Katha Ahura

නාග මැණික | ? 04 කොටස ? | හොල්මන් කතා

4.7/5 - (7 votes)

නාග මැණික ? 04 කොටස ?

මම හිමින් සැරේ රන්මලීගේ කාමරයට ඇතුලු වෙලා ඒ කාමරේ දොර වැහුවේ සබ්දයක් ඇහෙන්නේ නැතිවෙන්න.

” ක්‍රී…..ස් ”

ඒත් ගොම පොලවට ඇලිලා වගේ තිබ්බ දොර වැහුනේ ඒහෙම හඩත් එක්ක. ඒ හඩට රන්මලී කලබලවෙලා ගෙල හරවා පිටිපස්ස බලද්දී මම දැකපු ඇය බයවුනේ හොල්මනක් දැකලා වගේ..

” අම්………..”

බයවුන රන්මලී හැදුවේ යටගිරිරියෙන් කෑගලා උදව් ඉල්ලන්න. ඒත් ඇය පමාවැඩී.. ඉස්සරහට පැන්න මම මගේ සක්තිමත් අතින් ඇයගේ කටින් හඩක් පිටනොවෙන විදිහට කට වසාගෙන ,තියුනු උල් පිහිය ඇයගෙ ගෙලට තිබ්බා…

” කෑගහපිය බලන්න ,කෑ ගැහුවොත් තෝව මෙතනම මරලා දානවා…”

මම ඇයව තවත් බයකරද්දී ඇය මොනවා හරි කියන්න හැදුවත් කට වහලා නිසා ඒවා වචනවලට පෙරලුනේ නෑ..

” තොගේ මහලොකු තාත්තා. මට කරපු දේ තෝ හරි කියලා හිතනවද..තෝත් ඒවා නොදැන ඉන්න විදිහක් නෑනේ නේ.. තාත්තා කරපු දේට මම මෙතනම මේ කාමරේම උබව මරලා දානවා.. එතකොට ඌ ජීවිට කාලේම විදව විදව ඉන්නේ නැතෑ , දූ අකාලේ මැරුන ශෝකයට ,හහ් හහ් හා.. දැන් ලෑස්තිවෙලා ඉදින් අවසන් ගමන් යන්න.. ”

කියපු මම රන් මලීගේ බෙල්ල උගුර දන්ඩ ලගින් කපලා දාන්න හද්දදීම ඇය මගේ අත හපලා කන්න පටන් ගත්තා….

” බැල්ලී…. ”

මට ඒක දැනුනේ දැඩි වේදනාවක්.. මගේ අතින් උල් පිහියත් ගිලිහී වැටුනා.. ඒක දැකපු රන්මලී බිමට බැමී බිම වැටුන උල් පිහිය ඇයගේ අතට ගත්තේ මම ඇසිපිය ගහන වේගෙන්…

” එහම ලේසියෙන් මාවනම් මරන්න හම්බවෙන්නේ නෑ.. ලක්සිරි..මම සූරියසේන ගුරුන්නාන්සෙගේ දුව..”

ඇය පුරසාරම් දොඩවද්දී මට දැනුනේ නිම්හිම් නැති කෝපයක්…රන්මලීගේ කාමරේ තිබ්බ ඇදේ මෙට්ටය උස්සලා ඇද පොල්ලක් අතට ගත්තේ රන්මලි කාමරේ දොර අරින්න හදද්දී…

” උබේ තාත්තාගේම වගේම උබෙත් කට වැඩී.. කට වැඩි උන් මට්ටු කරන්න මේ ලක්සිරි හොදටම දන්නවා.. ”

අවේගයෙන් කියපු මම ඇදපොල්ලෙන් රන්මලීගේ ඔලුවට ගැහුවේ ඇය මරලතෝනී දෙද්දී…ඇය ඇරගත්ත කාමරේලගම ඇදගෙන වැටුනේ සිහි නැතිව…

අනිවාර්යයෙන් රන්මලීගේ හඩට අහල පහලා මිනිස්සුත් මෙතනට එයි කියලා හිතපු මම ඊට කලින් පැනගන්න හිතුවා.. ඒත් තනිවමනම් නෙමේ..

සිහිනැතිව ඇදගෙන වැටුන රන්මලීවත් කරට ගත්ත මම ඉක්මනට සූරියසේන ගුරුන්නාන්සේ ගේ වත්තෙන් එලියට බැස්සේ කවුරුවත් දකින්න කලියෙන්..

