Katha Ahura

ධර්මරාජයාණන් වහන්සේ සිත් ඇසින් දැක ගන්න | වෙසක් පුර පසළොස්වක වෙනුවෙන්

කතාව කොහොමද?

ඉතිහාසය පුරා සෑම දිනක ම නොවරදවා ම හිරුමඬල උදා වූ දහවල එකලු විය. සඳමඬල උදා වී රාත්‍රිය පහන් විය. එහෙත් දන මන නම් වූ අඳුරු ගුහාව ගන බහල අවිඳු අඳුරින් නම් අඩුවක් නො වී ය.

යුග ගණනක් පුරාවට සංසාර රඟමඬලේ නිෂ්ඵල රංගනයක යෙදී හතිවැටුණ දෙවි මිනිස් ප්‍රජාවට සදාකාලික විශ්‍රාමයක අවශ්‍යතාව බලවත් ලෙස දැනුණත් ඒ සඳහා සැබෑ මඟ පෙන්වන්නෙක් නො වී ය. මිසදිටු මායාකරුවන්ගේ කුදිටු වරපොටින් බඳින ලදුව අඳුරු මාවතක නිනව්වක් නොමැති ගමනක යෙදී සිටි අසරණ ලෝ සතුන්ගේ ඇස්බැන්දුම් ගලවන්නට හැකි කිසිවෙක් හමු නො වී ය.

මෙලෙසින් මානව වංශයේ අති දීර්ඝ කාලයක් ගෙවී ගොස් මිසදිටු අඳුරු යුගයේ අවසානය උදා විය. සත්‍යාලෝකයෙන් පැහැබර වූ දෙවි මිනිසුන්ගේ හද මැදුරු තුළින් පැන නැඟුන සාධුකාර නාදයෙන් අහස පොළොව නින්නාද විය.

කඳුළැලි වෙනුවට හසරැල්ලත්, වෛරය වෙනුවට ආදරයත් අන්ධකාරය වෙනුවට ආලෝකයත් මිථ්‍යා මාර්ගය වෙනුවට සම්‍යග් මාර්ගයත් පහළ විය. රැවටිලිකරුවන්ගේ මායා දැලින් අතමිදුන දෙවි මිනිසුන්ගේ තුඩඟ තුඩඟ රාව දුන් “නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස” යන උදාන ගීතය අතරක් නැතිව ඇසෙන්නට විය. ඉතිහාසයේ පුණ්‍යවන්ත වූ පළමු දිනය උදා විය.

එය වෙසක් පුන් පොහෝ දිනයකි. උතුරුසලු නැකත එළැඹි උදෑසන කාලයේ උතුරු දඹදිව හිමව්කුළු වන අරණට යාබද ව පිහිටි රමණීය කපිලවස්තු රාජධානිය පෙර කිසිදා නොවූ අසිරි සිරියකින් සෝභාමත් විය. වෙනදාට වඩා පහන් දොරින් අවදි වූ සුදොවුන් මහා නිරිඳුන්ගේ අගබිසව වූ, දසමස් පිරුණ මව්කුස දරන දෙවඟනුන් පරයන රූ සෝභා ඇති පින්බර මහාමායා දේවීන් වහන්සේට තම මාපියන් දැකීම සඳහා කිඹුල්වත් පුරයට යාම පිණිස සිතිවිල්ලක් පහළ විය.

එය දත් සුදොවුන් රජතුමා ආරක්ෂක රැකවල් යොදා රන් සිවිකාවක හිඳුවා රාජකීය පෙරහරින් පිටත්කර යැවූහ.

