Katha Ahura

නාග මැණික | ? 03 කොටස ? | හොල්මන් කතා

4.8/5 - (30 votes)

මගෙ නිරුවත් බඩ උඩ දරන ගහගෙන මං දිහා බලාගෙන හිටියේ විශාල නයෙක්. මම බය හිතිලා පත්තුකරපු සාලයේ තැනක දැල්වෙන කුප්පි ලාම්පුවේ එලියට ඌව හොද හැටි මට පෙනුනා. තව ටිකකින් ඌ මට දශ්ට කාරාවී..

” අනේ නයි හාමී මට මොකුත් කරන්න එපා.. නයි හාමි හොයන මැනික මමලග නෑ… ඒක මටත් හොරෙන් කවුද අරන් ගිහිල්ලා , මම නයි හාමිට පොරොන්දුවෙනවා ඒ මැනිකකොහොම හරි හොයලා දෙනවා කියලා… මට කරදර කරන්නේ නැතිව යනවද නයි හාමී…. ”

මම නාගයාට කතා කලේ මනුස්සයෙක්ට වගේ… නාග්ටන්ට අපි කියන දේවල් තේරෙනවා කියලා මම දැනන් උන්නා.

ඒ දේ මට කියලා කටගන්න හම්බවුනේ නෑ… නාගයා මගේ ඇගෙන අයින් වෙලා ජනෙල් පියනක් නැති සාලේ තිබ්බ ජනේලේ ග්‍රීල් අතරින් රිංගලා එලියට ගියා…

” අයියේ මේ මග රෑ කාත් එක්කද කතා කරන්නේ… ”

ලගම තිබ්බ කාමරෙව් නිදාගෙන උන්නු කුසුම් සිරි ඒක ඇහුවේ මම නයාට කියපු දේවල් ඔහුටත් ඇහිලා වෙන්න ඇතී..

” මං කාත් එක්කවත් කතා කලේ නෑනේ…. ”

මම බොරුවක් කිව්වා. නයෙක්ට කතා කලා කියලා කිව්වොත් ඔවුන් මහ රෑ බයවෙයි. නැත්නම් මම විකාර දොඩවනවා කියකා හිතාවී.

” එහෙනම් හීනෙන් දොඩවන්න ඇතී… ”

කුසුම්සිරි ඒක කියලා නිහඩ වුනා….

??????????????????????

නාග මැනික ගත්ත කෙනාත් , අර මම අහුලපු මාලයත් අතර සම්බංදයක් ඇති කියලා මට හිතුනා… ඒත් ඒ මාලය පිරිමි දාන මාලයක් කියලා මට හිතුනේ නෑ… එත් මහ රෑ මාව පස්සෙන් ඇවිල්ලා කාන්තාවක් මගේ හිසට පොල්ලකින් ගහකා අර මැනික අරන් ගියා කියන එකත් මට හිතාගන්න අමාරුයි…

මැනික හොයාගන්න මම කාගෙන්ද උදව් ගන්නේ.. ඒ ගැන හිතද්දීමයි මට සූරියසේන ගුරුන්නාන්සේ ව මතකයට ආවේ…

එදා දවසේ හිරු පාය පැය තුනක් යන්න කලින් මම එකදිගට හතරවෙනි වතාවටත් සූරියසේන ගුරුන්නාන්සේ හම්බවෙන්න හිතාගෙන ඒ ගෙදර ගියා…

” ඇයි උබ හැමදම අපේ ගුරුන්නාන්සේ ව හම්බවෙන්න එන්නේ.. ”

මාව දැකලා හීන්මැනිකේ ඇහුවේ එච්චරම හොදින්නම් නෙමේ කියලා මට තේරුනා…

“මට ගුරුන්නාන්සේ හම්බවෙන්න ඕනෑමයි.. ගුරුන්නාන්සේ ව මම හොයන්නේ නරක වැඩකට නෙමේ…. ”

ඇයි මේ මනුසයන් මට මෙච්චර අකමැතී. වෙලාවකට මට දැනෙන්නේ මාර කලකිරීමක්….