සූරියසේන ගුරුන්නාන්සේ ගේ කිට්ටුව ගෙයකට තිබ්බෙත් සැහෙන්න දුරකින්.. සූරියසේන ගුරුන්නාන්සේ ගේ වත්තේ පැත්තකින් වනරොදක් තිබ්බා. ඉක්මනට කරට ගත්ත රන්මලීවත් අරන් මම ඒ වන ලැහබ අස්සට රිංගුවා….

ඒ වෙද්දී හාත්පසින්ම අදුරත් වැටෙන්න ලංවෙලා…රන්මලීවත් කරට අරන් යන මට එකපාරටම මතක් වුනේ ගමේ තිබ්බ පාලු ගෙයක් වුන අක්කර පහලවේ වත්තේ ගේ.. ඒ ගේ කිට්ටුවත් ගෙවල් දොරවල් තිබ්බේ නැති නිසාත් මේ මම දැන් යන වනරොදේ කෙලවරක ඒ වත්ත තිබ්බ නිසාත් මම ඉක්මනට ඒ ගේ හොයාගෙන ගියා…

????????????????????

පාලුගෙයි කැඩුන ජනේලයකින් රන්මලීව ගේ ඇතුලට දාලා මාත් ඒ ජනේලෙන් ගෙට පැන්න. , සෑහෙන්න කාලෙකින් මිනිස් වාසයක් නොවුන හින්ඩා මුලු ගේ ඇතුලේම වවුල් රජදහනක් වෙලා තිබ්බා…

මේ ගෙදර කලින් හිටියේ ගමේපෝසතෙක් වුන ඩේවිඩ් කියලා කෙනෙක් නිසා ඒ ගේ උලු සෙවිලි කරපු පරන ගෙයක්… ඒත් මීට වසරකට පෙර ඔහු මැරුන් නිසාත් , ඔහුගේ දරුවන් අරන් ඩේවිඩ් ගේ බිරිද ඇයගෙ ගමට ගිය නිසාත් මේ ගෙදරපාලුවටම ගියා..

රන්මලීව ඒ පාලු නිවසෙ කාමරේක තිබ්බ ඇදක් උඩට තියපු මම කබ වගයක් අරන් ඇවිල්ලා ඇයව ඇදට තියලා බැන්දා…

සමහරවිට මේ වෙද්දී රන්මලී අතුරුදහන් වෙලා කියලා ගමේ අය දන්නවා ඇති. ඔවුන් මේ හෙදරට එන්න කලින් කරන දෙයක් කරලා මේ ගමෙනුත් පැන ගන්න ඕනා..

හිතපු මම රන්මලීගේ කට රෙදි කඩකින් බැදලා, වත්තේ කෙල්වරක තිබ්බ වතුර තිබ්බ පතහකින් වතුර අරන් ඇවිල්ලා රන්මලීගේ මූනට ඉස්සෙ ආපහු සිහිය ගන්න හිතාගෙන.

ටිකවෙලාවකින් ඇයට සිහිය ආවා.. ඇය මම දිහා බලාගෙන කෑගන්න හැදුවත් වැඩක් වුනේ නෑ….. ඇයගේ කට බැදලා නිසා..

” බලපන් මම උබට දැන් කරන්න යන දේ…..”

කටකොනින් හිනාවෙලා කියපු මම ඇය ඇදන් හිටිය චීත්ත ගවුමේ ඉර්න්න හදද්දීම මට ඇහුනේ අපේ හිටිය කාමරය ඇතුලට කවුරුහරි එන අඩි හඩක්…

හොදටම බයවුන මම කරන්න හිතපු දේත් නවත්‍තලා පිටිපස්ස හැරිලා බලද්දී මමදැක්කේ මීට පෙර කවදාවත් දැක්ලා නැති තරුනයෙක් මම දිහා බලන් ඉන්න හැටී… ඔහු කිසිම හඩක් නැතුව මේ ගේ ඇතුලට ආවේ කොහොමද කියලා මට හිතාගන්නවත් බෑ.

මම මීට පෙර තරුනයෙක්ගෙන් දැකලා තිබ්බේ නැති කඩවසම් බවක් ඔහ් ලග තිබ්බා. ඒ විතර්ක් නෙමේ ඔහුගේ ඇස්.. හරියට ඒවා සමාන වුනේ න්ල් කටරොඩු මල් වල සමාන පාටට…

” මොකක්ද යකෝ උබ ඔය කෙල්ලට කරන්න යන්නේ…”

ගැබුරු හඩින් කියාගෙන ඔහු මා ලගට පැන මාව වේගෙන් තල්ලු කරලා දැම්මා… ඔහු තල්ලු කරපු වේගයට මම නතරවුනේ බිත්තියේ ඔලුව වැදී..

