූ ඔහු දෑස් හැර ඇය දෙස බලා සිටියේ මළකඳක් මෙනි.

“දැන් තමා ඔයාගෙ වෙලාව දෝණි… ඉවරයක් කරන්න මේ පව්කාරයව….” එතැනට පැමිණි අහස් කීවේය.

“ඔව් අක්කෙ දැන් තමා වෙලාව… මේ පව්කාරයව මේ ලෝකෙන් යවලා අක්කා නිදහස් වෙන්න අක්කෙ… තවත් මූට අපේ වද දරාගන්න බෑ… මූ බලන් ගියාම අනිත් උන්ටත් වඩා දුර්වලයි….” සංදීප්ද පැවසුවේ වෛරයෙන් සඳුන් දෙස බලාය.

ඔවුන් දෙදෙනා දෙසම බැලූ සඳසාවි ඇගේ සෑබෑ ස්වරූපයට පැමිණියාය.

“බෑ තාත්තී මූ තවත් විඳවන්න ඕනෙ… මූ මේ විඳෙව්වා මදි… මට මූට ත….” ඇයට පැවසීමට හැකිවූයේ එපමණකි.

“ඩෝං……!!!”

පුපුරණ හඬක් සමඟම සඳුන්ගේ හිස කැබලි වලට කුඩුවී ගියේ සඳසාවි කෝපයෙන් බෙරිහන් දෙද්දීය. ඔලුව කුඩුපට්ටම් වී ගිය සඳුන්ගේ නිසල සිරුර කපා හෙළූ කෙසෙල් කඳක් මෙන් බිම ඇද වැටුණි. අහස් හා සංදීප් පිපුරුම් හඬ ආ දෙස බැලූ විට ඔවුන් දුටුවේ ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු වූ කෙනෙකු නොවේ.

“උඹ….???” අහස් ගිගුරුවේය.

“මූ කොහොමද ජීවත් වෙන්නේ….?? මංමූව මගෙ අත් දෙකෙන්මනෙ මරලා දැම්මෙ…” සංදීප්ද කෑගැසුවේය.

“හහ් හා හා…. උඹලට මාව මරන්න බෑ කොල්ලනේ….” ඒ සිටියේ වෙන කිසිවෙකු නොව අතුල ය. ඔහු පාලු නිවසේ වූ කණුවක් අල්ලාගෙන පිස්තෝලය ඔවුන් දෙසට දිගු කරගෙන සිටියේය. “උඹ හිතුවේ මාව මරන්නද අහස්…? නෑ කොල්ලෝ උඹට මාව එහෙම ලේසියෙන් මරන්න බෑ… හහ් හහ් හහ් හා….!!” අතුල උමතුවෙන් මෙන් සිනාසෙන්නට විය.

“උඹ මට මගේ පලිය සම්පූර්ණ කරන්න දුන්නෙ නෑ…. මං උඹව මරණවා….!!!” යි කෑගැසූ සඳසාවි අතුල දෙසට වේගයෙන් ඇදී ගියාය. නමුත් ඈ කෑගසාගෙන නැවතත් පසුපසට පැන්නේ අතුල විසින් ඈ වෙත යම් දෙයක් වීසි කල නිසාය. ඔහුගේ අත තිබුණේ යමක් දැමූ කුඩා කුප්පියකි.

“මට මුගෙ ලඟට යන්න බෑ…. තාත්තී මට මූව මරන්න ඕනෙ….” යි සඳසාවි නැවතත් කෑගැසුවාය.

“ආ කටවහපන් කෙල්ලේ… උඹ වගේ දෙකයි පණහේ ආත්මෙකට බෑ මාව මරන්න… උඹට වඩා දරුණු යක්කු එක්ක මං සෙල්ලම් කරලා තියෙනවා…. උඹ හිතන්නෙ උඹේ තාත්තව එහෙම ලේසියෙන් මේ උඹේ පරණ ප්‍රේමවන්තයට මරන්න පුලුවන් කියලද….?? හඃ හඃ හඃ හා….. දැන් මැරෙන්න ලෑස්ති වෙයන් අහස්….” අතුල උමතුවෙන් සිනාසෙමින් නිවසින් මිදුලට බැස අහස් දෙසට පිස්තෝලය දිගු කලේය. ඔහුගේ මුහුණේ වූයේ භයානක ලෙස උමති වූවෙකුගේ ලකුණුය.

“එයාට මොකුත් කරන්නෙපා….! මං උඹව ඉතුරු කරන්නෙ නෑ මගෙ තාත්තිට මොනාහරි උනොත්….” සඳසාවි කෑගැසුවාය.

“තාත්ති..? මමයි යකෝ උඹේ තාත්තා…. මූ උඹව අතෑරලා දාලා ගිය නිසයි අද උඹ මෙහෙම මැරිලා නරකාදියක ඉපදිලා ඉන්නෙ… කට වහන් හිටපන් මං මූව ඉවරයක් කරනකල්….” අතුල ගිගුරුවේය. “දැන් දෙවියො සිහි කරගනින් අහස්… මේ තමා උඹ ජීවත් වෙන අන්තිම මොහොත….”

අහස්ට හෝ සංදීප්ට කිසිම දෙයක් කරගැනීමට අවස්ථවක් නොතිබුණි. දෙදෙනාම සිටියේ අතුලට මීටර් කිහිපයක් දුරිනි. දුර්වල අවස්ථාවක සිටියද අතුල සිටින්නේ වෛරයෙන් මෙන්ම ආයුධයක් අත තියාගෙන බැවින් ඔවුන් බලා සිටිනවා හැරෙන්නට වෙන කිසිවක් කරන්නට ගියේ නැත.

