Katha Ahura

නාග මැණික | ? 02 කොටස ? | හොල්මන් කතා

5/5 - (1 vote)

ගොම නයින්ට විසයි කියලා ගුරුන්නාන්සේ කියපු නිසා මම එකපාරටම අර නයා මම ලගට එන්න කලින් පෝර උරෙන් ගොම තලියක් අතට ගත්තා… ඒ ගොම තලියෙන් මම නාගයාට දමල ගැහුවේ ඌ මට අඩි දෙකක් තුනක් තරමටම කිට්ටුවෙලා ඉන්නකොට… ඌට ගොම තලිය වදිනවා මම දැක්කා…

මට එච්චරයි මතක. එකපාරටම මට දැනුනේ කවුරු හරි කෙනෙක් මගේ පිටිපස්සෙන් ඇවිල්ලා මගේ ඔලුවට පොල්ලෙකින් ගැහුව කියලා. මම කපා හෙලූ ගහක් වගේ බිම දිග ඇදගෙන වැටුනා..

මට යලි සිහිය එද්දී වටින් පිටින් හිරු එලිය වැටි තිබුනා… දැඩි වේදනාවක් හිසට දැනෙද්දී මට එකපාරටම සිහියට ආවා ඊයෙ රෑ වුන සිදුවීම් පෙල..

” කවුද මට එහෙම ගැහුවේ….. මේ පොල් වත්තේ අයිතිකාරයාවත් ගමට ඇවිල්ලා මාව හොරෙන් පොල් කඩන්න ඇවිල්ලා දැකලා ගැහුවද.. ඒත් ඇයි එහෙනම් මට ගහලා මාව පොලිසියටවට් බාර දුන්නේ නැත්තේ..”

එක එක දේවල් සිහි වෙද්දී මට මතක්වුනේ අර නාග මැනිකට මම ගොම ගොඩක් දාලා වැහුවනේ කියල.. මම ගොම තලිය විසිකරපු අර නාගයානම් පේන්න හිටියේ නෑ….

මම ඉක්මනට අර මැනික වහල දාපු ගොම ගොඩ දිහා අවදානය යොමුකලේ එතනට ලංවෙලා… ඒත් මම පුදුමයට කුතුහලයට පත්කරමින් ඒ ගොම ගොඩ කවුරු හරි කෙනෙක් පහුරුගලා තිබ්බා..ඒ විතරක් නෙමේ අර නාග මැනිකත් අතුරුදහන් වෙලා තිබ්බා..

” කවුද මැනික අරන් ගියේ. මට පොල්ලෙන් ඔලුවට ගහපු කෙනාද…. “කවුද ඒ.. ”

මම මාර පසුතැවිල්ලෙන් ඒ ගැන හිතුවේ.. නාග මැනිකක් ලබාගන්න අරමුන අත ලගටම ඇවිල්ලාත් ඒක ගිලිහිලා යාම කොයිතරම් පරාජිත බවක් සිතට එක්කරනවාද…

” ගිය දේ ගියා.. මට ලැබීමක් නෑ….”

මම මාර කලකිරීමෙන් ඒ වත්තෙන් ආපහු එන්න හදද්දීම මම දැක්කේ මාලයක්. ඒ මාලේ මට නිකම් දැකලා පුරුදුයි වගේ.. මම ඒක අහුලගත්තා…… ඒත් කාගෙද මේ මාලේ….මොනා වුනත් මේ මාලෙත් මට ගහපු කෙනාත් අර නාග මැනික ගත්ත කෙනාත් අතර සම්බංදයක් ඇති කියලා මට හිතුනා…..

?????????????????????

පරාජිත මම සූරියසේන ගුරුන්නාන්සේ ව හොයාගෙන ගියේ මට වුන අවාසනාවන්ත දේ ඔහුට කියන්න. ඒත් මට වෙලාවකට හිතුනා නාග මැනික අතුරුදහන් වීමත් සූරියනේන ගුරුන්නාන්සේ ත් අතරත් සමබංදයක් ඇත්ද කියලාත්. මොකද නාග මැනිකේ කතාව දන්නේ ඔහුත් මාත් විතරයි. ඒත් ඔහුගේනම් අර මම අහුලගත්ට මාලේ වෙන්න කොහොමත් බෑ.. සුරියසේන ගුරුන්නාන්සේ ගේ කරේ තිබ්බේ සුරයක් දාමු යන්තරයක් මිස අර වගේ මාලයක් නෙමේ……

” ලක්සිරි උබ අදත් ආවද.. ”

සූරියසේන ගුරුන්නාන්සේ ගේ වත්තට පනිද්දීම මාව දුටු ගුරුන්නාන්සේ ගේ බිරිද හින්මැනිකේ ඒක ඇහුවා..දැන්දවස් තුනක්ම එක දිගට මම වගේ කෙනෙක් ගුරුන්නාන්සේ හම්බවෙන්න එන එක ඇයටත් ප්‍රෙහේලිකාවක් වගේ වෙන්න ඇතී….

