Katha Ahura

නාග මැණික | ? 01 කොටස ? | හොල්මන් කතා

4.1/5 - (10 votes)

රෑ අහසටම තිබ්බේ අතේ ඇගිලි ගානටත් අඩු තරු කැට කීපයක් විතරයි. ඈත වන පෙතින් උලමෙක් මහා මූසල විදිහට හඩනගයි. ආසාවකටවත් මිනිස් කටහඩක් ඇසෙන්නෙ නැත්තේ මේ මැදියම් සීතල රැයේ මුලු ගමම නිදාගෙන ඉන්න නිසායි.

ඉතින් මේ මගේ වෙලාවයි. මම ලගම තිබ්බ පොල් ගහ දිහා බැලුවා. පැහිච්ච පොල් වල්ලක් ගහේ තියෙනවා දැක ඒ ගහට බඩගාපූ මම හැදුවේ ඒ පොල් වල්ල කපා බිමට බාන්න.

අතේ මුදල් නැතිවූ විට ඉතින් මම සල්ලී හොයාගන්න කරන්නේ මේ වැඩේ. මහ රෑ පාලු වතුවලට පනින මම ඒ පොල් ගස්වලට නැග පොල් වලු බා ඈත කඩවලට ගොස් විකුනා කීයක් හරි හොයාගනී..

එදා රෑත් මම ගසකින් පොල් වල්ලක් බා ඒකත් කරේ තියාගෙන එද්දී එකපාරටම මම දැක්කේ ඈතින් ලොකු ආලෝකයක්. ඒ ආලෝකය එන්නෙ බිමින්… අංදකාර රාත්‍රියක් නිසාම ඒ එලිය දිස්නය දෙමින් බැබලුනා…

” මොකක්ද මේ එලිය මැනිකක්වත්ද ”

කුතුහලයෙන් සිතූ මම හෙමින් හෙමින් ඒ පැත්තට ගියාම දුටු දෙයින් මම ගැස්සුනා.

අර දිස්නේ දෙන්නේ ගලකින්. ඒ ගල ලගම හිටියේ විශාල නාගයෙක්. උගේ ඇගේ තැනින් තැන සුදු පාට වයිරම් වයිරම් තිබ්බා. ඌ එතන තිබ්බ තනකොලා කකා හිටියේ මාත් පුදුමයට පත් කර. ඒ මම තනකොල කන නයි ගැන අහලා තිබ්බේ නැති නිසා…

” මේ දිලිසෙන්නේ නාග මැනිකක්ද…. ”

මම ගසකට මුවාවෙලා ඒ දිහා බලාගෙන කල්පනා කරම්න් උන්නා…

” මේක ගත්තොත් මට විකුනලා හොද පෝසතෙක් වෙන්න පුලුවන්.. ”

නාග මැනික් ගැන කිසිම දෙයක් නොදත් මම සිතුවේ එහෙම. නාගයාට හොරෙන් ඒක අරන් දුවන් යන්න සිතූ මම ඉක්මනට ගහ ලගින් මෑත්වුනා.. ඒත් මම පරක්කු වැඩී. එකපාරටම තනකොලා කකා හිටි නාගයා කන එක නවත්තල අර මැනික ලගට ඇවිල්ලා ඒක ගිල්ලේ මම කරන්න ගිය වැඩේට බාදා කරමින්. ඒ එක්කම මැනිකෙන් ආලෝක වෙලා තිබ්බ මුලු වටපිටාවම කරුවල උනා… නාගයාත් සර සර ගාමින් වේගෙන් එතනින් ඇදී යනවා කරුවලට හුරුවෙලා තිබ්බ මගේ ඇස්වලට පෙනුනා.
????????????????????

මම දැකපු දේ මට කාටහරි කියාගන්නඕනාවුනා… ගමේ කෙලවරක කටු මැටි ගහපු ගෙදරක හිටිය මම ඒ ගෙදර හිටියේ තනිපංගලමේ…ඉතින් මට මේ දේ කියන්න පවුලේ කෙනෙක් හිටියේ නෑ…

නාගයාත් අර මැනික් ගලත් ගැන හිත හිතා හිටි මට ඒ මැනික ගැන දන්න කෙනෙක් ඉක්මනට හොයාගෙන ඒ ගැන විමසන්න හිතුනා. මට එකපාරටම මතකෙට ආවේ අපෙ ගමේ වෙදකම් වගේම ගුරුකම් කරන සුරියසේන ගුරුන්නාන්සේව