” ගුරුන්නාන්සේ ට තාම සනීප මදී…. ”

හීන්මැනිකේ ඒ දේ කියද්දී මම දැක්කා ගේ ඇතුලින් එලියට බහින සූරියසේන ගුරුන්නාන්සේ ව. මම හීන්මැනිකේවත් පහුකරන් ඔහු ල්ගට ගියා..

” ඉතින් ලක්සිරී, මම එද කිව්ව වැඩේ උබ තාම කරගෙන නෑවගේ…”

ගුරුන්නාන්සේ මගෙන් ඇහුවා.

” මොන වැඩේද… ”

” අර මැනික ගන්න වැඩේ , උබ ඒක ගත්තද , නෑනේ… ”

” ගුරුන්නාන්සේ මම ඒ ගැන කතාකරන්නමයි මම මේ තකහනියෙම ආවේ.. ගුරුන්නාන්සේ කිව්ව විදිහටම මම එදා අර වැඩේ තිතටම කලා… ඒත්…. ”

” ඇයි ඒත්…..”

” මැනික උඩට ගොම තලිය විසිකරලා විනාඩියක් ගියේ නෑ ,කවුරුහරි කෙනෙක් මගෙ පිටිපස්සෙන් ඇවිල්ලා මහේ ඔලුවට පොල්ලකින් ගැහුවා.. මට එච්චරම යි මතක ගුරුන්නාන්සේ , උදේ වෙද්දේ සිහි ඇවිල්ලා බලද්දී අර නාග මැනික එතන තිබ්බේ නෑ ගුරුන්නාන්සේ ”

” හෑ ඒක වුනේ කොහොමද මේ දේ දාන්නේ උබයි මායි විතරනේ… ”

ගුරුන්නාන්සේ කිව්වේ කල්පනාකාරීව.

” මට ඒ මැනික අල්ලන්න පින නැතිව ගියා ගුරුන්නාන්සේ , ඒ විතරක්නම් මදෑ ගුරුන්නාන්සේ ,දැන් නයි මහේ පස්සෙන් පන්නන්න පුරුදුවෙලා….. මට උදව් කරන්න ගුරුන්නාන්සේ ,අර මැනික හොයාගන්න බැරිවුනොත් , ඒ නයි මම පස්සේ පන්නලා මාව හපලා දශ්ට කරයි ගුරුන්නාන්සේ , ”

මම ගුරුන්නාන්සේ ඉදිරියේ වැද වැටුනා..

” නයි කියද්දීයි මට මතක්වුනේ , ඊයේ හවස දොලට නාන්න ගිය වෙලාවෙ අපේ රන්මලීටත් නයෙක් එලවලනේ… එකී බයවෙලා කෑගහගෙන ගෙදරට දුවගෙන අපු වේගෙට මාත් බයවුනා. මගේ වත්ත හතරසීමාවටනම් ඔය එක සර්පයෙක්ට එන්න විදිහක්නෑ….. මමමගේ වත්තට සර්පයන් නොඑන විදිහට වැලි මතුරලා ඉහලා ආරක්ශා කරලා තියෙන්නේ ”

ගුරුන්නාන්සේ කිව්වේ ජයග්‍රාහී විදිහට.

” ගුරුන්නාන්සේ මටත් උදව් කරන්න අර නයින්ගෙන් බේරෙන්න….මැනික හොයාගන්න විදිහක් කියලා දෙන්න.. ඒක් කවුරු ගන්න ඇත්ද ගුරුන්නාන්සේ ”

මං ඒ දේ කියද්දීම රන්මලී අපි අතරට ආවා…

” තාත්තේ කසාය රත්කරලා තියෙන්නේ ඉක්මනට බිව්වොත් හොදයි ,නැත්නම් නිමෙයි…. ”

මම දිහාත් ඇස් කොනින් බලල ඒක කියලා රන්මලී ආයෙම ගේ ඇතුලට රිංගුවා…. ගුරුන්නාන්සේ ඉදන් හිටි පුටුවෙන් නැගිට්ටා.