” ඔව් ,ගුරුන්නාන්සේ නැද්ද…..”

මගේ හඩ ඇහිලාද වෙන්න ඇතී ගේ ඇතුලින් එලියට බැස්ස රන්මලීගේ ඇස් එකපාරටම බයවුනා වගේ මම දැක්කේ අහම්බෙන් වගේ…

“ගුරුන්නාන්සේට ඊයේ රෑ ඉදලම ලෙඩ වෙලානේ….”

හින්මැනිකේකියද්දී මම පොඩ්ඩක් පුදුම වුනා..

” ඒ මොකද ඒ , ගුරුන්නාන්සේ ඊයේ හොදට හිටියනේ , එකපාරටම ”

” ලක්සිරියෝ ලෙඩ කියන දේවල් ඉතින් එන්නේ කියලවැයි.. මේ දැන් ලෙඩක් දුකක් නැති එකාට තව විනාඩි දහයකින් වුනත් ලෙඩක් හැදෙන්න පුලුවන් නේ බං… ”

” ඔව් ඒකනම් ඇත්ත තමා,,ඒත් මට ගුරුන්නාන්සේ එක්ක කතා කරන්න බැරිද පොඩ්ඩ වෙලාවකට.. ”

” දැන්නම් බෑ ලක්සිරියො.. හොදටම අමාරුයි ,උන විකාරෙන් මොනවද දොඩව දොඩව ඉන්නවා…..වෙන වෙලාවක වරෙන් ”

හීන්මැනිකේ ඒදේ කිව්වට පස්සේ මම ගුරුන්නාන්සේ එක්ක කතාකරන්න තිබ්බ අදහස හිතෙන් අයින් කරලා.. ආපහු ගෙදර ආවා..

??????????????????????

පවුලෙන් වෙන් වෙලා වෙනම පොඩිවට ගෙයක් හදාගෙන මම හිටියේ තනියම පාලුවේ… ඒකටත් එක හේතුව්ක් තිබ්බා. මම පවුලේ වැඩිමලා. මට වඩා බාල මල්ලිලා දෙන්නෙකුති නංගියෙකුයි උන්නත් ඒ ඔක්කොම එකම අම්මාගේ බඩ වැල කඩාගෙන ආව අය නෙමේ.. තාත්තා එක්කෙනෙක් වුනත් අම්මලා දෙන්නෙක්.. මගේ අම්මට මාව හම්බවෙලා අවුරුදු පහකින් අම්මා මිය යද්දී… තාත්තා වෙන ගෑනු කෙනෙක් ගෙනාවා…

ඇය මට ඒ තරම්ම සෙනෙහසක් පෑවෙ නැති නිසාත් ඇයව මට එච්චරම රුස්සන්නේ නැති නිසාත්.. අම්මාගේ ඉඩමක් වුන මේ ඉඩමේ පොඩිවට කටුමැටි ගෙයක් හදාගෙන මම පදිංචියට ආවා… එදා ඉදලා මම මේ පාලු නිවසේ තනියම.

නාග මැනික හම්බවුනානම් මට මේ ඉඩමේ විශාල ගෙයක් හදන්න තිබ්බා නේද..