මඟ දෙපස සිරි නරඹමින් වඩිනා මායා දේවියට තම නෙතු වසඟ කළ ලුම්බිණි සල් වන පියසේ සිරි විඳ ගැනීමේ ආශාවක් පහළ විය. එය දත් රාජ භටයෝ හාත්පස රැකවල් යෙදූහ. සිවිකාවෙන් බිමට බැස සල් ගස් අතරින් ඉදිරියට වඩිනා දේවියගේ රන්වන් ශරීරය සල් මල් රේණුවලින් හා ලාලිත පවන් රොදින් සිප ගත්තේ ය. අහස්කුසින් ඇදහැලෙන දිවමල් මදාරා පරසතු සුගන්ධය මායාව ඇතුලු රාජකීයයන්ගේ මන රන්ජනය කළේ ය. අහස්කුස රැස් වූ දෙවිවරුන්ගේ සාධු නාද හා පසඟතුරු නදින් දිගන්තයම නින්නාද විය.

මුල පටන් අග දක්වා මලින් පිරී ගිය භද්‍රසාල වෘක්ෂ මූලයක් වෙත වැඩම කළ රන්වන් මායා දේවියට තම කුස හොත් මහ බෝසත් පුත් කුමරු මිහිමඬලේ සිරිපා තබන්නට සැරසෙන බව දැනී ගියේ ය. ශාක්‍ය කුමරියන් විසින් මායා දේවිය පිටතට නො පෙනෙනා සේ වටතිර අදින ලදී.

මායා දේවිය සල් අත්තක් අල්ලා ගැනීම පිණිස දකුණු අත දිගුª කරද්දී ඉහළ තිබූ සල් අත්තක් පාත් වී ඇගේ අත ගත්තේ ය. කාමරාගය ප්‍රහීන නොකළ කිසිවකුටත් මායා දේවියගේ සොඳුරු ශරීරය දැකිය නො හැකි බැවින් අරහත්ත බ්‍රහ්මරාජවරු සතර දෙනෙක් ආකාසයෙන් බිමට බැස තිරයෙන් ඇතුළට පිවිස රන් දැලක් අල්ලා සිටියහ.

අහස්කුස සඳ – හිරු එකවර ම පෙනී ගියහ. දෙවි බඹුන්ගේ සාධු නාදය බලවත් විය. සිහිල්ව හමන පවන් පොදින් දිව්‍යමය සුගන්ධයක් පැතිර ගියේ ය. ගලන ගංගාවෝ නතර වූහ. දිය ගොඩ මලින් පිරී යද්දී සියලු සත්ත්වයන්ගේ සා පිපාසා දුරු විය. අපා ගිනිදැල් නිවී යද්දී ලෝකාන්තරික නිරයට පවා ඒකඝණ වූ ආලෝක ධාරාවක් පැතිර ගියේ ය. අහසේ හා පොළොවේ ඉඳිකටු අගක් පමණ වූ ද අවකාශයක් හිස් නොවී දෙවි බඹුන්ගෙන් පිරී ගියේ ය. දස දහසක් සක්වල එකම සැණකෙළියක සිරි ඉසිලී ය. අරහත්ත බ්‍රහ්මරාජවරු රන්දැල අල්ලා සිටි මොහොතේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇස්, ඉස්, මස්, ලේ, රට, රාජ්‍ය, අඹු, දරුවන් දන් දී පාරමී පිරූ අප මහසත් සිරි සිද්ධාර්ථ කුමරුන් රන් පිළිමයක් සේ බබළ බබළා රන්දැල මත සිරිපතුල් පිහිටවූහ.

ඉන්පසුව සතරවරම් දෙව් රජවරු අඳුන් දිවි සමින් ද, රාජකීයයන් කසී සලුවෙන් ද පිළිගත් පසු සුකෝමල සිරිපා පොඩි මිහිමඬල දෙසට දිගු කළ මොහොතේ රන් පියුම් මතුවී සිරිපා සිප ගත්හ.

අහසින් වැටෙන මල් වරුසා මැද දස දිසා විලෝකනය කළ බෝසත් කුමරුවාණෝ උතුරු දිශාව බලා සත් පියවරක් වැඩම කොට

“මම ලොවටම අග්‍ර වෙමි” යි සීහනාද කළහ.

එය ඇසූ දෙවියෝ නොහිම් තුති ගී කියා සාධුකාර නැංවූහ. අදවන් දිනෙක දෙවියන් සහිත ලෝකයා විසින් ඓතිහාසික වූ ඒ පූජනීය මංගල්‍යය බුද්ධාලම්භන පී‍්‍රතියෙන් සිහිකරනු ලබයි.