ඔහු යන්තර මන්තර ගුරුකම් , ජෝතිශ්‍ය ගැන ගැන සෑහෙන්න තරමට උගත් පුද්ගලයෙක්…

ඉක්මනට මම ඔහුව හොයාගෙන ගියේ මේ ගැන දැනගන්න…

” ලක්සිරි ඇයි එකපාරටම නාග මැනික් ගැන අහන්න හිතුනේ”

මං අහපු දේට අන්දිරිස් ගුරා මහෙන්ම ආයෙම ඇහුවේ ප්‍රශ්නයක්…

“නෑ ගුරුන්නාන්සේ මට හිතුනා ඒ ගැන දැනගන්න. නාග මැනික් ගැන… ”

මම කියපු දේට ගුරුන්නාන්සේ මදවෙලාවක් කල්පනා කලා… ගුරුන්නාන්සේගේ එකම දුව රන්මලී මං දිහා වරින් වර බලමින් ගෙට ගියා. පොල් හොරකම් කරන , එක එක එපාම කරපු වැඩ කරන නිසානදෝ රන්මලී මට එච්චරම කැමති නෑ..

” ඇත්ත කියපං , උබට එකපාරටම නාග මැනික් ගැන අහන්නෙ , උබ මොකක් හරි දෙයක් දැකලා තියෙනවා වගේ…. මට බොරු කියන්න එපා මම වෙදෙක්…”

ගුරුන්නාන්සේ ඒක මගෙන ඇහුවේ රන් මලී එතනින් ගියාට පස්සෙ

” ගුරුන්නාන්සේ ට බොරු කියන්නේ මොකටද , මම ඊයෙ රෑ ජාමේ එද්දී එහෙම නයෙක් දැක්කනේ… ඉස්සරවෙලාම දැක්කේ මොනවා හරි දෙයක් බැබලි බැබලි බිම තියෙනවා. ලගට කිට්ටු කරලා බල්ද්දීයි දැක්කේ ,ඒ එලිය එන්නේ මැනික් ගලකින් කියලා.. ඒ ලගම හිටියා තල් ගොබයක් තරම් ලොකු නයෙක්……..”

එහම පටන් ගත්තූ මම ඊයේ රෑ දැකපු ඒ අරුම පුදුම දේ ගුරුන්නාන්සේ ඉස්සරහා කිව්වේ වචනයක්වත් මග ඇරින්නේ නැතිව..

” හ්ම්ම්ම්ම් එහෙනම් උබ කන්ඨක නාගයෙක්ව දැකලා තියෙනවා…”

” ක්න්ඨක නාගයෙක් කිව්වේ ගුරුන්නාන්සේ ”

” ඒ කිව්වේ උගුරේ මැනිකක් තියාගෙන ඉන්න නාගයො…ඒ නයි කන්නේ වෙන නයි වගේ ගෙම්බෝ මියෝ වගේ සත්තු නෙමේ. ඒ නාගයෝ කන්නේ තනකොල…. උබ වගේ එකෙක් කොහොමවත් ඒ වගේ නාගයෝ ගැන දැනගන්න විදිහක් තියෑවියැ”

” ඉතින් ගුරුන්නාන්සේ ඔය නාග මැනික අපිට ගන්න බැරිද….’

” අපො පුලුවන් , උබ අදත් රෑ ගිහිල්ලා බලල වරෙන් අර නයා අදත් එතනට ඒ වෙලාවට එනවද කියලා…. ඒහෙම අවොත් මම කියන්නම් උබට ඔය නාග මැනික ගන්න විදිහ….. උබ නාග මැනික තියෙනවා දැකලා තන්හාවට එතනට ගිහිල්ලා මැනික එහෙම ලේසියෙන් ගන්න බෑ.. නයා උබව එතනම මරලා දාවී.. ඒ මැනික ගන්නත් ක්‍රම හා විදි තියෙවනවා , මම ඒක උබට කියලා දෙන්නම්.. හැබයි ලක්සිරි මේ කතාව උබ වෙන කාටව්ත් කියනවා නෙමේ ඕන්.. මේක උබෙයි මගෙයි රහසක් ඔන්න. ”

ගුරුන්නාන්සේ ඔහුගේ රැවුල පිරිමදිමින් ඒ දේ කිව්වේ තියුනු හඩකින්…

” හරි ගුරුන්නාන්සේ මම මේ ගැන කෙල බිදක් කා එක්කවත් කියන්නේ නෑ…. ”

ගුරුන්නාන්සේ ට මම පොරොන්දුවුනා.