“ආ….හ්… ”

මට කියවුනේ වේදනාවට.

ඉන් නතර නොවුන ඔහු මට අතින් පයින් සලකන්න පටන් ගත්තේ මට කිසිම දෙයක් කරකියාගන්න බැරිව අසරනව ඉන්දැද්දී… ඔහු ඉදිරියේ මම පරජය බාරගෙන බිම ඇදගෙන වැටෙද්දී මම දැක්කා ඔහු රන්මලීව ලෙහන හැටී… ඇයව ලෙහල නිදහස් කරපු ඔහු මා දිහාට හැරුනා.

” දැනගනින් , මේ අහිංසක කෙල්ලට කරපු දේට උබව මරන්නයි වටින්නේ… ඒත් උබව මම මරන්නේ නෑ… මොකද උබ වගේ ගැරඩි මරල මට පව් පුරොගන්න ඕනේ නෑ…. තව දෙයක් තව ටිකකින් මම මෙතනට එනවා , එතකොට උබ මෙතන ඉන්න බෑ.. හරිද ”

කියපු ඔහු රන්මලීවත් එක්කගෙන එතනින් යන්න ගියා…

” කවුද මේකා, කොහෙන්ද මූ කඩාපාත් වුනේ , එකපාරටම ”

කුතුහලයෙන් සිතපු මම වැටිලා හිටිය තැනින් නැගිට්ටේ මාර අමාරුවකින්. මොනවා වුනත් දැන් රන්මලී මේ දේවල් ගමේ අයට කිව්වම මට මෙ ගමේ ඉන්නව කියලා හිතාගන්ව්වත් බැරි වෙයි.

මම කොච්චර නරක වැඩ කලත් ,මම මීට කලින් කවදාවත් නරක චේතනාවින් කෙල්ලෙක් දිහා බලලවත් නෑ…. රන්මලීට මම අර දේ කරන්න ගියේ සූරියසේන ගුරුන්නාන්සේගෙන් පලි ගන්නා චේතනාවින් විතරයි..

??????????????????????

රන්මලීට මම කරපු දේ දැනගන්න කලියෙන් මට ඕනවුනේ මේ ගමෙන් පැනලා යන්න. ඒත් මට ලොකු ඕනෑකනක් තිබ්බා අර එකපාරටම කඩාපාත් වුන තරුනයා කවුද කියලා හොයාගන්නත්.

එකවෙලාවකට හිතුනා අර තරුනයා ඉස්සරහ මම මැරුනනම් මොකද කියලත්.. මොකද මොන වෙලාවක නයෙක් ඇවිල්ලා මට පහරදෙයිද කියලා මම දන්නේ නෑ….

ඒ බිම් කරුවල වැටිලා වෙලේ මම අයෙම ගියේ සූරියසේන ගුරුන්නාන්සේ ලාහේ ගෙවල් කිට්ටුවට.. කාටවත් පේන්න නැතිවෙන්න අර කලින් නැගල හිටිය ගහ උඩට හරිම අමාරුවකින් නැගලා මම ගේ දිහා බලන් උන්නා. කරුවල නිසා ගේ ලගම ගහක හිටියත් මාව කොහොමවත් කාටවත් පේන්නේ නෑ කියකා විශ්වාසයි.

මට සූරියසේන ගුරුන්නාන්සේ ගේ ගේ ඇතුලින් අහුන ගුරුන්නාන්සේ ගේ කෑගැහිල්ලෙන් මම දෙයක් තේරුම් ගත්තා.

” මං ඕකාව ඉතිරිකරන්නෙඩ් නෑ පර බල්ලා.. මම මම දිහා එක මිනිහෙක් ඇරලා කෙලින් කතා කරන්න නේ නෑ.. ඌ මගේ එකම කෙල්ලව විනාද කරන්න හැදුවා.. ”

ගුරුන්නාන්සේ බැන වැදුනේ මට කියලා මට සීයට සීයක් විශ්වාසයි.

” දැන් ගුරුන්නාන්සේ ,ඕකට කෑගලා හරියන්නේ නෑනේ….අපේ රන්මලිට මොකුත් වෙන්න කලින් මේ පුතා දෙයියෙක් ආවා වගේ ඇවිල්ලා බේරගත්තා නේ… ඔහොම කෑහන එක අපේ රන්මලීටමයි හොද නැත්තේ…. අනික ගුරුන්නාන්සේ ගේ දුවටත් මෙහෙන කලා කිව්වම ගුරුන්නාන්සේ ගේ තත්වේ මොකක්ද , ගමේ වෙන උන් මේ දේ දැනගන්න ඕනා නෑ..”