ඒ අසිරිමත් බෝසත් උපතින් තිස්පස් වර්ෂයක් ගෙවුන දා නැවත ද පින්බර වෙසක් පුන් සඳ උදා වී සිසිල් කිරණින් බුද්ධගයා පින්බිම ඒකාලෝක විය. සය වසරක දුෂ්කර ක්‍රියාව අතහැර දැමූ මහා සත්ත්වයන් වහන්සේ මැදුම් පිළිවෙතෙහි පිහිටා අස්සත්ථ බෝධිදෘම මුලයෙහි පහළ වූ වජ්‍රාසනය මත අකම්පිත ව අසුන් ගත්හ.

ඒ මොහොතේ එහි පැමිණි මාර සේනාව පරාජය කිරීම පිණිස දකුණු ශ්‍රී හස්තය මිහිමඬලට දිගු කර පාරමී ධර්ම සම්මර්ශනය කළහ. මර සෙනඟ හිස් ලූ ලු අත දිව ගියහ. ආනාපානසති සමාධියට සමවැදුන මහා සත්ත්වයන් වහන්සේ රාත්‍රියේ පූර්ව යාමයේ දී පෙර විසූ කඳපිළිවෙල දක්නා ඤාණ බලය ද, මධ්‍යම යාමයේ දී සත්ත්වයන් උපදින මියැදෙන ආකාරය දක්නා ඤාණ බලය ද අවසන් යාමයේ දී අරහත්ඵල ඤාණ බලය සමඟ අනන්ත ඤාණ, ගුණ බලයන්ගෙන් සමලංකෘත වූ ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත් වූහ.

දෙතිසක් මංගල පෙරනිමිතිවලින් දසදහසක් සක්වා තල ඇලලී ගියේ ය. මහා භද්‍ර කල්පයේ සතරවන වතාවට උදා වූ ඒ සම්බුදු හිරුමඬල අප මහා ගෞතම දම්රජාණෝ ය. නිම් හිම් නැති විමුක්ති සුවයෙන් පිරි ඒ බුදු හදවතින් ‘අනෙක ජාති සංසාරං’ යන අමා ගීතය බ්‍රහ්මස්වර මිහිරෙන් ගුවන්තලයට මුසු විය. අද දින ඒ ඓතිහාසික සම්බුද්ධත්ව මංගල්‍ය කෝටි ලක්ෂයක් සක්වල පුරා දෙවි බඹුන් විසින් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් යුතුව සිහිකරනු ලබයි.

බුද්ධ රාජ්‍යය ලබා සත්සති ගෙවූ භාග්‍යවතුන් වහන්සේ පස්වග තවුසන් සොයා ඉසිපතන මුව වනයට වැඩම කොට ඇසළ පුන් සඳ උදා වී එන රාත්‍රී මුවදොර අනුත්තර ධර්මචක්‍රය ප්‍රවර්තනය කළහ. දහ අට කෝටියක් බ්‍රහ්මයන් සමඟින් කොණ්ඩඤ්ඤ තාපසතුමා අමා නිවන් සුව අවබෝධ කළහ.

එතැන් පටන් පුරා පන්සාළිස් වසරක් සදහම් අමා වැසි ධාරාවෙන් අපමණ සත්ත්වයන්ගේ ගිනි ගත් හදවත් සුවපත් කළ අපගේ ගෞතම දම්රජාණන් වහන්සේට දෙවි මිනිසුන්ගේ අපමණ ගෞරවාදරයක් හිමි විය.

රජ මැඳුරට හා දුගී පැලටත් කුලීනයන් හා කුලහීනයන් වෙතටත්, පෝසතුන් හා දුප්පතුන් වෙතටත් සමසිතින් වැඩම කළ ඒ භාග්‍යවතුන් වහන්සේ අපමණ සත්වග අජරාමර සුවය වෙත යොමු කළහ.