??????????????????????

එදා රෑ මම සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන අර පාලු වත්තට ගියේ අර නාගයා අදත් ඒවිද කියලා දැනගන්න… එදා මම සැගවී හිටිය ගහ ලගට වෙලා ඌ එනකම් බලන් ඉද්දී මට එකපාරටම මොකෙක් හරි ඇදී එන හඩ්ක් ඇහුනේ කොලරොඩු පොඩිවෙන හඩින්.. තප්පරයක් ගියේ නෑ මුලු පැත්තට එලියක් දෙමින් අර ඊයේ මම දැක්ක නාග මැනික බිමින් දිලිසෙන්න පටන් ගත්තා. ඒ එලියෙන් මම දැක්කා අර නාගයා ඊයේ වගේම මැනිකට මදක් දුරින් ඉදලා තනකොල බුදින හැටි…

ගුරුන්නාන්සේ කිව්ව හින්දා මම හදිසිවෙලා ඒ මැනික ගන්න හිතුවේ නෑ.. නාගයා ඊයේ වගේම තනකොල කාලා ආයේ මැනික ගිලල යන දිහා මම බලාගෙන හිටියා…

පහුවදා උදේම අන්දිරිස් ගුරුන්නාන්සේ හම්බවෙලා මම ඒ බව ඔහුට කිව්වා…

” හරි ලක්සිරි ඒ කියන්නේ ඌ මේ දවස්වල ගැවසෙන්නේ එතන ,අනිවාර්යයෙන් ම අදත් ඌ රෑ එතනට එයි..”

ගුරුන්නාන්සේ කිව්වෙර් කල්පනාකාරිව..

” ඉතින් ගුරුන්නාන්සේ අපි දැන් කොහොමද ඔය මැනික ගන්නේ ,ගුරුන්නාන්සේ දන්න විදිහ මට කියන්න….. ”

” හ්ම්ම්ම්ම්ම්ම් මම කියන්නම්……”

කියපු ගුරුන්නාන්සේ කටේ රැල් බුරුල් ඇරියා…

” මෙන්න මෙහෙමයි ලක්සිරි උබට කරන්න තියෙන්නේ , උබ අදත් රෑ අර වෙලාවට එතනට යමන්.. උබ යන්න ඕනා ගොම ගොඩකුත් අරන් ”

” ගොම ඒ මොකටද…. ”

” උබ පනින්නේ නැතිව හිටින්කෝ… ගොම නයින්ට විසයි.. ඉතින් උබ ගොම තලියක් හදාගෙන ගිහිල්ලා , නයා වෙනදා මැනික වමාරන තෑට වෙලා හැංගිලා ඉදපං.. ඊට පස්සේ ඌ වෙනද වගේම එතනට ඇවිල්ලා අර මැනික වමාරලා තනකොල කන්න පටන් ගනී.. ඊට පස්සේ උබට කරන්න තියෙන්නේ අර ගොම තලිය අරන් අර දිස්නේ දෙන නාග මැනික වැහෙන්න ඒක උඩට දාන එක..

මැනික හොයාගන්න බැරිවුනාම නයා සෝකය දරගන්න බැරිව ඒ වෙලාවෙම මැරෙනවා.. ඌගෙන් ඊට පස්සේ කරදරයක් නෑ….
හැබයි හරි ඉලක්කෙටම ඕක කරන්න ඕනා.. පොඩ්ඩක් හරි ගැස්සුනොත් කපෝතොයි…..

ගුරුන්නාන්සේ ඒක තියුනු හඩින් බය හිතෙන විදිහට කිව්වත් මට හිතුනේම ගුරුන්නාන්සේ කියපු දේ කරන්නමයි….

” හරි ගුරුන්නාන්සේ බයවෙන්නඑපා ,මම වැඩේ හරියටම කරන්නම්.. ගුරුන්නාන්සේ ට ගොඩක් ස්තූතී මට මේ දේ කිව්වට….”

” ඒක මොකක්ද කමලසිරි උබ මැනික ගනින්කෝ ඉස්සරවෙලා.. ”

අන්දිරිස් ගුරුන්නාන්සේ කිව්වේ හිනාවෙමින්..

?????????????????????