” අනේ ගුරුන්නාන්සේ අරකටත් හරි උත්තරයක් කියලා යන්නකෝ… ”

” මං කොහෙන් උත්තරයක් දෙන්නද ලක්සිරියො…”

” එහෙම කියකා කොහොමද ගුරුන්නාන්සේ ,ගුරුන්නාන්සේ හින්දයි මම අර දේවල් කරලා මැනික ගන්න ගියේ.. මම අද මේ වගේ ත්ත්වෙට වැටෙන්න ගුරුන්නාන්සේ ත් වගකියන්න ඕනා… ”

” මේ ලක්සිරියී උබ එන්න එපා මේ සූරියසේන ගුරුන්නාන්සේ ට ඇගිල්ල දික්කරන්න.. උබේ තන්හාවට නෙමේද උබ නාග මැනික් ගැන කියකාඒක ගන්න විදිහ අහුවේ ඈ……”

“අනේ ගුරුන්නාන්සේ මම අසරනයි ගුරුන්නාන්සේ මට උදව් කරන්න… ”

මම ගුරුන්නාන්සේ ඉදිරියේ බැගෑපත් වුනා. ඒත් ගුරුන්නාන්සේ ඒක මං කියපු දේවල් කනකටවත් ගත්ත පාටක් තිබ්බේ නෑ. ඔහු ගේ ඇතුලත වැදී නොපෙනී ගියා. ගුරුන්නාන්සේ ගැන මට ඇතිවුනෙ කියාගන්න බැරි තරමෙ කෝපයක්…මොනවා වුනත් මට මේ වෙන දේවල් වලට ගුරුන්නාන්සේත් වගකියන්නඕනා…
?????????????????????

පුංචි අම්මා එක එක දේවල් කියලා මාව මහගෙදරින් පන්නලා දාන්න හැදුවත් මම නම් අදහස අතැරියේ නෑ , මම එදා රෑත් මහගෙදරම හිටියා.

යමක් මගේ ඇග උඩ ඉන්නවා දැනිලයි නිදාගෙන හිටිය මම උඩ ගිහිල්ලා ඇහරුනේ… මගේ ඇග හිරිවැටුනා දුටු දෙයින්.. ඊයේ රෑ වගේම අර නාගයා අදත් මගේ බඩ උඩට වෙලා පෙනය පුප්පහෙන මම දිහා බලාගෙන උන්නා… ඊයේ රෑ මම නයාට පොරොන්දුවුනේ අර නයි මැනික අද රෑ කොහොමහරි හොයලා දෙනවා කියලා.. ඒත් මට ඒක් හොයාගන්න පුලුවන් වුනේ නෑ…. ඒ හින්දා නයා අදනම් මට මිනවා හරි කරයි කියලයි මටහිතුනේ.

” අනේ නයි හාමී මට සමාවෙන්න නයි හානී… මම මැනික කවුද ගත්තේ කියලා හොයාගන්න සෑහෙන්න උත්සහ ගත්තා… ඒත් මට හොයාගන්න බැරිවුනා.. මමනයි හාමිට පොරොන්දුවෙනවා ඉක්මනට මම ඒ නාග මැනික හොයලා දෙනවා කියලා… මට සතියක් කල් දෙන්න.. අනේ නයි හාමී මම නොකල වරදට සමාවෙන්න… ”

මම අත් දෙක අල්ලල වැදගෙනම නයාට බැගෑපත් වුනා..

” මොන කරදරයක්ද මංදා… හැමදාම නින්දයාගෙන එද්දී මූ විකාර දොඩවනවා.. ශික්නින්ද යාගෙන ආවා විතරයි.”

මගේ හඩ ඇහිලා වෙන්න ඇති පුංචි අම්මා කමාරේ ඉදලා මට බැන්නා. එර්ත් මගේ අවදානය තිබ්බේ ඈ ලග නෙමේ. නයා ඊටපස්සේ මොකක් කරයිද කියලයි… මගේ හිතට සැනසුමක් එක්කරලා ඌ ඊයේ වගේම මගේ ඇගෙන අයින් වෙලා අර ජනේලෙන් එලියට බඩගාගෙන ගියා.