ලෝ සතුන්ගේ නෙතින් නෙත ගැලූ කඳුලු ධාරා වියළී ගොස් විමුක්ති සුවයෙන් සුවපත් විය. බිහිසුණු වනාන්තර රමණීය තපෝ භූමීන් බවට පත් විය. රජතුමාගේ පටන් දුගියා දක්වා වූ මහජන මුලුව සිල්වත් ව ගුණවත් ව සම්බුදු පෙරහරට එකතු විය. චතුරාර්ය සත්‍යාවබෝධයෙන් යුතුව ජාති, ජරා, ව්‍යාධි මරණ සෝ ගිනිදැල් නිවී ගියේ ය.

ධර්මරාජයන් වහන්සේගේ උප්පත්ති මංගල්‍යයෙන් පුරා වර්ෂ අසූවක් පිරෙන දා නැවත ද වෙසක් සඳ උදා විය. කල්ප ගණනක් නො නැවතී ගැලූ මහා කරුණා අම ධාරා උල්පත නො පෙනී යන්නට ආසන්න ව ඇත. උපවත්තන සාල වන උද්‍යානයේ අකලට පිපුණ සල් මල් එකිනෙක බිම පතිත විය. මල්ල රජදරුවන්ගේ හා කුසිනාරා වාසීන්ගේ හැඬීමි වැළපීම් මැද ධර්මරාජයන් වහන්සේ යළි නො නැඟිටිනා සෙය්‍යාවෙන් වැතිර ගත්හ.

සම්බුදු මෙහෙවර නිමවූ බුදුරජාණන් වහන්සේගේ සිරි මුවමඬල අවසාන වතාවට විවර විය.

“මහණෙනි, අවසන් වතාවට නුඹ අමතමි. හටගත් සියල්ලම නැසෙත්ම ය. අප්‍රමාදී ව ධර්මයේ හැසිරෙන්න.

“මේ අවසන් බුදු වදන අනුරාව දී නිහඬ විය. පහන්සිලක් නිවෙන සේ ධර්මරාජයන් වහන්සේ පිරිනිවී සැනසුණහ.

ඒ අසිරිමත් තෙමඟුල පසක් කොට දක්නා ලද වෙසක් සඳමඬල උදාවන අද දින පින්වත් ඔබ සම්බුදු ගුණ මහිමය සිහි කරන්න.ඒ අමා ධර්මයෙන් පේ වන්න. සඟරුවනගේ ආශිර්වාදයෙන් සුවපත් වන්න. නවඅරහාදී බුදුගුණ මෙනෙහි කරමින් ඔබගේ සිත් ඇසින් ඒ ධර්මරාජයන් වහන්සේ දැක ගන්න.

බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමවාසී
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
අභිධර්මය පිළිබඳ කථිකාචාර්ය
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
බලංගොඩ රාධ හිමි

136 thoughts on “ධර්මරාජයාණන් වහන්සේ සිත් ඇසින් දැක ගන්න | වෙසක් පුර පසළොස්වක වෙනුවෙන්”

  1. රුවි බෝලේ සුබපැතුම් අක්කි ummmaa ?????????
    මෙන්න මන් ගානේ මගේ තුදු අක්කි බෝලෙට…

    කෝ අප්පා කස්ටිය..
    නුදී, චුටි, සොනාලි, සකලේ කෝ ඔයාලා

  2. ටීච ලග නෑ වේවැලත් නෑ
    අකුරු පමණක් තියෙනවා
    සිනා හඩ නෑ යහලුවොත් නෑ
    රූපෙ පමණක් පෙනෙනවා…

    විටෙක කැඩි කැඩි සිග්නලුත් මදි
    අපැහැදිලි බව පෙනෙනවා..
    යාලුවොත් නැති කම්මැලිත් ඇති
    මගෙ පුතේ මට දැනෙනවා…

    යහලුවන් මැද උන්නු නුඹ අද
    තනිව දවසක් ගෙවනවා
    පන්තියෙදි නුඹ මෙහෙම නැතුවැති
    නුඹේ දග මම දන්නවා..