හීන්මැනිකේගේ හඩින් මම දෙයක් තේරුම් ගත්තා , අනිවාර්යයෙන් ම මට ගහපු අර තරුනයාත් ගේ ඇතුලට වෙලා ඇතී. ඒත් හීන්මැනිකේ ගේ කතාවටනම් මට පොඩ්ඩක් හිතට සැනසුමක් ආවා. ඒ මේ දේවල් ගමේ අයට දැනගන්න දෙන්නේ නෑ කිව්ව එකට.

” ඇත්තටම මේ පුතා කවුද,, මම මීට කලින් දැකලා නෑනේ..”

ආයෙම අහුනේ හීන්මැනිකේගේ හඩ.

” මම ඩේවිඩ් මුදලාලිගේ අයියගේ පුතෙක්…මම ටික දවසකට ඩේවිඩ් බාප්පගේ ගෙදර නැවතිලා යන්න කියලයි ආවේ…”

මට ගහපු තරුනයාගේ හඩ ගේ ඇතුලින් ඇහුනා.

” හැබෑට අපි දැනන් උන්නේ නෑනේ ඒ ගැන. මැරුනු ඩේවිඩ් මුදලලෛට මල්ලි කෙනෙක් හිටිය විත්තිය. ජීවත්වෙලා හිටිය කාලෙත් ඉතින් ගමේ අයත් එක්ක ඩේවිඩ් මුදලාලි කතා කලා කියලවැයි…”

” හ්ම්ම්ම්ම් එහෙනම් මාමේ නැන්දේ මම ගිහිල්ලා එන්නම් , නංගී මම යනවා….”

කියපු තරනයා මොහොතකින් ගුරුන්නාන්සේ ගේ ගෙයින් එලියට බැහලා යනවා මම දැක්කා…

“යස ඉලන්දාරිය , ඩේවිඩ් මුදලාලිගේ නෑදෑයෙක් කියන්නේ ඉතින් සල්ලී එහෙමත් බරටම ඇති…අපේ රන්මලියටනම් හොදමට ගැලපෙනවා…. ”

හීන්මනිකේගේ හඩේ තිබ්බේ යම් බලාපොරොත්තුවක්..

” විකාර වැහිලද ඔහෙට , ඩේවිඩ් මුදලලිගේම නෑයෙක්මද කියකා හරියටම අපි දන්නවාවැයි… මටනම් ඌ එච්චරම දිරෙව්වේ නෑ… ”

ගුරුන්නාන්සේ කිව්වා.

” ඒ ඇයි තාත්තේ ඒ , ඒ අයියා හරි හොදයි , ඒ අයියා හිටියේ නැත්නම් අද මම ඉවරෙටම ඉවරයි. ”

රන්මලීගේ හඩ අහුනත් මට එතනින් එහාට ඒ කතාබහට ඇහුම්කම් දෙන්න ඕනෑකමක් තිබ්බේ නෑ. ඉක්මනට ගහෙන් බැහලා මම හැදුවේ අර තරුනයා පස්සේ පන්නගෙන යන්න….. ඒත් මට ඔහු ගිය පාර හොයාගන්න බැරිවුනා.. ආයේ අර ඩේවිඩ් මුදල්ලාගී පාලු වත්ත පැත්තට යන අදහස අයින් කරලා මම ආපහු මගේ ගෙදර ගියා.. හොදට පහර කාල හිටි මට අද රෑ මහගෙදර ගිහිල්ලා ඒ අයට මූන දෙන්න අදහසක් තිබ්බේ නෑ.

නයි ආවොත් උන්ට කොහොමහරි මුහුන දෙනවා…. මම හිතුවා…

” මේ මම කතා කරන සීමාවේ නයි හාමිලා ඉන්නවනම් මම කියන දේ අහලා මට කරදර කරන්න එන්න එපා.. මම කොහොම හරි නයි හාමිලට අයිති නාග මැනික හොයලා දෙනවාමයි…”

මම ඒ දේ කීපපාරක්ම නොනවත්වාම කිව්වේ නයි ඉන්නවනම් උන්ට ඇහිලා මට කරදර කරන්න එන්නේ නැතිවෙයි කියලා…

ඒ හේතුවකටද මොන හේතුව්කටද මම දන්නේ නෑ එදා රෑ එලිය වැටෙනකම්ම නයින්ගෙන් මට කරදරයක් වුනේ නෑ.