??????????????????????

මොන දෙයක් හරි වෙච්චාවේ කියලා හිතල මම පහුවදාත් සූරියසේන සේන ගුරුන්නාන්සේ ව හොයාගෙන ඒ ගෙදර ගියා..

” උබ අදත් ආවාද ”

මම දැකපු ගුරුන්නාන්සේ ගේ මූනේ තිබ්බේ ඒ තරම් හොද පෙබුමක් නෙමේ..

අනේ ගුරුන්නාන්සේ මට අර නයින්ගෙන් බේරෙන්නම විදිහක් නෑ ගුරුන්නාන්සේ , අර මැනික මට හොයාගෙන උන්ට ආපහු දුන්නේ නැත්නම් උන් මාව මරලා දායී… නට ඒ මැනික හොයාගන්න උදව් කරන්නකෝ ගුරුන්නාන්සේ ”

” මං කොහොමද ලක්සිරියේ ඒක තියෙන තැන හොයාගන්න උබට උදව් කරන්නේ…”

” ගුරුන්නාන්සේ දන්නවා.. ගුරුන්නාන්සේ කියන්නේ නා ඒක මට , මට සැකයි ඔය මැනික මට ගහලා ගුරුන්නාන්සේ මද ගත්තේ කියල. මොකද ඔය මැනිකේ කතාවදැනන් උන්නනම් දැනන් උන්නේ මායි ගුරුන්නාන්සේ යි විතරයි….”

මම තරහින් වගේ කියපු දේට ගුරුන්නාන්සේ ගේ මූන අබ දැම්මත් පිපිරෙන තරමේ තරහකින් පිරුනා..

” බැහපන් මගේ වත්තෙන් එලියට.. තව අඩියක් තෝ මේ වත්තේ හිටියොත් මම කරන දෙ තොටවත් හිතාගන්න බැරිවෙයි…”

මම දිහාට අත් දික්කරලා ගුරුන්නාන්සේ කෑගද්දී එනනට හීන්මැනිකේයි රන්මලී දෙන්නට් දුවගෙන ආවා..

” ඔනෑ දෙයක් කරපන් මට , ඒත් මාත් අත් අරින්නෙම නෑ… ගුරුන්නාන්සේ ට කවදාහරි දුක්වෙන්න වෙයි.. මට මේ කරන අපරාදවලට… මේ ලක්සිරිත් එහම ලේසියෙන් ගේම අත අරිනමිනිහෙක් නෙමේ”

මම ගුරුන්නාන්සේ ට අබියෝග කලේ රන් මලී දිහාත් බලමින්..

” හ්ග් හහ් උබේ කටට මම බයවෙයි.. අනික මම උබට මොකුත් කරන්නෙත් නෑ.. මොකද මේ වෙද්දී උබ ඉන්නේ ලොකු අමාරුවක වැටිලා.. උබ දන්නවද ලක්සිරියෝ , අර නාග මැනික ගන්නකොට ඒ නාග මැනික ආරක්ශා කරපු නයා ඒ මැනික ගත්ත එකා දිහා බලාගෙන ශාපකරනවා.. ඌ ශාප කරන්නේ හත්පාරක් පෙන ගොබේ පොලවේ ගහගෙන.. ඒහෙම ඌ කරන්නෙ මගේ මැනික ගත්ත එකාගේ හත්මුතු පරම්පරාවම විනාශ වෙලා යමන් කියලා…. හහ් හහ් හා ඒ ශාපේ උබටත් දැන් අනිවාර්යයෙන් ම වැදිලා තියෙන්නේ. උබ ලග ඒ මැනික තිබ්බත් කිසිම වැඩකුත් නෑ ඒ හින්දා… ”