    පාලු ඇති ගුරුතුමියටත් පුත
    දරාගෙන ඇය ඉන්නවා..
    ලගින් නැතුවත් ආදරෙයි ඇය
    ඔන් ලයින් එය බෙදනවා..

    දිනෙන් දින වයිරසය දැඩි වී
    ජීවිතත් බිලි ගන්නවා
    ගෙදරටම වී ඉවසපන් පුත
    ජීවිතේ ඉන් රැකෙනවා…

    දුව පැනපු දග කරපු මිතු දම
    හීනෙනුත් නුඹ දකිනවා..
    නුඹත් පව් නුඹෙ යාලුවොත් පව්
    මහ දුකක් මට දැනෙනවා..

    දිනෙන් දින වයිරසය දිනුවට
    නුඹේ පොඩි සිත රිදවලා
    එපා මොහොතක් පසුබසින්නට
    දැනුම ලැබ ගන් කැපවෙලා..

    තබා පා පොඩි ඇවිද යන්නට
    කරවටේ අත දවටලා…
    දිනක් එයි පුත දුක් නෙවනු නුඹ
    යහලුවන් හා එක් වෙලා..

    හැමදාම හවසට වදින විට
    සුවද දෙන වනමල් නෙලා
    කියමු දැනවත් දෙන්න සැනසුම
    බුදු සමිදු පා යුග පුදා. ..

    Copied ….පරිස්සමින් හැමෝම..තෙරුවන් සරණයි..

    Meka කියවල බලන්නකෝ meka මටත් ආව එකක් ලස්සනයි….

    3
    1. ????????ඒක නම් ඇත්ත මං ජැමදාම හීනෙන් දකින්නෙ යාලුවොට්ජ් එක්ක පොර කක කෑම කාපු හැටි මං ප්‍රාර්තතනාකරන්නෙ අනේ ඒ වගේ ????☺️ දවස අපිට ආපහු දෙන්න කීල ????

      1. හුම්ම්ම්ම්ම් ow අප්පා අපේ කොල්ලොත් එක්ක එකට කාල ඉස්කෝලේ වටේ රෝන්දේ ගිහින් පිස්සු කෙලලා ඩෙස් වල චිත්‍ර ඇදල, මිස්ලගෙන් ගුටි කලා…
        වලි දාගෙන, බේරලා… ආතල් එකේ ඉදල හම්බේ ඉතින් මරු අප්පා….
        Hummm මමත් බලන් ඉන්නවා ඒ දවස එනකන්…❤️?? umma…

  3. අනේ කට්ටිය කෝ අප්පා ඔයලා ???, කවුරුත් නැද්ද

    හුම්ම්ම්ම් මමත් යනවා…??

    1. මල්ලිය❤️
      ඔව් අනේ මාත් සැරෙන් සැරේ ඇප් එකට ඇවිත් යනව කට්ටිය ඇවිත් ද බලන්න.කවුරුත් නැතුව තනියෙන් කියවන්න බැරි නිසා ආයෙ යනව ?.

  4. මල්ලිය❤️
    ඔව් අනේ මාත් සැරෙන් සැරේ ඇප් එකට ඇවිත් යනව කට්ටිය ඇවිත් ද බලන්න.කවුරුත් නැතුව තනියෙන් කියවන්න බැරි නිසා ආයෙ යනව ?.

    1
  5. ඔන්න මං ආවෝ මං vedio එක දැම්ම youtube ඔයලා ගිහින් බලන්නකෝ?????????අපේ වෙසක්?

    1
  6. නුදියෝ… ඒ ඔයාගේ චැනල් එක පෙන්නන්නේ නැනේ…. ?
    ලොකු අයියා අලුතෙන් video එකක් දැම්ම එකේ මන් කමෙන්ට් එකක් දැම්ම එකට මොකක් හරි රිප්ලයි එකක් දාන්නකෝ….??? ? එලම අපි ගියා කෙම්ලේ බුදුසරණයි…

    හොර චුටි නැගිට්ටද බෝලේ aaa….? ok ok gb බුදුසරණයි ummm

    1. පෙන්නන් නෑ කියන්න ඔයා කෝමද seach කරෙ කියන්නකෝ ?ඔන්න මං comment එකක් දැම්ම මං එදා ලොකු අයියග්‍ර් පරන vedio එකට comment එකක් දැම්ම ඒකෙන් බලන්න තිබ්බනේ☺️☺️☺️?