මම හිතුවේ නාග මැනික අරන්ලොකු ගානකට විකුන්නන්නපුලුවන් වෙයි කියලා.. ඒ නාග මැනික විකුනලා ගන්න සල්ලි වලින් මම ගමේම පෝසතෙක් වෙන හැටි සිහින මැව්වා..

රෑට වතුවලට පැනලා පොල් කඩන ලක්සිරි මේ තරම් පොසතෙක් වුනේ කොහොමද කිය්ලා ගමේ මිනිස්සු තැන් තැන්වල ඉදන් මම ගැන කතාවෙන දේවල් ගැන සිහින මැවුවා…

ඉතින් ඉදා රෑ ගුරුන්නාන්සේ කියපු විදිහ්ටම ගොම ගොඩකුත් පෝර උරයක දාගෙන ගිහිල්ලා මම අර ගහලගට ගිහිල්ලා හැංගිලා හිටියේ අර නයා එනකම්…..

මම ඉන්න බව නොදත් නාගයාත් කලින් දවස්වල වගේම එදත් බඩගාගෙන ආවෙ මට නිම් හිම් නැති ප්‍රීතියක් එක්කරමින්..

වෙනදා වගේම නයා නාග මැනික වමාරලා තනකොල කන්න හිතන් එතනින් ඈත්වෙද්දීම මම ඉක්මනට ක්‍රියාත්මක වුනා…ඉක්මනට ගොම තලියක් අරන් මම අර මැනික වැහෙන්නම ඒක උඩට ගොම තලිය විසික්කලේ ඉලක්කය අරන්…

මගේ ඉලක්කය සීයට සීයකම් හරි ගියා. ගොම තලියෙන් මැනික වැසී යද්දී මම අදුරේම දැක්ක අර නාගයා හොදටම කලබල වෙලා හැසිරෙන හැටී…

ඊට පස්සේ ඌ එකාපාරටම මම දිහා බැලුවා…..පසුව ඌ වියරුවෙන් වගේ උබේ විශාල පෙනය පොලවේ අතුල්ලගෙන අතුල්ලග්න ගියේ… විදිලි වේගෙන්…

ගුරුන්නාන්සේ කිව්වේ මැනික නෑ කියලා දැනගත්ත ගමන් නයා සෝකයෙන් මැරෙයි කියලා. ඒ ත් ඌ මැරෙනපාටක් තිබ්බේ නෑ.. ඌ පෙනය පුප්පගෙන මාගේ පැත්තට ඇදී අවේ… මගේ මුලු ඇගම හිරිවැටී යද්දී………….?????????????????????????? ඊලග කොටසට ? නාග මැණික……

ගොඩ දවසකින් කොටස් කතාවක් පටන් ගත්තේ.. ඒත් ඉතින් උපරිම කොටස් 04/05 තියෙයී… ඒ තරම් දිගට ඇදන් යන්න අදහසක් නෑ..

කතාව කියවල ලයික් එකක් දාලා කමෙන්ට්ස් එකක් කොටන් යමූ ඈ.

60 thoughts on “නාග මැණික | ? 01 කොටස ? | හොල්මන් කතා”

    1. දන්නවනේ.. මං රෑට හොල්මන් කතා කියවන්නෙ නෑලූ… ??? බයට නෙමේලූ.. උදේට කියවලා කමෙන්ට් 1 දාන්නම් ලූ.. ??????

        1. තැන්කූ හැමෝටම …. ඒත් මේක හොල්මන්ද… ?????? බලමුකො බලමුකො… නේද චන්දිම අයියේ … මාත් මේ ඇහුවමයි තණ කොල කන නාගයෙක්ව… මං හිතන්නෙ වෙජිටේරියන්ද කොහෙද… ??????????

          1
    1. අම්මෝ.. සුපිරි කතාව.. තාමනම් ලොකු බයක් දැනුනේ නැ.. බලමුකෝ හෙට.. තෙරුවන් සරණයි !..
      සුභ රාත්‍රි⁣යක් හැමෝටම..
      ?????

  1. විෂාකා නෙත්සරනි

    Palaweni kotasama lassanta thiyenawa. Bayak nm dhanune ne me kotase. Issarahata mokakdha wenne kiyala balamu. Thama 1 weni kotasane.