කටුමැටි ගහපු පොල් අතු සෙවිලි කල ගේ දිහා බලාගෙන මම හිතුවේ සංවේගයෙන්…

පහළ ඇලෙන් ඇග පත හෝදගෙන රැට කන්න කියලා සම්බෝලයක් අබරගෙන බතක් උයාගන්න කියලයි එදා බිම් කරුවල වැටෙද්දී මම කුස්සිය පැත්තට ගියේ…

ඒත් එකපාරටම මිරිස් ගල තිබ්බ පැත්තෙන් හඩක් ඇහිලා මම පොඩ්ඩක් විපරම් කරල බලද්දී දුටු දෙයින් මගේ ඇස් උඩ ගියා…

මිරිස් ගල උඩ විශාල නාගයෙක් මම දිහා බලාගෙන හිටීයේ පෙනය පුප්පගෙන…

” දෙයියනේ මේ අර මැනික ගිලින නයාද… ”

මම බයෙන් උන්නට් සෝදිසිකරලා බැලුවේ උගේ ඇගේ සුදු පාට වයිරම් තියෙනවද කියලා….. ඒත් ඒ නයාගේ ඇගේ එහෙම සලකුනු තිබ්බේ නෑ… ඌ සම්පූර්ණයෙන් ම කලු පාට නයෙක්…

මං දැන් මොකක්ද කරන්නේ මගේ ගෙට අඩුම ගානේ හරි හමන් දොරක්වත් තිබ්බේ නෑ….. ඌට ලේසියෙනම මගේ ගේ ඇතුලට ඇවිල්ලා මට මොනවා හරි කරන්න පුලුවන්.

මේ නයා එන්නේ මම අර මැනික ගන්න හදපු හින්දම වෙන්න ඇතී… මම දැන් මොකක්ද කරන්නේ…

” මුව මරලා දාමූද”

මගේ හිතට අදහසක් ආවා..

” නෑ මූව මරන්නේ නෑ.. නයි මරනකොට උන් ශාප කරනවලූ.. නාග ශාප හරි බයානකයි…”

මම කලින් අදහස තප්පර පහක් යන්න කලින් වෙනස් කලා…

පොල් අතු වහලේ සරබර සරබර ගානාව ඇහිලා මගේ ඇස් ඒහඩට වහල පැත්තට යොමුවුනා…

දුටු දසුන දැකලා මම අහකට පැන්නේ අම්මෝ කියාගෙන.. තව්ත් කලු නාගයෙක් වහලේ එල්ලිලා බිමට වැටුනේ මගේ පය පාමුලටමයි… මම පස්සට පැන්නේ නැත්නම් ඌ වැටෙන්නේ මගේ ඇග උඩට..

හොදටම බයවුනු මම කුප්පි ලාම්පු එලියන් මුලු ගේ ඇතුලටම ඇස් යොමද්දී දැකපු දේව්ල් වලින් මගේ මුලු ඇගේම දාඩිය දාන්න පටන් ගත්තේ බයට..

මගේ මුලු ගේ ඇතුලේ හැම තැනම නයින්ගෙන් පිරිලා… උන් ඔක්කොම ටිකෙන් ටික ලංවෙද්දී මම ගෙයින් එලියට පැනලා දුවගෙන ගියේ යටගිරියෙන් කෑගගගෙන…..

??????????????????????

මුලු ගමම කලබල කරන්න තරමේ යටගිරියෙන් කෑගහනෙන දුවගෙන ගිය මම නතරවුනේ අපේ මහගෙදර..

” අයියේ මොකද මේ බයවෙලා..”

මගේ ලොකු මල්ලී කුසුම්සිරි මගෙන් ඇහුවේ බයවෙලා එහාට මෙහාට වටපිට බලන මං දිහා බලාගෙන… ඒ වෙද්දී මුලු ගෙදරම අය මං ලග.

“මොකක් හරි ජල්ලියක් අල්ලල වෙන්ඩ ඇතී , උබේ වැඩ හින්ද අපිත් අමාරුවේ දවසක”

පුංචි අම්මා කීවේ මූන හකුලුවගෙන..

” ඇත්තටම අයියේ ඇයි මෙච්චර බයවෙලා… මම කවදාවත් දැකලා නෑ අයියා මෙච්චර බයවෙලා… ”

නංගී සෝමාලතාගේ මූනේ වුනේ ප්‍රශ්නාර්ථයක්.