      2
  7. හැමෝටම සුබම සුබ උදෑසනක්❤️
    සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක්?
    හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ?
    තෙරුවන් සරණයි

    1
  8. ~ सोनाली ~ (..sonali..)

    සුබම සුබ උදෑසනක් හෑමෝටම ..
    ලස්සන දවසක් ..

    ?????????????????

    මට වැඩිය ෆෝන් එක අල්ලන්න හිතෙන්නේ නෑ දැන් අනේ..ෆෝන් කෙරුවාව එපා වෙලා .. ..ඒකයි ..නැත්තන් එනවා මම ..

    රුවී අක්කි කොහොමද ..

    චූටි කොහොමද මැනිකේ ..

    නුදී..ඔයා මොන අවුරුද්දෙද ..

    දගයා ..
    අර කවි ටික ලස්සනයි .. අපේ සිතුවිලි මයි..මම නම් යාලුවො එක්ක නටලා විසේ කරලා නෑ ..මාඅ ඔහේ මුල්ලකට වෙලා ඉන්න ආස කෙනෙක් …ඒත් ඔන්ලයින් මටත් එපා වෙනවා..යාලුවොන්ගේ කෑගැහිලි මුකුත්ම නෑ…

    දිල් අක්කි ඇවිත් හිටියා දැක්කා..

    සද අක්කි කෝ මගෙ හාවි ඔයා

    සෝසි කුමාරි කෝ ඔයා

    ඔන්න කට්ටියම පරිස්සමෙන් හිනාවෙලා ඉන්න..බුදු සරනයි ඔයාල ඔක්කොටම

    1
        1. මං හොදින් අක්කි ඔයාට කෝමා වෙසක් ඒම තිබ්බද අපිට නම් ජයටම තිබ්බ☺️☺️☺️☺️?????????❤?

          1. ~ सोनाली ~ (..sonali..)

            තිබ්බා තිබ්බා නංගා … හොදට තිබ්බා..වැඩේ කියන්නේ මට රෑට ක්ලාස් නේ..ඉතින් වෙසක් බලන්න වුනේ නෑ ..

            ජයටම තිබ්බද ..මොකක් ද නංගා ඔයාගේ යූටියුබ් චැනල් එක

    1. ගුඩ් මෝර්නින් සොනා නංග❤️
      ඔයත් මං වගේනෙ අලේ ?
      පුලුවන් වෙලාවට එන්න හොඳේ,ආයෙ ඉතිම් කට්ටිය නෑනෙ ?

      නංගත් පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත් ?
      තෙරුවන් සරණයි

        1. චූටි මැනිකෙ

          කෝමද අක්කි අනෙ මට දැන් ම්‍ර්කෙ පැත්තෙ වැඩිය එන්න වෙන්නෙත් නෑනෙ…හුම්ම්ම්ම්

  9. නම ගහල නම් ඔයාට හොයා ගන්න බැලි වෙයි අක්කි ලොකු අයියගෙ chanal එකට ගිහින් අයියගෙ අලුත්ම vedio ekata දගය daapu comment ekata mn comment ekak damma eken gihin balann svgnudayangani ????

          1. චූටි මැනිකෙ

            හුම්ම් හාරි ඉතින් නම දන්නොනෙ වයස 14 යි දගයගෙ වයසෙ ඉන්නෙ කැලනියෙ ම්ම්..ඇප් එකට ආව්ව් මෙ අවුරුද්දෙ මුල..ආ…හැබැයි ඉතින් ඔයාලා හැමො ගැනම දන්නො අනිත් අයියාලා ටික නම් නෑනෙ නෙද…

          2. ????මං කියන්නෙ කවුද ???මල්ලිය නිකන් හොල්මන් වෙලා වගේ ?