??????????????????????

තවත් දවසක් උදාවෙලා. ඊයේ පහර කාපු ඒවාගේ වේදානවා මේ වෙද්දී දරුනු විදිහට මට දැනෙමින් තිබ්බා.

” ලක්සිරි ඇග රිදෙනවා කියලා හිත හිතා ගෙදරට වෙලා නිදගෙන හිටියොත් නාග මැනික කොහොමවත් හොයාගන්න බැරිවෙයි. ”

සිතපු මම ගෙයින් එලියට බැස්ස. නොදැනුවත්ව හරි මගේ පය එසවුනේ ගමේ කැලය පැත්තට.

” එහෙනම් ඔයා මාව විශ්වාස කරලා ආවා… මේ උදව්ව ඉල්ලගන්න ම්ට මේ ගමේ වෙනකෙනෙක් නෑ…. ”

මට ඇහුනේ ලාවට වගේ පිරිමි කටහඩක්. ඒ හඩේ මට හුරුපුරුදු ගතියකුත් තිබ්බ හින්දා මම ඒ හඩ ආපු පැත්තට හොරෙන් හොරෙන් ගියා.

විශ්වාස කරන්න. මට පිටුපා කතා කරමින් ගමන් කරමින් හිටියේ…………..????????????????????????අවසන් කොටසට ? නාග මැණික

කවුරු වෙන්න පුලුවන්ද එහෙම ගමන් කරමින් හිටියේ , අනුමාන කරන්නකෝ අවසාන කොටස දානකම්.

කතාව ඕනාවට වඩා දික්ගස්සසන්න හිතුවේ නෑ. කතාවට වැටෙන ප්‍රතිචාරත් දවසින් දවස අඩුවෙනවත් එක්ක. අනික ගොඩක් අය කැමති නෑ කතා දිගට ඇදන් යනවටත්.. ඒ හින්දා නාග මැනික කතාව ඊලග කොටසින් අවසන් කරනවා…

කතාව කියවල ලයික් කමෙන්ට්ස් දාන ඔක්කොටම ගොඩාක් ස්තූතියි.???

57 thoughts on “නාග මැණික | ? 04 කොටස ? | හොල්මන් කතා”

    1. Congratulations thushan.??
      කව්ද මේ අලුත් යාළුවෙක්ද.ඉතින් කොහොමද ඔයාට .????❤️❤️❤️❤️❤️❤️❤️

      1. සුභ පැතුම් තුෂාන්… ????? අලුත් කෙනෙක්ද? ??? ආදරෙන් කෑදරෙන් වෙල්කම් කරනවා ?????????

    2. ...Chuti kavi...

      Congratulations thushan… Name eken amathuwta samawemna one…aiyekda malliyekda sama wayaseda nodanna nisai ma ese amanthanya kare….

    3. Amesha sonali

      Congratulations තුෂාන් ???
      Sorry නමින් කතා කලාට ..අයියෙක්ද මල්ලියෙක්ද කියලා දන්නෙ නෑ නේ ..

    4. Congratulations???
      අලුත් කෙනෙක් නම් සාදරෙන් පිළිගන්නවා දග පවුලට ?????

      1. Nawoda Sadamini

        Hello ayesha nngi . Mta ninda gihin ane me wenkn app ekema…ara thusan mta kalin essara unane….? me kehelml add enwane 4n ekata..eken thama e….? kmk na neda suba pathamu eyata….??

    1. ඒ අර කොල්ලද හිටියේ.දැන් නම් සුට්ටක් විතර මම පැටලිලෝ ඉන්නේ….දැන් නම් හිතා ගන්න අමාරුයි කව්ද ඇත්තටම නාග ? ගත්තේ කියලා.කල්පනා කරලා ඔළුව අව්ල් කරගන්නවට වඩා හොදයි හෙට වෙනකන් ඉවසන් හිටියනම් නේ…??
      අර රන්මලි කෙල්ල නම් මාරයි අප්පා.දැක්ක ගමන් අර අයියා හොදයිනේ කිව්වනේ නකෝ.මාරයි නේ.කතාව ලස්සනයි අයියා සර්..