” යන දිහාකට යමන් මෙහෙ එන්නේ නැතිව, උබ හින්දා දවසක අපිත් අලි අමාරුවක වැටෙන්නේ.. ”

පුංචි අම්මානම් මම ඒ ගෙදර තව තප්පරයක් ඉන්නවට කැමති වුනේ නෑ..වෙන වෙලාවකනම් මට කියන්න තිබ්බා මේ ගෙට මටත් අයිතිය තියෙනවා කියලා. ඒත් මම හිටිය තත්වේ උඩ එහෙම දෙයක් කියන්නවත් මට වචන ගලාආවේ නෑ.. මගේ මුලු මොලේම වැඩකලේ අර නයි…

” අදට විතරක් මට ඉන්න දෙන්න ,”

මම බැගෑපත් වෙලා ඉල්ලුවේ නයි මේ ගෙටත් ආවොත් තනියම ඉදලා නයින්ට මුහුනදෙනවට වඩා කට්ටිය‍ එක්ක උන්ට මුහුන දෙන එක හොදයි කියලා හිතුන නිසා. ඒක ඒ වෙලාවේ මට දැනුනු අත්මාර්තාකාමි සිතිවිල්ලක්.

මම බයවුන හේතුව කාටව්ත් කිව්වේ නෑ. අවසානේ මම මහගෙදර එදා නැවතුනේ පුංචි අම්මා කොච්චර අකමැතිවුනත් ඇයට කිසිම බුරුලක් නොදක්වා…

??????????????????????

මහගෙදර සාලේ පැදුරක නිදාගෙන හිටිය මම එකපාරටම ඇහරුනේ මගේ උඩුකය නිරුවත් බඩ උඩ මොකෙක් හරි සතෙක් ඉන්නවා දැනිලා…??????????????????????????????ඊලග කොටසට ? නාග මැණික

ලක්සිරිගේ බඩ උඩ ඉන්නේ මොකෙක්ද කියලා බලමූ ඊලග කොටසින් ,අනුමාන කරන අය එතකම් අනුමාන කරමුකෝ…. කතාව කියවල ලයික් කමෙන්ට්ස් කරන ඔක්කොටම ගොඩාක් ස්තූතියි…????

51 thoughts on “නාග මැණික | ? 02 කොටස ? | හොල්මන් කතා”

      1. තැන්කූ මගෙ චූටි බෝලේ.. ???????? පාඩම් කරන්නෙ නැද්ද මේ කෙල්ල..???

    1. ලක්සිරි මම උනා නම් මේ වෙලාවෙ මං මැරිලා ?????
      ඇත්තටම කවුද අනේ ලක්සිරි ගෙ ඔලුවට පොල්ලකින් ගැහුවෙ.. ??????? රන්මලී කෙල්ලවත්ද? ගුරුන්නාන්සෙයි දූ සිඟිත්තයි එකතු වෙලා මාස්ටර් ප්ලෑන් එකක් ගහලා ලක්සිරීව බිල්ලට දීලා නාග මැණික හොරකම් කරාදෝ කියලත් හිතෙනෝ.. අර මාලේ රන්මලීගෙද??. ම්ම්ම්ම්ම්ම්ම් බලමුකො ඉතිං නේද? උපකල්පනයක් විතරයි.. ඇත්ත දන්නෙ චන්දිම අයියනෙ ඉතිං.. ??????

      ඒත් අර කලු නයි මොකටද ලක්සිරි කොල්ලව හොයාගෙන ආවෙ.. ?????? අනික එකෙක් නම් තව කමක් නෑ.. අම්බෝ ඔහොම උනානම් මං දුවනවා කෙසේ වෙතත් බය වෙලා එතනම මැරිලා වැටෙනවා.. හැබැයි ඉතිං මට ආපූ ප්‍රශ්නෙ තමයි මේ නයි ටිකත් වෙජිටේරියන්ද කියලා… කවුද දන්නෙ ඊයේ අර වයිරම් නයා තණකොල කෑවා වගේ මුනුත් තණකොල කයිද කියලා.. ????????

      ඔන්න ඉතිං මට නම් අර පුංචි අම්මා එක්කනම් කේන්තී.. පව් කියලත් හිතුනා ලක්සිරි කොල්ලා…
      ( ලක්සිරි කොල්ලා නිකම් ගැලපෙන්නෙ නෑ නේද? දැන් කාලෙට නම පරණ වැඩී.. ඒ නිසා ලක්සිරි අන්කල් කියන්නම් හෙට ඉඳලා..? මොනාද චන්දිම අයියේ පොඩ්ඩක් පොශ් නමක් දාලා කොල්ලව මොඩ් කරලා ගන්න එපැයි අනේ.. ???????? එතකොට අපි නමටත් පෙම් බඳිනෝ.. ?????)