  10. අයිශු ...

    සොනාලි නංගෝ ඔයා මාව අහලා තිබුනා ඔන්න මම ආවෝ සුට්ටක් ???

          1. චූටි මැනිකෙ

            නෑ අක්කි එපා වෙලා ඉන්නෙ

        1. අයිශු ...

          ඔව් මැණික මං හොදින් ඉන්නෝ ….ඔයා හොදින් ද නිල්නෙතු නංගෝ….ලස්සනයි නේ නිල්නෙතු නම

          1. Nithu ?❤️

            මං හොඳින් මගේ අක්කි… අනේ ඔව්ව් ?? මං ඒ නමට හරි ආසයි ?????

          2. අයිශු ...

            හී එහෙනම් ඉතින් දිගටම ඔයා මගෙ සූටි නංගි නිල්නෙතු ?

    1. ????? ?????? ?⛔

      ඒක බලලා ඇති වෙලා ? පරන ඒවාමයි දාන්නේ අලුතින් මුකුත් දාන්නෑනේ

  11. අයිශු ...

    ????️????????️?????????️?????️????????️????????????️??????????????️?????????????️?️?????️??????????️????????????

  12. චූටි මැනිකෙ

    අම්මො අක්කි බාල්කෙ එල්ලිලා මැරිලා නෑලු කකුල කැඩිලාලු…අයියු…

        1. අයිශු ...

          මේ චුටි මැණික ඇත්තටම ඔයාලගෙ කාලු හරිද.සිරා සිද්දියකද මේ කියන්නේ

      1. ????? ?????? ?⛔

        කස්ටිය මම පස්සේ එන්නම් පොඩි වැඩ ටිකක් තියනවා…බායි තෙරුවන් සරණයි ❤️❤️?

        1. අයිශු ...

          අනේ නංගා විහිලු කලාට සොරි මැණික .ඔයා දුකෙන්ද චූටි මැණික

    1. අයිශු ...

      අනේ ඇත්තටම මේ නිල්නෙතුවට තියන ප්‍රශ්න බලාන්කෝ ඉතින්

        1. Nithu ?❤️

          ම්ම්ම්… සමහර විට ලණුවක් වෙන්නත් පුලුවන් හොඳේ… මොනා උනත් පරිස්සමින් නංගා ?

        2. අයිශු ...

          බය වෙන්න එපා ඉතින් මොකුත් වෙලා නෑන්‍රෙ කකුල විතරනේ…..ඒකත් ඉක්මනින් සනීප වෙයි

        1. චූටි මැනිකෙ

          ලනුවක් කියන්න බෑ අක්කි මන් ඒ ලනුව උටම දිලා එල්ල්ලෙන්න කියනවා

    1. අයිශු ...

      මට තියන ප්‍රශ්න වලට මටත් බෙල්ලේ වැල දාගන්න හිතෙනවා….ඒත් මම අර ගැටේ දන්නේ නෑනේ ??

    1. අයිශු ...

      කොටියම කාපිය ….මැච් මට ප්‍රෙන්න බෑ.මං මගෙ ජීවිතේට ආසාවට එක මැච් එකක් වත් බලලා නෑ….?

    1. අයිශු ...

      හලි හලි පරිස්සමෙන් බලන්න…බ්‍රේක් නැති මැස්සෝ ආමාශෙට යයි නැත්නම්….?

      1. චූටි මැනිකෙ

        මන් නම් හරි ආසයි මන් ඉස්කෝලේ ත් ක්‍රිකට් ගහනොනෙ..

        1. අනේ මාත් හලිම ආසයි මැච් එකක් තියේ නම් ඉතිම් මට කන්නත් ඕන් නෑ??

  13. අයිශු ...

    අහන්නකෝ මේකා හදිස්සියට අදින ගැටේ හර් සමනල්ගැටේ හරි දාන්න ඇත්තේ එකයි කෙලින්ම බිම පතබෑවිලා තියෙන්නේ…හරිම ශෝචනීයයි….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.