      අපරාදේ හෙට කතාව ඉවර කරන්නේ ???
      තව චුට්ටක් දිගට දෙන්න තිබුනනේ කොටස් 10 වත් අප්පා.දුකයි නේ…

  1. Nawoda Sadamini

    නෑ එයාලා නෙවෙ… ගමෙ කෙනෙක් කිව නිසා සමහරවිට ලක්සිරිගෙ පව්ලෙ කෙනෙක් වෙන්න ඔනි. ගුරුන්නාන්සෙ ගෙන්නන්න ඇත්තෙ

  2. සමාවෙන්න කස්ටිය…. හිස රුදාවකින් පෙලීම නිසා කමෙන්ට් කිරීම නවතා ඇත.. සනීප වූ පසු නැවතත් ඔබ අතරට.. ????? 4n කට්ට දිහා බලද්දි ඇස් වල ඉඳලම රිදෙනෝ..

    කතා ටික කියෙව්වෙත් නෑ.. කියවලා කමෙන්ට් කරන්නම්…

    1. දැන් මේක කියෙව්වා.. මං නම් කියන්නෙ ඒ කොල්ලා මිනිස් වෙස් ගත්ත නාගයෙක් වෙන්න ඇති කියලා.. ප්‍රේම දඩයමෙ වගේ.. ?

      1. ඉක්මනින් සනීප වෙන්න හදවතින්ම ප්‍රාර්තනා කරනවා සඳ.ඉක්මනින් සනීප වෙලා එන්න .ජේසු පිහිටයි !!!!!??

    1. කතාව සුපිරි අයියේ ????????? අනේ දිග කමෙන්ට් එකක් කෙටුවා මේකේ සි්නල් අවුලක් ගිහින් ඒ කමෙනට් එක නැති වුනා.. කලින් කමෙන්ට් එකේ ඒවා මතකත් නැ අප්පා..??

      කවුද මේ අලුත් හැන්ඩියා.. ඇස් නිල් පාටයි කිවානේ… මිනිස් වේසෙන් ඉන්න නාගයෙක් කියලා හිතෙනවා..????? නැත්නම් ඉතින් හොල්මනක්.. කොහොම හරි ලක්සිරිට මැණික හොයාගෙන නින්ගෙන් බේරෙන්න පුළුවන් වුනානම් හරි..??

      කතාව හෙට ඉවර වෙන එකටනම් දුකයි ඉතින්.. තව දිගට දිගට තිබ්බා නම් හොදයි .. ඒත් ඉතින් ඉවර වෙන්නත් එපැයි.. කතාව ගොඩක් ලස්සනයි චන්දිම අයියේ.. ආසාවෙන් කියවන්නේ.. පරෙස්සමින් ඉන්න ..
      තෙරුවන් සරණයි !..
      සුභ රාත්‍රි⁣යක් හැමෝටම
      ????

  3. Amesha sonali

    ෂෝයි කතාව අනේ..???
    අර කොල්ලද දැන්නෙ නෑ හිටියේ..හිතන්න ප්‍රශ්න ගොඩාරියක් තීනෝ නෙ..කුතුහලේ දෝරෙ ගලනෝ..??
    ඉතින් අවසාන කොටස එනකම් ඉන්න ඕනි..නැත්තම් ඔලුව අවුල් වෙනෝ..??
    කතාව මාරම ලස්සනයි ??
    බුදු සරණයි ???

  4. හැමෝටම සුබ උදෑසනක් .ලස්සනම ලස්සන දවසක් .ජේසු පිහිටයි !!!????????❤️❤️❤️❤️❤️❤️

  5. Nawoda Sadamini

    ම්ම්ම්ම්ම් …සර් … මෙකෙ තවම හොල්මන් දක්කෙ නෑනෙ… අර ඇස් නිල් කෙනාද හොල්මන…. සර් කතාව දානකන් ඉවසන්න බෑ… මන් කියන්නද ඉතුරු ටික….

  6. Nawoda Sadamini

    .සර් … මෙකෙ තවම හොල්මන් දක්කෙ නෑනෙ… අර ඇස් නිල් කෙනාද හොල්මන….

  7. විෂාකා නෙත්සරනි

    Kotasa nawaththala thiyenne hodhatama kuthuhalaya upadhawalane. Heta mokakdha wenne kiyala chooti guessing ekakwath karanna beri withihata thama kotase awasane nm thiyenne. Kathawa nm supiri. Habai holmanaknm thama dhakke ne.

  8. Nawoda Sadamini

    ම්න් හිතන්නෙ හොල්මන අපි එක්කම ඉන්න ඇති. අපි දන් නෑනෙ ඉතින්..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.