      ඔන්න හෙට නම් කියන්න එපා ලක්සිරීගෙ ඇඟ උඩ හිටියෙත් නයෙක් කියලා…. පව්නෙ අනේ.. ඔයා ලක්සිරීව බය කරලා හාර්ට් ඇටෑක් 1 හදලම මරවයි වගේ… ????

      පරිස්සමෙන් ඉන්න හැමෝම … බුදුසරණයි …

      ඔන්න චන්දිම අයියේ අද කතාව කියවලමයි 1 උනේ… ඊයේ 1 දෙන්න බෑ කිව්වනෙ මට… ?????

      ලමායී බය උනු අය ඉන්නවා නම් තොයිලයක් නටන්න සල්ලි එකතු කරමු…. කෝ කියාගෙන යන්න බලන්න දෙන ගාන එක එක්කෙනා… අපෙ චන්දිම අයියා පව්නෙ නැත්තං … තොයිල් නටන්න දෙන්න සල්ලි නෑලූ මේ ටිකේ… ????

  1. Amesha sonali

    අයියෝ බය නැතෝ…මොනා වුනත් ලස්සන කතාව..?? ඇගේ යන්නෙ නයෙක් වෙන්න ඇති..අනේ ටිකක් බය හිතෙන විදිහට ලියන්නකො plz..
    Thz ඇඩ්මින් සර් මේ කතාව ලියනවට..
    බුදු සරණයි ???
    Good night ?

    1. හපොයි දෙයියනේ ඒ මොන විජ්ජුම්බරයක්ද උනේ.බලන් ගියාම ශේශා , ශේශ් නාගයා,ශිවන්‍යා, ශිවන්ගි නාග ලෝකෙම මෙතනනේ අලේ .අනේ මටත් මේවා බලලා රෑට නයෙක් පෙනෙයිද දන්නෑ අප්පා .නයෙක් නම් කමක් නෑ ඔන්න ඔහෙ හැපින්නක් නැතිව.???
      මාර සීන් එක කියන්නේ කව්ද අනේ මේ ලක්සිරි කොල්ලට පොල්ලෙන් තඩි බෑවේ.දැවෙන ප්‍රශ්න අප්පා මෙව්වා.අර පපුව උඩ හිටියේ නාග කන්‍යාවියක් ද දන්නෑ…????
      මේ අයියා සර් බය හිතෙන කොටස් නැද්ද.බය වෙන්න නම් එකෙක් මැරෙන්නම වෙනවා.එතකොටනේ හොල්මන් එන්නේ ….ම්ම්ම් කාවද මරන්නේ.
      ගුරුන්නාන්සේ සෙත්තපෝච්චි වෙයිද….

      අනේ අම්මෝ මේවා කල්පනා කරලා හෙට උදේ වෙද්දි මම සෙත්තපෝච්චි වෙයිද දන්නෑ.???ඔන්න එහෙම උනොත් හොල්මනක් වෙලා හරි කතාව කියවන්න එනෝ..අපි ඉතින් හෙට මැරුනත් වලේ ඉදන් හරි බජව් තමා….???? මේ කමෙන්ට් බලලා අයියා සර්ට පිස්සු ඩබල් වෙයිද දන්නෑ.ඒ හින්දා මන් යනෝ…
      ආ…කියන්න බැරි උනානේ කතාව නියමයි හොදේ.තව සූටිත්තක් බය කරමුකෝ අප්පා ……

      මම යනෝ…
      ජේසු පිහිටයි !!!!!!!!

  2. ? මහිංසා ?

    කතාව පට්ටම සුපිරියි ??????මං හිතන්නේ ගුරුවන්නාන්සේ මැණික අරන් වගේ….ලක්සිරිට නයින්ගෙන් බේරිල්ලක් නෑ වගේ….???හපොයි වෙච්ච දෙයක් ….හෙට බලමුකෝ මොනාද වුණේ කියලා …නයෙක් ඇඟ උඩද මන්ද ???? ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් ලියනවට චන්දිම සර් ඔයාට…???? බුදු සරණයි ?????

  3. හපොයි..ලක්සිරි unlucky වෙලා.. කමක් නෑ.. මැණික් ගල නැති වුණත් අන්තිමට හොරකම් අත් ඇරලා ලක්සිරි හොඳ මනුස්සයෙක් කරන්න.. ???.. අදත් කතාව හොඳයි.. ජය..??

  4. හැමෝටම නිදිදෙව්දුව අත වනලා වගේ නේද.කාලුත් නෑනේ.මමත් යනෝ එහෙනම් .