ගුරුන්නාන්සේ ඒ දේ කියද්දී මගේ ඇගටත් එක්ක මොකක්ද වුනා.. මොකද ගුරුන්නාන්සේ කියපු දේවල් ඇත්ත වෙන්න ඇති කියලා මට හිතුනා.. මට මතකයි අර මැනික ගත්ත වෙලාවේ අර මැනික ආරක්ශක කරපුනාගයා උගේ පෙන ගොබය පොලවේ හප්පගෙන හප්ප්ගෙන ගොය හැටි…

” ගුරුන්නාන්සේ මේ ඔක්කොම දේවල් දැනගෙනයි මට අර දේ කරන්න කිව්වෙර් නේද ගුරුන්නාන්සේ ,මට ඒ දේ ගැන කිසිම දෙයක් ගුරුන්නාන්සේ කිව්වේ නෑ.. ඇයි ඒ… ,ඒ දේවල් දන්නවනම් මම අර වැඩේ කරන්න යන්නේ නෑ කීයටවත්…”

කියපු මට ගුරුන්නාන්සේ මරන්න තරම් ආවේගයක් ආවත් මම ඒ තරහ පාලනය කරගත්තා…

” ගුරුන්නාන්සේ උබ මට කරපු දේට ජීවිත කාලයම විදවන්න වෙය්…. ”

සිතු මම ඒ ගෙදරින් එලියට බැස්සේ රන්මලි දිහාත් ඇස් කොනින් බලමින්….
?????????????????????

ගුරුන්නාන්සේ න් පලිය ගන්න මට ගුරුන්නාන්සේ ගේ දුර්වලකමක් විදිහට මම දැක්ක රන්මලීව ගාව ගන්න හිතුනා…මම ගුරුන්නාන්සේ ගේ ගේ කිට්ටුව ගහක් උඩට නැගලා ගුරුන්නාන්සේ ගේ දිහා බලාගෙන උන්නේ රන්මලීව ඒ නිව්සේ තනිවෙන මොහොතක් අල්ලගන්න මාන බලමින්…

මගේ හිතට නිම්හිම් සතුටක් එක්කරලා ගුරුන්නාන්සේ එදා හවස නිවසෙන් එලියට බැස්සේ දුර ගමනක් අයන්න වගේ ඇදගෙන. හීන්මැනීකේත් ඊට පැයබාගයකට විතර පස්සේ වත්ත පිටිපස්සට යනවා ගහ උඩ හිටිය මට හොදටම පෙනුනා..

මේ මගේ වෙලාව හිතපු මම ඉක්මනට රන්මලීව අල්ලගන්න හිතාගෙන ගහෙන් බැහලා ගුරුන්නාන්සේ ගේ ගෙවල් පැත්තට ගියේ කිසිම කෙනෙකුට නොපෙනෙන විදිහට.

රන්මලි හිටියේ ඇයගේ කාමරේට වෙලා..ඇයත් ගෙදර අයට හොරෙන් යමක් හොයනවා වගෙයි ඇගේ ඉරියව්වලින් මට පෙනුනේ…. ඒත් ඒ හොයන එක මට දැනගන්න ඕනාකමක් තිබ්බේ නෑ. ඉනේ තිබ්බ පිහිය මම අතට අරගත්තේ රන්මලිගේ අවසානය මේ කාමරේ ඇතුලේම විසදලා මට කරපු දේට ගුරුන්නාන්සේට ජීවිත කාලය පුරාම මතක හිටින්න පාඩමක් උගන්නන්න හිතන්…….???????????????????ඊලග කොටසට ? නාග මැණික Naga Manika

බලමු රන්මලීට මොන වගේ ඉරනමක් අත්වෙයිද කියල ඊලග කොටසින්.. අනුමාන කරන අය එතකම් අනුමාන කරමූ..

කතාව කියවල ලයික් කමෙන්ට්ස් කරන ඔක්කොටම ගොඩාක් ස්තූතීයි????

29 thoughts on “නාග මැණික | ? 03 කොටස ? | හොල්මන් කතා”

    1. ඊයේ දොයියන් බබා වුනානේ මේක කියවන්න කියලා ඉද්දි..?