“උඹ තමයි මාව මරන්න හැදුවෙ… ඉඳා…” යි පැවසූ අතුල සංදීප්ට වෙඩිල්ලක් තිබ්බේ සඳසාවි යටිගිරියෙන් කෑගසද්දිය. වෙඩිල්ල වැදුනේ ඔහුගේ වම් පාදයට බැවින් ඔහු පාදය අල්ලාගෙන බිම දිගා වුනේ වේදනාවෙන් විලාප දෙමිනි.

“ඔය පිස්සුව නවත්තපන් මිනිහෝ….” අහස් කෑගැසුවේය.

“කටවහපන් අහස්….!!! දැන් තෝ ලෑස්ති වෙයන් මැරෙන්න… හාහා හා හා…”

“එපා……..” යි කෑගසමින් එතැනට වේගයෙන් දිව ආවේ වෙන කවුරුත් නොව පහන්දිය.

“ඩෝ……න්….!!!” අතුලගේ පිස්තෝලයෙන් වෙඩිල්ල පත්තු විය.

“ආ…………හ්”

වෙඩිල්ල මැද්දට මුලින්ම පැන්නේ සඳසාවිය. නමුත් ඇගේ සිරුර තුලින් ගිය උණ්ඩය වැදුණේ ඊටත් වඩා වේගයෙන් අහස්ගේ ඉදිරියට පැන්න පහන්දිටය. ඇගේ පපුව හරහා ගිය උණ්ඩය ඇයව බිම ඇද දමද්දී අහස් ඇයව අල්ලාගෙන තම පපුවට මැදි කරගෙන කෑගසා හඬන්නට විය.

“පහන්දී…… අනේ දෙයියනේ මගෙ පහන්දී….. කතා කරන්නකො මගෙ දෙයියෝ…. අනේ මේ මොනාද ඔයා කරගත්තෙ මගෙ මැනිකේ…..”

“හඃ හඃ හා…..”

අතුලගේ වියරු සිනා හඬ ඈතින් මෙන් ඔහුට ඇසෙද්දී ඔහුගේ සිතට නැඟුණේ වචනයෙන් විස්තර කල නොහැකි තරම් වෛරයකි. නමුත් ඔහුට පෙර සංදීප් පොලු කැබැල්ලකින් අතුලගේ හිසට දැඩි පහරක් ගැසුවේ අතුල වේදනාවෙන් කෑගසමින් බිම ඇද වැටෙද්දීය. ඒත් සමඟම ඔහු අත තිබූ කුඩා කුප්පිය සහ පිස්තෝලය ඉවතට විසිවිය. ඒ අවසරයෙන් අතුල දෙසට වේගයෙන් ඇදී සඳසාවි ඔහුව ඔසවා ඈතට විසි කලාය. නැවතත් ඔහු අසලට ගිය ඈ ඔහුගේ ගෙල සිරකරමින් ඉහළට එසෙව්වේය.

“ඩෝන්..! ඩෝන්…!! ඩෝන්…!!!”

වෙඩි හඬවල් කිහිප‍යක් සමඟින් අතුලගේ හිස මෙන්ම පපුවේ කැබලි කිහිපයක් විසිවී ගියේ සිරුරෙන් ගැලූ රුධිරය පිටතට විත් ඒ රුධිරයෙන් මහ පොලොව තෙත් වන විටය. ප්‍රාණය නිරුද්ධ වූ අතුලගේ සිරුර ඉවත දැමූ සඳසාවි පිස්තෝලය අතැතිව සිටි අහස් දෙස බලා ශෝකයෙන් සිණාසුනාය. පිස්තෝලය විසිකර දැමූ අහස් නැවතත් පහන්දි දෙසට දිව්වේය.

“ම..හ..ත්..ත..යෝ….” පහන්දි අමාරුවෙන් අහස් දෙස බලා කෙඳිරි ගෑවාය.

“අනේ කතා කරන්නෙපා මැනික… දෝණී ප්ලීස් මට උදව් කරන්න මගෙ පහන්දිව බේරගන්න ප්ලීස් දෝණි මං ඔයා ඉල්ලන ඕනම දෙයක් දෙන්නම්….” අහස් කෑගැසුවේය.

නමුත් සඳසාවි ඔවුන් දෙස ශෝකයෙන් බලා සිටියා පමණි.

“අහස් අයියෙ… අක්කව අරගෙන මෙතනින් යන්න… අක්කා ආපු වාහනේ අතන මාර ගහ යට තියෙනවලු…. ඔයා යන්න අයියෙ ගිහින් අක්කව ඉක්මණට බේරගන්න මං මෙතන ඉතුරු ටික බලාගන්නම්…” එතැනට අපහසුවෙන් ඇවිදගෙන ආ සංදීප් අහස් අසල වැටී තිබුණු පිස්තෝලය අතට ගනිමින් පැවසුවේය.

“මං ඔයාව බේරගන්නවා මැනික… ඔයාට මොකුත්ම වෙන්න මං ඉඩ තියන්නෙ නෑ….”

කෑගසා පැවසූ අහස් පහන්දිව ඔසවාගෙන සංදීප් පැවසූ දිශාවට දුවන්නට විය. විසල් මාර ගස යට නවත්වා තිබූ ඔහුගේ මෝටර් රථය දුටු අහස් පහන්දි එයට දමාගෙන එයට නැග වේගයෙන් එතැනින් පිටවූයේ හඬමිනි.

*******************************************************************

ඉතිරිය දිනපතා රෑ 9යට

Valar Dohaeris ?

? Lone Wolf ?
සැ.යු – උපුටා ගැනීමකි. සියළුම හිමිකම් කතෘ සතුය

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.