    වැඩි වැඩියෙන් හොල්මන් පේන ,සුන්දර රාත්‍රියක් ම වේවා!!!! ??

    Good night වස්තුලා හැමෝටම.
    ? ??????? ? ???? ❤️❤️❤️❤️❤️❤️❤️❤️????????????????????
    ජේසු පිහිටයි !!!!!

    1. පව් අප්පා ලක්සිරි මාමා.. අහිංසක හීන තෙමිලා පෙගිලා ඇද වෙලා බොද වෙලාම ගියා..??…
      කවුද බොලේ නිංජා වගේ ඇවිත් ලක්සිරි මාමාට පොල්ලෙන් කෙලියේ… මාලයක් ගැන කිව හින්දා ම ඉතින් ගැනියෙකුත් සම්බන්ධ ඇති.. රන්මලි සම්බන්ධ නැ කියලා සට නම් හිතෙන්නේ… ? මේක ගුරුන්නාන්සෙගෙයි හීන්මැණිකෙගෙයි වැඩක්ද කියලා හිතෙනවා… ගුරුන්නාන්සේ ලෙඩ වෙච්ච එකත් බොරුවක් ද දන් නැ.. ??

      අම්මෝ නයි… ? ????? නාගීනලා නැද්ද දන් නැ.. නාගලෝකෙන් ආව නයි වෙන්න ඇති නේ..?? නයින්ටනම් බයයි.. ඒත් තාම කතාවට නම් බය හිතුන් නැ චන්දිම සර්… හොද හොද සෙල්ලම් එළි වෙන ජාමෙට කියනවානේ.. තව ඉස්සරහට හාට් අටැක් හැදෙන්නම බය කරයිද දන් නැ..?? ලක්සිරි මාමාගේ ගේ ඇතුලේ නයි ඉද්දි මට හිතුනා ගිහින් බලන්න තිබ්බනම් කියලා.. ?

      ලක්සිරි මාමේ ඇගේ නයෙක් ඉන්නේ ඔන්න… ස්.. ස්… ස්… ගගා.. ?? ?? ලක්සිරි මාමා මැණික ගත්තේ නැති නිසා කරදරයක් වෙන එකක් නැ මට නම් හිතෙන්නේ එහෙමයි.. බලමුකෝ බලමුකෝ අපිත් කියවනවනේ ? ? …

      මොනවා වුනත් කතාව සුපිරි සර්… කියවන්න ආස හිතෙනවා.. හෙට රැ වෙනකල් ඉන්න එපැයි ඉතින්.. හ්ම්….
      තෙරුවන් සරණයි !..
      සුභ රාත්‍රි⁣යක් හැමෝටම ..
      ????

        1. ?Dula?(2000)

          චන්දිම සර් ලෙන්සුවක් දෙන්නදෝ… කදුළුත් ඇවිත් හිනා වෙලාම..??

  5. මැණික ගත්තෙ ගුරුන්නාන්සෙ නම් නයා මොකද ලක්සිරි පස්සෙ එලවන්නෙ??? ඇග උඩ ඉන්නෙ නයි තඩියෙක් වෙන්න ඇති????…මැණික ආපහු හොයලා දෙනකම් ලක්සිරිට නම් බේරෙන්න බැරි වෙයි…..කතාව නියමයි රාස් ???????????

  6. අම්මෝ සර් කතාවක් දාලා.
    මරේ මරු. තාම නම් බය හිතුන් නෑ ඒත් කතාව කියවද්දි මගේ වටේ පිටෙත් නයි ඉන්නවා වගේ දැනුනා. අම්මෝ කොහොමද හිටියොත්.මගෙ නම් පන ටික මෙතනම යනවා. ???

    කතාව සුපිරි සර්.???
    ලක්සිරි කොල්ලා නයින්ට බය වෙයිද යක්කු ගස් නගින වෙලේ පොල් ගස් බඩගානකොට ???
    බලමුකෝ මොනා වෙයිද කියලා මටනම් තාම ⁣ෙප්‍රහෙලිකාවක්.
    බඩ උඩ හිටියේ නයෙක්ද.අනේ හත්වලාමේ හිතන්නත් බයයි. කතාව කියවනකල් හදිසි. දවල්ට දෙන්න බැරිද කතාව. රෑට කියෙව්වොත් නිදාගන්නවා බොරු. ???

    සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.