      සුපිරි කතාව චන්දිම සර් අයියේ… මරු ඇ… හොල්මන් කිවට ? නැනේ තාම.. රන්මලි මොකක් හරි දෙයක් දන්නවා… ගුරුන්නාන්සේම තමා ඕක ගන්න ඇත්තේ… ඒකට හීන්මැණිකෙත් හවුල් කියලා හිතෙනවා… මැණික ගත්ත කෙනාට සාපේ වැදෙනවානම් ලක්සිරිට මොකුත් වෙන් නැනේ… ලක්සිරි නෙවෙනේ මැණික ගත්තේ…??

      රන්මලි මැණික හොයාගන්න උදව් කරයි… හෙට රන්මලි කියයි එයා මැණික හොයාගන්න උදව් කරන්නම් කියලා… කෙල්ල හොයන්නෙත් මැණික තමා.. කෙල්ලටත් මොකක් හරි සැකයක් ඇති තාත්තා ගැන… ඒකනේ ගෙදරින් යනකම් ඉදලා හොයන්න ගත්තේ…??

      මරු කතාව කියවන්න ආස හිතෙනවා.. සුප්පා සර්… All the best
      තෙරුවන් සරණයි !..
      ????

  1. ...Chuti kavi...

    ☀️❤️☀️❤️☀️❤️☀️❤️☀️❤️☀️❤️☀️❤️❤️…. මගේ දඟ පවුලේ හැමෝටම. ☀️
    ☀️සුභ ම සුභ උදෑසනක් වේවා…. ❤️
    ❤️????????????☀️
    ☀️❤️☀️❤️☀️❤️☀️❤️☀️❤️☀️❤️☀️❤️

  2. ...Chuti kavi...

    පුදන කොටම කාපි යකා කිව්වලු…. පව් ලක්සිරි….. හැබැයි ඉතින් බලලෝභි වෙලා නාග මානික්‍ය ගන්න හැදුවා නම් ඔහොම වෙලා මදි…..මට නම් හිතෙන්නේ ගුරුන්නාන්සෙයි හින්මැනිකෙයි ගෙදරින් එලියට ගිය ගමන් රන්මලී හොයනව ඇත්තේ නාග මාණික්‍යය….. ????
    ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන් ඉන්නවා ඉවසිල්ලක් නැතුව…

  3. nayomi nadeera

    මට හිතෙන්නේ රන්මලී ගන්න ඇති අම්මා එක්ක මැණික… කතාව ලස්සනයි ගොඩක් ❤️

  4. Sadamali nuwanthika

    ලක්සිරි දැන ගනී රන්මලී හොයන්නෙ ? මැනික කියලා…සමහරවිට ගුරුන්නාන්සේ දන්නෙත් නැතුව ඇති..? මැණික තියෙන්නේ රන්මලී ගාව කියල..රන්මලීට හොද පාඩමක් උගන්නන්න..

  5. Amesha sonali

    ම්ම්ම්ම්…රන්මලී වෙන්න ඇති මැණික ගත්තෙ..පණ දාගෙන හොයන්නෙ මැණික වෙන්න ඇති…ලක්සිරි පව් අප්පා.. ඒත්…හොද වැඩේ .ගන්න ගියා නාග මැණික ….

    කතාවනම් මරේ මරු ???අනේ…මාරම ලස්සනයි …???
    ඒත් මාර වැඩේ කියන්නෙ මට බය හිතෙන්නෙ නෑ නෙ..???
    මොනා වුනත් සුපිරි කතාව..
    බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා…

  6. මට නම් හිතෙන්නේ මැණික හන්න ඇත්තේ ගුරුන්නාන්සේගේ වයිපරේ වෙන්න ඇති.??
    රන්මලී හදන්නේ ලක්සිරි කොල්ලට උදව් කරන්නද දන්නෑ.කියන්න බෑනේ ඉතින් ???? අද නම් 9 වෙද්දි ම කතාව දෙන්නකෝ අයියා සර්…..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.