    1
  2. ගොඩාක් බය හිතෙන කතාවක් දාන්න.. ලක්සිරි කියලා නම තිබුණේ එයා ගොඩක් lucky කියන්නද.. අන්තිමට රන්මලී නගා කැමති වෙයි වගේදත් හිතුණා.. ලස්සන කතාවක් ලියන්න සුබ පතනවා..

  3. ? iyere kiyeuwe ne.eunta ane manda re nayekwa hinen dakkane man?.
    Ude thamai kathawa kiyeuwe.lassanai kathawa.anthima tikatanan poddak gassuna.?

  4. Sadamali nuwanthika

    සුබ උදෑසනක් වේවා මගේ සහෝදර සහෝදරියො ඔක්කෝටම…❤️❤️

    1
  5. ...Chuti kavi...

    Iye ra awith thibba dakkata kiyewwe na mokada Holman Katha wak kiwwa nisa bayaunane….???? Habai thama echchara bayak hithenne na…
    Kathawa godaak lassnai..

  6. අනේ මම දැනුයි කතාව දැක්කේ????
    අර මැටි අලේව නාගයා මරයිද දන්නෑ.ගුරුන්නාන්සේ කැත නැතිව ඇවිත් මැණික ගනී.හපොයි…..
    ????
    කතාව නම් ලා….ස්………..ස……න..යි….වගේ.අද නම් රෑට කලින්ම එනෝ.??

    1. අයියා සර් ඔන්න කමෙන්ට් වලට රිප්ලයි දාලා තියෙන එකටනම් හදපිරි මෙව්වා එක.?

  7. Amesha sonali

    අනේ හරිම ලස්සනයි මේ කතාව..
    අද කොටස බය නෑ අනේ..
    තොවිල් නටලා නූල් බදින්න වෙන විදිහේ බයක් ඕනි..plz ..
    මරු කතාව..
    බුදු සරණයි ???

  8. Meke ශිවන්‍යාත් innawada
    Kathawa lassanai rata kiyawanna ba wage ethakota mage ahinsaka bonikka paw ane man rata baya unoth kelinma bonikkawa aden bimata danne nam na hode man ???

  9. නියමයී කතාව….ගුරන්නාන්සෙ හදන්නෙ මැණිකට වැඩේ දෙන්න වගේ ?

  10. ? මහිංසා ?

    උදේ නම් දැක්කා කතාව ..
    ඒත් ඉතිං වැඩත් එක්ක කියවන්න බැරි වුණා …කතාව නම් හරි interesting …සුපිරිම සුපිරි …?????කාලෙකට පස්සේ මෙහෙම කතාවක් කියවන්න ලැබුණු එකට සතුටුයි…. මම ඊයෙ රෑ දන්නෙ නෑනෙ කතාවක් දාලා…වේලාසන නින්ද ගිහින් …ලක්සිරිට නයා ගහයිද මන්ද ???? …මම නං අද අනිවාර්යෙන් එනවා කතාව කියවන්න ….බය පැත්තක තියලා මේ කුතුහලය නැති කරගන්න …??????? ඉතින් චන්දිම සර් ඔයාගේ හැකියාවන් තව තවත් දියුණු වෙන්න කියලා හදවතින්ම පතනවා ..
    කමෙන්ට් වලට රිප්ලයි කරන එක ගැන නම් පට්ටම සතුටුයි …මොකද කමෙන්ට් කරන හැමෝම තමන්ගෙ කමෙන්ට් එකට රිප්ලයි එකක් වැටිලා තියෙද්දි අනිවාර්යෙන් කමෙන්ට් කරන කරනවා හැමදාම ….???? පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්න ..බුදු සරණයි ???

  11. Nawoda Sadamini

    Mulinma sirta godk thanks api wge kalawata adare karana aya wenuwen me wge rasa sagarayk nirmanaya karata…
    Lassanai kthwa kohomth… mn hithanne laksiriwa naya marai.. eya holmn karai… gurunnanseta manika gnna puluwn unth ekama eyata shapayk wei ..

  12. Nawoda Sadamini

    හෑ ඒ මොකක්ද මන් කීවෙ…දැන්නෙ තේරුනේ. ලක්සිරි මැරුනොත් මේ කතාව කියන්නෙත් හොල්මන නෙ…මොකද කතාව කියන්නෙ ලක්සිරිනෙ.

  13. nayomi nadeera

    ගොඩක් ලස්සනයි .. අද තමා කියෙව්වේ.. ඉක්මනින් ඉවර කරන්න එපා අනේ

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.